වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුහුණ දිය වී යාමේ භයානයක රෝගයකින් පෙළෙන මේ අම්මාට හැකි උපකාරයක් කරමු

…කය නම් අසාරය … බව නම් බයංකාරය…

පින්වත් මිතුරු මිතුරියනි, තම දිවියේ නොවිඳිනා දුක් කම් කටොළු විඳි අපගේ ආදරණීය අම්මලාට මෙන්ම මේ අම්මාටත් තම ජීවිතයේ සැඳෑ කාලයේ පිනක් දහමක් කරගෙන පුන් පොහෝ දාට පෙහෙවස් සමාදම් වෙමින්, හැකිනම් දඹදිව වන්දනාවේත් ගොස් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුන තැනුත් වැඳපුදාගෙන, මුණුබුරු මිණිබිරියන්ගේත් සුරතල් බලමින් දැහැමෙන් සෙමෙන් ජීවත් වීමේ අහිංසක බලාපොරොත්තුවක් තිබුනා වෙන්න පුළුවන්. ඒත් පෙර අකුසල කර්මයකටදෝ භයානක රෝගයක් සෑදීමෙන් ඇයට මහා දුක් කන්දරාවක් විඳින්නට සිදු වෙලා.

පින්වත් මිතුරනේ, මේ අම්මාව දැකීමෙන් අපිට පිළිකුළක් ඇති වන්නේ නෑ..!! ඇතිවන්නේ අසීමිත කරුණාවක් සහ අනුකම්පාවකි..!! අප සැම මේ දිරායන කුනුකයෙහි අරුත වටහාගනිමු..!! ලෝකයේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම භාවය අවබෝධ කරගැනීමට මෙය අවස්ථාවක්ම කරගනිමු.

ඒ අතර, මේ උපාසකඅම්මා ජීවිතය මැනවින් අවබෝධකරගෙන ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත් හැකි පමණින් මේ දිරිය අම්මාට උදව් වෙමු..!! අපට හැකි උපකාරයක් කර මේ අම්මාව සුවපත් කරමු..!! ඇය සඳහා සාදා ඇති වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු සහ ඇයට උපකාර කළ හැකි ආකාරයන් ගැන දැනගන්න පුළුවන්. www.helpkarunawathi.org

2469
Thanks!
An error occurred!