ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා “
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද?

අද ලංකාවේ බුදුදහම පවතිනවා යයි කියන්නේ “ථෙරවාදී” දහමක් ලෙසිනි. එය සත්‍යයක්ය. තෙරුන්ගෙන් ලැබූ වාදයක් නිසා මෙසේ හැදින්වනවා විය හැකිය. බුදු දහම කිසිම වාදයකට අයත් නොවේ. ප්‍රත්‍යක්ක්ෂය නියම පිළිවෙතයි. නමුත් බුදුන්වහන්සේගේ පිවිතුරු ධර්මය සදහා සොයා යන්නකුට අද, නොයෙක් මතවාදී ආකල්ප (මත සාගරයක ගිලී ) සහිත දේ දැකිය හැකිය.

1) ත්‍රිපිටකය, සිංහලින් පාළියට නගා, සිංහල පොත්පත් (පුස්කොළපත්) ගිණිතබා තිබෙන බව පවසයි. එයට හේතුව ලෙස විවිධ අර්ථ කථන දිය හැකිය. ධර්මය විකෘති වියහැකි නිසා මෙය බුදුගොස් හිමියන්කළ බව පැවසේ. තවත් අයුරකින් මහින්ද රහතන්වහන්සේ ගේ ඒ පිවිතුරු ධර්මයට හින්දු ආකල්ප රිංගවීමට මෙයකළ බව පැවසේ. මේවා අප නුවනින් විමසිය යුතු කරුණුය.

2) සමහර මහා සංඝයා වහන්සේලාගේ විවිධ මති මතාන්තර තිබේ., අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන නිසා යයි පවසා, එය තමන්ගේ දේශනා වලට ඇතුලත් නොවේ. මෙහිදී පවතින ප්‍රශ්නය බුදුන්වහන්සේ දෙවියන්ට දෙසු, ධර්මය (දේවතා සංයුක්තය) පිළිගැනීමත් අභිධර්මය නොපිලිගනිමත්ය. තවද විවිධ නිකායන්ට බෙදී ඇති ශාසනය, විවිධ මතවාද දක්වයි. මාංශ ප්‍රශ්නයද එසේමය.

3) තවත් සමහරුන්ට බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුණ බව පැවසීම තරම් දෙයක් නොමැත. එය පරම නිෂ්ඨාව ලෙස සිතයි. අද වනවිට මේ ගැන කියමින් යන පිස්සන්ට එකතු වන පිරිසෙන්ද අඩුවක් නොමැත.

4) සමහරක්, ධර්මය අසන්නට සිටින්නේ මෙත්‍රී බුදුන්ගෙන්ය. මෙත්‍රී බෝසතාණන් ඉපදී සිටින බවද දැකිය හැකිය. මෙවැනි දේවල් තිබියදී මහා සංඝයා වහන්සේගේ කරුණාව තමත් අඩු නැත. එයද හොඳය. නොයෙක් මතිමතාන්තර පවතින්නේද බුදුදහමේ වීමද විශ්මයකි. වෙනත් ආගම (බුදු දහම ආගමක් නොවන නමුත් එසේ සිතමු) වල මේවා තිබෙන්නේද මටනම් කනට ඇසී නැත.

5) සත්‍ය සෙවීමට ගිහියෙක් වී සිටියදීම පුළුවන් බව සත්‍යකි. නමුත් ඒ එක්තරා මට්ටමකටය. ගිහියන් වී සත්‍ය දැකීම වරදක් නැත. නමුත් ඒ සත්‍යය තමා විසින් දැකිය යුතු නමුත්, විවිධ මත දැක්වීම හානිකරය. බුදුන් වහන්සේ පවා සත්‍යය සෙවීමට අවසාන මොහොතේ ගිහි ගෙයින් නික්මී ගියහ (අභිණිශ්ක්‍රමණය). මේ අභිණිශ්ක්‍රමණය බුදුන්වහන්සේගේ නික්මයාමට පමණක් බාවිතා වී තිබෙන්නේ, මීට පළමු වෙනත් පිරිස්ද නික්මී ගියමුත් සැබෑ සත්‍යය නොදැකපු නිසාය. කෙසේ හෝ උන්වහන්සේගේ ජිවන කතාවද, සත්‍ය සෙවීමේ, සිත් විනිවිද දැකිය හැකි ලෙස ගොතා තිබේ. විවිධ බුද්ධීන්ට අනුව ඒවා ගලපා ගත යුතුය. (ඉපදීම සිට පිරිනිවන දක්වා කතාන්තරය)

මේ අප පෙන්වා සිටියේ විවිධ මතිමතාන්තර වේ. බොහෝ පිරිසක් මේ යුගයේදී බුදුදහමද “උපතින් ලැබී ” තිබෙන වරප්‍රසාදයක් නිසා තිබෙන්නට හරියි. ලංකාවේ සංගණනයක් කළොත් පන්සිල් (නිත්‍ය සීලය) රකින 5% වත් නොමැත. කෙසේ හෝ බුදු දහම, පන්සල, දුස්සීල අයගේ බඩවියත රකිමින් හෝ රැකෙන එක හොඳය. ලෝකයේ බොහෝ පිරිසක් පංච කාමයට ගැලී තිබෙන එකද බුදුදහමෙන් පෙන්වා දී තිබේ. තවද ලාභ සත්කාරයන්ට නැමෙන ජනයා (ලෝකෙට වගේම) ලංකාවේ දැකිය හැකිය.

“බුදු දහම නුවණැත්තන්ට පමණක්” යෙයි කියුවද මෝඩයන්ටද මේවන විට “ඇදහිය” හැකිය. වෙනත් ආගමික මතයන්සේම මේ නිර්මල ධර්මය ඇදහීම කරගෙන යයි. ලංකාවේ “අනුන්ගේ හරක් බැලීමට” දක්ෂ පිරිස ඕන තරම්ය. කොහෙන් හෝ දෙන විද්‍යාවක් ද ආගමක් ලෙස සිතන උගත් පිරිසක් අපට සිටි. මේ ලෙස බැලු විට අනිත් දේවල්ද එසේමය.

මෙවැනි දහමේ විකෘති කිරීම් තව දුරටත් කළහොත් ධර්මය කුමක් දැයි “සොයන යකාට” වෙන දේ අපටද විය හැකිය (දහම්සොඬ). බුදුදහම විවෘත වූ විට බබළන බව සැබැය. නමුත් මේ සිදුවන්න්නේ වෙනත් විකුර්ති මතවාද වලින් බුදු දහම වැසීමය.

කෙසේ හෝ මිහිදු හිමියන්ගෙන් පසු ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය, “නුතන ආර්ථික” යන්ගේ මුදල මත සිතන සමාජයෙන් සියලුම ගුණධර්ම මිලක් නියමවෙමින් පවතයි.. මේවාට පන්සලද, රජයද, උගතුන්ද ඍජුව වග කිව යුතුය. (1970 ට පසුව). අද ලංකාවේ මුදලට කල නොහැක්කක් නොමැති බව සිතන පිරිස් ඇතිවී තිබේ. (නිවන සැපක් නිසා සල්ලි දී ගිය හැකිනම් එයද කරනු ඇත.)

එබැවින් සත්‍ය දකින්නේ කෙස්ද? නිර්මල ධර්මය තිබෙන්නේ නම් මාර්ග පල ලැබූ පිරිස් කෝ? බුදු දහමට අනුව හැසිරීම නොකර “කටෙන්” ගොඩවීමට නොහැකිය. සමාජය සැදී තිබෙන, මිනිසුන් සැදීමට බුදුදහම හොදින්ම යොදා ගත හැකිය. අපේ පැරැන්නෝ මේවා එසේ යොදාගෙන තිබේ.

ඒ පෝය දිනට, පන්සලට සිමා නොවී හැම මොහොතකම සිහිනුවනින් අඩු පමණින් පන්සිල් රකින මිනිසකු හැදීමට, ධර්මය නියම ලෙස දේශනා කිරීමද, ඒ අනුව හැසිරීමද භික්ෂූන් වහන්සේ නමකගේ යුතුකමකි. එසේම එම සිතුවිළි බුද්ධිමත් මිනිසුන්ට පහළවේවායි පතමි.

- චාමික කරුණාරත්න -

4616
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

49 comments to බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද?

  • Nizam

    Buddagamata anuwa maranya”(death) nirwachnaya wanne keseda?.Eya hudek shreeraya akreeya weemak da nathnam shareerayane yamak (Athmayak ho yamak ) pitaweemak da .Mama hithanne minisa kawada ho marnayata ithamathma asanna nirwachanayak hoyaya ganna dawase lokaye sathya darmaya kumakdai heliwe.Islam dahamata anuwa deviyan wishwashakireema yanu lokaya maweemata ha kriyathmaka kireemata hethu wu kisiyam prbawayk thibe yai wish wasa kireema we .Islam dahamta anuwa deviyanta roopayak nomatha.
    Mama hithanne minusunhatiyata api nodanna karanawak hrabya satan kireema wenuwata samastah manushya sanhathiya ekathu wi lokaye sathya kumakdai gaweshanya kalauthui.

    Thumb up 1

    • THARAKA

      meke comments dala thiyena anith islam sahodarayanta wada oya tikak hoda paththata kalpana kirima gana sathutu wenwwa.. eth sahodaraya nirwanaya kiyana de oya waradiyata therum aragena eka hinada ey gana katha karranna kalin tikak hoyala balanawanam watinawa… budu dahame kiyanne sama deyakma yam hethuwak matha sidda wenawa kiyala ahethukawa kisi deyak wenna ba kiyala,,, ahethukawa deyak sidda wenawa kiyala oppu karanna puluwan nam mawim wadaya piliganna puluwan.. man me katha karanne mata penena dey matha pihitala.. nawatha nawatha minisa me loke upadinawa kiyana eka aththada kiyala tikak hoyala balanna (reincarnation)ehema hoyala balala eka thahawuru karaganna mulinma….. me loke api anantha apramana duk widinawa neda??? eka aththada boruda???? meloke hamadema wenas wenawa neda eka aththada boruda???? thamanma hithala balanna….. melowa ipadeepa dukai nam api yali yalith melowa upadinawanam me duka nathi karanne kohomada?????? tikak hithanna……… mulinma reincarnation , nawatha ipadeepa aththada boruda kiyala hoyanna eka aththa bawa watahunahama ethanin ehata ape ahata pena danena de matha pihitala hithanna…… anith eka kisima sathekwa maranna apita aithiyak na, dewiyan saththu mawwa kiyala dewiyan wenuwen saththu maranawanam dewiyan sathutu karanna ai islam ayata bari thamange lamainwa marala dewiyan sathutu karanna…. ka wenuwen kalath waradi deyak nam waradima thamai yaluwa…. thamanta danena marana biyama thama oya ahinsaka saththuntath danene eka amathaka karanna epa.. melechchayo wenna epa please… koi dahame thibbath hoda deyak nam api hodai kiyanawa waradinam waradi… man me agamata nigaru karanna hadanawa nemei hodada…. tikak hithanna thaman hodak kaloth thamanta hoda prathipala labei waradi kaloth ewa labei… nopenena nadakapu kenekgen deyak prarthana karanawata wada thaman mahansi wela wada karala deyak laba ganna eka neda karanna thiyenne…. dewiyangen illapu dewal oyata mata nikan labeida???? padam karannathuwa dewiyanta kiwwoth pass karala denna kiyala eka weida?? na padam kaloth pass wei echcharai… thamanta penena de wishwasa kirima thamai hoda…… oya kiyapu anthima adahasata mama garu karanawa “gaweshanaya” karanna one kiyala hithapu eka… nawatha ipadeema, reincarnation kiyana eka mulinma gaweshanaya karanna,,, ekata help ekak onenam kiyanna udau karannam….. thaman karana paw katawath nathi karanna ba yaluwa thaman waradi kaloth eke wipaka thamanta labenawamai……

      Thumb up 0

  • chanaka

    @ අජ්මල්.. මම මෙකෙ දෑකපු දෙයක් තමයි මුස්ලිම් අය කියනව බුදු දහමට පදනමක් නෑතිලු… ලොකෙ සියලුම ආගම්(බුදු දහම ආගමක් නොවේ. දර්ශනයකි.)බිහි වෙලා තියෙන්නෙ දේව මෑවුම්වාද සන්කල්පයෙන්…නමුත් බුදු දහමෙ කොතෙනකවත් එසේ සදහනක් නෑ.. බුදු දහමෙ පදනම තමයි “හේතු ඵල දහම” ලොකෙ සිදුවන, සිදු කරන සෑම දෙයකටම යම් කිසි හේතුවක් තියෙනවා. අනික ලොකය දෙවියන් වහන්සේ මෑව්වාය කියන 1 බොරුවක් කියල අද මුලු ලොකයම දන්නව.
    http://en.wikipedia.org/wiki/History_of_the_Earth
    http://scienceray.com/philosophy-of-science/how-planet-earth-was-born/
    http://www.wisegeek.com/how-was-the-earth-created.htm
    මේ දාල තියෙන links වලට ගිහින් බලන්න. සියලු ආගම් වල සන්කල්ප බිදෙන හෑටි.ආගමේ මූලික පදනම නෑති උනාම එතනින් එහාට ඒ ගෑන කතා කරල වෑඩක් නෑ නේද?

