ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිංහල ජාතික වීරයෙකුට ලංකාඊනිවුස් මඩ පත්තරය පහර ගහන හැටි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නම ඇසූ සැනින් අපගේ සිහියට නැගෙන්නේ, එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඉමහත් පීඩාවන්ට පත් වී සිටි සිංහල ජාතිය නැවතත් අවදි කරමින් නිදා වැ‍ටුනු සිංහල ජාතිය පුබුදුවාලූ ඒ අසහාය යුග පුරුෂයාගේ අභිමානයයි. එතුමාගේ මෙවන් ප්‍රකාශ අද ඇස් පනා පිටම යතාර්ථයක් වී ඇති බව බොහෝ සිංහල බෞද්ධයින් හොඳින් දන්නා දෙයකි.

පසුගිය බක් මස විසි නව වැනිදාට සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් දැයට අහිමි වී හැත්තෑ නව වසක් සපිරෙන තැනදී , ලංකා ඊ නිවුස් නැමැති වෙබ් අඩවිය එතුමාගේ මාහැඟි ප්‍රකාශයක් විකෘති කර එතුමාගේ රූපයට අපහාස වෙන පරිදි ෆොටෝෂොප් මගින් වෙනස් කර පළ කළ ආකාරයයි පහත දැක්වෙන්නේ.

බලන්න සිංහල බෞද්ධයෙනි, ලංකා ඊ නිවුස් නිර්ලජ්ජී ලෙස අපහාස කර තිබෙන්නේ අපගේ ශ්‍රේෂ්ඨතම ජාතික වීරයෙකුට නේද? ධර්මපාල තුමාගේ පිළිරුවක හිස, ටයි කෝට් හැඳි යැංකියෙකුට සවි කර ධර්මපාල තුමා තම හිසේ අත ගහගෙන ඉන්නා ආකාරයකට සකසා ඔවුන් මේ කර ඇති සහගහන අපරාධය දැකීමට තරම් අප පව් කාරයින් වූ හැටි. බැරිවෙලාවක් මෙවන් පින්තූර එඩිට් කිරීමක් රජයේ මාධ්‍යයක් මගින් ප්‍රභාකරන්ට කළානම් මොවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේවිද?

මීට තෙවසරකට පෙර කොටි ත්‍රස්තවාදය රට තුලදී සහමුලින්ම පරදවා, මහ මුහුදින් එතෙරටත් ගොස් කොටින්ව ජීවග්‍රහයෙන් කුදලාගෙන එමින් අපගේ රණවිරුවන් – යුධ නායකත්වය ඇතුළු ජාතියම ලත් ජයග්‍රහණය අබියසදී කොටින්ට කඩේ ගිය ලංකා ඊ නිවුස් ඇතුළු මාධ්‍ය බැලයන් හිසේ අත ගසා ගත් සැටි අප දු‍ටුවෙමු. ඒ ජයග්‍රහණ කරා යාමට ආළෝකය ලබා දුන් සිංහල බෞද්ධ ජන විඥාණයට මතවාදීමය සෙවන ලැබුනේ ධර්මපාල තුමා එදා රෝපණය කර තිබූ ජාතිප්‍රේමීත්වය නැමති සුවිසල් ගස නිසයි. එවන් සද්දන්තයෙක්ට මෙවන් අපහාස කරද්දීත්, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කුණු රසය තලු මරමින් ඔවුන්ට හුරේ දාන උදවිය කවුරුන්ද යන්න ඔබ තීරණය කළ යුතුය.

ලංකා ඊ නිවුස් අයිතිකරු සඳරුවන් සේනාධීර හා ඔහුගේ කොටි හිතවාදී කල්ලිය, තමන් මහා ලොකු දෙයක් කළා යැයි සිතාගන්නවා වෙන්නට පුළුවන. නමුත් අන් අයගේ ප්‍රකාශ විකෘති කරන්නන්ටම එය පාරාවලල්ලක් වෙන ආකාරය දැක්වීම වස් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මෙලෙස සටහන් කරමු.

