සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බටහිර විද්‍යාව තුළින් බුදු දහම විමසා බැලීමේ අණුවනකම.

බුදු දහම විද්‍යාත්මකදැයි අසන්නන්, විද්‍යාවට අනුව බුදු දහම ඔප්පු කිරීමට යන්නන්, විද්‍යාව යොදා ගනිමින් බුදු දහම විවේචනය කරන්නට යන්නන් ආදීන් අද කාලයේ දක්නට ලැබේ. මේ ලිපිය දිග හැරෙන්නේ ඒ ගැන මා දන්නා තරමින් පැහැදිළි කිරීමටයි.

වර්තමානයේදී බොහෝ දෙනා “විද්‍යාව” ලෙස හඳුන්වන්නේ බටහිර විද්‍යාවම (Science) වුවත් සිංහල බාසාවට අනුව “විද්‍යාව” ලෙස හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවට පමණක් නොවේ. උදාහරණ ලෙස බුදු දහමට අනුව ත්‍රි විද්‍යාව යනු,
* පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර ජීවිත දැකිය හැකි ඤානය)
* චුතූපපාත ඤානය (සත්වයන්ගේ චුති උප්පත්ති දැකිය හැකි ඤාණය)
* ආසවක්ඛය ඤාණය (ආශ්‍රව ක්‍ෂය කිරීමේ ඤාණය)
බෞද්ධ අපට ලොව ඇති ශ්‍රේෂ්ඨතම විද්‍යාවන් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධකරගත් ඉහත විද්‍යාවන්ය. නමුත් “විද්‍යාව” කිව් සැනින් බටහිර විද්‍යාවම සිහියට එන්නේත්, බටහිර විද්‍යාව යනු බටහිර සංස්කෘතිය මත ගොඩ නැගුණු තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් බව පෙන්වා දීම සඳහා ඊට “බටහිර” නැමැති විශේෂණ පදය එක් කළ සැණින් සමහරුන්ගේ පපු කැවුතු පත්තු වෙන්නේත් බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසයි. “මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද?” මැයෙන් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මීට පෙර පළ වූ ලිපියකින් ඒ බව පැහැදිළි කර ඇත.

බටහිර විද්‍යාව යොමු වී ඇත්තේ ඉන්ද්‍රිය පිනවීම වෙනුවෙන්, පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන දෑ පිළිබඳව ගවේශණය කිරීමටයි. ඒ අනුව බටහිර විද්‍යාව හැදෑරීම යන වපසරිය, සෘජුව හෝ වක්‍රව පංචේන්ද්‍රියන්ට ගෝචර වන දෑ ගවේෂණය කිරීමට සීමා වෙයි. අනික් පැත්තට බැලුවොත්, බුදු දහම යොමු වී ඇත්තේ සංසාරයෙන් මිදීමටයි. ඒ සඳහා මනස, මනස තුළින්ම අවබෝධ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම බුදු දහමින් ලබා දෙයි. ඒ අනුව අරමුණු සහ ක්‍රමවේදයන් සසඳා බැලූ කල්හි බටහිර විද්‍යාව සහ බුදු දහම අතර විශාල වෙනසක් ඇති බව පැහැදිළියි.

පෙර සඳහන් දෑ වලින් ව්‍යුත්පන්න වන වැදගත්ම කරුණු දෙකක් හමුවේ.
[1] බටහිර විද්‍යාව ඉගැනගැනීම යනු පංචේන්ද්‍රියන්ට කුමන හෝ ආකාරයකට ග්‍රහණය වෙන දෑ බටහිර විද්‍යාත්මක ක්‍රමවේදයෙන් පැහැදිළි කරගනිමින් ග්‍රහණය කරගැනීමයි. උදා: යු‍ටුයුබ් වීඩියෝවක් නරඹමින් වාහනයක එංජිමක් වැඩ කරන හැටි ඉගැනගැනීම.
[2] බුදු දහම අවබෝධකරගැනීම යනු ඒ ආකාරයට පංචේන්ද්‍රියන්ගෙන් අත් දැක (උදා:පොත පතින් ධර්ම කරුණු කියවීම කියවීම) බුදු දහම ඉගෙන ගැනීම නොව බුදු දහමෙන් ඉගැන්වෙන මග පෙන්වීම ප්‍රායෝගිකව භාවිතා කර ධර්මය අවබෝධ කරගැනීමයි. එනම් සතර සතිපට්ඨානය වැඩීම බව බුද්ධ දේශනාවෙන් දැක්වෙයි..

සූත්‍ර පිටකයේ, දීඝ නිකායේ, මහා සතිපට්ඨාන සූත්‍රයෙන්…
[[මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම් වූ කුරු රට වැසියන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට කථා කර මෙසේ දේශනා කළාහුය. ´´මහණෙනි, සතර සතිපට්ඨාන ධර්මයෝ සත්වයන්ගේ පිරිසිඳු වීම පිණිසද , ශෝක කිරීමය, වැළපීමය, යනාදීන්ගේ ඉක්මවීම පිණිස ද, කයෙහි හා සිතෙහි හටගන්නා දුකය, යන මොවුන්ගේ දුරලීම පිණිසද , ඥාන නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ද, නිර්වාණය අවබෝධ කිරීම පිණිස ද, එකම මාර්ගය වන්නේ යයි´´ දේශනා කළාහුය.]]