    Thumb up 4

  • Praneethpj

    @shodaka,
    Oba eththatama mahamewnawa gena dannethiwa kala prakashayak thamai karala thiyenne.man inne kurunegala,ithin godak tharuna ,daruwo bududhamata aawe un vahanseta pin sidu wenna.wenada havasata BAr wala hitapu ape yaaluwo,ada den mahamewnawe.naraka weda karapu piris dhramayata evilla.eththata oba thuma gena kanagaatui.unvahanse nethnan ,ada kurunegala bahuthtaraya anya aagamikoyo,eththatama kiyanavaan un vahanse nethnan ada bahutharayak Christine.un vahansela witharai sil pada 221 aaraksha karanne.Budu haamuduruwo panavapu sil pada siyallama aaraksha karanne. NAMO BUDDHAYA

    Thumb up 2

  • සයිඩ් අජමාල්

    නිකන් සුද්දෙක්, දෙකෙක් බුද්ධාගමට හැරුන කියල ඔහෙලා කොහොමද කියන්නේ “බටහිරජාතිය අදහතිවැටි,බුදු ධහමේ සරණ සොයාගෙන එනතත්වයට පත්වෙලා තියෙනවා.” කියලා? ලෝකේ සිග්රයෙන්ම දියුණු වන ආගම තමයි ඉස්ලාම ආගම. බුද්ධාගම් කට්ටිය කියාද ඉන්නේ 1% වගේනේ. ඕගොල්ලෝ කොහොම කියනවා “දෙවියෙක් නැහැ කියලා “එත සරලව බැලු විට පවා එසේ පැවැත්මක් නොමැතිබව නොපෙනෙන මෝඩයන් තවත් සිටි.” කියල?? ඔප්පු කරන්ඩ පුලුවන්ද දෙවියෙක් නැහැ කියල?

    අනිත් එක ලෝකේ දැන් එකම විලේජ් එකක් වෙලානේ. ඔක්කොමෝ බටහිර තාක්ෂනය වැළදගෙන ඉන්නේ. කොහොමද කියන්නේ ඔගොල්ලොන්ගේ තර්ක? අයි ඕගොල්ලෝ සුද්ධෝන්ගේ දේවල් පාවිච්චි කරන්නේ එකෙන් “ලෝකෝත්තර සැපතක්” ලැබෙන්නේ නැත්ත? අයි කාර්, බස් පාවිච්චි කරන්නේ? කාලෙට ගිහිල්ල එදා සිංහල මිනිස්සු වගේ හේන් කොටගෙන ඉඳ පුළුවන්නේ? අයි කරන්නේ නැත්තේ? ඔහෙලත් ඉන්නේ බටහිර දේවල් වලට ආස නිසා නේ? ඒවාට කැමති නිසානේ? ඇයි මේ බොරුව?

    මේ රටේ ඉන්න බහුතර බෞද්ධයෝ. බෞද්ධයෝ “බුද්ධිමත්” නං, මේ රටේ දවසකට ගබ්සා 1000 ක් වෙන්නේ කොහොමද? ඒවා 99% කරන්නේ බෞද්ධ්යෝනේ. මේ රටේ මෙච්චර අපරාද වෙන්නේ කොහොමද? මේ රටේ මෙච්චර නොදියුණු වෙන්නේ කොහොමද? බෞද්ධෝයෝ ඔච්චර බුද්ධිමත් නං ලක්නව මේ වෙනවිට සින්ගපුරුවක් නේ? නිකන් ආගමක දෙයක් පිළිගත්තා පලියට “බුද්ධිමත්” වෙන්නේ කොහොමද?? එක මහා විහිළු කතාවක්නේ?

    Thumb up 1

    • Tania Christvan

      Mr. Ajmal,
      Just like you’ve mentioned how come just because of some other people converted in to Muslim, that you can say Islam is the Best?
      If you’re talking about the fact, that when there’re more people converting in to Islam, so because of that Islam is the Best religion, let me take and example.

      In our Biosphere, the largest community is considered as the Insects, i.e. largest population of living beings are Insects. Compared with insect population, Human population is very small.

      But does that mean, Insects are wise? Just because Insects are the most abundant species, does that mean THEY ARE WISE? No Right?

      But though Human population is lesser than Insect population, Humans are wise and they are the ones who control the world. LOL So, for your information, just because there’re greater numbers in Islamic population, it doesn’t mean all are wise. You understand?

      Plus, in our religion No one has said there’re no gods. Because Lord Buddha himself was a God before he descended to the world as a human. BUT WHAT BUDDHISM SAY is GOD is NOT THE ULTIMATE CHARACTER ONE COULD REACH. That is there are individuals who are better in mind, word and thought than a God. So, Lord Buddha is a Person who has a very higher metal stability than any existing God. And Gods themselves has accepted the fact, though you people are lost in the world.
      For example Arahath, Samma Sambuddha and Pase Budun are people who are more powerful with high mentality concentration and by word, act and thought.

      Samma Sambuddha which is Lord Buddha has a way far stability than an Arahath, Pase Budun has something more than Samma Sambuddha. That depends on how much one is indifferent to any thing which goes around.
      I wonder whether you understand. But if you DO NOT understand, then please don’t comment. Because you might come up with something that was not there in the first place.

      So, first research our Religion and then speak.
      Thank You.

      Well-loved. Thumb up 9

      • සයිඩ් අජමාල්

        මන් කිව්වා නැහැ ඉස්ලාම් හොඳම ආගම කියලා. මන් කිව්වේ ඉස්ලාම් තමයි ලෝකේ දැන් වැඩියෙන්ම කොන්වෙර්ට් වෙන ආගම කියලා. ඉසාරහට ක්‍රිස්තියානි ආගම අබිබව යන්නේ ඉස්ලාම් ආගම. බුද්ධාගම වගේ ඒවායේ සංකල්ප ප්‍රැක්ටිකල් නැහැ. මම බුද්ධාගම කියවල තියෙනවා. ඒවායේ තියෙන දේවල් වලින් රටක් තියා ගමක් වත් ගෙනියන්ඩ බැහැ. කිසිම ප්‍රායෝගික කමක් නැහැ. කවදාවත් ලෝකේ බුද්ධාගම 10%ට එහා යන්නේ නැහැ. දැන් ලෝකේ ඉන්නේ ථෙරවාද බෞද්ධයෝ 1%, නැත්තන් 2%. ඕක වැඩිම වුනොත් 10% වෙනකන් වැඩිවෙයි. එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ.

        අනිත් එක බුද්ධාගමේ තියෙන “එකම එක දෙයක්” වත් ඔප්පු කරන්ඩ බැහැ. දැන් බුද්ධාගමේ තියෙනවා, දිවිය ලෝක තියෙනවා කියලා, නිරය තියෙනවා කියලා. කවුද ඕව දැකල තියෙන්නේ. ඒවා ගැන බෞද්ධයින්ට තියෙන්නේ තනිකර “අන්ද විසාසයක්” නොවේද? ඒ දිවිය ලෝක ගැන “විශ්වාසයයි”, අපේ ආගමේ එන “පැරඩයිස්” සංකල්පයයි අතට්ර කිසිම වෙනසක් නැහැනේ. තනිකර විශ්වාසයේ. ඔගොල්ලොන්ගේම වචේනෙන් කියනවනං “අමුලික ශ්‍රද්ධාව” නේ. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නනේ තනිකර බොරුවක්නේ. මට එක උදාහරණයක් දෙන්ඩ ආකාරවතී ශ්‍රද්ධාව පෙන්නලා??

        ලෝකේ දුකයි කියලා පෙන්නේ ඕගොල්ලොන්ට. අපිට එහෙම පෙන්නේ නැහැ. එක සාපේක්ෂ දෙයක් විතරයි. ඔගොල්ලොන්ගේ කියන එක හරිනන්, අනිත් ආගම් අදහන මිනිස්සු මෙලවකට ඒ ආගම් අත්හැරලා බුද්ධාගමට ඇවිල්ල තියෙන්ඩ ඕනේ. හැබැයි අවුරුධු 2500 ගිහිල්ලත් එහෙම වෙලා නැහැ. ඕගොල්ලෝ තමයි ලෝකේ අනිත් ආගම් වල මිනිස්සු ඉස්සරහ පසුගාමී වෙලා තියෙන්නේ. ථෙරවාද බෞද්ධ රටවල්, බුරුමේ, සියම්, ලංකාව තනිකර පසුගාමී රටවලනේ. අයි ඕගොල්ලෝ හරිනන්, ඕගොල්ලෝ තමයි සත්‍ය දන්නේ නැහැ, ඕගොල්ලොන්ට හරි ගිහින් නැත්තේ. ඕගොල්ලෝ දෙවියන් විස්වාස කරන ආගම වල මිනිස්සුන්ට, රටවල්වලට කඹුරන්නේ?? ඇයි, දෙවියන් විස්වාස කරන මිනිස්සු හදපු දේවල් පාවිච්චි කරන්නේ? ඇයි දේවයින අදහන රටවලට ගිහින් හිඟා කන්නේ? ඒවා ලොක්කොත්තර සැපට බාදාවක් නන්, ඇයි ඒ දේවල්, ඒ ජිවන ක්‍රමය වැලදෙගෙන ඉන්නේ?? ඕගොල්ලන්ට පුළුවන්නේ, “අපිට මේ බටහිර ක්‍රිස්තියානි ජිවන kramaya ඕනේ නැහැ, අපි අපේ පැරණි දේවල් වලට යනවා කියලා. යන්නේ නැත්තේ?”

        Thumb up 2

        • Nayani Ranasingha

          @සයිඩ් අජමාල්
          ‘ලෝකේ දුකයි කියලා පෙන්නේ ඕගොල්ලොන්ට. අපිට එහෙම පෙන්නේ නැහැ….

          ඔයාට දුකයි කියලා පෙනෙන්නැති එක ගැන මට නම් හරි පුදුමයි.මම් දැකල තියෙනවනෙ අම්ම තත්ත මැරුණු පුන්චි මුස්ලිම් ළමයි හරියට අඩනවා, ළමයි පුන්චි කාලෙම නැති උන මුස්ලිම් අම්මා ලා හරියට නොකා නොබී අඩන ව දැකල තියෙනවා ,
          යුද්ධ වලට ගියපු සැමියා එනකම් පපුව පත්තු වෙවි ඉන්න මුස්ලිම් පවුල් මම දැකලා තියෙන්වා ඔන තරම්
          ලමා වාට්ටුවකට ගියාම ලෙඩ වුන පුංචි ලමයි අරන් හරි සතුටින් එන මුස්ලිම් දෙමවුපියන් මම නම් දැකල නෑ
          තමන්ගෙ සැමියා තරුණ කාලෙම මැරුණු තරුන බිරින්දෑ වරු සතුටින් ඉන්නව මම දැකල නෑ
          අංග විකල දරුවන් අරගෙන එන මුස්ලිම් අම්මලා සතුටින් එනවා මම දැකල නෑ
          තමන් ආදරේ කරන සැමියා වෙන ගෑනු කෙනෙක් ගාවට යන එක සතුටින් පිලිගන්න මුස්ලිම් ගෑනු කෙනෙක් අද වෙන කන් මට නම් මුන ගැහිල නෑ
          වයසට ගියාම අත පය වාරු නැතිව හරි අමාරුවෙන් ඉන්න මුස්ලිම් මිනිසුන් හරිම ජොලියෙන් ගම්න් බිමන් යනවා මම් නම් දැකල නෑ
          මරණයට ඉතා සතුටින් ලේස්ති වෙලා ඉන්න මුස්ලිම් මිනිසුන් මම් දැකල නෑ
          මෙවා ඉතින් තවම ඔබට සිදු වී නැතිව ඇති
          නමුත් මෙවා අප සෑම දෙනාටම පොදු දේවල්.
          පුදුමය වෙන්නෙ මෙවැනි දේවල් සිදු වන මේ ජීවීතය දුකක් නැතියි පවසන ඔබ ගේ මොළය ගැනයි
          ඔවැනි ළාමක අදහස් ඔබ පිළිගන්න හේතුව ඔබලාට ගැඹුරින් දෙයක් ඉගෙනීමට ඔබලාගෙ ආගම අනුව ඉඩ ලබා දී නැති නිසයි

          Well-loved. Thumb up 11

    • THARAKA

      karuna karala sahodaraya Buddhism wiwechanaya karna eka nawaththanna… thamange dahama adahagena inna… api ape dahama adahagena innam k…. minissu wadi wechcha paliyata,minissu ow kiwwa paliyata deyak hari ho waradi wenne na… me loke wadiyen hodada? naththam narakada? thamangenma ahagana balanna…. man kamathi na oyage agama wiwechanaya karanna anith athata aithiyakuth na, anika kallak dekak igena gena agamak gana katha karanna ba eka mathaka thiya ganna.. Buddhism practical na kiyala kiyanna oyata ba mokada oya eka kriyawata nagala nathi nisa.. oya kiyanawa jeewithe dukak nalu..

      hodai man prashnayak ahannam mekata hari uththarayak denna puluwannam witharak oya ai me site eke digatama comment karanna k

      “oya kiyana widiyata jeewithe duka naththam”. oya kawadawath me jeewithedi adala nadda?????????

      mekata uththarre denna oyatama therei jeewithe duka nadda kiyala….. karuna karala ape agamata waradi widiyata katha karana eka nawaththanna k.
      theruwan saranai!

