තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ජපානයේ සුනාමියට සෙලවීමටවත් බැරි වුන බුදුපිළිම වහන්සේලා

2004 දෙසැම්බර් 26 දින දළ රළ පෙළ විසින් ශ්‍රී ලංකාද්වීපයේ වෙරළ සළිත කරද්දී එම පහරින් කිසිදු හානියක් නොවූ බුදු පිළිම වහන්සේලා ගැන කලින් ලිපියක් පළ කළා ඔබට මතක ඇතයි සිතමි. මෑතකදී ජපානයේ සිදුවූ භූමිකම්පා සහ සුනාමි ව්‍යසනයේදීද බුදු පිළිම වහන්සේලා කිසිදු හානියකින් තොරව වැඩ සිටින බව අසන්නට ලැබුණි.

තෙරුවන් කෙරහි කිසිදු ශ්‍රද්ධාවක් නොමැති උදවියට, “දහස් ගනන් ජනතාව මිය ගොස් ලක්ෂ ගණන් අනාත වෙත්දී බුදු පිළිම විතරක් ආරක්ෂා වීමෙන් ඇති ප්‍රයෝජයන කුමක්දැ” යි සිතෙනු ඇත. නමුත් ඔවුන් එලෙස සිතන්නේ බුදු දහම ගැන ගැඹුරු අවබෝධයක් නොමැති නිසාය. බුදු දහම යනු අල්පේච්ඡ ජීවිතය පිළිබඳව කියා දෙන දහමයි. ඉතින් කිසිවකට නොසැලී සිටින බුදු පිළිම වහන්සේලා විනාශ නොවී තිබීමෙන් අපිට ගත හැකි පණිවිඩයනම් මිනිස් වර්ගයාට විනාශ නොවී රැකෙන්න තියෙන එකම ක්‍රමය බුදුරදුන් කියා දුන් මග යමින් අට ලෝ දහමින් නොසැලී මැදුම් පිළිවෙත අනුගමනය කිරීම කියන එක නේද? සුනාමියට විනාශ වූ බොහෝ ජපන් වැසියන් මසුන් මරන්නන්ය, වෙරළබඩ විසූ බොහෝ අධාර්මික කටයුතු වල නියැලෙන්නන්ය. ඒ අතරම යහපත් පුද්ගලයින් සුළුතරයක් සිටියද කෙනෙකුගේ කර්මය පරිසන්දීම බුදුරදුන් ජීවමානව වැඩ සිටියත් වැළැක්වීමට නොහැකිය. සමහර සිංහල බෞද්ධයින්ද මාළු ආහාරයට ගන්නේ “අන්න අර බෞද්ධ ජපනුන්ද මාළු කනවා” යැයි උදම් අනමිනි. ඉතින් එවන් පව්කාරයින්ව රැකීමට දෙවි දේවතාවුන් එයිද? එනිසා අප සත්ව හිංසාව හෝ එයට අනුබල දීම හෝ නැවැත්විය යුතුය. ඒ අතරම අස්වාභාවිකත්වයෙන් මිදී මිහිතලය විනාශ නොකර ජීවත් විය යුතුය. බුදුපිළිම වහන්සේලා නොසැලී නොනැසී වැඩ සිටීමෙන් දෙන පණිවිඩය එයයි.

