
බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී ආගම් වල මෙන් විනිශ්චිත බාහිරාධිකාරයක් තුළින් පිරිනමන්නක් නො වේ.
“ලොව සියලු ආගම් වල අවසාන අපේක්ෂාව ශුද්ධත්වය යි. එය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්‍ග වල වෙනස් කම් බොහෝ බව අප වටහාගත යුතු ප්‍රධානතම සාධකය යි.”
මේ බෞද්ධ නිර්වාණධාතුවේත්, ඒ සඳහා උපයුක්ත මාර්ගයේත් ස්වාධීනත්වය අදෘෂ්ට ප්‍රකාශයකි. නිවන වනාහි, සෝවාන්, සකෘදාගාමී, යනාදි මඟ පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කට යුත්තක් විනා අන්‍ය ප්‍රතිපදා මාර්ගයකින් ප්‍රත්‍යක්ෂ කළ නො හැකි බව කිව යුතු ය. බෞද්ධ පාරිශුද්ධත්වය ආරම්මණය කොට ගත් මාර්ගයෙහි ක්‍රමිකාවස්ථා චතුරාකාර ය. ඒවා සංසිද්ධ වනුයේ දස සංයෝජන අනවශේෂාකාරයෙන් මූලෝත්පාටනය කිරීමෙනි. මෞලික ත්‍රිත්වය වන සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි මූලාවස්ථාව වන සෝතාපත්ති ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන අන්තර්ගතව කාම රාග, ප්‍රතීඝ අර්‍ධ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි ද්විතීයාවස්ථාව වන ලෞකික දුක්ඛයනට පුනරාගමනය එක් වාරයකට සීමිත වන සකෘදාගාමී ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝ පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් කාම ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නොවන අනාගාමීත්වය හිමි වේ. එසේම, සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝාන්තර්ගතව රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නො වන අර්හත්භාවයට පිළිපන්න වූවේ වෙයි. (This purification or liberation has many stages. The well-known four stages, namely, sothāpanna (stream-entrant), sakadāgāmi (once retuner), anāgāmi (non-returner) and arahanta (worty-one) characterize the gradual process of purification or liberation. The texts elaborate bonds (saññojana) as ten. They are : personality belief, skeptical doubt, clinging to mere rules and ritual, sensuous craving, ill-will, craving for fine-material existence, craving for immaterial existence, conceit, restlessness and ignorance. The first five are called lower feeters and the other five higher feeter. Of them the first three are eradicated at the first stage of liberation; in the second stage the next two are softend; these two are completely eradicated at the third stage)
පරම නිෂ්ඨාවක් උදෙසා වූ මෙවැනි ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියක් අන්‍යාගම්හි අදෘෂ්‍යමාන ය. බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන මෙම ස්වාධීන වූ ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියේ සමාන්තය ද බුද්ධ ධර්මය තුළ පමණක් ප්‍රකට වන ස්වීය ලක්ෂණයකි. එයට නිර්දිෂ්ට වෙනත් මාර්‍ග තිබිය නො හැකි ය. දෘෂ්ටි ප්‍රතිග්‍රහණයෙන් වියුක්ත වී ප්‍රතීත්‍යසමුත්පන්න (Dependent Origination) දර්ශනයෙන් යුක්ත ව (දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) , ශීලව්‍රතපරාමර්ශනයෙන් වියුක්ත වී ආර්යාෂ්ඨාංගික මාර්‍ගාභිවෘද්ධියෙන් පමණක් අධිගමනය කළ යුත්ත කි. තත් භාවය දිව්‍යමයාධිකාරානුකූලව එනම් දිව්‍යමය විනිශ්චයකින් ලැබෙන ශුද්ධත්වය (purification)ක් නො වේ. නියත්‍යනුකූලව, අහේතුකව හෝ අප්‍රත්‍යව හෝ ලැබෙන්නක් ද නො වේ. මානව කේන්ද්‍රී (Anthropocentric) ධර්මයක් වන බුද්ධ ධර්මය දේව කේන්ද්‍රීය (Theocentric) ආකල්පයන්ට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වේ. (අත්තාණෝ අයං ලෝකෝ අනභිස්සරෝ) නිර්වාණාවබෝධය පූර්‍වාශ්‍රුත ධර්‍මයක චක්ෂුරාමනය, ඥානාධිගමනය, ප්‍රඥාධිගමනය, විද්‍යාධිගමනය, ආලෝකාධිගමනය යි. (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි) එයට තුල්‍ය ධර්මයක් පූර්වයෙහි අවිද්‍යාමාන වූවේ ය. වර්‍තමානයෙහි ද නො වේ. අනාගතයෙහි ද නොවන්නේය. එයට පුනරූනපූර්‍ණානාවශ්‍යක ය. සංශෝධනානාවශ්‍යක ය. ලොව ඒකීය සත්‍යයක් විනා ද්විත්වයක් ප්‍රවෘත්ත නො වන බව දත යුතු ය.
