ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම

බුදුරදුන් ශ්‍රී ලංකාවේ ඉපදුනා යැයි ව්‍යාජ මතයක් පතුරුවන, ඒ ගැන විමසීමක් කළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී අමු තිත්ත කුණුහරුප කියමින් බැනවැදුන සහ බුදුරදුන්ටත් බරපතල ලෙස අපහාස කළ හොර මහාචාර්ය ජයන්ත පතිර ආරච්චි නැමැති පුද්ගලයා යනු 2009 වසරේදී රිමාන්ඩ් කළ අයෙක් බව මීට පෙර සිංහල බෞද්ධයා ෆේස්බුක් පි‍ටුවෙන් හෙළි කළෙමු. එම රිමාඩ් කිරීමට හේතු වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය සම්බන්ධ ඉතිහාස කතා “අසැබි ලෙස” විකෘති කිරීමයි. පහත දැක්වෙන්නේ ඒ ගැන 2009 අප්‍රියෙල් 29 දින දිවයින පුවත්පතේ පළවූ පුවතයි.

නමුත් යළිත් මේ පුද්ගලයා, සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේගේ උපන් බිමත් වෙනස් කරමින්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිකැළැල් චරිතයටත් බරපතල ලෙස අපහාස කරමින්, උන්වහන්සේට ඉතාමත් ද්වේශසහගත ලෙස පරුෂ වචනයෙන් බනිමින් හිත් පිත් නැත්තෙක් සේ හැසිරෙන අතර, අපගේ ශ්‍රේෂ්ට සිංහල ඉතිහාසයෙන් නොසෑහී ඊනියා සුරංගනා කතන්දර විශ්වාස කරන්නන් ඔහුගේ කුමන්ත්‍රණය හඳුනාගැනීමට නොහැකිව මුලා වී ඇත.

මෑතකදී ජයරත්න පතිරන ආරච්චි නැමැත්තා නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට ලබා දුන් දුරකථන ඇමතුම ඔහුම පටිගත කරගෙන ඇති අතර ඔහුගේ ඇමතුමේ අසභ්‍ය කොටස් බැලුම්ගල වාර්තාකරුවන් කපා හැර ඇති නිසා ඔහුම යු‍ටුයුබ් වෙත අප්ලෝඩ් කර ඇති බව පෙනෙයි. පහත වීඩියෝවේ අමා මෑණියන් වහන්සේට ගරහන ඉතාමත් දරුණු ගනයේ ප්‍රකාශයන් ඇති බැවින් එය සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් ඉදිරිපත් කිරීමට සිදුවීම ගැන මම ඉතාමත් කණගා‍ටු වෙමි. නමුත් ඔහුගේ ඊනියා ඉතිහාස කතන්දර වලට මුලා වූ පිරිස් යළි යළිත් ඔහුගේ බේගල් සෙල් ලිපි සහ කෙප්ප හුවා දක්වමින් අප සමග වාදයට එන නිසා ඔහු කවුරුන්දැයි හෙළි කිරීමට සිදුවිය.

අවසානයේදී අන්‍යාගමික අන්තවාදීන් උපක්‍රමිකව බෞද්ධයින්ට ඇති ශ්‍රද්ධාවත් විනාශ කිරීමට කටයුතු කරන බව වරක් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ වදාළ බව මා හට මතකය. එහිදී ඔවුන් නැති ඉතිහාසයක් වෙනුවෙන් ජනතාව පොළඹවන අතර, ඔවුන් පසුපස යන්නෝ, බුද්ධාගම හැරපියා ඉතිහාසකාමය තම ආගම කරගනිති; බුදු දහම අවබෝධ කරගැනීම පසකලා, පිරිසිදු බුදු දහම පැත්තකින් තබා අන්තිමට බුදුරදුන්ටත් ගරහමින් බොහෝ අකුසල් ‍රැස් කරගනිති.

සමහර රටවල් වල එම ආගමේ නායකයාට කවරෙක් හෝ මෙලෙස පරිභව කළහොත් වෙන දේ ඔබට මා අමුතුවෙන් කීමට අවශ්‍ය නෑ. නමුත් බෞද්ධයින් වන අපි එලෙස නොහැසිරෙමු. ද්වේශය නිසාම තමන්වහන්සේගේ මූණටම පරිභව කළ තීර්ථකයින්ගේ පරුෂ වචනයන් ඉවසා වැදෑරූ, ඉවසීමේ ප්‍රතිමූර්තිය වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයට අපි හැම විටම අවනත වී සිටිමු.

නමුත් රටේ නීතියක් තිබේනම් එය ක්‍රියාත්මක විය යුතුයි නේද? ඔබ බෞද්ධයෙක් වූ පමණින් ඔබගේ දෙමාපියන්ට කවූරුන් හෝ ඔය ආකරයෙන් කුණුහරුපයෙන් බනිද්දී නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොගෙන ඔබ ඉවසනවාද? ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ ලා ‍රැක ගන්නා බවට ප්‍රතිඥා දී තිබියදීත් ජයරත්න පතිරනආරච්චි නැමැත්තාට විරුද්ධව තවමත් පොලීසියෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනෙන්නේ කිසියම් අදෘශ්‍යමාන හස්තයකින් මොහුව ‍රැක ගන්නා නිසාද?

මීට මාස කීපයකට පෙරදී එක්තරා අන්‍යාගමිකයෙක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන තිබූ අවස්ථාවේදී නෙත් එෆ් එම්, අප ඇතුළු ජාතිමාමක පාර්ශවයන් මගින් එය හෙළි කරද්දී කිව්වේ මෙය අවසානය නොවන බවත්, ඉදිරියේදී අන්‍යාගමිකයන්ගෙන් දොළ පිදේනි ලබන්නන් අවසානයේදී අපගේ තිලෝගුරු භාගයවත් බුදුරජානන් වහන්සේටත් ප්‍රසිද්ධියේම ගරහන බවයි. මේ ඇස් පනා පිටම වී ඇත්තේ එය නොවේද? සිංහල බෞද්ධයෙනි, තවත් මාස කීපයකින් මොවුන් එකතු වී ප්‍රසිද්ධියේ බුදු පිළිම පිළිම වහන්සේලාගේ ශිර්ෂ කුඩු පට්ටම් කරන තුරුද බලා සිටින්නේ? බුදු දහම නිසා ඔවුන්ගේ ඊනියා ඉතිහාසය විකෘති වී ඇති බව කියමින්, ඔවුන් එක් වී සමාධි පිළිමය තොළුවිළ පිළිමය ගල් විහාරයේ බුදු පිළිම ඩෝසර් කරන තුරුද මේ අප බලා සිටින්නේ?

ජයරත්න පතිරන ආරච්චිගේ ජන්බුද්වීප කෙප්පය ප්‍රචාරය කරන අනෙක් තැනැත්තා වනුයේ, මීවනපළානේ සිරිධම්මාලංකාර නැමැති චීවරධාරියෙකි (චීවරය දරන්නෙකි). පොසොන් උත්සවය පැවැත්වීම වැඩකට නැති දෙයක් බවත්, සිල් ‍රැකීම බොරු වැඩක් බවත්, අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය බුදුරදුන් බුද්ධත්වයට පත් වූ ඇසතු බෝ රුකේ පැළයක් නොවන බවටත්, බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බවත් ගල් පැලෙන මුසා බස් කියමින් ශාසන ඉතිහාසය විකෘති කරන මීවනලපානේ සිරිධමමාලංකාර චීවරධාරියා ගැන බැලුම්ගල වැඩසටහනින් මෙලෙස හෙළිදරව් කර තිබුණි.

