කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ස්ත්‍රීවාදය මගින් සිංහල බෞද්ධ සමාජය වනසන හැටි

බටහිර සංස්කෘතිය පදනම් වන්නේ දේව යක්ෂ ගැටුම මතය. එනම් යහපත් දෙවියා හා නරක යක්ෂයා අතර ගැටුමයි මේ. සරල මුග්ධ චින්තනය නිසා හැම කෝනයකින්ම ප්‍රශ්නයක් දෙස බලා සාධාරන නිවැරදි විග්‍රහයක යෙදීමට බටහිර මිනිසාට නුපුලුවන.

මාක්ස්වාදයට අනුව කම්කරුවා යහපතද ධනපතියා නපුරද නියෝජනය කරයි මේ දෙපිරිස අතර නොනිවෙන ගැටුමකි. කම්කරුවා ධනපතියාට වෛර කරයි. මුලු වැර යොදා සටන් කල යුතු අතර අවසානයේ විජයග්‍රහනය කරන බව මාක්ස් කියා අත.

ස්ත්‍රීවාදයේ (feminism) යහපත් බලවේගය කාන්තාව නියෝජනය කරන අතර පිරිමියා නපුර නියෝජනය කරයි. ලෝකයේ හැම නරක දෙයක්ම ඇති වී ඇත්තේ පිරිමින් නිසාය .සියලු ගැටලු යුදෙව්වන් නිසා ඇති වූ බව ට සරල තර්කයක් ගෙනා හිට්ලර් ගේ අදහස් මෙනි.කාන්තාවන් පිරිමින්ට වෛර කල යුතු අතර පිරිමින් හා තරඟ කර පිරිමින් පරාජය කළ යුතුය .මේ ස්ත්‍රීවාදයයි.

මෙය බැලූ බැල්මට විහිලුවක් සේ පෙනුනද 1950, 1960, 1970 දශකවල ස්ත්‍රීවාදීන් ඉතා දරුනු බිහිසුනු දේ කතා කළහ. ස්ත්‍රීවාදයේ මූලිකම අරමුණ වන්නේ කාන්තාවට පවුල සමඟ ඇති සියලු සම්බන්ධතා අහිමි කිරීමය. පවුල පුරුෂාධිපත්‍යයේ සංකේතයක් බවත් කාන්තාව එහි සිරකාරියක් බවහ් එබැවින් පවුල බිද දැමිය යුතු බවත් ඔවුහු කියති. කාන්තාව පවුලෙන් නිදහස් කිරීමේදී ඇය දරුවන් බලා ගැනීම සහ ගෙදර වැඩකටයුතු වලින් සම්පූර්නයෙන්ම ඉවත් වේ. එසේම ස්ත්‍රීවාදය තුලින් කාන්තාව මානසික පිරිමියෙක් කරනු ලැබේ. බටහිර රටවල කාන්තාවන් නැති අතර අර්ධ පිරිමින් හා අර්ධ ගැහැනුන් ගෙන් සමන්විත විකෘති සමාජයක් බිහිවී ඇත. මෙය ඇති වුනේ ස්ත්‍රීවාදය නිසාය. අද බටහිර රටවල පවුල කියා දෙයක් නැත. උපත් අනුපාතිකය බින්දුවටම පහළ බැස ඇත. සංක්‍රමණ නොවේනම් ජනගහනය සීග්‍රයෙන් අඩුවේ.

බටහිර සමාජයේ විකෘති ලිංගික සම්බන්ධතා බහුලය. දරුවන් දැඩි පීඩනයට ලක්වේ. බටහිර ගැහැනුන් හා පිරිමින් ඉන්නේ පනපිටින් හතර මහ අපායේය, මන්ද පිරිමි විරෝධී මතවාදයන් ප්‍රචාරාය කරන බැවිනි. මේ නිසා පවුල් ආරාවුල් උග්‍රය. මේ මොනතරම් අස්වාභාවික දර්ශනයක්ද බලන්න පියා සොහොයුරා, ස්වාමිපුරුෂයා සහ පුතා කාන්තාවගේ සතුරන්ලු. යොවුන් වියේ පියා සමඟ පටන් ගන්නා සටන කෙළැවර වන්නේ පුතාගෙනි. මවගේ නිරන්තර වෛරයට බදුන් වන පිරිමි දරුවන් කුඩුකාරයන්, අපරාධකරුවන් හා මානසික රෝගීන් ලෙස සමාජගත වේ. බටහිර රටවල සමලිංගිකයන් අධිකය. නගර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ගේත් පාදඩයන්ගේත් පාරාදීස වේ.