නිර්වාණය වනාහි කරජ ශරීරයෙහි සංසිද්ධ පරිණාමයක් නොව මානසිකාභිවාද්ධියේ අග්‍රාවස්ථාව යි. එම නිසා බුදු සමය තුළ වෙනත් දර්ශනයක නො දැක්වෙන පරිදි මනෝවිද්‍යානුකූල පාරිභාෂික වචන ප්‍රචුරාකාරයෙන් ප්‍රභාවිත බව “Rune Johaison” සඳහන් කරයි.
“Anybody with a good knowledge of psychology and its history who reads the Pali nikāyas must be struck by the fact that the psychological terminology is richer in this than in any other ancient literature and that more space is devoted to psychological analyses and explanations in this than in any other religious literature”
රාග, ද්වේෂ, මෝහ, අවිද්‍යා, ප්‍රතීඝ, ප්‍රපංච, ව්‍යපාද ඒ සඳහා දෘෂ්ටාන්ත කිහිපයකි. ඒවා මනෝක්ෂේත්‍රගත පාරිභාෂික වචනයෝ වෙත්. සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වනුයේ මනෝක්ෂේත්‍රගත එම තත්වයන් බවත්, ඒවායෙහි මූලෝත්පාටනය ම සංසාර නිවෘත්තියට මාර්‍ගය බවත් බුදු දහමෙහි දර්ශිත ය. ඇතැම් අවස්ථාවන්හි නිවන ‛නිශ්ප්‍රපංච’ නමින් හැඳින්වෙනාතර නිවන සඳහා වූ මාර්ගය ‛නිශ්ප්‍රපංච පථ’ නමින් හැඳින්වේ. ප්‍රපංචාවස්ථාව යනු ආරම්මණයක නිමග්න පුද්ගල චින්තනයෙහි කල්පනයෙන් සංස්කෘත විස්තෘත ගාම්භීරාවස්ථාවකි. බාහ්‍යාරම්මණයක් ලැබුණු විට පුද්ගලයා වේදනා තත්වයෙන් නො නැවතී, ”යං වේදේති තං සඤ්ජානාති” යනාකාරයෙන් තදාරම්මණයෙහි සංජානනය, විතර්කනය, ප්‍රපංචනය ආදියෙහි ස්වකීය චින්තනය හසුරුවා තදාරම්මණයෙහි සකර්තෘක වී අවසානයෙහි හෙතෙම තත් කාර්යාවලියෙහි අනුක්ත වී ප්‍රපංචකරණයෙහි නිමග්න චිත්තයෙහි වේතනික භාවයට ප්‍රාප්ත වේ. තදාකාරයෙන් මධුපිණ්ඩික සූත්‍රයෙහි සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වන සංස්කාරෝද්ගමනය තෙක් සිදුවන මානසික විකෘතියෙහි සංසිද්ධාකාරය ප්‍රවිචයට ලක් කරනු පෙනේ.් ස්වාභාවිකව සිදුවන “ඵස්ස පච්චයා වේදනා” යන තත්වයෙන් ඉදිරියට කල්පනය නො කිරීම නිෂ්ප්‍රපංචත්වය යි. එවිට සංස්කාරෝද්ගමනය සඳහා වූ ප්‍රස්ථාවන් පුද්ගල මනස තුළ අභව්‍ය ය. මෙයින් නිර්වාණය කෙතරම් මනෝවිද්‍යානුකූල ද යනු පෙනේ. ප්‍රකට කාරණය නම් විමුක්තිය පුද්ගල මනස තුළ ම ඇති දෙයකි. එය බුදු රජාණන් වහන්සේට පමණක් අනන්‍ය නො වූවකි. බුද්ධ වචනයෙහි ප්‍රායෝගික වීමෙන් චිරාත්කාලාතික්‍රමණයකට පූර්ව ස්වීය ඥානයක් බවට පත්කර ගත හැක්කකි. (අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සේව සාමඤ්ඤේව ඤස්සති සාමං දක්ඛිති) එය ඉතා පැහැදිලිය වෙනත් ඉගැන්වීවල මෙන් භෞතික ශරීරය මෙහෙයවා ආගමික ශාස්තෘවරයා තෘප්ත කිරීමට කළ යුත්තකින් හෝ ආගම්සමෘද්ධෝද්දේශිකත්වය සඳහා වූ කළ යුත්තකින් හෝ ලැබිය හැකි විමුක්තියක් ප්‍රතිබද්ධව බුදු දහමෙහි සංලක්ෂණය නො වන බව. එය විදර්ශනා වර්ධිත හෘදයෙහි විදුමන් වන අද්විතීය ප්‍රඥා ලාබය යි. බුදු සමයෙහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණයෙහි නවතාව මෙයින් තීව්‍ර වේ.