බලන්න තම ගුරු හාමුදුරුවන් වහන්සේ කවුද කියා කීමත් ඔහු මගහරින හැටි. පහත දැක්වෙන්නේ පූජ්‍ය වහරක අභයරතනාලංකාර හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශයකි. මෙය උපුටාගත්තේ මෙතැනිනි.

බෞද්ධ අපි කිසිදු විටෙකවත් ප්‍රචණ්ඩත්වය තබා පරුෂ වචනයෙන් බැනීමවත් අනුමත නොකරමු, (හිතට එන ආවේගය නිසාම සමහරුන් අර පුද්ගලයින්ට පරුෂ වචනයෙන් බැන කොමෙන්‍ටු තැබුවොත්, බෞද්ධ අඩවියකට එවැනි දෑ නුසුදුසු බැවින් ඒවාද අනුමත නොකරන බව කාරුණිකව සලකන්න.) එසේම ජන්බුද්වීපවාදීන් සමග ජම්බුද්වීපය කොතැනදැයි මෙතැන වාද කිරීමටද අදහස් නොකරමු. එනිසා මේ ලිපියේ මූලිකම අරමුණ වූයේ එවන් ඊනියා ඉතිහාසාගමිකයින්ට සහ කුමන්ත්‍රණකරුවන්ට ‍රැවටී සිටින අයට ඔවුන්ගේ සැබෑ තතු හෙළි කර දීමයි. “නැති හකුරට නාඩන්නේ, තිබෙන හකුර ‍රැක ගන්නේ” කියා පැරණි කියමනක් ඇත්තේ පැ‍රැන්නන්ට කට කහනවට නොවේ.

4600
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

31 comments to බුදුරදුන්ට පරුෂ වචනයෙන් බනින ජයරත්න පතිරආරච්චි සහ දුස්සීල සමාගම

  • විෙජ්සිරි

    අෙන් මන්ද හයෙගාල්ෙලිත් ක=ණුහරැප කතාකරනවද මන්ද කරන්න තිෙයන ෙදයක් කරන්ෙන නැතිව කියව කියව ඉන්නවා . පුඵ”වන්නම් විවෘතව සිංහල ෙබෘදධ ජනකාවට අාරාධනා කරන්න නැවතත් සිංහල ෙබෘද්ධ රටක් ෙගාඩනගන්න.

    කියනන් ෙබාෙහා්ම ෙදවල් තිබියදියි ෙමක ෙකටිෙයන් ලියන්ෙන ෙනාකියු ෙදවල් ගැක සිතාගන්න

    Thumb up 1

  • Thilaka Randeni

    මට ඊයේ හම්බ උනා ජම්බුද්වීපය තියෙන තැන. ඔයාලත් දැක සංවේගය ඇති කර ගන්නකො.

    …මාගම් පත්තුවේ තිස්‌ස මහා වෙහෙර, සමන්තකූට පර්වතය පිහිටුවා වදාලා වූ දෙසිය දොළහක්‌ මඟුල් ලකුණු ඇති සමන් දෙවියන්ගේ ආරාධනාවෙන්
    මේ ජම්බුද්වීපයේ සෙන`ග වැද පුදා ගත්තාවූ සමන්ත කූට පර්වතයද යන මෙකී ස්‌ථානද රුහුණු රටට ඇතුළත් වන්නේය.. :ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්රීථ සිංහලේ කඩයිම් සහ විත්ති – 1*
    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්යාලයේ ඇති 277881(2)පුස්කොල පොත.
    මෙම පුස්කොල පොත් වර්ෂ 700 ක් පමණ පැරණිය.

    Thumb up 2

  • Thilaka Randeni

    බුදු හාමුදුරුවෝ කොහේ ඉපදුණාම බෞද්ධයාට මොකද?බුදුහිමි දෙසුවේ ධර්මය දකින ලෙසය. අද බෞද්ධයාට දකින්න ඕනම නැති දේ ධර්මයයි. ඔය ස්ථාන 4 දැකලා සංවේගය පහල කර ගත්තාම නිවන් අවබෝධ වෙයිද?
    එක් මහතෙක් මගේ ඉල්ලීමට, අන්තර් ජාලය සිසාරා, ඔරිස්සා පුරා විiාඥයන් පිරිසක් 2004 මැයි 24 වෙනි දින නිකුත් කළ වාර්තාවක් සොයාගෙන ගත්තේය.(The real birth place of Buddha yesterday’s Kapilavastu, today’s Kapilaswar – Ajith Kumar Tripathy) http://www.thilakarandeni.lk වෙබ් අඩවියට පිවිස බලන්න ඒ අනුව අශෝක රජ රුමින්දායි සෙල්ලිපිය පිහිටවූ තැන බුදු හාමුදුරුවෝ ඉපදුණේ නැති බව සොයාගෙන ඇත.
    අජිත් කුමාර ටි‍්‍රපතිට අනුව නම් මේ බොරුව කර ඇත්තේ අශෝක රජු නොවේ. ඒ නිසා අශෝකට චෝදනා නොකළ යුතුය.

    Thumb up 3

  • මාතර ආතර

    ‘කුඩු දුමියා’සැමරේ

    ජුලම්පිටියේ අමරේ

    වැල්ලේ ගැසූ බඹරේ

    කැරකෙන ලනු ඇඹරේ

    Thumb up 3

  • මාතර ආතර

    @Chinthaka

    මේ Facts ගැන උඹ නිස්සද්ද මොකද?
    1.
    Chinthaka says ”සිංහල – දෙමල එකට ජීවත් වෙන්න (සැබවින්ම විය යුතු ලෙස) සැලසුම් කෙරෙන..”Chinthaka

    තේසවලාමේ නීතිය
    උඹට
    නැති කොරන්න පුලුවන්ද?

    2.
    ප්‍රශ්නේ තියෙන්නේ
    සුද්ද විසින් DIVIDE & CONQUER ක්‍රමේට පාලනය කරන්න
    වැඩි අද්යාපන පහසුතා යාපනයට දීමයි.

    ඊට පස්සේ උසස් පෙලට තිබුන ප්‍රයෝගික පරීක්ෂා / සම්මුඛ පරීක්ෂණ /
    දෙමල රචනා මාදිලියේ උත්තර පත්‍ර දෙමල ගුරුවරුන් පමණක් විසින් ලකුණු දීම්
    ආදියෙන් ඇති වුන
    පක්ෂග්රාහිත්වය,

    1971 ට පෙර වෛද්‍ය සහ ඉංජිනේරු පීට වලට,
    මේ රටේ 12% ඉන්න දෙමල සිසුන්
    අසාමාන්‍ය ලෙස 50% දක්වා වැඩිවීමෙන් පෙන්නුම් කලානේ.

    නමුත් එවන් අසාමාන්‍ය ලකුණු ගැනීමක්
    විශ්ව විද්‍යාල වලට ඇතුළු වුන පසුව
    දෙමල සිසුන් පෙන්නුම් කලේ නෑනේ.

    ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස 1973 ඉඳන් බාසා මාද්‍ය-ලකුණු ප්‍රමිතිකරණය ඇති කරලා,
    මෙම අසාධාරණය රජය විසින් නවතා දැමීය.

    මට මතක හැටියට එයින් 3% ක් පමණක්
    කලින ඇතුළුවුන මුස්ලිම් සිසුන්ගේ
    ඇතුළුවීම 8% දක්වා වැඩිවිය.

    ලංකාවේ 1973 සිට
    ප්‍රමිතිකරණයෙන් කළා සේ,
    London ,New Yolk ,Sydney වල

    ‘subjective සම්මුඛ පරීක්ෂණ’ තියල
    සුද්දෝ අන්තිමට කරන්නේ,

    සුදු පොඩිවුනට වඩා කට පාඩමට දක්ෂ නිසා
    වැඩියෙන් ඉන්දියානු චීන සිසුන් එන එක වලක්වන්න
    ජන අනුපාතෙට අනුව
    සිසුන් තෝරණ එක නොවේද?

