පහත දැක්වෙන්නේ Dr. Zakir Naik නම් අයෙකු විසින් දෙවියන් සිටිනවාද යන්නෙන් පවත් මීට වසර කිහිපයකට පෙර පවත්වනු ලැබූ දේශණයයි.
මෙහිදී දෙවියන් ලෙස මෙතුමා හඳුන්වාදෙනු ලැබූයේ මැවුම්කරුවා නිසා මෙතුමාගේ තර්කය වන්නේ මැවුම්කරුවෙක් සිටින බවයි. බුදුදහමේ දෙවියන් යනු කවුරුදැයි පැහැදිලිව හඳුන්වා ඇත. එනම් ඔවුනුත් අප මෙන්ම තවත් විශ්වයේ සිටින ජීවීන් කොට්ඨාසයක් වන අතර මනුශ්‍යයින්ට වඩා බුද්ධියෙන් වැඩි ජීවීඉන් කොටසකි. වැඩි විස්තර සඳහා අපගේ “බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන්න” මැයෙන් පළවූ ලිපිය බලන ලෙස ඉල්ලා සිටිමි.
දෙවියන් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව එකී ලිපියෙන් නිසි පරිදි දක්වා ඇති නිසා මෙම ලිපියෙන් එම ප්‍රස්තුතයම කතා කිරීමට නොයමි. නමුත් මම පෙර සඳහන් කළ විඩියෝවේ කතා කරන මහතා, “විශ්වයට මැවුම් කරුවෙක් සිටිනවා” ලෙස දක්වන අදහස් වලට පිළිතුරු දැක්වීමට කැමැත්තෙමි. එතුමා පවසන දෙයෙහි සත්‍යතාවයක් නොමැති නිසා එය සිංහලට පරිවර්තනය කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සිතේ.
දැන් අපි එම වීඩියෝවේ සිටින මුසල්මානුවා දක්වා ඇති තර්ක ගැන විමසා බලමු.
පළමුව; විශ්වයේ ආරම්භය මහා පිපිරුම න්‍යෘය මගින් බොහෝ විද්‍යාඥයන් විස්තර කෙරෙනවා. වත්මන් විශ්වයේ ප්‍රසාරණය වන වේගය අනුව හා අන්තරීක්ෂ කිරණ අධ්‍යයනයෙන් එය ගණිතමය වශයෙන් වුව පැහැදිලිව දැක්වීමට පුලුවන්. ඔහු එය ආරම්භය යැයි පැවසුවත් අපගේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුව එය දාමයක එක් පුරුකක් පමණයි. එනම් නැවත නැවත චක්‍රීයව සිදුවන ක්‍රියාවලිකය එක් අවස්ථාවක්.
සංවට්ට හා විවට්ට නමින්ම දක්වන විශ්වයේ ප්‍රසාරණය හා සංකෝචනය දිගින් දිගටම නොනවත්වාම සිදුවන ක්‍රියාවලියක්. බුද්ධ කාලයේ මෙන්ම ඊට පෙර පසු කාල වල දීද මහත් ඍද්ධි ඇති පුද්ගලයින සමකාලීන වෙනත් ආගම් වල ද සිටියා. ඔවුන් විශ්වයේ බොහෝ දුර බැලුවා. එනම් සිත මනාලෙස පිලිවෙලකට දියුණු කළ අයකුට එය සාමාන්‍ය දෙයක්. පෘථිවියේ හැඩය ආදිය එවැන් දැනුම් පද්ධතිවල අයට රහසක් හෝ විශ්මයක් නොවේ. බුදු රජාණන් වහන්සේගෙන් විශ්වය හා ආරම්භය පිලිබද විමසන සැම අවස්ථාවක දීම කිහිප වරක් විමසී නම් පමණක් ඒ දේශනා කලේ එය දේශනා කිරීමට බුදු වරයකු අවශ්‍ය නොවන නිසා. හබල් දුරේකෂය මගිනුත් සොයා ගත හැකි තරම් මනුෂ්‍ය විඥාණය හා ගැලපෙන එවන් සරළ සිද්ධාන්තයන් දේශනා කිරීමට වඩා බුදුරජාණන් වහන්සේ විසින් සත්වයා හට නිවැරදි මාර්ගය පෙන්වීම ගැන කටයුතු කලේ එබැවින්. එම කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් ධ්‍යාන මට්මට දක්වා සිත දියුණු කිරීමෙන් පසු පහසුවෙන් එයට මාරගය සොයා ගත හැකියි.
