
සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
රෝගාතුර වූ දරුවන් කෙඳිරි ගගා නිදියනවා
බිමත් වූ සැමිය තදින් අනෙක් පසින් ගොරවනවා
අප මෙන් වයසට යන ගෙයි බිත්ති පැලුම් ලොකු වෙනවා
රැය එළි වන විට මායිම ඉඩම වටේ කැරකෙනවා
දකින දකින හෑම පැත්තම
වේදනාව ගෙනෙනවා
දෑස් පියන් ඉන්න සිතෙයි
කුමට රූප පෙනෙනවා
හීන් සැරේ හදට වදින
ඇනුම් පදේ අමිහිරි තුඩ
කුමට සවන් අහෙනවාද
මෙතරම් පීඩා ගෙන එන
හොඳක් කළත් නැහැ නොව හොඳ
නරක කළොත් කොහොම වේයිද
ඇනුම් බැණුම් සවනත වෙත
නොඑන තැනක් ලොවේ ඇත්ද
අමිහිරි හඬ වළකා එන
මිහිරි හඬට පමණක් ඉඩ
දෙන්න නොහැකි මෙහෙම සවන්
යුගලක් ලෑබුණේ කුමටද
කයෙන් නැගෙන දාඩිය ගඳ
මුඛයෙන් එන දුර්ගන්ධය
නාස් පුඩින් රිංගන කල
පිළිකුල සඟවන්නෙ කොහොම
වත්සුණු කොතරම් ගෑවත්
සුවද පැනින් ගත තෙමුවත්
අසුචි ලේ පිරි කුණු කය
පොළවට පස් වෙලා යති
නිල මැස්සන් හට මිහිරි
ඉහඳ පණුවො රස කරති
නුවනෑත්තන් පමණක් මෙය
නුවනින් විමසා බලති
රසයට දිව මුළා වෙලා
පමණ ඉක්මවලා ගියා
කකුල් දෙකම කපල ගියා
දිවිය තිත්ත වෙලා ගියා
KFC,Mc Donald ලු
එකල කෑවේ තරු පහෙන් ලු
දිවට රහක් නැති කෑමක්
කෑවොත් දිරවන්නෙ නැහැලු
පොශ්ය කියල හිතපු කෑම
දැන් හරියට වස වගේලු
කුමට රසය දැනෙන දිවක්
ආයුෂ උදුරන් දුවාපු
දිවේ රැඳෙන නිමේශයට
වහල් වෙනවා හිත රසයට
අසුචි නොව හැම දෙයක් ම
උගුරින් පහළට ගිය විට
දරු පෑටවුන් තුරුළු කරන්
ඉහින් කණින් බර එල්ලන්
දාඩිය ගත තෙමා ගිහින්
කර ගැට පුපුරලා ගිහින්
ඔය අත් දෙක රිදිලා මදිද
කකුල් වලට බර නොදෑනිද
සන්සාරේ දුවන ගමන
තවමත් ඇති වෙලා නැතිද
ලෙඩ දුක් නැති කයක් එක්ක
යළි ඉපදීමක් සිතුවද
සන්සාරේ කොතරම් නම්
දුක් පීඩා විඳලා ඇතිද
දරුවන් මගේ සෙනෙහෙ වන්ත
නිවසින් පිටවී ගිය විට
කරදරයක් නොවී කිසිම
එනකන් යළි නිවස වෙතට
ගින්දර දෙයි හද පපුවට
නින්දක් නෑ දෙ ඇස් වලට
රෑ තුන් යම දොස් පවරන
අසහනයෙන් පිරි සෑමියව
නො එනව නම් යළි නිවසට
සැනසීමම වෙයි පපුවට
මෙතරම් බයකින් ජීවිත
ගෙවන්නෙ අද ඊයෙ සිටද
කොතරම් කාලයක් බයෙන්
සන්සාරේ ඈවිත් ඇද්ද
මේ ඇස කන නාසය දිව කයත් සමග දුවන මනස
දුක් පීඩා කරදර ගිනි දෙනවා නේද නිරතුරුවම
වසා දෙපස පිරි අසුචි මල්ලක් බඳු වු කයකට
කියා නැහැනෙ කිසි වෙනසක් උසස් පහත් කලු සුදු ලෙස
සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
නයනී රණසිංහ
Convert to PDF

සදා යළිත් නො ඉපදෙන්න මේ කය මනසින් මිදෙන්න
පමා නොවී අදහා ගනිමු නිර්මල වු උතුම් දහම
This end would be more perfect, if the word determination is somewhere there. Everyone read / listen, understand and think to do or not to do but determination is the real problem. Once the determination is possible, all other will eventually become possible. How many of us always think that he/she will not repeat a misconduct he/she did it but since there is no determination repeatedly he/she do the same.
Determination indeed in mind (manasa). If the mind determined, things will be possible but still need of the word determination is there to emphasize it.
Anyway appreciate the effort of Nayanee to express something instead of blaming many.
https://www.facebook.com/pages/Dhammananda-Sumangala-Himi/163791280420332#!/photo.php?fbid=384448561621757&set=o.239075409504351&type=1&theater
oyata godaak pin Nayani.
May the triple gem bless u !!!