    මේකට හොඳම උදාහරණ තමයි,
    සම්මුඛ පරීක්ෂණයෙන් පමණක් අසමත් වී
    වෙද පීට වලට නොතේරුන සිසුන්,
    සම්මුක පරීක්ස්හනෙන් නොතේරුන හේතු,
    FEED BACK කරන්නය කියල ඇහුවම,
    එම සිසුන්ට
    උන් එවන ලියුම.
    ”අවාසනාවකට,තරඟකාරීත්වය වැඩි නිසා,ඔබ සම්මුඛ ප්රීක්ස්හනෙන් නොතේරුනි”
    ඔන්න සුද්දන්ගේ objective feedbacks!

    මේවා fiction නොවේ,facts.හොඳේ.

    3.
    Chinthaka says ” ප්‍රශ්නයක් දුප්පත් සහ මධ්‍යම පාන්තික දෙමලාට සම පන්තියේ සිංහලයගෙන් තිබුනා…”

    ඒ මොකක්ද?

    (Facts දීපන් Fiction නොවේ.)

    4.
    Chinthaka says ”කාගෙවත් කරුණාව මත නෙමෙයි ඒවායේ වැඩ සිද්ධ වෙන්නේ… තමන්ගේ අයිතිවාසිකම් මත… I pay for my doctor or my tax money , So I deserve the best possible treatment . එච්චරයි..’.

    බටහිර රටක වේද පීඨ වලට සිසුන් තේරීමේදී,
    සම්මුඛ පරීක්ෂණ වලින් අනාගතේදී ,
    ”මේ සිසුව ඔය වගේ අල ඩොකෙක් වේවිද” කියා සොයා ගැනීමේ
    ‘අංජනම් බලන ක්‍රමයක්’
    බටහිර රටවල වෙද සිසුන් තෝරණ
    ‘සම්මුක පරීක්ෂණ’ වල නැත.

    එම නිසා ජන අනුපාතෙට සිසුන් තෝරණ ක්‍රමේ ගැන අපේ සාකච්චාවට, මෙය අදාළ නැත.

    ඇරත්
    මේ රටේ දෙමල / මුස්ලිම් ප්‍රදේශ වල
    සමහර
    දෙමල / මුස්ලිම් බටහිර ඩොකාල
    ලෙඩුන් කෙරේ හැසිරීමත්
    ඔහොමය.

    ඒ කෙසේ වෙතත්
    උඹ එරිසියාවෙන් බනින,
    මේ රටේ බටහිර ඩොකාල අතර,
    දුප්පත් අහිංසක ලෙඩ්ඩුන්ට ගෙම්බර් දාන්නේ නැති,
    සල්ලි පස්සේ නොදුවන,
    දෙවියන් වන් සිංහල දෙමල මුස්ලිම් ඩොකාල සිටී.

    වරක් මගේ පන බෙරුවේද
    එවන් එකෙකි.

    5.
    Chinthaka says ”අපේ කට්ටියට Medicinal පැත්ත කරගන්න පුළුවන් උනාට patient management පැත්ත nil. ලංකාවේ වගේ ලෙඩ්ඩුන්ට පාර්ට් එක දාන් එහෙ වෙදකම් කරන්න බෑ ගොයියෝ… ලෙඩෙක්ට කතා කරන විදිය, එහි තිබෙන නිරවුල්තාවය, කරුනිකකම, possible law suits ගැන දැනුම සහ ලෙඩෙක්ගේ ප්‍රශ්නයට ඇහුම් කන්න දෙන්න පිළිවන් වීම ආදී නොයෙක් දේවල් exmine කරනවා… ඉතින් ලංකාවේ වගේ මම තමයි බුවා කියන් ගියොත් ඔක්කොම හබක්… A lot of hard work to be put forward.. ඉතින් ඒ වගේ දේකින් ගුණාත්මක බව වැඩිවෙන්නේ නෑ කියන එක කුහකකමක් බං…”

    ඔය කියන එකම ගුණාත්මක බවක් වත්,
    බටහිර රටවල
    සිසුන් තෝරණ සම්මුක පරීක්ස්හනෙන්
    සොයා ගන්න බැරිය.

    එහෙම පුළුවන් නම්,
    බටහිර රටවල පැකල්ටියට නොතේරුන සිසුන්,
    සම්මුඛ පරීක්ෂණයෙන් පමණක් අසමත් වී වෙද පීට වලට නොතේරුන විට
    සම්මුක පරීක්ස්හනෙන් නොතේරුන හේතු,
    FEED BACK කරන්නය කියල ඇහුවම,
    එම සිසුන්ට උන් එවන ලියුම,
    ”අවාසනාවකට,තරඟකාරීත්වය වැඩි නිසා,ඔබ සම්මුඛ ප්රීක්ස්හනෙන් නොතේරුනි” කියා එවීමන්
    පෙන්නුම් කරන්නේ,

    අන් කිසිවක් නොව,

    ‘subjective සම්මුඛ පරීක්ෂණ’ තියල
    සුදු පොඩිවුනට වඩා කට පාඩමට දක්ෂ නිසා
    වැඩියෙන් ඉන්දියානු චීන සිසුන් එන එක වලක්වන්න
    ජන අනුපාතෙට අනුව
    සිසුන් තෝරණ එක
    නොවේද?

    6.
    ඇරත්
    උඹ ඔය ඉරිසියාවෙන් බනින,
    සම්මුක පරීක්ෂණ නොතිය
    මේ රටේ පැකල්ටි වලට තේරුණා වූ,
    මේ රටේ ඩොකාල,

    පස්චාත් උපඩිය ගන්න
    බටහිර රටවලට ගියාම,
    උඹ කියන සුද්දෝ වැඩ කරන විදියටම
    වැඩ කරනවාය.

    ඒ නිසා අපේ ඩොකාල සම්මුක පරීක්ෂණ වලින්
    පැකල්ටි වලට තේරුනේ නැතත්,
    සුදු ඩොකාල වගේ
    ඒ රට වලදී වැඩ කරන්න
    අපේ දොකලට පුළුවන්ය.
    බැරි නම් උන්ව ඒ රටවලට වැද්ද ගන්නේද නැත.

    ඊට පසුව ඒ ඩොකාල
    නැවත මේ රටට පැමිණ,

    අල වැඩ කරමින්
    සමහර ඩොකාල
    දුප්පත් අසරණ ලෙඩ්ඩුන්ට ගෙම්බර් දාන එක,
    අපේ ලෝකේ සාම රටකම
    ජන අනුපාතෙට පැකල්ටි වලට සිසුන් තෝරණ සාකච්චාවට
    අදාළ නැත.

    Thumb up 0

  • මාතර ආතර

    විජේදාස මහත්තයෝ,

    ථෙරවාදී බුදු දහම රැකීමට සිටින මේ රජය,
    බුදු බණට සම්පූරනයෙන්ම විරුද්ද කුල බේදය මත පදනම් වුන,
    නිකාය බේදය සහ එම නිසා එහි නායකකම්,

    වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසිය කියල

    පාර්ලිමේන්තු පනතක් ගෙනාවොත් නම් ඔන්න,
    ඔහේ නියම මහත්තය,
    එහෙමනම් මගේ භක්තිය ඔහෙට,බොක්කෙන්ම, ඔව්.

