විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ළමයින් කෙලෙසීම , මෛත්‍රිය සහ Lovely Bones ..!!

Piter Jakson නමැති බටහිර (මා දන්නා පරිදි) හොලිවූඩ් අධ්‍යක්ෂක වරයා නැවතත් අපට හොද සිනමාවකින් හමුවේ. (His Trilogy, Loads of the Rings Etc..)

මේ දිනවල ලංකාවේ බොහෝ පිරිසක් (මානසික ලෙඩුන් නොවන අය පමණක්, මොකද..!! බිහිරි අලිනට වීණා වාදනය කර පලක් නොමැති නිසා..!!!) නැරඹිය යුතුම සිනමා කෘතියක් ලෙස මෙය දැක්විය හැකිය. විශේෂයෙන් දේශපාලකයන් ට හොද පණිවිඩයක් දෙන නිර්මාණයකි.

ලංකාවේ අද වනවිට සිදුවන ළමා අපයෝජන ,ඒ මල්කැකුළු විනාශකර, තමන්ගේ කාම ආශාව ඉටු කර ගන්නා නරුමයන් සිටින සමාජයක් බිහිවී තිබෙන නිසා, ඒ ගැන කියවෙන හොද සිනමා කෘතියක් ලෙස මෙය දක්වමි.

මෙය බටහිරින් නිර්මාණය වුවද, අප රටේ සිදුවිය හැකි සිදු වන කතා ප්‍රවෘත්තියකට බොහෝ දුරට සමානය. මහල්ලන් අතින් දුෂණය වන රටේ අනාගතය අප ගොඩගන්නේ කෙලෙසද?

මෙය අපට වැදගත් වන්නේ කෙසේ ද? බෞද්ධ සාරධර්ම ගැන කතාකරන වෙනත් රටක් ලෝකයේ නැති තරම්ය. එලෙස තිබීයදී කුඩා හය හතර නොදන්නා දරුවන් සමාජයට එන මුල්ම කල මානසික දුෂණය කිරීමට ලක් වන්නේ සමාජයේ සඳුන් යැයි කියාගන්න පිරිස් අතින් නම් කුමක් කරමුද? මෙවැන්නන්ට බණ කියා වැඩක් නැත. කළයුත්තේ ජිවීතාන්තයට සමාජයෙන් තුරන් කිරීමය.

මේ සිනමා කෘතියේ විශේෂත්වය වන්නේ, බුදු සමය සමග බොහෝ දුරට ගැලපී යන “කර්ම නියාමය” ගැන සලකා තිබීමය. මෙහිදී ඒ දරුවාගේ පින පළදීම නිසා මරණින් මතු ජීවිතය හොදින් නිර්මාණය කර තිබේ. මෙවන් සිනමාවක් මා බොහෝ කාලයකින් නරඹා නැත.

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදීම ඒ නරුමයාට සිදුවීම, අපායේ දොර විවෘත වීමක් ලෙස අගාධයකට වැටීම නිරූපණයට සමාන කළ හැකිය.

මෙහිදී අප ගේ නිවසට පැමිණෙන ජන මාධ්‍යන්ට (TV) හොද ආදර්ශයක් වන්නේ මේ කෲර දර්ශන (Murder) කිසිවක් අමු අමුවේ නොපෙන්වීමයි. මානසිය තත්වය විදහා දක්වන ඒ සංගීතය සහ රුප (Music & Camera) හැසිරවීම ඉතා අකර්ශනීය වේ.

මෙහි බුදුසමයට බොහෝ දුරට ගැලපෙන,

1) මාපියන්ගේ ළමුන්ට තිබෙන සෙනෙහස (පුතා වස්තු මනුස්සානං) කියාපෑම.
2) පංචකාමයේ එක අංගයක් වන කාම මිත්‍යාචාරයේ භයානකත්වය පෙන්වීම.
3) කර්මය පිළිබඳව සහ ස්වභාව ධර්මයේ නියමයන් ගැන තිබීම
4) ඉන්ද්‍රියන් අභිබවා යන ප්‍රත්‍යක්ෂ තිබීම හැකියාව.
5) ලෝකය මනසින් සදා ගන්නා බව පෙන්වා තිබීම සහ පරලොවක් විශ්වාසය.

ආදී ගුණයන් සහිත මේ සිනමා කෘතිය සිංහලබොදුනට නැරඹිය හැකි විශිෂ්ට නිර්මාණයකි.

මිනිසුනි..! මේ පංචෙන්ද්‍රිය පිනවීම සීමාකර, ඒ විනාඩි කීපයක ආස්වාදය තුළින් සිදුවන අදීනව සිතන්න. තිරිසන් නොවන්න. තෙරුවන් සරණයි..!!

(Centers on a young girl who has been murdered and watches over her family – and her killer – from heaven. She must weigh her desire for vengeance against her desire for her family to heal.

A 14-year-old girl in suburban 1970′s Pennsylvania is murdered by her neighbor. She tells the story from the place between Heaven and Earth, showing the lives of the people around her and how they have changed all while attempting to get someone to find her lost body)

Download from – Website – Yifi movie – Lovely Bones

චාමික කරුණාරත්න

4689
Thanks!
An error occurred!

අපි නොදන්න අපේ නිදහස

“යදි න ස්‍යාන්නරපති: – සම්‍යන්තො තත: ප්‍රජා:, අකර්‍ණධාරා ජලධෞ – විප්ලවේතේහ නෞරිව”

(ඉඳින් මේ ලෝකයෙහි මනා සේ අනුශාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු නොවන්නේ නම් එහෙයින් ප්‍රජා තොමෝ මුහුදෙහි නැව් නායකයා නැත්තා වූ නැව මෙන් ගිලෙන්නේ ය. නොහොත් රටේ සංස්කෘතිය හෙවත් අනන්‍යතාව හොඳින් හඳුනාගත් නියම පාලකයෙක් නොමැති කල්හි රටේ ජනතාවට නිදහසක් නොමැති බව යි.)

සියල්ල අස්ථීර ලෝකයේ ජීවත්වන සුළු මොහොතේ වුවද නිදහස්ව නිවහල්ව අභිමානයක් ඇතිව ජීවත් වීම තරම් ශ්‍රේෂ්ඨත්වයක් තවත් කොයින් ද? යන්න කශේරුකාවක් ඇති ඕනෑම අයෙකුගේ අදහසයි.

අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතිය නමැති වස්ත්‍රය ගැලවී යන තෙක් බෞද්ධ දර්ශනය නමැති මිණිබරණ පමණක් පැළඳ සිටීමෙන් ඵලයක් නො වන බව සීහල බෞද්ධයාගේ සංකල්පය යි. කෙනෙකු තම සංස්කෘතික උරුමය වෙනුවෙන් හඬක් නඟන විට ‛ජාතිවාදියා’, ‛යුධකාමියා’ යැයි චෝදනා කරීමට ඇතැම් ඊනියා පඬුවන් පෙළඹේ. කශේරුකා ඇත්තේ ඔවුනට පමණක් යැයි සිතති. එහෙත් ඔවුහු පිට කොඳු බිඳ ගත් ඔල මොට්ටලයන්ම ය. ඔවුන් සියල්ල අනිත්‍යයයැයි කියමින් ඔවුන්වත් නො දන්න පරමාර්ථීය ලෝකයක ජීවත් වෙති. ඔවුන්ට අනිත්‍යය වන්නේ ඇහැට කනට පෙනෙමින් විනාශ වන අපේ සංස්කෘතිය පමණක් වීම පුදුමයට කරුණකි. නමුත් ඔවුන්ට රැකියාව, දරුවන්, අඹුවන්, ඉඩ කඩම්, තාන්න මාන්න, උපාධි නිත්‍ය ය. සිංහල බෞද්ධ සංස්කෘතිය ද අනිත්‍ය බව සැබෑ ය. එහෙත්, ගැටළුව වන්නේ එය ආයාසයෙන්ම විනාශ කොට පර සංස්කෘතීන් නිත්‍යයැයි චින්තනය කොට වැළඳ ගැනීම යි. එහෙයින් කළ යුත්තේ සියල්ල අනිත්‍ය ලෝකයේ අපේ සංස්කෘතිය ගඟක් සේ අනිත්‍ය වීමට ඉඩ නො දී ගලක් සේ රැක ගැනීමට උත්සාහ කිරීම නො වේද? ඇතැමුන් කෙසේ කීවද රාවණා සංස්කෘතියට උරුමකම් කියමින් සිංහල බොදු සංස්කෘතියෙන් සුපෝෂිත වූ සිංහ රුධිරයෙන් ජීවමාන හෙළ බොදුවා කිසි කලෙකත් වහල් ව දීන ව සිටීමට රුචිකත්වයක් කොහෙත්ම නො දැක්වූ බව ඉතිහාසය දෙස බැලීමෙන් පෙනේ. පෘතුගීසීන්ගේ ආක්‍රමණයට පූර්‍ව කිසිදු සමයක අපේ රට ජාතිය ආගම භාෂාව ආක්‍රමණ කිරීමට කිසිදු ජගතෙක් සමත් වූයේ නැත. එයට හේතුව රට ජාතිය ආගම භාෂාව පාවා දීම තරම් අධම ක්‍රියාවක් තවත් නැතැයි චින්තනය කළ පාලක පන්තියක් තිබීම යි. එහෙත් පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ, ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයෙන් පසුව හෙළ බොදු සංස්කෘතියට කණ කොකා හැඬුවේ ය. සියවස් කිහිපයක අරගලවලින් පසුව 1815 දී කන්ද උඩරට ඇතුළු මුළු සිංහලයම යුරෝපීන්ගේ පාලනයට නතු විය. එහෙත් 1948 දී ඊනියා නිදහසක් හෝ ලැබුයේ හෙළ බොදු ජාතික වීරයන්ගේ ලේ ඩහදිය කඳුළු මතින් බව කීමට ඇතැම්හු මැලි වෙති. මන්ද වත්මන් කළුසුදු ඊනියා පාලකයන්ට තම අරමුණු සක්‍රීය කිරීමට ඉතිහාසය මහත් බාධාවක් බැවිනි. ඔවුහු පාසල් පෙළ පොත් ගොනුවෙන් ඉතිහාස පොත ඉවත් කිරීමට හෝ ශ්‍රේණි කිහිපයකට පමණක් සීමාකිරීමට හෝ උත්සාහ දරනුයේ මෙරට සැබෑ ඉතිහාසය දන්නා පරපුරක් සමඟ තමන්ගේ අභිප්‍රායන් මස්තකප්‍රාප්ත කර ගැනීමට නො හැකි වන බැවිනි. 1948 දී ඉංග්‍රීසි කිතුනු අධිරාජ්‍යවාදීන්ගෙන් අප ඊනියා නිදහසක් ලබා එය භුක්ති වින්දද නැවත උතුරු ප්‍රදේශය කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට දශක 30 ක යුද්ධයකට මුහුණ දී එයින් ද රට මුදවා ගත් අතර නැවතත් අර කියූ ඊනියා නිදහස භුක්ති විඳින්නේ රතිඤ්ඤා පත්තු කරමින් කැවුම් කිරිබත් කමින් උත්සවශ්‍රීයෙනි. එහෙත් මේ කිසිවෙක් නියම නිදහස භුක්ති විඳින්නේ නැත. මන්ද ඔවුන් සැබෑ නිදහස නම් කුමක්දැයි ඔවුන් නො දන්නා බැවිනි. සැබෑ නිදහස කුමක්ද? යන්න නො දන්නේ ඉතිහාසය නො දන්නා බැවිනි. නිදහස අර්ථවත් වනුයේ රටේ ප්‍රධාන ආගම ඇතුළු දෙස (දේශය), බස (භාෂාව), රැස (රාශිය හෙවත් ජාතිය), යන මේ සියල්ල ආරක්ෂා වන්නේ නම් පමණි. එසේ නොමැතිව භෞමික අඛණ්ඩතාවයට හෝ පාර තොටේ නිදහසේ ඇවිදීම හෝ උතරු හා නැඟෙනහිර ප්‍රදේශවලට චාරිකාවක් ගොස් කරදරයක් නොමැතිව නැවත එන්න ලැබීම හෝ නිදහස වශයෙන් කෙනෙක් සළකීම මන්දබුද්ධික කමකි. අඩුම තරමේ රටේ පාලක ශ්‍රේණිය පවා නිදහස නම් මෙය යැයි නො දනියි. හේතුව ඉතිහාසය පිළිබඳ ඇති අනවබෝධය යි. ඇතැම් කූප මණ්ඩුක දෘෂ්ටිග්‍රාහී විදග්ධයින් වත්මන් යුධ ජයග්‍රහණය දුටු ගැමුණු වැනි ශ්‍රේෂ්ඨ නරපතීන්ගේ යුධ ජයග්‍රහණයට උපමා කොට දක්වන්නට උත්සාහ කරනුයේ එබැවිනි. යුධ වැදීමේ අරමුණු සන්සන්දනය කිරීමේ දී දුටු ගැමුණු රජු හා වත්මන් පාලක පක්ෂය අතර වෙනස පැහැදිලි වනු ඇත. දුටු ගැමුණු රජුගේ අරමුණ වූයේ “ මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නො වන්නේය” යනු යි. මෙවැනි අරමුණකින් වත්මන් පාලකයින් කටයුතු නො කළ බව ඉතා පැහැදිලි ය. ඔවුනට අවශ්‍ය වනුයේ බින්දුවෙන් බින්දුවෙන් හෝ තම ස්වාර්‍ථකාමී මන දොළ සපුරා ගැනීමට අවශ්‍ය පාලන බලය පවත්වාගෙන යාම ය. ඔවුනට මෙයයැයි කියා නිශ්චිත ජාතියක් නොමැත. ආගමක් නොමැත. භාෂාවක් නොමැත. මෙයට ඛේදයට හේතු 1948 දී නාමික නිදහස ලැබීමටත් පෙර සිංහල ජාතියේ පියා වන අනගාරික ධර්‍මපාල උතුමන් විසින් ප්‍රකාශ කොට තිබේ.

“මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ දරුවන්ට උගන්නාවී ජාතී, ආගම්, භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝරාකාරයත් එකය කියලා. උන් කියාවී මේ රට උන් ඔක්කෝටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් සදාවී. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දීම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලෝ කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.”

මින් අඹ මල් රේණුවක දෙයක් අහක දැමිය හෝ සාවද්‍යයැයි කිව නො හැකි ය. සියල්ල සියයට සියයක් සත්‍ය වෙමින් පවතී. අද පාලකයින්ගේ ආගම සර්‍වාගම යි. ඔවුන්ගේ ජාතිය කිසිදා මෙරට නො සිටි ජාතියක් වන ශ්‍රී ලාංකීය ජාතිය යි. ඇතැම් විට ඔවුන්ගේ ශරීරවල දුවනුයේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ, ඉංග්‍රීසි යන සියලු ජාතීන්ගෙන් කළවම් වූ රුධිරයක් විය හැක. ඔවුන්ගේ රට වනුයේ ‛සිංහල’ යන සංකල්පයෙන් සපුරා බැහැර වූ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ, ඉංග්‍රීසි යන සියලු ජන කොට්ඨාශයන්ට සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය හැකි ශ්‍රී ලංකාව නමැති රට යි. නයින්ට කිරි පොවන්නාසේ මිතුරු වේෂයෙන් සිටින සිංහල බෞද්ධ රාජ්‍යයට වින කරන ඇතැම් සුළුතරයින්ට රටෙහි සමාන අයිතිවාසිකම් ඇතිව රිසි සේ ව්‍යාප්ත වීමට ඉඩ දීමේ විපාක ඉදිරියේ දී අපගේ සිංහල බොදු දරුවන්ට විඳින්නට සිදුවනු ඇත. එවිට “දැයේ දරුවන් අපගේ අනාගතයයි. දරුවන්ට හොඳම දේ දීම අපේ අරමුණ යැයි” පුන පුනා වමාරන වර්තමාන පාලකයින්ට අනාගත සිංහල බොදු දරුවෝ ශාප කරනවා නිසැකය.

ක්‍රිස්තියානි ධර්මය හා ඉංග්‍රීසි භාෂාව මෙරට ජනයාට ඉගැන්වීම අරමුණු කරගත් ඉංග්‍රීසීන් 1948 දී මෙරට හැර ගියද ඔවුන් ඒ වන විටත් මෙරට සමාජය නමැති භූමිය සකසා ඔවුන්ගේ සංස්කෘතික බීජ වපුරා හමාර ය. ඒවාට තෙල් පොහොර ගසා රක්ෂා කොට අනාගතයේ එහි ඵල රටට බෙදා හරින්නට උන්ගේ දරුවන් වැනි කළුසුද්දන්ට භාර දෙන ලදී. ධර්මපාල තුමා පැවසූ පරිදි ඔවුහු අද සිංහල භාෂාවට වෛර කරති. පර බසක් වන ඉංග්‍රීසි මෙන්ම දෙමළ බස ඉගෙන ගැනීමේ අවශ්‍යතාව මොනවට කියාපානු පෙනේ. ඔවුනට අපගේ සිංහල දරුවන්ට වෙන මොනවා නැති වුනත් බටහිර අධ්‍යාපනයයි ඉංග්‍රීසි භාෂාවයි ඉගැන්වීමට ඇත්තේ මහත් කැක්කුමකි. තවද ජාතීන් අතර සහයෝගීතාව ඇති කිරීමට යැයි කියමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වශයෙන් තහවුරු කොට සුළුතරයට සිංහල ඉගෙන ගැනීමේ අවශ්‍යතාව ඇති කරනවා වෙනුවට සිංහල දරුවන්ට ඉංග්‍රීසි හා දෙමළ භාෂා ඉගැන්වීමට උත්සාහ දරන්නේ කුමන අරමුණකින් ද යන්න බුද්ධියෙන් වටහා ගත යුතු ය. දමිළ භාෂාවේ අවශ්‍යතාව දැඩි වනුයේ එක්තරා ආක්‍රමණශීලී සුළුතර ජාතියක ආක්‍රමණශීලී වර්ධනයම මිස අන් කිසිවක් නිසා නො වේ. ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ දී ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව සැබෑ ය. ඉංග්‍රීසි, දමිළ ඉගෙන ගැනීමෙන් තව තවත් පොත් පත් කියවීමට ද ලැබේ. දැනුම වර්ධනයට එය ඉවහල් වේ. එහෙත් ගැටලුව වනුයේ එම භාෂාවන්ගේ අවශ්‍යතාව රැකියා ලබා දීම දක්වා ඇති කොට ගමේ එදා වේල හොයා ගෙන කන සිරිපාලට පවා බලෙන් ඉංග්‍රීසි දෙමළ ඉගැන්වීම කඩිමුඩි කිරීම යි. දැනට විශ්වවිද්‍යාලයන්හි ඉංග්‍රීසි අනිවාර්යය වෙමින් පවතී. මෙම ක්‍රමික ක්‍රියාවලියෙන් සිද්ධ වනුයේ ඉංග්‍රීසි හා දමිළ රාජ්‍ය භාෂා බවට පත් කොට සිංහල භාෂාවට කුඩම්මාගේ සැළකිලක් දැක්වීම යි. මෙය හදිසියේ සිදුවන්නක් නො වේ. මෙය දීර්ඝකාලීන ක්‍රියාදාමයකි. අනගාරික ධර්මපාලතුමන් “උන් සිංහල භාෂාවට වෛර කරනවා” යැයි කීවේ මෙය මිස අන් කිසිවක් නො වේ. එසේ නොමැතිව “අපි සිංහල බසට වෛර කරනවා. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කරනවා යැයි කෑ මොර දෙමින් නො කරන්නට තරම් ඔවුහු සිංහල බෞද්ධයන්ගේ සූක්ෂම සතුරන් බව අවබෝධ කොට ගත යුතු ය. එම නිසා දශක තුනක තරම් යුද්ධයකින් පසුව භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගත්තද අපගේ බස වන සිංහල භාෂාව ලැබූ නිදහසක් නම් නොමැත. මෙවැනි වාතාරණයක් තුළ රටේ පාලකයින් ස්වෛරීභාවයක්, අනන්‍යතාවක්, අපේ කමක් ගැන කථා කරනුයේ වචනාර්ථයවත් නො දැන ය.
අදටත් රාජ්‍ය ආගම බුදු දහම වුවද එයද ලබා ඇති නිදහසක් නොමැත. එයට ඇති වෙමින් පවතින ඉරණම ගැන සිතන විට ඇතැම් රාජ්‍යය පාලකයන් කෙරෙහිත් පැවිදි බෞද්ධ නායකයින් කෙරෙහිත් පිළිකුලක් ඇති වේ. ඔවුහු තමන් කවුද, කළ යුත්තේ කුමක් ද වත් නො දනී. ඇතා කුඩා හෙන්ඩුවටත් ඇත් ගොව්වාටත් බිය වනුයේ තමාගේ තරම නො දන්නා බැවිනි. එපරිද්දෙන්ම ඇතැම් ප්‍රධාන පෙළේ බෞද්ධ නායකයින් තම පදවි තාන්න මාන්න වලින් කළ නො කළ යුත්ත නො දැන ඇස් කන් නැත්තන් සේ මේ මහා විනාශයේ අග දක්වා නිහඬව සිටීම සිංහල බෞද්ධයාගේ ඛේදයට කරුණකි. ඔවුහු සුනඛයා ලේ, මස්, නහර නොමැති ඇට කටුවක් ලැබ සතුටු වන්නා සේ ඇති දෙයින් ප්‍රයෝජන ගෙන සතුටට පත් වෙති. නැති වෙමින් පවතින දේ ගැන ඔවුන් තුළ කිසිම තැකීමක් නොමැත. අතීත ගිහි-පැවිදි විරුවන්ගේ තේජසින් ඔවුන් තවමත් වැජඹෙනවා මිස අනාගතය ගැන සිතීමක් නැත. පන්සල් භූමි තුළම පල්ලි ඉදිකරන තුරුම බලා සිටිති. මේ පිළිබඳව රජය ගන්නා ප්‍රතිපත්තියක් ද නොමැත. ඔවුහු සර්වාගමික සංකල්පය ඉස්මතු කොට සුළු ආගමික කොට්ඨාශයන්ට රිසි සේ වැඩීමට ඉඩ දී තිබේ. පන්සල් වටේ කෝවිල්, පල්ලි ඉදිකොට ඇත. සෑම දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරයේ වැඩි වශයෙන් ඇත්තේ අන්‍යාගමික සිද්ධස්ථානය. මුස්ලිම් ජාතිකයෙක් නගරාධිපති ධූරයට පත් කර ගැනීම නරියාට කුකුල් කූඩුව බාර දීම හා සමානය. දෙස, බස, රැස ආගම මත පදනම් වන අනන්‍යතාව රැකීම රාජ්‍ය පාලනයේ මූලික යුතුකම හා වගකීමයි. ප්‍රජා රක්ෂණය යනු එයම බව පඬුවන්ගේ මතය යි.

“ප්‍රජාං සංරක්‍ෂති නෘප: – සා වර්‍ධයති පාර්ථිවම්, වර්‍ධනාද්‍රක්‍ෂණං ශ්‍රේයස් – ත’දභාවේ සද’ප්‍ය’සත්.”