තම තමන්ට ගෝචර වන සීමාවන් තුල සිට ආරම්භයන් පැනවුව ද සියලු කාලයන් පිලිබද ආවරණයක් නොමැති ඥාණයක් තිබු බුදු රජාණනන් වහන්සේ එම ආරම්භයන් ඉක්මවා ඇති ආරම්භයක් නොමැති සසර ගැනත්, ආරම්භයක් නොමැති ප්‍රසාරණය වෙමින් සංකෝචනය වෙමින පවත් වා විශ්වය ගැනත්, සැදෙමින් විනාශ වෙමින් පවත්නා නොයෙක් මට්ටමේ ලෝක ධාතුන් ගැනත් දේශනා කළා. ඒ හුදෙක් කුතුහලය සංසිදුවීමටමත් අනුගාමිකයින් ඇති කර ගැනීමටවත් නොවේ. එයින් අප වෙසෙන ලෝකයේ නොරැදීමට සුදුසු තැනක් බව පෙන්වීමටයි. වහ වහා උත්සාහ කර මෙයින් මිදීම කළ යුතු බව දැක්වීමටයි. අප නොයෙක් ලෙස ඇති කරගෙන තිබෙන බේදයන් පදනමක් නොමැති ඒවා බව පෙන්වීමටයි.
සැම දෙයකටම ආරම්භයක් ඇතැයි යන සිතුවිල්ල මිනිසාට නිරායාසයෙන්ම තම අත්දැකීම් හරහා ඇති වන්නක්. මෙහි දෙවියන් ලෙස සලකනුයේ ව්‍යවහාර වශයෙන් නමක් පමණි. එය මැවුම්කරු යන අර්ථයෙන් නොයෙදේ. එනම් ඔවුන්ද අප බදුම බුද්ධිමත් සත්ව කොට්ඨාසයකි. අපටද වඩා බොහෝ සැප සම්පත් විදිමින් සිටින කොටසකි.
අප දන්නා විශ්වවේදයට අනුව විශ්වයේ දෘෂ්‍ය ස්කන්ධයට වඩා සැගවුන් ස්කන්ධයක් සහිත බව දැක්වේ. එබැවින් අපගේ ඉන්ද්‍රියන්ට සංවේදී නොවන අප පෘථීවිය ආශ්‍රිතවම ඇති සමාන්තර තලයන්හි මෙම දිව්‍ය හා බ්‍රහ්ම ලෝකයන් ඇති බව පැහැදිලියි.
පෘථීවි තලයට එක් එක් දුරින් වෙන වෙනම මෙම තලයන් පිහිටා ඇත. පෘථීවියේ සිට පළමුව ඇති දෙව්ලොව චාතුර්මහාරාජිකය ලෙස දැක්වේ. එහි වැසියන් අප පෘථීවිය සමගද ඍජුවම සම්බන්දකම් පවත්වන බව සදහන්. එයට ඉහලින් යාමය, තව්තිසාව, තුසිතය, නිම්මානරතිය, පරිනිම්මිත වසවත්තිය යන දිව්‍යලෝකයන් පිලිවෙලින් පිහිටා ඇති අතර එක් එක් තලය අතර ඇති දුර මෙන්ම පෘථිවියට සාපේක්ෂව ඒවායේ කාලය ගතවීමේ වෙනස් කම් ද සුත්‍රයන්හි දැක්වේ.