බටහිර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන යනුවෙන් දෙයක් ඇති බව ඔප්පු කරන්නේ කෙසේදැ? යි ඇසූ විට සමහර බටහිර විද්‍යාගමික පඬියන් පවසන්නේ විදුලි ස්විචයකට ඇඟිල්ල ගැසූ විට ඉලෙක්ට්‍රෝන ඇතැයි අවබෝධ කරගත හැකි බවයි. එසේනම් හෝඩිය තරමටවත් ඉගෙන ගෙන නැති නූගත් පුද්ගලයෙක්ට විදුලි සැර වැද්දවීමෙන් ඔහුට ඉලෙක්ට්‍රෝන ගැන අවබෝධ වෙයිද? ඒ සඳහා අදාල පුද්ගලයා යම් තරමකට හෝ බටහිර විද්‍යාව නැමැති තීරණ ගැනීමේ ක්‍රමය හදාරා තිබිය යුතුය. (එමගිනුත් ලැබෙන්නේ අවබෝධයක් නොව ඉගැනීමකි.)

අන්න එතනදී, බටහිර විද්‍යාවේ ගැඹුරු ඉගැන්වීම් අවබෝධ ඉගෙන ගැනීමටනම් බටහිර විද්‍යාව හදාරා තිබිය යුතු බව ඔප්පු වෙයි. ඒ ආකාරයෙන්ම බුදු දහමේ ගැඹුරුතම දේ වන “නිර්වාණය” ගැන අවබෝධ කරගැනීමටනම් බුදු දහම හදාරා තිබිය යුතුයි. මුල් ඡේදයන්හි දැක්වූ ආකාරයට, බුදු දහම හැදෑරීම යනු සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව භාවිතා කර බැලීමයි. බටහිර විද්‍යාව වැරදියට හෝ ටිකක් අධ්‍යයනය කර බටහිර විද්‍යාවේ නියමයන් ගැන විවේචන කිරීම්ට නොහැකිවාක් මෙන්ම, සතිපට්ඨානය වැරදියට හෝ යන්තම් භාවිතා කර බුදු දහම ගැන විවේචන කිරීමටත් නොහැකියි.

ඉලෙක්ට්‍රෝන ඇති බව බුදු දහමට අනුව ඔප්පු කිරීමට නොහැකිය. ඒ වගේම නිර්වාණය ගැන බටහිර විද්‍යාවට අනුවත් ඔප්පු කිරීමට නොහැකිය. ඒ ඒ දැනුම් පද්ධති වල ඇති දෑ තේරුම් ගත යුත්තේ ඒ ඒ දැනුම් පද්ධති වලට සාපේක්ෂවය. තවත් පැහැදිළිව කිවහොත්, නිර්වාණය ගැන අවබෝධ කරගැනීමට බුදු දහමේ (සතර සතිපට්ඨානයේ) යෙදිය යුතුවාක් සේම, ඉලෙක්ට්‍රෝන කියා දෙයක් ඇතැයි අවබෝධ කරගැනීමටනම් බටහිර විද්‍යාව හැදෑරීමේ යෙදිය යුතුය. “නිර්වාණය, (බටහිර) විද්‍යාත්මකද” කියා විමසීම හෙවත් “නිර්වාණය, බටහිර විද්‍යාවට අනුව ඔප්පු කළ හැකිද” කියන ප්‍රශ්නය සමාන වන්නේ, “ඉලෙක්ට්‍රෝනය ඇතැයි යන්න බුදු දහමට අනුව ඔප්පු කළ හැකිද” යන ප්‍රශ්නයේ මුග්ධත්වයටමැයි.

ඒ අනුව බුදු දහම ගැන විමසා බැලිය යුත්තේ බටහිර විද්‍යාව තුළින් නොව බුදු දහමෙන්ම බව පැහැදිළි විය යුතුයි. නමුත් වර්තමානයේදී සමහරුන් බුදු දහම (බටහිර) විද්‍යාත්මකව ගවේෂණය කිරීමට උත්සාහ දැරීම බෙහෙවින් අණුවන ක්‍රියාවක් බව පැහැදිළියි නේද?

කෙසේ නමුත් බටහිර විද්‍යාවේ සියලුම නිගමනයන් පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන සඤ්ඤා මත තීරණය වන බැවින් ඉලේක්ට්‍රෝනය යනුවෙන් දෙයක් ඇතැයි බටහිර විද්‍යාවට අනුව “අවබෝධකරගැනීම” ට හැකිදැයි ප්‍රශ්නයක් මතු වෙයි. එනම් මනසෙන් තොර යතාර්ථයක් ඇතිනම් ඒ බව මනසෙන් තොරවම පෙන්වා දීමට හැකියාවක් තිබිය යුතු නිසාවෙනි, නමුත් එය සිදුකළ නොහැකියි. එනම් ඉලෙක්ට්‍රෝන යනුවෙන් දෑ ඇති බව කීමත් උපකල්පනයක් (Assumption) බව පැහැදිළි වෙයි.

සාමාන්‍යයෙන් බටහිර විද්‍යාවේ ඇති භෞතිකවාදී විශ්වාසවලට heuristics, assumptions, axioms, hypothesis වැනි එක එක නම් යොදාගෙන තිබෙන නමුත් ඒවා හුදු විශ්වාස පමණි. ඒ විශ්වාස නැතිනම් එම දැනුම කඩන් වැටෙයි. උදා ලෙස ගණිතයේ Axioms ‘සත්‍ය‘ බවට ‘විශ්වාස’ කළේ නැතිනම් මුළු බටහිර ගණිතයම (කලින් වෙනත් ගණිත ක්‍රම තිබුණි) කඩන් වැටේ. මේ නිසා බටහිර විද්‍යාවට පදනම් වන භෞතිකවාදී දෘෂ්ටිය ආගමක් ලෙස සැලකිය හැකියි. ඇත්ත වශයෙන්ම මේ දෘෂ්ටිය බුදු හාමුදුරුවන්ගේ කාලේ අජිත කේශකම්බලී කියන ශාස්තෘවරයා ගාව තිබුණි. එය ‘ආගම්‘ වලින් පසු ක්‍රමානුකූලව වර්ධනය වූ දෘෂ්ටියක් නොවේ. ඉතා පැරණි ආගමකි. බටහිර විද්‍යාව බිහි වූණේ ඒ දෘෂ්ටිය තුළයි. සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මීට පෙර පළ කළ “බටහිර විද්‍යාවේ ඇති විශ්වාස” නැමැති ලිපියෙන් තවදුරටත් මේ ගැන පැහැදිළි කරයි.