    Thumb up 2

  • මාතර ආතර

    කුඩු විකුණන ‘කුඩු දුමිය’ වගේ එවුන්,
    ගෝනවල සුනිල්,
    ජුලම්පිටියේ අමරේ වගේ එවුන්
    සහ අනිත් සියලුම
    ‘බලයේ ඉන්න රජයේ ලොක්කන්ගේ තගාල’

    රොත්තම

    අපරාදයක් කල විගස,
    ඉවකරලා ඇල්ලීමට

    කඩිනමින් පොලිස් බල්ලන් යොදා
    වැඩ නොගන්න එක

    තමයි මේ රටේ
    වහාම විසඳන්න ඕන
    ජාතික ප්‍රශ්නේ.

    Thumb up 2

  • මාතර ආතර

    @Chinthaka
    @Fernando

    පල පල යන්න.කෙප්ප කෙලින්නේ නැතිව.
    උඹ නම් පිට රටකට අඩියක් වත් තියල ඇති එකෙක්
    වෙන්න බැරිය.

    අහල බලාපිය USA UK Australiya වලට ගොහින්,
    මේ රටට නැවත ඇවිත් ඉන්න
    බටහිර ඩොකාලාගෙන්.

    සම්මුඛ පරීක්ෂණ වලින් තෙරුවය කියල
    බටහිර ඩොකාලගේ ගුණාත්මක බව
    කිසිම අන්දමකින් වැඩි වෙලා නැතිය.

    යකෝ අදත් සම්මුඛ පරීක්ෂණ වලින් තේරිලා
    අල වැඩ කරන,
    ඇට්ටි හැලෙන්න Whisky බොන,
    කුඩු ගහන MEDIKAL STUDENTS ල,
    බටහිර ඩොකාල ඉන්නවා.

    අහුවෙන එවුන්ට විතරක්
    දඬුවම් හම්බ වෙනවා.

    මේ රටේ රජයේ වෛය්ද්‍ය විද්‍යාල වලට
    නොකර,
    මාලම්බේට විතරක්
    තෝරන කොට,
    සම්මුඛ පරීක්ෂණ තියන්නේ මොකද කියල
    උඹ දන්නවද?

    Subjective as opposed to
    Objective method of selecting medical students in USA UK Australia වල
    සම්මුඛ පරීක්ෂණ තියන්නේ,
    උඹ කියන කට පාඩම් කරලා විතරක් ඩොකාල වෙන්න දෙන්න බැරිය කීවට,

    එකේ ප්‍රධාන අරමුණක් තමයි,

    සුදු පොඩි එවුනට වඩා කම්මැලි කමෙන් අඩු,
    ඉන්දියානු / චීන පොඩි එවුන්
    ඒවාට වැඩියෙන් ඇතුළු වෙන එක පාලනේ කොරන්න,
    ආසන්න වශයෙන් ජන අනුපාතේ තබා ගැනීම.

    ඒක ඒ රටවල ඉන්න ඉන්දියානු / චීන පොඩි එවුනුත්
    හොඳට දන්නවා,නමුත්,එය අසාධාරණය කියල
    උඩ පනින්නේ නැතිය.

    Paas out වෙලා
    වැඩියෙන් සල්ලි හම්ඹ කොරන්න පුළුවන්
    ඉංජිනේරු,නීති,වාණිජ,බැංකු ආදී
    Fierce competition ඇති
    හැම පැකල්ටියකම
    තත්වය එයය.

    මේ රටේද,
    1973 සම්මුඛ පරීක්ෂණ නොතිය,
    බාසාව අනුව ප්‍රමිතිකරණය ගෙනාවේ,
    ආසන්න වශයෙන් ජන අනුපාතෙට
    සිසුන් තෝරා ගැනීමටය.

    එයින් මේ රටේ ඊට කලින් සුද්ද විසින් ඇති කල ක්‍රමයට අනුව,
    අවුරුද්දකට 50% ක් විතර මේ රටේ දෙමල බටහිර ඩොකා ල වෙච්චි ඇත්තෝ 20% කට පමණ අඩු වුන අතර,
    මේ රටේ 47% සිංහල ඩොකාල ආසන්න වශයෙන් 70% දක්වා වැඩි වී
    මුස්ලිම් ඩොකාල 3% සිට 8% ට දක්වා වැඩි විය.

    මේ රටේ සහ බටහිර රටවල එකම වෙනස,
    උන්ට ඕන වැඩේ වැඩේ,
    උන්ට ඕන ප්‍රතිපල,
    සාධාරණය කියා ලොවට පෙන්වමින්,
    ‘කපටි කමෙන්’
    ART එකට කරන්න දක්ෂ වීමය.

    ලංකාවේ වගේ නොවේය,

    උන්ගේ රටේ භාෂාව සහ
    ඉතිහාසේ උගත්තේ නැත්නම්,
    පුරවැසිකම් ගැනිලි බොරුය!

    මේ රටේ එහෙමෙ කලොත්
    උඩ පනින්නේද උන්මය!!

    Thumb up 1

  • මාතර ආතර

    @Chinthaka
    @Fernando

    මාත්
    S L ගුණසේකර මහත්තයත් කියන්නේ.
    1.
    ඔය ක්‍රිස්තියානි / මුස්ලිම් පල්ලි කඩන එවුන්

    (සමහර විට මහරගම එක නම්,
    රවතවත්තේ ළමා අපරාද කෙස් එකේ, බොරු චෝදනා කාලය කියන එකාව හිරේට නොයවා shape කරපු, හුචක්කු පෞරශේගේ අනුදැනුම ඇතිව කල වැඩක් වෙන්න බැරි නැත!)
    සහ

    83 ජුලි කලබල කාලේ මේ රට වනසපු එවුන්,
    ඒ කාලේ යාපනේ පුස්තකාලේ ගිනි තියපු එවුන්,

    කුඩු විකුණන ‘කුඩු දුමිය’ වගේ එවුන්,
    ගෝනවල සුනිල්,
    ජුලම්පිටියේ අමරේ වගේ එවුන්
    වනාහි
    ‘බලයේ ඉන්න රජයේ ලොක්කන්ගේ තගාල’
    කොරන අමනකම්.
    2.
    ඒ අමනකම් වලට හේතුව,
    මේ රටේ තියෙනවාය කියල උඹල වගේ එවුන් විලාප දෙන,
    සිංහලයන්ට නැති දෙමල සහ මුස්ලිම් ජනයට පමණක් ඇති,
    ආත්ම ගරුත්ව ප්‍රශ්නයක් නම්
    නොවේය.
    3.
    ඒ අමනකම්,
    උඹල වගේ අමනයන් විසින්,
    ප්‍රශ්න මොනවාදැයි හඳුනා නොගෙන
    ගේන්න හදන,
    සුදු බමුණන්ගේ ‘කනා පොට්ටේ විසඳුම්’ වලින්,
    තවත් වැඩි වී
    මේ රට තුනකට කැඩී යා හැක.
    4.
    S L ගුණසේකර මහත්තය සහ මාද කියන්නේ,
    ‘පොලිස් බල්ලන්ගේ ඉවෙන්’
    වැඩ ගන්න,
    ‘පොඩි’ සිංහල දෙමල මුස්ලිම් මිනිහට එක නීතියකුත්,
    ‘ලොකු’ සිංහල දෙමල මුස්ලිම් මිනිහට තව නීතියකුත් ඇති එක, මේ රටේ වහා විසඳීමට අවශ්‍යය,
    එකම ජාතික ප්‍රශ්නය බවය.

    Thumb up 1

  • මාතර ආතර

    අද අපේ රටේ බලවතුන්ට එක නීතියක්‌. අසරණයන්ට තව නීතියක්‌.
    අපේ රටේ ජාතික ප්‍රශ්නය
    කියන්නෙ
    සිංහල ජාතියට, දෙමළ ජාතියට හෝ මුස්‌ලිම් ජාතියට
    තියෙන ප්‍රශ්නයක්‌ නෙමෙයි.
    නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක නොවීම තමයි
    අපේ රටේ ඇත්ත
    ජාතික ප්‍රශ්නය.