ඉතින් මේ පුවත් මත එල්බෙමින් අන්ධ විශ්වාසයෙන් යුතුව බුදු පිළිම වන්දනාව කරන ලෙස අපි ඔබෙන් කිසිවිටෙකත් ඉල්ලා සිටින්නේ නැත. එය බුදු දහමේ එන ආමිස පූජාවක් මිස නිවන් මග යාමට අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. නමුත් අපි නොදන්නා කොතරම් රහස් මේ ලෝ තලයේ සැඟවී තිබෙනවාද? දුටුගැමුණු මහරජතුමා යුද්ධය නියත වශයෙන් ජයගන්නා බව සපථ කිරීමට මෙන් එදා බුදු පිළිම වහන්සේලාගෙන් රැස් විහිදුනු බව අපි ජනශ්‍රැතියෙන් අසා ඇත්තෙමු, එසේම මහින්ද ජනපතිතුමාද මානුශික මෙහෙයුමින් නියත වශයෙන් ජය ගන්නා බව සපථ කරමින් බුදු පිළිම වහන්සේලාගෙන් රැස් විහිදුනා ඔබට මතකද? මුස්ලීම් අන්තවාදීන් විසින් බාමියන් ප්‍රතිමා වහන්සේලාව බෝම්බ දමා විනාශ කිරීමෙන් පසුව තලේබාන් වරුන්ද ඇමරිකන් බෝම්බ වලින් විනාශ වී ගිය ආකාරය ඔබට මතක ඇත. ලංකාවේ පවා බුදුපිළිම විනාශ කළ උදවියට දිට්ඨධම්මවේදනීය කර්මයෙන්ම පරිසන් දුන් බවට ඕනෑ තරම් උදාහරණ ඇත. හෞතික විද්‍යාව තවමත් එතරම් දියුණු විෂයක් නොවන නිසා මේවා විද්‍යාත්මකව පැහැදිලි කිරීමට තවමත් නොහැකි වී ඇත, එක්කෝ දැනට පැහැදිලි කර ඇති ඒ විද්‍යාත්මක මත පරස්පර විරෝධී වේ. එනිසා මිත්‍යාව සරණ යාම මෙන්ම විද්‍යාවෙන් පැහැදිලි කර නැති සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කරමින් හෞතික විද්‍යාව සරණ යාමද බාලයාගේ ලක්ෂණයකි.

හෞතික විද්‍යාවෙන් දෑස් අන්ධ කරගන්නා උදවිය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහසේ පෑ යමා මහ පෙළහර පවා ප්‍රශ්න කරනා යුගයක මෙවන් දේවල් අපගේ දෑස ඉදිරිපිටම සිදුවීම ඒ මහා ගුණ කඳානන්ගේ අසම සම බුද්ධ ශක්තියට ස්වභාවධර්මයා හෙවත් ලෝ තලය ආරක්ෂා කරන්නා වූ දෙවි දේවතාවුන් පවා ගරු කරනා බව සහ බුදු රදුන් ඉගැන්වූ මග යමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ලෙස නොකියා කීමක් නේද?

පහත දැක්වෙන්නේ මහත් සුනාමිය විසින් පවා හානියක් නොකළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කිහිපනමකි. ඉදිරියේදී ලැබෙන පුවත් අනුව කිසිදු හානියක් නොවූ තවත් පිළිම වහන්සේලා ගණනාවකගේ වුවද පින්තූර පළ කල හැකි වේවි.

නටොරි ප්‍රදේශයෙන් ගත් ඡායාරූපයකි. ප්‍රතිමා වහන්සේගේ හස්තයට හානි වී තිබුනේ බොහෝ කලකට පෙරය. සුනාමියෙන් සහ භූමිකම්පාවෙන් කොන්ක්‍රීට් කුට්ටි පවා සුනු විසුනු වී යද්දී බුද්ධ ප්‍රතිමා වහන්සේට කිසිදු හානියක් වුනේ නැත.

උතුරු ජපානයේ ටොයොමා නගරය සුනාමි රළ පහරට දරුණු ලෙස ගොදුරු විය. මෙහි නිවාස සුනාමි රළ නිසා විනාශ වුවද එක්‌ නිවසක බුදු පිළිමය පමණක්‌ සුරක්‍ෂිතව තිබුණු අයුරු ඒ. පී. ඡායාරූප ශිල්පී මාර්ක්‌ බේකර්ගේ කැමරාවට හසුවූ අයුරු.

1355
Thanks!
An error occurred!

සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ හැටි

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.

ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා.එදා ලන්කාවෙන් 11/12 ක්ම මුහුදට යට වුණි.තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණා.මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා.එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි.ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.

රජු විසින් කැළණිතිස්ස මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම

වම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.

කැළණිතිස්ස රජු මගුල් ඇතු පිට ගමන් කරන විට ඇතු සමගම මුහුදට ගිල ගන්නා අයුරු

2004 සුනාමියත් එම නිසාම සිදු වූ බවටද අනුමාන කළ හැක.