ඉහත පින්තූරයේ දැක්වෙන්නේ “Fe” වර්ගයේ පරමාණුවක් පින්තූරයට නගා ඇති අන්දමයි. සැලකිය යුතුයි, හෙට දිනයේදී එම පින්තූරය ඇඳීමට පදනම් වූ බටහිර විද්‍යාගමික දේව වාක්‍යයන් හෙවත් විද්‍යාත්මක නියමයන් සහ ඇදහීම් හෙවත් heuristics, assumptions, axioms, hypothesis වෙනස් වී අලුත් බටහිර විද්‍යාගමික තස්තමේන්තුවක් මගින් මෙම පින්තූරය වැරදි යැයි නිගමනය කිරීමට ඉඩ ඇත. මනසට සාපේක්ෂව වූ ලෝකයට වාස්තවික අර්ථකතනයන් දීමට ගොස් බටහිර විද්‍යාව ඇණගෙන ඇති ආකාරය පසුගිය සහස්‍රය පුරාම සිදුවූ බටහිර විද්‍යාගමික දේව වාක්‍ය වල කඩා වැටීම් සහ අළුත් තස්තමේන්තු එකතු වීම් මගින් පැහැදිළි වෙයි. බටහිර විද්‍යාවේ ඊනියා සොඳුරු බව ඇත්තේ කඩා වැටීම මතනම් ඒ මත විශ්වාසය තබන්නේ කෙසේද?

එලෙස වෙනස් වීම බටහිර විද්‍යාවේ සුභවාදී බවක් යැයි සමහරක් අය කියවි, එය ඇත්තය, පැරණි බයිබලික ආගමේ අධිපතිවාදයට සාපේක්ෂව නූතන බටහිර විද්‍යාගමේ අධිපතිවාදය මදක් අඩුය, නමුත් එය එසේනම් එලෙස වෙනස් වෙමින් තියෙන බටහිර විද්‍යාව පදනම් වී වෙනත් කිසිදු ආගමික දර්ශනයක් විවේචනය කිරීමට යාම අමු තකතීරු කමකි. කොටින්ම කිවහොත් නිවැරදි මතවාදයක් නොමැතිව දිනෙන් දින වෙනස් වන බටහිර විද්‍යාව මත සිටිමින් කිසිදු විද්‍යාගමිකයෙකුට බුදු දහම විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ ඔවුන් අද පදනම් කරගන්නා කසිකබල් නියමයන් හෙට දිනයේදී ඔවුන්ගේම වෙනත් විද්‍යාගමික ගොස්පෙල්කරුවන් විසින් වෙනස් කරන නිසාය.

කාලානුරූපීව එක් එක් විද්‍යාවන් හෙවත් දැනුම් පද්ධතීන් බිහි වෙයි. ග්‍රීකයන් විද්‍යාව ලෙස ඇදහූ බහුදේවවාදී දැනුම් පද්ධතිය යට ගොස් පසුව ඒබ්‍රාහමික දැනුම් පද්ධතිය බිහි විය. මීට වසර දෙසීයකට පමණ පෙරදීද “විද්‍යාව” ලෙස බටහිර ලෝකය තුළදී හැඳින්වූයේ ඒකදේවවාදී ආගමය. නමුත් අද දිනයේදී ඒකදේවවාදී විද්‍යාත්මක ඇදහීම පරදා භෞතිකවාදී ආගම විද්‍යාව සේ සැලකේ. තව සහස්‍ර කීපයකින් තවත් අළුත් විද්‍යාවක් බිහි වූ දාට, අද බටහිර විද්‍යාව වෙනුවෙන් දිවි පිදීමට හදන පඬියන්වත් එදා ඒකදේවවාදී ඉගැන්වීමක්, නියමම විද්‍යාව යැයි සිතාගත් පඬියන්ගේ ගාණටම වැටීම නොවැළැක්විය හැකිය.

4622
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

22 comments to බටහිර විද්‍යාව තුළින් බුදු දහම විමසා බැලීමේ අණුවනකම.

  • Visnu Squad

    බුදු දහම සහ විද්‍යාව ප්‍රවේශමෙන් කථා කළ යුතු කරුණකි.එහිදි, එකිනෙක කරුණ මනා සේ වෙනම විග්‍රහ කළ යුතුව ඇත.ලිපියේ බොහෝ ස්ථානයන් එය ස්පර්ශ කර ඇත.එය සාර්ථකය.

    විද්‍යාවේ පදනම සැකසෙන්නේ,නිරීක්ෂණ,පරික්ෂණ,නිගමන,යන සිද්ධාන්තයන් ඔස්සේය.බුදු දහමේ,පදනම සහ පදාර්ථගත අර්ථය වන්නේ දුක,ඊට හේතුව,එය නැති කිරිම,එය නැති කිරිමේ මාර්ගයයි.මෙය මනස නැමති විද්‍යාගාරය තුලසිදුවන්නකි.බටහිර විද්‍යවේ ඔය ඉහත සදහන් සිද්ධාන්තය සිදුවන්නේ,උපකරණ රැසක
    සංකලනයෙන්,භෞතික විද්‍යාගාරයක් තුලය.බුදු දහමේ හේතුව සහ ඵලය දනී,එය දැන,මනෝමූලික පරික්ෂණය සිදුකර,සංස්කාර ස්කන්ධයේ,යලි හට ගැනීම නවතා දමයි.බටහිර විද්‍යාව පරික්ෂණ සිදුකර ස්ථායිතාවය (existence)සොයාගනී.එය එතැනින් නතර වේ.එහෙත් ලබ්බ වැලේ ඇත.විද්‍යාව ඒ වටේ යයි.බුදු දහම ලබ්බත්,එය ඇතිවිමට ඇති හේතුවත් සොයා නවතා දමයි.

