විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව

(2012 වෙසක් පෝදා සිට ඉදිරියට)

 

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්

2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත්

ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා

ක්‍රියාත්මක කිරීම පිණිස

සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින්

යෝජනා කරන වැඩ සටහන.


2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා මෙහෙයුම් කමිටුවක් පත්කොට ඒ තුළින් ලාංකික සමාජය ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පුබුදුවා අර්ථවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීම පිළිබඳව ඉමහත් ප්‍රසාද පූර්වක ආශීර්වාදය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත, පළමුව පිරිනමමු.

එකී වැඩ පිළිවෙළට සම්බන්ධ පහත දැක්වෙන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන්ට අදාළ යෝජනාවලිය මෙහෙයුම් කමිටුව මඟින් සකසා සම්මත කොට දස වසරක කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ශාසනාලයෙන් යුතුව ඉදිරිපත් කරමු.

  1. I. ශාසනාභිවෘද්ධිය
  2. II. සදාචාර වර්ධනය
  3. III. දහම් අධ්‍යාපනය
  4. IV. මාධ්‍ය දායකත්වය

 

1. ශාසනාභිවෘද්ධිය

යෝජනා අංක - 1

පහත දැක්වෙන ශාසනික පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව මඟින් සම්මත කර ක්‍රියාත්මක කිරීම.

2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා  වැදගත් වන ශාසනික අණපනත් කීපයක්ම සඳහන් වේ. මෙහෙයුම් කමිටුව විශේෂ අවධානයක් ඒ වෙනුවෙන් යොමුකරන ලද අතර මෙහෙයුම් කමිටුව විසින් පත්කරගත් අනුකමිටුව මාර්ගයෙන් වාර ගණනාවක් රැස්වී අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට අදාළ නිළධාරීන් මෙහෙයවා සමාලෝචනය කරවා ගන්නා ලද පනත් කෙටුම්පත් මෙසේ ය.

 

i.  බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධන කිරීමේ පනත් කෙටුම්පත

දීර්ඝ කාලයක් තිස්සේ පිළියෙළ කොට සාකච්ඡා කරමින් පැවතුනු මෙම සංශෝධන කෙටුම්පතේ විධිවිධාන සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක මාහිමපාණන් වහන්සේලාගේ ද, අමරපුර හා රාමඤ්ඤ නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ද ලිඛිත අනුමතිය මේ වන විට ලබා දී ඇත.

ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව ඇත.

 

  1. ii. බුද්ධශාසන පනත් කෙටුම්පත -

ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව අර්ථ  නිරූපණය කරමින් එම වගන්තිය බලගැන්වීම සඳහා වන කෙටුම්පතකි. මෙයට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමතිය පළකර ඇත.


  1. iii. බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත -

මුද්‍රිත ගුවන්විදුලි, විද්යුත් ආදි වශයෙන් භාවිත වන සියලු සංනිවේදන මාර්ගවලින් බුදුදහම විකෘති කොට දැක්වීම හා එමඟින් බුදුරජාණන්වහන්සේට, ධර්මයට හා සංඝයා වහන්සේට ආදි වශයෙන් ශාසනය අවමානයට භාජනය කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එම ක්‍රියාවන් වැළැක්වීම බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පතේ අදහසයි. මෙම කෙටුම්පතට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමතිය ලබාදී ඇත.


  1. iv. දසසිල්මාතාවන් හා එම ආරාම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත

සිල්මාතාවන්ට හා සිල්මාතා අරාමවලට නෛතික පිළිගැන්විමක් ඇතිකෙරෙන කෙටුම්පතකි. මෙයට ද ත්‍රෛනිකායික මහානායක මා හිමිපාණන් වහන්සේලා අනුමතිය පළකර ඇත.


  1. v. කථිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිකායත්‍රයද, ඒ යටතේ වන නිකායන් හා පාර්ශ්වයන් ද පිළිගෙන තිබෙන කතිකාවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කිරීමට විධිවිධාන සැලැස්වීමද එම කථිකාවත් හි විධිවිධාන අවශ්‍යවන අවස්ථාවන්හීදී අධිකරණය මඟින් බලගන්වා ගැනීමට විධිවිධාන සැලැස්වීම ද මෙමගින් අදහස් කෙරේ.

විනයානුකූල සංඝ සමාජයක පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් කථිකාවත් ලියා පදිංචි කරවා ගැනීම ඒ ඒ නිකායේ අභිමතය හා අභිලාශය පරිදි ඉටුකරගත හැකි බවට ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා එකඟතාව පළකර ඇත. ඒ ඒ නිකායන්ට සිය අභිමතය පරිදි තම කථිකාවත් ලියාපදිංචි කරවා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ.

 

  1. vi. අසම්මත ලෙස ආගම්වලට හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තෙවනවර කියැවීමේ අවස්ථාව දක්වාම ගොස් එතැනින් නතර වී ඇත. ශ්‍රී ලංකාව තුළ ඇති සහ රජය පිළිගත් සියළුම ආගමික සභාවන්ගේ නායකයන් තම තමන්ගේ ආගමිකයන් ආරක්ෂාකර ගැනීම පිණිස මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීම අත්‍යවශ්‍ය බවට දැන් එකඟතාව පළකර ඇත. එබැවින් මේ පනත් කෙටුම්පත නොපමාව සම්මත කර ගැනීමට සඳහා පියවර ගන්නා මෙන් මෙහෙයුම් කමිටුව ඉල්ලා සිටී.

ඉහත කී කෙටුම්පත් අතුරින් ඇතැම් ඒවා දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

 

ක්‍රියාත්මක කිරීම සහ අවසන් කළයුතු ඉලක්ක වර්ෂය

 

  1. I.      බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත -  2013  වෙසක් පුණු පෝ දිනට පෙර
  1. II.      බුද්ධ ශාසන පනත් කෙටුම්පත  -  එම
  1. III.      බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත් කෙටුම්පත  -  එම
  1. IV දස සිල්මාතාවන් හා සිල්මාතා ආරාම පිළිබඳ පනත් කෙටුම්පත - එම
  1. V.      කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනත් කෙටුම්පත  - එම
  1. VI අසම්මත ලෙසට ආගම්වලට  හරවා ගැනීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත. - එම

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය  :-

I.     බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක - 2

ත්‍රිපිටක ධර්මය ලියැවී ඇති පාලි භාෂාව ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත කිරීමට සහ එහි අභිවෘදධිය උදෙසා පියවර ගැනීම. 2015 වෙසක් පුණු පෝ දිනට පෙර

පාලි භාෂාවෙන් (මාගධි භාෂාවෙන්) ලියැවී ඇති සූත්‍ර විනය හා, අභිධර්ම යන ත්‍රිපිටක බුද්ධ ධර්මය හරියාකාරවත් අංග සම්පූර්ණවත් හැදෑරීමටත්, ශ්‍රාවකයන්ට හා දායකයන්ට පැහැදිලිව දේශනා කිරිමටත් පාලි භාෂාව පරතෙරට ඉගෙනගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීම සම්බුද්ධශාසනයේ ආරක්ෂාවටත්, චිරස්ථිතියටත්, පෝෂණයටත් ඉවහල්වන අත්‍යවශ්‍ය සාධකය වේ. මේ බැව් මැනවින් වටහාගත් මෙම මෙහෙයුම් කමිටුව ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පාලි භාෂා ප්‍රවිනයන් වශයෙන් චිර ප්‍රසිද්ධව වැඩ සිටින හා කටයුතු කරන සම්භාවනීය පැවිදි සහ ගිහි යන දෙපාර්ශ්වයේම වියතුන් විශේෂ අනුකමිටුවක් වශයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ද, අනුමැතිය ඇතිව පත්කර ගෙන, වාර කීපයක්ම රැස්කරවා ගෙන පාලි භාෂාව මේ රටතුළ තවදුරටත් සුරක්ෂිතව ජීව භාෂාවක් වශයෙන් පවත්වා ගැනීමේ අරමුණින් පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස යෝජනාවලියක් නිර්දේශ කරවා ගන්නා ලදි.

ඒ අනුව කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය හා බුද්ධශාවක භික්ෂු විශ්ව විද්‍යාලය මඟින් එම කටයුතු ඉටු කරවා ගැනීමට ඇති හැකියාව විමසා බැලීම අමාත්‍ය මණ්ඩලයේ තීරණය වී ඇත. පාලි භාෂාවේ අභිවර්ධනය පිණිස ගතයුතු සම්පූර්ණ ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් මෙහෙයුම් කමිටුව විසින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත නැවත යොමු කළ කරුණු හා නිරීක්ෂණ කෙරෙහි විශේෂයෙන් සැළකිලිමත් විය යුතු බව කමිටුවේ පිළිගැනීමය.

ක්‍රි.පූ 3 වැනි ශතවර්ෂයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් එය මේ රටේ ස්ථාපිතවිමත් නිසා බුදුදහමේ මුලස්ථානය වෙමින් ඉන්දියාව ඇතුළු අනිකුත් රටවලත් බුදුදහම පතුරුවාලීමෙහිලා ප්‍රධානම කාර්යභාරය උසුලමින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ලෝකය තුළම සැමදාම සිහිපත් කරවන තත්වයට පත් කරවීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පාලි භාෂාව මුල්කරගෙන බව කමිටුව සිහිපත් කරයි.

ශ්‍රි ලංකාවේ සම්බුද්ධශාසනයේ පැවැත්ම තහවුරු විමට නම් පාලි භාෂාව මැනවින් උගත් පැවිදි හා ගිහි පිරිසක් බිහිවීමේ වැදගත්කම, ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුසසුනේ ආරක්ෂාව චිරස්ථිතිය හා පෝෂණය ගැන වගකීම භාරව සිටින ශ්‍රී ලංකා රජය විසින් මැනවින් අවබෝධ කර ගෙන, පාලි භාෂාවේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය සියළු අනුශාංගික පියවරවල් රජයේ මැදිහත්වීමෙන් ගත යුතුව තිබෙන බව, මෙහෙයුම් කමිටුව දැඩිව විශ්වාස කරයි. සංස්කෘත භාෂාවේ අභිවර්ධනය උදෙසා ඉන්දියානු රජය ගෙන ඇති පියවර හා සමානව පාලි භාෂාවේ අභිවර්ධනය උදෙසා පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව රජයේ අවධානයට යොමු කර සිටී. ඒ අනුව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ පාලි භාෂා අධ්‍යයන අංශ සහිත  විශ්වවිද්‍යාල, ප්‍රාචීනභාෂෝපකාර සමිතිය ආදි වශයෙන් විවිධ රාජ්‍ය ආයතන වෙතින් පාලි භාෂාවේ උන්නතිය වෙනුවෙන් ඉටුවිය යුතු  වගකිම් ඉටුකරවා ගැනීමේ සහ එම සියළුම ආයතන මෙහයවීමේ අධිකාරි බලය සහිත ව්‍යවස්ථාපිත ආයතනයක් ඇති කොට ඊට පාලි භාෂාවේ ප්‍රවීණ වියතුන් පත්කරවා පාලි භාෂාවේ සුරක්ෂිතතාව හා එහි අභිවර්ධනය උදෙසා අවශ්‍ය විධිවිධාන සලසා දෙන ලෙසට 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව අතිගරු ජනාධිපති තුමාගේ අවධානයට විශේෂ කාරණයක් වශයෙන් යොමු කරවා සිටී.

මෙම කටයුතු පාසල් මට්ටමේ සිට ආරම්භ විය යුතු බවද කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.   බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II.  අධ්‍යාපන අමාත්‍යංශය

III. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

 

යෝජනා අංක - 3

භික්ෂූත්වයට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සැකසීම. 2015 වෙසක් පුණු

පෝ දිනට පෙර

 

ආරම්භයේදී පිරිවෙන් අධ්‍යාපනය පාලි, සිංහල, සංස්කෘත ආදී භාෂාවනුත් ත්‍රිපිටක ධර්මයත් පමණක් ඉගැන්වීමට සීමාවීම නිසා ඒ මඟින් බිහි වූ ධර්මධර හා විනයධර භික්ෂූන් වහන්සේලා සම්බුද්ධශාසනයට ආලෝකයක් වූ නමුදු පසු කාලීනව අධ්‍යයන පොදු සහතික පත්‍ර පාථමාලාවට අයත් විෂයයන් ද ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ද එම නව විෂයයන් ඉගෙනිමට පෙළඹීම නිසා සහ වර්තමානය වන විට එම විෂයයන් ඉගැන්වීම පිණිස පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම හේතුවෙන් වර්තමානය වන විට පිරිවෙන්වල පාලි භාෂාව ආදිය ඉගෙනීම මෙන්ම ඉගැන්වීම ද පිරිහී ගිය බවත්, ඒ නිසා ධර්මධර, විනයධර භික්ෂු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාව ද ඉටුකර ගත නොහැකි වන බවත්, මෙහෙයුම් කමිටුව විශේෂයෙන් සැළකිල්ලට ගන්නා ලදි.

යහපත් භික්ෂු ආකල්පවලින් යුත් ධර්මධර හා විනයධර භික්ෂු පරපුරක් බිහිකර ගනිමින් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිරස්ථිතිය තහවුරු කර ගැනීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදෙන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවද මෙහෙයුම් කමිටුව අදහස් කරයි.

ඒ අනුව භික්ෂූත්වයට ද ප්‍රමුඛතාවය හිමිවන පරිදි පිරිවෙන් අධ්‍යාපනය සකස් විය යුතු බවට කමිටුව යෝජනා කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතනය  :-

I.   අධ්‍යාපන අමාත්‍යාංශය

 

යෝජනා අංක - 4

සිල් මාතාවන්ගේ දැනුම හා කුසලතා ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැලසීම. 2013 වෙසක් පුණු

පෝ දිනට පෙර

දිවයින පුරා සිටින සිල්මාතාවන්ගේ දහම් දැනුම හා උපදේශන කුසලතා වැඩි දියුණු කර දෙමින් වඩා පුළුල් ශාසනික හා සාමාජික සේවාවක් ඉටුකර දිමට අවස්ථාව සැළසීමක් වශයෙන් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකට එක අධ්‍යාපන ආයතනයක් බැගින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවත්, ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.

තවද ප්‍රාචීන භාෂෝපකාර සමිතිය පවත්වන විභාගවලට සිල්මාතාවන්ට පෙනී සිටීමේ ඉඩප්‍රස්ථා හා පහසුකම් පුළුල් කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අනුශාංගික ක්‍රියාමාර්ග ගත යුතු බවත්,  කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.   බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II. අධ්‍යාපන අමාත්‍යංශය


යෝජනා අංක - 5

පුරා විද්‍යා භුමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම, සහ සංඥා නාමපුවරු සවිකිරීම හා එම ස්ථානයන්හි භිකෂුන් වහන්සේලාට විහාරස්ථාන පවත්වා ගෙනයමින් ආරක්ෂිතව වන්දනාමාන කිරීමට ඉඩකඩ සැලසීම සහ අනුශාංශික නීතිමය ප්‍රතිපාදන සැළසීම. වාර්ෂිකව අඛණ්ඩව

2600 සම්බුද්ධත්ව ජයන්ති විසිවැදෑරුම් වැඩ පිළිවෙළ යටතේ ශ්‍රි ලංකාව තුළ විවිධ ප්‍රදේශවල  පිහිටි පුරා විද්‍යා භූමි ආරක්ෂා කිරීම, පුරා විද්‍යාස්ථානයන්හි පිහිටා ඇති චෛත්‍යය, ස්ථූප , දාගැබ් ආදී පෞරාණික බෞද්ධ සංකේත සංරක්ෂණය කිරීම, එම පුරා විද්‍යා ස්ථාන හඳුන්වාදෙන සංඥා නාම පුවරු සවිකිරිම මෙන්ම එම පුරා විද්‍යා ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යන භික්ෂූන් වහන්සේලාට ඒ සඳහා ඉඩකඩ දෙමින් බෞද්ධ මහජනතාවට වන්දනා මාන කර ගැනීමට පහසුකම් සලසාදීමට සහ ඊට අනුශාංගික නෛතික විධිවිධාන යෙදීමට පියවර ගත යුතු බව මෙහෙයුම් කමිටුව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කොට එම විෂයයන් හා සම්බන්ධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත දන්වා ඇත. මෙම කාරණා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව විශේෂයෙන් ජාතික උරුම අමාත්‍යාංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, එවකට පැවති පූජා භූමි සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී විෂය පැවරි ඇති රාජ්‍ය ආයතන නියෝජිතයන්ද එම ස්ථානයන්හි විහාරස්ථාන පවත්වා ගෙන යමින් ඒවායේ ආරක්ෂාව සළසා දෙන භික්ෂුන් වහන්සේලා ද අවස්ථා ගණනාවකදීම කැඳවා සාකච්ඡා පවත්වා සුදුසු තීරණ ගෙන ඒ අනුව එම කාර්ය භාරයන් ඉටුකරවා දෙන මෙන් අදාල ආයතන වලට විශේෂයෙන් දැනුම් දෙන ලදි.

එහෙත් පුරා විද්‍යා භූමි සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවී තිබූ දීඝවාපිය, හෙනන්නේගල, කූරගල, මුහුදු මහා විහාරය, මගුල් මහා විහාරය, ගෝකණ්ණ විහාරය, ආදී ස්ථාන වල පවත්නා ගැටළු පිළිබඳව මෙතෙක් විසඳුම් ලැබී නැත.

