බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ළමයින් කෙලෙසීම , මෛත්‍රිය සහ Lovely Bones ..!!

Piter Jakson නමැති බටහිර (මා දන්නා පරිදි) හොලිවූඩ් අධ්‍යක්ෂක වරයා නැවතත් අපට හොද සිනමාවකින් හමුවේ. (His Trilogy, Loads of the Rings Etc..)

මේ දිනවල ලංකාවේ බොහෝ පිරිසක් (මානසික ලෙඩුන් නොවන අය පමණක්, මොකද..!! බිහිරි අලිනට වීණා වාදනය කර පලක් නොමැති නිසා..!!!) නැරඹිය යුතුම සිනමා කෘතියක් ලෙස මෙය දැක්විය හැකිය. විශේෂයෙන් දේශපාලකයන් ට හොද පණිවිඩයක් දෙන නිර්මාණයකි.

ලංකාවේ අද වනවිට සිදුවන ළමා අපයෝජන ,ඒ මල්කැකුළු විනාශකර, තමන්ගේ කාම ආශාව ඉටු කර ගන්නා නරුමයන් සිටින සමාජයක් බිහිවී තිබෙන නිසා, ඒ ගැන කියවෙන හොද සිනමා කෘතියක් ලෙස මෙය දක්වමි.

මෙය බටහිරින් නිර්මාණය වුවද, අප රටේ සිදුවිය හැකි සිදු වන කතා ප්‍රවෘත්තියකට බොහෝ දුරට සමානය. මහල්ලන් අතින් දුෂණය වන රටේ අනාගතය අප ගොඩගන්නේ කෙලෙසද?

මෙය අපට වැදගත් වන්නේ කෙසේ ද? බෞද්ධ සාරධර්ම ගැන කතාකරන වෙනත් රටක් ලෝකයේ නැති තරම්ය. එලෙස තිබීයදී කුඩා හය හතර නොදන්නා දරුවන් සමාජයට එන මුල්ම කල මානසික දුෂණය කිරීමට ලක් වන්නේ සමාජයේ සඳුන් යැයි කියාගන්න පිරිස් අතින් නම් කුමක් කරමුද? මෙවැන්නන්ට බණ කියා වැඩක් නැත. කළයුත්තේ ජිවීතාන්තයට සමාජයෙන් තුරන් කිරීමය.

මේ සිනමා කෘතියේ විශේෂත්වය වන්නේ, බුදු සමය සමග බොහෝ දුරට ගැලපී යන “කර්ම නියාමය” ගැන සලකා තිබීමය. මෙහිදී ඒ දරුවාගේ පින පළදීම නිසා මරණින් මතු ජීවිතය හොදින් නිර්මාණය කර තිබේ. මෙවන් සිනමාවක් මා බොහෝ කාලයකින් නරඹා නැත.

දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදීම ඒ නරුමයාට සිදුවීම, අපායේ දොර විවෘත වීමක් ලෙස අගාධයකට වැටීම නිරූපණයට සමාන කළ හැකිය.

මෙහිදී අප ගේ නිවසට පැමිණෙන ජන මාධ්‍යන්ට (TV) හොද ආදර්ශයක් වන්නේ මේ කෲර දර්ශන (Murder) කිසිවක් අමු අමුවේ නොපෙන්වීමයි. මානසිය තත්වය විදහා දක්වන ඒ සංගීතය සහ රුප (Music & Camera) හැසිරවීම ඉතා අකර්ශනීය වේ.

මෙහි බුදුසමයට බොහෝ දුරට ගැලපෙන,

1) මාපියන්ගේ ළමුන්ට තිබෙන සෙනෙහස (පුතා වස්තු මනුස්සානං) කියාපෑම.
2) පංචකාමයේ එක අංගයක් වන කාම මිත්‍යාචාරයේ භයානකත්වය පෙන්වීම.
3) කර්මය පිළිබඳව සහ ස්වභාව ධර්මයේ නියමයන් ගැන තිබීම
4) ඉන්ද්‍රියන් අභිබවා යන ප්‍රත්‍යක්ෂ තිබීම හැකියාව.
5) ලෝකය මනසින් සදා ගන්නා බව පෙන්වා තිබීම සහ පරලොවක් විශ්වාසය.

ආදී ගුණයන් සහිත මේ සිනමා කෘතිය සිංහලබොදුනට නැරඹිය හැකි විශිෂ්ට නිර්මාණයකි.

