සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සංසාරය සහ විමුක්තිය – තාක්ෂණික හැඳින්වීමක්

මෙම සටහනෙන් මා පෙන්වා සිටින්නේ අප අවිද්‍යාවෙන් සාදාගත් ලෝකයේ හටගැනීමත් පැවතීමත් සහ විමුක්තියත් තිලෝගුරු සම්මාසම්බුදුන් දෙසු දේ අනුසාරයෙන් යෙදු සටහනකි. නමුත් මෙවැනි සටහනකින් ඒ ධර්මය සරලව දැක්වීම පහසු දෙයක්ද නොවේ. මා තේරුම් ගත් පරිදි ඉතා සරලව මෙහිදී යෝනිසෝ මනසිකාරයෙන් ,(සිහියෙන්) මමත්වය නැතිකර ප්‍රඥාව තුළින් විමුක්තිය ලඟාකරගත හැකිය.

ඒ සඳහා සීලය සමාධි ඉවහල්වේ. බුද්ධිවාදයෙන් කළ නොහැකි දෙයකි. බුදුන් වහන්සේ මේ සියලු ප්‍රපංච දුරු කිරීම නිවනට හේතු බව දේශනා කර තිබේ, ධර්මය පවා සංඛත නිසා ඒ ධර්මය පහුරක් ලෙසින් මේ ඕඝය තරණයට අප යොදා ගත යුතුය.

එසේම අතීතය, වර්තමානය හා අනාගතය සාදන්නේ අපගේ (සත්වයාගේ) මනසිනි. මනසේ මනසිකාර නොමැතිව, චේතනාවක් නොමැතිව කර්ම සිදුවන්නේද නැත. අප බොහෝ කාලයක් මේ සංසාර මනෝ ලෝකයේ සැරිසරන්නේ, අවිද්‍යාවෙන් මේ සිදුවන කර්ම රැස් කිරීම නිසාය. මේ අවිද්‍යා කටුවෙන් එළියට යාමට ඒ මාර්ග සත්‍ය දේශනා කර තිබේ.

මේ අනුව ඒ චතුර්රාර්ය සත්‍ය දැකීම සදහා ඒ , සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ප්‍රගුණ කිරීම අනිවාර්ය වේ. මේ ධර්ම ප්‍රගුණ කල විට එමගින් මාර්ග සත්‍ය දැක, නිවීම කරා යන ආර්යයන් වහන්සේලා අදද දුලබ නොවිය හැකිය. නමුත් ඒ මමත්වය දුරු නොකළ ආර්යයන් වහන්සේලා යයි කියාගන්නා ලෙස නොවේ.

එසේම අපට මේ කාලයේ විද්‍යාව ගැන නොකියාම බැරිය. මේ විද්‍යාවේ නිර්මාණයන්ද සංඛත දෙයක් වන්නේම සත්වයාගේ (මිනිසගේ ) පංචේන්ද්‍රයන් තුළින් නිරීක්ෂණ කර මනසින් ප්‍රපංච සාදන බැවිනි. මෑතක සොයාගත් දේව අනසුවේ සත්‍යද මෙවැනිම දුෂ්ටියකි.එනම් එම බොසෝනය මගින් විශ්වය ස්කන්ධ සදනවානම් එහි ස්කන්ධය සාදන්නේ කුමකින්ද යන්නය.

මේ උභ‍තෝකෝටිකයන් වළ කෙළවරක් නොමැති වන නිසාම චක්‍රීය හේතු ඵල න්‍යාය දේශනාකර තිබේ. මෙය තේරුම් නොගන්නා මේ පඩියන් අපෙන් තොරව ලෝකයක් සොයමින්, දෘෂ්ටි ගතව සිටියි. එසේ සාදාගත් දැනුමෙන් ලෝකය තරණය කිරීම කිසිදාක නොහැකි බව පෙනී යා යුතුය. ඒ මමත්වය නිසා අවිද්‍යාව නමැති වැස්මෙන් (මාර හෙවත් කෙලෙස්), අප වසාගන්නා නිසාය.

