කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

පරගැති කම නිසා සිංහල භාෂාව වනසා ගැනීම

සිංහල භාෂාවේ අනාගත ඉරණම සම්බන්ධයෙන් “සිංහල බෞද්ධයා” මූනුපොත් පි‍ටුවේ පළ කළ දිවයින පුවත්පත් ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන් ලලනි පතිරන සොයුරිය ඇතුළු අප හිතවත් සහෘදයන් දැක්වූ වටිනා අදහස් කිහිපයක් මෙලෙස පෙළගස්වමු.

ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් සමහර උදවිය තමන්ට අවශ්‍ය ඕනෑම කාරියකට කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විටෙක, කතා කිරීමට මුල් තැන දෙන්නේ ඉංග්‍රීසි බසිනි. බොහෝ විට එය විලාසිතාවකට මෙන් යොදා ගනී, එසේ ඉංග්‍රීසියෙන් කතා කරන්නා තමා ආ කාරිය කරගෙන වහා පිටවී යයි. සිංහල බසින් කතා කරන්නා තවමත් බකුවේ වාඩිවී මෙය කොයි වෙලාවේ කරදෙයිද කියා සිතමින් කාලය ගත කරයි. මුලින්ම රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල සිංහල බසින් වෙළඳ ගනුදෙනු කිරීමටත්, විදේශිකයන් සමග පමණක් ඉංග්‍රීසි බසින් කටයුතු කිරීම කළ යුතුයි යන වග දන්වා තිබිය යුතුය.

ලංකාවේ ඇතුළත මෙසේ වෙද්දී රටින් පිට කවර කතාද? සමහර විට ලංකාවෙන් පිටවෙලා මාසයක් දෙකක් යනකොට කොහොමත් සිංහල මතක නැහැ, හරිම අමාරුවෙන් තමා කතා කරන්නේ. මව්බිමට, මවට පියාට ආදරය කරන කෙනෙකුට විතරයි තම රට ජාතිය ගැන ආගම ගැන තම බස ගැන බැඳීමක් ආදරයක් කැක්කුමක් තිබෙන්නේ. අප අතරත් ඕන තරම් එහෙම අය සිටී, ඕන තරම් දැක මුණ ගැසී තිබේ. එක් එක් ක්‍රම මගින් විදෙස් රටවල ජීවත් වෙන සමහර උදවියට පන්සලකට ගියත් මතක් වෙන්නේ ඉංග්‍රීසි. මාස තුනකට කලින් ගම්බදව සිට පවුල පිටින්ම විදෙස් රටකට ඇවිත් පන්සලට එන සමහර අය මාස තුනකට පස්සේ ආවම කියන්නේ… කම් පුතා, සේ සාධු! (Come Putha… Say Sadhu!)

එහෙත් එවැනි වෙස් මුණු දාගෙන ඉන්න කවුරු වුනත්, බල්ලෙක් පස්සෙන් එලවගෙන අවොත් දුවන්නේ “බුදු අම්මෝ” කියාගෙනය.