මතක තියා ගනිල්ලා කවදා හරි සඳරුවන් සේනාධීර මැරෙනවා. ඌ මැරෙන්නේ උගේ දරුවො වගේ ත්‍රස්තවාදයට කඩේ යන අසික්කිතවාදියෝ විසි තිස්දෙනෙක් බෝ කරාට පස්සේ. ඊට පස්සේ මේ රට බෙදන්න, බෙදපු කෑලි සුද්දට විකුණන්න ප්ලෑන් ගහන්නේ මේ ත්‍රස්තප්‍රේමී අසික්කිතවාදියෝ. උන් අනෙක් හැම බෞද්ධයෙකුටම වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා ඔක්කොම නැතිකරලා සුද්දගේ ක්‍රමේට හැඩ ගැහියල්ලා කියල., දෙමලත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝ‍ර කාරයත් ලඟට අරගෙන සිංහලයව කිසිම දේකට විශ්වාස නොකළ යුතු තිරිසනුන් කියලා., උන්ව ටිකින් ටික බෞද්ධකමින් ඈත් කරපල්ලා කියලා. එහේම කියලා උන් අවජාතිකවාදයම රජ කරාවි. දඹුල්ලෙදි කළා වගේ ඉතිරි පන්සල් ටික ඇතුලේත් අනික් ආගමිකයන්ට යාච්ඤා මධ්‍යස්ථාන හදල දේවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න දියසෙන් කුමාරයා තිඹිරි ගෙයිදිම මරලාදාන්න මුන්ට පුලුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන් එදා පිස්සෝ වගේවත් නටන්න වෙන්නේ නෑ., මොකද මාධ්‍ය හරහා උන්වහන්සේලට අභූත චෝදනා එදාට එල්ල වේවි. අද ටිබෙටයේදී සිදුකරනවා වගේ පාරට බහින හාමුදුරුවන්ට මුන් එදාට පයින් පත බාවි. ඉන්පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ නියෝ ඉන්න සිද්දවේවි.

බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගූ ටිබෙටයේ භික්ෂූන් වහන්සේ නමකට සිහිසුන් වෙන තුරු පහර දුන් කොමියුනිස්වාදී චීන ජනතා සමූහාණ්ඩුවේ පොලිස් නිලධාරියෙක් පසුව පයින්ද ගැහීම

4427
Thanks!
An error occurred!

හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.

“කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ”
ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු ලෑල්ලක තබා “මිනී මාළු” යැයි කියමින් අලෙවි කිරීමට තරම් සිත් පිත් නැති මනුස්සයින් යැයි කියාගන්නා උදවිය සිටින බව ඔබ දැනං හිටියාද? මේ දිග හැරෙන්නේ ඒ මස් වැද්දන්ගේ කතාන්තරයයි…..

මරා දැමුණු ධීවරයා ගැන පළමුව අපි හද පිරි ශෝකය පළ කරනවා. ඒක හරිම නින්දිත ඝාතනයක්. එහි වගකිවයුත්තන්ට රටේ නීති ප්‍රකාරව දඬුවම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්. ඒත් බලන්න මේ ලංකා ඊ නිවුස් නැමැති කොටි හිතවාදී වෙබ් අඩවියේ කතුවරුන් කරලා තිබෙන දේ… ඒ අසරණයාගේ සිරුර ෆොටෝශොප් ආධාරයෙන් මාළු ලෑල්ලක තබලා මිණී මාළු යැයි ලේබල් කරලා. ඔබගේ ඥාතියෙක්ගේ දේහයකට මෙවැන්නක් කළොත් ඔබට ඇතිවන හැඟීම කොහොමද? බලන්න එතකොට ඒ අවාසනාවන්ත ඝාතනයෙන් දැඩි සංවේගයටත් කම්පනයටත් පත් වී සිටින හලාවත අසරණ ධීවර පවුලට මෙය දකින්න ලැබුණොත්…?

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සතුරා ව සිටි ප්‍රභාකරන්ගේ දේහය පවා තම කර මතින් ගෙන ගොස් අපේ රණවිරුවන් ලොවට පෙන්වුවේත්, ඒ මළ සිරුරට වහන මැස්සන්ව පවා ඉවත් කරමින් සෙන්පති ශවේන්ද්‍ර සිල්වා මහවිරුවා ලොවට හඬගා කීවේත්, එළාරගේ මළ කුණට පවා ගරු බුහුමන් දැක්වූ මහා දෙ‍ටුගැමුණු පරම්පරාවෙන් ආ ඒ සිංහල අභිමාණයයි.

ඒත් තමන්ගේම රටේ හමුදාවට ද්‍රෝහී වී පිට රටක සිට, බටහිරයන්ට කේලාම් කියමින් NGO වලින් බඩ වඩා ගන්නා, ජාතියේ පවට උපන් ලංකාඊනිවුස් කතෘ සඳරුවන් සේනාධීර ලා, මැරිච්ච මිනිස්සුන්ගේ මළ මිනී පවා විකුණාගෙන කන්නේ ඔවුන්ගේ මඩ වෙබ් අඩවියේ සැබෑ නිරුවත පෙන්වලයි.