දිවයිනේ පිහිටි පුරාවිද්‍යා ස්ථාන, ඒවා නරඹන සංචාරකයන් උදෙසා සංරක්ෂණය කිරිමටත්, ශ්‍රී ලාංකික ළමා පරපුරට සිය ප්‍රෞඩ ඉතිහාසය ගැන දැන ගැනීමටත්, එම ස්ථාන හඳුන්වා දීමේදී පුරාණයේදී භාවිතාවූ නම් ද දක්වමින් සංඥානාම පුවරු සවි කිරීමටත් පියවර ගැනිමට ජාතික උරුම අමාත්‍යාංශය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ද මෙහෙයුම් කමිටුව විසින් උපදෙස් දි ඇත. එම නාම පුවරු සාදවා දීමට ඉදිරිපත්වීම අගය කරන අතර ලාහුගල පිහිටි මඟුල් මහා විහාර පුරා විද්‍යා භූමිය තුළ ද යම් සංවර්ධන කටයුතු ඉටුකළ යුතුව ඇති බවද පෙන්වා දෙයි.

විශේෂයෙන් 2013 වර්ෂයේ දැයට කිරුල ප්‍රදර්ශනය හා සමගාමීව නැගෙනහිර පළාතේ ඉහත කී පුරා විද්‍යා ස්ථාන මහජනතාවගේ වැඳුම් පිඳුම් පිණිස සංරක්ෂණය කොට සංවර්ධනය කර ගැනිම අරභයා විධිමත් මෙහෙයවීමක් කළ යුතුව ඇති බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අවධාරණය කර සිටී.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද රජය විසින් සළසා දිය යුතු බවද කමිටුව යෝජනා කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන  :-

I.  ජාතික උරුමය අමාත්‍යංශය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

II. පරිසර අමාත්‍යංශය, වන ජීවි සංරක්ෂණ දෙර්පාර්තමේන්තුව, වන සංරක්ෂණ        දෙපාර්තමේන්තුව

III. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,

 

යෝජනා අංක – 6

සමස්ත ලාංකික සමාජය තුළ සාමය ගොඩනැගීම පිණිසත් සාරධර්ම ස්ථාපිත කිරීම සඳහාත් සුදුසු කුළදරුවන් සසුන්ගත කිරීමටත්, කැපකරුදායක ක්‍රමයක් තුළින් අධ්‍යාපන ආදී පහසුකම් සැලසීමටත් පියවර ගැනිම.

ත්‍රෛනිකායට අයත් සියළු නිකාය හා පාර්ශ්වයන් විසින්, විහාරස්ථාන කේන්ද්‍රකොටගෙන, ශාසනයට කැපවන සුදුසු කුලදරුවන් සසුන්ගත කිරීමෙන් සමස්ත ලාංකීය සමාජය තුළ ප්‍රධාන ජන කොට්ඨාශ අතර අන්‍යොනය සුහදතාවය, මිත්‍රත්වය හා සහජීවනය පිණිස මනා අත්තිවාරමක් වැටෙන බැවින් එය රටතුළ සාමය තහවුරු වීමටත්, සාරධර්ම ස්ථාපිත වීමටත්, හේතු සාධක වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී. එබැවින් සුදුසු කුල දරුවන් ඒ ඒ නිකායන් හා පාර්ශ්වයන් විසින් සසුන් ගත කිරීමේදී, රජය විසින් පහසුකම් සලසා දීමට පියවර ගතයුතු බවත්, සසුන් ගත කරනු ලබන නවක සාමණේර හිමිවරුන්ට අධ්‍යාපන කටයුතු ආදියේදී කැපකරු දායක ක්‍රමයක් තුළින් පහසුකම් සලසාදීම අත්‍යවශ්‍ය  වන බවත්, පෙන්වා දෙන කමිටුව, බුද්ධශාසන අරමුදලේ අනුග්‍රහයෙන් එබඳු වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය හැකි බවත්, ඒ සඳහා බොදු මහජනතාව දායක කරගැනීම සඳහා සුදුසු වැඩසටහනක් රජය විසින් සැකසීම සුදුසු බවත්, යෝජනා කර සිටී.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I.  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය,

II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

 

යෝජනා අංක – 7

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සදාචාර, හා සංස්කෘතික වැඩ සටහන් මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් හා නිවැරදි අවබෝධයක් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් ලෝකය වෙත ලබාදිම.

දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවාසීන් තුළ පවතින සදාචාරාත්මක අතින්ද සංස්කෘතිකමය අතින් ඉතා උසස් වැඩ සටහන් පිළිබඳව ලෝක වාසීන් දැනුම්වත් කිරීම මඟින්, ශ්‍රී ලංකාවේ විශේෂත්වය මුළු ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමටත්, ඒ මඟින් ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදිවූ ද, පුළුල්වූද අවබෝධයක් ලෝක වාසීන් තුළ ඇති කිරීමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාල සකසා ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ආදී පහසුකම් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් සළසා දිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය,  ශ්‍රී ලංකාවාසීන්ගේ සිරිත් විරිත්, ආචාරධර්ම කලාශිල්ප හා ගෘහ නිර්මාණ ආදී විශේෂිත අංශයන් පිළිබඳව ලෝකය දැනුම්වත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳව නිවැරදි  චිත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ මඟින් අවස්ථාව සැලසෙන බව ද කමිටුව වැඩිදුරටත්, පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළයුතු ආයතන

I. විදේශ කටයුතු අමාත්‍යාංශය

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය.

 

යෝජනා අංක - 8

1998 ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේ යෝජනා පරිදි බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සඳහා මහානායක චාරිකාරාම පරිශ්‍රයෙහි විශේෂයෙන් ඉදිකළ ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීම. 2013 වෙසක් පුණු  පෝ දිනට පෙර

1998 දී ශ්‍රී ලංකා රජයේ මෙහෙයවීමෙන් ලෝකයේ විවිධ රටවල බෞද්ධ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණයේදී සම්මත කර ගත් යෝජනා අතුරින් ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන අතර සම්බන්ධතා තහවුරු කර ගනිමින් බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව මුල්කරගෙන ආරම්භ කොට පවත්වා ගෙන යා යුතුය යන්න වැදගත් නිර්දේශයක් වන බව කමිටුව සිහිපත් කරයි.

මෙම නිර්දේශය පිළිගත් ශ්‍රී ලංකා රජය එම ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කොළඹ 7, විජේරාම මාවතේ අංක 115 දරණ ස්ථානයෙහි විශේෂ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදන ලදි. 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ එම ගොඩනැගිල්ලෙහිය.

මෙහෙයුම් කමිටුවේ කටයුතු 2012 වෙසක් පෝ දිනයෙන් අවසන්වන බැවින් ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය කල් නොයවා එම ගොඩනැගිල්ලේ ආරම්භ කළ හැකිය. එම තොරතුරු මධ්‍යස්ථානය සඳහා විදේශීය බෞද්ධ රාජ්‍යයන්ගේ හා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානවල අනුග්‍රහය ලබාගත හැකිය.

ක්‍රියාත්මක කළයුතු ආයතනය :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

2. සදාචාර වර්ධනය

යෝජනා අංක - 9

පාසල් හා දහම්පාසල් සිසු දරුවන් අතර සංවරය, සංයමය හා විනීත ගති පැතුම් වර්ධනය කර පෞරුෂ වර්ධනය කිරීම. වාර්ෂිකව අඛණ්ඩවම

පාසල් හා දහම්පාසල් තුළින් ඉහත අරමුණු ඉටුකර ගැනීමට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු බව මෙහෙයුම් කමිටුව විශේෂයෙන් අධ්‍යාපන අංශයන්හි නිළධාරින් සමඟ පවත්වන ලද රැස්විම් වාර ගණනකදී දැනුම් දෙන ලදි.

ආරම්භයක්  වශයෙන් ප්‍රාථමික පන්තිවල අධ්‍යාපනය ලබන සිසු දරුවන් අතර සංවරබව, සංයමය හා විනීත බව වර්ධනය කොට ඔවුන් පෞරුෂයෙන් යුත් පිරිසක් බවට පත්කර ගැනීමට තුඩු දෙන ක්‍රියාකාරකම් අඩංගු වැඩ පිළිවෙළක් සම්පාදනය කිරීම වැදගත් බව මෙහෙයුම් කමිටුව අදහස් කරයි. ප්‍රාථමික පන්ති ඉලක්ක කර විනීත හා ගුණගරුක සිසු පිරිසක් ඇති කර ගැනීමට නිපුණතා වර්ධනය කරදීම සාමකාමී සහජීවනයෙන් යුත් යහපත් ශ්‍රී ලංකාවක් බිහිකර  ගැනීමට අඩිතාලම වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.

එමඟින් සමානාත්මතාවය, ඉවසීම, උදව් කිරීම, යුතුකම් ඉටුකිරීම, කළ යුතු දේ කිරීම, හොඳ හා ප්‍රියවචන කතා කිරීම, පිළිවෙළට කටයුතු කිරීම, දෙමාපිය ගුරු වැඩිහිටියන්ට ගරු කිරීම, නිශ්ශබ්දතාව රැකීම, වැරදි  දේ නොසළකා හරිදේ අගය කිරීම, දොස් නො අසා කටයුතු කිරීම, හොඳ මිතුරන් ඇසුරු කිරීම වැරදි පිළිගැනීම, දිනුම මෙන්ම පරාජය ද ඉවසීම, බෞද්ධ වත් පිළිවෙත් වලට හුරුවීම, පොදු කටයුතුවලට උදව්වීම, ආත්මාර්ථකාමී නොවීම, ආදී ගුණාංග වර්ධනය කෙරෙන වැඩ සටහන් තුළින් සිසු දරුවන්ගේ නිපුනතා නංවාලිය හැකිය.

පාසලේදීත්,  දහම්පාසලේදීත්, පන්සලේදීත්, ගෙදරදීත්  අනුගමනය කළ යුතු වත් පිළිවෙත් පිළිබඳව බොදු දරුවන් හුරුකරවිය යුතුය. 2012 සිට ඉදිරියට ද පාසල් පද්ධතිය තුළ හා දහම් පාසල් තුළ විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල සිසුන් යහපත් පුරවැසියන් වශයෙන් සකස් කර ගැනීමේ මූලික අරමුණින් ඒවාට ගැළපෙන සදාචාරවත් සංවර්ධන වැඩ පිලිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගටම ක්‍රියාත්මක කළ යුතුය. දහම්පාසල් වලද විශේෂයෙන් 05 වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන් මුල්කරගත් ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රධානව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.

පාසල් පෙළපොත්වලත් දහම්පාසල් පොත් වලත් අඩංගු කොට මුද්‍රණය කර බෙදා හැරිය යුතු බවට දන්වමින් 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව විසින් ධර්ම පාඨ රාශියක් ද, රුවන්වැකි හා ආප්තෝපදේශ ද සකස් කොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙතත් භාර දි කාලයක් ගත වී ඇත. එම ධර්ම පාඨ, රුවන් වැකි හා ආප්තෝපදේශ පාසල් පොත්වලත්, දහම්පාසල් පොත්වලත් මුද්‍රණය කර බෙදාහැරීම මඟින් යහපත් සිසු පිරිසක් බිහිකර ගැනීමට මහෝපකාරී වන බව මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. අධ්‍යාපන අමාත්‍යාංශය,

II. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,

III. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.

 

යෝජනා අංක - 10

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කිරීම සඳහා යෝජිත සංශෝධන නීතිගත කිරීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

දුම්කොළ හා මද්‍යසාර භාවිතයෙන් ජනතාව මුදා ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තීන්හි හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණුවලට අනුකූල වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව අවධාරණය කරයි. එයින් ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම සඳහා ආදායමට වඩා වැඩි මුදලක් රජය විසින් වැය කරනු ලැබේ. එමගින් සෑම පාර්ශවයකටම ඇතිවන හානි හා උවදුරුද , අපරාධ ආදියද, සළකන විට ඒ වෙනුවෙන් දැරීමට සිදුවන තත්ථ්‍ය වියදම ඊට වඩා විශාලය.

එබැවින්  ව්‍යවහාර වර්ෂ 2020 වනවිට දුම්කොළ හා මද්‍යසාර භාවිතය  ක්‍රමයෙන් අවම කිරීමේ රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහස්‍රක ඉලක්කවලට හා ප්‍රතිපත්තීන්ට අනුකූල වෙමින් සෞඛ්‍යය සම්පන්න ජනසමාජයක් බිහිකිරිම සඳහාත්, නීති විරෝධි මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටත්, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පනතට අවශ්‍ය සංශෝධන ඇති කිරීමට කමිටුව යෝජනා කරයි.

අවස්ථා ගණනකදීම ඒ පිළිබඳව අවධානය යොමු කරන ලද අතර 2012.03.27 වැනි දින ගරු සෞඛ්‍ය ඇමතිතුමා සමග මෙහෙයුම් කමිටුව පවත්වන ලද සාකච්ඡාවේදී ද මෙම පනතේ සංශෝධන ඉක්මන් කර ගැනීමට අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලාංකික සමාජය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහනක් වශයෙන් මෙම පනත හැකි ඉක්මනින් සංශෝධනය කරමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ශක්තිමත් කොට සක්‍රීයව පවත්වා ගෙන යා යුතු බවත්, මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි.

එකී පනත ක්‍රියාත්මක කරන බලධාරී ආයතනය වන එම අධිකාරියටම වෙන්වූ කාර්ය මණ්ඩලයක් සහිත සංවිධිත හා විධිමත් කාර්යාලයක් වත් මෙතෙක් නොමැතිවීම ගැන ද අවධානය යොමු කරන මෙහෙයුම් කමිටුව එම ආයතනය ශක්තිමත් කොට පවත්වා ගෙනයාමට ප්‍රමුඛතාව දී කටයුතු කළ යුතු බවද අවධාරණය කර සිටී.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-

I. සෞඛ්‍ය අමාත්‍යංශය

  1. මුදල් අමාත්‍යාංශය

III. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

 

යෝජනා අංක 11

සංවර්ධන ක්‍රියාවලියේදී සදාචාර වර්ධනය දේශීය සංස්කෘතිය හා අනන්‍යතාවය ආරක්ෂාවන පරිදි ප්‍රතිපත්තීන් සකස් කර ක්‍රියාත්මක කිරීම. වාර්ෂිකව අඛණ්ඩව

තිස් අවුරුදු ත්‍රස්ත්‍රවාදී යුද්ධය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතින බව පැහැදිලිය. එය තවදුරටත් පෝෂණය කොට රටේ සියළු මහජනතාවගේ ආර්ථික සුභ සිද්ධියට පියවර ගත යුතු බව අවධාරණය කරන මෙහෙයුම් කමිටුව දැනට වර්ෂ 2300 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා භූමිය තුල ස්ථාපිතව තිබෙන සංස්කෘතික හර පද්ධතියට හානි නොවන අයුරින්ද , ඊට පුමුඛතාව දෙමින්ද සංවර්ධන ක්‍රියාවලීන් සැළසුම් කළ යුතු බවත්, ථේරවාදී බෞද්ධ මූලස්ථානය වශයෙන් ලෝකය විසින් සළකන ශ්‍රී ලංකාවේ අභිමානය පලුදු නොකොට රට සංවර්ධනය කිරීමේ සැළසුම් සකස් කළ යුතු බවත්, යෝජනා කරයි.

එයින් ඉදිරි දරු පරපුරට අභිමානවත් දේශයක් දායාද කළ හැකි බව ද කමිටුව අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

II. මුදල් අමාත්‍යාංශය

III. අදාළ වන සෙසු අමාත්‍යාංශ

 

යෝජනා අංක 12

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දේශීය සංස්කෘතිය හා  අනන්‍යතාවයට පටහැනි නොවන පරිදි සංවර්ධනය කිරීම - වාර්ෂිකව අඛණ්ඩව

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයන් මේ රටේ සංස්කෘතිය හා ආචාර ධර්ම පිළිබඳ දැනුවත් වී නැති කමින් අනවබෝධයෙන් සිදු කරන කටයුතු නිසා සමාජය තුළ ඇතිවන නුරුස්නාකම් දුරලීම පිණිස ඔවුන් මෙරටට පැමිණෙන අවස්ථාවේ සිටම දේශීය සංස්කෘතිය මෙන්ම ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කොට හැසිරිය යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් ආදිය මෙන්ම ඔවුන්ට මේ රටේදී නැරඹිය හැකි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු පුරා විද්‍යා ස්ථාන හා ‍ෙවනත් වැදගත් ස්ථාන පිළිබඳ තොරතුරු හා ප්‍රවේශ මාර්ග සිතියම් සහිතව සැකසූ අත් පත්‍රිකා , පත්‍රිකා හා කුඩා පොත්ද විදේශ භාෂා කීපයකින්ම සකසා ගුවන් තොටුපල , හෝටල සහ තොරතුරු මධ්‍යස්ථාන වල මෙන්ම පුරා විද්‍යා ස්ථානවලත් සුලභ කළයුතු බව මෙහෙයුම් කමිටුව යෝජනා කරයි.

එවකට පැවති සංචාරක අමාත්‍යාංශයත්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත්, කැඳවා මෙහෙයුම් කමිටුව අවස්ථා කීපයකදී සාකච්ඡා කොට සංචාරකයන්ගේ හැසිරීම් සමබන්ධයෙන් අදාළ වන මාර්ගෝපදේශ මාලාවක්ද සකසා දෙන ලද අතර අදාළ පත්‍රිකා , අත් පත්‍රිකා හා කුඩා පොත් මුද්‍රණය කර අදාළ තැන් වලට ලබා දීමට එවක පැවැති සංචාරක අමාත්‍යාංශය එකග වී පියවර ගන්නා ලදී. එම අමාත්‍යාංශය දැන් ක්‍රියාත්මක නොවන අතර එම විෂය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් මෙහෙයුම් කමිටුව එහි අවධානය පිණිස එම කරුණු යොමු කර ඇත.

