ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී . . . → Read More: පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

4595
Thanks!
An error occurred!

බුදු සසුන වැනසෙන ආකාරය. (බුද්ධ දේශනාවන් ඇසුරෙන් විග්‍රහය…)

දිනෙන් දින බුදු සසුනට විරුද්ධව එල්ල වෙමින් පවතින බියකරු තර්ජන හමුවේ, මතු පරපුරේ හයපත තකා “බුදු සසුන ‍රැක ගැනීම” කාලීන අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. ඒ සඳහා පෙළගැසෙන බොහෝ දෙනා හට දක්වන මතවාදීමය සහයෝගයක් වශයෙන් මෙම ලිපිය දිග හැරෙයි.

… බුදු දහමෙහි ඇති ගුණයක් වන “අකාලික” නැමැති ගුණය …

“අකාලික” දහම් ගුණයට අනුව බුදු දහම සදාකාලිකව ලෝකයේ ‍රැඳේ යැයි . . . → Read More: බුදු සසුන වැනසෙන ආකාරය. (බුද්ධ දේශනාවන් ඇසුරෙන් විග්‍රහය…)

4535
Thanks!
An error occurred!

විශ්වය පිළිබඳ බුදුරදුන්ගේ කෙටි පැහැදිළි කිරීමක්. – සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්‍ගය,
සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය.

එක් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කෙළේය.

“ස්වාමීනි, ´ආනන්‍දය, සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අසිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව සිට චක්‍රවාළ දහසක ශබ්දයෙන් හැඟෙව්වේය. (ඇසෙන සේ ධර්‍ම දේශනා කෙළේය.)´ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසන ලදී. ස්වාමීනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් . . . → Read More: විශ්වය පිළිබඳ බුදුරදුන්ගේ කෙටි පැහැදිළි කිරීමක්. – සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

4458
Thanks!
An error occurred!

“සමගිය බලයවේ” එකගද ?

“සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?

4406
Thanks!
An error occurred!

සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිතයි

අන්තිම බුද්ධ පූජාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්‍රයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්‍යාපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් . . . → Read More: සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?

4017
Thanks!
An error occurred!

මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.
1) ආමගන්ධ සූත්‍රය.
2) මහා පරිනිබ්බාන සූත්‍රය
3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
හා තවත් සූත්‍රවල.

“තමාව උපමා කර ගන්න” යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි. එනම් අපට මරණයට, දුකට, වේදනාවට බිය පවතින නිසාය.
මේ අනුව . . . → Read More: මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

3965
Thanks!
An error occurred!

ආනාපානසතිය – භාවනා කරන ආකාරය මුල සිට අගටම …

ආනාපානසතිය

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ.

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

භාවනා නම් කවරේ ද?

“භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ.

භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් . . . → Read More: ආනාපානසතිය – භාවනා කරන ආකාරය මුල සිට අගටම …

3750
Thanks!
An error occurred!

මනසින් ලෝකය තනා ගැනීම හෙවත් සසරේ ගමන් කිරීම

අප සියලු දෙනා ජීවත් වෙන මේ ලෝකය අවබෝධකිරීම තිබෙන සියලුම ප්‍රශ්න වල විශාලම ප්‍රශ්නයයි. ඒ පිළිබඳව බොහෝ දාර්ශනිකයන් ආගමිකයන් කතා කර තිබේ.

මේ සියලුම මත අභිබවමින් බුදු දහමේ මනස පිළිබඳ ලෝකය පිළිබඳ විග්‍රහය අද්විතීය දේශනවක් වේ. අද මේ දේශනාව අවබෝධ කිරීමට නොහැකි නිසා සමහරු අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බව කිසිම හිරිකිතයක් නොමැතිව කියයි. ඒ පිළිබඳ තීරණ ගැනීමට . . . → Read More: මනසින් ලෝකය තනා ගැනීම හෙවත් සසරේ ගමන් කිරීම

3721
Thanks!
An error occurred!

බුදු දහම අධිමානසිකත්වය උගන්වන්නක් ද?

(සර්පයා කඳින් අල්ලා ගැනීම හෙවත් ධර්මය වරදවා තේරුම් ගැනීම)

බුද්ධ ධර්මය වනාහි ලෝකයේ යථා ස්වභාවය පෙන්වා දෙන ආර්ය දර්ශනයකි. එම සත්‍ය වූ ධර්මය කිසිදා නොබිඳිය හැකිය. නමුත් සකල සත්ත්වයාගේ අනවබෝධය උත්සන්න වීම නිසාවෙන් කාලයෙන් කාලයට යටපත්ව යන්නේය, නොපෙනී යන්නේය. එකල්හි ලෝක සත්ත්වයෝ ලෝක මායාවේ ගැටී බොහෝ දුකට පත් වෙත්. එම දුක දකින නුවණැති වූ සත්ත්ව . . . → Read More: බුදු දහම අධිමානසිකත්වය උගන්වන්නක් ද?

3633
Thanks!
An error occurred!

බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ථෙරවාද බෞද්ධ දර්ශනයේ මූලික මෙන්ම වැදගත් ඉගැන්වීමකි. සියලු සංස්කාර ධර්මයන්ට පොදු වූ මෙම අනිත්‍ය බව, දුක්ඛ ස්වභාවය හා අනාත්ම භාවය මත පදනම්ව ව බෞද්ධ දර්ශනයේ එන සුවාසූ දහසක් ධර්මස්කන්ධය විග්‍රහ කෙරෙන බව අප කවුරුත් දන්නා කරුණකි.

පුනර්භවය ද බෞද්ධ ඉගැන්වීමට ම ආවේණික ලෙසින් ධර්මය තුළ මැනෙවින් විග්‍රහ කෙරෙන කාරණයකි. පටිච්ච සමුප්පාදය වැනි . . . → Read More: බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය

3454
Thanks!
An error occurred!