- චාමික කරුණාරත්න -

4671
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

18 comments to සංසාරය සහ විමුක්තිය – තාක්ෂණික හැඳින්වීමක්

  • Chamika karunarathne

    පටිච්චසමුත්පාදය – විඤ්ඤාන හා නාමරෑප අතර – අනොන්‍ය ප්‍රත්‍ය – දැකීමට දහම දැනුම ඔන.නාමය සහ රුපය ඇතිවන්නේ මේ විඤ්ඤානනම්යු මායාව නිසාය.තවද තෘෂ්ණාව නම්යු මහුම්කරේය නාම රුප මහන්නේ මේ විඤ්ඤාන මගිනි.
    විඤ්ඤානය(Eye consciousness) ඇස හා රුපය වෙනකොට ගැනීමෙන් පවතින දැනීමක් මිසක් පරමාර්ථයක් නොවේ. මයාවක්ම වේ..!

    Thumb up 1

  • Chamika karunarathne

    නාමය සහ රුපය ඇතිවන්නේ මේ වින්ඝනය නම්යු මායාව නිසාය.තවද තෘෂ්ණාව නම්යු මහුම්කරේය නාම රුප මහන්නේ මේ වින්ජනය මගිනි.
    වින්ජනවා ඇස හා රුපය වෙනකොට ගැනීමෙන් පවතින දැනීමක් මිසක් පරමාර්ථයක් නොවේ. මයාවක්ම වේ..!

    Thumb up 0

    • gihan

      නාම රූප ධර්මයන්ගෙන් කොටසක් පමණක් විඤ්ඤානය නිසා ඇතිවේ. සියලුම නාම රූප යන ඇතිවන්නේ විඤ්ඤානය නිසා නොවේ.විඤ්ඤානය ත් නාම ධර්මයකි. අභිධර්මයේදී උගන්වන පරමාර්ථ ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් 4 කි. අනු වශයෙන් ගතහොත් 82 කි. විඤ්ඤානය , චෛතසිකය, රූපය, නිර්වාණය යනු ප්‍රධාන පරමාර්ථ ධර්ම 4 යි. ඒවායින් නාම ගණයට අයත්වන්නේ විඤ්ඤානය, චෛතසිකය, නිර්වාණය යන 3 යි. රූප ගණයට අයත්වන්නේ රූපය පමණකි. මෙම රූපයද ප්‍රධාන කොටස් 4 කට බෙදේ.ඒවාද තවත් අනු කොටස් වලට බෙදේ.මේ ආකාරයෙන් රූප 28 ක් වේ.

      Thumb up 0

      • Chamika karunarathne

        ඔබ කියන දේ ගැන නැවත සිතා බලන සේ ඉල්ලමි..මොකද නිර්වාණය නාම ධර්මයක් නොවේ..මේ කියන නාම රුප වලින් වෙන් වූ විඤ්ඤාන සහිතවූ තත්වයකි.ඔබට මේ පිලිබදව
        කටුකුරුන්දේ ඤාන නන්ධ ස්වාමින්වහන්සේගේ පටිච්ච සමුද්පාද විග්‍රහය අධ්‍යන ය කරන ලෙස ඉල්ලමි..තවදඅභිධර්මය දැන සිටියාට තේරුම් ගතයුතු ධර්මයක් බැවින් මා ඒ ගැන කතා නොකරමි.
        නාම ධර්ම සියල්ලම හේතු නිසා හට ගත්තකි.නාමයන් යනු වේදනා, සංජ්හ ,චේතනා, ඵස්ස, මනසිකරයන්ය.මේවා හා රුප ඇතිවන්නම මම සහ බාහිර ලෝකය ලෙස වෙන්කර බැලීම නිසාය.
        ඒ බැලීම නිසා සිදුවන ඵස්ස (ගැටීම) නිසා අනිකුත් ධර්ම ඇතිවේ,මේවා පිලිවෙලින් ඇතිවීම සිදු නොවේ, ඇතිවන්න එකටමය.
        මේ ගැටීම නැති නිවන් සාක්ෂාත් කල පුද්ගලයකු(මෙයද භාෂාවේ වරදකි,පුද්ගලයකු ලෙස ගත නොහැකි නිසා ,.. නැති නිසා!)තුල නාම රුප (අපලග තිබෙන) නැත.

        Thumb up 1

  • RR

    අතීතය සහ අනාගතය මවාගන්නේ වර්‍තමානයට රැවටෙන බැවිනි. -මජ්ජේ සූත්‍රය.

    Thumb up 1

  • RR

    මෙම රූපයේ නිර්වානය වෙනුවට විමුක්තිය යෙදීම සුදුසුය. මන්ද යත් නිර්වානය චතුරාර්‍ය සත්‍යයටම අඩංගු බැවිණි.