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.

II. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

 

යෝජනා අංක 13

අංග සම්පුර්ණ ජාතික මට්ටමේ බෞද්ධ විද්‍යාලයක් සම්බුද්ධත්ව ජයන්ති ඵෙතිහාසික සිහිවටනයක් වශයෙන් ජාතියට දායාද කරදීම. 2013 වෙසක් පෝ දිනට පෙර

2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිහිවටනයක් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් අංග සම්පූර්ණ ජාතික මට්ටමේ රජයේ බෞද්ධ විද්‍යාලයක් ජාතියට දායක කර දීමට පියවර ගන්නා මෙන් 2600 සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුව අතිගරු ජනාධිපතිතුමා වෙත ශාසනාලයෙන් යුතුව යෝජනා කර සිටී.

මේ වෙනුවෙන් සුදුසු ඉඩකඩ සහිත භූමි භාගයක් නාරාහේන්පිට ප්‍රදේශයෙන් ලබාදිමට අතිගරු ජනධිපති තුමා මේ වනවිටත්, කැමැත්ත පළකර තිබීම ගැන මෙහෙයුම් කමිටුව එතුමා වෙත ප්‍රශංසාව පළකරයි. ශාන්ත, බෞද්ධ පරිසරයක් සහිතව පවත්වා ගෙන යා යුතු මෙම විද්‍යාලය මඟින් සිංහල හා පාලි භාෂා ඉගැන්විමට ද බෞද්ධ හැදියාවන් යුත් ළමා පරපුරක් බිහිකිරීමට ද පියවර ගතයුතු බවද කමිටුව අවධාරණය කරයි.

මෙම විදුහල, පැවිදි හා ගිහි බෞද්ධ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් කළමණාකරණය කිරීම මැනැවැයි කමිටුව පෙන්වා දෙයි.

1956 දී සැමරූ තථාගත බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් උදා වූ වරිෂ 2500 ක ජයන්තිය අනුස්මරණය කිරීම පිණිස විශේෂ ඓතිහාසික සිහිවටන රාශියක් රටතුළ ආරම්භ කිරීමට එවක රජය කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් “ජයන්ති පුර” නමින් නව නගර හා ගම්මාන බිහි වූ අතර විශේෂ පාඨශාලා ද වරාය ජයන්ති චෛත්‍ය ද එ‍ෙළස ඇතිවූ ඓතිහාසික සිහිවටන වන බවත්, මෙහෙයුම් කමිටුව සිහිපත් කරයි.

එපරිද්දෙන් ඓතිහාසික සිහිවටනයක් වශයෙන් 2600 සදම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට අංග සම්පූර්ණ බෞද්ධ රජයේ විද්‍යාලයයක් රජය විසින් ආරම්භ කොට පවත්වාගෙන යායුතු යයි මෙහෙයුම් කමිටුව ශාසන ගෞරවයෙන් යුතුව නිර්දේශ කරයි.

මෙම අභිනව විද්‍යාලය දැනට කොළඹ නගරය තුළ පවත්නා පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට ඇති ගැටළු ආදියට ද ඉතා හොඳ විසදුමක් වන බවත්, මෙම පියවර සමස්ත මහජනතාවගේ ප්‍රසාදය හිමිවන ඉතා වැදගත් ආයෝජනයක් වන බවත් කමිටුව පෙන්වා දෙයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

II.අධ්‍යාපන අමාත්‍යාංශය

 

3. දහම් අධ්‍යාපනය

යෝජනා අංක 14

දහම් පාසල් අධ්‍යාපනයට රාජ්‍ය පිළිගැනීම හිමිකර දෙන ප්‍රතිපත්තී සැකසීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

දහම් අධ්‍යාපනය ලබන සිසු පරපුර සහජීවනයෙන් , සංවරයෙන් හා අන්‍යොන්‍ය ඉවසීමෙන් මෙන්ම සාමයෙන් කටයුතු කිරීමට මනා හික්මවීමක් ලබන බැවින් ඔවුන් අතින් සමාජයට අයහපතක් වීමේ ඉඩකඩ ඉතාමත් විරල බැවින් , සියලුම පාසල් දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්ය කර ලබා දිය යුතු බවත්, එය රජයේ පාසල් වලට පමණක් නොව පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන සියළු ආගමික ළමුන්ට පොදුවේ බල පැවැත්වෙන නීතියක් බවට පත්කළ යුතු බවත්, ඒ ඒ ආගමික සිසුන් තම තමන්ගේ ආගම් වලට සම්බන්ධ දහම් අධ්‍යාපනය ලබා ගැනීමට මේ මගින් පෙළඹවිය යුතු බවත්, මෙහෙයුම් කමිටුව අවධාරණය කර සිටී.

දහම් අධ්‍යාපනය සඳහා මේ රටේ මුළු සිසු පිරිස යොමු කරවා ගැනීමෙන් යහපත් සමාජයකට සවිමත් අත්තිවාරමක් වැටෙන බවත්, මුළු මහත් ශ්‍රී ලාංකික සමාජය ගුණවත් විනය ගරුක සමාජයක් බිහිවීමට එමගින් මෙහෙයවීමක් ලැබෙන බවත් පිළිගන්නා 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව සෑම විටම දහම් අධ්‍යාපනය සෑම සිසු දරවකුටම ලබා දීමට රජය මැදිහත් වී ක්‍රියාකළ යුතු බවද පිළිගනී.

දහම් අධ්‍යාපනය සඳහා මෙරට සිසු පරපුර යොමු කිරීමට දිරි දීමක් වශයෙන් දහම් අධ්‍යාපනයේ යෙදෙන්නන්ට විශේෂ සැළකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව මෙහෙයුම් කමිටුව මෙම කාලය තුළදී පවත්වන ලද සාකච්ඡා වලදී අවධාරණය කරන ලදී. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ඉහළ ප්‍රමිතියකින් යුක්ත බෞද්ධ ධර්මාචාර්ය විභාගය වැනි විභාග සමත්වන ශිෂ්‍යයන් , විශ්ව විද්‍යාලවලට , ගුරු විද්‍යා පීඨවලට හෝ රජයේ වෙනත් රැකියාවලට බදවා ගැනීමේ දී  සම්මුඛ පරීක්ෂණ වලදී ඒ සඳහා විශේෂ සැළකීමක් වශයෙන් එක ලකුණක් ප්‍රදානය කිරීමට රජය මැදිහත් වී කටයුතු කළයුතු බවත්, ඒ සඳහා චක්‍රලේඛ උපදෙස් නිකුත් කරමින් ක්‍රියාත්මක කළයුතු බවත්, මෙහෙයුම් කමිටුව යෝජනා කර සිටී.

උසස් පෙළ හා ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන්ට රජයේ පාසල්වල දහම් ගුරුපත්වීම් පිරිනැමීමට තීරණය කිරීම පිළිබඳව ද මෙම කමිටුව අතිගරු ජනාධිපති තුමා වෙත ප්‍රසංශාව පළකර සිටි.

මෙම අදහස හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරනු ඇතැයි කමිටුව බලාපොරොත්තු වේ.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

II. අධ්‍යාපන අමාත්‍යාංශය

III. මුදල් අමාත්‍යාංශය

IV. රාජ්‍ය සේවා කොමිෂන් සභාව

 

යෝජනා අංක 15

රජයේ පාසල්වල බුදුදහම උගන්වන ගුරුවරුන් සහ දහම් පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

රජයේ පාසල් වල බුදු දහම විෂය විධිමත් ව හා ක්‍රමවත්ව ඉගැන්වීම සඳහා සියළුම පාසල් වලට දහම් ගුරුවරුන් පත්කළ යුතු බවත්,  දැනට පවතින දහම් ගුරු පුරප්පාඩු වලට ධර්මාචාර්ය විභාගය සමතුන් අතුරින් උසස් පෙළ සමත්ව සිටින සුදුස්සන් බඳවා ගතයුතු බවත්, එම සියළු දහම් ගුරුවරුන් බුදු දහම ඉගැන්වීම පිණිස විධිමත්ව හා ක්‍රමවත්ව පුහුණු කළ යුතු බවත්, මේ වෙනුවෙන් පුහුණු කිරීමේ අභ්‍යාස මධ්‍යස්ථානයක් රජය විසින් ආරම්භ කොට පවත්වා ගෙන යායුතු බවත්, එම මධ්‍යස්ථානය මගින් සියළු දහම් ගුරුවරුන්ට සංස්කරණ සම්මේලන හා පුහුණු වැඩ මුළු ආදිය පවත්වමින් ක්‍රමානූකූලවූ ද, අංග සම්පූර්ණ පුහුණවක් ලබා දියයුතු බවත්,  2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව තරයේ නිර්දේශ කරයි.

ඇතැම් පාසල් වල බුදුද දහම විෂය ඉගැන්වීමට ඒ පිළිබඳ මනා දැනුමක් නැති ගුරුවරුන් හෝ වෙනත් අය යොදා ගැනීම වර්තමානයේ දී පවා සිදුවන බව පෙන්වා දෙන මෙහෙයුම් කමිටුව රජයේ පාසල් වල දහම් ගුරුවරුන්ද දහම් පාසල්වල ගුරුවරුන් ද වෙනුවෙන් මෙම පුහුණුව ලබාදිය යුතු බවත්, ප්‍රාථමික පන්තිවල දහම් ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදීම යෝග්‍ය බවත්, අවධාරණය කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I.  අධ්‍යාපන අමාත්‍යංශය

  1. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක 16

දහම් පාසල්වලට උපකාර කිරීම හා ශ්‍රේණී පොත් සකසාදීම 2015 වෙසක් පුණුපෝ දිනට පෙර

ශ්‍රී ලංකාවේ විහාරස්ථාන ආශ්‍රීතව සිංහල මාධ්‍ය යෙන් දහම් පාසල් විශාල සංඛ්‍යාවක් පවත්වා ගෙන එන අතර ඉංග්‍රීසී මාධ්‍ය දහම් පාසල් කීපයක් ද මේ වන විට ආරම්භ වී ඇති නමුදු ශ්‍රේණී පොත් ද නිසියාකාරව සැකසී නැති බැවින් සිංහල මාධ්‍ය දහම් පාසල් වෙනුවෙන් මෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය දහම් පාසල් වෙනුවෙන්ද රජයෙන් ලබා දිය හැකි සෑම උපකාරයක් හා අනුබලයක්ද රජය මගින් ලබා දීම යෝග්‍ය බවත්, ඒ සඳහා ශ්‍රේණී පොත් රජය මගින් සකසා මුද්‍රණය කරවා දීම සුදුසු බවත්, මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල් සඳහා 1 හා 2  ශ්‍රේණී ඉංග්‍රීසී පොත් සකසා දී ඇතත් 3, 4හා 5 යන සෙසු ප්‍රාථමික ශ්‍රේණී සඳහා පොත් සැකසී නැති නිසා රාජ්‍ය අනුග්‍රහයයෙන් එම ශ්‍රේණි පොත් සකසා මුද්‍රණය කරදීමේ වැදගත්කම මෙහෙයුම් කමිටුව පෙන්වා දෙයි. ඉංග්‍රීසී මාධ්‍ය මෙන්ම දෙමළ මාධ්‍යයයෙන් ද, දහම් පාසල් ආරම්භ කිරීමට ද ඒ හා සමානවම රජය විසින් අනුග්‍රහය දැක්වීම ද මෙහෙයුම් කමිටුව තරයේ නිර්දේශ කරයි.

ක්‍රියාත්මක කළ යුතු ආයතන :-

I. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

II. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

 

4. මාධ්‍ය දායකත්වය

 

යෝජනා අංක 17

සදාචාරවත් සමාජයකට හිතකර මාධ්‍ය ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රියාත්මක කිරීම. 2013 වෙසක් පුණු පෝ දිනට පෙර

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අරමුණු කොටගත් ගුණවත්, නීතිගරුක දැහැමි සමාජය බිහිකර ගැනීමට සමාජය තුළ නොයෙක් ආකාරයේ අපරාධ හා සැහැසි ක්‍රියා හැකිතාක් අවම කරගත යුතු හෙයින් වර්තමානයේ ක්‍රියාත්මක වන සියලු ආකාරයේ මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලි හා හා විද්‍යුත් මාධ්‍ය, වල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවත්,  ඔවුන්ගේ සහය හා මැදිහත් වීම රහිතව යහපත් සමාජයක් ගොඩනගා ගත නොහැකි බවත්, අවධාරණය කරන මෙහෙයුම් කමිටුව 2012 වෙසක් පුණු පොහෝ දිනට පසුව එළඹෙන ඉදිරි කාලය තුළදී ද එම සහාය අත්‍යවශ්‍යවන බවත්,  සමාජය යහමගට ගැනීම සඳහා මාධ්‍යයන්ට විශාල කාර්ය භාරයක් ඉටුකළ හැකි නිසා වර්තමාන සමාජයට නැතිවම බැරි මාධ්‍ය ආයතනවල සම්පූර්ණ සහය ලබාගෙන සමාජ ශෝධන කටයුතු කරගෙන යා යුතු බවත්,  පෙන්වා දෙයි.

ඒ නිසා සමාජ යහපත පිණිස හේතුවන, අපරාධ ආදී සැහැසි ක්‍රියාවන්ට යොමු නොකරන, සිත් සතන් සන්සුන් කරවන වැඩ සටහන් ප්‍රවෘත්ති ආදියට මුල්තැන දෙන අයුරින් මාධ්‍ය මගින් කටයුතු කරවා ගත යුතු බවද,  ඉදිරියටද දිගටම එම සහය ලැබිය යුතු බවද. මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

මෙම අදහස් ඉටුකර ගැනීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයත්, සංස්කෘක හා කලා කටයුතු අමාත්‍යාංශයත්,  ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයත්, ආදී රාජ්‍ය ආයතන මැදිහත්ව ක්‍රියා මාර්ග ගත යුතු බවද, මෙහෙයුම් කමිටුව නිර්දේශ කරයි.

2300 වසරකට වැඩි දිගු කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව ඇති සංස්කෘතික හර පද්ධතියත්, රටේ ජනතාව පොදුවේ පිළිගෙන තිබෙන ආචාර ධර්ම සමූහයත් උල්ලංගනය නොවන පරිද්දෙන් හා ඒවාට අනුගතව ක්‍රියා කිරීමට සියළුම මාධ්‍යයන් මෙහෙයවීම සඳහා කටයුතු කළ යුතු බවත්,  ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසා එය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට සියලුම මාධ්‍යයයන් එකඟ විය යුතු බවත්,  එම කාර්යභාරය රජය වෙනුවෙන් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සංස්කෘක හා කලා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව හා සාමූහිකව ඉටුකළ යුතු බවත්,  මෙහෙයුම් කමිටුව නිර්දේශ කර සිටී.

එසේ පිළිගනු ලබන ආචාර ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කිරීම මගින් මේ රටේ සියළු මාධ්‍යයන්ට , ශ්‍රී ලංකාවේ සියළු ක්‍රියාකාරකම් වලදී ජන ප්‍රසාදය ඇතිව පැවතීමට හැකියාව ලැබෙන බවද මෙහෙයුම් කමිටුව තරයේ විශ්වාස කරයි.

 

ක්‍රියාත්මක කළ යුතු ආයතන

I.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය

II.සංස්කෘතික හා කලාකටයුතු අමාත්‍යාංශය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය

III.බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

 

යෝජනා අංක - 18

සම්බුද්ධත්ව ජයන්ති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බෞද්ධ උපදේශක මණ්ඩලයක්

පත්කිරීම2012 වර්ෂය ඇතුළතදී

තථාගත සම්මා සම්බුදු රාජාණන් වහන්සේ උතුම් සම්බෝධියට පත්වීමෙන් වසර 2600 ක ජයන්තිය සැමරීම නිමිත්තෙන් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනයෙන් හා සම්මුතියෙන් සැකසූ විසිවැදෑරුම් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අතිගරු ජනාධිපති තුමා විසින් ත්‍රෛවාර්ෂික ව්‍යාපෘතියක් වශයෙන් පිළිගෙන සම්භාවනීය පැවිදි හා ගිහි සාමාජිකයන් 26 දෙනෙකු ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුව 2009 ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි පත්කිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව එතුමා වෙත ප්‍රසාදය පළකර සිටී.

බෞද්ධ කටයුතු විෂය පැවරී ඇති රාජ්‍ය ආයතන වන බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයටත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත්, තනිව ඉටුකරගත නොහැකි වූ කාර්යයන් රාශියක් විවිධ රාජ්‍ය හා වෙනත් ආයතන හා තැනැත්තන් රැස්කරවා ඔවුන්ගේද සහය ඇතිව සම්බන්ධීකරනය කරමින් ඉටුකර ගැනීමට මෙම මෙහෙයුම් කමිටුව සමත් වු අතර මෙම කමිටුවේ නිල කාලය 2012 වෙසක් පුණු පොහෝ දිනයෙන් අවසන් වේ.