ස්ත්‍රීවාදය නිසා සියලු සමාජ හර පද්ධති බිද වටෙන බවත් දීර්ඝ කාලයක් තිස්සේ පැවති සංස්කෘතීන් බිද වැටෙන බවත් සමාජය සීසී කඩයන බවත් මිනිසා තිරිසනෙක් වන බවත් පැහැදිලිය .ස්ත්‍රියගේ ජීව විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක සැකැස්මටද එරෙහි ස්ත්‍රීවාදය වර්තමානයේ බටහිර ලෝකයේ ප්‍රබලම බලපෑම් කන්ඩායමයි.

ස්ත්‍රීවාදය අපට බලපාන්නේ කෙසේදැයි විමසා බලමු. ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමානයක් ඇති අතර මේවාට අපට හිතාගත නොහැකි තරම් විශාල මුදල් ප්‍රමානයක් පොම්ප කරනු ලබයි. මේ තත්වය ඇති වුනේ 1995න් පසුය. 1995දි ස්ත්‍රීවාදී රාජ්‍ය නොවන සංවිධානවල සමුලුවක් බෙයිජින් නගරයේ පැවති අතර එහිදී ආසියාවේ පවුල හා සියලු හර පද්ධති බිඳ දැමිය යුතු බවටත් ඒ සදහා රාජ්‍ය නොවන සංවිධාන හරහා මහා මෙහෙයුමක් දියත් කළ යුතු බවටත් එකගත්වයක් ඇති විය.

ශ්‍රී ලංකාවද මේ අන්තවාදීන්ගේ බලපෑමට නොඅඩුව ගොදුරු වී ඇත. ජන මනස පාලනය කරන සියලුම දේවල් තම අනසකට ගැනීමට ස්ත්‍රීවාදීන් සමත් වී ඇත්තේ ඔවුන්ගේ මුදල් බලය හා බටහිර රටවලින් කෙරෙන දේශපාලන බලපෑම් නිසාය. 1995 න් පසුව මේ අරමුනින්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආරම්භ වූ අතර මුද්‍රිත මාධ්‍ය මාස කීපයකින්ම වැසී ගියේය. වෙළද දැන්වීම්, ටෙලි නාට්‍යහා වෙනත් වැඩසටහන් පවා ස්ත්‍රීවාදයට අනුකූල වනසේ සකස් කර ඇත. අර මැක්කගේ කතාව මෙන් මොනවා කතා කළත් එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෝ කාන්තාව බල ගැන්වීම, කාන්තාව පවුලෙන් ඉවත් කිරීම දක්වා කතාව රැගෙන යයි.

මව දරුවන් හා එකට සිටින අවස්ථාවන්, කාන්තාවන් නිවසේ සිටින අවස්ථාවන්ට පවා ස්ත්‍රීවාදීහු විරෝධය දක්වති. මේ අන්තවාදය විශයක් ලෙස ඉගැන්වේ. ඒ සමාජ විද්‍යාව යටතේය. සමාජ විද්‍යාව යන විෂය ආරම්භ වුනේද අධිරාජ්‍යවාදීන්ට සූරාකෑම පහසු කිරීමට බටහිර නොවන සමාජ හැදෑරීමටය. කාන්තාවට නිවසේ තත්පරයක්වත් ඉන්න බැරි වනසේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කෙරෙන්නේ ස්ත්‍රීවාදයේ බලපෑම නිසාය. වගකීම් හා රාත්‍රී සේවා මුර දමමින් කාන්තාවන්ට ස්ත්‍රීවාදීන් කරන්නේ මහා හිරිහැරයකි. කාන්තාවන්ට මේ විකාර න්‍යාය වලින් වැඩක් නැත. එහෙත් ඔවුහු තමන් උගුලක අසුවී ඇති බව නොදනිති.