    Thumb up 2

    • Chamika karunarathne

      ඔබේ අදහස අගයමි.මා සිතන්නෙත් එයමියි .මේ චතුර්රර්ය සත්‍ය යනු බග්‍යවතුන් වහන්සේ දේශනාවේ සියලුම තන්හි තිබෙන දෙයකි.
      කොටස් කර ,විබෙදනය කලත් සියලු ධරමයන්ගේ හරය එයයි.එසේම මේ අවබෝදය ලැබෙන්නේ අකාලිකව,එතනම,එකවිට බව මගෙත් වැටහීමයි.
      ඔබට හැකිනම් මා හට මෙය පහද දෙන්න.
      සෝවාන්, ආදී මාර්ග පල වලදී මේ සත්‍ය එසේම පටිච්ච්ච සමුපාදය අවබෝද වන ප්‍රමාණය වෙනස්ද?

      Thumb up 2

      • RR

        සෝවාන් ආදී ඒ ඒ මගපල වලදී ඇතිවන අවබෝධය, දුරුවන කෙළෙස් (වැරදි වැටහීම්) අනුව දක්වා ඇත. ඒවානම් දස සංයෝජනයි.

        මුලින් ඇත්තේ ශරීරය යනු මම මයි. – මගේ අත, මගෙ තුවාලෙ යන වැටහීමයි.
        ක්‍රමයෙන් ශරීරයට වඩා හිතට ප්‍රමුකත්වය දෙයි.
        පංචස්කන්ධය සිතක් පාසා ඇතිවන බව දැකීම ඉන් පසුවටයි.
        පටිච්චසමුත්පාදය – විඤ්ඤාන හා නාමරෑප අතර – අනොන්‍ය ප්‍රත්‍ය – දැකීමට දහම දැනුම ඔන.
        සත්වයාගේ සංසාර පැවත්ම විස්තර කිරීමටත්, සත්වයා සත්වයෙක් වශයෙන් වටහාගැනීම – ප්‍රපංචයන්- පැහැදිලි කර ගැනීමටත්, යමක් දෙයක්(වස්තුවක්) වීම හෙවත් මැවීම සිදුවන අන්දම ත් එකම හේතු ඵල න්‍යායෙන් පහදා ගත හැක.

        Thumb up 1

  • RR

    දුකත්‍ සමුදයත් නිරෝධයත් මාර්ගයත් එකවර – එකටම වැටහිය යුතුය. Try.

    Thumb up 1

  • Dr R. Lelwala

    මට පුනරුප්පතිය තේරෙන්නේ නැහැ.
    මාර්ගය තේරෙනවා.