රජු ජනතාව (ජාතිය, ආගම, භාෂාව, දේශය ඇතුළු) මනා කොට රකී ද ජනතාව විසින් රජු වෘද්ධියට හෙවත් දියුණුවට පමුණුවයි. (එහෙත්) රජුගේ දියුණුවට වඩා ජනතාවගේ සංරක්ෂණය උතුම් ය. එය නැති කල්හි විද්‍යමාන දෑ ද අවිද්‍යමාන වන්නේ ය යන්න ඉහත ශ්ලෝකයේ තේරුමයි. අද සිංහලයන්ගේ රට, ජාතිය, ආගම, භාෂාව අනුක්‍රමයෙන් අවිද්‍යමාන වන්නේ කුමන හේතුවක් මත ද යන්න බුද්ධිමත් ඔබට වැටහෙනු ඇත.

අතීත රජවරු බුදු දහමට මෞලිකත්වයන් දි කටයුතු කළ ද වත්මනයේ එසේ සිද්ධ නො වීම සීහල බොදුවන්ගේ අභාග්‍යයම මිස අන් කවරක්ද? මහානායක හාමුදුරුවරුන්ට නැති බලයක් කිතුණු, මුස්ලිම් නායකයන්ට ඇති බව වර්තමාන පාලනයම පෙන්වා ඇති අවස්ථා බොහෝ ය.

තවද, දඹුල්ලේ මුස්ලිම් පල්ලියේ සිද්ධියෙන් ඔවුන් කෙතරම් ආක්‍රමණශීලී ද යන්න මනාව ප්‍රකට වේ. මුල දී කූඩාරම් ස්වරූපයක් උසුලන පසුව කොන්ක්‍රීට් කඳන් බවට හරවන මෙම පල්ලි ඔවුන් කපටි අරමුණු ප්‍රකට කර යි. මේ සම්බන්ධයෙන් මැදිහත් නො වූ මුස්ලිම් දේශපාලඥයෙකු ද නොමැතිතරම් ය. එසේම අපි හරි අහිංසකයි කියා ගන්නා රට පුරා මුස්ලිම් ජනයා කට අරින්නට පටන්ගත්තේ ය. එහෙත් ලෝකයේ කිසිදු මුස්ලිම් රටක බෞද්ධ පන්සලක් ඉදිකිරීමට අවසර නොමැත. අඩුම තරමේ බුදුන් වහන්සේගේ පින්තූරයක් වුවද තබා ගැනීමට අවසරයක් නොමැත. මින් පැහැදිලි වන්නේ ඔවුන් සංවිධානාත්මකව රහසිගත ගමනක් යන බව යි. අද ලංකාවේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන හා අවට ප්‍රදේශ ශීඝ්‍ර ලෙස මුස්ලිම්කරණයට ලක් වෙමින් පවතී. පූජනීය අනුරාධපුර නගරයේ බොහෝ ප්‍රදේශ මිලට ගෙන වෙළදාම් කරනුයේ මුස්ලිම් ජනතාවයි. එසේම බලංගොඩ පුරාවිද්‍යා සිද්ධස්ථානයක් වන කූරගල විහාරය මත අද මුස්ලිම් පල්ලියක් ඉදි කොට තිබේ. නැඟෙනහිර නවෝදය යැයි ඉතිහාසයක් නො දන්න මෝඩ පාලකයින් පුන පුනා කෑ ගැසුවද එහි වූ බෞද්ධ උරුමය ගැන තුට්ටුවකටවත් නො සිතීම කෙතරම් සාපරාධීද? මුස්ලිම් දේශපාලඥයින්ගේ මූලිකත්වයෙන් දීඝවාපිය විනාශ වෙමින් පවතී. මහනුවර බෞද්ධ නගරය ගැනද කිවයුත්තේ ද මෙම ටිකම ය. අවසානයේ නගරයම මුස්ලිම්කරණය වී දළදා මාළිගාව පමණක් ඉතිරි වනු ඇත. නගරයක මුස්ලිම් බලය වැඩි වූ ඉතිරි සියලු ඉඩම් බලහත්කාරයෙන් ගැනීමට තරම් ඔවුහු ආක්‍රමණශීලීහු වෙති. මෙවැනි දේවල් සිදු කරමින් “අපි හරි අහිංසකයි මහත්තයෝ. අපි කාටවත් කරදරයක් නොවෙයි. අපි මේ ඔක්කොම රටේ සමගියෙන් ජීවත් වෙමු” යැයි කීමෙන් කෙනෙකු රැවටී ඔවුන් ඉතා හිත හොද පුද්ගලයන් ලෙසට සිතති. එසේ සිතනුයේ දෝෂය ඇස් පනා පිටම සිදුවෙත්ම මිහිරි බස් වලින් රැවටෙන මෝඩයන්මය. මේවාට ප්‍රතිකර්මයක් යෙදීමට ඊනියා බෞද්ධ නායකයින් ප්‍රමුඛ වත්මන් පාලකයන්ට අවශ්‍ය නැත. ණය වී හෝ ගිතෙල් කා ඉන්න ටිකේ සැපට ඉඳලා මැරෙමු යැයි සිතා ඔවුන් ක්‍රියා කරති. ඔවුන් තම උදර පෝෂණය ගැනම පමණක් සිතති. එහෙත් උදර පෝෂණය පමණක් කිරීම කපුටන් වුවද කරති. විය යුත්ත වනුයේ තම පැවැත්ම ඇති කල්හි තව බොහෝ දෙනෙකුට ද සෙත සැලසීමයි.

මුස්ලිම් ජාතිකයන් වනාහි ලංකාවේ පමණක් නො ව වෙනත් රටවලත් සීඝ්‍රයෙන් වර්ධනය වන පිරිසකි. ඔවුහු ලෝකය පුරා පැතිරී යන වසංගතයක් වැනිය. ආසියාවේ පමණක් නො ව යුරෝපයේ ද ඔවුන් වර්ගයා ව්‍යාප්ත කිරීම අරඹා හමාර ය. මුල දී බෞද්ධ රටවල් ලෙස පැවති ඉන්දුනීසියාව, මලයාසියාව වැනි රටවල් වර්තමානයේ මුස්ලිම් රාජ්‍යයන් බවට පත් වී ඇත්තේ ඔවුන් කිසියම් අරමුණකින් යුක්ත ව කටයුතු කොට ඇති බැවිනි. එහෙයින් මෝගල් ආක්‍රමණයනින් ශ්‍රී ලංකාවත් තවත් ඉන්දුනීසියාවක් හෝ මලයාසියාවක් බවට පත් වීමට ඉඩ නො දීම රජයේ හා සිංහලයාගේ යුතුකම යි. අනාගත පරපුරට දෙන ඉහළම වටිනා දායාදයද එය යි. එසේ නොමැතිව අනාගතයේ අන් ජාතියකට දීන වෙමින් ජීවත් වීමට අපේ සිංහල බෞද්ධ දරුවන්ට සිද්ධ වන්නේ නම් ශීඝ්‍රගාමී මාර්ග වලින් වත් ජාත්‍යන්තර වරායන්ගෙන් වත් ඔවුනට වැඩක් නැත. භෞතික දියුණුව කවදා හෝ ඇති කරගත හැක. එහෙත් නැති වූ සංස්කෘතියක් නැවත ඇති කිරීමට උත්සාහ කිරීම හඳ ඉල්ලා ඉල්ලා හඬන ළදරුවෙකුට සමානය.

මුස්ලිම් ජාතිකයන් අපත් සමඟ සාමකාමීව ජීවත් වීමට උත්සාහ දරන්නේ ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගන්නා තෙක් පමණි. මෙරට මහ ජාතිය වීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන ඔවුහු තමන්ගේ බලය තහවුරු කිරීමෙන් අනතුරුව රාජ්‍ය ආගම බවට ඉස්ලාම් ආගමත්, භාෂාව ලෙස දමිළ භාෂාවත් පත් කරගෙන තවත් කුඩා මක්කමක් මෙහි ඇති කරනවා නිසැක ය.

අද පාලකයින් අපේ රට හඳුන්වනුයේ නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජය යන නමින් ය. එහෙත් ඔවුන් නිදහස් ස්වාධීන ස්වෛරී යන වචනයේ අර්ථය දන්නේ දැයි සැක සහිත ය. මෙම නාමය 1948 ලැබුණු නාමික නිදහසෙන් පසුව ව්‍යවහාර වන්න කි. ඉංග්‍රීසීන්ගේ අරමුණ වී තිබුණේ ඉංග්‍රීසී භාෂාවෙන් මිෂනාරී අධ්‍යාපනය මෙරට දරුවන්ට දී ක්‍රිස්තියානියන් බවට ඔවුන් පත්කර ගැනීම ය. ඔවුහු මූලික ලෙස අරමුණු කරගත්තේ රටේ ඉදිරි පරපුර වන අපගේ සිංහල බෞද්ධ දරුවන්ම ය. මන්ද ඔවුන්ගේ සංස්කෘතිය පහසුවෙන් කැවිය හැක්කේ කුඩා මනසට බව ඔවුන් දන්නා නිසාම ය. මැටි බඳුන වේලීමට කලින් අවශ්‍ය කැටයම් කළ යුතු ය. වියළුණු පසු එය කැබලි කර ද කැටයම පවතී. එහෙයින් දරුවන් කුඩා කල යම් සංස්කෘතික පරිසරයක හැදෙයිද ලොකු වූ පසු එම සංස්කෘතියෙන් මුදා ගැනීම පහසු නො වේ. මේ සඳහා ඔවුන් ක්‍රිස්තියානි විදුහල් ඇති කොට ඒවා තුළ බයිබලය උගන්වා සිංහල බෞද්ධ සංස්කාතියෙන් අපගේ දරුවන් දුරස් කිරීම කළහ. මේ 1948 පෙර වූ බටහිර ජාතීන්ගේ අරමුණ වුවද වර්තමානයේ සිදුවන්නේ ද ඒ ටිකමය. බටහිර සංකල්ප වලින් මොනවට සුපෝෂණය වූ කළුසුදු පරම්පරාව එය සාර්ථකව සිද්ධ කර යි. ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධානයන්ගේ (INGO) හා රජයේ සමාධාර ඇතිව ක්‍රිස්තියානි විදුහල්, පල්ලි හතු පිපෙන්නා සේ ඉදි වනුයේ අපගේ බොදු දරුවන්ගේ ඉරණම කුමක්දැයි තහවුරු කරමිනි. සෙනසුරාදා ඉරිදා දිනයන්ට සක්‍රීය වන ඊනියා ටියුෂන් මුදලාලිලා ටිකක් බිහි කොට දරුවන් පන්සලට සමීප වන ඉඩ කඩ වසා දමති. පෙර පාසාල් ඇති කොට ඉංග්‍රීසි භක්තී ගීත, සිංදු උගන්වා අපගේ හෙළ බොදු සංස්කෘතියෙන් දරුවන් ඈත් කරයි. ඉරිදා බෞද්ධ දහම් පාසල ගැන ද මෙම පාලකයින් කිසිදු තැකීමක් කරන්නේ නැත. අධ්‍යාපන සුදුසුකම් ඇති ඉගැන්වීමට සුදුසු ගුරුමණ්ඩලයක් තීරණය කිරීමවත් රජය හරහා සිදු නො වන්නේ නම් බෞද්ධ නායකත්වයක් ඇති බෞද්ධ රටේ ස්වෛරී භාවය නම් කොහේ ඇද්ද? මින් පැහැදිලි වනුයේ අප තවමත් බටහිර අධිරාජ්‍යවාදී පාලනයට නතු බව නො වේ ද? පාලකයෙනි, මෙවැනි වාතාවරණයක් තුළ ඔබ ස්වෛරී භාවය, නිදහස හෝ ස්වාධීනත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? පරයන්ගේ බස, ආගම, අධ්‍යාපනය ආදී සංස්කෘතිකාංගයන් අනුගමය කිරීම තරම් දීන වීමක් යටත් වීමක් තව තිබේ ද? යන්න බුද්ධියෙන් සිතා බැලිය යුතු ය. එහෙයින් වසර 2000 කට වැඩි ඉතිහාසයක්, සංස්කෘතියක් නසා අනාගත සිංහල බෞද්ධ පරපුරේ ශාපයට ලක් වනවාද? නැති නම් ඒ වෙනුවෙන් සටන් කරනවාද? යන්න ඔබම තීරණය කළ යුතු ය. අප ලබා ඇති නිදහසක් නොමැත. පාලකයින් “අප අද නිදහසින් ජීවත් වෙනවා, අපේ රටට ඇඟිලි ගසන්නට විදේශීය බලවේග වලට ඉඩ දෙන්නේ නැහැ” යැයි කියමින් සිංහල බෞද්ධයින් රැවටීම පාලන ව්‍රතයට සුදුසු වේ ද?