    නීතීඥ S L Gunasekara
    ඉරිදා දිවයින 24/06/12

    Thumb up 1

  • මාතර ආතර

    @Front line

    උඹ අපට පහල දක්වල තියෙන,
    ‘තුන් වන පාර්ශවික-ඔල මොරෝන්දම් දර්ශනවාදී’ බන කියන
    ‘ලී බැරල’ දෙන්නෙක්ගේ
    Video clip
    http://www.youtube.com/watch?v=Myf7SSdiGoo
    එක එවල,
    කපටියෝ හඳුනා ගන්න විදිය
    කියල දුන්නට පින්.

    Pajero නැතිව ගමන් බැරි,
    Rolex අත් ඔරලෝසු අතේ පැළඳ,
    සුදු සරම් පිරුවට වලින් තම ‘හෙළුව’ වහන්,
    ‘පරිසර හිතකාමී’ වැදී බන
    සහ ‘සියරට දේ සිරි සැප දේ’ වැදී බන දෙසන කපටින්
    (Late Dr E W Adikaram,අපේ බෙන්ගමුවේ නාලක වැනි පයින් සහ අප වගේ තවමත් බස් රථයේ වඩින හාමුදුරුවරුන් සහ අපේ අවංක නලින් ප්රෝපා නම් එවැන්නන් නොවන බව මා හොඳාකාරවම දනිමි)
    සහ
    ඉරාකෙට ගහන්න අමෙරිකානුවෝ 70% කැමති වුනාය කියන ලනුව ගිල්ල මුන් දෙන්න
    වනන,
    ලෝකේ හොඳම කළු සල්ලි ව්‍යාපාරය වන ආයුද විකුණන ජාවාරම් කරමින්,
    ලෝකෙම ඉන්න දුප්පත් කොල්ලන්ට ලනු අඹරා
    තුවක්කු දෙමින් වල පල්ලට යවන්න ‘හතුරන්’ මවමින් ඉන්න
    ‘ලෝකේ ගම් මුලාදෑනි-පොලිස් කාරයන්’
    අතර
    කිසිම වෙනසක්
    මට නොපෙනේ.

    ඒ කෙසේ වෙතත්,
    මෙම Video clip එක නැරඹීමෙන් පසු,
    මගේ හිතට ආපු පහත සඳහන් ප්‍රශ්න වලට උත්තර,
    මේ අඩවියේ හක්කලන් කරන ඔය දර්ශනවාදී ‘ලී බැරල’ දෙන්නගෙන්
    හෝ උන්ගේ හෙන්චය්යන්ගෙන් බලාපොරොත්තු වෙමි.
    1.
    පරස්පරයක් Paradox තිබූ පලියට,
    බටහිර රටක හෝ මේ රටේ ඉතිහාසයට අනුව,
    එම පරස්පර Paradox සිද්දීන් නිසා ඉදිරි දේශපාලන ගමන් මගට ‘දර්ශන ආලෝකය’ ලැබුන විදිය,
    උදාහරණ දෙමින් විස්තර කර,පෙන්න දෙන්න පුලුවන්ද?
    2.
    ‘දර්ශන පරස්පර’ Paradox තියෙනවය කියන මේ රටේ,
    මුන් දෙන්න අපට පෙන්වන්න තටමන,
    මේ රටේ ප්‍රශ්න විසඳෙන
    ‘තුන්වන දර්ශනය’ විස්තර කරන්න පුලුවන්ද?
    3.
    බහුතික විද්යාග්නේයෙක් පෝයට සිල් ගත්තම,
    එයින් ‘පරස්පරයක් Paradox මතු වෙනවො’ කියමින්
    මුන් දෙන්න දඟලන්නේ මොකද?
    4.
    Video clip එක පටන් ගන්න කොට
    ‘ලෙනින් ගේ කම්කරු ශ්‍රමයේ වාස්තවික බව’ සහ
    භෞතික විද්‍යාවේ ‘ක්වොන්ටම් වාදය එනතෙක් සිදුවුණාය කියන පරිනාමය’ වනාහි
    ඇත්තටම ලෝකේ තියෙන පටලව ගත නොයුතු වෙනම කාරනා දෙකක් බවත් කියමින්,
    Video clip එක අවසානයේ,
    මේ රටේ දෙමල (සහ මුස්ලිම් ජනයාට) ඇත්තේ
    එම ජනයාගේ කම්කරු ශ්‍රමයේ වාස්තවික දේ බෙදා හදා ගැනීමේ ප්‍රශ්නයක් නොව,
    සිංහල ජනයාගේ ‘ආත්මයට’ ලැබී තියෙන
    නමුත්,
    මේ රටේ දෙමල (සහ මුස්ලිම්) ජනයාගේ ‘ආත්මයට’අවශ්‍ය වන්නා වූ,
    එම දෙමල ජනයාටවත් හරියට කියා ගන්න බැරි වෙලා තියෙනවය කියා මුන් දෙන්න කියන
    ‘Subjective ‘ ඉලව්ව කුමක්ද?

    Thumb up 0

  • Udayanga senarath

    මේ වගේ ඔලුව හොඳ නැති මිත්‍යා දුෂ්ටිකයින්ගේ කතන්දර වලට කිසිදු ප්‍රසිද්දියක් නොදිය යුතුය. ඔවුන් බලාපොරොත්තු වන්නේද ප්‍රසිද්දියයි.

    Thumb up 3

  • de

    කුරුසයොන්ගේ ජිල්මාට් වැඩ මේවා.

    Thumb up 3

  • මාතර ආතර

    සුද්දියෝ දෙදෙනෙක් සිසුවියකට අතවර කරලා
    June 22, 2012 at 7:16 am | Lanka C News.

    ඔය රසායනික වස පෝර නිසා
    සුද්දියෝ දෙන්නගේ
    මනසේ ඇති වුන
    ව්යාකුලතාවයක් කියා
    උපකල්පනය කල හැක.

    මන් එහෙම කියන්නේ
    රසායනික පෝර නොතිබුන එකල,
    ගැහැනුන් කෙරේ කාමයේ වරදවා හැසිරුණ මහනුන්වත්
    සහ
    පිරිමින් කෙරේ කාමයේ වරදවා හැසිරුණ මෙහෙනුන්වත්,
    කිසිම අන්දමක සම ලිංගික එකතුවීමක් ගැනනම්,
    එම මහනුන් හෝ මෙහෙණින් විසින්,
    විනය පිටකය නිර්මාණය කිරීමට පාදක වුන
    ‘පාරාජිකා විමසීමක්’
    බුදු රදුන්ගෙන්,
    ප්‍රශ්නකර නොතිබීමයි.

    පරිසරයට එකතුවන
    කෘතීම රසායනික ද්‍රව්‍ය නිසා,
    කුරුල්ලන් මාළුවන් පවා,
    පිටරටවල සම ලිංගිකව හැසිරෙන බව වාර්තා වීමක්
    මා අසා ඇත.

    Thumb up 2

  • මාතර ආතර

    @Chinthaka

    (& Fernando)

    Chinthaka says ”මේකයි ෆර්නැන්ඩෝ ප්‍රශ්නේ… දකුණේ කට්ටියගෙන් වෙන කෙනහිලිකම් වලින් ගොඩ එන්න එදා ඉඳන්ම දෙමළට තිබුන එකම මාර්ගය ඉගෙනීම…. අති දුෂ්කර කාලගුණික භූ සාධක මැද්දේ ඒ මිනිස්සු වගා කරේ, ඉගෙනගත්තේ ආර්ථික නිදහස ලබා ගන්න….”Chinthaka

    1.
    ඒකමනේ බූරු වහන්ස,
    දුප්පත් සිංහල සහ මුස්ලිම් පොඩි එවුන්,දුෂ්කර පලාත්වල,
    මෙරටේ නිදහස් අද්‍යාපනය
    ලබා දුන්නට පස්සේ,
    කලේ.