ඉහත කි විසි වැදෑරුම් වැඩ පිළිවෙළ හා යෝජිත දස අවුරුදු වැඩ පිළිවෙළ සමාජගතව ඉදිරියටත් ක්‍රියාත්මකවිම අවශ්‍ය බවට අවධාරණය කරමින් ඉහත කී මෙම මෙහෙයුම් කමිටුව අහෝසිවීමේ හිඩැස පුරවාලමින් ඉදිරියට ද බුද්ධශාසන කටයුතු වෙනුවෙන් රජයට උපදෙස් දීම සඳහා අතිගරු ජනාධිපති තුමා විසින් සුදුසු උපදේශක මණ්ඩලයක් පත්කරන මෙන් යෝජනා කරසිටී.

මෙම යෝජනාව කඩිනමින් ඉටුකිරීමෙන් දස අවුරුදු ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබෙන බව ද මෙහෙයුම් කමිටුව විශ්වාසය පළකර සිටී.

2600 සම්බුද්ධත්ව ජයන්තිය විවිධ අංශයන්ගෙන් සාර්ථක කිරීම සඳහා අතිගරු ජනාධිපති තුමා ප්‍රධාන රජය ලබාදුන් සහය ඉතා අගේ කරන අතර මෙහි ඉහතින් දක්වා ඇති යෝජනාවලිය මෙතැන් පටන් දස අවුරුදු කාලයක් ඇතුළත ක්‍රියාවට නංවන මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

නියංගොඩ විජිතසිරි අනුනායක ස්ථවිර ,

ගරු සභාපති.

මෙහෙයුම් කමිටුව

  1. අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  2. ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ ජයරත්න මැතිතුමා
  3. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  4. අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  5. ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  6. දර්ශනපති පූජ්‍ය අකුරටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  7. පූජ්‍ය වලව්වාගොඩ විමලබුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන්පුජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  8. පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  9. ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  10. මහාචාර්ය පූජ්‍ය වරාගොඩ පේමරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  11. මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  12. පූජ්‍ය දිවියාගහ යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  13. පූජ්‍ය තිරිකුණාමළයේ ආනන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  14. පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  15. පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  16. පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  17. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  18. පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  19. දර්ශනපති පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
  20. දේශබන්දු ඕල්කට් ගුණසේකර මහතා
  21. ජගත් සුමතිපාල මහතා
  22. ආචාර්ය හේමා ගුණතිලක මහත්මිය
  23. ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා
  24. එච්.පී කැෂියන් හේරත් මහතා
  25. එම්.ඩී.ඩබ්ලිව් ආරියවංශ මහතා
  26. චන්ද්‍රප්‍රේම ගමගේ මහතා
  27. සරත්චන්ද්‍ර සෙනෙවිරත්න මහතා
  28. කේ. කළුපහන මහතා (කමිටුවේ ලේකම්)

 

ක්‍රියාත්මක කළ යුතු ආයතනය :-

I. ජනාධිපති කාර්යාලය

 

බුදු දහමේ චිරස්ථිතිය පිණිස යෝජිත මෙම දස අවුරුදු වැඩ සැලැස්ම අන්තර්ජාලය භවිතා කරන සිංහල බෞද්ධ ජනතාවගේ අවධානය පිණිස පළ කිරීම සඳහා සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමිපාණන් වහන්සේට මෙයින් අපගේ කෘතවේදීත්වය පළ කරමු.

4447
Thanks!
An error occurred!

ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය

ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට මූලාශ්‍ර දක්වා ඇති බව සලකන්න.)
===========================================

ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි,
සුනේත්‍රාදේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
ගංගොඩවිල,
නුගේගොඩ.
2012.02.10

ලේකම්,
2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව.

භවතු සබ්බ මංගලම් යන ආශිර්වාදාත්මක ගාථාව මධුසමය ගත කිරීම සඳහා වූ ගීතයක් සඳහා විකෘති කොට ගායනා කිරීම

ගයාන් පෙරේරා නැමැති තරුණ ගායකයකු බෞද්ධයන් විසින් වන්දනීය හා ආශිර්වාදාත්මක ගාථාවක් ලෙසින් භාවිතා කරන “ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා ” නම් වූ බෞද්ධ ගාථාව විකෘති කොට මධුසමය ගත කරන තරුණ යුවලක් දර්ශන තල රාගික රූපරාමු යොදා “ටිකෙන් ටික” නැමැති ගීතය දැනට අන්තර් ජාලයට මුදාහැර බෞද්ධයන් බලවත් මානසික අසහනයට ලක්කොට ඇත. මේ පිළිබඳව මා 2012.02.08 දින නුගේගොඩ මිරිහාන පොලීසියේ අංක 53/70 දරණ පැමිණිල්ල ලෙස පොලීසියේ විමර්ශනය සඳහා යොමු කොට ඇත.

  1. 1. තවද “ සිරස ” මාධ්‍ය ජාලය විසින් සතියේ දින පහම රාත්‍රී 7.30 ට ප්‍රචාරය කරනු ලබන “ සිහින පුරය ” නම් වූ ටෙලි නාට්‍ය මගින්ද ඉහත කාරණය හා සමානවම බෞද්ධයන්ට නිගා දෙන දර්ශන වරින්වර ඉදිරිපත් කරනු ලබන්නේ හිතාමතා ඕනෑකමින් බව ද අපගේ විශ්වාසයයි.
  1. 2. එසේම තිළිණ අලහකෝන් නම් වූ ක්‍රිස්තු භක්තිකයකු ද බෞද්ධයන් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව සරණ මංගල උත්සව අවස්ථාවේදී භාවිතයට ගන්නා “ජයමංගල අෂ්ඨක ගාථා ” ද , මෛත්‍රී පෙරදැරිව කියන“සෙත් කවි ” ආදිය ද පල්ලියේ වචන වලට හරවා ගායනා කොට සමච්චලයට භාජනය කරමින් සිටී. මේවා අත් පත්‍රිකා වශයෙන් මුද්‍රණය කොට ජනයා අතර බෙදා හැරීමද කර තිබේ. මේ පිලිබඳ මිරිහාන පොලීසියට 2010.11.01 දාතමින් පැමිණිලක්ද, 2010.11.02 දාතමින් ඔබ වෙත පැමිණිලි කළමුත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. එක මාසයක් ඇතුළත සිදුවන අකටයුතු පැමිණිලි කරනු ලබන්නේ නම් සිය ගණනක් විය හැක.
  1. 3. මෙසේ දිගින් දිගටම බෞද්ධ සංස්කෘතියට හානිකර සිද්ධීන් ඉතා සංවිධානාත්මකව අන්‍යාගමිකයන් විසින් හිතාමතා කලින් කල සිදු කරන මුත් වගකිව යුතු ආයතන මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. “ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා සුරක්ෂිත කොට පෝෂණය කිරීම” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක නිදිගන්වා බලයලත් රාජ්‍ය නිලධාරීන් හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිසොල්මන්ව සිටීමද තරමක ප්‍රහේලිකාවකි
  1. 4. අප විසින් පොලීසියට යොමු කරන පැමිණිලි ද අතරමං වනුයේ පොලීසියට ද මේ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව අධිකරණ ශාලාවේදී පෙනී යන හෙයිනි. එහෙයින් ව්‍යවස්ථාවේ ඇති වගන්ති බල ගැන්වෙන නීති හා රෙගුලාසි හඳුන්වා දීමට බුද්ධශාසන පනත, බෞද්ධ ප්‍රකාශන (පොත්/කැසට්පට/සංයුක්ත තැටි/ගීත/ නාට්‍ය/පුවත්පත්/ විද්යුත් හා මුද්‍රිත වැඩ සටහන්/ වෙබ් අඩවි/ ෆේස් බුක්/අත් පත්‍රිකා) හා මාධ්‍ය ප්‍රචාරණය නියාමනය කිරීමේ පනත වැනි පනත් බලාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමට හා අදාළ රාජ්‍ය නිළධාරීන් වෙත නියෝග ලබා දීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත හා අතිගරු ජනාධිපතිතුමා වෙත පැමිණිලි කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ශාසනමාමකත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.

මෙයට,
ශාසනාලයැති,
ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි

පිටපත් (කාරුණික දැන ගැනීම හා සුදුසු කටයුතු සඳහා)

1. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
2. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා.
3. ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ. ජයරත්න මැතිතුමා.
4. ලේකම්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය.
5. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
6. ලේකම්, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය.
7. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
8. අනුර සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
9. දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් අධිකාරි, පොලිස් අධිකාරී කාර්යාලය, මිරිහාන, නුගේගොඩ.
10. ජනාධිපති නීතිඥ මනෝහර  සිල්වා මහතා, 18 / A, ආතර් පෙදෙස, දෙහිවල.
11. ජ්‍යෙෂ්ඨ නීතිඥ, කළ්‍යානන්ද තිරාණගම මහතා, විධායක අධ්‍යක්ෂ, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය, 233/1, කොටා පාර, බොරැල්ල, කොළඹ 08.
12. ජ්‍යෙෂ්ඨ නීතිඥ, ප්‍රසන්තලාල් ද අල්විස් මහතා, සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.

3864
Thanks!
An error occurred!

සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!

ඔබ දන්නවාද,තත්පරයෙන් තත්පරය,මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යන දිනෙන් දින,ගෙවී යන මේ මොහොතක් පාසා ඔබේත්,, ඔබේ දරුවන්ගේත්, රටේත් අනාගය රහසේම නොදැනීම අඳුරු හස්තයන් මඟින් කුරිරු ඉරණමක් කරා ඇද ගෙන යන බව? වසර 30ක් අප පෙලු L.T.T.E  ත්‍රස්තවාදය හා සමානම හෝ සමහරවිටෙක ඊටත් වඩා බියකරු මර උඟුලක් කරා මේ ලක් මාතාව රහසේම රැගෙන යමින් සිටිති.

මේ බවක් සාමාන්‍ය ජනතාව අතරට යොමු කලහොත් මෙය විකාර ප්‍රශ්නයක් වනු ඇත. කිසිවෙක් කිසිවක් මේ පිළිබඳ නිසි අවබෝධයකින් තොරවෙති. මන්දයත් මේ රටේ ජනමාධ්‍ය තුලින් වත් සත්‍ය තොරතුරු ජනතාව අතරට ලැබෙන්නේ නැත. එසේත් නැති නම් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. ඒ කෙසේඋවත් මේ වෑයම සියල්ලන්ගේම වැසුනු දෙනෙත් මඳකට හෝ ඇහැරවීම පිණිසමයි.

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටීම මීට අදාල විය හැකිය, එය කෙසේ උවත් මඳකට නැවතත් මොහොතක් සිතන්න. ප්‍රථමයෙන්හැරී බලන විට පෙනෙන අයුරින් බොහො අන්‍යාගමිකයින්, හා මිත්යාදෘෂ්ටිය පතුරවන්නන් නගන ප්‍රධානතම චෝදනා යුගලයකි. එයවත් ඔබ දන්නවාද? එනම්,

1.බහුතරය සිංහල බෞද්ධ වන මේ රටේ මෙතරම් මංකොල්ල, මිනීමැරුම්, සොරකම්, ස්ත්‍රීදූෂණ සිදුවන්නේ ඇයි?බුදුදහම හරිනම් මේවා වෙන්නේ ඇයි?
2.විශේෂයෙන් ලංකාවේ මුහුදු බඩ පලාත් වල හා ප්‍රධාන නගර වල මස්, මාලු වෙළදසැල්හිමියන් සියල්ල මුස්ලිම් අයද? බෞද්ධ අය නැද්ද? බෞද්ධ නම් එහෙම වෙන්නේ ඇයි?

මෙහි පලමු ප්‍රශ්නය යොමු කරන මුස්ලිම් පිරිස් ඊට අදාලව මුස්ලිම්කරණය වු රටවල් වල අපරාධ අඩු වීම දක්වන ලිපි, පර්යේෂණ, ඉදිරිපත් කරමින් මීට විසදුම් ලෙස ඉස්ලාමික මිනීමරු නීතිය වන ශරියා නීතිය ලක්බිමේ ව්‍යාප්ත කිරීම සුදුසු යැයි බොළඳ තර්ක ගෙනෙමින් කියති. මෙහි භයානක නම නොදත් දුර දිග නොදකින සමහර සිංහල ජනතාවද “ඔව් ඒක හොඳා’’ යැයි පවසති. එදා අනගාරික ධර්මපාල තුමා දුටු අනාගතයේ අන්තරාය අද සිංහලයන්ට නොපෙනෙන්නේ කුමක් නම් පවකටදැයි සිතෙන්නේ මෙවිටය.

ඔබ දන්නවාද? එදා බටහිර ජාතීන් ලංකාවට ගොඩබසින්නට පෙර මේ රට පිරිසිදුවම බොදු ප්‍රතිපත්තීන් අනුව යමින් තිබු සුන්දර දේශයක් විය. කල්යල් යත්ම ඔවුන් එක් දෙයක් හොදාකාරවම දැනගත්හ. එනම්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්, මේ බොදු සමාජය තුල භික්ෂූන් වහන්සේලාට හිමිවූ උත්තරීතර ස්ථානය දැනගත්හ.

මෙපරිද්දෙන් මේ සිංහල සමාජය පන්සල හා ස්වාමීන් වහන්සේලා හා එක්ව ගොඩනැගුන දැවැන්ත බලය කිසිම විටක හමුදාමය ආක්‍රමණවලින් මිසක අධ්‍යාත්මිකවනම් කිසි දිනක ඔවුනට රූකඩ නටවන්නා සේ නැටවිය නොහැකි බව ඔවුන් සක්සුදක් සේ දැන ගත්හ. ඔවුන් අනෙක් යටත් විජිතයන් පාලනය කලේ තම මිත්‍යා ආගම ව්‍යාප්ත කිරීම තුලිනි. නමුත් බෞද්ධ රටවල් එසේ ඇන්දීමට හැකියාවක් ඔවුවට නොතිබුනි. එහෙයින්, මෙරට භික්ෂූන් වහන්සේලාට තිබු තත්වය බිදහෙලීම ඔවුන්ගේ අභිප්‍රාය විය.

එදා සිටි කල්‍යාණ මිත්‍රයන් වූ භික්ෂූන් වහන්සේලා මෙරටට ඇතුලු වන පිරිසිදු බුදු දහම විනාශ කිරීමට යත්න දරන විෂබීජ ගැන මනා අවබෝධයකින් පසු වූ අතර එනිසාම බුදුන්ගේ දේශය වු ඉන්දියාවෙන් බුදුදහම තුරන් කිරීමම අරමුණු කොට හින්දු බමුණන් අතින් ලියවුනු මනෝවිකාරද අඩංගු මිත්‍යාවන මහාභාරත, රාමායනය, වැනි ග්‍රන්ථ පරිශීලනයෙන් ඈත් කෙරිනි.

සැමදෙයකටම පහර ගැසීමට දෙනෙත් හැරගෙනම සිටින මිත්‍යාදෘෂ්ටිකයන් එය හුවා දක්වන්නේ පොතක් කියවීමට ඇති අයිතිය උල්ලංඝනය කරන මානවහිමිකම් කඩවීමක් ලෙස විය හැක. එයට ලබාදිය හැකි හොඳම පිළිතුර නම්,’’අරාබිකරයේ මදීනා වැනි නගරයකදී පිරිත් පොතක් අඩු තරමෙන් දිගහැරියවත් හැකිද?’’යන්නයි, එහිදී උල්ලංඝනය වන්නේ කුමන හිමිකමක්ද?.

මෙවන් මහත් වූ පුණ්‍යකර්මයන් වූ කැප කිරීම් නොවන්නට මේ පින් බිම තුල මේ වනතාක් වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පිරිසිදු බුදු දහම සුරැකී පවතින්නේ නැත. මේ බැව් දත් අන් ජාතීන් සිදු කරන පොදු කරුණ නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හිමි ගරුත්වය හා සමාජ මට්ටම විනාශ කිරීමයි. බටහිරිනුත්, මැද පෙරදිග අරාබිකරයෙනුත් සංක්‍රමණය වූ හා මෙහිම ජාතක වී උපන් ලක් බිමටමගරහන අධමයන්ගේත් යන තුන් ගොල්ලගේම එකම අරමුණ එයයි. මේ වන විට සර්වාගමික, ආගමික සහජීවනය යන සියලු නම් වලින් සැඟවී පැමිනෙන උවදුර වන්නේ එයයි, දැන දැනම සිදු වන මෙවන් වැරදී වලට අප වහාම එකමුතුව දැඩි විරෝධය පල කල යුතුය. සියල්ල සිදුවූ පසු, අවසානයේදී “අනේ අපොයි, ධර්මද්වීපයත් අපට නැතිවුනා” යැයි හිස අත් ගසාගනිමින් හඩාවැලපී පලක් නැත. කල යුතු දෑ දෑස් මානයේ පෙනි පෙනීම තිබේ. මේ ක්‍රියාත්මක විය යුතු අවසානම කාලයයි.

මෙරටට බුදුදහම දායාද වු පසුව දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූයේ පන්සල හා ස්වාමීන් වහන්සේලා විය. මෙම දැනුම විනාශ වන තුරාවට කිසි දිනක බටහිර මිත්‍යාව හා විද්‍යාව කිසිලෙසකින් ලංකාවට පොම්ප කිරීම කල නොහැකි බව බටහිරට දැනුනි, ගමේ පාරම්පරික වෙදමහතාගේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාව ඉක්මවාගොස් නැගීසිටියේය. එමෙන්ම මෙම ලාංකීය බොදුදහම හා බැඳී ඇති දැනුම සෘජුවම මිත්‍යා දේවාවාදය හා මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම නිසාද එකල දරාගත නොහැකි පහරක් බටහිරහා අන්‍ය ආගම් ව්‍යාප්තවාදයට එල්ල වුනි. එනිසාම බුදුදහමත් , දේශීය විද්‍යාවත් විනාශකිරීමට පිඹුරුපත් එදා සිටම සැකසුනි.

