ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

නැහැ කිසිවකු බේරගන්න හිටියට ඔබ සමග පොකුරු …

සිත කය නිත්‍යයි කියලා
මුලා වෙන්න එපා මිතුරැ
නැහැ කිසිවකු බේරගන්න
හිටියට ඔබ සමග පොකුරු

රෑ තුන් යම නිදි වරලා
පොත් දිය කර ගෙන බීලා
සරසවියට ඇතුල් වෙලා
ගත් සහතික මුළු ගැනිලා

සුන්දර වූ ඒ කාලේ
දෙනුවන් පිනවපු කාලේ
තරහා වෙලා මේ කාලේ
නෙත් අඩ පන වී මා ගේ

උපැස් යුවළ නැති උනොතින්
මම අසරණ වෙන වා නේ
මේ ඇස් දෙක අනිත්‍ය බව
මට හිමිහිට දැන්නුව නේ

මට පමණක් ඇසෙන ලෙසින්
සුපෙම් වදන් . . . → Read More: නැහැ කිසිවකු බේරගන්න හිටියට ඔබ සමග පොකුරු …

4121
Thanks!
An error occurred!

ඒ අරහං ගුණය ඔබේ… සිහි වුණි බුදු සමිඳුනේ…

ඒ අරහං ගුණය ඔබේ
සිහි වුණි බුදු සමිඳුනේ

දකින දකින දේට දුවන
ඔහේ දුවල මම රවටන
ගෙන එන දුකමයි ඇස් දෙක
දරා ගන්නේ කොහොමද මම

ආස හිතෙන දේ දැක්කම
නෙත් මා සිත රවටනවා
අකමැති අප්පිරිය දේට
මා එක්කල ගැටෙනවා

ඔබේ නුවන් ඇලුනේ නැහැ නේ
කිසිවක් හා ගැටුණේ නැහැ නේ

අනේ එහෙම ඉන්නට මට හැකිනම් බුදු සමිඳුනේ
ඒ අරහං ගුණය ඔබේ සිහිවුණි බුදු සමිඳුනේ

කනට ඇසෙන දේට මියුරු
මම වෙනව හනික මිතුරු
ඇහුණොත් . . . → Read More: ඒ අරහං ගුණය ඔබේ… සිහි වුණි බුදු සමිඳුනේ…

4047
Thanks!
An error occurred!

දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිසා!

පුංචි පුතුගේ ටිකිරි හිනා
මගේ පැලේ ‍රැව් දෙන්නා
අනේ පුතේ ලොව පෙන්නා
උඹට දෙන්න මට බැරුවා

දෙවියො දුන්න මගේ පුතා
නෙත් සඟලම අහිමි වෙලා
කොහේ කොතන වැ‍රැද්දිලා
දෙවියෝ ඇයි නපුරු වෙලා

අනේ කොහෙද මේ දෙවියා
කිව මැන හරියට හොයලා

මගේ හිමිගේ අංග විකල
වාරු නොමැති අත පා යුග
දෙවියො ඇවිත් අරන් ගිහින්
කයේ තිබුන හයි හත්තිය

ලේ කිරි කර පෙව් අම්මා
මගේ තනියට හිටි අම්මා
පිළිකාවක් උඩු දුවලා
දෙවියො ඇවිත් ගෙනිහිල්ලා

සරණට හිටි එකම . . . → Read More: දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිසා!

3953
Thanks!
An error occurred!

BOONDI.LK ලිබරල් ය හක්කේ… අදිරද ගඳය බොක්කේ…

ලිබරල් ය හක්කේ…
අදිරද ගඳය බොක්කේ…
ඇමකි බිලි කොක්කේ…
බූන්දිය මොනවද නොවික්කේ?…

සොල්ෂිනිට්ෂ් වාදය…
පසත් නූතන වාදය…
පියා ධන වාදය…
මවුය අදිරද වාදය…

මේ එකදු වාදය…
නොදැන නිවැරදි වාදය…
වයන නරි වාදය…
බූන්දිය සතු එකම වාදය…

හරක් ඇත අවුලෙන්…
බරක් නැඟි සිත තැවුලෙන්…
වරක් ඇන යවුලෙන්…
පොරක් වන්නට නොහැක රැවුලෙන්….

1625

. . . → Read More: BOONDI.LK ලිබරල් ය හක්කේ… අදිරද ගඳය බොක්කේ…

1625
Thanks!
An error occurred!

බලා මතු දියුණු සිහියෙන් මෙහෙ කරනු

වෙලාවටම හැම කටයුතු වලැ යෙදෙනු
නොලා කල් පටන්ගත් කටයුතු නිමනු
මලානික දුමුක නොව හුරුබුහුටි වනු
බලා මතු දියුණු සිහියෙන් මෙහෙ කරනු

පන්සිල් රකින දරුවෝ දෙව් ලොවට යතී
පස් පව් කරන මරුවෝ නිරය පුරවති
පව් පින් නොදැන කැරුවෝ නම් පසු තැවෙතී
ඉන් සිල් රකිවු සුරුවෝ නම් ඔහු ම වෙතී

කොතැනද නුවණ යුතු නොපසුබට වීරිය
එතැනම තමා මුලු දියුණුවට කාරිය
ඉත අප සිහළ බොදු සෝවුරෙනි ආරිය
නිතරම . . . → Read More: බලා මතු දියුණු සිහියෙන් මෙහෙ කරනු

1590
Thanks!
An error occurred!