      Thumb up 2

  • Chamika

    @ සහිඩ් & සියලුම මුස්ලිම් හිතවතුන්ට,
    ඔබේ තර්ක වලට පිළිතුරු දීමක් කිරීම කාලය කා දැමීමකි .නමුත් ඔප්පු කිරීම් තර්කනය තිබෙන්නේ අපවැනි කෙලෙස් සහිත ලෝකයට නිසා
    ලියමි.අමිල සහෝදරයාද හොද පිළිතුරක් දී තිබුණි.
    බුදුන් වහන්සේගේ කාලයේත් (2550 පෙර) මෙවැනි සාස්වත දුස්ථිගත මතවාද විය.එනම් ලෝකයේ නිත්‍ය දෙයක් (ආත්මයක්.සල්වබලදාරී දෙවියෙක්)
    තිබෙන බව පවසීය.නමුත් එත සරලව බැලු විට පවා එසේ පැවැත්මක් නොමැතිබව නොපෙනෙන මෝඩයන් තවත් සිටි.
    මෙහිදී මේ ගහනයට අයත් වන්නන් වැඩි වී තිබෙන්නේ දේව ආගම වල සත්‍ය නිසා නොව ,ලැබෙන ලාබ ප්‍රයෝජන වැඩි නිසාය.
    කෙසේ හෝ මුස්ලිම් ආගම පතිරීයාමට,ආක්‍රමණික රජවරු විශාල දායකත්ව දැරීය. පල්ලි වලින්ද ජාතිකය වැඩි කිරීමට බොහෝ දායකත්ව සපයනු ලැබේ.
    ඔය කුරුස යුධ කළේ දේව ආගම දෙකක් සමගනේ.බුදු දහමට එවැනි ගහනය වැඩි කරගැනීම අවශ්‍යතාවක් නොමැත.නමුත් අශෝක වැනි රජවරු ධර්ම යුද්යක් කර බුද්ධිමත් ජාතීන්ට
    බුදුදහම ලගාකර දී තිබේ.
    බුදු දහම යනු තම විසින් දැනගත යුතු ,සත්‍යකි.මේ සත්‍ය සතර ආකාරයෙන් (සෝවාන් ආදී…)දකින ලද උතුමන් මේ බවයේම සිටිය හැකිය.ඒ තිබියදී ඔප්පු කිරීම වැනි පහත් (බටහිර විද්‍යාවේ )
    ක්‍රියාවන්ට යා යුතුව නැත.බුදු දහමේ සත්‍ය දැකීමට මැරෙන තෙක් සිටය යුතුනත.නමුත් සවර්ගයට හෝ අල්ලා ලගට යන්නේ මරණින් මතුය.එකනම් ඔප්පු කිරීම මතබා වෙන කතාවක්ද නැත.
    කෙසේ හෝ මහමුත් තුමාද සිතින් දකින ලද දෙවියෙක් නමින්”අල්ලාග්” ලෙස නම්කර තිබේ.එහිදී රුපයක් නොදීම ඒ අල්ලාට කරන ලද ගරු කිරීමකි.ඒ තුමන්ද කෙසේහෝ වේවා දෙවියෙක් නිසා (බුදු දහමේ දෙවිවරු ප්රෙතික්ෂ්ප නොකරෛ..) නිත්‍ය තවක් නොමැත .නමුත් බක බ්‍රහ්මයාට ඇති වූ සිතුඉවිල්ල පරිදි සදාතනික ලෙස සිතනවා විය හැකිය.
    කෙසේ හෝ බටහිර විද්‍යාවෙද .. සය ඉන්ද්‍රියන්ට සාපේක්ෂව අනිත්‍ය පෙනෙන නිසා (නමුත් ඔවුන්ද නිත්‍ය කුමක් හෝ සායමින් ..අවිද්‍යාවට යනු පෙනේ) මෙවැනි ආත්ම වන දෙයක් සිතීමද මෝඩ කමකි.
    තෙරුවන් සරණයි. ..!!

    Well-loved. Thumb up 7

    • අමිල

      චාමික සහෝදරයා හොද පිළිතුරක් දීල තියෙනවා අපේ මුස්ලිම් සහෝදරයන්ට.ඇත්තෙන්ම මම සයිඩ් අජමාල් සහෝදරයට පිළිතුරු ලබා දෙන්න අදහස් කලේ,ඔහු යම්තාක් හෝ බුද්ධ දර්ශනයගැන තේරුම්ගෙන ඇති කියලා.නමුත් ඔහු “ලෝකෝත්තර සැපත”කුමක්දැයිවත් නොදනී.ඉතින් ඔබ කියුසේම එය කාලය කාදැමීමක්ම විය.
      මිනිස්සු ලෞකික ආශාවන්ට ඇති දැඩි ආශාව නිසා තමයි අද දේවවාදී ආගම්වල වර්ධනයක් ඇතිවී තිබෙන්නේ.උදාහරණයක්‌ විදියට,දිව්‍ය ලෝකයට ගිහින් අල්ලාත් එක්ක දිව්‍ය සැප විදින්න ආශානිසා මුස්ලිම් ආගමිකයන් වැඩිවෙනවා.චාමික සහෝදරයා කිව්වා වගේම,පල්ලිවලින් ලබාදෙන ලාභ ප්‍රයෝජන ලබාගන්නත් මුස්ලිම්,ක්‍රිස්තියානි භක්තිකයන් වැඩිවෙලා තියෙනවා.
      තෙරුවන් සරණයි!

      Well-loved. Thumb up 8

    • THARAKA

      oyage kathawata man sampurna ekagai… hamadema illana purudu wela inna ayata eka nathara karaganna ba hamedema dewiyo denakan innawa, biri alinta wina wayana eka therumak na eka nisa thaman kamathi dahamak adahanna eka kriyathmaka karala balanna echcharai. eth eka deyak katawath aithiyak na wena agamakata nigaru karanna, budun wahanseth eka deshana karala thiyenawa eka nisa karuna karala oya “sahid ajmal” athulu pirisa budu dahamata nigaru karana eka nawaththanawanam hodai…. thamange dahama adahagena oya inna widiyatama inna eka hodai, karuna karala Buddhist ayath islam wala waradi hoyana eka nawaththanna ey ayata karana deyak karnna kiyala api hariyata jeewath wemu…
      theruwan saranai!

      Thumb up 1

    • THARAKA

      MS.Tania
      Actually I dont know anything about you dear by the way I need to tell that YOU ARE SO INTELLIGENT . Am 100% agree with what you said,I rely appreciate your thinking way.. There is no any right to blame @ another Religion.. Its BETTER to follow your Religion without trying to proof that other Religions are bad or fall… so MR.AJMAL please firstly follow your Religion completely…

      Thumb up 1

  • විමසිලි

    මාතර ආතරය කියන්නැහේ,කවුරු හරි ‘පානදුරා වාදේ වගේ’ වාදයක් නැවත,සජීවී රූපවාහිනියෙන් මේ ගැන වහාම organize කරන්න ඕන.

    සජීවී රූප වාහිනිය ඉස්සරහට, Chinthaka ,Fernando ,’හුචක්කු පෞර්ෂ’,සම්බන්දන් මහත්තය,කොළොඹ ඉන්න බටහිර රටවල තානාපතීන් සහ ඉන්දියාවේ තානාපතින් ගෙන්නලා,මේ රටේ සිංහලයට නැති, දෙමල සහ මුස්ලිම් කට්ටියට පමණක් මේ රටේදී විතරක් ඇති,හැබැයි මෙරටේ ඇත්තෝ පිටරටවල පුරවැසිකම ගත්තම නැති,ප්‍රශ්න මොනවද,ඒ ප්‍රශ්න 13 දුන්නම නැතිවෙන්නේ කොහොමද කියල අපි ඔක්කොටම බලා ගන්නත් එක්කල වාද කර ගන්න ඕන.

    එමගින් පළමුව ඇති ප්‍රශ්න හඳුනා ගෙන, කනා පොට්ට විසඳුම් නොදී, නැණවත් විසඳුම් සොයා ගෙන, දේශ සීමා අරගල ඇතිවන විදියට මේ රට ජාතිවාදීව නොබෙද,සිංහල දෙමල මුස්ලිම් අපට සාමෙන් දිගටම ඉන්න පුලුවන්.

    නැත්නම් තව පාරක් නන්දිකඩාල් යන්න වෙනවා සිකුරුයි.

    Thumb up 0

  • අමිල

    @සයිඩ් අජ්මාල්
    බුද්ද දර්මය සත්‍යක්බව විශේෂයෙන් ඔප්පු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.ඒ ඇයිද කියනවනම්,බුද්ද දර්මය යනු ස්වභාදහමේ පොදු ධර්මතාවයි.ඒ ධර්මතාවය මේ මටත්,ඔබ තුමාටත්,අපි හැමෝටමත් පොදුවේ බලපැවැත්වෙන දෙයක්.ප්‍රශ්නය තියෙන්නේ අපි එය තේරුම් නොගැනීම.උදාහරණයක්‌ විදියට,ජීවිතය දුකක්බව තේරුම් නොගැනීම-සතුට විදින සත්වයා තේරුම් ගන්නේ නැ,ඒ සමගම දුකද බැදී පවතිනබව.අපි ආශාකරන දෙයක් ලැබීම සතුටක් වගේම එය නොලැබීම,ගිලිහීයාම දුකක් බව අපි තේරුම් ගන්න ඕන.
    ඉපදීම,ලෙඩවීම,ජරාවට පත්වීම,වයසටයාම,මරණය මේ සියල්ල දුක්බව අපි මනසින් තේරුම් ගතයුතුය්.ස්වභාදහමේ කිසිම දෙයක් ස්තිර නොවනබව එනම් අනිත්‍යබව දුකකි.මේ කාරණාව ත්‍රිලක්‍ෂණයෙදී බුදුන් වහන්සේ දේශනාකර තිබේ.
    මේ අනිත්‍යබව සංසාරගතව(පුනරුප්පත්තිය-මෙය සාක්කි සහිතව ඔප්පුවී ඇත)බලපැවැත්වෙන දෙයක්.දුක,දුකට හේතුව,දුක නැති කිරීම,දුක නැති කිරීමේ මාර්ගය(චතුරාර්ය සත්‍යය)-මෙය තමයි බුද්ද ධර්මයේ මුලික පදනම.මේ චතුරාර්ය සත්‍යය බුදුන් වහන්සේ වටහාගන්නේ එතුමන්ගේ නුවණින්.එය 100%ක්ම විද්‍යාත්ම ක්‍රම වේදයට සමානය්.විද්‍යාත්මක ක්‍රම වේදයක් අපි අවිවාදයෙන්න පිළිගන්නවානම්,බුදුදහම ඔප්පුකරන්න තවත් ශාක්ෂි කුමටද?
    දැන් ඔබතුමා කියනවා,බුදුදහමේ දෙවියන් ප්‍රතික්ෂේප කරනබව.නමුත් එය එසේ නොවේ.බුදුධහමේ තිස්තුන් කෝටියක්‌ දෙවිවරුගැන සදහන් වෙනවා.එහෙම නැතුව එක සර්ව බලධාරී දෙවිකෙනෙක් ගැන සදහන් වෙන්නේ නැ.ඒ වගේම දෙවිවරු උපදින ආකාරයවගේම මියයන ආකාරයත් සදහන් වෙනවා.පින්බලමහිමයේ ප්‍රමාණයට අනුව එක් එක් විශේෂ හැකියාවන් ඔවුන් ලබනබවත් සදහන්.දෙවිවරුන් උදෙසා දේශනාකරන ලද ධර්ම සුත්‍රද සදහන් වෙනවා.
    බුදුන් වහන්සේ නිතරම සදහන් කරනලද දෙයක් තමයි,බුද්ද ධර්මය බුද්ධිමතුන් සදහා කියන එක(උදාහරණයක්‌ විදියට ඇල්බර්ට් අය්ස්ටය්න් කියපු දෙයක් තේරුම් ගන්නනම් ඒ වගේම බුද්දියක් තියෙන කෙනෙක් වෙන්න ඕනනේ).බුද්ධිමත් නොවන මිනිස්සු හා බුද්ධ ධර්මය දැනනොගත් මිනිස්සු,තමන් වෙත එන බාහිර කරදරවලින් මිදීමට වෙනත් සරණක් සොයා යාම සාමාන්‍යදෙයක්.එහිදී තමයි දේවවාදී ආගම් බිහිවෙන්නේ.
    මා මෙහි සදහන් කරනලද සියලු දේ ඉතාම සංශිප්ත ලෙසය් සදහන් කරේ.ඒ ලිපිය දිගවැඩි වෙන නිසා.ඔබතුමා ඉතාම වසනාවන්තය් බුද්ද ධර්මය සුරක්ෂිතව ඇති රටක ඉපදෙන්න ලැබුන එක.ඉතින් මම ප්‍රර්ථනා කරනවා,මිසදුටු ආගම් ආශ්‍රයෙන් සසරගමන දිගුකරගන්නේ නැතුව,බුද්ධදර්ශනය ආශ්‍රයෙන් සසරගමන ඉක්මනිම කෙලවරවේවා කියලා.
    තෙරුවන් සරණය්!