    බුදු දහම මගින් අනාවරණය කරණ,යම්,යම් කරුණු වල භෞතික පැවත්ම(existence)විද්‍යාව මගින්,සනාථ කළ ද,හේතුව සහ පලය විග්‍රහ කළ නොහැක.විද්‍යවට බුදු දහමට අභියෝග කළ නොහැකිය.එය විහිළුවකි.ඇන ගැනීමකි.එය විශ්වය පවතින තාක් උත්සහ කළ ද,කළ නොහැක.එබැවින් බුද්ධිමත් බෞද්ධයා කළ යුත්තේ,ඔය වෘෂභ තියරින් සියල්ලටම පිළිතුරු දීම නොව,මූලය සොයා අවශ්‍ය පිළිතුර ඊට දීමය.එහෙත් බුදු දහම විනාශ කිරිමට එන,බටහිර බලවේග මෙන්ම ඊට කත් අදින,මෙරටේ බත් කන අමනයින් දෙස ද,අප නිරන්තරයෙන් ඇස ගසා සිට්න්නෙමු.

    Well-loved. Thumb up 6

  • HASITHA

    batahira vidyawa yanu widyaghainge nirmanayak(soyagenemak).widyawa haraha lowehi athi yatharthaya dekiya heki bawa ha soya gatha heki bawa owun kiyathi.namuth widyaghain yanu thawath pruthapjanain pirisak pamani.pruthapjanain hata elesa pahasuwen lowehi athi yatharthaya soya gatha heki nam budun wahanse wisin eya deshana karanu noanumanaya..namuth unwahanse deshana kara aththe eya ese kala noheki bawai.apa budun wahanse wishawasa karanuye apa thula unwahase kerehi athi shraddhawa nisaya. ebawin widyawath, widyaghainuth weradi bawa apa apage shraddhawa haraha dannemu.e anuwa balana wita vidyawa haraha budu dahame athi nirawadyathawa mena baleema athi mahath anuwanakamakiii.vidya aniwaryayenma niwaradi, budu dahama weradi kiya sinasemin yameku udam ananne nam ohu shraddhawa nomethi pudgalayek WIYA YUTHUMAYA..mama me kee deya sebe lesin awabodha wanuye shraddhawanthayekuta pamani..namuth shraddhawa nemethi mano bhawaya nomethi pudgalayek eya ese wanne kese dei asanu noanumanaya .e shraddhawa nomethi pudgalayage swabawayai.ebevin bauddhayan wana apa e gena puduma nowannemu….
    THRUWAN SARANAI !!!………..

    Thumb up 1

  • බන්දුල වක්‍රමසිංහ

    බුදු දහම හා නිර්වාණය හැර ලොව අන් සියල්ල වෙනස් වෙමින් පවතී මේ විද්‍යාවද මේ ධර්ම තාවයට යටත්ය මෙසේ වෙනස්වීම හට ගන්නේ ඇලීම හා ගැටීම මුල් කරගෙනය අද විද්‍යාෙවන් ඉතා දියුණු උපකරණ තනා ඇත මේවා කොතෙක් තැනූවද බුදු දහමට අභියෝග කලහැකි යමක් විදයාව තුලින් බිහිවී නොමැත
    බුදු දහම සම්බන්දයෙන් විද්‍යාගාර තුල පරීක්ෂණ කල නොහැක ඒ විදයාව හුදෙක් බෞතික තත්වයන් පමණක්ම විග්‍රහ කිරීම පදනම වී ඇතිබැවිනි අයන්ටයින්ගේ වාදයන්ට අනුව බෞතික වස්තුන්ගේ උපරිම වේගය ආලෝකයේ වේගයයි එහෙත් ඊටද එහා වේගයන් ඇතිබව අද එලිවෙමින් පවතී ඒ කොහොම උනත් බුදු දහමේ කියැවෙන්නේ චිත්ත වේගය බෞතික වස්තූන් ගේ වෙනස් වීමේ වේගයට වඩා ඉතා වැඩිය එනම් බෞතික වස්තූන් තුන්වරක් වෙනස් වනවිට දාහත්වාරයක් චිත්තය වෙනස්වන බවයි.මේ නිසා කිසි දිනෙක මනස පදනමවූ දහමක් වූ බුදු දහම ගැන ලෝකයේ මොනම විද්‍යාගාරයකවත් පරීක්ෂණ කල නොහැක.
    විද්‍යා උපකරණ තුලින් අපේ ඉන්ද්‍රිය ගෝචර නොවන බොහෝ දේ දැකිය හැකිය මෙසේ දකින හැම දෙයකින්ම බැබලෙන්නේ බුදු දහමයි අවංකව මෙසේ බැලිය හැකි බෞතිකවාදී බුද්ධිමතකු බෞද්ධයකු වීම වැලැක් විය නොහැක.

