අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
සඳවතුරින් ලොව රුහිරෙන් දියකොට
අමිලවු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන
කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වෙනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිඹඳ සරනු මැන
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
By: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි (Chandrasena Hettiarachchi)
. . . → Read More: Amma Jeewana Uyan There – Chandrasena Hettiarachchi – Video Song MP3 Lyrics

නුදුරු සහෘද අදහස්