    ඒකනේ අපේ ගමේ පොල් කපු එකාගේ පුතයි,
    යාපනේ ලුණු වවපු ගොවියාගේ පුතයි,

    අද බටහිර ඩොකාල,ඉංජිනේරුවෝ වෙලා
    යහතින් වැන්ජම්බෙන්නේ.
    2.
    ප්‍රශ්නේ තියෙන්නේ
    සුද්ද විසින් DIVIDE & CONQUER ක්‍රමේට පාලනය කරන්න
    වැඩි අද්යාපන පහසුතා යාපනයට දීමයි.

    ඊට පස්සේ උසස් පෙලට තිබුන ප්‍රයෝගික පරීක්ෂා / සම්මුඛ පරීක්ෂණ /
    දෙමල රචනා මාදිලියේ උත්තර පත්‍ර දෙමල ගුරුවරුන් පමණක් විසින් ලකුණු දීම් ආදියෙන් ඇති වුන පක්ෂග්රාහිත්වය,
    1971 ට පෙර වෛද්‍ය සහ ඉංජිනේරු පීට වලට,
    මේ රටේ 12% ඉන්න දෙමල සිසුන්
    අසාමාන්‍ය ලෙස 50% දක්වා වැඩිවීමෙන් පෙන්නුම් කලානේ.
    නමුත් එවන් අසාමාන්‍ය ලකුණු ගැනීමක්
    විශ්ව විද්‍යාල වලට ඇතුළු වුන පසුව දෙමල සිසුන් පෙන්නුම් කලේ නෑනේ.

    ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස 1973 ඉඳන් බාසා මාද්‍ය-ලකුණු ප්‍රමිතිකරණය ඇති කරලා, මෙම අසාධාරණය රජය විසින් නවතා දැමීය.මට මතක හැටියට එයින් 3% ක් පමණක් එට කලින ඇතුළුවුන මුස්ලිම් සිසුන්ගේ ඇතුළුවීම 8% දක්වා වැඩිවිය.
    3.
    උදාහරණයක් ලෙස, දැනුදු LONDON වල කිසිම විශ්ව විද්‍යාල පැකල්ටියකට,සම්මුඛ පරීක්ෂණ තබා, ආසන්න වශයෙන් ජන අනුපාතේ එන ලෙස සිසුන් ගත්තේ නැත්නම්,සුදු පොඩි එවුන්ට වඩා කටපාඩමට දක්ෂ ඉන්දියානු සහ චීන සිසුන්ගෙන් ඒවා පිරී යනු ඇත.’පක්ෂග්‍රාහී (biased) සම්මුක පරීක්ෂණ නවතපියව්’ කියා,මෙම ක්‍රමයට හේතුව දන්නා,කිසිම ඉන්දියානු හෝ චීන සිසුවක් උඩ පනින්නේ නැත.)
    4.
    එකල සමහර දෙමල බටහිර ඩොකාල පිට රට ගොස්, ”සිංහලයෝ මෝඩ නිසා, අපි වගේ වැඩිය සිංහල උන්ට ඩොකාල වෙන්න බැරිය” කියල මතයක් LONDON වල පැතිරුවය කියල, එකල LONDON වැඩ කල සිංහල බටහිර ඩොකෙක් කියනවා මා අසා ඇත.ඒ කතාව සුද්දන් (LONDON සුදු ඩොකාල ) විසින් එම සිංහල ඩොකාට කියා ඇත.(බලගෙන ගියාම,මෙයත් divide & conquer කේලමක් වෙන්නත් බැරි නැත)
    5.
    මෙම ඉතිහාසේ අමතක කරලා, මේ රටේ ඉදිරියට ප්‍රශ්න ඇති වන වලක්වන්න,’ප්‍රශ්න හඳුනා නොගෙන-සුදු බමුණන්ගේ ‘යෝජනා’ ගෙනල්ල’,කිසිවකුට සුගතියක් වෙන්නේ නැත.

    Thumb up 0

  • මාතර ආතර

    @Fernando

    මා Chinthaka ගේ මේ රටේ ‘ඊනියා ජාතිවදේ’ ගැන කරුණු,
    එකින් එක රැගෙන සාකච්චා කරන ගමන්,
    ඔබ විසින් තවමත් නොදැක්ක සේ ලිස්සල යන,
    මා ලියු,
    පහත සඳහන් පළමුවන කරුනටද,
    සහ
    විමසිලි විසින් ඔබට ලියන ලද,
    පහත සඳහන් දෙවන කරුනටද,
    ඔබගේ ප්‍රතිචාර දැන ගැනීමට කැමැත්තෙමි.
    1.
    Fernando says ”සරුබලදරී දෙවියන්ව මැව්වේ කවුද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න නම්, ඉතා කුඩා සහ ඉතා විසාල සංක්‍යා දෙක පළමුව මට කියන්න” Fernando !

    ‘සරුබලධාරි මැවූ දෙවි’ මැවූ එකා කවුදෝ’පැනයට උත්තර නොදී,
    Fernando
    උඹ,
    තව ‘පඹ ගාලේ ප්‍රශ්න’ ද
    අසනෝ.

    ‘හැම සැම දෙම’අප සිත්වල ‘මැවූ’ බව දෙසු ලෝක විදු,
    ලොව මුල අග සොයමින් කල් යැයුම ‘කාලකන්නියැ’
    කියා ද දෙසු.

    උඹගේ ‘පඹ ගාලේ ප්‍රශ්නෙට’ උත්තරෙ
    අපේ නලින් ප්රොපා,
    අසා ඇති මේ ප්‍රශ්නේ ඇත,
    දනින් සොඳා.

    පුළුවන් එකෙක් ඉදිරියට විත්
    ‘ගට’ යොදා,
    අර්ථ දක්වපිය
    ‘තිත’ යනු
    (=අනන්තය / ‘චක්‍රීය’ චින්තනය as opposed to ‘රේඛීය’ චින්තනය;)
    කුමක්
    කියා!

    2.
    විමසිලි විසින් උඹෙන් අසන ලද පැනය;

    Fernando says ‘අනික ඔය නන්ස්ල අම්ම ,තාත්තා නෑති ලමයි බලාගන්න වගේ වෑඩක් ඔයාලගෙ අය කරනවද.කලොත් එතන සිද්ද වෙන දේවල් ලියන්න මේක මදිවේවි’.

    ‘ලින් මැඩි’ පරනන්දුවෝ,

    එංගලන්තේ අනාත ලමා නිවසෙක ප්‍රධාන Nun පිරිමි ළමයින් නාවපු විදිය,
    ඒ පිරිමි ළමය ලොකු වුනාට පසු
    මේ පොතේ කතුවරයා වී
    කියන හැටි බලාපිය
    මේ පහල උඹට දැන ගන්න ලියා ඇති පොතෙන්.

    මේ පොතේ තියෙන ඒවා
    කිසිම දිනෙක ලංකාවේ නම්
    අහන්න ලැබුන ඒවා නෙවී.

    ඇමෙරිකාවේ ප්‍රන්සේ එංගලන්තේ ඉතාලියේ
    පූජක / පූජිකාවන්ගෙන් (සහ ඉස්කෝලවල ගුරුවරු / ගුරුවරියන් ගෙන් පවා) අපචාරයේ යෙදුන ළමයින්ට
    ලොකු වුනාට පසු තාමත් වන්දි ගෙවනවා පල්ලි වලින්.

    ඒවා එලි වෙන කොට එම පූජක / පූජිකාවන් නාකි වෙලා වල පයයි ගොඩ පයයි.සමහර විට දැන් අනාත ළමයින්ට වෙන අපචාර වලට තව අවුරුදු ගණනකින් ඒවා එලි වුනාම ගෙවාවී.