    Thumb up 3

  • බන්දුල වක්‍රමසිංහ

    ලොව අරුත දැනගන්න ඔබකවුද විමසන්න
    —————————–

    විදු දැනුම දියුණුකර උපකරණ නිපදවයි
    යථා ලොව දකින්නට ඒතුලින් වෙරදරයි
    විශ්මයට පත්වෙනා නිමැවුමෙන් ලොව පිරෙයි
    විශ්වයම සෙවුවාට අප තවම එතැනමයි

    දිය බිඳකි විදු දැනුම සයුර මෙනි නොදත්දෙය
    ඉම පෙනෙයි දියුණුවේ තනන උපකරණයේ
    දුර දකින පමණටම දිග පෙනෙයි කාලයේ
    නිමක් නැත කාලයේ නිමක් නැත විශ්වයේ

    ඉතා කෙටි කාලෙකින් ජීවිතේ නිමාවෙයි
    භවය ඉන් නොනැවතී වෙනස් වී ගලායයි
    මිනිස් හිත සහ මොලය විශ්වයේ අරුමයයි
    මිනිස් ගත මට ඔබට ලඟම ඇති ලෝකයයි

    ඔබ සිරුර තුලම වේ ලෝකයෙහි සියලුගුණ
    දකින්නට හැකි කෙණත් ඔබම වේ ඔබේ ගුණ
    ලඟම ඇති ලෝතුලට යොමා ඔබ මන නුවණ
    විශ්වයම විමසන්න කුමට වෙන උපකරණ

    අමා දම් රැස්දහර එයට ආලෝකයයි
    ඔබ කවුද දකින විට ලොව අරුත පසක් වෙයි
    ඇලි ඇලී ගැටි ගැටී නැගෙන සිත් සිඳීයයි
    භව ගමන නතර වී අමා සුව ලඟාවෙයි

    බන්දුල වික්රීමසිංහ

    Well-loved. Thumb up 6

  • ruwan

    මේ මාතෘකාව සම්බන්ධව ලියවුන හොද පරණ පොතක් තියෙනවා “බුදු දහම විද්යාවට සම විසම වන අයුරු” කියල. මේක ලියල තියෙන්නේ ආර්,ජී, ද එස් වෙත්තමුනි කියල මහත්මයෙක්. පුලුවනිනම් හොයාගන්න බලන්න. මමත් හොය හොයා ඉන්නේ.

    Thumb up 1

  • firdhous

    As far as I know there is no contradiction between teachings of Lord Buddha and the science inventions up to date. In fact it is part of teachings of Lord Buddha to contemplate about the things around us and find out the reality. Lord Buddha got the status of Buddha after he started to think about things logically. The instrumental science was developed the way now at his time. But Lord Buddha could thing beyond the instrumental knowledge of his time.

    Lord Buddha was not a scientist or a doctor to explain about materials and its nature. He approached the human social life in a highly intelligent manner. His important teaching and practice is not to indulge in things which cannot not be comprehended by human sense. It is because of that lord Buddha did not want to distract the attention of his followers by preaching of or against god. Lord Buddha maintained utmost silence in this issue. Any other things which may distract human attention from improving human qualities and destroying animal qualities in human was the prime objective of Lord Buddha’s mission.

    When someone states anything that Lord Buddha said, it is worthy to indicate the reference. In the modern world indicating a reference is a must in every academic work. Breaking such a system and starting to say whatever anyone wishes and attribute it to Buddhism or Lord Buddha going to mess up everything probably get the name human out of man.
    On of the prime teaching of Lord Buddha is that things are not constant but continue to change and then disappear. Light could be the fastest or “nuton” could be fastest but nothing has a permanent place and form is an unshakable theory. Human is the most superior of all beings and materials. According to Lord Buddha human cannot be destroyed by any means. Man may face a temporary death but he will appear once again is part of teachings of Lord Buddha. It could be a physical form or a form of deform (Nirwana) man is going to exist when entire thing may change/disapear.

    Lord Buddha’s concern was that man should not be distracted by the inconstant material world which will affect him (sansara) severely. Every action man will make, good or bad going to define his future. Lord Buddha paid utmost attention to guide the human for a painless life in his presence on earth and after his disappearance (death) from this earth. Those who went away from earth never return back to prove his existence scientifically which is the only thing cannot be proved by instrumental knowledge and contradictory to modern science.

    Thumb up 2

    • The Truth

      Hi

      Brother Firdhous.Appreciate your comment.But to the best of my knowledge as Muslims we must not use the word “Lord” with Buddha.
      The “Lord” is use to refer extreme power,knowledge,ability over everything which can be used only with Allah(Lord).

      Buddha developed hypothesis and then to theories not scientifically proved. But it doesn’t mean that every thing Buddha said is incorrect and unacceptable as well as not everything can be accepted without logical and scientific approaches.

      Science Technology studies and logic are the best thing for each individual to prove things for even themselves.If some one says science and logic is a shit definitely he is a shit.science made the world this far advanced.May be some individual unable to experience.this is not defect of science but them.

      thanks

      Thumb up 0

      • firdhous

        Hi, don’t say things from your pocket in the name of Islam. If you say things that is of Islam you have to put forward enough evidence. Don’t say things just because you heard it from someone otherwise let the one whom you heard form come here and put his comment. Islam has been severely damaged by act of such people who never want to search for truth and analyze the right out of wrong but just follow an imaginary Islam.

        In any language words are not just considered but the intended meanings. Should I say “umbata hondata ekak dennam” in Sinhela does it means I am going to give a good gift or a lunch? If say “Nikang illum parrippu kannathuwa katawahagena itapang” does it means you eat fresh dale? If you go to a shop in down-south and say “I say give me that item” what will be result? Do it then after make another comment here. May be you won’t be able to walk or talk then. There are things much important than this otherwise I can continue explaining this for pages.