    Thumb up 0

    • Priyantha Liyanage

      මා අසා ඇති පරිදි යම් හැදින්වීමක් කරන්න අවසර. සියලු සත්වයන් නාම-රුප යන කොටස් දෙකින් යුක්තයි.
      රුප = පඨවි,අපෝ,තේජෝ,වායෝ.
      නාම = වේදනා, විඥාන, සඤ්ඤා, සංඛාර.
      අප මියයන විට රුප කොටස මෙහිම පොළොවට පස්වන බව ඔබ දන්නවා. ශාස්වත දෘෂ්ටිය අනුව නාම කොටස [ඔවුන් ආත්මය කියා හදුන්වන දෙය ] ඊලග භවයට යන බව කියන නමුත් එය මිත්යාන දෘෂ්ටියක් ලෙස බුදු පියාණන් හදුන්වන සේක. සැම සිතකම ඉහත දැක්වූ නාම කොටස් 4 ඇතුලත් වන අතර සිතක් ඇතිවී, පැවති,නැතිවී යන චිතක්ෂණය හි වේගය හදුන්වාදීමට මෙලොව කිසිම උපමාවක්වත් නොමැති බව බුදු පියාණන් වදාරන ලදී. සිතක වේගය එතරම්ය. අප මිය යනවිට ඇතිවන අවසන් චිත්තයද එවන් ලෙස ඇතිවී නැතිවී යන්නේය. මේ සිතේ ඇති ඉහත නාම ධර්මද එසේම ඒ අවසන් චුති සිත සමගම නැතිවී යයි. ඒ නිසා මේ භාවයෙන් එහා භවයට යන/transmit වන කිසි දෙයක් නොමැත. සිදු වන්නේ අවසන් චුති සිතෙහි අන්තර්ගත වූ වේදනා, විඥාන, සඤ්ඤා, සංඛාර.වලට අනුරූපව තවත් සිතක් පහල වීමයි. එයද චිතක්ෂණයකින් සිදු වේ. වෙනස වන්නේ ඒ සිත ඇතිවන්නේ වෙනත් රුප කොටසක් ආශ්රඛය කරගෙන වීමයි , මක් නිසාද මෙතෙක් තිබු රුප කොටස [මේ භාවයේ සිරුර ] තව දුරටත් පවත්වාගෙන යා නොහැකි නිසාය.
      Emergency lights ඔබ දැක ඇති. ප්රාධාන විදුලි ධාරාව නැතිවූ ක්ෂණයකින් emergency light එක පත්තු වේ. එසේම මේ භවයේ අවසන් සිත නැතිවනවත් සමගම ඊලග සිත ඇතිවේ. බුදු දහම අනුව “පුනරුප්පතියක්” නැති අතර “පුනර්භවයක්” තිබේ. “පුනරුප්පතියක්” යනු එම ආත්මයම සංසාරයේ සැරිසැරීමයි. මේ භවයෙන් එහා භවයට යන කිසි දෙයක් නැති බව බුදු පියාණන් පවසයි.
      ගලා යන දිය පහරක් ගැන සිතන්න. එක් දිය බිදක් ගලා ගියවිට ඒ හිස් තැන පුරවන්නට තවත් දිය බිදක් එතනට පැමිණේ. එය ඉතා වේගයෙන් සිදු වන නිසා අපට පෙනෙන්නේ එක් ජල කඳක් ලෙසිනි. එලෙසම ඇතිවී නැතිවී යන සිතක් වෙනුවට එයට අනුරූපව තවත් සිතක් පහල වේ. එම සිතේ නැති වී ගිය සිතෙහි අඩංගුව තිබු සියලු වේදනා, විඥාන, සඤ්ඤා, සංඛාර වලට අනුරුපවූ වේදනා, විඥාන, සඤ්ඤා, සංඛාර සමුහයක් අන්තර්ගතය. ඒ අනුව බැලුවොත් යම් තාක් දිනක ඔබේ “පහල වීම” සිදුවුනේද එදා සිට මේ comment එක කියවන මොහොත දක්වා අනන්ත වූ සංසාරයේ “ඔබට” අත් විඳවූ සියලු experiences , ඔබට දැන් පහල වූ සිතේ ඇත. ඔබ කල සියලු කර්ම හා කර්ම ඵල ඔබගේ credit එකට මේ සිතෙහි අඩංගුය. කර්ම ක්ෂය කල දින, ඔබේ මේ සිත් ධාරාව පහන් තිරයක දැල්ල [තෙල්, oxygen , පහන් තිරය] වෙනි එය දැවීමට උදවු වූ උපකාරක ධර්ම නැතිවුවිට නිවී යන්නාසේ , නැතිවී යන්නේය. සිතට නැවත ඉපදීමට කරුණු කාරණා එම අවසන් සිතේ නැති බැවිනි. මේ කරුණු මට පහදා දුන් අති පුජ්යව රේරුකානේ චන්දවිමල මාහිමියන්ටත් අපේ ගංගොඩවිල සෝම හිමියන්ටත් පිං.

      Well-loved. Thumb up 6

      • RR

        අභිධර්‍මයේ දී විඤ්ඤාණය නාම ධර්ම යටතේ ගොනුකර ඇතත්, සූත්‍ර ධර්මයන් හි නාම ධර්මයන් ලෙස සලකනුයේ වේදනා,සංඥා,චේතනා,ඵස්ස,මනසිකාර යනුවෙනි. තවද විඤ්ඤානය නාමරූපයට අනෝන්‍ය ප්‍රතය ධර්මයකි.

        Thumb up 1

        • gihan

          මා නම් දන්නා පරිදි විඤ්ඤාණය යනු පරමාර්ථ ධර්මයකි..පරමාර්ථ ධර්ම නාම රූප වශයෙන් දෙවැදෑරුම් වේ. විඤ්ඤාණය යනු නාම ගණයට අයත්වන පරමාර්ථ ධර්මයකි.