අදත් රහසේම බුදුදහමට එරෙහිව ක්‍රියාත්මකවන්නේත් සෝමහිමියන් මෙන්ම බොදුපුනරුදය ඇති කිරීමට වෙහෙසෙන සංඝ පීතෘන් වහන්සේලා නිහඬ කරවීමේ ආනන්තරීය පාපකර්මය රහසේම ක්‍රියාත්මක වන්නේත් එදා පිඹුරුපත් සැකසූවන්ගේ වර්තමාන පරපුර අතින්මය, එකම වෙනස නම්, එදා සුදුමැලි ජාතීන් කල කී දෑ අද සිදුකරන්නේ ඔවුන් එදා බිහිකල කලුසුද්දන් වීම හා අරාබිකරයෙන් ලක්බිම අන්‍යාගමීකකරනය සිදු කිරීමට ආනයනය කොට ඇති (අ)ධර්මාචාර්‍ය වරුන් වීමයි.

මේ සියල්ලේම ප්‍රථිඵල ලෙස මේ රට යටත් කර අප උතුම් ජාතිය තවත් ජාතියක වහලුන් කිරීමට ප්‍රධානතම බාධාව වු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඇති ගරුත්වය අද බොහෝදුරට විනාශකර තිබේ. වර්තමානය වන විට නැවතත් බොදු ආගමික පුනරුදයක් ඇතිවෙමින් තබීම පෙනී ගියද සැඟවුනු අවධානම අළු යට ගිනිපුපුරු මෙන් එලෙසම සැඟවී පවතී.

බුදුදහම ‍රැකෙන්නේ අප කල්‍යාණ මිතුරන් වන සංඝයා වහන්සේලා නිසා බව අප මෙන්ම රට විනාශ මුඛයට ඇදන් යාමට මාන බලන විනාශකාරීහුද දනිති. එහෙයින් අප රුකගත යුත්තේ එයයි. එලෙසින්ම මේ ධර්ම මාර්ගය අපට පෙන්වා දී අප ආරක්ෂා කරන්නේත් එම කල්‍යාණ මිත්‍රයන්මය. මේ බව අප මහා තිලෝගුරු සම්මා සම්බුදු සමිදුද අංගුත්තර නිකායේ,තික නිපාතයේ,භරණ්ඩු වග්ගයේ වදාළ ඇති සේක.
“පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කල ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටයි, සැඟවී තිබෙන විට නොවේ. ”
මේ බව දත් අධමයන් යත්න දරන්නේ මේ ධර්මය සඟවා වළලා දැමීමටයි, ඉතින් ඔබත් එයට උරදෙනවාද?

එදා ඒ සිදුවූ විනාශය නිසා පන්සල මිනිසුන්ගේ සිත් සතන් වලින් මදකට ඈත්විය. ශ්‍රද්ධාව පන්සල් බිමට පමනක් සීමා විය. බටහිරින් ගලා එන කාමය, රාගය පිරුණු සියල්ල හමුවේ ඒ විෂබීජ තම සිත් තුලට පොවාගන්නා බෞද්ධ තරුණ සිත්ද විකෘති වී ඇත. ඔවුන්ගේ ඉලක්කය වූවේද එයයි. එහි ප්‍රථිඵල ලෙස ලංකාව තුලට නීතිවිරෝධී අයුරින් මහාපරිමාණයෙන් කාමුක දර්ශන සහිත චිත්‍රපට, මත්කුඩු වර්ග, මත්වතුර රැගෙන ඒම සිදුකෙරේ. අද අප මුහුණ පාන බෝහෝමයක් සමාජ ගැටළු නිර්මාණය වූයේ බුදුදහමේත්, සිංහලයාගේ වත් වරදින් නොව, එදා බටහිර ජාතීන්ගේත්, මුස්ලිමුන්ගේත් කුරිරු ක්‍රියාකලාපයන්ට හේතු වන්නටය.

මාළිගාවත්තේ කුඩු පාතාලයේ නායකයාව සිටි මොහොමඩ් ෆාජි

අද මේ වන විට ලංකාවට මත්කුඩු පොම්පකිරීමේ කර්තෘව්‍ය මුස්ලිම් ජාතිකයන් සිය කාරියක් සේ සලකා භාරගෙන තිබේ. ඒ බව පුවත්පතක් පවා දුටු විට ප්‍රත්‍යක්ෂ වේ. බොහෝ මත්කුඩු පකිස්ථානය වැනි මුස්ලිම් රටවලින් ලංකාවට ගෙන එනු ලබයි. ඒත් ඔබ මොහොතක් සිතා බලන්න, මතට, හෙරොයින්, අබිං වැනිදෑට ගොදුරු වන්නේ 96%ක්ම අහිංසක සිංහල බෞද්ධ දරුවන් නොවේද? එමෙන්ම මේ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන මහමොලකරුවන් 98% ක්ම මුස්ලිම් ජාතිකයන් නොවේද? මුස්ලිම් ජාතිකයන්ගේ දරුවන් මත්කුඩු ආදියට ඇබ්බැහි වීම ඔබ අසා තිබෙනවාද? නැත!!!! මෙලෙස අන් ජාතීන්ගේ දැඩි අසාධාරණයට ලක් වන සිංහලයාට කාගේ හෝ පිලිසරණක් ලැබෙයිද?

මේ සියලු ක්‍රියාකාරකම් වල යටි අරමුණ, සිංහල ජාතිය ලක්බිමින් තුරන් කරදැමීම බව ඔබ තවත් නොදන්නවානම් දැන ගන්න. එසේම බහුතර සිංහලයා නොදන්නා අනෙක් කරුණ නම් මේ වන විටත් ලොවින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ජාතීන්ගේ ලැයිස්තුවට සිංහල ජාතියත් ඇතුලත් වී තිබීමයි. එහි මුල් ස්ථාන අපට පෙර පිනකට මෙන් නොලැබී තිබුනත් මේ යන ගමන ඉදිරියටත් සිදු උව හොත් එම ලැයිස්තුවේ මුලට පත් වීමේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට අපටත් සිදුවනු ඇත.

මේ සියල්ල මේ අයුරින් සිදු වෙද්දී බාහිර දුෂ්ඨ අරමුණු සිත් තුල තබා ගත් අන් මිත්‍යාදෘෂ්ටික ජාතීන් අහස් කුස අරා නැඟුනු හිරුමඬලක් සේ ලොවට සත්‍ය හෙලිකල භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් ධර්මයටත් පරිභව කරමින් සිටිති. එසේ සිදුකර ගන්නා කර්ම විපාකය අවීචියේදී ඔවුනට විදීමට ලැබීම නියත බවක් ඔවුන් නොදනී. ඊට වචනයකින් හෝ උපකාර කරන්නවුන් වේද, හවුලේම අවීචියේ ඔවුනටත් දුක් විඳිය හැකිය. ලක්බිමේ සාරධර්ම විනාශවීමට හේතුව පෙර සඳහන් කල දෑ මිස මේ උතුම් ධර්මයේවත් බුදුසමිදුන්ගේවත් වරදක් නම් නොවේ.

ඔවුන් නඟන අනෙක් චෝදනාවට ලබා දිය හැකි එකම පිළිතුර නම්, තණ්හාවයි. එමෙන්ම මිල මුදලට ලෝභව තම මව පියා උවත් පාවා දීමට තරම් සිත්සතන් විනාශ වූ නාමිකව පමනක් බෞද්ධ පිරිස් අද ඕනෑ තරම් සිටිති, එයද එසේ සිදු වූයේ මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි හරහාත් විවිධාකාරී ප්‍රෝඩාකාරී සංවිධාන විසින් සිදු කල හා සිදුකරගෙන යන විනාශයන්ගේ ප්‍රථිඵල ලෙසයි. මා මෙහිදී 100% අන්‍යාගමික සහෝදර ජනතාවට චෝදනා නඟනවා නොවේ, නමුත් සත්‍ය මෙයයි.

මොවුන්ගේ මෙම මූලධර්මවාදී ක්‍රියාකාරකම් මඟින් බටහිර විනාශකාරී නූතනත්වය හදුන්වා දීම (කතොලික පාලකයන් හරහා), රටේබුදුදහම හා සම්බන්ධ ආර්ථිකය, පරිපාලන ක්‍රමය, ජීවනක්‍රමය, සදාචාරය (කතෝලික, මුස්ලිම් දෙපිරිසෙන්ම) මුලිනුපුටා දැමීමේ උත්සහයන් දිගින් දිගටම සිදු වෙමින් පවතී.

අද පවතින සියලුම භේද අමතක කොට එකා මෙන් එකතු විය යුතු කාලය දැන් එලඹ තිබේ. විශේෂයෙන් මේ වන විට මුස්ලිම් ආක්‍රමණය වඩාත් වේගවත් හා ත්‍රස්තවාදී මුහුණුවරක් රැගෙන තිබේ. තවත් උඩඟු බව හා මහන්තත්ත කම හිස දරාගෙන අප තවත් හැසිරුනොත් තවත් ජාතියක් අප පාගාදමා සම්පූර්ණ වහල්භාවයකට අප ලක් කිරීම නිනැතින්ම සිදු වනු ඇත.

ඔබත් මමත් අද අදම, මේ දැන් පටන් රට ජාතිය හා උතුම් බුදුදහම සුරැකීම වෙනුවෙන් එක්ව අත්වැල් බැඳගනිමු. මෙය කිසිම විටක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය නොවේ, සැබෑම ජාත්‍යාලය හා සැබෑම බෞද්ධ කම මෙයයි. කිසිම විටක ජාතියට, බුදුදහමට, රටට අසාධාරණයක් දැක දැක නිහඬ වන්න එපා! සියල්ල අනිත්‍ය බව සැබෑය, නමුත් එසේ පවසා ඉන් මගහැර යන්න එපා. එසේ ක්‍රියාකරන අය බොහෝමයක් ධර්මය පිලිපදින්නන් නොවේ, බියසුල්ලන්ය. අප අත් හැරීම ජීවිතයට පුරුදු කල යුත්තේ රට, ජාතිය, බුදුදහම අත්හැරීමෙන් නොවේ. පුද්ගලික ධන සම්පත්, මගේය මගේය කියමින් රකිනා පුද්ගලික සම්පත් කෙරේ ඇල්මයි අප අතහැරිය යුත්තේ. භෞතික සියල්ල අනිත්‍යයි, එය සත්‍ය බව සැබෑය. නමුත් එලෙස, අපි යමු කියා මඟහරින අය අතහැරිය යුතු දෑ අතහැර ඇත්දැයි හොඳින් සිතා බලන්න… සමහරු ධන සම්පත්, වස්තු තන්හාවෙන් මිරිකී සිටිමින්ම මෙසේ පවසන්නේ අවංකවම ධර්මය පිළිපැදීමටදැයි හොඳින් සිතන්න. මේ රටින් බුදුදහම විනාශ වන දාට මුලු රටම විනාශ වනු ඇත… මේ ගෞතම බුදුසසුනට හිතවත් අයෙක් වේද ඔහු/ඇය නිසැකවම අප රටටත් ආදරය කරන්නෙක්මය. තවත් දෙයක් අප සිතට ගත යුතුය. අප සියලුදෙනාම වහ වහාම බුදුදහමේ අභාෂය දිවියට ගලපා ගත යුතුය. එසේ නොමැතිව බුදුදහම පිලිබඳ කතාබස් කිරීමත් විහිළුවක් වනු ඇත. බුදුපියාණන් වහන්සේ දේශනා කල සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටින්නා සේමඅපත්, රටත් සුරැකෙන්නේ ප්‍රතිපත්තිමය ලෙස අප එක්සත් වූවහොත් පමණි. ධර්මයේ ආභාෂය ලැබූවන් වූවොත් පමණි.

ප්‍රතිපත්තියක් ලෙසම පංචශීලය රකින්න, මතට කිසිවිටක ඇබ්බැහි වන්න එපා. ඇබ්බැහි වූවෝවෙත්නම් ඉන් මුදවාගෙන බුදුදහමේ හරය ජීවිතයට ගලපාගෙන නැගී සිටිමට උපකාර කරන්න. නිරතුරු කුසල් දහම් රැස්කරන්න. නිතර පන්සල ඇසුරු කරන්න. ඔබේ දරුවන් වේ නම් පිවිතුරු බුදුදහමේ ආශීර්වාදය ජීවිතයට ලංකර දෙන්න.

මේ පින් බිමේ බිම්අගලක් හෝ ත්‍රස්තවාදය වපුරන අන් ජාතීන්ට මුදලටවත් පාවා දෙන්න එපා. මේ රටේ විනාශයට උර දෙන අන්‍යාගමික වෙළඳව්‍යාපාර වර්ජනය කරන්න, අන්‍යාගමික සංවිධාන වලට ඔවුන්ගේ ප්‍රයෝග වලට හසු වන්න එපා. ඔවුන් මවාපෙන්වන ව්‍යාජ නූතනත්වයට රැවටෙන්න එපා. උත්සව, සාද උදෙසා මත්පැන් ගෙන්වමින් කාමයට අන්ධවෙමින් ජීවිතය විනාශකර ගන්න එපා,එවන් විෂබීජ හරහා අපේ සාරාධර්ම පද්ධතිය විනාශ කරමින් බුදුදහමට හා රටට වින කටින මුස්ලිම් හා බටහිර ජාතීන්තමන් එවන් විනාශයන්ගෙන් වැලකී සිටින අයුරු දැනගන්න, ඒ ගැන හොඳින් සොයා බලන්න. තවමත් අපට අපේම ආර්ථික ක්‍රමය, බුදු දහම් පහස ලත් පරිපාලනය, ජීවන රටාව හා මුලුමහත් අනාගතයත් රැකගැනීමට ඉතාම අල්ප කාලයක් ඉතිරිව තිබේ. දැන් අවශ්‍ය එකමුතු බව හා නිසියාකාර දැනුවත් වීමත් ධර්මයේ හැසිරීමත් පමණයි. මුලු මහත් ජාතියේ රටේ අනාගතය අඳුරට හෙලීමෙන් වැලකීමට අපි සැවොම සියලු භේද අමතක කොට නැගීසිටිය යුතුය.

ඔබ සැමට සත්‍ය වැටහේවා, පිරිසිදු බුදුදහමේ ආශීර්වාදය හිමි වෙත්වා, චිරාත් කලක් ලොවට ඉතිරි මිණිපහන ලෙසින් මේ පින් බිමේ බුදුදහම ආරක්ෂා කිරීමට දායක වීමට ඔබටත් ශක්තිය ධෛර්‍ය හිමි වෙත්වා.! උතුම් සද්ධර්මයේ පහස ලබන සත්පුරුෂයෙක්ම වන්න. මේ පින්බිමත්, බුදුදහමත් නිනැතින්ම රැකෙනු ඇත! සැමටම තෙරුවන් සරණයි!

එස්. ධනංජය

3382
Thanks!
An error occurred!

සාමණේර හිමිවරුන්ගේ ගිහි කල පවුල් සඳහා ජනපති මැදිහත්වීමෙන් නිවාස

දුෂ්කර ප්‍රදේශවලින් පැවිදි බිමට පිවිසෙන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ගිහි කල දෙමාපියන්ගෙන් සමන්විත පවුල්වල සුබසාධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සාමණේර භික්ෂුන් වහ‍න්සේගේ පවුල් සඳහා නිවාස සහන ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව එතුමා සඳහන් කරයි.

අනුරාධපුර මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේව දෙසැම්බර් 29 දා පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ සංඝයා වහන්සේලාගේ හිඟයක් තිබෙන බව කලක සිට බොහෝ අංශයන් විසින් තහවුරු කරන ලද පුවතකි. ඊට බොහෝ සිංහල පවුල් වල එක් දරුවෙක් පමණක් සිටීම, ජනතාව සහ සංඝ සංස්ථාව අතර සම්බන්ධතාවය එදාට වඩා අඩු වී තිබීම මෙන්ම සමහර අන්‍යාගමික මිසදි‍ටුවන්ගේ ශාසන විරෝධී ප්‍රචාරයන්ද හේතු වී තිබේ. http://sinhalabuddhist.com/2011/10/saamanaera-pewidda/

ශ්‍රී ලංකා රාජ්‍යය සහ බුදු සසුන අතර ඇති සම්බන්ධතාවය නැති කර දැමිය යුතු යැයි පවසන එක්තරා සෙකියුලර් ආගමික කල්ලියක් ජනාධිපති තුමාගේ ඉහත තීරණයට විරුද්ධව මේ දින වල ප්‍රචාරයක් දියත් කර ඇත. සෙකියුලර්වාදය ශ්‍රී ලංකාව ඉස්ලාමීයකරණය කරන හැටි බලන්න: http://sinhalabuddhist.com/2011/11/would-secularization-lead-to-islamization/

සාමණේරයන් වහන්සේලාගේ ගිහි කල පවුල් වල සුභසාධනය වෙනුවෙන් රජයේ මුදල් වියදම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බුද්ධ ශාසන විරෝධීන්ට මේ ටික කිව යුතුය:

[1] ඉතාමත් සුළු පිරිසක් වූ මානුෂික මෙහෙයුමට විරුද්ධ එන්ජීඕ කාරයින් නගන චෝදනාව වන්නේ රටේ ජනතාවගේ බදු මුදල් රණවිරු පවුල් වල සුභසාධනයට වැය කිරීම තේරුමක් නැති දෙයක් බවය. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍ය අයවැයේ පුනරාවර්තන වියදම් වලින් සැලකිය යුතු කොටසක් රණවිරු පවුල් වල සුභසාධනයට වැය කරන්නේ අර එන්ජීඕ කාරයින්ට “බම්බු ගහන්න” කියමිනි. රණවිරුවන් මෙන්ම ජාතියේ මුර දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලාද රටට වැදගත් බව බුදු සසුනට වින කටින්නන් දැනගත යුතුය. රණවිරුවන්ට විරුද්ධ අයට “බම්බු ගහන්න” යැයි කිව්වාක් මෙන් බුදු සසුනට විරුද්ධ අයටත් අපි එසේම කියමු.

