Warning: simplexml_load_string() [function.simplexml-load-string]: Entity: line 144: parser error : Opening and ending tag mismatch: body line 57 and div in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: </div> in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: ^ in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: Entity: line 220: parser error : Opening and ending tag mismatch: html line 2 and body in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: </body> in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: ^ in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: Entity: line 221: parser error : Extra content at the end of the document in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: </html> in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

Warning: simplexml_load_string() [function.simplexml-load-string]: ^ in /home/content/45/6456845/html/sinhalabuddhist/wp-content/plugins/polldaddy/polldaddy-org.php on line 385

තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ඝාතකාගාර වලට මුදල් දෙමින්, කිරි ගවයින්ව සහ පැටවුන්ව බේරාගන්නේ ඇයි ?

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය පිළිබඳ දැඩි සීමා පනවා තිබුණත් එම නීතීන් බරපතල ලෙස උල්ලංඝනය කරමින් අන්තවාදීන් විසින් නීතිවිරෝධී ලෙස ගව ඝාතනය සිදුකරන නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇතැයි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ නියෝගයකට අනුව ඉදිරියේදී අනවසර ගව ඝාතකාගාර වැටලීමට නියමිතය.

පසුගිය දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූයේ, වයස අවූරුදු 12 ට අඩු ගවයින් මස් පිණිස යොදාගන්නා සියළු ගව ඝාතකාගාරයන් සම්බන්ධයෙන් ඉදිරියේදී වැටලීම් සිදුකරන බවයි. සත්ව පනත යටතේ වයස අවුරුදු 12ට අඩු ගවයින් ඝාතනය කිරීම තහනම් කර ඇති නමුත්, මෑත කාලයේ සිට වයස අවුරුදු 12ට අඩු ගවයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනයට අදාල නීතිය නොදන්න නිසා තවමත් සමහරුන්, කිරි ගවයින්ව සහ පැටවුන්වත් නිරපරාදේ මුදල් වැය කරගනිමින් නිදහස් කරගත් අවස්ථා කීපයක් ගැන මා හට අසන්නට ලැබුණි. එනිසා මෙම විස්තර සමාජ ජාලයන් හරහා බෙදාගනිමින් පහත දැක්වෙන නීති රෙගුලාසි පිළිබඳව සියල්ලන්වම දැනුවත් කිරීමට ඔබගේ සහාය පතමි.

ශ්‍රී ලංකාව තුළ කිරි ගවයින්ව ඝාතනය කිරීම සපුරා තහනම්
1958 අංක 29 දරන සත්ව පනතේ දෙවැනි කොටසේ පළමු වගන්තිය ප්‍රකාරව, කිරි ලබාගැනීම හෝ වෙනත් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකියාව තිබෙන එළදෙනුන්ව ඝාතනය කිරීම සපුරා තහනම් වේ.

ශ්‍රී ලංකාව තුල අවුරුදු 12 ට අඩු ගවයින්ව ඝාතනය කිරීම සපුරා තහනම්
1958 අංක 29 දරන සත්ව පනතේ දෙවැනි කොටසේ පළමු වගන්තියේ අ කොටසට අනුව අවුරුදු 12 ට අඩු ගවයින්ව ඝාතනය කිරීම සපුරා තහනම් වේ.

සත්ව පනත මෙතනින් කියවන්න.
http://www.daph.gov.lk/web/images/pdf/01._animal_act.pdf

ඔබ ගවයන් නිදහස් කිරීමට කිසියම් ගව ඝාතකාගාරයකට යනවානම්, ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කර, නීතීඥයෙක් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සමග අදාල සත්ව ආඥා (සංශෝධන) පනත් ඇති ගැසට් නිවේදනයන්හි පිටපත් සහිතව ගියහොත් මුදල් නොගෙවාම එළ ගවයින් සහ පැටවුන් සියල්ලම බේරාගැනීමට අනිවාර්යයෙන්ම හැකි වේවි.

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාතික හෙළ උරුමයේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් පනත් කෙ‍ටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හදද්දී ඊට එක්තරා සුළු ජාතියකට අයත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකහෙළාම විරුද්ධ වීමත්, එම පනත අනුමත කළහොත් රට තුළ ජන කැළඹීමක් වෙතැයිද එය ප්‍රජතන්ත්‍රවාදයට විරුද්ධ යැයිද කියමින් හැමදාම ඊනියා සුළු ජාතියක් වෙනුවෙන් හඬ නගන පක්ෂ වලින් අදාල පනත් කෙ‍ටුම්පතට විරුද්ධව දැඩි විරෝධයක් එල්ල වීමත් නිසා අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් නොහැකි වුණි.