මේ දහම් දිවයිනේ දහස් ගණන් සතුන් මරනවා.මිනිසුන්ගේ ලේ වලින් පොළව තෙත් වෙනවා.මිනිසුන් ධර්මයේ හැසිරෙන්නේ නෑ. බුදුරදුන්ගේ ආශිර්වාදය, සම්‍යක් දෘෂ්ඨික දෙව්වරුන්ගේ ආරක්ෂාව තිබුනත් එය ගගට ඉනි කැපුවාක් මෙන් විය.මනස විකුර්ති කරන සන්ගීත,නැටුම සන්දර්ශන වල කෙලවරක් නෑ.සුරාව,සූදුව,අසාධාරණය රජ කරන කාලයක් විය.ඇතමුන් සල්ලි වලට රැවටෙනවා.

දැන් අපි කතා මාතෘකාව දෙසට හැරෙමු….

එදා මහ මුහුද හැමෝටම කරදර කළා.නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්,අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි.අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත.පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ,සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත.මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත.මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණා.මොනතරම් අසිරියක් ද? මොන තරම් පුදුමයක් ද? බුදුරදුන්ගේ ආශ්චර්යමත් බව එදා හැමෝටම පෙනුණා. එදා පැරෑලියේදී කෝච්චියේ ගමන් කළ සින්හල,දෙමල,මුස්ලිම් සහෝදර පිරිස් කෝච්චි පෙට්ටි සමගම මුහුදට පෙරලුනා.කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුනා. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි,ඉතාමත් සැහැල්ලු ,සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.

අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටියා.මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි.උන්වහන්සේගේ අධිෂඨාන,ආශිර්වාද සියල්ලක්ම මුලු “”"”විශ්වය”"” පුරාවටම පැතිරී තිබෙනවා.

බුදු දහම යනු විශ්වීය ආගමක් බව මෙම වීඩියෝ දර්ශන වලින් මනාව පැහැදිලි වේ.

එම වීඩියෝ දර්ශන වල සාරාන්ශය මෙසේය;-

“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන නාමයන්ගෙන් අමතති…”

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි” ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාලයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාලයකි…”චාතුර් මහා රාජික” ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!… මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි…!!!! එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය “ඒලියන්” උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් “ඒලියන්” සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් “හබල්” දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට “නමෝ බුද්ධාය!” කියනවා විය යුතුය….

එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත.ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා බේරුණා.ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටියා.මෙය පුදුමයක් නොවේ ද?

බුදු ගුණ අනන්තයි.අප්‍රමාණයි……

සාධු සාධු සාධු

පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිලිම කිහිපයකි……

පහත ඇත්තේ සුනාමිය වූ විට ගාල්ල නගරය දිස් වූ අයුරු ය. එහි පහත මිනිත්තු වලදී නගරයේ තිබූ බුදු පිලිම 2 මහා රළ පෙළ පරාජය කරමින් සිටිනා අයුරු දැක්වේ.
0:20 – 0:29
1:07 – 1:12
1:58 -2:05

පහත ඇත්තේ පැරෑලිය කෝච්චි පෙට්ටිය පෙරලුන ස්ථානයේ පසු කලෙක ,එය සිහි වීමට ඉදි කල ප්‍රතිමාවකි.මෙය බාමියන් පිලිමයේ අනුරුවක් ලෙස ,ජපන් රජයේ අධාර ඇතිව ඉදි කර ඇත.

වැඩි විස්තර සදහා:

(1) Pereliya Buddha Statue
http://www.facebook.com/album.php?fbid=385412561389&id=214971151389&aid=166383

(2) Sri Lankan Buddha Statues Survive Tsunami
http://www.advite.com/Buddha_Statues_Survive_Tsunami.htm

.
මෙම ලිපිය පළමුව පළ කරන ලද්දේ Buddhist Places In Sri Lanka
http://www.facebook.com/note.php?note_id=10150121764938185&id=214971151389&ref=mf

852
Thanks!
An error occurred!