පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

නැගෙනහිර මායිමේ තනිවූ අපේම අපේ දූ පුතුන් වෙනුවෙන් ඔබේ කාරුණික දෑත දිගු කරන්න

පුරා දශක කිහිපයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් බැට කෑ උතුර, නැගෙනහිර, සහ උතුරුමැද පළාතේ අපේම අහිංසක සහෝදරයන් හා ඔවුන්ගේ දුවා දරුවන් යුද්ධයෙන් පසු වර්ථමානයේද ගෙවන්නේ අතීශයින්ම දුක්ඛිත හා අගහිගකම් පිරි ජීවිතය. යුද්ධයෙන් පසුව දමිළ සහ මුස්ලිම් ජනතාව නගා සිටුවීම සදහා විවිද රාජ්‍ය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් දායකත්වය සැපයුනද සිංහල බෞද්ධයන්ට පිළිසරණක් සැපයීම සදහා මේ දක්වා ඔවුන්ගෙන් කිසිදු සහයක් ලැබී නැත. නැගෙනහිර මායිමේ පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ දිවි ගෙවන සිංහල අපේම සහෝදර ජනතාව ද කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ අපේම පිරිසකි. දැඩි අගහිගකම් මධ්‍යයේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ අහිංසක දුවා දරුවන් බිලි බා ගැනීම සදහා මේවන විට අන්‍යාගමික බලවේගද මාන බලමින් සිටීන අවස්ථාවක මේ පිළිබද වැඩිදුර තොරතුරු පොළොන්නරුව-වැලිකන්ද ශාසනාරක්ශක බලමණ්ඩලය විසින් “බොදු පුබුදුව” පදනම වෙත ලිඛිතව දන්වා සිටින අතර එම ලිපිය මුලු මහත් ජාතිය වෙනුවෙන් අපි මෙසේ ඔබ හමුවේ තබමු.

ලිපිය අංක 01 ► https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/409708_268994653209858_968289573_n.jpg

ලිපිය අංක 02 ► https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/418523_268997823209541_127350853_n.jpg

ආධාර ලැබිය යුතු දහම්පාසල් 01 ► https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/418951_269520829823907_205217278_n.jpg

ආධාර ලැබිය යුතු දහම්පාසල් 02 ► https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-snc7/394769_269521153157208_1870961924_n.jpg

අධ්‍යාපන උපකරණ සම්බන්ධව ► https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash4/302349_269521426490514_1093932333_n.jpg

ඉතින් සහෝදර වරුනි. අපේම භූමිය තුල අසරණව සිටින අපේම දරුවන් අපෙන් උපකාර ඉල්ලා සිටින මෙවන් අවස්ථාවක අපි කෙසේ නම් අහක බලන්නද? උන්ගේ දෑස් පාදා අනාගතය කලඑළි කිරීමේ ජාතික යුතුකම අප හමුවේ ඇත. ඒ මාහැගි ජාතික යුතුකම වෙනුවෙන් ඔබේ දෛනික වියදමෙන් සතයක් ඔවුන් වෙනුවෙන් වැය කරන්නට නොහැකිද? එසේ හැකි නම් ඔබේ මුදල් ආධාර පහත සදහන් ගිණුම් අංකය වෙත යොමු කරන ලෙසත් ද්‍රව්‍යම ආධාර (පාසල් උපකරණ. විහාරස්ථාන සදහා අවශ්‍ය උපකරණ) “බොදු පුබුදුව” සංවිධානය වෙත යොමු කරන ලෙසත් අපේම අපේ දරුපැටවුන් වෙනුවෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ACCOUNT NO: 097100170007447
PEOPLE’S BANK – GANGODAWILA.

වැඩිදුර තොරතුරු සදහා අමතන්න. (0777755658)
_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-

බොදු පුබුදුව විසින් මීට පෙර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක්.

The monk who sacrified his life for country
VEN,MAHAMITHAWA PANNARATHANA THERO
(Tripitakacarya, B.A (sp), Director of MAGADHI, publication Institute of Pali and Buddhist Studies,
The Presidential Secretariat of the 2600th Sri Sambuddhatva Jayanti Steering Committee ,
Ministry of Buddhasasana and Religious Affairs in Sri Lanka.
and BUDDHIST INFORMATION CENTER ,380,Bauddhaloka Mawatha,Colombo 07,
4682
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

3 comments to නැගෙනහිර මායිමේ තනිවූ අපේම අපේ දූ පුතුන් වෙනුවෙන් ඔබේ කාරුණික දෑත දිගු කරන්න

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.