    Thumb up 4

    • Ajmal

      Dan obathuma kiyanne bauddhayin nowana kattiya buddhimathun nove kiya ne?? E kiyenne Buddhagama therum gaththa Lankawe inne laksha sankyaatha minissu, deviyan wahansen adahu Isac Newtonta wada buddhimath kiyalada? Loke api paavichchi karana siyaluma dewal, e kiyanne computer, radio, TV, viduliya, electronics, car, bus, wireless communication, okkomo nirmaanaya keruwe, hoya gaththe buddhagama danne nathi, deviyan adahana suddhone. E kiyanne egollo moda kiyalada kiyanne? Einstein wunath deviyo piligaththa. E kiyanne “personal God” kiyana sankalpaya piligaththa. Ethakota dan api jiwath wena lokaya avilla batahira, kristhiyaani lokayakne. Api paavichchi karana dewal, sankalpa, e kiyanne prajaathanthrawadaya wage dewal, okkomo kristhiyaani sanlakpane. Ethakota “buddhimath” bauddhayin mokadata, moda “kristhiyaani” dewal paavichchi karanne??

      Obathuma kiyanne Isacc Newton buddhimathek nowei kiyalada?? Mokada Newton thadinma deviyan piligaththa. Habayi obathumala, iskole igana ganne ethumage niyaka. Eenisteain kenek naha, Newton naththan.

      Thumb up 2

      • අමිල

        @සයිඩ් අජ්මාල්
        ඇත්තෙන්ම මම ඔබතුමා ගැන අදහස්කළතරම් ඔබතුමා නැණවත් නැහැවගේ.නැත්නම් ඔබතුමා මගේ commentඑක උනන්දුවෙන් කියවලා නැහැවගෙය් පේන්නේ.මම කිසිම තැනකදී කිව්වෙනැහැ,බටහිරජාතිය මෝඩයෝ කියලා. Isac Newton,albert Eenisteain….ආදී බොහෝ බටහිර බුද්ධිමතුන්ට මම ගොඩක් ගරුකරනවා.ලෝකේ සෑම ජාතියකම බුද්ධිමත් පිරිසක් ඉන්නවා.නමුත් ඔව්න්ගේ ජාතියෙන් ඔව්න්ට ලබාදීඇති ආගමනිසා(මව් ආගම)ඔවුන්ගේ බුද්ධිය මෙහෙයවල තියෙන්නේ,ලෞකික සැප කරා පමනය්.මෙමාවත දිගේ ගමන් කරපු බටහිරජාතිය අදහතිවැටි,බුදු ධහමේ සරණ සොයාගෙන එනතත්වයට පත්වෙලා තියෙනවා.
        නමුත් බුද්ධ ධර්ශනයෙන් ලබාදී ඇති මාවත,ලෝකෝත්තර සැපතය්. ඒ නිසා තමයි බෞද්ධයන්ගේ අතින් ඔබ සදහන් කරපු තාවකාලික සැපතක් ලබාදෙන තාක්ෂණයක් බිහිනොවනේ.
        *බුද්ධිමත් නොවන මිනිස්සු හා බුද්ධ ධර්මය දැනනොගත් මිනිස්සු-ලෙස කොටස් දෙවර්ගයක් ගැන මම comment එකේදී සදහන් කරා.එහිදී සදහන් කල බුද්ද ධර්මය දැන නොගත් පිරිසට තමයි,ඔබ සදහන්කල බටහිර බුද්ධිමතුන් ඇතුලත් වෙන්නේ.ඔව්නුත් බුද්ධ ධර්මය යම්තාක් හෝ දැනගත්තේනම්,අද මේ ලෝකය මීටවඩා යහපත් තත්වයකට පත්වෙන්න පුළුවන්කම තිබුන.

        Well-loved. Thumb up 7

        • THARAKA

          Sahodaraya
          Biri alinta wina wayana eka nawaththamu….
          hoda hoda made gahana eka moda kamak, kenek deyak igena ganna kamathinam api danna deyak kiyala demu.. ey arenne me wage wada karana eka moda wadak.. apita niwan margaya labaganna me wada kirimen kisima rukulak labenne na eka nisa meka nawaththana eka wada hodai..
          theruwan saranai!

          Thumb up 0

  • මාතර ආතර

    රංග මහතාණෙනි,

    දකුණු ඉන්දියාවෙන් සපැමිණි බුදුගොස් තෙරුන් විසින්,
    එකල තිබු සිංහල අටුවාව පමණක්,
    පාලි බසට පරිවර්තනය කල බව, බොහෝ දෙනාගේ මතයයි.

    එතෙක් මේ රටේ සිංහලෙන් පමණක් තිබූනය කියන්නා වූ ත්රිපිටකයද,
    එයට කාටවත් වැරදි අර්ථකතන දිය නොහැකි වන ලෙස,
    ඒ වන විට මල බසක්ව තිබූ පාලි බසට,
    එතුමන් විසින් හරවන ලදය කියා මතයක් ද මා කියවා ඇත.

    මෙම දෙවන මතය,අප මහදුරු නලින් ද සිල්වා මහතාණන්ගේ ප්‍රවාදයක්ද?
    ඔබතුමා, මේ දෙවන මතය සමග එකඟද?

    Thumb up 0

    • මා එවැන්නක් අසා තිබෙනවා. නමුත් ඒ සඳහා නිශ්චිත මූලාශ්‍රය කුමක්දැයි මා දන්නේ නැහැ. එසේම එය නලින් සිල්වා මහතා පැවසූ බවකුදු මා දැක නැහැ. එසේම පාළි බාසාව බුදුගොස් තෙරුන්ගේ නිර්මාණයක් යැයි කීවත් ඒ සඳහා කිසිදු මූලාශ්‍රයක් නැහැ, බුදුන් වදාල බස මාගධී යැයි කීවත් එලෙස කියන්නන්ටත් මූලාශ්‍ර සහ සාක්ෂි නැහැ. (අර අ‍ටුවාවේ තිබුණා, මේ නිගන්ඨුවේ තිබුනා, අහවලා කිව්වා, ගිහින් බැලින්නම් එහෙම මොකවත් නෑ. ඔන්න ඕව තමයි ඔවුන්ගේ සාක්ෂි)

      නමුත් එකක්නම් කිව හැකියි, බුදුගොස් තෙරුන් ඇත්තටම එලෙස සිංහල ත්‍රිපිටකයක් හෝ අ‍ටුවාවක් පාළි බසට හැරවූවානම් එය ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බවයි. අද සිංහල බස පරිනාමය වෙන ආකාරය දෙස බලද්දී එලෙස වෙනස් වෙන බසකින් බුද්ධ වචනය තිබුණානම් බුදු දහම අතුරුදන් වී දැන් බොහෝ කල් විය යුතුයි.

      වැඩි දෙයක් ඕනැ නෑ, බලන්න දැන් ‍තෝ උඹ යන වචන ක්‍රෝධයෙන් පවසන වචන බවට සම්මතයක් තිබෙනව. අතීතයේදී එම වචන සාමානයයෙන් “ඔයා” “ඔබ” වැනි අරුතක් හැඳින්වීමටයි යොදා තිබෙන්නෙ. ‍තෝ උඹ වගේ අතීතයේ භාවිතා වූ සාමාන්‍ය සිංහල වචන වලින් බුද්ධ දේශනා තිබුණනම් කොහොම හිටීද? ඔය බොහොම සරළ කාරණයක්, ගැඹුරු ධර්ම කාරණා ඇතුළත් ධර්මයනම් අතීත සිංහල වචන වලින් කිසි සේත්ම හඳුනාගැනීමට නොහැකි වේවි.

      Thumb up 4

  • බන්දුල වක්‍රමසිංහ

    අද අප ජීවත්වන්නේ වෙළඳ ලෝකයකයි මේ තුලින් දිනෙන් දින ගුණධර්ම වලින් සමාජය ඈත්වෙමින් පවතී මුදල් සෙවීම හැර වෙන දෙයක් ගැන කතාකිරීමටවත් අකමැති මානසිකත්වයක් මිනිසුන් තුල රෝපනය කර ඇත අද ජනතාව දරාගත නොහැකි තරමට බහුභාන්ඩික වී ඒවා නඩත්තුකරනවා හැරෙන්නට වෙන කිසිම දෙයක් ගැන සිත යෙදවිය නොහැකි ආතතියක් පෙලේ
    එක් අතකින් අද මිනිසුන් අවිනිෂ්චිත අනාගතය ගැන මහා බියකින් පෙලේ තවත් අතකින් දරුවන්ට ඔවුන්ගේ නිදහස අහිමි කර ඇත එකනෙකාට එකිනෙකා ආධාර කර ගත් සමාජය අද එකනෙකා අතර තරඟයක් නිර්මාණය කර ඇත මෙහිදී පහන් සිත් වෙනුවට පහල වන්නේම ක්‍රෝදය වෛරය පිරි ආත්මාර්ත කාමී සිතුවිලිය එවන් මිනිසුන් ගන්නා තීන්දු තීරනද නිවැරදි නොවේ
    මේ දහම් දිවයින නිවැරදි මගකට ගැනීමට අපට තවමත් පුලුවන අපට ඒ සඳහා ඇවැසි සම්පත් තවමත් තිබේ එහෙත් අප පලමුව දහමෙහි සඳහන් පරිදි මේ තත්වයට මුල්වන හේතු නිවැරදිව සොයා ගත යුතුය.
    ධර්මය මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් නොවුවහොත් අප රටේද තත්වය මීට වඩා පිරිහෙනු ඇත

    Thumb up 3

  • සයිඩ් අජ්මාල්

    ඕගොල්ලෝ කොහොමද කියන්නේ බුදුදහම සත්‍ය කියලා? ඔය බුදහු දහමේ තියෙන එකම එක දෙයක් වත් ඔප්පු කරන්ඩ බැහැනේ. ඕගොල්ලෝ කියනවා ජීවිතය දුකයි කියලා. හැබැයි අපිට එහෙම පෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ හිතන හැටි. අපේ හිතන හැටියට, අපිට පේන හැටියට ජිවිත සැපයි, දුක ඇවිල්ල එක පොඩි කොටසක් විතරයි. අපිට අල්ලාහ් දෙවියන් එක්ක ඉන්ඩ හම්බුවෙන හින්ද අනන්ත කාලයක්, මේ අවුරුධු 70, 80 මුළු කාලෙම දුක් වින්දත අපිට එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ගේ “ලෝකේ දුකයි” කියල සංකල්පේ, ඕගොල්ලන්ගේ ආගමේ නිර්මත්රුට සාපේක්ෂ දෙයක් විතරයිනේ. ඒක ඕගොල්ලන්ට “ඔප්පු” කරන්ඩ බැහැනේ. ඒක ඔබ්ජෙක්ටිව් නැහැනේ. ඒක සබ්ජෙක්ටිව් දෙයක්නේ. ඉතින් එහෙම බලපුවම බුදු දහමේ පදනම් වෙලා තියෙන්නෙත් තනිකර “විස්වාසය” මතනේ. ඕගොල්ලෝ එතකොට අපිට කියන්නේ කොහොමද “අන්ද විස්වාස” කියලා කියන්නේ? මේ ලෝකේ දුක තියෙන්නේ ඇයි, ඇයි දෙවියෝ දුක් දෙන්නේ කියල දේවල් වලට, අපිට උත්තර තියෙනවා. දෙවියෝ මැව්වේ කව්ද කියන එකටත් අපිට උත්තර තියෙනවා. එහෙම බලපුවම හැම ආගමකම තනිකර “විස්වාසය” මත පදනම් වුනු දෙවල්නේද තියෙන්නේ මිස්ටර් රංග? දැන් ඕගොල්ලන්ට ඔප්පු කරන්ඩ පුලුවන්ද සක්‍යක්දෘස්ටික දෙවියෝ ඉන්නවා කියලා? නිරයවල් තියෙනවා කියලා? ඒවා මොක්කක්වත් ඔප්පු කරන්ඩ බැහැ නේද? ඒ කියන්නේ ඕගොල්ලන්ට දෙවියන් නැහැ කියල ඔප්පු කරන්ඩ බැහැ. අපිට දෙවියන් ඉන්නවා කියල ඔප්පු කරන්ඩ බැහැ. ආගම් ඇවිල්ල තනිකර “සාපේක්ෂ” දේවල් නේද?
    දැන් මේ ආර්ටිකල් එකේ කියනවා බුදහු දහම සත්‍ය කියල. අපිත් කියනවා අපේ ආගම සත්‍ය කියල. දෙකම ඔප්පු කරන්ඩ බැහැනේ. දැන් ඕගොල්ලෝ කියන විදියට ලෝකේ සමස්තයක් වශනේ ගත්තොත් දුකනං, මේ අවුරුධු 2500 කාලය තුල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න හමුවේ, දෙවියන්ව ප්‍රශ්නකර, දෙවියන් ගැන කලකිරිලා, සියලුම දෙවියන් අදහන ආගම වළ මිනිස්සු ඒ ආගම ඇත හරිනවනේ. එතකොට මේ වෙනකොට දෙවියන් අදහන ආගම නැහැනේ ලෝකේ. හැබැයි එහෙම වුනේ නැහැනේ. එකේ අනිත් පැත්තනේ වෙලා තියෙන්නේ.
    මේක මගේ අදහසක් විතරයි.