“පුරිසස්සහි ජාතස්ස – කුඨාරි ජායතේ මුඛේ, යාය ඡින්දති අත්තානං – බාලෝ දුබ්භාසිතං භණං”

බෞද්ධ දර්ශනයට අනූව බොරුව මුල් කොට ගත් දුර්භාෂිතයන් කියන පුරුෂයාගේ මුඛයෙහි තමන් විනාශ කරන කෙටේරිය හටගනී. ආත්මාර්ථකාමී බලය පිණිස අනතුරක් නැතැයි කියා අනුන් රවටනවාට වඩා අනතුර පෙන්වා ඊට පිළියම් සෙවීම මෙලොව පරලොව යහපතට හේතු වේ. තේරුම් ගත යුත්ත නම් අතීතයේ මෙන් කඩු අමෝරාගෙන, යුද්ධ කිරීමෙන් රටවල් ආක්‍රමණය කිරීමක් සිදු වන්නේ නැත, වර්තමානයේ සතුරා එනුයේ සංක්‍රමණ ස්වරූපයෙනි. පරම මිතුරෙකු සේ අප හා කටයුතු කොට අපගේ ඉතිහාසය, ආගම, ජාතිය, භාෂාව විනාශ කොට ඔවුන්ගේ සංස්කෘතිය මෙරට පතුරුවා ඔවුන්ගේ රටක් බවට මෙය පත් කරන දවස අද හෙට ය. මේ සඳහා සියළු සිංහල බෞද්ධ බලවේග සංවිධානාත්මක විය යුතු කාලය යි.

“බිඳ පස මිතුරු රට ජාතිය නඟන්නද
අද හස එහෙම නැත්තම් මුළු වදින්නද
නිද හස නමැති රස නොවිඳම මැරෙන්නද
හද පත්ලෙන්ම විමසව් කුම් කරන්නද”

- පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මාවාස හිමිපාණන් විසිනි -

4528
Thanks!
An error occurred!

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු වීර ප්‍රවුඩ ඉතිහාසයකට සාක්ෂි දෙන නිදර්ශන රාශියකි. ඵයට අනුව විජාතිකයන්ගේ බලපෑම මත ප්‍රථම අගනගරය අතහැර සිංහලයා දකුණට සංක්‍රමණයවී අවසානයේ කදුකරයේ කදවුරු බැදගත් අතර ඵතැන් පටන් නුවර යුගය ඇරඹිණ. නිවටයේක්වු වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ 1739 දී පජාත ඉන්දියානු වෙසගනට රැවටී ඇගේ නිගණ්ඨ දහම අදහන සහෝදරයාට රජකම පූජා කරයි. ඵතැන් පටන් රජකරවන කීර්ති ශ්‍රී රාජසිංහල රාජාධි රුජසිංහ සහ ශ්‍රීවික්‍රම රාජසිංහ යන්නවුන් පජාත ඉන්දියානුවන්ය. ඵසුව නුවරින් පැවැතආ රජ පෙළපත මේ මෝඩ රැළ අවසානයේ ඉංග්‍රිසි උගුලට අසුවී රට පාවා දෙති.

බටහිරයන් සූක්ෂමව අපගේ කුහක සිංහලයන් බාගනිමින් අපගේ තිබූ ගුණගරුක සදාචාර සම්පන්න ආචාරශිලී සැදැහැවත් සමාජ වටපිටාව අවබෝධ කරගත්හග නිවට සුද්දා ඵදා අප මුතුන් මිත්තන්ගේ ආශ්චර්යමත් නිර්මාණ දැක විස්මයට පත්වූ බව ඔවුන්ගේ දෙවැනි හැසිරීමේන් මනාව අවබෝධකරගත හැකිය. අප හෙළයේ තිබූ ස්වයංපෝෂිත ආර්ථික රටාවල හෙළ වෙදකමල නිම්තෙරට ගිය සංස්කෘතිය සහ තීක්ෂණ බුදධි මට්ටම ඔවුන්ට අභියෝගයක් වන බව අවබෝධකර ගැනීමට සුද්දා සමත්විය ඵයින් පසු පර සුද්දා මේ රටට නොකළ කෙණෙහිලිකමක් නැත.

ඵකිනෙකාට ගරු කරන දැහැමි සමාජ සංස්කෘතියක් අපට තිබිණි. අච්චිඅම්මට සීයට මවට පියාට මාමට නැන්දට අයියට අක්කට නංගිට සහ මල්ලිට ගැවැසෙන්න යුතු ගරු සරු පිරි වට පිටාවක් තිබුණි. ඵදා තවත් දරුවෙක් සිංහල ජාතියට ඵකතුවෙන දවසේ ගමේ කවුරුත් ඵකතුවී ඵ් මොහොත ඵනතුරු බලාසිටියහ සතුටු කදුළු වැගරූහ. කරදරයකදී සියලුදෙනා ඵකතුවී දුක බෙදාගත්හ. යමෙකුගේ වරදක් දුටු විට ඵය නිවැරදි කිරීමට ඵදා ගුරුවරයකුට සමාජයේ වැඩිහිටි අයෙකුට තම පවුලේ වැඩිමහල් අයෙකුට දෙමවුපියන් හට අවස්ථාවක් තිබුණ අතර ඵය ඵදවස යුතුකමක්සේ ඉටුකළ සමාජ වගකීමකි. ඵහෙත් අද තත්වය කුමක්ද? ගුරුවරයට පාඩමට ඵහා ගිය දැනමුතුකමක් දිය නොහැක. පාසල් භූමියට ගුරුකම සීමා වීය. ලොකු අප්පා හට තම මල්ලිගේ දරුවට වරදක් පෙන්වාදිය නොහැක, මන්දයත් සියල්ලට ප්‍රති පිළිතුර ඔබට මොකටද ඵ්ක? මම මොනව කරත් ඔබට මොකද? කාටවත් කරදරයක් නොවේනම් මම මොනව කරත් කාටවත් මොකද? යන බටහිර ලිබරල්වාදී නිෂ්ඵල වචන වලින් නිරුත්තර වන නිසාය. අද ඉපදෙන කුඩා බාලිදා පවා මේ පුහු ලිබරල් ගතිපැවතුම් සමග ඉපදෙනවා කිවහොත් නිවැරදිය. ගම ආරකෂා කරන රටට ආදරය කරන සිංහලයන් ඵදා හිටියා ඵ්ත් අද අල්ලපු ගෙදර ගැන හන්කවිසියක් නොදන්නා තරමට තම රටට හෙණ ගැහුවත් නොදැක්කා නොදන්නාසේ ඉන්නට තරම් බටහිර කරණය අප වැළදගෙන ඇත.

යක්ෂ, නාග, රාක්ෂ, හා අසුර ආදී සතර කුලයෙන් පැවැත ආ ඵ් යහපත් ගමන පෙන්වන්නේ කොතරම් ගාම්භීර ප්‍රවුඩත්වයද? ඵදා අප වෙදකම ඉතා දියුණු තැනක තිබූ බවට සාකෂි මහා වංශයේ ඕනෑතරම් ඇත. තම වැයික්කිය තුළ යම් අකයෙුත්තක්(හදිසි රෝගී තත්වයක්) සිදුවුයේ නම් ඵ් බව වෙද ගුරුතුමාට නුවනින් දැනගැනීමේ චිත්ත ශක්තිය තිබිණ. රෝගියා පැමිණෙන විට අවශ්‍ය කියුතු වෙද ගෙදර තුළ ඉටුවී තිබුණා. ඵය විනාශකර සුද්දා කිවු බටහිර වෛද්‍ය ක්ර්‍‍රමය ඉස්මුදුනින් පිළිගත් අප අපේ ක්‍රමය අතහැර දමා අද පරසුද්දා ළග පජාතවී සිටී.

ඵදවස අපේ ඉංජිනේරු තාක්ෂණය කොතරම්ද නම් සිගිරිය, රුවන්වැලි මහා සෑයල මාදුරු ඔය හා රබකැන් ඔය ජලාශ කදිම නිදසුන් වේ. රුවන්වැලි මහා සෑයේ සැලැස්ම අද පවතින දැයුනු යැයි සම්මත පර සුද්දගේ ක්‍රමයට හසු නොවීමෙන් බටහිර වාදී නිවටයන්ගේ හෙළුව මොනවට පැහැදිලිවන අතර ඵ් සදහා තවත් ඕනෑතරම් සාක්ෂි ඇත. තවද ඉන්දියාවේ විශාල වාරි ක්‍රම හා ආරක්ෂිත නගර නිර්මාණය වුයේ අපේ හෙල ඉංජිනේරුවරුන්ගෙන් බව ඉන්දීය පොත පත සාක්ෂි දරයි. මෙම සියලු නිර්මාණය කරන ලද්දේ අකුරු 26 ඉංග්‍රිසි නොදැන හා අද බටහිර ලැදි කලු සුද්දන් කල නිර්මාණයක්ද නොමැතිබව ඔවුන් පිළිගත යුතුය.

අප රට තුළ තිබූ ස්වයංපෝෂිත ආර්ථික රටාව විනාශ කරීමටද සුද්දා පසුබට නොවීය. රටෙහි මුදුන් මල්කඩ බදු උතුම් වෙල්ලස්ස මොවුන් විනාශ කරන්නේ විසූ ජනතාව සාපිපාසා ලොවක අතරමන් කරමිනි. ඵයින් නොනැවතී නියම ක්‍රමය විනාශ කරමින් කෘෂිකාර්මික අප රටේ ගොවි පරපුරට මොවුන් නව කෘෂිකර්මය ඉගැන්වීම ආරමිභ කළේය. ඵහිදී අප භාවිතා කරන ලද ක්‍රම සහ උපකරණ ඉතා නොදියුණු ඵ්වා ලෙසත් ඵ්වා සරල ක්‍රම ලෙස හැදින්වූ අතර ඵදා භාවිත කල මිස්‍රබෝග වගාවේ වැදගත්කම දුටු නිවටයන් කීවේ මිරිස් පාත්තියේ වැඩෙන තක්කාලි පැලටද වල් පැළෑටියක් බවය. ඵය අප නොපිළි ගත්තත් ඵවා ක්‍රියාත්මක කිරීමට අපට සිදුවිය.