වැලිදු, ලොව මෙතෙක් පහළ වූ සියලු ආගම් හා දර්ශනයන්හි මෞලික ලක්ෂණය නම් ඒ කිසිවක් ආත්මවාදයෙන් විනිර්මුක්ත නො වීම ය. සද්ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ නො වූ ඕනෑම පුද්ගලයෙකු තුළ අහංකාරත්වය බලප්‍රවර්තනය වේ. නිර්මාණවාදී ආගමක් වන කිතුනු දහමෙහි දැක්වෙන පරිදි පුද්ගලයා යනු භෞතික ශරීරය සහ ආත්මය යන ද්වෛතයෙහි සුසංයෝගයකි. මරණින් සිදු වනුයේ භෞතික ශරීරය හැර යාම පමණක් වන අතර ආත්මය දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක් වේ. ආත්ම සංඥාව රූපයකාය තුළ ගොඩ නො නැඟුන ද වේදනා, සංඥා, සංඛාර, විඥාන යන එක් අඞ්ගයක් තුළ ද ගොඩ නැඟෙන්නේ නම් ඒ තුළ ආත්මවාදීත්වය ප්‍රකට වේ. (යේහි කෝචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අනේකවිහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති. සබ්බේ තේ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති ඒතේසං වා අඤ්ඤතරං) මෙසේ පඤ්චස්කන්ධයේ එක්තරාංගයක හෝ අවිපරිනාමීය නිත්‍ය පුද්ගල සාරයක් අපේක්ෂා කරන්නේ ක්‍රිස්තු ධර්මයේ පමණක් නො වේ. මේ හැර ඉස්ලාම් වේවා; සරථුස්ත්‍ර වේවා; යුදෙව් වේවා; හින්දු වේවා; නිගණ්ඨ වේවා; බ්‍රාහ්මණ වේවා; තත් සියල්ලෙහි දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම් ඒවා ආත්මවාදයෙන් බැහැර නොවීම යි. අවධාරණය විය යුත්ත නම් ආත්ම සංඥාව පවතින තුරු ආර්ය ප්‍රතිපදාව ආරම්භ නො වේ යන්න යි. භව ප්‍රතිලාභ සංයෝජන අතර මෞලික වන සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ආර්ය ප්‍රතිපදාව ආරම්භ වේ. එම ආර්ය ප්‍රතිපදාවෙහි සමාන්තය ත්‍රෛලෝකෝත්තර අමරණීයත්වය යි.
බොහෝ අන්‍ය ආගමික සිද්ධාන්තයන්හි දක්වන පාරගූත්වයන් මරණින් පශ්චාත් ව ලැබෙන්නකි. මරණින් පශ්චාත් ව පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වන දෙය ප්‍රතිබද්ධව ඔහුට ප්‍රත්‍යක්ෂමය වූ අවබෝධක් නොමැත. එහෙයින් එය පුද්ගලයා සාංසාරික වශයෙන් අන්තරමාර්‍ග කරවන සුළු ය. නමුත් බෞද්ධ නිර්වාණ ධාතුව වනාහි මෙලොව දී ම දැන දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්ක කි. එබැවින් බුදු දහම අනුගාමික පරිවාරය තුළ විශ්වාසය මොනවට ජනනය කරන බවට සංකා නැත. අවශ්‍ය වනුයේ සාමාන්‍ය මිනිස් අවබෝධය පමණි. අභිවෘද්ධිය සාධනීය වශයෙන් තමාගෙන් විය යුත්ත කි.
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ බෞද්ධ නිර්වාණ ධාතුව අන්‍ය සාමයික පරමනිෂ්ඨාවන්ට තුලනය කොට දක්වන්නේ නම් ඔහු ශාස්තෘද්‍රෝහියෙකි යන්නයි. බෞද්ධ ධර්ම සාරය නිරවද්‍යව වටහා නො ගත්තෙකි.
- පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි විසිනි -
Convert to PDF

@Chinthaka
@Fernando
Chinthaka says ”ජාතිය නිසා අනිකා 100 ක් ස්කෝර් කරන තැනට යන්න 125 ක් ගන්න වෙනවා නම්”Chinthaka
1.
1950 ගණන් වල විශ්ව විද්‍යාලවලට තේරීමේදී තිබුන
සම්මුඛ පරීක්ෂණ වලදී පක්ශාග්‍රාහී වැඩ වෙනවය කියල,
සම්මුඛ පරීක්ෂණ ක්‍රමේ 1960 වෙන කොට නැවැත්තුව.