    Title of the Book;
    ‘Nobody Came’
    The appalling true story of brothers cruelly abused in a Jersey care home
    Robbie Garner (Author), Toni Maguire (Contributor)

    Thumb up 2

  • Dulantha

    මේ සිද්ධිය ගෑන තවත් කරුනු සොයාගතයුතුයි. ඔහු විසින් බුදුන්වහන්සේ ල්ංකාවේ උපන් බවට ගොඩනගන මතය තහවරු කිරීමට ඔහු ඉදිරිපත් කරන සාධක මොනවාද යන්න ගෑනත් සොයා බෑලියයුතු වෙනවා. මේ මහාචාර්යවරයා බොහෝදුරට බොරු ප්‍රතිරූපයක් ගොඩනගාගත්ත ව්යාජ උගතෙක් වියහෑකියි.

    Thumb up 0

  • Chamika

    මොහු බෞද්ද නොවේ.බුදුන්වහන්සේට ,සත්‍ය ධර්මයට ,අවබෝදයක් නොමැත.බුදුන්වහන්සේ කොහේ ඉපදුනත් ඒ ගැන
    තර්ක අවශ්‍ය වන්නේ නැත.පවතින ඉතිහාසයද බොහෝ විද්වතුන්ගේ සම්මුතියකි.මෙහිදී ඒ සම්මුතියේ මුලාශ්‍ර ,පවතින නිසා සත්‍ය යයි සිතමු.
    මේ පුද්ගලයාගේ අවංක බවය අප නොදනී.කෙසේ හෝ මෙවන්නයුන්ගෙන් අන්‍ය මිසදෙටුවන්ට වැඩක් තිබෙන නිසා ඉතා පරෙස්සම් විය යුතුවේ.
    බුදුන්වහන්සේ ට නිගා කරන මොහුට අප අනුකම්පා කල යුතුය.
    මොහුට ම සිතන්නේ හීන මානයක් පවතී. මොකද පවතින අද්යාපන ක්‍රමයෙන් බැහැරව පොත් පළකර කෙසේ හෝ මහාචාර්ය කෙනෙක්
    වන්නට සිතන්නට ඇත.මොකද බොහෝ අවස්ථා වල මොහු ඒ ආචාර්ය වරු විවේචනයද කරයි.

    කෙසේ හෝ සමාජය යන සම්මුතියෙන් පිට පුද්ගල පුරුෂ ඇති කිරීමට මොහු ගන්න ක්‍රියාමාර්ගය වැරදිය.
    කලයුතුවන්නේ බුදුන්වහන්සේ වැනි උතුමන් මේවට ගාවා නොගෙන මේ සමාජයේ පවතින බොරුව පෙන්වා දීමය.
    බුදුන්වහන්සේ ඉන්දියානු සමාජයී බමුණන්ට කලේ එයමය.

    Thumb up 3

  • rukmal

    Ranga. Good piece of work. It is only a dream to put up such a supreme society as you have precisely explained in Sri Lanka. You would be admitting that 95% of so-called Buddhists in Sri Lanka are not within true Buddhist precepts, except bearing a Buddhist name. I am always against whoever defames basic religious facts and never fail to condemn such inferior motives. However, you need to be much neutral in particular when handling sensitive issues with respect of other religious thoughts as well. Let us grow together.

    Thumb up 3

  • haritha

    රංග ,
    මෙම වීඩියෝව ඔබට එවීමට ම සැහෙන කාලයක් සොයමින් සිටියා.මෙයද මා, වරක් ඔබට එවූ බුදු බණ විකෘති කර අසැබි වදන් එක කල තිරිසන් ,නින්දිත මානසිකත්වයක් ඇති අතලොස්සක් වූ අන්‍යාගමික සරසවි සිසුන් කල්ලියකගේ ක්‍රියාවක් හෝ, අවජාතක සිංහල බෞද්ධ කාලකන්නි කිහිපදෙනෙකුගේද ක්‍රියාවක් විය හැකිය.ඒ ගැන නිශ්චිතව කීමට, මා හට සාධක නම් නැත.ඒ ගැන සමා වෙන්න.
    මෙයද වග කිව යුත්තන්ගේ අවධානය පිණිස යොමු කල හැකි නම් ස්තුති වන්ත වෙමි.
    මේ තිරිසනුන් ජය මංගල ගාථාව යොදා ගත් ආකාරය නම් අප්‍රමාණව නින්ධිතයි .මට එම කොටස බලා සිටීමට පවා නොහැකි වුණා. මොවුන් මෙය සාදා තිබුනේ මීට වසර ගණනාවකට පෙරයි,ලගකදී නිකුත් වූ ගීතයටත් වඩා අන්තම අධම නින්ධිතයි.(ගීතය සාධාරණිකරණය නොකළ බව සලකන්න,එහිද සිදුවී ඇත්තේ මේ නින්ධිත ක්‍රියාවමයි)

    මෙහි සබැදිය ප්‍රචාරය කිරීම හෝ නොකිරීම ඔබට භාර කරමි http://www.youtube.com/watch?v=wyG8J3Ya3j8

    Thumb up 2

    • ඔව් හසිත, ඕක දැන් ගොඩක් ප්‍රසිද්ධ වී ඇති වීඩියෝවක් නිසා කොමෙන්‍ටුවක තිබුණට අළුතෙන් වෙන ප්‍රචාරයක් නෑ කියල හිතෙනව. කැම්පස් වල අද බරපතල විදියට සංස්කෘතික ආක්‍රමණයක් වෙන බව සතයයක්. නවක වදයේ එක් අංගයක් වන මල්බකට් එක ලෙස හැඳින්වෙන එකේදී අපගේ සිංහල විවාහ චාරීත්‍ර අමු අමුවේ කෙළෙසා දමමින් ඉතාමත් පහත් ලෙස ඊට අපහාස කරනව. විශ්ව විද්‍යාල ආචාර්යවරුනුත් ඊට උඩ ගෙඩි දෙන්නේ ඔවුන්ගෙන් බහුතරය පශ්චාත් නූතනවාදීන් නිසා විය හැකියි.

      Thumb up 3

  • ශ්‍රියන්ත

    වටිනා තොරතුරක්, මේ ගැන අපිව දැනුවත් කළාට ස්තුතියි

    Thumb up 0

  • අසංක

    ඉතාමා හොද ලිපියක් සහෝ,වර්තමානයේ බුදුදහමට වෙන විනාසය වෙනුවෙන් කිසිවෙක් හඩක් නගන්නේ නෑත.මටනම් හිතෙන්නේ මේ මේ මනුස්සයට යම් මානසික රෝගයක් තිබෙනවා කියාය,
    අනික් විශේශතම කාරනව නෙත් FM,බෑලුම් ගල වෑඩසටහනට අපගේ ප්‍රනාමය පිරි නමන්න ඕන,මෙවන් හොරුන් සමාජයට නිරුවත් කිරීම පිලිඹදව…

    Well-loved. Thumb up 5

  • ලහියා..

    අයියෝ සල්ලි.. මේ මොනාද මේ.. හිතන්නවත් ඒපා බොලන්.. මූ මොන හිකනලෙක්ද

    Thumb up 1

  • අර්ය සිංහල

    මට මතකයි ඔය පුද්ගලයා කරපු එක්තරා සාකච්ජාවක් යුටියුබ් එකේ තිබුනා,එවා ටික දාපු අනුගාමිකයාම අයින් කරගෙන,ඔය කෙප්ප අහන්න කාලය මිඩංගු කරන එකත් අපරාධයක්.ලඟදි එක්තරා රූපවාහිනී වැඩසටහනකදි ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර වෛද්‍යතුමා පැවසුවේ මොහුගේ කල්ලියේ උදවිය මානසික රොගින් ගණයට නොදැමිය හැකි බවයි…එහෙයින් මොවුන්ට පිස්සො කියා හෝ ආමන්ත්‍රනය කිරිමට අපට හැකියාවක් නැත…මොවුන්ට ආමන්ත්‍රනය කිරිමට මා සිතන පරිදි සිංහල භාශාවේ වචන නැත…

    මිනිහට සයිට් එකක් තිබුනා එකත් වැහිලා…ලොකු දෙයක් එක…

    Well-loved. Thumb up 11

  • dumith

    muuta pissu….