සෙක්කුවෙන් තෙල් හිඳීම

අද රාජ්‍ය තාන්ත්‍රික මට්මේ සිට හිගන්නා දක්වාම බටහිර ලැදි ලිබරල්වාදී නිවටයන් ඕනෑතරම්ය. ඵ්ත් ඵදා සුද්දාගේ බහ තේරුම් ගත් අප මුතුන් මිත්තන් ඵ් සදහා විරුද්ධව නැගි සිටියහ. ඵදා සුද්ද කියනදේ අද මේන් ඉස්මුදුනින් නොපිළිගත් අතර විරුද්ධව ක්‍රියා කළහ. අපහට උරුමවී තිබූ ඵ් සංස්කෘතිය විනාශ කිරීමට සුද්දට ලෙහෙසි නොවන බව දැබගත් පසු ඵ් සදහා විකල්ප ක්‍රම මගින් අරමුණ කරා යාමට සුද්දා ක්‍රියා කලහ. ඵහිදී අප විර වරුන් දඩයම් කිරීමල සිරභාරයට ගැනීම සහ විවිධ බදු ක්‍රම ජනතාව මත පැටවීම වැනී කුහක උපක්‍රමික වැඩසටහන් ක්‍රියාත්මක කළහ.

සිංහල දෙමළ මුස්ලිම් යන ජන කොටස් තුනේම සහයෝගයෙන් ඵදා දළදා පෙරහැර, කතරගම පෙරහැර, වෙසක් මංගල්‍ය ආදී ජාතික වටිනාකමක් ඇති උත්සව ඉටුකළහ. අප ජාතීන් සමගිව ඇති තාක්කල් සුද්දට රට සුරාකෑමට අපහසු බව දැනගත් විගස මේ ජාතීන් තුන ඵකට කෙටවීය. කල දුටුතැන වල ඉහගන්න සුද්දා අප වෛරීය ජාතීන් කළේ ඔවුගේ අරමුණු ඉටුකර ගැනීමටය.

යළි ඵකතුවී සුද්දට ගැති නොවී ඉන්දියාවට පජාත නොවී රට යහ මගට ගෙන අපේදේ ක්‍රියාත්මක කර රට ගොඩනගන්න මේ කාලයයි.

හරිශ්චන්ද්‍ර බණ්ඩාර

3985
Thanks!
An error occurred!

A9 පාර දිගටම හතු පිපෙන්නා වගේ පල්ලි


පහත දැක්වෙන්නේ A9 පාරේ ඕමන්තේ සිට අලිමංකඩ දක්වා තැනින් තැන අළුතින් ඉදි වී ඇති ක්‍රිස්තියානි / ක‍තෝලික පල්ලි 25 ක පින්තූරයි. මෙම පින්තූර සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් අතථ්‍ය මිතුරාට අනුව මේ සියල්ලම ඉදි කර ඇත්තේ කිසිම අවසරයකින් තොරවයි.

කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට තවත් විනාසයකට යොමු වෙන්නද මේ යන්නේ? මට මතකයි ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය පෙන්වන කාලයේත්, උතුරේ සැබෑ ජන නායකයන් වූ ආනන්ද සංගරී ආදීන් කියනවා, “අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ (ඊනියා) ජනවාර්ගික ගැටළුවක් නොවෙයි…, අපේ හිංදු ආගම, දෙමළ සංස්කෘතිය විනාස කරන එක…, ඒකට ප්‍රභාකරන් උදව් කරනවා…” කියල.

හිංදු මිනිස්සු වඳින විශ්ණු දෙවියන්ම, පත්තිණි දෙවියන්ම, ගණ දෙවියන්ටම, සරස්වතියටම අපේ සිංහල සමහරුත් අදහන නිසාත්, හිංදු අය බුදුරදුන්ට පවා ගරු කරන නිසාත්, සිංහල-දෙමළ අය අතර ආගමික බේධය ගොඩක් අඩුයි. ඉතින් බටහිරයන්ට ඕනැ වෙලා තියෙනෙන සිංහලයා සහ දෙමළා අතර තිබෙන මේ බැඳීමත් නැති කරල දාන්නවත්ද?

කෙසේ නමුත් වර්තමානයේදී උතුර කඩිනමින් දේව රාජ්‍යයක් වෙමින් පැවතීම නොරහසක්. විදේශ NGO හරහා ක්‍රියාත්මක වෙන සමහර ආගමික සංවිධාන වලින් ප්‍රභාකරන්ටත් උදව් කරපු බව ඒ දිනව ජනමාධ්‍ය පවා සාක්ෂි සහිතවම වාර්තා කළා. මළ කොටියා දූවිලි ගසා දමා නැගිටිමින් සීටීද? වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි…!


[මේ පින්තූර අප වෙත එවූ අතථ්‍ය මිතුරාට අපගේ ස්තුතිය පළකරමු.]

3655
Thanks!
An error occurred!

සිංහල බෞද්ධ විරෝධීන්ට කෙරෙන්න ඕනැ වෙලා තියෙන්නේ මේවයි…

බෑන් කරපන් “සිංහල බෞද්ධ” වර්ඩ් එක…..
කරපන් මේක ෆුලි පෝස්ට් මොඩර්නයිස්ඩ්™ ස්ටේට් එකක්.
හෝමෝසෙක්ශුවල් ලා…..
බෙස්ටිඅලිටිස්ට් ලා…..
ප්රොටස්ටි‍ටුයුට්ස් ලා…..
ආදීන්ගෙන් පිරී ඉතිරී ගිය ‍‍ෆ්‍රී ස්ටේට් එකක්.

එපා කියපන් ඔය බුදු දහම…..
කරපන් මේක පියෝ ඉරිලිජනල්™ සෙකියුලර්™ ස්ටේට් එකක්…..
සිංහලයෙක් නැති, බෞද්ධයෙක් නැති.

කියපන් තිත්ත කුණුහරුප ටිකක්…..
ඒව වීඩියෝ රෙකෝඩින් කරලා දාපන් යු‍ටුයුබ් එකට…..
ඉක්මනට පොපියුලර් වෙන්න…..
ලෝඩ් බුද්ධත් සෙල්‍ෆිශ්™ කියල කියපන්…..
(හැබැයි වහින වෙලාවට එළියට පහළියට නොබැහැපන්).

කෙලවපන් සාසනයට – ඒක තමයි මේ ඔක්කෝටම අවුල…..
ඒත් ෆාදර්ලටයි ලෙබ්බෙලටයි ෆුලි රෙස්පෙක්ට් එක දියන්.
සෝම හාමුදුරුවො, නලින්, ධර්මපාල, සිංහල බෞද්ධ ජාතිවාදී™ සෙට් එකට
එලෝ එලෝ මඩ ගහපන්.

එලවපන් දළදා මාළිගාවෙ ඇත්තු ටික කැළෑවට…..
උන්ට වැඩි ප්‍රොටෙක්ශන් එක තියෙන්නේ කැළෑවේ…..
හෙල්දි ලයිෆ් එකකට හලාල් කරපු රෝස් චිකන්…..
මැක්ඩොනල්ඩ් එකෙන් අරන් කාපන්…..
බතුයි සම්බෝලයි බල්ලටවත් නොදාපන්.

බිස්නස් කරපන් “මුස්ලීම් සහෝදරයොත්” එක්ක විතරක්…..
බන්දල දීපන් නංගිවත් මුස්ලීම් බ්‍රදර් කෙනෙක්ට…..
හුලං වදින්නත් එක්ක සර්ක්‍යුම්සිෂන් කරගනින්, තවත් කැමතිනම්.

එපා කියපන් කෙහෙල්මල් සිංහල රෝද අකුරු…..
ලියපන් පොෂ් ඉන්ග්ලිශ් වලින්…..
ඉංග්ලිශ් බැරිනම් අඩුම තරමින් ඉංග්ලිශ් වර්ඩ් කීපයක් හරි දාපන්…..
මේං මේ වගේ.

කෙළගහපන් ඔය වික්ටෝරියන්™ කල්චර් එකට…..
උඹේ ඩෝටර්ටනම් පොඩිකාලෙදි අපර් සයිඩ් එකට ඇඳුම් නොඅන්දපන්…..
ඉඩ දීපන් උඹේ යුරෝපියන් වයිෆ්ට ලංකාවෙ මහපාරක,
බිකිනි එක ඇඳගෙන යන්න ඕනැ කිව්වත්…..
වුමන්ස්ලාට ඊක්වල් රයිට්ස්™ දීපන් – ඒත් ලේඩීස් ෆස්ට් කියලත් කියපන්.

ගොඩකරපන් ගඳ ගහන කුඹුරු ටික…..
වවාපන් ඒවායෙත් ඇපල්.

මොකටද ඔය ග්‍රෑන්මා ලා ග්‍රෑන් ෆා ලා විතරක් කරන ශීල සමාදාන…..
වරෙන් මචන් ඩිස්කෝ ඩාන්සින් වලට…..
එලි වෙනකම් ෆන් එකකටත් එක්ක…..
සික් එකක්, ඩ්‍රින්ක් එකක් නැතිව මොන ලයිෆ් එකක්ද බං…..
කිසි සේත්ම න්‍යෂ්ඨකාමයෙන් නොපෙළෙන.

අමතක කරපන් මදර් සිස්ටර් රිලේෂන්ශිප්ස් වුනත්…..
ඒක තමයි අපේ පෝස්ට් මොඩර්නිසම්™.

මොන ෆැමිලි ඇන්ඩ් චිල්රන්ද බං, ඕව කෝපි කාලෙ වැඩ…..
සිංගල් පේරන්ට් ෆැමිලි තමයි යූකේ වල නැගල යන්නෙ…..
ෆයිව් එස් සිස්ටම් එකට, ඇන්ටික් දේවල් ඕනැම නෑ…..
මමී ඩැඩී වුනත්….. ඔය අඩල්ට් කෙයාර් තියෙන්නෙ.

රෙද්දෙ වර්ජිනිටි හොයන එවුන්ගේ කණට ගහපන්…..
යූකේ වල ස්කූල් ගර්ල්ස්ලාත් ඕනැ තරම් ප්‍රෙග්නන්ට් වෙනව…..
උන්ට පොඩි කාලෙම ගෙවල් වලින්ම එක්ස්පීරියන්ස් දෙනව…..
දැක්කනේ, බ්‍රිටිෂ් කල්චර් එක අපිට වඩා ඩිවලප්ඩ්…..
ගොඩේ සිංහල බෞද්ධයන්ට ඒව මැජික්.

කන්සිඩර් කරපන් උඹලා “මොඩ්™ වෙච්ච ගර්ල්ස් ඇන්ඩ් ගායිස්”…..
ටැටූ කොටන, බියර් ගහන, ටන්ග් පියර්සින්ග් කරන.

තියාගනිල්ලා උඹලාගේ ඩිප්ලොමැසි එක…..
යුරෝපියන් ස්ටේට්ස් එක්ක විතරක්…..
චයිනා රෂියා වලට කත් නොඅදින…..
නෝර්වේ, යූඑස්, බ්‍රිටේන් වගේ ඩිවලොප්ඩ් කන්ට්‍රීස් එක්ක විතරක්.