මිනිසුනි..! මේ පංචෙන්ද්‍රිය පිනවීම සීමාකර, ඒ විනාඩි කීපයක ආස්වාදය තුළින් සිදුවන අදීනව සිතන්න. තිරිසන් නොවන්න. තෙරුවන් සරණයි..!!

(Centers on a young girl who has been murdered and watches over her family – and her killer – from heaven. She must weigh her desire for vengeance against her desire for her family to heal.

A 14-year-old girl in suburban 1970′s Pennsylvania is murdered by her neighbor. She tells the story from the place between Heaven and Earth, showing the lives of the people around her and how they have changed all while attempting to get someone to find her lost body)

Download from – Website – Yifi movie – Lovely Bones

චාමික කරුණාරත්න

4689
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

18 comments to ළමයින් කෙලෙසීම , මෛත්‍රිය සහ Lovely Bones ..!!

  • Rev.sarada

    හලාල් ලාංචනය ලක්ස්ප්‍රේ කිරිපිටි පැකට් හකේ කියෙනවා. බලන්න.

    Thumb up 3

    • Priyantha Liyanage

      පැලවත්ත හා මිල්ග්‍රෝ ඇරුනම හැම කිරි පැකට් එකේම තියෙනවා. කිරි පිටි නෙමෙයි අද වෙලදපොලේ තියෙන බොහෝ නිෂ්පාදන වල මෙය තියෙනවා. කුළු බඩු, කිරි පිටි , තේ , සහ බොහෝ දේවල් වල. මම බඩු ගන්න කොට හලාල් ලාංචනය තියෙනවනම් ඒ නිෂ්පාදන ගන්නේ නැහැ. තව නොබෝ දිනකින් සත්ව ආහාර වලත්, පුන්නක්කු වලත්, හලාල් සහතිකය හම්බ වේවි. ආයතන මේ සහතිකය ගන්න දරන වියදම අවසානයේ දරන්නේ අපි. සුළුතරයකගේ “තුට්ටු දෙකේ” අවශ්‍යතාවයක් වෙනුවෙන් බහුතරයක් ගෙවනවා.

      Well-loved. Thumb up 5

  • Priyantha Liyanage

    හිතවත් රංග,
    කාංචන සහෝදරයා මීට කලකට පෙර පල කලා කොමෙන්ටුවක් සුපර් මාකට් 2 ක් විසින් හලාල් සහතිකය තම භාණ්ඩ වලට බලෙන් වගේ ඉල්ලා සිටීම ගැන. එසේම හලාල් සහතිකය ගැනීමේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයාට වෙන අසාධාරණය ගැන. ඒ කොමෙන්ටුව මම හොයනවා නමුත් හොයා ගන්න බැරිවුනා. ඔබට ක්‍රමයක් තිබේ නම් එය ලියවුනු තැන පෙන්නන්න. තෙරුවන් සරණයි

    Thumb up 0

    • ලක්ෂාන්

      ප්‍රියන්ත මයා. ඔබ සොයන්නේ මේ කොමෙන්ට් එක විය හැකියි. http://sinhalabuddhist.com/2011/01/kind-kill/#comment-6005

      රංගට කාර්යබහුල බැවින් මේ වෙබ් අඩවියට මේ දින වල සම්බන්ධ වීමට නොහැකියි කිව්වා. නුදුරදීම ඔහු නැවතත් මීට එක් වේවි.

      Thumb up 0

  • Thilaka Randeni

    අගනා ලිපියකි. ඇත්තටම රෝගයට සුදුසු බෙහෙත දීමට නම් පළමුව රෝගය හඳුනා ගත යුතුයි. අපගේ බෞද්ධ රටේ මෙතරම් කාම අපරාධ වෙද්දීත් අන්ද බාලයන් පිරිසක් ඒවා එසේ නැති කීමට ගත පාහර උත්සාහයක් පසුගිය කාලයේ මෙම වෙබ් අඩවියෙන්ම දැක ගන්නට ලැබුනා. එසේ තිබෙදිත් මෙවැනි ලිපියක් මගින් ඇස් ඇරවීමට ගත් උත්සාහය අගය කළ යුතුමය.
    එක හෝ ස්ත්‍රී දුෂණයක්වත් මෙරටින් අසන්නට නොලබුනුදාට මෙය බෞද්ධ රටක් යයි අපට උදම් ඇනිය හැක.

    Thumb up 2

  • SAMANYA

    Buddathwaya labiemen pasu palamuwa budun sarana giya TAPASSU saha BALLUKA kiyana welendun dedenata, pedeemata yamak illu kalhi hisa atha ga kes rodak dun bawa amathakada?