ලංකාඊනිවුස් නිල ෆේස්බුක් අඩවියේ එම පින්තූරය තිබෙන තැනට මෙතනින් යන්න පුළුවන්. ඔබ දැනටමත් එම පි‍ටුවට Like කර තිබේනම්, එහි මුල් පි‍ටුවට ගොස් වම් පස පහළින් ඇති Unlike ක්ලික් කර ඉන් ඉවත් වෙන්න… මිනී විකුණන්නන්ට Like කරන්නේ මොන හිතකින්ද?

පින්වත් බෞද්ධයිනේ, උතුම් මිනිස් කම දෝතින් අරගෙන සිනා සෙන සිංහලයිනේ, මිනිස් කම වෙනුවෙන් හඬ නගන මිනිසුනේ… ඔබ ඒ තිරිසන් ක්‍රියාව අනුමත කරනවාද? කෙසේ නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ එම පින්තූරය “Report” කර “Delete” කිරීමට කරදර නොවන ලෙසයි. එය තිබෙන්න හරින්න, එමගින්ම ලංකා ඊ නිවුස් අඩවියේ මිනී මස් වෙළඳාම ගැන ලොවම දැනගනීවි.

[[එම පින්තූරය ෆේස්බුක් අඩවිය වෙත වාර්තා කිරීමෙන් දැන් මකා දමා ඇත. නමුත් එය තවමත් ෆේස්බුක් හි සංචිත වී තිබේ. මෙතනින් බලන්න පුළුවන්.]]

ජනාධිපති තුමා කෙරෙහි විවේචන තිබෙන බව ඇත්ත. සමහරුන් එතුමාට වෛර කරනවාත් ඇති. ඒත් ඒ වෛරය පිරිමහ ගැනීමට අසරණයෙක්ගේ මළ සිරුර මාළු ලෑල්ලක දමා “මිනී මාළු” ලෙස හංවඩු ගැසීම කොච්චර සාධාරණද කියල ඔබගේ හදවතට ටිකක් තට්‍ටු කරලා හිතල බලන්න.

ජනාධිපති තුමා තංගල්ල ධීවර වරායේදී ධීවරයන්ව මුණ ගැසුණු මොහොත. - සත්‍ය ඡායාරූපය

ජනාධිපති තුමා දැන් ඕනැ නැත්නම් එයාව ඊළඟ ඡන්දයෙන් මැදමුලනට යවන එක මේ රටේ ජනතාවට බාරයි. ඒත් ඒක කරන්න ඕනෑ මැරිච්ච මනුස්සයින්ට ඒ ආකාරයෙන් අසික්කිත ලෙස අපහාස කරලා නෙමෙයි. ජන අරගල කාරයන්ට ඕනෑ වී ඇත්තේ කොහොම හරි තවත් කෙනෙක්ව හමුදාව ලවා ඝාතනය කරගෙන “මෙන්න මිනී මරණෝ !” කියමින් බටහිරයන්ට මේ රටට සැපත් වීමට අවස්ථාව හදල දීමටයි, බුද්ධිමත් ඔබ එවැනි ‍රැළි වලට ‍රැල්ලට ගොස් අවසානයේදී බඩගෝස්තරවාදීන්ට ඔබගේ මළ මිනියත් විකුණන්නට දෙන්න සූදානම්ද?

අපුලය හා ඔක්කාරය නිසා ශාස්ත්‍රීය විදිහට කතාකරන්න අමාරුයි. හිතට එන දේ එහෙමම කියනවා නම් මැරිච්ච අසරණයාව මාළු ලෑල්ලේ තබා, මිනී මාළු කියමින් ලේබල් කරලා හදපු රූපය හා ඒක හදපු ඊනියා මානුෂිකත්වය, මානව හිමිකම්, ජන අරගලය, පශ්චාත් නූතනවාදය, මාක්ස්වාදය ඇතුළු නොයෙක් විජාතික දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියන කට්ටියගේ වැඩ පිළිවෙළ ගැන, මනුස්සකම ගැන සත්‍ය වශයෙන් යම්කිසි හැඟීමක් ඇති උදවිය ඉතාමත් ගැඹුරින් හොයල බැලුවොත් හොඳයි. කුණු රසය ඕනෑ වුණාම ඊට සැපයුමක් ලබා දෙන කසිකබල් වෙබ් අඩවි මිනී මාළු විකුණද්දී ඊට ඇදෙන්නේ මළ මිනී වලට වහන නිල මැස්සන් නිසා, බුද්ධිමත් ඔබ ඒ ගානට පත් නොවී එවැනි වෙබ් අඩවි වර්ජනය කිරීමට මෙන්ම ඒවාට දැන්වීම් හරහා ආධාර නොකිරීමත් අනාගතයේදී ඔබගේ හතුරෙකුටවත් එවන් ඉරණමක් අත් නොවීමට හේතුවාසනා වේවි.

රංග ජයවර්ධන

3942
Thanks!
An error occurred!