3639
Thanks!
An error occurred!

සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත

සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ හෝ අනන්‍යතාව අවශේෂ ජාතින් හමුවේ දැක්වීමේදී තම ඉතිහාසය, භාෂාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රම, ආහාරපාන විධි, සංගීතය මෙන්ම කළා නිර්මාණද හුවා දක්වති…

අද බහුජාතික බහු ආගමික රටවල්ව පවතින රටවල් එදා බොහෝවිට එක් ජාතියක් හෝ ගෝත්‍රයක් ඇසුරෙන් කාලානුරුපිව පෙර සදහන් තම අනන්‍යතාව පිළිබිබුවන ලක්ෂණ ඇති කර ගත්හ… නුතනත්වය හමුවේ ලෝකය කොතරම් කුඩා වුවත් ඔවුහූ එම අනන්‍යතාව රැක ගන්නට සමත් වුහ… අද ශ්‍රී ලංකාවද බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඉදිරියට යත්දී ඒ ජාතින් අතර ඇතිවියයුතු සාමුහික බැඳීම, ඔවුනොවුන් අතර සිදුවිය යුතු අන්තර් සන්නිවේදනය, සාමය, සුහදශිලිත්වය රටක් වශයෙන් ලෝකය හමුවේ නැගී සිටීමට වඩාත් වැදගත් වනු ඇත… එහිදී මුලිකව සදහන්කල රටක අනන්‍යතාව හෙවත් එරට සංකේතාත්මකව හුවා දැක්විමේදී ඉවහල්වන කරුණු කාරණාවල පැවැත්ම සහ ඒවාට ඇති අභියෝග කෙරෙහි එරටේ සියලු ජාතින් සහ ආගම්වලට වගකීමක් සහ බැඳීමක් ඇත…

නුතනත්වය නම් ගෝලීය අවශ්‍යතාවය වෙනුවෙන්ම දෑත් දිගුකරමින් ඒ වෙත ඇදීයන සිංහල බෞද්ධයන් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් තම රට වෙත ඇති අනන්‍යතාව පසෙකලා හෝ හඳුනා නොගනිමින් නව මං සොයන්නේ තම ඉතිහාසය, සංස්කෘතිය වැනි වැනි දේ මෙන්ම පාරම්පරික කළා නිර්මාණ, සංගීතය, ශිල්පිය ක්‍රම, පුරා විද්‍යාත්මක උරුමයන්, අබ මල් රේණුවක් තරම්වත් නොවටින ගානටය…මෙහිදී සිංහල බෞද්ධයාට ඇති වගකීම ඉමහත්ය… මන්ද අනෙකුත් ජාතින් ලංකික අනන්‍යතාව තවමත් තමන්ගේ කරගන්නට පුරුදු වී නැති බව සියුම්ව අධ්‍යනය කිරීමේදී වැටහී යන නිසාය… ඔවුන් ඔවුන්ගේ ජාතීයේ අක්මුල් රැඳී ඇති රටවල සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය, වැනි ලක්ෂණවල පහස ලබන්නට තවමත් ඇලුම් කරන බව වටහා ගන්නට ඉන්දියාව හෝ පකිස්ථානය සමග කරන ක්‍රීඩා තරගයක් නැරබිමම ප්‍රමාණවත්ය… වාසනාවට මෙන් ඔවුන්ගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තමාගේ රට යි සිතන්නට පතන්නට ඒ වෙනුවෙන් කැප වන්නට සිටිනවා යැයි නොකීම ඔවුන්ට කරන මදි කමකි…

සිතන්න ශත වර්ෂ තුන හතරක් වැනි කෙටි ඉතිහාසයක් ඇති බහු ජාතික රටක් වන ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව ඔවුන්ට ඔවුන්ගේ අභිමානවත් අනන්‍යතාව වී ඇත.. එවැනිම රටක් වූ ඕස්ට්‍රේලියානු ඔපෙරා රංග ශාලාව ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. ප්‍රංශයේ අයිෆල්, ඉතාලියේ පිසා කුළුණු ඔවුන්ගේ ලකුණ වී ඇත.. ඉන්දියාවේ ටජ්මහල චීනයේ මහා පවුර ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. එවැනි රටවල කුමන ජාතිකත්වයක් දරන්නෙකු වුවත් කුමන ආගමක් දරන්නෙකු වුවත් ඒවා තමාගේ අනන්‍යතාව ලෙස සුරකිනු ඇත…

අභාග්‍යක මහත.. වත්මන් ශ්‍රී ලංකාව දෙස බලන්න… වසර දහස් ගණන පැරණි පුරා වස්තු තම ජාතික ආගමික අවශ්‍යතාවය මත ඉතා පිළිකුල් සහගත ලෙස විනාශ කරමින් ඒවා විකෘති කරමින් තමන්ගේ කියන්නට වෙර දරන අයුරු ඉතාම කනගාටුදායකය. වසර දහස් ගණනක් පැරණි සෙල් ලිපියක් රෙදි අපුල්ලන්න්ට ගෙන, කටාරම් කෙටු පැරණි ගල් ලෙන් විකෘති කර ඒ මත සිමෙන්ති ගලෙන් පල්ලි ඉදි කරන්නට තරම් මේ ශ්‍රී ලාංකිකයන් නරුම වී ඇත.. ඒ ඔවුන්ට එවැනි ස්ථාන ඉදි කර ගැනීමට වෙන තැන් නොමැති නිසාද? මේ ඔබට සිතන්නට ඉතුරු වන ගැටලුවයි… කුරගල සහ පොතුවිල් මුහුදු මහා විහාරය මිට කාලින සහ සමීප නිදසුන්ය..

මේ ආරම්භය පමණි මේවා සිදුවන්නට ඉඩදීම නරක පුර්වාදර්ශයක් වනු ඇත.. මන්ද ලබ්බට තැබූ අත පුහුලට නොතබනු ඇති බව කාට කියන්නට පුළුවන්ද ? මේ ක්‍රියාවන් සාධාරණිකරණය කරන්නට තුලනය කරන්නට ඉදිරිපත්වන සමාජ ප්‍රතිසංස්කරණවාදීන් කවුරුන්ද යන්න හරිහැටි වටහා ගත යුතුය .. මෙහිදී සිංහල බෞද්ධයාගේ භූමිකාව වැදගත්ය… “sms”, “facebook”, “hiphop music”, නවීන රථවාහන, “software” වැනි නුතනත්වයේ අංගෝපාංග තුළ ඔබා ගෙන සිටින හිස මදක් ඔසවා වටපිට බලන්නට කාලය පැමිණ ඇත.. ජාතික අනන්‍යතාව විනාශයේ ආරම්භය මෙයයි.. එය දැන්මම නවතා ගත යුතුය..මේවා ..නැතිනම් විනාශය හමාර වූ පසු නින්දෙන් මෙන් අහැරී භයානක ලේ වැගිරීම් සිදුවනවට වඩා සාමය සහයෝගිතාවය රැකෙන ලෙස සිංහල බෞද්ධ උරුමයන් මෙන්ම අන්‍ය ජාතික අන්‍ය ආගමික උරුමයන් රක ගත යුතුය.. නැතිනම් නුතනත්වය කරා යන ගමනේ කෙළවර අපට ලොව අනෙකුත් ජාතින් තම අනන්‍යතාව නම් සළුවෙන් සැරසි ඒ ගමන කෙළවර කරත්දී අපට නිරුවතින් සිටින්නට වනවා නොඅනුමානය… මේවා කතා කිරීම ඒ වෙනුවෙන් හඬ නැගීම ජාතිවාදය හෝ ආගම්වාදය ලෙස අර්ථකථනය කොට සමාජ ප්‍රතිසංස්කරණවාදී වේවැලෙන් තැලීම, ජාතික උරුමයන්ද ඒවා හා එක්ව බැඳුණු සංස්කෘතීයද ඒ සංස්කෘතීය තුල වූ ජන ජිවිතද ඒ ජන ජිවිත දරන්නාවූ සමස්ත රටද වල පල්ලට යැවීමට බර තබනවා සහතිකය…

මාලින්ද ඩයස් / ඉතාලියේ සිට
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3626
Thanks!
An error occurred!

මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය

මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?

එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා මංකොල්ල කෑවේය. ගෝත්‍රයේ සියලු ගැහැණු ඔහුගේ පෞද්ගලික දේපල විය. අහුලං කන දඩයම් කළ ඒ යුගය මැරවර යුගය ලෙස හදුන්වන්නට මෙම ලේඛකයා කැමතිය. පසු කාලීනව රජවරු බිහි වූවේ මෙම මැරවරයන්ගෙනි. එකල ප්‍රධානම නිෂ්පාදන උපක්‍රමය වුණේ දඩයම හා අහුලාගන කෑමයි. ඒට අමතරව දැනුම මතද සමාජයේ විශේෂත්වයන් තිබෙන්නට ඇත. එහෙත් මේ නිෂ්පාදන උපක්‍රම වෙනස් වනවිට සමාජයද වෙනස් විය. උදාහරණයක් ලෙස ගොවිතැන නිසා එක තැනක පැලපදියම් විය. වර්තමානයේද ගොවිතැන කෙරේ. එහෙත් මාක්ස්වාදීන් වර්තමානය හදුන්වන්නේ ධනවාදයේ තුන්වන කාර්තුව ලෙසයි. මාක්ස්වාදීන් කරන පරිදි ඉරකින් ගසා සමාජය හෝ කාලය බෙදිය නොහැක. වෙළදාමද ඈත අතීතයේද තිබිණි. එකල සිටි සිටුවරුන්ට වඩා වෙනස් බහුජාතික සමාගම් අද බිහිවී ඇත. මීට හේතුව නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමයි. මීට සමාන්තරව මිනිසාගේ ස්වාභාවික ගෝත්‍ර සමාජය මහා සමාජයක් බවට පත්වීමේ දී අප නොදැනුවත්වම යෝධ ව්‍යුහයක ක්ෂුද්‍ර අංශූන් බවට පත් වී ඇත. මෙහිදී කුඩා ඒකකයන් පරාජය වී මහා ඒකකයන් ජයගෙන ඇත. වෙන විජ්ජාවක් එහි නැත. එහෙත් නිෂ්පාදනයේ සීමාවක් නැතත් මිලදී ගැනීමේ සීමාවක් ඇත. එනම් මිනිසුනට කළ හැකි කාර්ය ප්‍රමාණයේ සීමාවක් ඇත. මිලදී ගැනීමේ හැකියාව අසීමිත නැත. මේ තුළ බටහිර ධනවාදය අසාර්ථක වෙයි. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් ශ්‍රමය අනවශ්‍ය වන දිනක් උදා වනු ඇත. මාක්ස් පැවසුවේ ශ්‍රම බලකාය ධනවාදයේ අර්බුදය සමග පුළුල් වන බවයි. ඒත් සිදු වන්නේ ශ්‍රම බලකාය හැකිලීමයි. නිෂ්පාදන ක්‍රම වේදයන් වෙනස් වීම ඒට හේතුවයි.

මාක්ස්වාදීන්ගේ සාර්ථකත්වය නම් “වචන උඩප්පරං ගැසීමත්” “ප්‍රචණ්ඩත්වයත්ය”. මෙසේ උඩප්පරං ගසන්නේද එකම වචන මාලාවකි. හාස්‍ය රසය උදෙසා කතාවක් කියන්නම්. මාක්ස්වාදී ප්‍රචණ්ඩ විප්ලවයට සම්බන්ධව සිටි මගේ මිතුරෙකුගෙන් සන්නද්ධ විප්ලවය සාධාරණදැයි ඇසීමි. ඔහු දුන් පිළිතුර මෙසේය. “කවුද සන්නද්ධ අරගල කළේ?.” සිනහ උපදවන කරුණ නම් මේ ප්‍රශ්නය මාක්ස්වාදීන් සිය දෙනෙකුගෙන් ඇසුවොත් ඒ සිය දෙනාම දෙන්නේ මේ උත්තරයයි. මොවුහු ගිරා පෝතක මුග්ධයන් පිරිසකි.

“ඒ කාලෙ ලෝකෙ හැමතැනම ධනපති ආණ්ඩු විප්ලවවාදී පක්ෂ තහනම් කළා ඉන්දුනීසියාවෙ මර්දනය කළා මැලේසියාවෙ කළා ලංකාවෙ මර්දනය කරන්න එනකොට තමයි නිර්ධන පංතිය ප්‍රති ප්‍රහාරයට සූදානම් වුණේ ආතර් රත්නවේල් කීව හඹාගොස් මර්දනය කරන්න කියලා.”