        Do you know what prophet Mohamed had said “ It is enough to prove that I a man is a liar that he says to others whatever he listen”. Should you think having a name as Truth means everything you say will be truth, it would be a big mistake and utter foolishness. Do enough search before you preach others.
        http://www.islamweb.net/hadith/display_hbook.php?hflag=1&bk_no=1849&pid=353829

        Thumb up 0

      • HASITHA

        NATURE OF YOU COMMENT SHOWS THAT U DOESN’T KNOW WHO LORD BUDDHA IS…….SO PLEASE BE AWARE OF THE THINGS BEFORE COMMMENTING.IT IS TRUE THAT SCIENCE DEVELOP THE WORLD ,BUT IT IS NOT SUFFICIENT ENOUGH TO SAY THAT SCIENCE SHOWS THE RIGTH PATH TO US…….SO UR BOAST ABOUT SCIENCE IS CONSIDERED VALID………..

        Thumb up 0

  • නිව්ටෝන් අයියා

    කන්ඩ බැරි මිදී තිත්තයි කියන්නේ ඕකට තමයි. දැන් තමුසෙලා කියනවා බලන්ඩ තමුසෙලගෙ “විද්‍යාවෙන්” විශ්වය හැදිලා තියෙන කුඩාම දෙය මොක්කක්ද kiyala? තමුසෙලාට උත්තර නැහැ. එත් මෝඩයෝ වගේ මෙච්චර සාක්කි තියෙන බටහිර විද්යාව් බොරු කියනවා. තමුසෙලා අවිලාල් ජෝකර්ලා හලෝ.

    Well-loved. Thumb up 7

    • බටහිර විද්‍යාව බොරු කියන්නේ අපි නොවෙයි, මීට කළින් තිබුණ විද්‍යාත්මක නිගමනයන් අද වෙනස් වී ඇත. උදාහරණයක් ගතහොත් අයින්ස්ටයින් කිව්වේ ආළෝකය වඩාත් වැඩිම වේගය බවයි, ඒත් ඒකත් වෙනස් වුණා. ඒ අනුව බටහිර විද්‍යාව යනු නිතරම වෙනස් වෙන්නකි. ඉතින් නිතරම වෙනස් වෙන්නක දැනට ඇති ඉගැන්වීම පරම සත්‍යයක් යැයි කියන්නේ කෙසේද?

      විශ්වය හැදී තිබෙන කුඩාම දෙය බටහිර විද්‍යාවට අනුවනම් පරමාණුව සහ එහි ඇති අංශුයි. නමුත් බුදු දහමට අනුව විශ්වය හැදී තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත රූප තුළිනි.

      නමුත් බුදු දහමේ අරමුණ විශ්වය ගවේශණය කිරීම නොවේ. එනිස විශ්වය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන්ය. ඒ බව සහස්ස ලෝකධාතු විඥාපන සූත්‍රයේ දැක්වෙයි.

      බටහිර විද්‍යාව යන්නේ තවත් මගකයි. ඉහත ලිපියෙන් බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කර නොමැති අතර, එමගින් පෙන්වා දී ඇත්තේ බටහිර විද්‍යාවේ දෘෂ්ඨිකෝණයේ සිටිමින් බුදු දහම විවේචනය කිරීමට නොහැකි බවයි.

      එසේම ඔබ භාවිතා කර ඇති බස් වහර අනුව ඔබගේ සහ සමහර විට ඔබව වැදු දෙමාපියන්ගේ මානසික තත්ත්වය කෙබඳුදැයි පෙන්වා දි ඇත. මින් පසුවවත් වැදගත් ආකාරයෙන් ඔබගේ අදහස ඉදිරිපත් කිරීම, ඔබගේම ආත්මාභිමානය ‍රැක ගැනීමට ඉවහල් වේවි.

      Well-loved. Thumb up 31

      • දුක්ගන්නාරාළ

        //උදාහරණයක් ගතහොත් අයින්ස්ටයින් කිව්වේ ආළෝකය වඩාත් වැඩිම වේගය බවයි, ඒත් ඒත් ඒකත් වෙනස් වුණා.//
        ඒ කවදද එහෙම වෙනස් උනේ? මම දන්නෙත් දැනුයි. එතකොට මොකද්ද දැන් වැඩිම වේගයෙන් යන්නේ?

        කෙසේ නමුත් axioms සහ heuristics, assumptions, hypothesis වෙන වෙනම වර්ග කරන එක තමයි නිවැරදි. axioms යනු මනුෂ්‍යයාගේ ප්‍රඥාවට අනුව සත්‍ය යයි හැඟෙන නමුත් ඔප්පු කල නොහැකි දේවල් වලටයි. axioms බොරු වේ යයි විද්‍යාවේ කිසිවිටෙක බලාපොරොත්තු නොවේ. නමුත් heuristics, assumptions, hypothesis වැනි දේවල් ඉදිරිපත් කරන විටම ඒවා බොරු වීමට ඇති හැකියාව පිළිබඳවත් සලකා බලනවා. ප්‍රයෝජනයක් තිබෙනවානම් ඒවා සත්‍ය වන තත්ත්ව යටතේ පමණක් ඒවා පාවිච්චි කරනවා. මෙයයි හරියටම හරි 100% නිවැරදි විද්‍යාව යයි කිසිවිටකත් ප්‍රකාශ කරන්නේ නැහැ. නිවැරදි කිරීමට ඇති ඉඩකඩ කිසිවිටකත් අහුරා නැහැ. එයයි විද්‍යාවේ ඇති විශේෂත්වය.