    Thumb up 1

  • දුක්ගන්නාරාළ

    මම රංගගේ වෙනත් ලිපිවල අන්තර්ගතය බොහෝ ලෙස විවේචනය කලත් මෙය නම් බොහොම වැදගත් ලිපියක්. බෞද්ධ දර්ශනය විනාශ කරන්නේ අන්‍යාගමිකයන් නොව, අම්ම තාත්තා බෞද්ධ උන පලියට තමන් බෞද්ධ යයි සිතන මිත්‍යාදෘෂ්ටිකයන්ය. කලක සිට ප්‍රාචාරය වෙන රාවණා පදනම් වූ විකෘති ඉතිහාසය පිලිබඳව මුල සිටම සැකයක් ඇතිවී තිබුනා. අන්‍යාගමිකයන්ට ගැරහීම නොව, සිංහල ජාතිය ඉදිරියට රැගෙන යාමට එකම මාර්ගය සිහින ලෝක වල ජීවත් වීම නොවේ. සිංහල කොල්ලන් කෙල්ලන් හැකිතාක් ඉහල අධ්‍යාපනයකට යොමු කොට එයින් ලංකාවට ප්‍රයෝජනවත් කර්මාන්ත වලට යොමු කිරීම පමණි. මෙම ඉහල අධ්‍යාපනය යනු සුද්දා නිර්මාණය කල විද්‍යාව හැදෑරීමයි. ලංකාවේ අතීතයේ විද්‍යාවක් තිබුනත්, මොන ක්‍රමයෙන් හෝ දැන් එය අපිට නැතිවී ගොස් ඇත. නැතිවීගිය රාවණාගේ විද්‍යාව හෝ, රාවණාගේ ඔලුව හෝ, රාවණාගේ කඩුව හෝ සොයාගැනීමට නාස්ති කිරීමට අපිට කාලය නැත. එකම විකල්පය සුද්දාගේ විද්‍යාව ඉගෙන ගෙන එතැන් සිට ඉදිරියට යාමයි. එහි කිසි අවමානයක් නැත. මේ සඳහා යම් තරමකට ඉංග්‍රීසි භාෂාවද ඉගෙන ගත යුතු වුවත්, එයද අවමානයට කරුනක් නොවේ. රාවණාගේ සුරංගනා කතා පසුපස යනවාට වඩා එය ඉක්මන්ය. සුද්දාගේ විද්‍යාව ඉගෙන ගන්නා අතරම බෞද්ධ දර්ශනය තාර්කිකව හදාරනවා නම් වරදින්න හේතුවක් මට නම් නොපෙනේ.

    Well-loved. Thumb up 14

    • මාත් ඔය රාවනාවාදයේ බැස නොසිටියත් පෙරදිග විද්‍යාව යනුවෙන් දෙයක් ඇති බවනම් විශ්වාස කරමි. උදාහරණ ලෙස නක්ෂස්ත්‍රය, ජ්‍යෝතිෂ්‍යය, යන්ත්‍ර මන්ත්‍ර ආදිය. ඒවා නිර්වාණය පිණිස හේතු නොවන බැවින් මිත්‍යාදෘෂ්ඨීන් බව සැබෑය. එසේම ඒවා යොදාගන්නවානම් ක්‍රමවත් ආකාරයකට පර්යේෂණ කර භාවිතා කරනවා මිස දේවාල ගානේ වැඳ වැටෙමින්, සාත්තර කරුවන් පස්සේ යාමනම් කිසි සේත්ම අනුමත නොකරමි. එසේම බටහිර විද්‍යාවත් අපට සුදුසු වන ආකාරයට යොදා ගැනීමේ කිසිදු වරදක් නැති බවයි මාගේ අදහස.

      Well-loved. Thumb up 13

      • Lakmi

        පෙරදිග විද්‍යාවන් කියන තේමාවට තව මාතෘකා කිහිපයක් එකතු කරන්න කෙමතියි . විශේෂයෙන් ලාංකික අපිට තිබුන තාක්ෂනය ගැන. ලෝකයේ ප්‍රථම අකුණු සන්නායකය(ඔබල දන්නවද, රුවන්වෙලි සැ මලුව සම්පූර්ණයෙන්ම අකුණු වලින් ආරක්ෂිතයි ) , සිගිරිය ගල මුදුනට ජලය ගෙන ගිය තාක්ෂනය, පැරණි වාරිමාර්ග තාක්ෂනය, පැරණි සිංහල වෙදකම, ඒ වගේම යොදා එළෙ යල බැස්ම පිළිබද තාක්ෂනා වගේ දේවල් අදටත් පුදුම සහගතයි.
        ඒවගේම තවදෙයක්. ඉන්දියාවේ නාලන්ද විශ්ව විද්ද්යාලයත් සමග ලෝකෙට ලේබෙන්න තිබුන විශාල දැනුම් සම්බාරයක් විනාස උන. එක ගිනි තිබ්බේ මුස්ලිම් ආක්‍රමණිකයන්. ඒ නායකයා(මට නම මතක නැහැ ) නාලන්දාව විනාස කරලා පොතක ලියල තියෙනවා එකම පාට ඇදගත්තු සොල්දාදුවන් පිරිසක් සටන් නොකරම මියගිය කියල. එක හරිම සන්වෙගජනකයි. වටිනාකම තේරුම් ගත්ත තරම තමා.

        Thumb up 2

        • Lakmi

          “යෝධ ඇලේ ජල බැස්ම”

          පළමු චේදයේ අවසාන අපැහැදිලි වචන ඉහත සදහන් අයුරු විය යුතුයි.

          Thumb up 0

        • සමන්ත

          කහ පාට ඇදුම් ඇඳගත් බමුණන් පිරිසක් සටන් නොකරම මරා දැමූබව මට මතක හැටියට කුටබ් උද්- දින් අයිබක් ලියා තිබෙනවා.ඔහු ලියා ඇත්තේ එකිනෙකා බැගින් හිසගසා මරා දැමූ බවයි.එවිට එම ස්වාමීන් වහන්සේලා මරණානුස්මෘති භාවනාව වඩා තිබෙන්නේ මුස්ලිම් ආක්‍රමනිකයන්ට වෛර නොකර ව්‍යාපාදය ඇති කර නොගෙනයි.එම බමුණන් පරිහරනය කළ පුස්තකාලයක්ද තමාට හමුවූ බව කියන අයිබක් සෙනෙවියා තමා එම පුස්තකාලය ගිනිතැබූබව ආඩම්බරයෙන් පවසනවා.බුදුන් වැඳි සිංහලයකු සවුදි පොලීසියෙන් අත් අඩංගුවට අරන්.මම ඒ ගැන වෙන තැනක කොමෙන්ට් එකක් දැම්මා.ඉදිරියේදී ඔහුගේත් හිසගසා දමයි.කහ නූලක් අතින් ගත් කාන්තාවකුත් මරා දමන්න යන බවට මට දැනගන්න ලැබුණා.ඇය යකැදුරුකම් කළාලු.මේ තත්වය මැදපෙරදිග රටවල තිබුනේ සියවස් ගනනකට පෙරයි.

          Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.