    Well-loved. Thumb up 5

    • RR

      1.මරනින් පසු ජීවිතයක් තිබේ. The Reading’s Approach to Philosophy and Reincarnation
      2.දීගුකලක් දුක් විදින අපායක් තිබේ.
      3.තිරිසන් සතුන් ද මිනිසුන් මෙන් භවයේ සැරිසරයි.
      4.සූක්ෂ්ම ශරීර ඇති දෙවිවරු වෙසේ.
      5.තම තමා ගේ කර්ම තමාම විපාක වින්ද යුතුයි. http://edgarcayce.org/are/blog.aspx?id=7017&blogid=445
      6.ඉතා කලාතුරකින් නැවත මිනිස් ආත්ම භාවයක් ලැබේ. http://www.edgarcayce.org/are/edgarcayce.aspx?id=2578
      7.නිවන් දකින තුරු මෙයින් ගැලවීමක් නැත.

      මේ පිලිබද වැඩි විස්තර දැනගැනීමට an international headquarters in Virginia Beach, Va., a regional headquarters in Houston, regional representatives throughout the U.S., Edgar Cayce Centers in 37 countries, and individual members in more than 70 countries, the A.R.E. community is a global network of individuals.

      Thumb up 0

  • Greshan

    මෙබදු දියුණු ක්‍රමවේද බෞද්ද කම පවත්වාගෙන යාම සදහා හරිම වටිනවා මොනවා උනත් සියලුම දම් පරදවා දර්මදානය ජය ගන්නා බව බුද්ද දෙසනව බව මගේ දැනුමයි බුදු සරණයි

    Thumb up 2

  • සිංහලයා

    මේ රටේ සිංහලයා විනාශ කිරීම බටහිර උපදෙස් මත ක්රිියා කරපු පසුගිය ආන්ඩු වල ක්රි යා දාමයක්. ප්රේයමදාස කොල්ලො මරලා කෙල්ලන්ට රස්සා දුන්න ගාමන්ට් වල.මේ දෙකම හානිකරයි.ගොයම් පැල හිටව ගන හිටපු ගම්වල කෙල්ලො කාන්තාව බලගැන්වීම කියන තේමාව යටතේ ගාමන්ට් වල රස්සාවලට යැව්ව.උන් සදාචාරාත්මකව අන්රතහෙට පිරිහුනා.මීට පෙර ගම්වල ගෑනු රට යවල කරපු විනාශයෙ අනික ඒ.නිශ්පාදනය බුද්ධිමය විශය ක්ෂේත්රබවල දියුනු කිරීමට වඩා මේ වගෙ වැඩ පාලකයන්ට ලේසියි.දැන් ගෑනුන්ට රැකියාවල යොදවන්නේ ගෙදර තත්පරයක්වත් ඉන්න බැරි වෙන විදියට.වගකීම් හා තීරන ගැනීමේ රැකියා ගෑනුන්ට වෙන් කරනවා.කාටද මේක අවශ්යඉ.ප්රේයමදාසලට මේවගෙ අදහස් එන්නෙ නෑ.බටහිරයො අපේ රට වනසන්න හිතාගන රස්සා දෙනවා කියල යෝජනාව දැම්මාම ප්රේ.මදාස එකග වුනා.දැනුත් වෙන්නෙ ඒක.කෙල්ලො දිගටම ඉගෙන ගෙන අවුරුදු 30 පැනලා බඳිනවා.ඊට පස්සෙ තවත් කාලයක් ළමයෙක් හදන්නෙ නැතිව ඉන්නවා.

    මේ විදියට දැන් අපි ජාතියක් විදියට ගමනක අවසාඅනට යමින් ඉන්නේ.ලංකාව මුස්ලිම් රටක් වෙන අවදානමක් තියනවා.මේ තරමින් හරි ජාතිය රැකිලා තියෙන්නෙ ලංකාව තවම විශාල ගමක් නිසා.උපත් පාලාන්(සමූලඝාතනා දෙපාර්තමේන්තුවේ කතෝලික ක්රිංස්තියානි නිළධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර සංස්කෘතිය හැර වෙනත් සංස්කෘති වැනසීමේ අවශ්යැකතාවය ඉටුකරන විට මේ තරමින් වත් බේරිලා ඉන්නෙ අන්න ඒ නිසයි

    Thumb up 1

    • දුක්ගන්නාරාළ

      සිංහලයා>
      ඔබ පවසන කරුණු රජයේ තීරණය මත රඳා නොපවතී. ඔබලාගේ පුද්ගලික තීරණය මත සිදු කල හැකි දේවල්ය.
      ඔබේ පවුලේ කී දෙනෙක් කුඹුරු වල ගොයම් පැල හිටවනවද? ඔබේ මව, සහෝදරියන්, බිරිඳක් ඉන්නවනම් බිරිඳ, දූ වරුන් සිටිනවානම් ඔවුන් සියලු දෙනාම ගෙවිලියන්ද? ඔවුන් සියලු දෙනාම වැඩි දුර අධ්‍යාපනයකට හිමිකම් නොකියා නීතියෙන් විවාහයට සුදුසු වයස සම්පුර්ණ වූ විට විවාහ වුවාද? දරුවන් අඩුම ගනනේ 5 දෙනෙකුවත් වැදුවාද?

      Thumb up 2

      • සිංහලයා

        දුක්ගන්නාරාල@
        මේවා රජයේ තීරන ඇර වෙන මොනවද?කාටවත් උඩුගම්බලා පීනන්න බෑ.යම් සංවිධානාත්මක ව්‍යුහයක් මගින් පාලනය වන විටයි යමක් කළ හැක්කේ.අපට තිබෙන ප්‍රධාන නිල සංවිධානාත්මක ව්‍යුහය වන රාජ්‍ය තම ප්‍රධාන අධිපති මතවාදය ලෙස ස්ත්‍රීවාදය තමයි පිළිගන්නේ.එහි අරමුණු තුනක් තියනවා.ජනගහනය අඩු කර ඒක පුද්ගල ආදායම වැඩිකර පෙන්වීම.මෙය දේශීය නිළධාරීන්ගේ අවශ්‍යතාවයක්.ඔවුනුත් මෙහෙයවන්නේ බටහිරින්.දැන් අසාවි ආන්ඩු පත් කරන්නේ ජනතාව නේද කියා.ජනතාව චන්දෙ දෙනවා ඊට පස්සෙ ආන්ඩු මෙහෙයවන්නේ බටහිරින්.
        එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ පිරිමින් ගෙදර තබා කාන්තාවන්ට ගෙදර මොහොතක් ඉන්න බැරි වෙන්න වගකීම් සහිත රැකියා ලබා දෙන්න කියලා.අද ගෑනියෙකුට රෑ දහයටවත් ගෙදර එන්න බැරි වෙන්න තමයි රැකියා ප්‍රතිපත්ති හදන්නේ.මේකට ආන්ඩුවලට දොස් කියන්නත් බෑ.එහෙම නොකළොත් නේටෝ ප්‍රහාර එල්ල වේවි.අපේ රටවල ජනගහනය වැඩි වීම තමන්ට තර්ජනයක් බව බටහිර සුද්දා දන්නවා.ඌ තානාපති මට්ටමේ තර්ජන දාල ඕනැම ප්‍රගතිශීලී වැඩක් නවත්වනවා
        දේශපාලකයන් එන් ජී ඕ වලට කැමති තමන් කරන්න ඕන වැඩ එන් ජී ඕ කළාම තමන්ට හොරා කන්න සල්ලි ඉතිරි වන නිසා.එන් ජී ඕ වලට අපේ රටවල මිනිස්සුන්ට උදව් කරන්න පිස්සු නෑ.උන්ට උන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයක් තියනවා.ප්‍රේමදාස ගාමන්ට් දැම්මාම වුනේඅපචාර දහස් ගනනින් වැඩි වුන එක.ප්‍රේමදාසට මේව තේරෙන්නෙ නෑ .එයා ගම් මට්ටම බිම් මට්ටම තම්මට්ටම කිය කියාඋඩ පැන පැන පීත්ත පටි කැපුවා තමන් හැදුනා.සුද්ද හදන එක වැද්ද විවෘත කරනවා.ඕක තමයි ක්‍රමය.කොල්ලො මරපු එකටත් සුද්දො සතුටු වුනා.පුලුවන් තරම් විවාහ වන දරුවො හදන වයසෙ එවුන් මරන්න කියලා සුද්දො උපදෙස් දෙන්නත් ඇති.
        ඊට පස්සෙ බලයට ආපු චන්ද්‍රිකා යුගයෙදිමේරට ස්ත්‍රීවාදී රාජ්‍යක් කරන්න නීති හැදුවා.උස්සගන්න බැරි තුවක්කු කදන් උස්සගන පොලිස් කාන්තාවො පාරෙ හිටියෙ ඒකාලෙ.ඒ පිළිකුල් සහගත දසුන දැකලා එදා පාසල් සිසුවෙකු වූ මම දවසක් මුරපොලක් අසලදී ඉහ අත් බදාගන මූන පුලුටු කරගෙන තක්බීර් වෙලා බලන් හිටියාම උන්ටත් හිනා.පිරිමින් කරන හැම වැඩකටම කාන්තාවන් යොදවා එය අසාර්ථක බව චන්ද්‍රිකා දැන ගන්න ඇති.ගෑනු මුහුදු යන,පොලිස් කාන්තාවො පිකටින් කරන අයට බැටන් පොලු වලින් පහර දෙන දසුන් දුටු සමාජය තක්කු මුක්කු වෙලා හිටියෙ.මහ පිස්සු ගෑනු ටිකක් මාධ්‍ය වලට අරක් අරන් රාටේම ගෑනු පිස්සුවට්ටමින් හිටිය.අපේ ගෑනු ස්ත්‍රීවාදයට කැමති නෑ.සිරසට ඒ දවස්වල තිබුන ප්‍රධානම ප්‍රශ්නෙ ඕක තමා අහරියට ස්ත්‍රී පුරුෂ යුද්ධයක් තියනවා වගේ.ස්ත්‍රී පුරුෂයන් කුලල් කාගත්තම පවුල ඇතුලු මුළු සාමජ හර පද්ධතියම වනසන්න පුලුවන් බව සිරස දන්නවා.
        කැලිපෝනියාවෙ ආන්ඩුකාරයෙක් කාන්තාවන් ගැන කළ ප්‍රකාශයකට බටහිර හැම නගරෙකම පිස්සු ගෑනු පාරට බැහැල උද්ගෝෂන කළා.සිරසට ඕන වුනා අපේ ගම්වල අම්මල අක්කල නංගිලාත් පාරට බහීවි කියලා.කවුරුවත් බැස්සෙ නෑ.ඒ ආන්ඩු කාරයත් එහෙම මහ දෙයක් නෙවෙයි කිව්වෙ.වචන නොපිට පෙරලලා ස්ත්‍රීවාදීන් කෑගැහුවා.සිරසත් සලි දීල ගෑනු පාරට බැස්සෙව්වෙත් නෑ ඒ මොකද මන්ද.සිරස විතරක් නොවෙයි හැම මාධ්‍යයක්ම තම ප්‍රධාන ආගම බවට පත්කරගෙන ඉන්නේ ස්ත්‍රීවාදය.
        දුක්ගන්නාරාල කියන විදියට ඉන්න අපට බෑ.මාධ්‍යැ මාෆියාව ප්‍රමුඛ මහා බමුණු බලවේගය අපට පහර දෙනවා.බටහිරට බය ආන්ඩුව පහර දෙනවා.නැත්නම් නේටෝව ආන්ඩුවට බෝම්බ දානවා.අපි සටන් කරන්නේ චිනුවා අචිබිගෙ “මුහුද ගොඩගලා ” කතාවෙ ඔකොන්කෝ වගේ තනියම අධිරාJයයක් එක්ක.ඩොලර් ඌරෝ සාගරයක් එකා.ස්ත්‍රීවාදයට එරෙහි කිසිමකෙනෙකුට ඉහලට යන්නෙ දෙන්නෙ නෑ පහලට ඇද්ලා දානවා
        මේ වාගෙ අතිභයානක ස්ත්‍රීවාදී ත්‍රස්තවාදයක් රටේ තියෙන්න.බොරු සමීක්ෂන වලින් ආන්ඩුවට කියනවා.මෙච්චර ප්‍රතිශතයක් කාන්තාවො බටහිර ස්ත්‍රීවාදය ගෙනෙන තුරු පුල පුලා ඉන්නවා කියලා.බොඩි පුලුස්සමින් සැමියන්ට දරුවන්ට ශාප කරන්න මේ රටේ ගෑනු ඉදිරියට නො එන්නෙත් පීඩනය නිසාලු.දරුවන්ට කිරිදීම දරුවන්ගෙ වඩ කිරීම පොෂ් වුන මොඩර්න් ස්ත්‍රීවාදී ගෑනු කරන්නෙ නෑලු.ගෙදර වැඩ ගෑනුන්ට අයිති නැති වැඩලු.මෙහෙම ප්‍රවනතාවක නාගරිකව තියනවා.දුක්ගන්නා රාල කියන විදියට අපි කොමෙන්ට් වල දාන දේවල් කළොත් බටහිර සුද්දො නිකම් ඉදියිද.ආන්ඩුව නිකම් ඉදියිද?
        හැබැයි එක දෙයක් මේ බටහිර පුද්ගලවාදයන් බිදවැටෙමින් තියෙන්නේ.ස්ත්‍රීවාදයත් ඒ එක්කම වැලලිලා යාවි