    Thumb up 0

  • janaya

    බුදු හිමියන්ගේ කොන්ඩේ එතරම් වැදගත් නෑ දැනට ඉතිරි වෙලා තියන ධර්මය රැක ගන්න වැඩ කරපල්ලා

    Thumb up 2

  • chathuranga

    බුදුරජාණන් වහන්සේට කොන්ඩේ නැතිවෙන්න ඕන කියල මේ යාළුවා කියන්නේ වර්තමාන භික්ෂුන් වහන්සේලා හිස මුඩු කල තියන නිසා වෙන්න ඇති. නමුත් බික්ෂුන් වහන්සේලාටත් අවශ්‍ය නම් අඟල් 2 ක් කොණ්ඩය වවන්න පුළුවන්.

    Thumb up 3

    • Q

      වෙන්ඩ බෑ. මට නන් ඕක පිලිගන්ඩ් අමාරුයි. විනය පිටකයේ කොහෙද තියෙන්නේ??

      Thumb up 1

  • අගනා සිනමා කෘතියක් !!

    කර්ම විපාක දීම ද, කර්මය කාටත් පොදු දෙයක් බවත්, අප කරන්නාවූ කුසල/ අකුසල යන්ගේ කර්ම විපාක දීම ද කාහටවත් මගහරින්නට බැරි බව මේ සිනමා කෘතියෙන් බෞද්ධයකු වෂයෙන් මට දැකගන්නට ලැබුනා.

    මිනිස් ලොව නීතියේ හිඩැස් තුලින් අදමයින් පැනගියා/පැනයනවා, නමුත් කර්ම විපාක පලදීමෙන් පැනයන්නට බැහැ !! චාමික කරුණාරත්න, සදහන් කලා වගේ “දිට්ඨධම්මවේදනීය කර්මය” මිනී මරුවා කල අකුසලයන් නිසා පළදීම, මේ සිනමා කෘතියෙන් ඉතා හොදින් පිලිබිබු කරලා තිබෙනවා “අයිස් කැබැල්ල උරහිසට වැටීම මගින්” මම හිතනවා.

    Thumb up 2

  • @ Q ලිපියට අදාල නම් නැ, නමුත් මම දන්නතරමට නම් බුදු රඡානන් වහන්සේගේ හිසකෙස් වලින් පෙන්නුම් කරන්නේ සාරා සංඛිය කල්ප ලක්ෂ්‍යයන්ගේ පාරමිතාවන් බවත්ය.

    Thumb up 0

  • sandun

    mama me movie eka dekala thiyenawa

    Thumb up 0

  • Q

    Mekata adala nowunata, mata kawruhari kiyanda puluwanda budhu haamuduruwange rupa wala, pintura wala, konde thiyenne ayi kiyala???? Budhu haamuduruwontath konde nathi wenda one ne??? Ayi e??

    http://www.skillstyle.com/wp-content/uploads/2010/08/Lord-Buddhas-Life-3.jpg

    Thumb up 3

    • Chamika

      Your problem is hair of Buddha? That is not relevant to Dhamma..Do you understand what Buddha’s wisdom about the human kind.( removing hair or narrow hairs for the freedom ) Do not see & measure the body of the Buddha,but learn what was preached.
      Most of people think Load Buddha ,Gods were same as statue,and arts. That is only a symbol.
      In those past time development of statues & Arts were a creation of that artistic.

      Thumb up 0

    • Thilaka Randeni

      බුදු හිමියන්ට කොණ්ඩය තිබුනේ නෑ. එකනේ ඇතැම් අය මුදු මහණ කියා බුදු හිමිට අපහාස කලේ. ඔය බුද්ධ රුප අදින්න ගත්තේ බොහෝ කාලයකට පස්සේ. ඉස්සර ඇන්දේ සිරි පතුල.
      ඔය කොණ්ඩය ගන්ධාර චිත්‍ර සම්ප්‍රදායට අයත්. අපිත් ඔය කොණ්ඩය දාන්න ඇත්තේ අපේ යටි හිත්වල තැන්පත් වෙලා තියෙන හිස මුඩු කල කෙනෙක් මුලිච්චි වෙන එක අසුබයි කියන ආකල්පය නිසා වෙන්න ඇති.
      හැබැයි කොන්ඩයෙන් පාරමිතා ගැන නම් කියවෙන්නේ නෑ.

      Thumb up 2

    • වීර කාංචනබාහු

      මම දැකල තියනවා එක බෞද්ධ සඟරාවක බුදුහාමුදුරුවන්ගෙ රූපය හිසකෙස් නැතුව ඇඳල තියනවා

      Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.