මාක්ස්වාදී පක්ෂ ප්‍රචණ්ඩ මන්දැයි ඇසූවිට ධනපති පංතියට හමුදා පොලීසි අධිකරණ තියනවා ඉතින් නිර්ධන පංතියට ආයුධ තිබුණම මොකද වරද? ගල් යුගයෙ ඉදන් බය කරගන හිටි නිසා අද මර්දනය නොකළාට මිනිස්සු ධනපති පංතියට බයයි. නමුත් නිර්ධන පංතියට සිද්ධ වෙනව මිනිස්සු විශේෂයෙන් බය කරන්න. ඒක පංති අරගලයෙ ස්වභාවය. මාක්ස්වාදීන්ට අවශ්‍ය කතාකිරීමේ නිදහස නැති මැතිවරණ නොපවත්වන රහස් පොලිස් ආණ්ඩුවක් සෑදීමය. තනි පක්ෂ ආණ්ඩු ඇති කොමියුනිස්ට් රටවල ප්‍රදර්ශනයට වෙනත් පක්ෂ තිබුණත් ඒවායේ නිලධාරීන් පත් කරන්නේත් පාලක පක්ෂයයි. ඇත්තේ රාජ්‍ය මාධ්‍ය පමණි. අධිකරණයේ සියලු පත්වීම් පාලක පක්ෂයම කරයි.

මෙබදු සමාජයක ජීවත් වීමට කැමති කවුද? පිටත ලෝකය ගැන කිසිවක් නොදැන නායක සහෝදරයාගේ ප්‍රඥාව මත සියල්ල තීරණය වන්නේ යයි සිතන තිරිසනුන් පිරිසක් වීමට දැනුවත්වනම් කිසිවෙක් කැමති නැත. කුකුල් කූඩුවකට ඌරු ගාලකට කෑම දමන පරිද්දෙන් ජනතාවට කෑම සහ ඇදුම් ලබා දෙමින් දැනුවත් කරමින් ජනතාව ප්‍රේක්ෂක පිරිසකගේ මට්ටමට දැමීම කොමියුනිස්ට් සමාජයේ ක්‍රමයයි. මත ගැටුමක් ඇති වුණොත් ප්‍රතිකාර හෝ දැනුම සදහා යැයි කියමින් දේශපාලන කදවුරු වලට ගාල් කරති. නැත්නම් අධිකරණ විහිළුවකින් පසු මරා දමති.

කොමියුනිස්ට් ක්‍රමය මිනිස් සමාජයකට කළ හැකි මහම විපතයි. එය රාජාණ්ඩුවකට නම් හොද විකල්පයක් විය හැක. සර්වඥ, සර්වබලධාරී දේශපාලන මණ්ඩලය තෝරා ගන්නේ සාමාජිකත්වයෙන් යැයි කීවත් එය උන් උන්ම පත් කර ගන්නා එකකි. තනි පක්ෂ ආණ්ඩුව පිහිටවූ පසු ජනතාවට කරන්නට දෙයක් ඇත්තේම නැත. ප්‍රජාතන්ත්‍රවාදය තිබියදී ඉතා දරුණු ලෙස හැසිරෙන මොවුන්ට ත්‍රිවිධ හමුදා, පොලීසි, අධිකරණ, මාධ්‍ය සහිතව රට පාලනය කරද්දී මාක්ස්වාදීන් ප්‍රතිවිප්ලවවාදී චෝදනාව දමා කොතරම් අපරාධ කරාවිද ?

ඒකාධිපතිත්වය, මාක්ස්වාදයේ නෛසර්ගික දෙයක් බවත්, විකෘතියක් නොවන බවත් අලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් පැහැදිලිව පෙන්වා දී ඇත. නැගෙනහිර යුරෝපයේවත්, සෝවියට් දේශයේවත් චීනයේ හෝ කියුබාවේ හෝ මේ නිදහස නැත. “අරාබි වසන්තය” නිසා කලබල ඇති රටවලින් තම ජනයා ගෙන්වා ගැනීමට ලෝකයේ සියලු රජයයන් උත්සුක වෙද්දී උතුරු කොරියාව කීවේ එන්ඩ නම් එපා කියාය. ආවොත් උතුරු කොරියානුවන් බඩගින්නේ මැරෙද්දී කිම් ජොන්ග් ලා විදින සැප උන් කරන මුදල් නාස්ති සියල්ලටමත් වඩා නිදහස විදේශගත වූ අය දන්න බැවින් කිම් පවුල සිය රට වැසියන් ආපසු එනවාට කැමති නැත.

විශ්ව විද්‍යාල ජේවීපී නවකවදයේ "ආරම්භක" අවස්ථාවක් චිත්‍රයට නගා ඇති අයුරු.

ලංකාවේ අප මාක්ස්වාදයේ කෲරත්වය අත්දැක ඇද්ද? විශ්ව විද්‍යාල තුළදී මාක්ස්වාදීන් වද දීම හරහා නවක සිසුන්ට තෙල බෙදති. භික්ෂූන්ට යුද පුහුණුව දෙති. පළමුවෙනි ශික්ෂා පදය පර පණ නොනසමි යන්නයි. හාමුදුරුවරුන්ට මිණීමරන්නට පුරුදු කරති. බෞද්ධයා හාමුදුරු කෙනෙකුට දක්වන්නේ අසීමිත ගෞරවයකි. ව්‍යාපාදය වපුරමින් මරහඩ දෙමින් බැරියර් පෙරළමින් පාරෙ බුදියන භික්ෂුව දැක ඔහු විපිළසර වෙයි. මාක්ස්වාදියා ත්‍රස්තවාදියෙකි. උතුරේ ත්‍රස්තවාදීන් කුඩා ළමුන් බලෙන් බදවා ගැනීම ගැන කවුරුත් චෝදනා කළහ. සටන්කරුවන් පාසල් වලට රිංගීම උපාය මාර්ගයකැයි පැවසූ මාක්ස්වාදියකුට එහි ම්ලේච්ඡ බව මා කී විට, ඔහු කීවේ කුඩා ළමුන්ට ආර්ථික ප්‍රශ්න නැද්ද? කුඩා ළමුන්ට බඩු මිල බල පාන්නේ නැද්ද කියායි. ඒ කියන්නේකොටි කළ වැඩෙත් හරි, ඊළම අවශ්‍ය ඊළඟ පරම්පරාවට තමා කියා මරාගන මැරෙන ළමා හමුදා කොටි සැදූහ.

තිරිසන් යාන්ත්‍රික සමාජයක් සෑදීමට මාක්ස්වාදීන් දරන තැත පරාජය කළ යුතුය. සංස්කෘතික ආක්‍රමණයක් ලෙස ඔවුන් දකින්නේ ධනවාදී මර ළතෝනියලු. අප දකින්නේ එය නොවේ., එකම තැනක සිට මෙහෙයවන “ධනවාදය”  ”මාක්ස්වාදය” හා “ස්ත්‍රීවාදය” යන බටහිර අශුද්ධ ත්‍රිත්වය ගැනය. මාක්ස්වාදීන්ට ප්‍රචාරය දෙන්නේ ධනපති මාධ්‍ය විසිනි. කුමන්ත්‍රණ කරන්නට තරම් අපි තර්ජනයක් නොවේයයි සමහරු කියති., ඒකාධිපති චෝදනාවට මාක්ස්වාදීන් කියන්නේ ඒවා විකෘතීන් බවය. බටහිර කුමන්ත්‍රණය සමස්ත ආසියාවටම එරෙහිවය. සියලු මාධ්‍ය එකම “තීම් එකකට” යනව කියලවත් හිතෙන්නේ නැද්ද? මේක අහම්බයක් විදියට වෙන්න පුළුවන්ද?

මංජුල

3564
Thanks!
An error occurred!

“ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස්…අන්න ඒ වෙනසට ගරු කරන්න”

අනාගත ළමා පරපුර හුරු වන්නේ අතීතය දෙස බලාය. අපි ඔවුන්ට කුමක් දායාද කරමු ද ?

පසුගිය දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබුණු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම පණිවිඩයම ය. අනෙක් වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව කෙරෙන ප්‍රචාරණ ප්‍රයත්නයක් වන අතර වැදගත් කාරණය නම් මෙම දැන්වීම් දෙකෙහිම එකම නිර්ණායකයක් පරස්පර විරෝධී පැතිකඩ දෙකක් ඔස්සේ සිය ප්‍රචාරණ සංකල්පය ලෙස යොදාගැනීමයි. එතුළ ගැබ්වී ඇත්තේ ලාංකිකයාගේ ආචාරධර්ම පිළිබඳ කතාවකි.

පෙර සඳහන් කළ පරිදි, පළමු දැන්වීමේ පණිවිඩය ගෙන එන තිර කතාව මෙසේය …..

‘මිත්තණියක සහ මුණුබුරකු අතර වන සංවාදයකි. වර්තමානය තුළ අනාගත ශ්‍රී ලාංකික පරම්පරාව නියොජනයක් වන මුණුපුරා වැදගත් ගැටලුවකට පිළිතුරු සොයයි. එ නම් කුඹුරේ අස්වනු නෙළන සිය වැඩිහිටියන් එහිදී අස්වැන්නෙන් කොටසක් ඉතිරි කර තබන්නේ ඇයි ද? යන ගැටලුවයි. එයට අත්තම්මා දෙන පිළිතුර සරලය. නමුත් අර්ථය ගැඹුරුය. පිළිතුර නම්, ඉතිරි කොටස සතා සීපාවන්ට යන්නය.‘

මෙම තිර කතාව හුදු වෙළෙඳ දැන්වීමක් පමණක් අරඹයා ගොඩ නගා ගත් මනංකල්පිතයක් නොවේ. සැබවින්ම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ගැබ්වී ඇති ආදර්ශමත් ගුණාංගයකි. මිත්තනිය විසින් සිය පාරම්පරික ලාංකීය ජන විඥානයේ වූ මෙම අවිහංසා වාදී ගුණය මතු පරපුරට දායාද කරන විස්තරයකි.

විශේෂයෙන් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ලාංකීය කෘෂිකාර්මික ජන සමාජය තුළ සතා සීපාවාට පවා මෛත්‍රිය කිරීමේ අවිහිංසාවාදී ගුණය ප්‍රකට වන අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද සඳහන් කල හැකිය. අස්වැන්න නෙලීමේදී පමණක් නොව, කුඹුරේම වෙනම ලියද්දක පීදෙන අස්වැන්න කුරුල්ලන් වෙනුවෙන් වෙන් කිරීමට පවා කටයුතු කළ ජන සමාජයක් අප සතුව ඇත. පලතුරු ගස් වල පවා සතුන්ටම වෙන් වූ කොටසක් ඇති කරන ලද්දේද අපගේ උසස් ජන සමාජය විසිනි. එ නයින්, අදාළ වෙළෙඳ දැන්වීමේ අන්තර්ගත පණිවිඩය, ලංකාවෙ මිනිස්සු ලෝකයේ අනිත් අයට වඩා වෙනස් බව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දෙන්නා වූද, එම වෙනස නම් උසස් වූ මානව දායාව සහ සත්ත්ව කරුණාව බව උද්දීපනය කරන්නා වූද අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද අපට හඳුන්වා දිය හැකිය.

ලෝකයේ අන් රටවල, විශේෂයෙන් බටහිර රටවල ගොවියෝ අනිවාර්ය දඩයක්කරුවෝ ද වූහ. ඔවූහු සිය කුඹුරට එන සතා සීපාවා පමණක් නොව, අහසේ නිදහසේ පියාඹා යන පක්ෂීන් ද, කැලැ වැදී එහි වන සතුන් ද දඩයම් කළෝ ය. නමුත් පාරම්පරික ශ්‍රී ලාංකික ගොවියෝ එසේ නො වූහ. ගොවියා ගොවියෙක් විය. තම දරුවන්ට මෙන්ම සතා සිපාවට ද මෛත්‍රිය කළෝ ය. අවිහිංසාවාදී සංකල්පයන් ශ්‍රී ලාංකික ජන විඥානයේ පදනම් වූයේ එලෙසය.