එතකම්ම ජන අනුපාතෙට වඩා ඉතා වැඩි කොටසක් දෙමල සිසුන් විශ්ව විද්‍යාල වලට තේරුණා.
2.
පක්ෂග්‍රාහී වැඩ වෙනවය කියල,
ඒවගේම,උසස් පෙළ රසායන විද්‍යාව වගේ විෂයන් වලට තිබුන
ප්‍රායෝගික පරීක්ෂණත් නැවැත්තුව.
(විශ්ව විද්‍යාලයට ඇතුළු වුන පසුත් එවන් දේ වෙනවය කියල, පේරාදෙණියේ කැම්පස් එකේ විභාග තියපු ඇදුරෙක් ,මට මතක හැටියට ?Prof සමරනායක, ?සන්සෝනි කොමිසමට හරි වෙන මොකක්ද කොමිසමකට,මට හරියටම මතක නෑ… සාක්කි ඉදිරිපත් කරලා තිබුන.එයත් එක්ක වැඩ කරපු දෙමල ?කනිෂ්ට කථිකාචාර්ය වරයෙක් එතුමන් Set කල ද්‍රවනයක pH අගය කලින් දැනගෙන, දෙමල සිසුන්ට LEAK කල බවත්,එය ඒතුමන්ට ආරංචි වුන විගස, විභාගයට පෙර දින රාත්‍රියේ එතුමන් රසායනාගාරයට ගොහින්,එම pH අගය වෙනස් කල පසුත්,පරණ pH අගයම දෙමල සිසුන්ගේ උත්තර පත්‍රවල පමණක් තිබුන බවත්. )
2.
ඔය දෙමල සිසුන් වැඩියෙන් ලකුණු ගත යුතුය කියන තර්කය,
1970 දී සිරිමාගේ ආණ්ඩුව විසින්,
විශ්ව විද්‍යාල වලට ඇතුල් කිරීමේදී
බාසාව අනුව ලකුණු ප්‍රමිතිකරණය
ගේනකොටත් ආව.
එවන් ලකුණු ප්‍රමිතිකරණයක් කරන්න හේතුව,
ඒ වෙන කොට සම්මුඛ පරීක්ෂණ ක්‍රමේ ඇති කරලත්,
දෙමල ‘රචනා මාදිලියේ’ උත්තර පත්තර දෙමල ගුරුවරුන් විසින් පමණක් පරීක්ෂා කරන විට ඇති වුන පක්ශාග්රාහි ලකුණු දීම නිසා.
සිරිල් මතෙව් දෙමල උත්තර පත්තර පාර්ලිමේන්තුවට ගෙනත් පෙන්නලා දුන්න,
1972 උසස් පෙළ සත්ව විද්‍යාවේ අහල තිබ්බ
මදුරුවාගේ ජීවන චක්කරේ දක්වන්න කියපු strucured essay ප්‍රශ්නෙට ලකුණු දෙන ක්‍රමය,
දෙමල ගුරුවරුන්ට එක විදියකිනුත්,
සිංහල ගුරුවරුන්ට තවත් විදියටත්
කුමන්ත්‍රණකාරී ලෙස
Marking Scheme වලින් උපදෙස් දී තිබූ වග.
(read ‘Hanzard’ on ‘Diabolical Conspiracy’)
3.
ඒ කාලේ කල බාසා අනුව ප්‍රමිතිකරණයත්,
දැනට මේ රටේ කෙරෙන ක්රමෙනුත්,
බොහෝවිට බලන්නේ
අන්තිම ප්‍රතිපලය ජන අනුපාතෙට ආසන්නද කියලයි.
බටහිර රටවල වුනත් දැනටත්,
ඉතාමත් තරඟකාරී විශ්ව විද්‍යාල පීඨ වලට සිසුන් තෝරණ විට,
සම්මුඛ පරීක්ෂණ තියමින්,
අසන්න වශයෙන් ජන අනුපාතෙට සිසුන් තෝරනවා.
නැත්නම් සුද්දන්ට වඩා,
කට පාඩමට දක්ෂ ඉන්දියානු සහ චීන සිසුන්ගෙන් එම පීඨ පිරෙනවා.
ඒ ක්‍රමේ අසාධාරණය, objective නැත කියල
කවුරුත් උඩ පනින්නේ නෑනෙ.
4.
ඉතින් මේ රටෙත් රැකියා දෙන කොට
ජන අනුපාතය බලනවානම්
ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
සිංහලයට නැති දෙමල සහ මුස්ලිම් ඇත්තන්ට පමණක් ඇති ප්‍රශ්න තියෙනවනන්,
ඒවා හඳුනා ගෙන,
ප්‍රසිද්ධ කරලා,
වහා විසඳිය යුතුයි.
5.
