ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Gilemi Obe Guna Muude – Amaradewa

http://www.youtube.com/watch?v=K0jYBAIoXUE

ගිලෙමි ඔබේ ගුණ මූදේ
වඳිමි ඔබේ දම් සාගේ
වඳිමි වඳිමි ඔබ පාදේ
තිලොඅග බුදු සමිදේ //

සිඳ බිඳ මුවදර පාප
දැල්වූ දහම් ප්‍රදීප
හෙළිකළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ //

සිල්ගත් දිනිඳුන් සේම
සිල්තෙද ගුණ ඇති බෝම
සතහට පෑ මවු පේම
තිලොඅග බුදු සමිදේ //

ගායනය: පණ්ඩිත් අමරදේව සූරීන්

2847
Thanks!
An error occurred!

Budu Hamuduruvo Apith Dakinnethi – Victor Rathnayaka – Video Song Lyrics

බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ…..

Artist: Victor Rathnayaka

371
Thanks!
An error occurred!

La Dalu Bo path – Karunarathna Divulgane – Video Song Lyrics

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී…වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී…

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී…

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..

Lyrics: Ven. Rambukkana Siddhartha Thero
Music: H.M.Jayawardena
Singing: Karunaratne Divulgane

369
Thanks!
An error occurred!

Amma Varune – Nanda Malani – Video Song Lyrics

අම්මාවරුනේ…
සම්මා සම්බුදු අම්මා වරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා….

Artiest: Nanda Malani

367
Thanks!
An error occurred!

Nivan Dutu Himi – Victor Rathnayaka – Video Song Lyrics

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

Singing: වික්ටර් රත්නායක
Writer: ප්‍රේමකීර්ති ද අල්විස්

365
Thanks!
An error occurred!

Danno Budunge – Amaradeva – Video Music Song Lyrics

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධනගරය දැන් පෙනෙනාසේ//
දන්නේ බුදුන්ගේ………………….

ඇල්බමය: සිරිසඟබෝ නාට්‍යයේ ගීතයකි.
සංගීතය: W.H. රූපසිංහ
පද රචනය: W.D.M. ඇල්බට්

මුල් ගායකයන්:
W.A. පෙරේරා
W.A.අප්පුසිංඤො
W.D.S. ජේමිස්
පසු කාලීනව විවිධ පුද්ගලයන් විසින් ගායනා කරණ ලදී.

363
Thanks!
An error occurred!

Sadakalika Novu Loke – Sunil Edirisinghe – Video Song Lyrics

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්//

මගේ දුක දැක ඔබේ හදවත
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
සරා සඳ සේ පෑදිලා

එදා ළඟ සිට දුටුව නුඹ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකේ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ

Artist : Sunil Edirisingha
Lyrics : Ananda Kumarasiri
Composer : Rohana Weerasinghe

361
Thanks!
An error occurred!

Devani Budun Lesa (Amma) – Sunil Edirisinghe – Video Song Lyrics

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

Artist : Sunil Edirisinghe

358
Thanks!
An error occurred!

Soya Pilisaranak – Sunil Edirisinghe – Video Song Lyrics

සොයා පිළිසරණක්
ලොවෙන් මා නොලැඹ හවුහරණක්
භවෙන් භවයේ
පතා ආවෙමි හිමියනේ ඔබෙ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආවෙමි හිමියනේ ඔබෙ
ඔබේ මුදු සිහිළක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිළි සැනහී නිවා ගිනි සසරේ
පහන් වැට සේ සොයා ආවෙමි හිමියනේ
ඔබෙන් බුදු සිහිළක්

Artiest : Sunil Edirisinghe

356
Thanks!
An error occurred!

Malliye Naraka Mithuran – Sunil Edirisinghe – Video Song and Lyrics

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා
නංගියෙ නොහොබිනා කම් හුරුවෙන්න එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය

Artiest: Sunil Edirisinghe

353
Thanks!
An error occurred!