මෙහි අවධානයට ගැනෙන දෙවන වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව ය. එය අස්වනු නෙලීමට යොදා ගන්නකි. එබැවින් එකී දැන්වීම නිර්මාණය වනුයේ එම ක්‍රියාකාරකම මත පදනම් කල්පිතයක් මතය. කෙසේද යත්, අයකු ගිරා පෝතකයකු සේ පෙනී සිටමින් කතා කරයි. ඔහු කියන්නේ අවනඩුවකි. යාය පුරා ඉගිලී ගිය ද, එකඳු හෝ වී ඇටයක් වත් සොයාගත නොහැකි වූ බව ද, ඇටයක් නෑර නෙළාගෙන ගොස් ඇති බව ද කණගාටුවෙන් පවසයි. අවසානයේ එසේ එක ඇටයක් වත් නොතබා අස්වනු නෙලීමට අදාළ යන්ත්‍රය ලබා ගන්න යන පණිවිඩය කියවේ.

සමස්ත දැන්වීමම නිර්මාණාත්මක ෆැන්ටසියකි. ඉන් ලබා දෙන පණිවිඩය නම් පෙර කී අවිහිංසාවාදී ආකල්පයන්හි දෙදරා යාමකි. සැබවින්ම මෙහි එන ගිරා පෝතකයාගේ වැලපීම, ශ්‍රී ලාංකික සභ්‍යත්වයේ බිඳ වැටීම අරඹයා නැගෙන්නා වූ සුසුමන් තුළින් නැග එන්නක් බව සිතිය නොහැකි ද? අප විසින් අනාගතයට දායාද කළ යුත්තේ උසස් මානුෂීය ගුණාංගයන් ද, නැතිනම් ෆැන්ටසි වාදී හර සුන් සංකල්පයන ද?

ෆැන්ටසිය එන්නේ බටහිරිනි. එලෙස බටහිර ලේබලයෙන් එන සියලු ආටෝපයන් අල්ලා ගැනීම තුළ අපට අන්‍යෝන්‍ය නොවූ සංස්කෘතීන් ඔස්සේ ශ්‍රී ලාංකික ජන හරයන් විනාශ කරන ආකාරය අපේ බහුතරයනක් දෙනා නොදකී. වෙළෙඳ පොළ ආර්ථිකයට යටව පවතින ලාංකික ජන සමාජය මූලිකව හසුරුවන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් සළුතරයක් විසිනි. අවාසනාව නම් මේ සුළුතරය ම ලාංකික සභ්‍යත්වය අමතක කළ කළු සුද්දන් වීමයි. එලෙසින් පිට රටින් එන ඕනෑම කුණු ගොඩක් රස කර පෙන්විය හැකි අයත් එසේ පෙන්වන දෑ බදා ගැනීමට හුරු කළ ජාතියකත්, පෙර අභිමානයෙන් සඳහන් කළ ආකාරයේ උසස් ගුණාංගයන් කොපමණ කාලයකට ජීවමාන වේවිද යන්න ගැටලුවකි.

මෙවැනි අදහස් කොළඹ සිටින කළු සුද්දන්ට නම් දිරවා ගත නොහැකි වනු ඇත. මේවා ඔවුන්ට නම් ගොඩේ අදහස් ය. නැතිනම් හණමිටි අදහස් ය. අපේ සභ්‍යත්වය ඔවුන් පිළිකෙව් කරන්නේ එ ලෙසිනි.

නමුත් උසස් මානුෂීය ගුණාංගයන් ගොඩේ ගති හෝ හණමිටි අදහස් හෝ වන්නේ කෙසේද ?

මෙම දෙවන දැන්වීමේ වුව ද එන තාක්ෂණය අප ප්‍රතික්ෂේප කරයි නම් එය වැරදි අදහසකි. නමුත් ගැටලුව එකී තාක්ෂණය සමාජ ගත කිරීමට මවා පානා ෆැන්ටසිය යි. අප ප්‍රතික්ෂේප කළ යුත්තේ එම ෆැන්ටසි සංස්කෘතිය යි. අදාළ යන්ත්‍රයම භාවිතා කරමින් අපගේ උසස් හුරු පුරුදු සුරැකිය හැකිය. එවැනි පණිවිඩයක් රැගත් දැන්වීමක් ප්‍රචාරය වුණි නම් කෙතරම් අගනේ ද ?

නමුත් අප සිදු කරන්නේ, අපේ සාරධර්ම අමතක කොට, බටහිර්න් එන විවිධ තාක්ෂණයන් සමඟ ම ඒ ඔස්සේ සමාජයට රිංගන විෂබීජයන් ද වැළඳ ගැනීම නොවේ ද ?

තාක්ෂණය ගමු, අපේ කම සුරකිමු ! දැන් මෙම අදහස හණමිටි අදහසක් යැයි කිව නො හැකිය.

ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස් වන ආකාරයේ උසස් මානුෂීය සාරධර්මයන් ගෙන් පොහොසත් බවත්, එම ගුණාංගයන් හඳුනාගෙන මතු අනාගතයේදී ද රැකගත යුතු බවත්, අප විසින් වර්තමාන සමාජයට දිය යුතු පණිවිඩය යි. එවා සුරැකීම සැමගේ වගකීම යි. අනාගතයට සැබෑ ගෞරවණීය ශ්‍රී ලංකාවක් දායාද වන්නේ එවිට ය.

සම්පාදනය – සචිත අමන්දු අබේසේකර
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3534
Thanks!
An error occurred!

බටහිර විද්‍යාවේ ඇති විශ්වාස

තර්කානුකූල බව ඇත්තේ විද්‍යාවේ පමණක් නොවේ. ඕනෑම දැනුමක යම් තර්කන ක්‍රමයක් (ද්විකෝටික, ත්‍රිකෝටික හෝ චතුස්කෝටික) ඇත. එය බටහිර විද්‍යාවට පමණක් ආවේණික වූවක් නොවේ. විද්‍යාවේද ‘විශ්වාස’ ඇත. ‘වාස්තවික යථාර්තයක් (objective reality) ඇත’ යන්න එහි මූලිකම විශ්වාසයයි. එය සම්මජාතියේ ඔප්පු කළ නොහැක. මන්ද මනසින් තොරව යථාර්තයක් ඇති බව මනසින් තොරව පෙන්වා දිය නොහැකි නිසා. එබැවින් එය විශ්වාසයක්ම පමණකි. ප්‍රවාද, සංකල්ප ගොඩ නගන්නේ ඒ විශ්වාසය මත පදනම්වය. පර්යේෂණ පත්‍රිකාවල වාස්තවික (objective) යන වචනය කොතරම් භාවිතා වී ඇද්දැයි බලන්න.

එසේම ඕනෑම තියරියක තියෙනවා මූලික ‘උපකල්පන’ (assumptions) ටිකක්. මේවාත් බොහෝ විට ඔප්පු කළ නොහැකි විශ්වාස තමයි. මේ විශ්වාස යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති විශ්වාසයි. බටහිර ගණිතයේ ඇති ස්වසිද්ධි (axiom) ත් ඔප්පු කළ නොහැකියි. හරිය කියලා ගන්නවා. මුළු බටහිර ගණිතයම හිටවලා තියෙන්නේ මේ විශ්වාස මත තමයි. මක්කොරලවත් ඔප්පු කරන්ඩ බැරිනම් උපන්‍යාස (hypothesis) කියලා ඇත්ත කියලා ගන්නවා (null hypothesis කියලා එකක් එහෙම අහලා ඇති). ඒවා මත තමයි දැනුමක් ගොඩ නගන්නේ.

ජ්‍යොතිෂ්‍ය වැනි දැනුමක් ගත්තහම ඒකෙත් මූලික විශ්වාස ටිකක් තියෙනවා. තර්කන ක්‍රමයක් තියෙනවා. ඒ දෙක මත පදනම්ව තමයි දැනුමක් ගොඩ නගන්නේ. ඕනෑම දැනුමක තත්වය ඕකයි.

බුදු දහම යනු දැනුම් පද්ධතියක් තමයි. එහි වැඩි හරියක් ඇත්තේ බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා ප්‍රත්‍යක්ෂයෙන් ගත් දැනුම් (‍මෙවැනි දැනුම් සිංහල බෞද්ධ සංස්කෘතියේ අනිත් විෂය ක්ෂේත්‍රවලත් තියෙනවා). තර්කනයෙන් ගත්ත දැනුමුත් තියෙනවා. බොහෝ විට පසු කාලීනව ආපු දැනුම්.

බටහිර විද්‍යාවේ ප්‍රත්‍යක්ෂයට තැනක් නැත. එහි ඇත්තේ අනුමානය (තර්කය – ඒකත් ද්විකෝටිකය) පමණයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ (සහ තවත් පෙරදිග සංස්කෘති කිහිපයක) තර්කයට (ද්විකෝටික පමණක් නොවේ) අමතරව ප්‍රත්‍යක්ෂයත් පිළි ගන්නවා. බටහිර විද්‍යාව ප්‍රත්‍යක්ෂය පිළි නොගන්නේ එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පටහැනි නිසා මිස වෙනත් කිසිම හේතුවක් නිසා නොවේ. බටහිර විද්‍යාවට අද තිබෙන පිළිගැනීම ඇවිල්ලා තියෙන්නේ එක පැත්තකින් බටහිර ආර්ථිකයට, දේශපාලනයට, සංස්කෘතියට ඇති ආධිපත්‍යයත් බටහිර තාක්ෂණයේ ඇති මතුපිටින් පෙනෙන ඉන්ද්‍රිය පිනවීමට මිනිසුන් රුචි වීමත් නිසාය. ඒ හැරෙන්නට එහි ඇති වෙනත් විශේෂත්වයක් නැත.

දර්ශන කස්තුරිරත්න

3518
Thanks!
An error occurred!

නලින් සිල්වා මහතා මොර‍ටුව සරසවියේදී කළ දේශනය

මහැදුරු නලින් ද සිල්වා මහතා විසින් “සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්” යන මැයෙන් දේශනයක් මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ ආරාධනයෙන් 2011 අගෝස්තු මස 10 වන බදාදා විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණි.

බටහිර විද්‍යාව ඉගෙන ගන්නා අයටත්, මොරටුව සරසවියේ ඉන්නා බටහිර තාක්ෂණය ඉගෙන ගන්නා අයටත්, ඒවා පරතෙරටම ඉගෙන ගෙන, ආචාර්ය උපාධිත් ලබාගෙන, හැකි නම් නොබෙල් තෑග්ගත් දිනාගෙන, අනතුරුව ඒවායේ පදනම ප්‍රශ්ණ කරමින් ඒ ආධිපත්‍යයෙන් ගැළවෙන්නට මඟ පාදා ගන්නා ලෙස මහාචාර්ය නලින් ද සිල්වාණන් උපදෙස් දෙයි.

ඔබත් අසා බලන්න… [නලින් සිල්වා මහතා යනු විද්‍යා විරෝධියෙක් යැයි සිතාගෙන සිටින අය විශේෂයෙන්ම මෙය අසා බලා, සිංහල බෞද්ධ විරෝධීන් විසින් ඇති කර ඇති දුර්මතයෙන් මිදීම වටී.]

මූලාශ්‍ර: කාලය වෙබ් අඩවිය

3513
Thanks!
An error occurred!