[2] බහුතර මතයෙන් පත් වෙන ආණ්ඩුව තීරණ ගන්නේ බහුතරයකගේ අවශ්‍යතාවය අනුව බව ශාසන විරෝධීන් දැනගත යුතුය. ඒක අපගේ ක්‍රමයක් නොවුනත් බටහිරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කර පින්නාගෙන සිටින එන්ජීඕ කාරයින්ට ප්‍රශ්නයක් නොවනු ඇත. බටහිර කසිකබල් මතවාදයන්ගෙන් හිස් කරකුට්ටන් කරගෙන ඇති බටහිර බැලයන්ට (බටහිර මතවාදයන්ගේ වහළුන්ට) මේ රටේ බහුතරයකගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් විය නොහැකිනම් සුදුසු රටකට තොර‍තෝංචි විය යුතුය. යුරෝපීය රටක සිටිනවානම් ඔබට තේරේනවා ඇති ඒවායේත් කොච්චර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කලත් ඒ අයගේ සංස්කෘතියට අනුව අපි ජීවත් විය යුතු බව. මහා වනාන්තරයක රූස්ස ගස් යට පොඩි ගස් හැදෙනවා වගේ මහා සංස්කෘතිය දිරවන්නේ නැති අය වුනත් ජීවත් විය යුත්තේ ඊට අනුගතවය.

[3] අප රටේ රාජ්‍යය සහ බුද්ධ ශාසනය අතර සම්බන්ධතාවය නවතා දමන්නට කතා කරන බටහිර බැලයන්ට කිව යුත්තේ පළමුව ඔබගේ ස්වාමීන් වන එංගලන්තයේ රජය සහ ආගම අතර ඇති සම්බන්ධතාවය බලන ලෙසටයි. “God save the Queen” යනුවෙන් බිරිතානි ජාතික ගීතය පවා ආරම්භ වෙද්දී බිරිතානි අයවැයෙන් සැලකිය යුතු මුදලක් රජ පවුලට සහ ක්‍රිස්තියානි සභාවට වියදම් කරද්දී, ඒ බටහිරයින්ටම වැඳුම් පිදුම් කරන්නන් අපේ රටේ බුදු සසුන NGO ඒකක් කිරීමට උත්සාහ කිරීම විහිළුවකි. බටහිර බැලයන්ට කට උත්තර නැති වෙන්නම ඩේවිඩ් කැමරන් පවසා ඇත්තේ එංගලන්තය යනු ක්‍රිස්තියානි රාජ්‍යයක් බවය. එසේනම් ශ්‍රී ලංකාව යනුත් සිංහල බෞද්ධ රාජ්‍යයක් බව කැමරන්ගේ බැලයන් දැනගත යුතුය.

සිංහල බෞද්ධයෙනි, බුදු සසුන වැනසීමට තැත් කරන බටහිර බැලයන්ගේ අළුත්ම උපක්‍රමය වන්නේ අපව ඔවුන්ගේ ඊනියා බටහිර දාර්ශණික මතවාදී න්‍යායන්ට හිර කර ඒ අනුව රටේ බුදු සසුනට ඇති රාජ්‍ය අනුග්‍රහය නැති කර දැමිය යුතු බව ඒත්තුගැන්වීමයි. එය ඔවුන්ගේ පළමු පියවර වන අතර පසුව ජාතික කොඩියෙන් බෝ කොළ හතර ඉවත් කිරීම, රාජ්‍ය ලාංඡනයෙන් ධර්ම චක්‍රය ඉවත් කිරීම ආදියත් පවසනු ඇත. (දැනටමත් ඔවුන් ප්‍රසිද්ධියේ මේවා කියා ඇත). ඉතින් අපි කළ යුත්ත්තේ එන්ජීඕ කාරයින්ව ගණන් නොගෙන මානුශික මෙහෙයුම අවසන් කළාක් මෙන්, ශාසන විරෝධීන්ටත් “බම්බු ගහන්න” යැයි කියමින් බුද්ධ ශාසනයට හැකි තරම් උපකාරී වීමයි.

රාජ්‍ය අයවැයෙන්ම සාමණේර පැවිද්ද දිරි ගැන්වීම පිණිස කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අසා ශාසන විරෝධීන්, බූමිතෙල් ගෑවුන ගැරඬින් මෙන් දඟලනු පෙනේ.

3372
Thanks!
An error occurred!

චීවරධාරීන් ලවා සිරිකොතට ගල් ගස්සවාගෙන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්වම බා ගැනීම

පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත හි පැවති පක්ෂ නායක ඡන්දය ගැන ඔබට අළුතෙන් කීමට ඇවසි නැත. ජනමාධ්‍ය මෙන්ම ජඩමාධ්‍ය හරහාද ඒ ගැන එක් එක් මතිමතාන්තර ඉදිරිපත් විය. නමුත් එහිදී ඇති වූ/කරගත් ගැ‍ටුම්කාරී අවස්ථාව ගැන සැමගේ අවධානයට ලක් වූ පින්තූරයකට අදාලව කෙටි අ‍ටුවාවක් තැබීම සුදුසු බව සිතමි.

සිරිකොත

ඉහත පින්තූරය දඩ මීමා කරගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමේ ව්‍යාපාරයක් පසුගිය දවස් වල අන්තර්ජාලය පුරා සිදු වුන බවත් ඔබ දන්නවා ඇති. එහෙත් මේ පින්තූරයේ සිටින්නේ බෞද්ධ භික්ෂුවක්ද?

[1] බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර නියමිත පරිදි කෑලි කපා මූට්‍ටු කළ සිවුරක් බව ඕනෑම බෞද්ධයෙක් පාහේ දනී. එනම් භික්ෂු සිවුර සකස් වන්නේ පස්කඩ, සත්කඩ, පහළොස්කඩ යනාදී වශයෙනි. එහෙත් ඉහත පින්තූරයේ සීටින චීවරධාරියාගේ සිවුර එලෙස මැසූ එකක් නොව හදිසියට කඩෙන් ගත් තැඹිලි වර්ණ රෙද්දක් බව පැහැදිළි වේ.

[2] මෙම චීවරධාරියා ගල ගසන නිමේෂයේම කැමරාකරුවන් කිහිප දෙනෙක්ම හරි බරි ගැසී ක්‍රියාත්මක වුනේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි. එක්කෝ ගල ගසන බව එම චීවරධාරියා කැමරාකරුවන්ට ඇඟවිය යුතුය, එසේ නැත්නම් කැමරාකරුවන් ඒ බව කලින්ම දැනගෙන වටවී සිටිය යුතුය.

[3] අනිත් උභ‍තෝකෝටිකය වන්නේ මෙම චීවරධාරියා ගැන කිසිදු කතා බහක් පසුව සිදු නොවීමයි. සියලුම ජඩමාධ්‍යයන් කළේ මෙම පින්තූරය යොදා ගනිමින් “මෙන්න ඔහේලගේ හාමුදුරුවන්ගේ හැටි…” යැයි කීම පමණි. ඇත්තටම මෙම පින්තූරයේ සිටින්නේ භික්ෂුවක්නම්, නම ආරංචි නොවීමට හේතුවක් නැත. අප සොයා බැලුවද එජාපයේ සාමාජිකත්වය ඇති මෙවැනි භික්ෂුවකව එජාපයේ යමක් යමක් දන්නා කිසිවෙක් හඳුනන්නේ නැත.

මොවුන්ගේ අරමුණ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්වම බා ගැනීමයි.

  • එක අතකින් ශ්‍රමණවේශධාරියෙක් ලවා සිරිකොතට ගල් ගැස්සවීමෙන්, රනිල් වික්‍රමසිංහ මහතාට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විරුද්ධ බව පෙන්වමින් තම විරුද්ධවාදියාට පහර දෙයි.
  • අනෙක් අතින් ශ්‍රමනවේශධාරීන් ලවා ගල් ගැස්සවීමෙන්, අදාල පින්තූර ප්‍රසිද්ධ කර බුදු සසුනට නිග්‍රහ කරයි.

එසේම රනිල්ට ගැහුවත් බුදු පිළිම වහන්සේ කෙනෙකුට වැදී එම පිළිමවහන්සේට අලාභ වූ ගල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරස මහාරාජා ආයතනයට යැවුවේ කිමද යන්නත් ගැටළුවකි. මෙලෙස ගල් ගැස්සවීම පසුපස සිටින්නේ කවුද?

සිංහල බෞද්ධයෙනි, වර්තමානයේ මූලධර්මවාදීන් බුදු සසුන වැනසීමට හදන්නේ එලිපිටම පන්සල් කඩා බෞද්ධයන්ව තලා පෙලා නොව බෞද්ධයන්ගේ ඇස් වලට වැලි ගසමිනි. එහිදී ඔවුන්ගේ මූලිකම ඉලක්කය වී ඇත්තේ අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාවය. ඔවුන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ භික්ෂුව කෙරෙහි බෞද්ධ උපාසකයන්ට ඇති ගෞරවය සහ සම්බන්ධතාවය නැති කර දැමීමයි. එවිට සසුන අතුරුදන් වූ කළ බුදු දහමත් ලෝකයෙන් අතුරුදන් වෙයි.

ප්‍රසිද්ධ දේශක අශෝක මැණික්ගොඩ මහතා වරක් ඔහු අත් දු‍ටු මූලධර්මවාදී කුමන්ත්‍රණයක් ගැන පැවසූ දෙයක් මෙහිදී සිහිපත් වේ. එනම් මූලධර්මවාදීන් මුදලට මිලදී ගත් ගණිකාවන්ව පිටිසරබද පන්සල් වලට නිතර නිතර යවා පසුව ඒ ගණිකාව ගැබ් ගෙන ඇති බවට බොරු ප්‍රචාරයක් ගම පුරා යැවීමයි. අවසානයේදී අහිංසක භික්ෂූන් වහන්සේව දායක සභාව විසින්ම පන්නා දමයි. දැන් ඇති වන ආගමික රික්තය ආවරණය කිරීමට තවත් මධ්‍යස්ථානයක් ඒ ගමේම ඉදිකරයි. ටික දවසකින් මුළු ගමම අදාල ආගම වැළඳගනී. සම්පූර්ණ දේශනය අසන්න. http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/

ඒ අමතර කතාවකි. ඉතින් ඉහත සිදුවීම වැනි දේවල් වළකා ගැනීමට බෞද්ධයන් ගත යුතු වැදගත්ම ක්‍රියාමාර්ගයක් තිබේ. එනම් භික්ෂූන් වහන්සේලාව දේශපාලන වැඩ වලදී හෝ වෙනයම් සමාජ සංවිධානාත්මකව් වැඩ වලදී අන් අය සමග ගැටීමට සම්බන්ධ කර නොගැනීමයි. බෞද්ධ අපි භික්ෂූන් වහන්සේලාව ගෞරවයෙන් හිඳවිය යුත්තේ ඉහලම ස්ථරයේය, ඒ අනුශාසක නායකත්ව ආදී තැන් වල පමණි.

තේරෙන බාසාවෙන් කිවහොත් සමාජ සත්කාරයන්හිදී භික්ෂූන් වහන්සේට බෞද්ධ අපි ආරාධනා කළ යුත්තේ ගැලරියට ‘මෝඩ චූන්’ දීමට හෝ ශ්‍රමිකයන් කරන වැඩ කිරීමට හෝ අන් අය සමග ගහ මරා ගැනීමට හෝ නොව, බුදු දහම ඇසුරෙන් අවවාද අනුශාසනා මෙන්ම නායකත්වය ලබා දීමටයි. දේශපාලනයේදීනම් අවවාද අනුශසනා පමණක් සෑහේ.

එසේ නොවන තාක් කල් ඉහත ආකාරයේ කුමන්ත්‍රන සිදු කරමින් අන්‍යාගමිකයන්ට බුදු සසුනට අපහාස කරමින් බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේලාව එපා කිරීමට පුළුවන. ඉදිරියේදී එවැනි දේවල් දිගට හරහට සිදු වුනොත් කුමක් වේවිද? ඒ අන්‍යාගමිකයන් බව අපි පුන පුනා කිව්වත්, අන්‍යාගමිකයන් පවසාවි “එහෙනම් අර අසවල් කෙනත් එක්ක රණ්ඩු කරගත්තේ චීවරධාරියෙක්ද? අසවල් කෙනාගේ බෙල්ලෙන් ඇල්ලුවේ චීවරධාරියෙක්ද? අසවල් තැන කැඩුවේ චීවරධාරියෙක්ද?…” යනාදී ලෙසට. එනිසා චීවරයට නිගරු වෙන ලෙස භාවිතා කරමින් එක් එක් පුද්ගලික මෙන්ම ජාතික අරමුණු පවා ඉ‍ටු කර ගැනීමට යාම බුදු සසුනට සිදුවන මහා භයානක අපරාධයකි.

චීවරය යනු කාටවත් පුරස්කාරය (Royalty) තිබෙන එකක් නොවේ, දඹදිව නිගන්ඨයින්, පරිබ්‍රාජකයින්, තාපසයින් පවා තවමත් චීවරය අඳී. ඉතින් මේ සඳහා සමාජය විසින් සිවුර භාවිතා කරන ආකාරය ගැන නීති රීති දමා බුදු සසුන ‍රැක ගැනීමට හැදීම ප්‍රායෝගික නොවන අතර, එය බුද්ධ වචනය නොපිළිපැදීමක් ද වේ. එනම් බුද්ධ නීතිය වහානී බලෙන් යමක් කරවීම හෝ හැසිරවීම නොව යහපත් මාර්ගය කියා දී ණුවනැත්තන්ට මග පෙන්වීමය, (සතර පාරාජිකා කඩ කළ) නුසුදුස්සන්ගෙන් ඉවත් වීමය. ශ්‍රමණ වේශධාරීන්ගෙන් බුදු සසුන ‍රැකගැනීමට නීති අවශ්‍ය නොවන අතර සමාජය දැණුවත් කිරීම (හැකි තරම් බුදු දහම පැතිරවීම) නිවැරදි ක්‍රමයයි.

“බුදු දහම අනුගමනය නොකරන” චීවරධාරීන්ව හුවා දක්වමින් සමස්ත බුදු දහමට කිසිවෙකුටවත් අපහාස කළ නොහැකිය. කිසියම් ඉගැන්වීමක් මැනිය හැක්කේ එය පිළිපදින අය දෙස බැලීමෙන් මිස ඊට විරුද්ධව යන අය දෙස බැලීමෙන් නොවේ. එහෙත් භික්ෂූන් හෝ ශ්‍රමණ වේශ ධාරීන් නොමනා ලෙස හැසිරීමෙන් සිදුවන්නේ මුකුත් නොදන්නා බෞද්ධයන් ටිකෙන් ටික බුදු දහමින් ඈත් වී බුදු සසුන පිරිහී යාමය.

3276
Thanks!
An error occurred!

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”

උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.

~ ප්‍රියන්ත ලියනගේ

3237
Thanks!
An error occurred!

ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන.

සිංහල ජාතිය අසරණවැ දණින් වැටී සිටින යුගයන්හි දී
නැවතත් ජාතිය කෙළින් සිටවීමට යුග පුරුෂයින් පහළවීම
හෙළ ඉතිහාසයැ පුරාවට මෙන් මැ අනාගතයේදීත් සිදු වන්නකි.

එක් අතකින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට දෙකඩ වෙමින් පවතිද්දී…
තවත් අතකින් සිංහලයාගේ සාරධර්ම පිරිහී යද්දී…
එ අතර අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් බෞද්ධයන්ව බිලි බා ගනිද්දී…
ජාතියේ පිණට ප්‍රදීපස්ථම්භයක් පහළ විය.
ඒ අපගේ ගෞරවණීය සෝම හිමිපාණෝය.

නැණ පහණේ සිට ඈත ගම් දනව් සිසාරා වඩිමින්
සිංහල බෞද්ධයන්ව දැණුවත් කළ උන්වහන්සේ
වික්ෂිප්තවැ මුසපත්වැ සිටි සිංහල බෞද්ධයන්ට
අර්ථයෙන්ද ධර්මයෙන්ද දේශනා කරමින්
නව ජාතික ඉලක්කයක් ඇති කළ සේක.

සම්දි‍ටු දෙවියන්ව පසෙකළා මිසදි‍ටු දෙවි සරණ යමින්
හෙළැ සිරිත පසෙකළා බටහිර දෑ සරණ යමින්
මැතිවරණයකදී විතරක් ජාතිකත්වය සිහි වෙමින්
රුපුන් සමග පෙම් බස් දොඩමින්
අයාලයේ ගිය බොහෝ සිංහලයෝ
සෝම හිමි නම් දිවාකරයාගේ රෂ්මි ධාරාවෙන් ඔකඳව
මඩෙන් පිපි පියුම් සේ, විකසිත වන්නට විය.