          Thumb up 1

      • RR

        “සියලු සත්වයන් නාම-රුප යන කොටස් දෙකින් යුක්තයි”
        ඉහත ප්‍රකාශය සත්‍යයෙන් අඩකි. ඉතිරි අඩ වනුයේ
        “නාම-රුප යන්ගේ නොසිදී පැවැත්ම සත්වයායි-සංසාරයයි” යන්නයි.

        දෙවන ප්‍රකාශය ශාස්වත දෘශ්ටිය ද, පලමු ප්‍රකාශය උච්චේද දෘශ්ටිය ද නියෝජනය කරයි.

        උදාහරණයක් සලකා බලමු.

        “H2O අනුවක් සෑදී ඇත්තේ හයිඩ්‍රඡන් පරමානු 2 ක් ඔක්සිඡන් පරමානුවක් සමග බන්ධනය වීමෙනි” මෙම ප්‍රකාශය අදාල කේෂ්ත්‍රය තුල සත්‍ය වේ.

        නමුත් “ඡලය සෑදී ඇත්තේ හයිඩ්‍රඡන් හා ඔක්සිඡන් වලිනි” යන ප්‍රකාශය තුලින් ගැටලු කීපයක් මතුවේ.

        1 වන පිලිගැනීම – ඡලය යනුවෙන් දෙයක් ඇත.(ශාශ්වත)
        2 වන පිලිගැනීම – ඡලය යනුවෙන් දෙයක් නැත. ඇත්තේ හයිඩ්‍රඡන් හා ඔක්සිඡන් ‍පමණි.(උච්චේද)
        3 වන පිලිගැනීම – ඡලය යනු මැවීමකී. සංගටකයන්ට හාත්පසින්ම වෙනස් බැවින්.
        4 වන පිලිගැනීම – ඡලය යනු සංස්කාරයකී හෙවත් හේතූන් නිසා පවතින ඵල ධමීයකී

        මුල් ප්‍රකාශයන්හි සත්වයා යන්න පසු ප්‍රකාශ වල ජලය ට සම වේ.

        Thumb up 1

    • Chamika

      ඉතා හොද පහදෙලි කිරීමක් කලට ප්‍රියන්ත සොහොයුරාට ..පින්.
      තවද ලේල්වල මහතාට මාර්ගය තෙරුනනම්.. පුනරුත්පත්තිය තේරෙන්න විදියක් නෑ..!!
      මොකද එහෙම දෙයක් නැනේ..පුනර් භවයක් පමණක් තිබෙනවා..එකත් මේ ක්ෂනියවසිදු වෙනවා ..නැතිනම් අපිත් රහතුන් වෙන්න ඕන..!!

      Thumb up 0

  • Chamika

    4-සතර සතිපට්ටානය- කායානු පස්සනාව ,වේදනානුපස්සනාව, චිත්තා නුපස්සනව,ධම්මානුපස්සනාව.
    4-සම්යක්ප්‍රධාන වීර්ය -උපන් පාපයන් ප්‍රහාණය,නුපන් පාපයන් නුපදීම,නුපන් කුසල් ඉපදීම,උපන් කුසල් වැඩි දියුණු කිරීම.
    4- ඉර්ධිපාද – චන්ද,චිත්ත,වීර්ය,වීමංසා
    5-ඉන්ද්‍රියන්- සද්,වීර්ය, සති,සමාධි,ප්‍රඥ
    5- බල- සද්ධා,සති, වීර්ය, සමාධි,ප්‍රඥන
    7-බෝජ්ජංග-සති,ධම්ම විජය,වීර්ය,ප්‍රීති,පස්සධිය,සමාධි,උපේක්ඛා.
    8-මාර්ගය- සම්මා( දිට්ටි,සංකප්ප,වාචා,කම්මන්ත,ආජීව,වායාමය,සතිය,සමාධිය.)
    37
    ඔබට තෙරුවන් සරණියි ..!

    Thumb up 0

  • Veenath

    කාරුණික ඉල්ලීමක්.. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම විස්තර කරන්නේ නම් මැනවි..

    Thumb up 0

    • Thilaka Randeni

      සත්තිස් බෝධි පාක්ෂික ධර්ම
      සතර ඉර්ධි පාද, සතර සම්‍යක් ප්‍රධාන, සතර සතිපට්ටාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය.

      Thumb up 1

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.