අන්රටවල ඉතිහසෙන් ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට
ඒ රටවල හිමි තැන,
මේ රටේ පමණක් නැති කරලා,
සුදු බමුණන්ගේ ලනු කාල,
උතුර නැගෙනහිර පමණක් එකතු කරලා
ඉඩම් සහ පොලිස් බලතල දුන්නට,
උඹල ඔය කියන,
මේ රටේ තියෙනවය කියන ‘ලොකු ලොකු ප්‍රශ්නවත්’,
සුද්දන්ගෙන් Racism නිසා වනවාය කියන ඒ රටවල වන ‘පොඩි පොඩි ප්‍රශ්නවත්’
නැති වෙන්නේ නැත.
වෙන්නේ ප්‍රශ්න තවත් වැඩිවන එක පමණි.
නොපෙනෙන ප්‍රශ්නවලට බොරු විසඳුම් දුන්නොත්,
රට 3 ට 4 ට බෙදී, දේශ සීමා අරගල ආවම,
ආයුද හදල විකුනන සුද්දන්ගේ මල්ල කරේය.
හුචක්කු පෞරශේ බඩ පිරේය.
@Chinthaka
@Fernando
1.
උඹලගේ මී මුත්තල මේ රට DIVIDE & CONQUER ක්‍රමේට
ගේම දෙන විදියට,
මේ රටේ බහුතරය වන සිංහලයන්ට වඩා දෙමල සහ මුස්ලිම් ඇත්තන්ට බලය ලැබෙන ලෙස,
දෙමල අයගේ සිංහල යට වඩා තිබුන අඩු කුලේ ඇත්තන් මර්දනයද ප්‍රයෝජනෙට ගනිමින්,
වැඩිපුර ඒ අයව ක්‍රිස්තියානි,කතෝලිකයන් බවට හරවමින්,මිෂනාරි පාසල් කොළඹට වඩා යාපනයේ සාදමින්,
මේ රටේ සමතුලිතතාවය බිඳෙන විදියට
රට පාලනය කළා.
එනිසා මේ රටේ සිංහල දෙමල මුස්ලිම් ජනයා නියෝජනය කිරීමට
සුද්දෝ පත් කලේ එක හෙන්චය්ය බැගින් මන්ත්‍රීන් තුන් දෙනෙක් පමණයි!
ඒක අසාධාරණය කියල ‘හුචක්කු පෞරශේ’
සහ උඹල
එකල උඩ පාන්නේ නැනේ.
2.
ඊට පස්සේ සර්වජන චන්ද බලේ
මේ රටට දෙන්න වන විට
සිංහලයන්ගේ මන්ත්‍රී නියෝජනය වැඩි වෙන බව දුටු
පොම්න්නම්බලම් 50 ට 50 නියෝජනය ඉල්ලුව,
බාගයක් මන්ත්‍රී නියෝජනය දෙමල ඇත්තන්ටත්,
ඉතුරු බාගේ බාසා තුනේම නියෝජනයට බෙදීයන ලෙසත්!
එතරම් බල අසමතුලනයකට,
දෙමල ලොක්කනව බලයට ඇබ්බැහි කරලා තිබ්බ
සුද්දෝ.
ඒකට විරුද්දව සිංහලයන් උඩ පැන්නා,සර්ව ජන චන්ද බලේ දුන්න,
ඔන්න තමිල් අරසු කච්චි කියන ප්‍රථම ජාතිවාදී පක්ෂය ඇති වුනා.නැවතුනේ නන්දිකඩාල් ගොහින්.
4.
ඔය අතරට උඹ කියන,
සිංහලයෙක්ට වඩා ලොකු SCORE එකක් දෙමළෙක් හරි මුස්ලිම් එකෙක් හරි,
තැනකට එන්න නම්,
ගන්න ඕන කියන තර්කයත් ආව.
ඒක උදාහරනෙකට කියනවා නම්,ඒක මුරලිගෙන් බොරු වුනා.
සම බිමේ,එළිපිට,දස්කම් දක්වා මේ රටේ ජාතික ක්‍රිකෙට් කණ්ඩායමට,
මුරලිලා වගේ දක්ෂයෝ 11 ක් ආවත්,මන් අත්පුඩි ගහනවා,
මේ අපේ ජාතික කණ්ඩායම කියල,බොක්කෙන්ම.
ඒක තමයි
මගේ සහ අපේ
‘සිංහල තෙරවාදී’ බොදු කම.
Well-loved.
5
Promoting nonesense is part and parcel of modern life. We need to understand the reality not the philosophy. Let us make avail the basic rights to Monks to enjoy the basic human values and expectations. The fact is that the author Ven. Upulvehera himself is living just under the impression that he has adopted the true paths of Lord Buddha. Lord Buddha never preached to divert the minds of the people to guartantee one’s own interest. To become a free man one’s basic needs to be duly fufilled. Majority of the Buddhist Monks have clarified and declared their positions and only a small number yet to follow.