        මෙම ලිපියත් කාලෝචිත ලිපියක්. අපි දකිනවා බෞද්ධ දර්ශනය පිලිබඳ වැටහීමක් නැති පුද්ගලයන්, බටහිර විද්‍යාවේ සංකල්ප හුවා දක්වමින් බෞද්ධ දර්ශනය සත්‍ය යයි ඔප්පු කිරීමට උත්සහ කරන ආකාරයක. නිදසුනක් ලෙස. ලඟකදී මම දැක්කා මුහුනුපොතේ බෙදා හරින පින්තුරයක්, පිරිත් පැන් වල අංශු හැඩගැසීම් පාවිච්චි කර, පිරිත්වල බලය පෙන්වීමට දරන උත්සහයක්. මෙය බුදුන් වහන්සේ දේශනා කල ධර්මයේ හරය නොවේ. මම නම් දකින්නේ, බෞද්ධ දර්ශනය සහ විද්‍යාව යන දෙකට එක සමාන්තරව ඉදිරියට යාමට විශාල හැකියාවක් තිබෙනවා. එකකින් අනෙක ඔප්පු කිරීමටවත්, බොරුවක් යයි පෙන්වීමටවත් උත්සාහ ගැනීම තේරුමක් නැති වැඩක්.

        Thumb up 2

        • Chamika

          මියෝවුන් නමැති අංශුව.. මේවා ඔය කියන්නේ බටහිර විදුදරුවන්මි..දැන් හිග්ග්ස් බෝසෝන් හොයාගෙන ලු.. එකත් සුවර් එකට හිග්ග්ස් දැ කියල බලන්න ඕනලු..!
          මේ අන්සුවත් හොයන්නේ මේ පවතින ස්කන්ද ඇතිවෙන්නේ දේව අන්සුවෙන් කයල දේශනා කරන්නන නේ..!!

          Thumb up 0

    • Chamika

      ඔබට පිළිතුරු දීමට ,මගේ දැනුම අඩුකරගත යුතුය. ඒ මක්නිසාද යත් සියලු ලෝකය පන්චේන්ද්රයන්ට සාපේක්ෂව සිතන
      ,පහත මානසික (2 පන්ති) මට්ටමට යාම දුෂ්කර බැවිනි.
      කෙසේ හෝ ඔබ වැනි වුන් අද බටහිර විද්‍යාව සොයාගත් පිරිස අතරවත් නොමැත.ඔවුන්ද සොයන්නේ කෙසේද..! මේ බුදුදහම
      මේ සියල්ල දැක ගත්තේ කියාය.මේ පිලිබදව දැනගැනීමට ක්වොන්ටුම් විද්‍යාවේ සිංහල පරවර්තන හා පැහැදිලි කිරීම් කරන “නලින් දේ සිල්වා ආචාර්ය තුමාගේ
      ලිපියක් හෝ දෙකක් වත් කියවන්න.තව බොහෝ විස්තර අන්තර් ජාලයේ තිබේ.
      ම දන්නා තරමින් ඒ විද්‍යාව (ක්වොන්ටුම්) ගැන සිංහලින් පැහැදිලි කරන ලිපි (ඒවා දැනගත්තොත් විද්‍යාවෙන් සිංහලුන් මුලාකරන්නට බැරිවීමද නොමැති නම් ඔය සිටින
      පඩියන් ඒවා නොදන්නා කමද මා නොදනී.)වෙනත් කෙනෙක් පළකර නොමැත.
      ක්වොන්ටුම් ගැන සියල්ල ගැන ගැනීමට අපට අවශ්‍ය නොවේ .මක්නිසාද යත් ඒවා සසර ගමන කෙටි කිරීමට ,සත්‍ය දැකීමට එතරම් අවශ්‍ය නොමැති බැවිනි.

      Well-loved. Thumb up 6

    • @නිව්ටෝන්,
      ඉතාමත් අසික්කිත වචන යොදාගනිමින් ලියා ඇති ඔබගේ දෙවැනි කොමෙන්‍ටුව පළ නොකළ බව සලකන්න.

      Well-loved. Thumb up 7

    • රාවණ

      @ නිව්ටෝන් අයියා

      අපට තිබෙන ප්‍රශ්නය බටහිර විද්යා දෑනුම හා එහි ඉන්ද්‍රිය ගෝචර සාක්ශි ගෑන නෙවෙයි. නවීන විද්යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට යාමේ අවිචාරය ගෑනයි. බුදු දහමට අනුව නවීන විද්යාව යනු මනුස්සයන් මනසින් කරන තවත් එක නිර්මානාත්මක ගොඩනෑගීමකි. බුදු දහමෙන් මනාවට ඉගෑන්වෙන්නේ එලෙස මනසින් ගොඩනගන්නවු දේවල්වල අනිත්යතාවය ගෑනයි. එබෑවින් නවීන විද්යාවෙන් බුදු දහම ඔප්පු කිරීමට යාමට වඩා බුදු දහමට අනුව නවීන විද්යාව කුමක්ද යන්න තේරුම් ගෑනීම වටිනවා කියලයි මම කියන්නේ. ඔබතුමා මෙතන කරල තියෙන්නේ බොරු වචන හරඹයක් විතරයි.

      Thumb up 2

    • RR

      විශ්වය හැදිලා තියෙන කුඩාම දෙය මොක්කක්ද?
      @ නිව්ටොන් මල්ලී,

      “ශක්ති අංශුව” (චලනය).
      එහි ආයු කාලය ඉතාම ක්ෂණිකය. මුලු විශ්වයේ ම පැවැත්ම ද එපමණකි. මොහොතින් මොහොත හටගනී,වැනසේ. – අනිත්‍යයි.

      Thumb up 2

  • මාතර ආතර

    @chin

    chin says”මෙම වැරදි මතය මිනිස්සු අතරට ගියේ මළ ගෙවල් වලදී මෙම අනිත්‍ය බව ගැන බණ කියන නිසා.
    අහගෙන ඉන්න අය හිතනවා බුදු හාමුදුරුවෝ අනිත්‍ය යි ලෙස දේසනා කළේ ජිවත් වෙලා ඉඳල මැරෙන එකට කියල.
    අනිත්‍යයි කිව්වේ හැම විටම වෙනස් වෙමින් වෙන දෙයක් බවට පෙරළෙමින් තියෙන එකට.