ජාතිවාදී හංවඩුව ගැසෙන නිසා
“මම සිංහල බෞද්ධයෙක් මි” යැයි
රහසේවත් කීමට සිංහලයෝ බිය වූ යුගය අවසන් විය.
පරළොවක් ගැන සිතුවේවත් නැති තරුණ තරුණියෝ
සුදු වතින් සරසී, එකාවන්ව
සිරි වජිරඤාණ ධර්මායතනයේ සිට
ඈත ගම් දනව්වේ පන්සල දක්වාම
පෝ දා පෙහෙවස් සමාදම් වූහ.
සිංහල ජාතිය ‍රැක ගැනීම වස්
ජනබලවේග එක් ‍රැස් වන්නට විය.

නැගී එන සිංහල බෞද්ධ බලවේගය ගැන
අති බහුතරයක් අපේ ඇත්තන් උද්දාම වෙද්දී
එදා සිටම තමන්ගේමැ එවුන්ට වින කළ සමහරක් උදවිය
සෝම හිමිගේ දිවිය යටපත් කිරීමට කටයුතු කෙරුවෝය.
ඇස් රෝහලක් සෑදීමට ආධාර දෙන මුවාවෙන්
උන්වහන්සේව රුසියාවට වඩම්මවා
දැයට මිණි පහන අහිමි කරවූවෝය.
එමගින්ම සෝම හිමිව පමණක් නොවැ
උන්වහන්සේ වටා ගොඩනැගුන ප්‍රතිරූපයත් විනාශ කිරීමට
මූලධර්මවාදීහු නරුම උත්සාහයක් ගත්හ…

ප්‍රදීපයක් නිවී ගියද එහි රශ්මිය පවතින්නාක් සේ
අපේ සෝම හිමි එදා දැයට ලබා දුන්
අවවාද සහ අනුශාසනා තවමත් අප සමග තිබේ.
පහත දැක්වෙන්නේ උන්වහන්සේගේ අවසාන දේශනයයි.
ජාතිහිතෛශීන් ශ්‍රවණය කරත්වා.!

ක්‍රි.පූ 161 දී දෙ‍ටුගැමුණු – ඵළාර යුද්ධයේදී
සිංහලයින්ට අත් වු විජයග්‍රහණයට නව පරිච්ඡේදයක් එක් කරමින්
තුන් හෙළය නැවතත් එක්සේසත් කළ සිංහ සේනාවන්ට
යෝධ ශක්තියක් වුන සිංහල බෞද්ධ බලවේගයට පාර කැපුවේ
අපගේ සෝම හිමිපාණන්ය.
එහෙත් ඒ ගමන නන්දිකඩාල් වලින් අවසන් වූවේ ඇයි?…

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි යනු
හුදු පුද්ගලැ ප්‍රතිරූපයක් පමණක් නොවේ,
“ජාතික ප්‍රතිරූපයකි”…
එවැන්නෙක්ව බාහිර පාර්ශවයකට විනාශ කර දැමිය නොහැකිය.
එනිසා සෝම හිමි නම් ජාතික ප්‍රතිරූපය අපවත් කෙරෙන්නේ
අදින් වසර අටකට පෙ‍රැ නොව
උන්වහන්සේගේ අවවාද දනෝ නොපිළිපදින විටැ ය.

උන්වහන්සේව නැවතත් ජීවමාන කළ යුතු මැ නම්
එදා අපට ලබා දුන් අවවාද අනුශාසනා පිළිපදීමට
අප සියල්ලන්ම අදිටන් කරගත යුතුය.

“සිංහල බෞද්ධ අපි පස් පව් වලින් සම්පූර්ණයෙන් මැ වැළකෙමු
මිසදි‍ටු ඇදහීම් වෙනුවට සම්දි‍ටු පිළිපැදීම් වලට යොමුවෙමු
බුදුන් වදාල මාර්ගයේ ගමන් කිරීමට උපරිම උත්සාහය දරමු
බුදු දහමෙන් ලොවම ඒකාළෝක කිරීමට පෙළගැසෙමු
සිංහල ජාතිය වඳ වී යාම වළකාගමු
සිංහල දේශය යළිත් දෙකඩ වීමට ඉඩ නොතබමු
බටහිරයින්ට මව් බිමට අත තැබීමටවත් ඉඩ නොතබමු
අන්‍යාගමික මුලධර්මවාදීන්ගෙන් සසුන ‍රැකගමු.
අන්න ඒ දේවල් අපි කරන දා
ගංගොඩවිල සෝම හිමියන්ගේ ජාතික ප්‍රතිරූපය
නැවතත් ජීවමාන වේවි

දැනට වැඩ සිටින සඟ පිය වරුන්ටත් සිව්පසයෙන් උපකාර කරමින්
උන්වහන්සේලාව ද්වේශසහගතව විවේචනය කිරීමට නොගොස්,
‘රහසෙම නික්මී තිබුනා!’ , ‘අහෝ අද නෑ!’ ආදී
පශ්චාත්තාපයන් සිදුකරගැනීමට ඉඩ නොතබා
දිවි හිමියෙන් ‍රැක ගනිමු.

තෙරුවන් සරණයි.!
ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් පස් වැන්නේ උඳුවප් මස පුර පෑළවිය නම් තිථිය ලත් සඳු දා.

3150
Thanks!
An error occurred!

අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද?

ඒ. සෝභිත වැනි ශ්‍රමණ වේශධාරීන් (පැවිදි නොවී චීවරය දරන්නන්) මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමි වැනි මහත් ආන්දෝලනයට ලක් වූ භික්ෂූන් සහ සතර පාරාජිකා පවා කඩ කරගනිමින් දිගින් දිගටම සසුනේ සිටින තවත් සුළු පිරිසක් ගැන පසුගිය කාලයේදී විශාල වශයෙන් වාද විවාදයන් දක්නට ලැබුනි. එහිදී එකී ශ්‍රමණ වෙස් ගත්තන්ට සහ පාරාජිකා කඩ කළ භික්ෂූන්ට විරුද්ධව කෝටියක් සංවර ශීලය ‍රැකීමේ වැදගත් කම කියමින් කෑ ගැසූ බොහෝ ගිහියන් අඩුම තරමින් නිවැරදිව පන් සිල් ටිකවත් රකිනවාද යන ප්‍රශ්නය අපට ඇති විය.

ඉන් අදහස් කළේ භික්ෂූන්වහන්සේලාගේ විනය ගැන උපදෙස් දීමට ගිහි අපිට අයිතියක් නොමැති අතර රජයත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ පිහිටවීමත් අනවශ්‍ය බවයි. ඒ සඳහා සංඝයා වහන්සේලා නම් මහා ප්‍රවාහය තුළම වත් පිළිවෙත් තිබේ. ගිහි අප කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය සිව් පසයෙන් සහයෝගය දීමයි. එනම් අවශ්‍යව තිබුනේ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් විනය පිටකය ඇසුරෙන් විනයධර මහ තෙරුන් වහන්සේලා විසින්ම කාලීනව සංවාදයක් ආරම්භ කිරීමයි.

ඒ අඩුව පිරවීමට පියවරක් තබමින්, තරුණ භික්ෂූන් වහන්සේලා ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස් දෙමින් “අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද?” යන මැයෙන්, කාලීනව අතිශය වටිනා ලිපියක් ගෞරව ශ්‍රාස්ත්‍රවේදී මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ “ශාසනාවතරණය” ග්‍රන්ථය මෙන්ම වැදගත් වූද ඊට වඩා සංක්ෂිප්තව මෙන්ම සරළ බසින් ලියා ඇති එම ලිපිය තරුණ භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි අපගේත් අවබෝධය පිණිස ඉතාමත් වැදගත්ය. ත්‍රිපිටකාශ්‍රිත ධර්ම කරුණු දක්වද්දී ඊට වස්තු බීජ වූ සූත්‍ර දේශනාවන්ටත් යොමුවන් තබමින්, වර්තමාන සංඝ ප්‍රවාහයේ සෑම අංශයක්ම ආවරණය කරමින් රචනා කොට ඇති ආකාරය අතිශය ප්‍රසංශනාත්මකය. ඉතිහාසය පුරාවටම මෙන්ම වර්තමානයේදීත් අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් අපේ භික්ෂූන් වහන්සේලාව නොමග යවන ආකාරය ගැන සඳහන්ව ඇති ඡේද කිහිපය ඔබ සැමගේම දැඩි අවධානයට යොමු විය යුත්තකි.

ලිපිය මෙතනින් කියවන්න…
http://sinhalabuddhist.com/wp-content/uploads/2011/12/bhikshuwage-karyabharaya.pdf

මෙවන් අගනා ලිපි ඉදිරියටත් පළ කරමින් බුදු සසුන බැබළවීමට පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ ඇතුළු වර්තමානයේදීත් අනාගතයේදීත් වැඩ වසන භික්ෂූන් වහන්සේලාට තව තවත් ශක්තිය ධෛර්යය පිණිස අපගේ පිනුත් අනුමෝදන් වෙත්වා.! තෙරුවන් සරණයි.

ප.ලි.: සුළුතරයක් වූ නමුත් නිතර නිතර ජඩමාධ්‍ය වලින් උළුප්පා පෙන්වීම නිසාම විශාලව පෙනෙන දුස්සීල භික්ෂූන් කෙරෙහි චෝදනා කරමින් මෙතනත් අදහස් පළ කිරීමට සිතන්නන් ට, අති බහුතර සිල්වත් භික්ෂූන් වහන්සේලාටත් අපහාස වෙන ආකාරයට කටයුතු කිරීම වෙනුවටඑවැනි හරවත් ලිපි සියල්ලන් අතරම බෙදා ගැනීම සුදුසු බව, ලිපිය කියවූ පසුව වැටහේවි. බුද්ධිමතුන්ගේ සංවාදයට විවෘත්තයි

3019
Thanks!
An error occurred!

කඨින චීවර පූජාව… මේ මහා කුසලය කරගැනීමට කාලයයි.

වසන්තය තුලදී පරිසරයේ විසිරී ගොස් නිදා සිටින ගස් වැල් වල බීජයන්ව, වසන්තය නිමා වී ඇති වන වස්සානයේ සීතල දිය දහරා පහරවල් වලින් කූද්දද්දී, පොරවාගෙන සිටින හියුමස් බ්ලැන්කෙට්‍ටුව ඈත් මෑත් කර අවදි වී අහස දෙස බලා තම කොළ පැහැ අත් දිග හරිමින් දළු ලා වැඩීමත්, ඒ පැළෑටි වලට බාධාවක් නොකිරීමටදෝ කුඩා කුරුළු කොබෙයියන්ගේ සිට මහා වනාන්තර වල සිටින සද්දන්ත හස්තිරාජයන් දක්වා නානාප්‍රකාර ජීවීන්, තම තමන් ලගින තැන් වලට වී නිස්කලංකව සිටීමත්, මේ සිරි ලකේ සිටිනා අපිට මෙන්ම අතිත භාරතවාසී ජනතාවටත් අපූරු අත්දැකීමක්ම විය. ඒ විස්මයෙන් ප්‍රමුදයට පත් වූ අතීත භාරතවාසී නිගන්ඨයෝ, ගස් වැල් වලට ජීවය ඇතැයි සිතා වස්සාන කාලයේ සංචාරය කිරීමෙන් වැළකී සිටියා පමණක් නොව, වළකින ලෙස බුදුරජාණන් වහසේ ඇතුළු ශාක්‍ය පුත්‍ර භික්‍ෂූන් වහන්සේලාගෙන් ද ඉල්ලීමක් කළහ.

කඨින චීවර පූජාවේ මූලාරම්භය

ශාක වලට ජීවයක් නොමැති බව නිදුකාණන් වහන්සේ දේශනාකොටවදාරා තිබුනත්, මා හට සිතෙන ලෙස, සංයුක්ත පද්ධතියක් ලෙස හැඩ ගැසී ඇති පරිසරයට තම ශ්‍රාවක සංඝයා වහන්සේලාව අනුගත කිරීම උදෙසාත්, වෙනත ආගමිකයින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් වලට නම්‍යශීලී වීමක් ලෙසත්, අතීත කප් වල වැඩ විසූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලත් තිබුන ඇවතුම් පැවතුම් ඉ‍ටු කිරීම උදෙසාත්, බුද්ධත්වයෙන් විසි වසරකට පසුව වස් විසීම අනුදැන වදාලහ.

මෙසේ වස්‌ සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ සාකේත නුවර සිට සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැසි බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියහ. අතරමගදී වැස්‌සක්‌ ඇද හැලුණොත් භික්‍ෂූන් වහන්සේලා තෙමී ගිය සිවුරෙන් බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. උන්වහන්සේලා සතුව වෙනත් සිවුරු නොවීය. මෙම කරුණ තේරුම් ගත් බුදුපියාණෝ කඨින සිවුරක්‌ වස්‌ වසා නිම කළ භික්‍ෂූන්ට පිළිගැනීමට අවසර දුන්හ.

සිංහල ඉතිහාසයේ දැක්වෙන කඨින චීවර පූජාව

දුටුගැමුණු මහ රජතුමා කඨින චීවර විසි හතරක් විසි හතර වාරයකදී පූජා කළ බව සඳහන් වෙයි. පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රම බාහු රජතුමා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ වෙනුවෙන් කඨින චීවර දානයක් දෙමියි කියා සිතා එක් දිනකදීම කපු නෙලීම කැටීම ආදිය කොට චීවර කර්මාන්ත කරවා කැප ගරු භාණ්ඩයන් සමග අසූවක් කඨින චීවර අසූ තැනකදී පූජා කළේය. එසේම කෝට්ටේ රාජධානියේ රජකම් කළ සවැනි පරාක්‍රමබාහු මහ රජතුමා වසරක් පාසා රුහුණු මායා පිහිටි යන ත්‍රි සිංහලයෙහි මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජා කළේය. එතුමා තුන් දහස් හාරසිය තිස් දෙකක්ම කඨින චීවර පූජා කළ බව කියනු ලැබේ. මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ද ශ්‍රී රාජාධි රාජසිංහ රජතුමා ද මේ අන්දමට කඨින චීවර පූජා කළහ.

කඨින පින්කමක් සිදු කිරීමේදී පවත්නා සම්මතයන්
[1] අනාගත ශාසනාභිවෘද්ධියට කඨින චීවර පූජාව මෙසේ අනුදැන වදාළ බුදුරජානන් වහන්සේ මෙසේ කඨින සිවුරක්‌ පිළිගත හැක්‌කේ ඇසළ පෝදා වස්‌ සමාදන් වූ, වස්‌ ශික්‍ෂා පදය මැනවින් රැක, වප් පෝයෙන් වස්‌ පවාරණය කරන භික්‍ෂුවට පමණක්‌ බව දේශනා කළ සේක. චීවර මාසය හෙවත් වප් පොහොය දින සිට ඉල් පොහොය දක්වා දින විසි නවය තුළදී කඨින චීවර පූජාව සිදු කළ හැකිය.
[2] ඇසළ පෝදා වස්‌ සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන් වහන්සේලාට නිකිණි පෝදා වස්‌ සමාදන් විය හැකි වූවත් කඨින සිවුරක්‌ පූජා ලැබීමට නොහැකිය. උන්වහන්සේලා වස්‌ පවාරණය කළ යුත්තේ ඉල් පෝ දිනය.
[3] මේ පින්කම සඳහා අවම වශයෙන් උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා පස් නමක්වත් සම්බන්ධ විය යුතුය.
[4] වෙසෙසින්ම, කඨිනයක් කඨිනයක් වීමට කරුණු 24ක් ද, එසේ නොවීමට හේතු 17ක් ද ඇති බව සඳහන්.

“කඨින” යන්නෙහි තේරුම
මේ පිළිබඳව දිනුෂ් විතාරම මහතා වටිනා පැහැදිලි කිරීමක් කර තිබුණි. එනම්, කඨින යන වචනයෙන් අදහස් වන්නේ ‘තද’ ‘දැඩි’ යන තේරුමකි. තවද, ස්ථිර අකම්ප්‍ය යන වචනය ද එයට ගැලපෙයි. නො සැලෙන නො බිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකට ද ව්‍යවහාර කරන නමකි. මෙය දෙපොට සිවුර ය, තනිපට සිවුර ය, අඳින සිවුර ය යන තුන් සිවුරෙන් එක් සිවුරක් අරමුණු කොට ගෙන සෙවිය යුතු හෙයින් කඨිනය යන නම ලබයි. පුණ්‍ය කර්මය ද කඨින නම් වෙයි. කඨිනය නො සැලෙන, නොබිඳෙන, ස්ථිර වූ එමෙන් ම ප්‍රශංසා කටයුතු, ඒක ඝන වූ ආනිශංස ඇති පින්කමකි. පෘථිවිය මෙන් අකමප්‍ය, මහා මේරු පර්වතය මෙන් නිශ්චල, වජ්ර පර්වතය මෙන් බිඳිය නො හැකි, ඝන වූ යන අර්ථයෙන්, ‘කඨිනය’ නම් වෙයි. එය අතිශයින් ස්ථිර වූ කුසල කර්මයකි.

කඨින පෙරහැර

වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට පූජා කරන කඨින චිවරය ගමේ බොහෝ දෙනාට අත ගස්සවා කඨින පින්කමෙහි ආනිසංස අනුමෝදන් කර ගැනීමට සැලැස්සවීමට අතීත සිංහල බෞද්ධ ගැමියාට අවශ්‍ය විය, ඒ සඳහා කඨින චීවරය මහත් පුද සත්කාර සහිතව තුන්යම් රාත්‍රිය පුරාම පෙරහැරකින් ගම පුරා වැඩම කරවීම සිරිතක් කර ගත්තෝය. රාත්‍රී කාලයේදී පෙරහැර ග්‍රාම සංචාරය කිරීමට හේතු වූයේ කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවෙන අවස්ථාවේදී කඨින චීවරය පූජා කිරීමේ නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකුණ බැවිනි.ඉතින් රාත්‍රි කාලයේ නිදා සිටින ගැමියන්ට කඨින පෙරහැර එන බව සංඥා කිරීමටත්, මග දෙපස සිටින වන සතුන්ගෙන් බේරීම සඳහාත්, අතීත සම්ප්‍රදාය බෞද්ධ සම්ප්‍රදායට අනුගත කිරීමක් ලෙසත් කඨින පෙරහැරට තූර්ය වාදන, නැ‍ටුම් ගැයුම් ආදියත් අතීත සිංහලයෝ එක් කළහ.