@Chinthaka
උඹ හොඳය කියල කියපු උදය ගම්මන්පිලතුමන් විසින්,
අද ඉරු දින මව්බිම පත්තරේ 12 සහ 13 පිටුවලින්,
උඹ ඔලුව උඩ තියන් ඉන්න,
සඟ රුවනට පාර්ලිමේන්තු පනත් වලින් නීති ගෙන්න හදන එකා ගේ
රෙදි ගලවා ඇත.
පුළුවන් නං ඒවාට උත්තර දීපන්.
ඈ බං මාතර,
කව්ද ඔය උඹ හැම වෙලාවේම උත්තර බඳින චින්තකයා??
එහෙම එකෙක්ගේ කොමෙන්ට් එකක් පහල පේන්න නැනේ…
ඔය සහන් ප්‍රනාන්දු වාගේ අපේ සිංහල බොදු කමට විරිත්තන ගොබිලෙක් ඉන්නවා ලංකා සී නිවුස් වල.මට හිතෙන හැටියට මාතර ආතර ලියන්නේ එයාට වෙන්න ඕන.
lanka cyber news
බුදු දහමේ යථාර්තය ගැන හොද ලිපියකි,,බොහෝ පින්..!
ඇත්ත වශයෙන්ම බුදු දහම ,යනු මේ පවතින ස්වභාව දර්මය නියම ලෙස දැකීමය..ඒ ලෝකය පාලක ය වීම නොවේ.
අප ලෝකය ලෙස ගෙන තිබෙන්නේද වැරදි අර්ථයකි..මේ පන්චේන්දරයන් සහ මනස ලෝකයයි.මනසින් ලෝකය අප සාදාගන්න නිසා දුකට පත්වේ.
මේ ඉන්දර්යන් වසාදමා මනස ,ශුන්‍යත්වයට ගත යුතුවේ..මෙය ම මෙහි දුෂ්කරම කාර්යකි .
මේ ලෝකය කියන මතිමතාන්තර(ශාශ්වත,උච්චේද,කාම සුකලිකානු,අත්තකිලමතානු…මෙකී නොකී ) නිසා මනස වැසි ,අවිද්‍යාව නිසා සංසාරයේ දුකට පත්වෙයි.
බුදුන් වහන්සේ පවා මේ ව නිසා වසර ගන්නවා දුකට පත්වුහ.උන්වහන්සේගේ පිවිතුරු දහමේ මේ කිසිවක් නොමැත.ආර්ය අෂ්ටන්ගික මාර්ගයත් ගිය පසු අතහැරිය යුතුය.
සියල්ල අත්හැරීම නිර්වාණයයි.අවදයිත්යි.පරම සුවයයි.
Fernando
Fernando says ‘අනික ඔය නන්ස්ල අම්ම ,තාත්තා නෑති ලමයි බලාගන්න වගේ වෑඩක් ඔයාලගෙ අය කරනවද.කලොත් එතන සිද්ද වෙන දේවල් ලියන්න මේක මදිවේවි’.
‘ලින් මැඩි’ පරනන්දුවෝ,
එංගලන්තේ අනාත ලමා නිවසෙක ප්‍රධාන Nun පිරිමි ළමයින් නාවපු විදිය,ඒ පිරිමි ළමය ලොකු වුනාට පසු මේ පොතේ කතුවරයා වී කියන හැටි බලාපිය මේ පහල උඹට දැන ගන්න ලියා ඇති පොතෙන්.
මේ පොතේ තියෙන ඒවා කිසිම දිනෙක ලංකාවේ නම් අහන්න ලැබුන ඒවා නෙවී.
කාමාපචාර එලිවීමෙන් පසු,ඇමෙරිකාවේ ප්‍රන්සේ එංගලන්තේ ඉතාලියේ පූජක / පූජිකාවන්ගෙන් (සහ ඉස්කෝලවල ගුරුවරු / ගුරුවරියන් ගෙන් පවා) අපචාරයේ යෙදුන ළමයින්ට ලොකු වුනාට පසු තාමත් වන්දි ගෙවනවා, පල්ලි වලින්.
සමහර විට ඒවා එලි වෙන කොට එම පූජක / පූජිකාවන් නාකි වෙලා වල පයයි ගොඩ පයයි.සමහර විට දැන් අනාත ළමයින්ට වෙන අපචාර වලට තව අවුරුදු ගණනකින් ඒවා එලි වුනාම ගෙවාවී.
Nobody Came
The appalling true story of brothers cruelly abused in a Jersey care home
Robbie Garner (Author), Toni Maguire (Contributor)
@ජයවේවා
පුලුවන්ද මේකට සිංහලෙන් රැප් තනුවක් හදන්න,
අපේ සනාට ඉන්දියාවේ ගොස් ගයමින් නටන්න!.