        Thumb up 1

        • දුක්ගන්නාරාළ

          මම කියන්නේ මේකයි. මම හරි හමන් රස්සාවක් කරලා, පවුල නඩත්තු කරන්න පුළුවන් වැටුපක් ලබනවානම් මට ගෑනිව රස්සාවකට යවන්න ඕනේ වෙන්නේ නෑ නේ. ගෑනිට ගෙදර නිකන් ඉන්න කම්මැලි නම් ඔය කඩේක බඩු කිරන්න වගේ යැව්වත් අඩුම ගන්නේ ඩුබායි යවන්න ඕනේ වෙන්නේ නෑ නේ. ගෑනු රස්සාවලට යන්න ප්‍රධානම හේතුව මිනිහ හරි හමන් රස්සාවක් කරන්නේ නැති එක නෙවෙයි ද? මම මගේ ගෑනිව රස්සාවකට යැව්වේ නැහැ කියල නේටෝ එකෙන් මගේ ගෙදරට ගහන්නේ නෑ නේ.

          Thumb up 1

  • Lakmi

    අපි එහෙම කරන්න ගියොත් බුදුදහමේ මුලික පදනම පවා විනාස කරගන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට පවා අපහස කරන පුද්ගලයා දිහා උපේක්ෂාවෙන් බලන ලෙසයි දේශනා කර ඇත්තේ. මොකද වෙඑර කරන්න පලි ගන්න ගියොත් දහමේ විනාසයත් එතැනින්ම ඇරඹෙනවා. හැබැයි එකෙන් කියවෙන්නේ මුකුත්ම නොකර ඉන්න කියන එක නෙවෙයි. බුදු දහම සුරක්ෂිතව බොහෝ කාලයක් පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයම ධර්මය දරන, ධර්මයේ හැසිරෙන පිරිසක් වෙනකල් පමණයි. අනිත් ආගම වල තියෙන හිස් බව නිසා තමයි ඒ අය යුද්ද කරලා, මිනි මරලා බලෙන් ආගම පටවන්න හදන්නේ. අපේ දහම එහෙම එකක් නෙවෙයි.

    Thumb up 1

  • Rukmal

    Moderator, Please be neutral.Kindly confirm such news of this nature before you publish the same. There are certain elements acting to bring disgrace to Buddhism as of Chaminda by spreading fault news on other religions. Be careful of this wild fox.

    Thumb up 1

  • සමන්ත

    මට ඉතාම කණගාටුදායක පුවතක් අසන්නට ලැබුණා.සවුදි අරාබියේදී ශ්‍රී ලාංකිකයෙක් බුදුන් වැඳීම හේතුකොටගෙන මුත්තාවරු නම් ආගමික පොලීසියෙන් අත් අඩංගුවට අරන් වද හිංසා කළ බව.සමහරවිට ඔහුගේ හිස ගසා දමාවි.
    අපේ රටවලට එදා අරාබීන් ආ විට රජවරු ආගමික නිදහස දුන්නා.ඒ වැඩේ වැරදියි.උන් වෙන කාටවත් ආගමික නිදහස නොදෙන්නේ වෙනත් ආගම් වැරදියි කියන උපකල්පනය යටතේ.උන් හැසිරෙන්නේ ඒ විදියට නම් අනෙක් අයත් උන්ට සැලකිය යුත්තේ ඒ විදියටමයි නේද?උන්ට අපේ ආගම පිලිකුල් නම් අපටත් උන්ගේ ආගම පිලිකුල්

    Thumb up 3

    • firdhous

      Samantha thuma, obathumata asannat pamanak lebunadha, nethnam heenen uth dekkada? Obathumala kiyana katha okkoma mehemai. Obathuma kiyana Buddhagamath mehemai. Kisima vidiyata yamkisideyak thahavuru karagennethuwa katakatha, kelam pethirala ei mehema cill kadanne? Kamma gena oyalata kisise visvasayak nethda? Ehanam obathuma Boudhdhayek da?

      Thumb up 0

    • Lakmi

      සිල්වත් භික්ෂුව කියනුයේ බනින්නහුට නොබණින,
      කෝලාහලයට එන්නවුන් හා කෝලාහලයට නොයන,
      පහර දෙන්නහුන්ට පහර නොදෙන, ඉවසන ස්වභාවය ඇති භික්ෂුවය.

      එබදු භික්ෂුවට අවමන් කිරීමෙන් වෙන විපත සර්පයන්ගෙන්,
      ගින්නෙන්, රජකුමරුන්ගෙන්, වෙන විපතට වඩා අති මහත්ය.
      එවැනි භික්ෂුවකගේ සීල තේජස ඉතා තියුණුය, ඉතා බලවත්ය.
      ඒ භික්ෂුන් වහසේට අවමන් කල තැනැත්තාගේ දරු මුණුබුරන්ට පවා
      ඒ දෝෂ ඇතිවෙන බව,
      තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය.

      Thumb up 4

  • shodaka

    ප්‍රශ්නය තිබෙන්නේ උදාහරනයක් ලෙසට ගතහොත් ඔබ අංක. 2 යටතේ අභීධර්මය බුද්ධ දේශනාවක් නො කියන්නා වූ ද? සූත්‍ර පිටකය සිංහලට පරිවර්ථනය කොට අර්ථ විනාශ කළා වූ මහමෙව්නාවට අයත් වෙබ් අඩවිය ඔබලාගේ මෙම වෙබ් අඩවියේ තිබීමත් අප හට සිතා ගැනීමට නො හැකිය. පිරිසිදු වූ ශ්‍රී සද්ධර්මය ඇතුලත් ථෙරවාදී බුදුදහම අප ප්‍රචලිත කර යුතු බවත්, මෙම මහායාන සංකල්ප ඇතුලත්, වෙළද ව්‍යාපාරක් බවට් පත් වී ඇති මහාමෙව්නාවේ වෙබ් අඩවිය ඔබලා ප්‍රචලිත කිරීමේ අදහස කුමක් ද?

    Thumb up 4

    • මා දන්නා තරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි අභිධර්මය ප්‍රතික්ෂේප කර නැහැ. නමුත් පළමුව සූත්‍ර පිටකය ඉගෙන ගත යුතු බවයි උන්වහන්සේ තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට වදාරා තිබෙන්නේ. එනිසා මීට කාලයකට පෙර මහමෙවුනාවේ උගන්වා ඇත්තේ සූත්‍ර පිටකය පමණයි.

      ඒක මා දන්නා විෂයකින් උදාහරණයක් ලෙස දැක්වුවහොත්, ගිණුම්කරණය මුල් වතාවට ශිෂ්‍යයින් ඉගෙන ගනිද්දී ඉගැන්විය යුත්තේ මූල්‍ය ගිණුම්කරණයයි. පිරිවැය සහ කළමණාකරන ගිණුම්කරණය උගන්වන්නේ ඔවුන්ට මූලය ගිණුම්කරණයේ පදනම ගැන හොඳ වැටහීමක් ලැබුණ පසුවයි.

      අන්න ඒ ආකාරයෙන්ම සූත්‍ර පිටකය ගැන හොඳ වැටහීමක් ලැබුණ විට අභිධර්මයත් උගන්වාවි. මෙය දැක්වූයේ මා හට දැනගන්නට ලැබුණ ආරංචි අනුවයි.

      එසේම කිරිබත්ගොඩ හාමුදුරුවන් වහන්සේ මහායානයට දැඩි ලෙස විරුද්ධ බව උන්ව්හන්සේගේ දේශනා වලින්ම මා අසා ඇත. උන්වහන්සේට මහායාන චෝදනාවක් එල්ල වූයේ කුමන පදනමින්දැයි මා නොදනිමි.

      Well-loved. Thumb up 5

    • Lakmi

      අභි ධර්මය විතරක් නෙවෙයි, තිපිටකයේ සඳහන් කිසිම ධර්ම කරුණක් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. උන්වහන්සේ බොහොමයක් සිංහලයට පරිවර්තනය කලේ සම්බුදු පියාණන් විසින් ගිහියන්ට කල දේශනා ඇතුලත් කොටස්. අභිධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ විසින් දෙවියන් සඳහා කල දේශනයි. පන්සිල් පද පහවත් හරියට තෝරන්න බැරි සමාජයකට මෙවැනි ගැඹුරු ධර්ම දේශනා කියාදීම විහිළුවක්. මිනිසුන්ට තේරෙන, වැටහෙන විදිහට ධර්මය ප්‍රචාරය කිරීමි උන්වහසේ ඇසුරෙන් මා දකින්නේ. වැඩ හොඳ අවබෝදයක් සඳහා උන්වහන්සේගේ දේශනා ඇසුරු කරලම බලන්න. ඒ කිසිම දේශනාවක් තිපිටකයට පටහැනි කියල කියන්න කිසි කෙනෙකුට බැහැ.
      මහායානයට උන්වහසේ තදින්ම විරුද්දයි. ඉන්දියාවෙන් බුදු දහම සම්පූර්ණයෙන්ම අතුග දැමීමට මුලිකම හේතුව උනේ, මහායාන භික්ෂුන්ගේ ධර්මයට පටහැනි ක්‍රියාකලාපය කියලයි උන්වහන්සේ කියන්නේ. මහාමේඝ සඟරාවේ පසුගිය මාස පහක පමණ කලාප පරිශීලනය කිරීමෙන් වෙඩි විස්තර දැන ගන්න පුළුවන්. මේ සියලු චෝදනා වලට කිසිම පදනමක් නැහැ. “ඇවිත් බලන්න” කියල තමයි කියන්න තියෙන්නේ.

      Thumb up 4

      • Lion Heart (සිංහ හදවත​)

        ඔබතුමිය පුලුවන්නම් මම ඉහතින් දක්වා ඇති ලින්ක් එක බලන්ඩ​. නොපෙනෙන බොහෝදේ පෙනේවී.
        තෙරුවන් සරණයි!

        Thumb up 0

        • Lakmi

          මේ පොත මගේ අතට පත් වෙලා දැන් බොහෝ කල්. අමුලික ශ්‍රද්ධාවෙන් තොරව සිහිබුද්ධියෙන් කියවපු නිසා මට සත්‍ය වටහගේනිමට හැකි උනා. මේ සඳහා මවිසින්ම ලබපු පුත්ගලික අත්දැකීමුත් උපකාර උනා. පොත කියවල විතරක් නිකන් ඉන්න එපා. මහමෙව්නාවට සම්බන්ද වෙන්න කව්රුත් සල්ලි ගන්නේ නැහැ . ටිකක් ගිහිල්ල, යොවුන් සහෝදර සහෝදරියන් මහත් සද්ධාවෙන් කරන වැඩ කටයුතු වලට සම්බන්වෙලම බලන්න. ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලම බලන්න. ඔබගේ වැයම නිවැරදි සත්‍ය සොයාගැනීමට නම් ඔබට ඇති තතු වැටහේවි. එහෙම නැතුව ඔයාගේ මල්ල පිරෙන්නේ ඩොලර් වලින් නම් කරන්න දෙයක් නැහැ. මොකද බුදුරජනන්වහසේගේ පවා වැරදි හොයපු අය ඒ කාලෙත් හිටියනේ.