එහෙත් බටහිර සංස්කෘතිය මෙන්ම දෙමළ සංස්කෘතියද ගෙඩි පිටින්ම කඨින පෙරහැරටත් ඔබ්බවා ගැනීම නිසා, වර්තමානයේදී සමහර ප්‍රදේශ වල මෙම කඨින පෙරහැරේ ඇති බෞද්ධත්වය බොහෝ දුරට විනාස වී ඇති බව පෙනෙයි. මේ ගැන වෙනම ලිපියකින් අදහස් පළ කිරීමට බලාපොරොත්තු වෙමි.

කඨින චීවරය පිළිගැන්වීමේ ආනිසංස
නාගිතාපදානයට අනුව නාගිත නම් පුද්ගලයෙක් එක් භවයකදී කඨින චීවරයක් පූජා කර අර්හත් භාවය පාර්ථනා කර ඇත. ඒ පින නිසාම ඔහු කිසිදා සතරමහාපායට නොවැ‍ටුන අතර දෙව් මිනිස් සැප කෙලවර අර්හත්භාවය ලබාගත් බව සඳහන් වේ. පංචානන්තරීය පාප කර්ම වලට අයත් නොවන කිසිදු අකුසලයකින් කඨින චීවරය පූජා කිරීමේ මහා ආනිසංසය යටපත් නොවේ, සක්දෙව් සැප සක්විති සැප ආදී සම්පත්තියන් ලැබීමට තරම් වාසනා සම්පත් ඇති කුසලකර්මයකි. යමෙක්‌ මෙම පින්කම සිදු කරන්නේ නම් කිසිදු දිනෙක දුගතියක නූපදින බවට සාක්‍ෂි නාගිතාපදානයෙන් ප්‍රකාශිතය.

කුමන සම්පත් ලැබූවත් සසර දුක්‌ කෙළවර කිරීමෙන් තොර වුවහොත් ජාති ජරා මරණාදී පොදු වූ දුක්‌ඛයනට ගොදුරු වේ. එම නිසා මෙම පින්කමේදී සසර ගමන දීර්ඝ වන පරිදි භව තෘෂ්ණාව වර්ධනය නොකර ගනිමින් බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සුක විය යුතුය. කුශලකර්මවල විපාක විඳිමින් පින්කම්වල නිරත වෙමින් සසරේ රැඳීමට වඩා ඉක්‌මනින් සසර දුක්‌ නිම කරන්නට අප ලබා ඇති මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ශ්‍රී සද්ධර්මය තුළින් අවබෝධ කර ගත යුතු බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

අප සියළු දෙනා පූර්වයේ කුසල් සම්භාරයන් වැපිරීම නිසා නිසා වර්තමානයේදී මනුශ්‍ය භවයන් ලබාගෙන අති අතර, එමගින් අස්වනු නෙලා ගැනීමට දැන් කාලයයි. නිවන් දක්නා තුරා යහපත් තැන්හී ඉපද පින් දහම් ‍රැස් කරගැනීමට ඉවහල් වන මෙම මහඟු කඨින චීවර පූජා පුණ්‍ය කර්මයට සහභාගී වෙන ලෙස සිංහල බෞද්ධයා අඩවිය හරහා ඔබ සැමට කාරුණිකව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි…

ආශ්‍රිත: 1 2 3 4 5 6 7 8

2544
Thanks!
An error occurred!

සිරස ටීවී, බන්දුල සහ බුද්ධශාසනයේ අනාගතය

ඇමති බන්දුල ගුණවර්ධනයන් පැවැත්වූ දානයක් ගැන සිරස ටීවී එක විකාශය කළ වැඩසටහනක් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබෙන්නේ එය හුදු දේශපාලඥයෙකුට කළ නිග්‍රහයක් නොව සමස්ත බෞද්ධ සම්ප්‍රදායටම එල්ල කල මරු පහරක් බැවිනි. බන්දුල ගුණවර්ධනයන් තබා දුටුගැමුණු මහ රජතුමාට වුවද කවුරු හෝ පුද්ගලික හෝ දේශපාලන කෝන්තරයක් නිසා පරිභව කළාට අපිට කම් නැත. නමුත් එමගින් ශාසනයට හානියක් වෙනවානම් ඒ ගැන කතා කළ යුතුය. ඉතින් එම සිදුවීම ගැන අපි මෙලෙස විශ්ලේෂණය කර බලමු.

[1] මුලින්ම ඔවුන් පවසන්නේ “මේ පාසල කේන්ද්‍ර කරගනිමින් සිදු වන්නා වූ දෑ අනුව එමගින් අධ්‍යාපන ක්ශේත්‍රයට හඳුන්වා දීමට යන සංස්කෘතිය ප්‍රශ්න කළ යුතු බවයි”. නමුත් දානයක් දීම බෞද්ධයින්ට සංස්කෘතික ප්‍රශ්නයක්ද? සමහර විට අන්‍යාගමික මූලධර්මවාදීන්ට නම් මේ බෞද්ධයින් කරන දානමය පින්කම් ප්‍රශ්නකාරී විය හැකිය. බෞද්ධයින්ගේ දානමය කටයුතු ප්‍රශ්න කිරීමට සිරසට ඇති අයිතිය කුමක්ද? දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්මය මෙන්ම දස පාරමිතා වලද ප්‍රමුඛස්ථානය ගන්න “දානය” සෑම බොදු දරුවෙක්ම පළමුවම ප්‍රගුණ කළ යුත්තකි. ඉතින් මේ සිරසක් නැති සිරස ප්‍රශ්න කරන්නේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයාට හඳුන්වා දුන් තවමත් සුරැකී පවතින බෞද්ධ සංස්කෘතිය නේද?

[2] මීට දින 55 කට පෙර විවෘත වුන පාසලක දානයක් දීමට තරම් සාධාරන නිමිත්තක් නැති බවද ඔවුන් පවසයි. නමුත් ඕනෑම බෞද්ධයෙක්ගේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේදී දානයක් දෙන බව සිරසේ ලොක්කන් දන්නේ නැද්ද? නැත්නම් ඔවුන්ගේ සිරසේ දෝශයක්ද? අනික් අතට දානයක් දීමට නිමිත්තක් අවශ්‍යද? ඒ නිමිත්ත කුමක්ද?

[3] දානයක් දීමට මහජන දිනය වෙන් කිරීමද සිරස විසින් ප්‍රශ්න කර ඇත. නමුත් සිරසේ සිටින අන්‍යාගමික මිසදිටුවන් නොදන්නා දේනම් දානයක් දීම මහජන සේවාව කිරීමට වඩා උසස් දෙයක් බවයි. බුදුරදුන් වදාල අට මහා කුසල් අතර සාංඝික දානයද ඇතුලත් වෙන නමුත් මහජන සේවාව ගැන සඳහන්ව නැත.
කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. ඉතින් සිරස ජඩමාධ්‍යවේදීන් බුදු බණටත් අභියෝග කරනවාද?

[4] එසේම මෙම දානය සිදු කළේ කිසියම් අයෙක්ගේ හෝ පිරිසකගේ පෞද්ගලික ධනයෙන් බව සිරස පිළිගනී. එය පෞද්ගලික දානයක් නිසා එහි වරදක් නැතිලු. නමුත් ඔවුන් නොකීවා වුනාට හුණුපිටිය ගංගාරාමය, කැළණි රජ මහා විහාරය වැනි විහාරස්ථාන වලින් දන් දෙන්නේ මහජනයාගෙන් එකතු කරගත් මුදලිනි. එසේනම් සිරසට අනුව මහජන මුදලින් දන් දන් දෙන ඒ පින්කම් පවා වැරදි විය යුතුය.

[5] ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණි වාහන වලට ඉන්ධන සැපයීමේ දන්සැලක් තිබුනේ නැති බවද සිරස පවසයි. නමුත් පින්කමක් සඳහා මහජන මුදල් යෙදවීම වැරදිද? වෙස්සන්තර ජාතකය අසා අපි පහන් සිත් ඇති කර ගන්නෙමු. නමුත් සිරස ජඩමාධ්‍යවේදීන් මෙලෙස අසාවි. “වෙස්සන්තර රජතුමා දන් දුන්නේ තමන් දාඩිය මාන්සියෙන් හම්බු කළ ධනයද? රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දන් දීම මහජන දේපල කොල්ලයක් නොවේද?” :D මෙවැනි බොලඳ තර්ක ගෙන එන සිරස පවසන්නේ රාජ්‍ය දේපල කිසි විටෙකත් බෞද්ධ පුන්‍ය කටයුතු වලට යොදා නොගන්න කියන එක නේද? අනෙක් අතට රාජ්‍ය නිලධාරීන් විසින් කරන වර්ශාවසාන විනෝද සවාරි සහ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වුන ධාවන තරගයේ ඉන්ධන ගැනවත් සිරස කතා කළේ නැත. මෙම නිලධාරීන්ම ඔවුන්ගේ පුද්ගලික ගමන් සඳහා පින් කමට වැය වුන ඉන්ධන මෙන් තිස් ගුණයකට වඩා ඉන්ධන මසකට වැය කරන බව නොරහසකි. ඒවා ගැන තර්ක නොකළ සිරස, දානය සඳහා වැය වූ ඉන්ධන ගැන කතා කරන්නේ ඇයි? නමුත් සිරසේ අලුත්ම නීතියට අනුව දානයක් දීමේදී ඉන්ධන දන්සැලක්ද ඒ අසල පැවැත්විය යුතුය. මෙය බුද්ධශාසනයේ චිරාගත සම්ප්‍රදායටම කළ සාපරාධී අපහාසයකි.

[6] සිරස පවසන පරිදි පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන අකර්මන්‍ය කළේ රාජ්‍ය නිලධාරීන්නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. නමුත් “දන් දීමේ පින් කම් වලට තිත තැබිය යුතුය” යන්න බරපතල ප්‍රකාශයකි. පින්කම් කිරීම බෞද්ධයින් පමණක් නොව අන්‍යාගමිකයින් පවා සිදු කරන දෙයකි. පින් කම් වලට තිත තැබීමට හදන සිරස පැතිරවීමට යන දෘශ්ඨිය කුමක්ද?

[7] මෙම දානයේ පසුබිම ගැන සලකා බැලුවොත් බන්දුල ගුණවර්ධනයන්ට අනුව තම මෑණියන්ට පුන්‍යෝදනාවක් වශයෙන් තම ජන්ම දිනයේදී පවත්වා ඇත. නමුත් මැතිවරණයක් ආසන්නයේදී පැවැත්වූ නිසා මෙමගින් දේශපාලන වාසියක් ලබෙන බව සත්‍යකි. අනෙක් අතට මැතිවරණයට පෙර මෙම පුවත විකාශය කර සිරසද තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ට අනුව කටයුතු කර ඇති බව පෙනේ. නමුත් දේශපාලන වාසි තකා සමහර බලවතුන් කරන අරක්කු සාද ගැන විවේචනය නොකළ සිරස විසින් දානයක්ම විවේචනය කරන්නේ ඇයි?

[8] ලොකුවට මහන්සි නොවී, පිනක් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි අනුමෝදන් වීම. සිරස බළල් අතට ඒ හැකියාව නැති බව පෙනේ. ඔවුන් කර ඇත්තේ දානයක් ගැන වැරදි චිත්‍රයක් මවමින් එයට සම්බන්ධ වුන අයගේ පවා සිත් දූෂණය කරමින් අකුසල් අනුමෝදම් කිරීම නේද?

[9] දානයක් වළක්වනවා නම් දානය පරිභෝජනය කරන පැත්තට කරන්නේ විපතක්. දායකයාට කරන්නෙත් විපතක්, ඊලඟට ද්වේෂ සහගතව සිතිවිලි හසුරුවලා තමනුත් පව් කරගන්නවා. මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම දානයක් වළක්වන්නේ ‘හොරෙක්’ කියලා.

[10] පින් දහම් රැස් කරගැනීම යනු දරුවන්ට පෙළ පොතින් ඉගැන්විය හැකි දෙයක් නොවේ. එනිසා මෙය දරුවන්ට කරන ලද මහත් සේවාවකි. පින් දහම් කිරීමාට විරුද්ධ වීම පසුපස ඇත්තේ කුමන බළල් අතක්ද යන්න ජනතාව දනී. පාසලක් ඇරීම යනු සිර ගෙවල් සියයක් වැසීම ලෙස දක්වන්නේ පාසලෙන් උගන්වන ශාස්ත්‍රීය විශයන් නිසා දරුවන් යහමගට යාමට අමතරව දන් දීමට ඉගැන්වීම වැනි ධාර්මික කටයුතු නිසාද සමාජය යහපත් වන බැවිනි.

[11] සමාජය යහපත් කිරීමට විරුද්ධ සිරස කරන්නේ හැකි තරම් ඉන්දියානු මෙගා නාට්‍ය පෙන්වමින් ඒවායේ ගැටුම් උලුප්පා දක්වමින් සමාජයේ ක්‍රෝධය සහ වෛරය ඇති කිරීම නේද? මනෝ වෛද්‍ය විශේෂඥ ඩී වී ජේ හරිස්චන්ද්‍ර මහතා සහ තවත් බොහෝ මනෝ විද්‍යාඥයින්ට අනුව මෙම රූපවාහිනී නාලිකා වලින් පෙන්වන ප්‍රචන්ඩත්වය සමාජයට ඉතාමත් හානිකරය.

[12] සිරස මාධ්‍ය ජාලයේ අතීතය ජනතාවට තවමත් අමතක නැත. රණවිරුවන් කිලිනොච්චිය ජයග්‍රහණය කරද්දී සිරස කළේ කොළඹ කිසිවෙකුට හානියක් නොවී පිපිරී ගිය බෝම්බයක් ගැන පැය බාගයකට වරක් පුවත් විකාශය කරමින් අර කිලිනොච්චි ජයග්‍රහණය ජනතාවගෙන් වසන් කිරීමට නින්දිත උත්සාහයක් ගැනීමය. එසේම මානුශික මෙහෙයුම දිනවලදී සෑම පුවත් ප්‍රකාශයක් ආරම්භයේම සිරස ගුවන්විදුලිය “යුද්ධයක් දිනූ රටක් නොමැත” කියමින් ත්‍රස්තවාදීන්ව පැරදවීමට බැරි බවට ජන මතයක් ඇති කිරීම දිගටම කළේය. ඉතින් ඒ දිනවල සිරස මාධ්‍ය ජාලයේ න්‍යායපත්‍රය කුමක්ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත.

source: www.tamilnet.tv/news

[13] කවුරුන් තරහා වුවද සිරස නරඹන උදවියගෙන් අති බහුතරයක් බුදු දහමට වඩා එක් පක්ෂයක් ඔළුව උඩ තබගෙන ඇති බව පැවසිය යුතුය. ඉතින් ඒ අනුව සමාජය ප්‍රධාන වශයෙන් දේශපාලන පිල් දෙකකට බෙදී ඇත. සිරස ඕනෑම ජරා වැඩක් කළ විට සහ තවකෙක් ඒ වැඩේ විවේචනය කළ විට සිරස නරඹන උදවිය දේශපාලන කණ්නාඩිය දමාගෙන සිටින නිසා ඔවුන්ට එය පෙනෙන්නේ සිරස විවේචනය කිරීම යනු තම දේශපාලන පක්ෂයද විවේචනය කිරීමක් බවයි. ඉතින් සිරස ටීවී එකේ ප්‍රේක්ෂකයින් සිරස විසින් කරන ඕනෑම සදාචාර විරෝධී දෙයක් සාධාරණීකරණය කිරීමට සහ තමන්ද එය සාධාරනීකරණය කර ගැනීමට සැදී පැහැදී සිටියි. උදාහරණ ලෙස සිරස ගෙන ආ එම පුවත සාධාරණීකරනය කරගත් උදවිය ඉදිරියට කිසිදු රජයේ දේපලක් හෝ රාජකාරී කාලයෙන් බිඳක් දානයක් දීමට යොදා නොගනීවි. ඉදිරියේදී කිසිදු රාජ්‍ය ආයතනයක දානයක් දීමට පවා මේ උදවිය විරුද්ධ වේවි. ඒ අනුව මෙවැනි පුවත් විකාශ යොදා ගනිමින් බුදු දහමින් තම ප්‍රේක්ෂකයාව ටිකෙන් ටික ඈත් කරන බව කාටවත් නොතේරේ. ටිකෙන් ටික පටන් ගන්නා මේ ක්‍රියාවලිය පසුව දළදා පෙරහැර විවේචනය කර එතැනින්ද නොනැවතී සමස්ත බුද්ධ ශාසනයම ජනතාවට එපා කරන තැන දක්වා දුර දිග යාවි.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

ආශ්‍රිත ලිපි:

http://www.dayariya.info/posts/413

http://www.gossip9.com/2011/03/blog-post_1966.html

http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=4446:—10—-&catid=1:latest-news&Itemid=269

1422
Thanks!
An error occurred!