සින්දුවේ නම,’අපිම තමයි’!!
1.
1815 වෙන් පස්සේ,මාතර සඟ ලොකු තැනට විරුද්දව ගාල්ලේ සඟ ලොකු තැන කෙටවීම අරමුණු කර ගෙන,(DIVIDE & CONQUER POLICY)
එක පන්සලක් පමණක් දියුණු කිරීමට
සහ මුළු දකුණු පළාතේ සඟ නායක පට්ටමක් ඒ පන්සලේ සඟ නායකට දීමට,
එංගලන්තේ ලොක්කන්ගෙන් Funds ඉල්ලලා ලියුම් ඇරියේ
අපිම තමයි.
(අර LONDON කව්තුකාගාරේ අරක් ගෙන ඉන්න බූරුවෝ ටික,
අඩු ගානේ අපේ ‘සායම’ බේරන්න වත් කියල,
ඒ ලියුම් විනාස නොකර,
තාමත් සංරක්ෂණය කරනවනේ!)
2.
රාවතාවත්තේ ළමා අපචාර කේස් එකේ,
‘බොරු චෝදනා’ කල එකයි,
චෝදනා ලබපු එකයි,
දෙන්නගෙන් එකෙක් වත් තවම හිරේ යවන්නේ නැති විදියට
බේරාගත්තේ,
එහෙම නූල් සූත්තර දන්නා,
අපිම තමයි.
3.
ඒ නූල් සූත්තරේ තමයි,
ඕවට නඩු අහන්න යන කාලේදී ඒ ළමයි බලා ගන්න පාලක පාලිකාවන් ගේ ආත්ම ගරුත්වේ බිඳිලා
උන් අස් වුනාම,
ඒ ළමයි බලා ගන්නේ කවුද කියන එක.
හැබැයි 1989 අල්ලලා මානව හිමිකම් කඩකරමින් එලෝ ඇරිය නායකයන්ගේ
මානව හිමිකම් නඩු අහන්න ඕන නෑනේ කියා
සද්ද නැතිව හිටියෙත්
අපිම තමයි.
4.
නමුත් 2009 නන්දිකඩාල වල
අල්ලලා එලෝ ඇරිය එවුන්ගේ
‘සුදු කොඩි කතාවේ’ නඩුව නම් අහන්නම ඕන හොඳේ,
කොච්චර කල් ගියත් කාරී නෑනේ
සහ ඒ නඩු ඇසීමෙන් කාගේ මොන උලව්වක් බින්දෙන්නද කියා කීවෙත්
අපිම තමයි !?
5.
‘කුඩු දුමිය’ ගැන තවම
සද්ද නැතිව ඉන්නෙත්
අපිම තමයි!
6.
මේ රටේ සන්ගයාගේ,
කුල බේදේ මත පදනම් වුන-නිකාය බේදේ
‘වහාම තහනම් කරව්’ කියල නීතියක්,
පාර්ලිමේන්තුවට යෝජනාවක් ලෙස ගේන එක
වලක්වන්නෙත්
අපිම තමයි.
7.
මේ රටේ සිංහලයන්ටවත් නැති ‘ආත්මගරුත්වයක්’
දෙමල සහ මුස්ලිම් ජනයට දියව්,
උතුර නැගෙනහිර පමණක් එක කරව්,
ඉඩම් පොලිස් බල දියව් කියමින්,
‘අපේ බටහිර රටවල’ ප්‍රධාන බසට සහ ආගමට ඉතිහාසෙන් ලැබී ඇති හිමි තැන,
එසේ මේ රටේද ලැබීමට විරුද්දව,
මේ රටේ දෙමල සහ මුස්ලිම් ඇත්තන්ව
කුලප්පු කරන්නෙත් අපිම තමයි.
අස්ගිරියේ ලොකු හාමුදුරුවනේ,
1.
කුලේ නිසා මුලා වී
සාදන ලද නිකාය බේදේ
ඔබතුමාට හෝ
එම ‘කුලේ නිසා මුලා-නිකායේ’නායකත්වයට
ඔබතුමා ගැලපේද?
2.
නිදහස් අද්යාපනයට විරුද්දව එකල අගමැති ඇතුළු,බහුතර පල්ලි පිල්ලි,
මේ රටේ බහුතර බික්සූන් විසින් නිදහස් අද්යාපන අරගලයට අත ගැසීම දේශපාලන වැඩක්ය,
එනිසා එය බික්ෂුන්ට අකැපය කියා
කුලප්පු උඩ පනින විට,
මේ රටේ පුරවැසියන්ගේ පොදු යහපත වෙනුවෙන්,
තම සීලය කඩා නොගෙන,
පරාර්තකාමිව කරන,
ඕනෑම වැඩ පිළිවෙලකට ‘දේශපාලනය’ හෝ
වෙන මොන නමක් යෙදුවද,
එම වැඩ පිලිවලේ යෙදීම,
මේ රටේ භික්ෂුන්ට සුදුසුමය යන යක්කඩුවේ පඥාරාම හිමියන් ගේ ප්‍රකාශයට,
ඔබතුමාගේ එකල හිටි ලොකුතැන් සම්බන්ද නැතය කියා
අගමැතිට සන්දේශයක්
ඊට පසු දින යවන ලද කතාව ඇත්තද?