පසුගිය කාලයේ ප්‍රසිද්ධ පුවත්පත් වල සම්පූර්ණ පි‍ටුවක් පිරෙන්නම මෙම දැන්වීම NGO එකක් මගින් පළ කර තිබුණි. ස්ත්‍රීවාදයේ දෙවැනි පියවර වන්නේ සමලිංගිකත්වයයි.

ස්ත්‍රීවාදීන්ගේ මීලඟ උපාය මාර්ගය නම් පවුල් විරෝධී නීති පැනවීමය. මහා කාන්තා හිංසනයක් ඇතැයි මාධ්‍ය සංදර්ශන පැවැත්වේ. මේවා බොහොමයක් අතේ පත්තු වී ඇත. ඇත්තෙන්ම ස්ත්‍රීවාදීහු මෙබඳු නීති පැනවීමට සමත් වූහ. ගෘහස්ත හිංසන පනත යටතේ එක්තරා දිස්ත්‍රික්කයක නඩු වැටී ඇත්තේ දෙක තුනක් බව කියමින් යූ ටියුබ් වීඩියෝවක් තිබිණි. මොවුන් බලාපොරොත්තු වුනේ පනත් සම්මත කළ විගස මෙරට කාන්තාවන් වචනෙ එහා මෙහා වුනත් උසාවි දුවයි කියාය.

ස්ත්‍රීවාදීන් බලාපොරොත්තු වුනේ පවුල් විරෝධී පනත් යටතේ නඩු ලක්ෂ ගනනක් වැටෙයි කියාය. එසේ වුනනම් “මෙන්න ලංකාවෙ කාන්තාවො පුදුම පීඩනයකින් ඉදල තියෙන්නෙ. අපේ එන්.ජී.ඕ සටනෙන් අපි නීති හැදුවා. දැන් උසාවි වලින් ස්වාමිපුරුෂයො එක යමතෙට ගෙවල්වලින් එලෝනව. පොලීසි වලින් දිවා රෑ බස් වලින් මිනිස්සු ගේන්නෙ. පොලිස් කාරයන්ට හන්දිපත් රුදාව හැදිල ස්වාමි පුරුෂයන්ට ගුටි බැට දීලම. දැන් පොලිස් ලොකප් වල හොරු මංකොල්ලකාරයො නෑ ඉන්නෙ අපේ පනත යටතෙ අල්ලන් ආපු ස්වාමි පුරුෂයො. හිර ගෙවල් පිරිලා අලුත් හිර ගෙවලුත් මැතිවරන කොට්ටාස මට්ටමෙන් හදනවා” කියමින් ප්‍රීති වීමටය. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂනය, වෛවාහික ස්ත්‍රී දූෂනය, ගෘහස්ත හිංසනය කියමින් නීති හැදුවත්සිත් සේ සමාජය කැලබීමට නොහැකි විය. දැන් නීති හරියට ක්‍රයාත්මක නොවන බවටත් කාන්තාව දැනුවත් නැති බවත් කියමින් මැසිවිලි නගති. එහෙත් ඇත්ත තත්වය නම් අපේ කාන්තාවන් වගකීමෙන් ක්‍රියා කිරීමත් මෙතුවක් කලකට අධිකරනද වගකීමෙන් ක්‍රියා කිරීමත් නිසාය. විනිසුරුවරුන්ට උපදෙස් මාලාවන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ලබ දියයුතු බව මොවුහු කියති. කාන්තාවන් හා විනිශ්චය කාර උතුමන්ලාගේ උතුම් බව නිසා අපේ සමාජය, සංස්කෘතිය මහා සුනාමියකින් බේරී ඇත. ස්ත්‍රීවාදීන්ට අවශ්‍ය පරිදි වැඩ සිද්ද වුනානම් අද අපේ රට සුන්බුන් ගොඩකි. ස්ත්‍රීවාදය ගැන දැනුවත් බවක් සමාජයට දියයුතුය. සතුරා ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම සතුරාට මුහුණ දීමට පහසුවකි.

-මංජුල

3491
Thanks!
An error occurred!