          Thumb up 3

        • Lakmi

          මේ ලින්ක් එකත් කියවන්න. 8 වෙනි පිටුව.

          http://www.ada.lk

          Thumb up 1

      • gihan

        පුජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් මහමෙවුනාව අසපුව වැනි දහම් අසපු මගින් ධර්මය දේශනා කරමින් බෞද්ධයන්ට විශාල සේවයක් කරයි..මා නම් දන්නා තරමින් උන්වහන්සේ කිසිලෙසකින් ඍජුව අභිධර්මය තබා ත්‍රිපිටකයේ ඇති කිසිම ධර්ම කරුණක් ප්‍රතික්ෂේප කර නැත . නමුත් මා අසා ඇති පරිදි උන්වහන්සේ තම අසපුවේ අභිධර්ම පිටකය භාවීත කරන්නේ නැත..මෙයට හේතුව අභිධර්මය ගැඹුරු වැඩි නිසා පළමුව සුත්‍ර පිටකය උගන්වා පසුව අභිධර්මය ඉගැන්වීමට සිතා සිටීම විය හැක..නමුත් උන්වහන්සේ වක්‍රව ප්‍රකාශ කර ඇත්තේ තමන්ට අභිධර්මය පිලිබඳ සැක සහිත බවයි.. “මා සිත තුළ අභිධර්මය පිළිබඳව සැක උපන්නේ පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ අභිධර්ම පරීක්ෂණ පොත කියැවීමෙනි. බොහෝ තෙරුන් වහන්සේලා අභිධර්මය ගැන පිළිගන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ වූ දෙයක් වශයෙනි.” යන මේ උන්වහන්සේගේ ප්‍රකාශයෙන් එය පැහැදිලි වේ.( http://www.silumina.lk/punkalasa/20100627/_art.asp?fn=ar1006277 ) මහමෙවුනාවේ අභිධර්ම පිටකය භාවිතා නොකිරීමට හේතුව මුලින් සරල ධර්ම කරුණු අවබෝධ කරගත යුතු නිසාද ,නැතිනම් එයට හේතුව උන්වහන්සේ තුල ඇති මේ සැකයද යන්න සිතා බැලීම වටී.. නමුත් තමන් අභිධර්මය ප්‍රතික්ෂේප කරන බව නම් උන්වහන්සේ වදාරා නැත. එමෙන්ම බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනා කලේ දෙවියන් සඳහා පමණක් නොවේ..

        Thumb up 2

        • Lakmi

          මෙම ලින්ක් එකට ගොඩක් ස්තුත්යි. උන්වහන්සේ මෙහි පවසා ඇත්තේ අභි දර්මය පිලිබඳ සේක සංකා පහල වූ බවක් මිස ප්‍රතික්ෂේප කරන බවක් නොවේ.තමන්වහන්සේගේම විචිකිච්චාවට බදුන් වීම නිසා එය නිරවුල් කර නොගෙන අන්‍යන්ට දේශනා කිරීම තේරුම නැතිනිසා උන්වහන්සේ එය පසෙක තබා අනෙකුත් දේවල් පරිශේලනයට ගන්නවා වෙන්න පුළුවන්. කොහොමටත් නිකන් වාද කර කර ඉන්නේ නැතුව උවමනා කෙනෙකුට පොල්ගහවෙල මහමෙව්නා අසපුවට ගියොත්, උන්වහසේගෙන්ම මේ පිලිබදව විමසන්න පුළුවන්. ලොකුස්වමින් වහන්සේව මුණ ගැසෙන්න කාගෙන්වත් epoimant ගන්න ඕනේ නැහැ. හැබැයි මහමෙව්නා වාසි සවාමින් වහන්සේලාට දින චර්යාවක් තියෙනවා. භාවනා කරන වෙලාවල් එහෙම කලින් දැනගෙන හමුවන්නට සුදුසු වෙලාවක යන්න.

          Thumb up 2

        • gihan

          @ Lakmi,
          අද බොහෝ ස්වාමින් වහන්සේලා ධර්මයට තමන්ගේ අදහසුත් එකතු කරලයි දේශනා කරන්නේ. මෙසේ කරන්නේ සමහර විට මිනිසුන්ගේ තේරුම් ගැනීම පහසු කරන්න වෙන්න පුළුවන්.නමුත් එසේ කිරීම තුලින් වැරදි අදහස් සමාජයට යන්න පුළුවන්.. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිල්වත් භික්ෂුන් වහන්සේ නමක්. නමුත් උන්වහන්සේ ගේ දේශනා වල එකඟ විය නොහැකි තැන් තිබෙනවා..උන්වහන්සේට අනුව පාරමිතා පිරීම මහායාන ඉගැන්වීමක්, නිවන් දැකීමට පාරමිතා පුරන්න අවශ්‍ය නෑ.
          (මෙම වීඩියෝවේ 45.00 මිනිත්තුවේ සිට බලන්න http://www.youtube.com/watch?v=jn3A-sZwwSo&feature=player_embedded )
          මා මේ කරන්නේ උන්වහන්සේව විවේචනය කිරීමක් නොවේ.සිල්වත් භික්ෂුන් වහන්සේලා විවේචනය කිරීමට මට අවශ්‍ය නැහැ.නමුත් කාලාම සුත්‍රයට අනුව භික්ෂුන් වහන්සේ සිල්වත් වූ පමණින්ම යමක් පිළිනොගෙන මේ කාරණා සම්බන්දයෙන් තම නැණ පමණින් විමසා බැලීම වටිනවා.
          මා කලිනුත් කිවුව වගේ උන් වහන්සේ කිසිම ලෙසකින් ඍජුව අභිධර්මය ප්‍රතික්ෂේප කර නැහැ. එසේම උන්වහන්සේ අභිධර්මය පිළිබඳව මෙවැනි නිගමන වලට බැස සිටින්නේ ඇයිද යන්න දැන ගැනීමට උන්වහන්සේව මුණ ගැසීමට අවශ්‍ය නැහැ. ඒ සඳහා උන්වහන්සේට බොහෝ මුලාශ්‍ර තිබු බව පේනවා.
          (මෙම ලිපියත් කියවන්න http://mahamegha.lk/all-time-favourites/sasun-ketha-saru-kala/ )
          අභිධර්මය පිලිබඳ සැක පහල කල භික්ෂුන් වහන්සේලා ගේ අභාෂය ලබා උන්වහන්සේත් ඒ පිළිබඳව සැක පහල කිරීම පුදුමයක් නොවෙයි..ධර්මය ගැන තමාට කැමති පෞද්ගලික අදහසක් දරන්න බුදු දහමේ කාටත් අයිතිය තිබෙනවා..නමුත් උන්වහසේ දරන මේ පෞද්ගලික අදහස් උන්වහන්සේගේ දේශනා හරහා වක්‍රාකාරව උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් සම්ප්‍රේෂණය වෙනව කියලයි මට නම් පෙනෙන්නෙ. .අභිධර්මය බුදුදහමේ ඇති විශිෂ්ඨතම දේශනාවක් නිසා , තමන්ගේ අදහස් වක්‍රාකාරව අන්‍යන්ට සම්ප්‍රේෂණය නොකර ,ඒවා තමන් තුලම තබාගෙන උන්වහන්සේ මහමෙවුනාව හරහා මෙතෙක් කලක් කරගෙන ආ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ..!

          Thumb up 0

        • Lakmi

          මෙම සම්පුර්ණ දේශනාවම සිංහල බෞද්ධය න් හට ඉතා වටිනා බැවි මට නම් හැගී ගියේ. කාට හරි මේ කරුණු(අවශ්‍ය කරුණු) සම්පිණ්ඩනය කරලා අපේ ඉතිහාසය ගැන මේ අභිමානවත් කතාව සිංහල බෞද්ධය වෙබ් අඩවියයේ පල කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. මොකද ගොඩක් සිංහල ය තමන්ගේ ඉතිහාසයවත් හරියට දන්නේ නැහැ. තැනින් තැනින් අහුලගත්තු ඒවා ටිකක් ඔලුවේ තියාගෙන (සමහර අයගේ ඔලුවෙත් නැහැ,බටහිර රටකට ගිහින් සැප ගන්න හීන මවන එක හැර වෙන මොනවද. ) තමයි ජීවත් වෙන්නේ.
          මේවගේ ප්‍රශ්න වලට කලාම සුත්‍රයේ බුදුන් වහන්සේ දේශනාකළ එක කොටසක් පමණක් සැලකීමෙන් ශවකය නොමග යනවා. එහි සඳහන් සියලු කරුණු සැලකිල්ලට ගතයුතුයි.
          “ඇසු පමණින්, පරපුරෙන් පැවත ආ පමණින්, මෙලෙස සිදු වීය කියූ පමණින්, පොත්වල ඇති පමණින්, තර්කයට ගැලපි ගිය පමණින්, දුෂ්ටියකට බැස ගැනීමෙන්, එයත් නිවැරදි යයි සිතු පමණින් හෝ ගුරුවරයෙකු කියූ පමණින්, හරි යයි පිළිනොගන්නා ලෙසත් , ඒ වෙනුවට තම තුලින්ම දැන ගන්නා පරිදි ලෝභ, ද්වේශ, මෝහ, අව්ලුවාලමින් අකුසල් ඇතිකරවන දහමක් ඇත්ද එය පිලි නොගන්න ලෙසත්, සමාදන් වීමෙන් කුසල් වඩන, අලෝභ, අදෝෂ, අමෝහ ඇති කරවන යම් දහමක් ඇත්ද එය සමාදම් වන ලෙසත් බුදුරජාණන් වහන්සේ කලාම සුත්‍රයේ වදාරා ඇත්තේය”
          මෙහි එක තැනකින් ග්‍රහණය කරගෙන තමා සමහරුන් පවසන්නේ “බුදුහාමුදුරුවෝ කිවත් පිළිගන්න එපා” යනුවෙන් දේශනා කර ඇතිබව. සර්පයා වැරදි පැත්තෙන් ඇල්ලුවොත් තමන්ට නහින්නයි වෙන්නේ. ධර්මය උනත් එහෙම තමා. මොකද ඊටත් වැඩ බරපතල දෙයක් තම මේ දුර්ලභ අවස්ථාව මග හරි යාමෙන් වෙන විපත. බුදුරජාණන් වහන්සේලා විසි අටදෙනක් පහල උනත් අපිතාම මෙතන කියල හිටනකොට තමා එකේ බරපතල කම මතු වෙන්නේ.
          අභි ධර්මය ගෙන ප්‍රශ්නය උනත් එහෙම තමා. මේකේ හරිදේ මොකද්ද කියල බලන්න ඕනනම් මුළු ත්‍රිපිටකයම හොඳින් හදාරලා, ධර්මනුකුල ජිවිතයක් තමන්ට පමුණුවාගෙන මේගැන සොයා බලන එකයි නුවනට හුරු. බුදුරජාණන් වහ්සේ ගැන තියෙන ශ්‍රද්ධාව කියන අඩිතාල මත ඉඳගෙන බලන්න ඕනේ. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේගේ පැත්තෙන් ගත්තොත් උන්වහන්සේ මේ සියල්ල අප දන්නා පරිදි සපුරා තියෙන නිසා කාටවත් පිටින් ඉඳන් ඇගිල්ල දික් කරන්න බැහැ. ඒ කියන්නේ එක පිළිගන්න කියන එක නෙවි. අනික උන්වහසේ කිහිප විටක්ම ඉල්ලා සිටිය තමන් වැරදි නම් එය පෙන්වා දෙන ලෙසත්, තමන් වැරදි නම් නිවැරදි වෙන්න සුදානම් බවත්. එත් හැමෝම ඇඟිල්ල දික්කරනවා මිසක් එකතුවෙලා මේකේ ඇත්ත නැත්ත සොයන්නේ නැහැ නේ. සත්‍ය සොයන්න උවමනා කෙනෙකුට සුගතයන් වහන්සේ වදාල ඉහත මර්ගයෙන ගොස් නිවැරදි තාවය සොයාගත හැකයි.
          තෙරුවන් සරණයි!