3.
කුල බේදේ මත පදනම් වූ නිකාය බේදේ
තහනම් කල යුතුය කියා
‘හුචක්කු පෞරශේ ‘පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවොත්,
මන් නම් ඒකට බොක්කෙන්ම බක්තිය දෙනවා.
ඔබතුමාත් එම යෝජනාවට සහය පලකරනවද?
නිකාය බේධයට ගිහි සමාජයනම් දැඩි ලෙස විරුද්ධයි. මේ ප්‍රශ්නයට ඇති ඡන්ද බලන්න.
https://www.facebook.com/groups/194075563979436/permalink/373111066075884/
සියළුම නිකායන් එක් වීමට දැන් කාලයයි.
හැබැයි මේ දිහා බලන අන්‍යාගමිකයින් මෙය යොදා ගනිමින් පහර ගහන්න හදනවනම් අපිට කියන්න තියෙන්නේ සමහර ආගම් වල එක් එක් නිකායන් මරා ගන්නව. මැදපෙරදිග එකිනෙකා මරා ගන්න ප්‍රධානතම නිකායන් දෙක දන්නවනෙ.
ඒත් හුදු චාරිත්‍ර වාරිත්‍ර මත පමණක් පදනම් වූ නිකායන් පමණයි බුදු සසුනේ පසුකාලීනව ඇතිවුණේ, නිකායන් මත කවදාවත් යුද්ධ ගැටුම් බුදු සසුනේ ඇති වී නැත.
බුදු සසුනේ ඔය කියන කුලබේදයක්වත් නිකාය බේදයක්වත් නෑ.ගිහිසමාජය තවමත් අවාහ විවාහ වලදී කුලය බලනවා.ඒත් යන්තමින්.වෙනත් සුදුසුකම් ලොකුනම් කුලේ කැලේ.බුදු අම්මෝ සිංහල සංඝ සමාජයේ කුල බේදේ කිය කියා කෑගසන්නේ එන්.ජී ඕ කාරයන්.එහෙම කරනවාට ඒ අයට මුදල් ලැබෙනවා.හා ඔහොම බේදයක් නාමිකව තියනවා කියමු.බටහිර රටවල රෙපෙරමාදු පල්ලියක් ලගින් ගියත් කතෝලිකයාට මරනයයි.කතෝලික පල්ලියක් ලගින් යන රෙපෙරමාදුවාට ද මරනයයි.මැද පෙරදිග සුන්නි ශියා ගැටුම ගැන කිව යුතු නැත.බටහිරයා මේ ප්‍රශ්නය දකින්නේ උගේ බලු දෘෂ්ටියෙන්.ඒකයි ගැටලුව
ඉතාමත් අගනා ලිපියක් ස්වාමීන් වහන්ස. මෙවන් ලිපි තවත් ගෙන හැර පා බෞද්ධ අපට බුදු දහමේ ආළෝකය ලබා දීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා.
//බොහෝ අන්‍ය ආගමික සිද්ධාන්තයන්හි දක්වන පාරගූත්වයන් මරණින් පශ්චාත් ව ලැබෙන්නකි. මරණින් පශ්චාත් ව පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වන දෙය ප්‍රතිබද්ධව ඔහුට ප්‍රත්‍යක්ෂමය වූ අවබෝධක් නොමැත. එහෙයින් එය පුද්ගලයා සාංසාරික වශයෙන් අන්තරමාර්‍ග කරවන සුළු ය. නමුත් බෞද්ධ නිර්වාණ ධාතුව වනාහි මෙලොව දී ම දැන දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්ක කි.//
එය ඉතාමත් වටිනා ප්‍රකාශයක් ලෙස මා දකිනවා. සතිපට්ඨාන සූත්‍රයෙන්
“…යම් කිසිවක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවූරුද්දක් හෝ සත් දවසක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙළසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණිම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමති විය යුතුය…”
බුදු දහම යනු ප්‍රායෝගික දහමකි, බල කිරීමක් හෝ භීතියට පත් කිරීමක් නැත. “එව බලව” ලෙස විග්‍රහ වන්නේ කැමැත්තන්ට එහි හැසිරී මේ භවයේදීම ප්‍රතිඵල ලබා ගත හැකි නිසයි.
Well-loved.
9