බුදු දහමේ පෘථිවියේ නිර්මාණය මෙන්ම එය විනාශ වන ආකාරයද පැහැදිලිව දැක්වේ. කලකදී දුවිලි බවට පත්ව ක්‍රම ක්‍රමයෙන් එය ඝන බවට පත්වී ජීවයට සුදුසු ආකරයට පත් වේ. එමෙන්ම ආලෝක මාත්‍ර ශරීරයක් ඇති ජීවින්ගේ සිට ආදී පෘථීවි සුපය ඇසුරු කරගනිමින් ක්‍රම ක්‍රමයෙන් සත්වයින් පරිණාමය වන අකාරය බුදු රජාණන් වහන්සේ දක්වා තිබේ.
එමෙන්ම දහස් ගණන් සූර්යයන්ගෙන් යුතුවන මන්දාකිනී, මන්දාකිනි දහස් ගණනින් සැදුණු මන්දාකිණි පොකුරු, මන්දාකිණි පොකුරු දහස් ගණනක් එකතු වී සැදුනු සුපිරි මන්දාකිනි පොකුරු ගැනද එහි පැහැදිලිව දැක්වේ. මෙය නිර්මාණයක් බව සිතා සිටින ඇතැම් දේව කොට්ඨාසයන් කලින් කලට මෙම පෘථීවි තලය මත මිනිසුන් ලෙස උපත ලබා මිනිසුන් යහපත් බවට පත් කිරීමට තම ඉගැන්වීම දේශනා කරන ආකාරයත් ධර්මයේ සදහන්.
බටහිර විද්‍යාවෙත් සියවසකටත් පෙර තිබුණ දැනුම විතරක් සොයා ගැනීම් කියලා ගන්න බවක් පැහැදිලියි. ඒ දැනුමෙන් වුනත් ගෝලාකාරව අභ්‍යවකාශයේ දී සුර්යා හා ග්‍රහයින් නිර්මාණය වෙන විදිය පෙන්නන්න පුලවන්. සමාන්තර තලයන් ගැන වුනත් පසුකාලීන විද්‍යාත්මක දැනුම ප්‍රතික්ෂේප කරන්නෙ නැ.
කොතරම් කව්රු වෙර දැරුවත් මේ විශ්වය පිලිබද මැවුම් සංකල්පය අනාගත මිනිසා විසින් අලුයම ලූ කෙල පිඩක් සේ ඉවතලන දිනය වැඩි ඈතක නොවේ.හැබැයි ඒ වනවිට ඔය එලුවන් කපමින් බුදුන්ට අපහාස කරන අය මිනිස් භවයක අහලකවත් නැත.මන්ද ඔවුන් අපාගතව හෝ ප්රේතලෝකයේ වසන බැවිනි.විශවයහි ආරම්භය පැවැත්ම සහ ඉරනම ගැන අංශු මාත්රයකවත් අවබෝධයක් බුදුන්ට හැර වෙනත් කිසිම ආගමික සාශ්තෘවරයෙකුට නොතිබුන බැවින් කෝකටත් තෛලය වන දේව මැවුම් වාදය ඉදිරිපත් කර ඇත. බුදුන්ගේ දැනුම ගැන අංශුමාත්ර හෝ අවබෝධයක් ගැනීමට භාවනාව ප්රගුන කර සමාධිගත ඥානයකින් විශ්වය දෙස සහ බුදුන්ගේ ඉගැන්වීම් දෙස බලන ලෙස සියල්ලන්ටම ආරාධනා කරමි.
මෙම ලිපිය Dinush Witharama සහ Rohitha Pradeep Kumara සොයුරන් විසින් ෆේස්බුක් හි තබන ලද සටහන් උපුටාගනිමින් ලියා ඇත.
![96664main_galaxy_string_4[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/96664main_galaxy_string_41-500x337.jpg)

නුදුරු සහෘද අදහස්