          Thumb up 2

        • gihan

          ඔබතුමිය ඉතාම නිවැරදියි. කාලම සුත්‍රය තබා කුමන සුත්‍රයක වුවත් එක තැනකින් ග්‍රහණය කර ගැනීම කිසිසේත්ම නුවනට හුරු නෑ..පාරමිතා පිලිබඳ ප්‍රශ්නයේදී වුවත්, අභිධර්මය පිලිබඳ ප්‍රශ්නයේදී වුවත් තම තමන් විසින් ධර්මය අධ්‍යනය කිරීම වැදගත්. .
          උපසම්පදාව ලත්, සිල්වත් භික්ෂුන් වහන්සේ නමකට ඇඟිල්ල දිගු කිරීම හා වැරදි නිවැරදි කිරීමට යාම ගිහියෙකුට එතරම් සුදුසු නැහැ කියලයි මානම් හිතන්නෙ..ඒ සඳහා යම් පියවරක් ගන්නවානම් ගත යුත්තේ භික්ෂුන් වහන්සේලාමයි..
          මම උන්වහන්සේට ඇඟිල්ල දිගු කරා නොවෙයි..මා කිවේ මගේ නැණ පමණින් සලකා බැලුවිට හා වෙනත් අභිධම්මික භික්ෂුන් වහන්සේලාගේ මත හා සසඳා බලන විට මට උන්වහන්සේ සමග එකඟ විය නොහැකි බවයි..
          මා මේ ලියන්නේ කිසියම් ස්වාමින් වහන්සේ නමකට එරෙහිව නොවේ.අභිදර්මය පිලිබඳ සැක පහල කරන ගිහි හිතවතුන් වෙනුවෙනි. කොසොල් රජු ගේ 11 වැනි සිහිනයේ අර්ථය දක්වමින් බුදු රජාණන් වහන්සේ සසුන පිරිහෙන ආකාරය ආකාර 5 කින් විස්තර කරයි.ඉන් 3 වැනි ආකාරය පර්‍යප්ති අන්තර්දානයයි..පර්‍යප්ති අන්තර්ධානය නම් බුදුරජුන් විසින් දේශනා කළා වූ අටිඨකථා පාලි සහිත ත්‍රිපිටකයට අයත් බුද්ධ වචනයේ නො පැවැත්මයි.. මෙහිදී ත්‍රිපිටකය පරිහානියට පත්වන පිළිවෙලද දක්වා තිබේ..ඒ අනුව මුලින්ම අභිධර්ම පිටකය පිරිහෙයි..අභිධර්මයේත් මුලින්ම මහා ප්‍රකරණය පිරිහෙයි.එය පිරිහුන පසු යමකය, කථාවත්තුව, පුද්ගල ප්‍රඥප්තිය, විභංගය, ධර්ම සංග්‍රහය පිරිහෙයි ..ඉන් පසු සුත්‍ර පිටකය පිරිහෙයි.සුත්‍ර පිටකයේත් පළමුව අංගුත්තර නිකාය පිරිහෙයි…මේ ආකාරයට පිලිවෙලින් පර්‍යප්ති අන්තර්ධානය වන ආකාරය බුදුරජානන් වහන්සේ විසින් දේශිතය..වැඩි විස්තර සඳහා මනෝරථපුරණි නමි වු අංගුත්තර නිකාය අටිඨකථාවෙ, ඒක නිපාතයේ 10 වන වර්ගය බලන්න..මෙහි මුලින්ම පිරිහෙන්නේ අභිදර්මයයි. අභිධර්මය පිලිබඳ සැක පහල කරන හිතවතුන් මේ පිළිබඳවත් දෙවරක් සිතා බලත්වා..
          අභිදර්මය පිලිබඳ සැක පහල කරන බොහෝ අය දක්වන ප්‍රධානම තර්කය පළමුවන ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකය සංගායනා නොවූ බවය..එසේ කියන්නේ පළමු ධර්ම සංගායනාව පිලිබඳ විස්තරයේදී විනය පිටකය හා සුත්‍ර පිටකයේ විවිද නිකායන් රහතන් වහන්සේලා කිහිප දෙනෙකුට භාර කල බව දක්වා තිබීමත්, නමුත් අභිදර්මය භාර කල කෙනෙකු දක්වා නොතිබීමත් නිසාය..අභිදර්මය භාර කල කෙනෙකු දක්වා නොතිබුනත් ප්‍රථම ධර්ම සංගායනාවේදී අභිදර්මයද සංගායනා කල බව සුමංගල විලාසිනියෙහි පැහැදිලිව දක්වා තිබේ..
          විශිෂ්ට ධර්ම කථිකයෙකු වීමට නම් අභිධර්මය උගත යුතුමය..අභි ධර්මය නුගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදි..ඒ බව මහා ගෝසිංග සුත්‍රයෙහිද ,අත්තසාලානි අටුවාවෙහිද දක්වා තිබේ..එමෙන්ම සුත්‍ර පිටකහිද අභිධර්මය පිටකය ගැන සඳහන් තැන් ඕනෑ තරම් ඇත..එමනිසා සියල්ලෝම කාලම සුත්‍රයේ සඳහන් සියලු කරුණු සැලකිල්ලට ගෙන ධර්මය හොඳින් අධ්‍යනය කර අභිධර්මය යනු කුමක් දැයි තීරණය කරත්වා..
          අභිධර්මය බුදුන්ගේ දේශනයක් වේද නොවේද යන්න පිළිබඳව වැඩි දුර විස්තර දැන ගැනීමට කැමති අය,1950 දශකයේදීද අභිධර්මය පිලිබඳ යම් ස්වාමින් වහන්සේ නමක් ගැටළු මතු කල අවස්ථාවේදී එකල සිටි මහා පඬි රුවනක් වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් ශ්‍රී ධර්මාරාම’සාහිත්‍ය අංකයට ලියන ලද “අභිධර්මය අබෞද්ධ දේශිතය කැයි කියන්න වුන්ට පිළිතුරු” යන ලිපිය කියවා ගනිත්වා…

          Thumb up 3

        • gihan

          මෙම ධර්ම දේශනාව මම රුපවාහිනියේ නැරඹුවා…යොමුව දැක්වුවාට ගොඩක් ස්තුතියි..

          Thumb up 0

        • Lakmi

          ඔව්. අභි ධර්මය පිලිබඳ සැක පහල කරනා ගිහි පින්වතුන්ද සිටිය හැකි. එහෙත් ඔබේ මුල් කොමෙන්ටුවේ සදහන් උනේ එය නෙවෙයි නේ. කිර්බත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේ ගැන බව පැහැදිලි. මේක ඔබ බැලුවා වෙන්න පුළුවන්. එත් මේ ලිපිය කියවන පාටකයන් වෙනුවෙනුත් එක්කම තමා මම මේක පල කලේ. නැතිනම් ඔවුන් නොමග යාහැකියි. උන්වහන්සේ මෙහි සපයා ඇති පිළිතුර ප්‍රමාණවත් ඇති සිතෙනවා. මගේ අදහස මෙයයි, බෞද්ධ ශාරකයන් විදිහට , අපි කෙනෙකුත් නැති තැන නුගුණ ප්‍රකාශකිරිම අපට තරම් වෙන්නේ නැහැ. වැරදිනම් තමන් නිවැදි වෙන්න සුදානම් බවට ප්‍රසිද්ද ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙදිත් ප්‍රසිද්ද වෙබ් අඩවියකින් මෙවිදිහට කොමෙන්ටු දන එක වැරදියි අනික උන්වහන්සේ සිල්වත්, සාසනයට බොහෝ සේවයක් කරනා භික්ෂුන්වහන්සේ නමක්. අප එයට ගරු කල යුතුයි. තමන්ට එකඟවිය නොහැකි දෙයක් ඇත්නම් එය උන්වහන්සේත් සමග කතාබහ කර නිරවුල් කලයුතුයි. එහෙම උවමනාවක් නැතිනම් ඉතින් ඒ පිළිබඳව කතාත් නොකළ යුතුයි. මොකද බෞද්ද ශාවකයෙක් ලෙස පෙනී සිටිමින් ඔබ මේ කරන්නේ උඩ බලාගෙන කෙල ගැසීමක්. අනික මෙතක් කල් උන්වහන්සේ සමාජයට ලොකු සේවයක් කරගෙන යනවා. ගරු ගංගොඩවිල සෝම හිමිගෙන් පස්සේ ඒ අඩුව අපේ සමාජයට පිරවුයේ ඥානානන්ද හිමියන්. එය අවිවාදිතයි.

          Thumb up 3

        • gihan

          මම නොදැනුවත්ව හෝ උන්වහන්සේගේ නුගුණ ප්‍රකාශ කර ඇති තැනක් වෙතොත් කරුණාකර එය පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිනවා..මම වැරැද්ද නිවැරදි කර ගැනීමට සුදානම්..නමුත් යම් ස්වාමින් වහන්සේ නමකගේ දේශනාවක් හා තමාට එකඟ විය නොහැකි යැයි පැවසීම නුගුණ ප්‍රකාශ කිරීමක්ද? එය මගේ මතිමාත්‍රයක් පමණයි..සමහර විට මා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.කැමති කෙනෙකුට එය පිලිගන්නත් පුළුවන් නොපිළිගෙන ඉන්නත් පුළුවන්.. යම් දේශනාවක් හා තමාට එකඟ විය නොහැකි යැයි පැවසීම නුගුණ ප්‍රකාශ කිරීමක් නම් කරුණාකර මට සමාවෙන්න..මම ඒ බවක් දැන ගෙන හිටියේ නැහැ.

          ප්‍රකාශ කල කෙනා නැති තැන ඔහුගේ මතයට එකඟ විය නොහැකි යැයි පැවසීම මා දන්නා තරමින් නම් වරදක් නොවෙයි.. මෙම වෙබ් අඩවියේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනායැයි කියන චීවරදාරියාව විවේචනය කොට තිබෙනවා,විපක්ෂ නායක තුමාව විවේචනය කර තිබෙනවා,මෛත්‍රී බුදුන් නමින් පෙනී සිටින පුද්ගලයා ඇතුළු තව කීදෙනෙක් විවේචනය කොට තිබෙනවාද..? නමුත් ඒ කිසිවෙක් මෙතැන නැහැ..”බෞද්ධ ශාරකයන් විදිහට , අපි කෙනෙකුත් නැති තැන නුගුණ ප්‍රකාශකිරිම අපට තරම් වෙන්නේ නැත” යන ඔබතුමියගේ ප්‍රකාශය සත්‍ය නම් ඔබතුමියට අනුව මෙම වෙබ් අඩවියේ පළවූ ඉහත විවේචනත් සියල්ල වැරදිද? මා නම් ඒ විවේචන වල වරදක් දකින්නේ නැහැ.මක් නිසාද, එම විවේචන හෝ නුගුණ ප්‍රකාශ කිරීම් හෝ අදහස් ප්‍රකාශ කිරීම් සියල්ල කර ඇත්තේ බුදු දහමේ දිගුකල් පැවැත්ම සඳහායි…
          තමන් වැරදි නම් නිවැරදි වෙන්න උන්වහන්සේ සුදානම්.නමුත් මා පෙරත් සඳහන් කලා වගේ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වැරදි නිවැරදි කිරීමට යාම ගිහියෙකුට සුදුසු නැහැ..අභිදර්මය අබෞද්ධ දේශනයකැයි කියන ඕනෑම ගිහියෙකු ගේ නම්,මා දන්නා තරමින් වැරදි නිවැරදි කිරීමට මා සුදානම්. මහානායක හිමිවරුන් ද ඇතුළුව තවත් උගත් අභිධම්මික භික්ෂුන් වහන්සේලා මේ රටේ සිටිනවා..උන්වහන්සේලා මේ පිළිබඳව අදහස් ද ඕන තරම් දක්වලා තිබෙනවා..නමුත් උන්වහන්සේලා මේ කාරණය සම්බන්දව වාද විවාද වලට නොයන්නේ උන්වහන්සේලාගේ ඇති සිල්වත් බව නිසාදැයි මා දන්නේ නැහැ..
          (http://www.youtube.com/watch?v=67J0bA2D3Zg )
          පුජ්‍ය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේ ඉතාම සිල්වත්. එමෙන්ම උන්වහන්සේගේ ධර්ම දේශනා බොහෝ විට ඉතාම හරවත්.මා කිවේ සමහර කාරණා සම්බන්දයෙන් මා උන්වහන්සේ සමග එකඟ නැහැ කියා පමණයි.උන්වහන්සේ අභිදර්මය ගැන සැක පහල කරනවානම් කරන්නේ බුදු දහම විනාශ කිරීමේ අරමුණින් නොවන බව මා දන්නවා..හැකිනම් වෙනත් අභිධම්මික භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් වී කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේ සමග මේ පිළිබඳව සාකච්චා කරනවා නම් ඉතාම වටිනවා..මා මේ පිළිබඳව උනන්දු වන්නේ පුජ්‍ය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේ සමඟ යම් අමනාපයකටද, මහමෙවුනාව පිළිබඳව යම් අමනාපයකටද කියා කෙනෙකුට සිතෙන්නට පුළුවනි.මම පුජ්‍ය කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමින්වහන්සේ ට මෙන්ම මහමෙවුනාවටද ඉතාම ගරු කරනවා. මා මේ පිළිබඳව උනන්දු වන්නේ අභිධර්මය අබෞද්ධ දේශනයකැයි සමාජය තුල පැතිරයන මතය ඉතාම භයානක මතයක් බැවිනි.

          Thumb up 3

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.