    සියලු දේම නැසෙන සුළු නොවේ. සියලු දේම අනිත්‍යයි”chin

    අපි අනිච්චන් දුක්ඛං කියල,
    එදිනෙදා වන්නා වූ හැම සිද්දීයකටම පස්සේ,
    කියන්න පුරුදු වුනෙත් ඒකම තමයි.

    නමුත් වෙනස් වන බව දකින්න,
    සිහල බෞද්ද අපි කවුරුවත් වගේ ඇත්තටම කැමති නෑනේ.
    කොණ්ඩ කළු කරන dye කුම්පැනි කාරයෝ වැටෙන්නේ නැත්තේ ඒකනේ.

    නමුත් අපි ලෙඩවෙලා වැටුනොත් හරි,
    කවුරු හරි කූරිය ගැව්වොත් හරි,
    ඔන්න මතක් වෙන්ව
    වෙනස් වීම ගැන,

    ඉතින්,
    අනිච්චාවත සංඛාර
    කියමින්
    ගාථ කියනවා.

    Thumb up 2

  • Dulantha

    මෙය ඉතා කාලෝචිත මෙන්ම ඉතාම අර්තවත් ලිපියකි. මක්නිසාදයත් අදවනවිට බටහිර නූතනත්වයෙන් මොඩ් වෙච්ච මොඩ් බෞද්ධයන් නවීන විද්යාවෙන් බුදුදහම ඔප්පු කිරීමට යෑම ආදී ක්‍රියා තුලින් බුදු දහම බටහිරට අවශ්ය ලෙස විග්‍රහ කිරීමට ඉඩ ලබාදී තිබෙන නිසා. ඈත්තෙන්ම විද්යාව හා අවිද්යාව යන වචන අපට හුරු වෙලා තියෙන්නේ බුදු දහම තුලින්. එහි අර්තය බෑලුවොත් විද්යාව යන්න බුදු දහමට අනුව අනිත්ය දුක්ඛ, අනාත්ම පිලිබඳ අවබෝධය කියන එක හා අවිද්යාව යනු ඒ පිලිබඳ අනවබෝධය කියන එකයි.බුදු දහමට අනුව ගොඩක් ගඹුරට ඉගෑන්වෙන්නේ මනස ගෑනයි. මනස තමයි කෙනෙකුගේ දුර්වලම තෑන. මිනිසුන් නවීන යෑයි කියමින් කිසිම දෙයකින් තෘප්තිමත් නොවී අලුත් වෙමින් නූතනත්වයේ කෙලවරට යන්න උත්සහ කරන්නේ. මනස මුල් කරගෙන ගොඩනෑගෙන සියල්ලබුදු දහමට අනුව අනිත්ය දුක්ඛ අනාත්ම ගොඩට අයත්වෙයි. ඒ අනුව බලන කල බෞද්ධයන්ට යමක ඈතිවීමේ සිට නෑතිවීම දක්වා වෙනස්වීමේ චක්‍රිය ස්වභාවය තේරුම්ගෙන සම්මුතිවාදී දිවිපෑවත්මක් ගතකිරීමට මනා හෑකියාවක් ඈත. මොඩ් බෞද්ධයන් විසින් අද නෑතිකර දමමින් සිටින්නේ බෞද්ධ සමාජයෙහි තිබෙන මේ වෑදගත් ලක්ශණයයි. අප මතකතබාගතයුතු වෑදගත්ම දේ බුදුන්වහන්සේ විසින් චතුරාර්ය සත්ය අවබෝධ කරගත් කාරණය හා බුදු දහම බුදුන්වහන්සේ විසින් ගොඩනගන ලද දෑනුමක් නොවන බවයි.

    Well-loved. Thumb up 16

    • බොහොම ස්තුතියි දුලන්ත මහත්මයා, ඔබගේ අදහසින් ලිපියේ තිබූ හිඩැසක් සම්පූර්ණ වුණා.

      Well-loved. Thumb up 7

    • firdhous

      Dulantha, I appreciate your comment but the last sentence is little unclear. If you can explain it little more?

      Thumb up 0

      • RR

        බුදුන්වහන්සේ විසින් චතුරාර්ය සත්ය අවබෝධ කරගත් කාරණය හා බුදු දහම බුදුන්වහන්සේ විසින් ගොඩනගන ලද දෑනුමක් නොවන බවයි.

        දුක යනුඃ

        සත්ව නමින් අප පොදුවේ ගන්නා මේ පඤ්චස්කන්ධයන්ගේ සමවාය ම දුඃඛ යයි.මේ හැර පඤ්චස්කන්ධය තුල රැදී දුක් අනුභව කරන සත්වයෙක් හෝ මමෙක් නැත.

        චලනය කරවන නිශ්චල චාලකයෙක් මෙහි නැත්තේය. ඇත්තේ චලනය පමණි. ජීවිතය චලිත යැයි කීම වැරදිය. ජීවිතය තෙමේම චලනයයි. ජීවිතය,චලනය යනු එකෙකට වෙනස් දෙකක් නොවේ. වෙන වචන වලින් කීයතොත් චින්තනය මිස චින්තකයෙක් නැත. චින්තනය ම චින්තකයාය. චින්තනය ඉවත්කළහොත් චින්තකයෙකු ඉතිරි වන්නේ නැත. මේ බෞද්ධ මතය දෙකාර්ත්(Descartes) නමැති දාර්ශනිකයා ඉදිරිපත්කළ ‍’මම සිතමි,එහෙයින් මම වෙමි’ යන මතයට මුලුමනින්ම පටහැණි බව මෙහිලා සැලකිය යුතුය.
        – බුදුන් වදාල ධර්මය – වල්පොල රාහුල හිමි – පිටුව 38

        Thumb up 1

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.