සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් කිහිපයක් පසුගිය සඳුදා (19/09/2011) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා ප්‍රවේශ වීම වාරණය කර ඇත. නිවැරදි ඉස්ලාම් භක්තිකයින්ට පවා හිරිහැරයක්ව පවතින ඉස්ලාම් අන්තවාදය ගැනත්, නියම මුස්ලීමුන්ට පවා අපහාස වන ලෙස අන්තවාදී මුස්ලීමුන් විසින් බෞද්ධයින්ට විරුද්ධව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද ගෙන යන ප්‍රචණ්ඩත්වය ගැනත් ඒවායේ සිංහලෙන් ලිපි පල වී තිබුණි. එලෙස තහනමට ලක් වූ වෙබ් අඩවි / බ්ලොග් වන්නේ,
http://SinhalaBuddhist.com/ (සිංහල බෞද්ධයා)
http://SinhalaRavaya.com/ (සිංහල රාවය)
http://PeramuneRala.wordpress.com/ (පෙරමුනේ රාළගේ අටුවාව)

ඉහත දැක්වෙන්නේ වාරණය කරන ලද එවැනි වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී ලැබෙන පණිවිඩයයි. අප හට නිල නොවන වශයෙන් ලැබුණ ආරංචි මාර්ග අනුව ඉදිරියේදීත් ඔවුන් තව සිංහල වෙබ් අඩවි සහ බ්ලොග් කිහිපයක් වාරණය කිරීමට නියමිත අතර වෙනත් අරාබි රටවල්ද මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ඉඩ ඇත.
තහනම් කරන ලද වෙබ් අඩවි / බ්ලොග් වලට ප්‍රවේශ වීමේදී එලෙස තහනම් කරන ලද බවට සඳහන් කරමින් මතුවන පණිවිඩය හරහා පහත පිටුවට ප්‍රවේශයක් සකසා ඇත.
http://www.etisalat.ae/assets/document/blockcontent.pdf
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සිංහලෙන් වෙබ් අඩවි පරිහරණය කරන්නේ මෙරටින් රැකියාවන් සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් පමණක් වන අතර ඒ අයගෙන්ද අති බහුතරයක් සිංහලයන්ය. එලෙස තිබියදී තම පුරවැසියන් භාවිතා නොකරන වෙබ් / බ්ලොග් අඩවි තහනම් කිරීම විමතියට කරුණකි. එනිසා එම තහනමට ලක් වූයේ එරටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවය අනුව නොවන බව පැහැදිලි වේ.
ප්‍රවේශය වාරණය කරන ලද වෙබ් අඩවි වලට විදේශවලදී ප්‍රවේශ වීම සඳහා “වෙබ් ප්‍රොක්සි” භාවිතා කිරීමට පුළුවන්. මේ තිබෙන්නේ ඒ සඳහා උදාහරණ දෙකකි.
http://proxay.co.uk/
https://aniscartujo.com/webproxy/
ඔබ කළ යුතු වන්නේ “Go” ලෙස සඳහන් තැනට පසුපසින් කොටුවේ අදාල වෙබ් / බ්ලොග් අඩවියේ ලිපිනය සඳහන් කර “Go” මත ක්ලික් කිරීමයි. මේ ගැන අරාබිකරයේ සිටිනා ඔබගේ මිතුරන්ටත් පවසන්න.
සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ සිංහල බෞද්ධයින්ට බලපාන ඉස්ලාම් අන්තවාදය සහ මැවුම්කාර අන්ධකාරය ගැන ශ්‍රාස්ත්‍රීය වශයෙන් ලියවුන ලිපි කිහිපයක් පමණක් තිබුනි. වෙසෙසින්ම “රා-බුද්ධා” , “ඇමරිකාව පුහුණුකරන ජිහාඩය” , “මැවුම් කරුවා” , “මැවුම්කාර අන්ධකාරයෙන් මිදෙමු” , “ග්‍රීස් යකුන්” වැනි ලිපි සිහි වේ. මේවායෙන් ශ්‍රාස්ත්‍රීය ලෙස නොබිඳිය හැකි තර්ක මගින් අන්තවාදයන් සහ මිත්‍යාදෘෂ්ඨීන් විග්‍රහ කර තිබීම ඔවුන්ට වේදනාකාරී වෙන්නට ඇත. කෙසේ නමුත් එම රටේ සිටින අපගේ සහෘදයන්ට වූ අපහසුතාවය ගැන අපි කණගාටු වන අතර, ජාත්‍යන්තර මට්ටමෙන් අපව වාරණය කිරීමට ඔවුන් උත්සාහ කළද අපි ඔවුන්ට මෛත්‍රියම දක්වමු. නමුත් ශ්‍රාස්ත්‍රීය මට්ටමෙන් සත්‍යය හෙළි කිරීම නොනවත්වමු.
සිංහල රාවය සංවිධානය මෑත කාලයේ ක්‍රියාකාරීව අන්තවාදී මුස්ලීම් වැඩ වලට විරුද්ධව නැගී සිටි අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ ඒ ගැන සඳහන් ලිපි තිබුණි. ක්‍රියාකාරී සංවිධානයක් නිසා ඔවුන්ට විරුද්ධව බොහෝ අන්තවාදී පිරිස් පෙළ ගැසෙන්නට ඇත.
“පෙරමුනේ රාළගේ අටුවාව” තුළ ඉස්ලාම් අන්තවාදය ගැන ඔවුන්ගේ ආගමික ග්‍රන්ථ ඇසුරෙන් පවා පැහැදිලි කරන ලිපි තිබුණි. පෙරමුනේ රාළ බ්ලොග් කරුවා ඔහුගේ බ්ලොගයේ සඳහන් කර තිබුනේ, සිංහලෙන් පමණක් ඉස්ලාම් අන්තවාදය ගැන ලිපි ලියන ඔහුගේ අඩවිය අරාබිකරයේ තහනම් කිරීම විමතියට කරුණක් වුනත් ඒ මගින් තම වැඩපිළිවෙළ වඩාත් සාර්ථක වී ඇති බව හැඟෙන බවයි.
සමහර මුස්ලීමුන් විසින් බුදු දහම විකෘති කර සඳහන් කරමින් සහ බුදුරජාණන් වහන්සේට පවා අපහාස වන ලෙස (ලෝකෝත්තර උතුමන්ට අපහාස නොවීම වෙනම කරුණකි) සිංහලෙන් ලිපි ලියන සමහර වෙබ් අඩවි සහ බ්ලොග් ශ්‍රී ලංකාව තුල ක්‍රියාකාරීව පවතින අතර ඒවා මෙරටදී වාරණය නොවන්නේ බුදු දහම රාජ්‍ය ආගම වූ ශ්‍රී ලංකාවේ ඕනෑවටත් වඩා පවතින මාධ්‍ය නිදහස නිසා විය යුතුය. බුදු දහම රාජ්‍ය ආගමෙන් ඉවත් කිරීමට කෑ ගසන උදවිය දැනගත යුත්තේ, ඒ හිස් තැනට වෙනත් ආගමක් ආ දිනෙක ඔය කිසිදු නිදහසක් නොලැබෙන බවයි.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]
2261
Thanks!
An error occurred!
නුදුරු සහෘද අදහස්