අද අපේ සිංහල භාෂාවට තිබෙන ඇත්ත තත්වය ඕක තමයි, ලංකාවෙන් පිට ජීවත්වෙන කෙනෙක් හැටිය එවැනි අය මට බොහෝ විට මුණගැසී තිබේ. අප භාෂාව නොදන්නා වෙනත් ජාතිකයෙකු ඉංග්‍රීසි බසින් කතා කළත්, අපේම සිංහල අයෙකු මුණගැසීමෙන් සතුටක් ඇතිවෙනවා මවුබිමෙන් පිට සිටින කෙනෙකුට, එවන් අවස්ථාවකදී ඒ පුද්ගලයා සිංහල නොදත් අයෙකු මෙන් ඉංග්‍රීසි හෝ, වෙනත් ජාතියකට අයත් බසකින් කතා කිරීමෙන් ඇතිවන්නේ කලකිරීමෙකි. අපේ ජාතියේ තිබෙන දුර්වල කම ඕක තමා, හැබැයි එසේ අනුගමනය කරන්නේ බොහෝ විට සමාජයේ උසස් කියා සිතන, අන් යට වඩා මුදල් තිබෙන බව, පොහොසත් කම පෙන්වීමට කැමති අයයි. බටහිර රටවලින් යල් පැනපු, අයින් කර ඉවත දමන මෝස්‌තර විච්චුරණ දොහොත් මුදුන් තබා වැළඳ ගන්නේ කවුද?, සංකර සිරිත් විරිත් තිබෙන්නේ කාටද?, අපේ සිංහල ජාතියේ ඉන්න උසස් කියා සිතන “පොෂ්” පවුල් වල දුවා දරුවන් තමා… දුප්පත් ගම්බද හැදෙන අහිංසක පවුල් වලට ඒවා ගන්න තියා එදා වෙලා කන්නේ කොහොමද කියා ලත වෙන කාලයකුයි දැන් තිබෙන්නේ.

බරවා රෝගයෙන් පීඩා විඳින විදේශිකයෙක් කකුලේ තිබෙන අසාමාන්‍යකම වසා ගැනීමට උපක්‍රමශීලීව ටිකක් ලොකුවට කලිසමක් ඇඳගෙන ගියොත්, ඒකත් අනුකරණය කරමින් පහුවදාට සමහරුන් බරවා ඇති පුද්ගලයෙක් මෙන් කලිසම් ඇඳගෙන යයි. චීන, ඉන්දියානු, බංග්ලාදේශ, පකිස්ථානු, නේපාල, ජපාන, ඉතාලි, ජර්මන්, දකුණු ඉන්දියානු, මුස්ලිම් ඕනෑම අයෙක් ඔවුනොවුන්ගේ භාෂාවෙන් ඉතා ආඩම්බරයෙන් කතා කරන්න කැමතියි, ඔවුන් කතා කරන්නෙත් ඒ ඒ බසින්. අපි තමා අනුන් අනුකරණය කරන ජාතිය. උදාහරණයකට, දැන් ලංකාවේ සිංහල මඟුල් ගෙදරක අඳින්නේ ඉන්දියානුවන් විධියටය. අපේ රටේ ඉන්න දෙමළ වාර්ගිකයෙක්වත්, මුස්ලිම් වාර්ගිකයෙක්වත් අපේ ඔසරිය හෝ පිරිමි ජාතික ඇඳුම අඳිනවාද? ඔවුන්ට ආවේණික ඔවුන්ගේ ඇඳුම් වලින් සැරසෙනවා හැරෙන්න ඔවුන් අපිව අනුකරණය කරන්නේ නැහැ. හින්දු භක්තික කාන්තාවන් නාසය විදීමෙන් හා, නළලේ තිලක තැබීමෙන් ඔවුන් විවාහක අවිවාහක බව පෙන්වන සංකේතයන් හා ඔවුන්ගේ හින්දු භක්තිය පෙන්වන සලකුණු, නමුත් අපේ සිංහල කී දෙනෙක් නහය විදගෙන ඉන්නවාද, තව ටික කාලෙකින් කරත්ත වලට ගන්න හරක් ටිකක් තමා ඉතුරු වෙන්නේ.

ජාත්‍යන්තර භාෂාවක් අවශ්‍ය වන්නේ අපගේ භාෂාව නොදන්නා වෙනත් භාෂාවක් කතා කරන පුද්ගලයන් හා අදහස් හුවමාරු කර ගැනීමට මිස තවකෙකුට තමන්ගේ ලොකු කම විදහා දැක්වීමට ‍නොවේ. එය ඉංග්‍රීසි බස කතා කරන උගතුන් දනී, නමුත් ඉංග්‍රීසි කථා කරන උගතුන් යයි කියාගන්නා උදවියව අදහන පිරිස් නොදනී.

2603
Thanks!
An error occurred!