දෙමළ ජනතාව ගව ඝාතනයට සපුරා විරුද්ධ අතර, සිංහල බෞද්ධයින්ගෙන්ද අති බහුතරය ගව ඝාතනයට විරුද්ධව නැගී සිටියහොත් ගව ඝාතනයට තිත තබා අසරණ කිරි අම්මලාගේ ජිවිත දහස් ගණනක් ‍රැක ගනිමින් ඔවුන් ජාතියට දුන් කිරි වල ණය ගෙවීමට හැකි වේවි….තවත් චිරාත් කාලයක් අපගේ මනුශ්‍යත්වය ‍රැකේවි…..

4578
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

62 comments to ඝාතකාගාර වලට මුදල් දෙමින්, කිරි ගවයින්ව සහ පැටවුන්ව බේරාගන්නේ ඇයි ?

  • tnw[sl]

    lankawa sinhala bauddha ratak unata sri lanka rajaya kisisma salasum sahagatha ekak newei ekai me hama prashnayakatama mula

    Thumb up 0

  • Priyantha Liyanage

    මනා සේ ලියැවුණු බොහෝ ලිපි පල වෙද්දී මස් මාංශ කෑම ගැන කොමෙන්ටු 60 ක් මේ තිබීම අපට යමක් කියයි

    Thumb up 1

  • Kaveesh

    Sudda lankawata enna kalin tibba wathawaranaya sathwa sanhatiyatama hoda kaalayak una . . eheth sudda awith sathwayinta karapu deya mahat nindithai .. a paare yanna eda lankikayo purudu una eka tama modama siddiya une… eda mas kana aya ula tibba , hisa gasa damma …
    Hamuduruwaru deshapalanaya karaddith mewa nawatwanna barinam tawa mona kathada ???? Sathwa sanhatiyatama balayak awith minissu marana kan meya nawatena ekak natha…ehema hari un jeewath unot athi…
    Bauddhayo hariyata argama adahanawanan mey de wenna naha…Wadima bauddhayin pirisak inna lankawe panathipatha kiyala mas kana kidenek nan innwada .. bauddhayao witarak mas kana eka nawathtuwot kidenek nan sattu jeewat weida …Poyata pansal gihin sil aran anith dawase mas kana eka tama ada kale wenne … Kiyanna dukai … SATHWA SANHATHIYAMA BERAGANNA KRIYA KARAMU … LANKAWATA JAYA … BUDUSARANAI …

    Thumb up 0

  • lakshitha

    gawain nomareemata panathak genawaata wadaa, baudda janathaawa nirmaansha karaweemata wehesunaa nam hondai kiyala hithanawa. mata nam pahadiliwama methana pennata tiyenne, widesha balawega apiwa bedha binna karanna baawithaa karapu balal athak hatiyatai. ai gawa mas witharak? hethuwa mekai, methana awashyathaawaya harak marana eka nawatthanna nemei, Muslim sinhala gatumak nirmaanaya karannai. budu rajaanan wahansege kaalaye ketharam saasanayata alum kala rajawaru sitiyada? bimbisaara raja thuama sathun maranna epa kiyala neethiyak genawe ne. e wagema, budu rajaanan wahanse bimbisaara rajathumaata ehema anusaasanaa karalath ne. lokaya hadanna yanne ai api hadenne nathuwa? TAMIL SINHALA prashna nisaa apita aurudu 30k thisse jaathiyak widiyata eka thena palwenna una. mewage dewal baudda apita awashya ne. api nirmaansha wena ekai wedagath. mama bohoma abimaanayen kiyanawa mama NIRMAANSHA aahara pamanak kana kenek kiyala. api therum ganna one, me karanne ape rata bedanna hadana eka. meka nikan, UURAGE MAALU UURAGE PITEMA KAPANAWA WAGE WEDAK. ape jaathiya, sanskrutiya uluppala arbudha hadala, e arbuda thulinma apima ape sanskruthiya parihaaniyata geniyanwa. anika mama hondata note kara deyak thamai Mr.ranga, oya rate barapathala gatalu udgatha unu hema welaawakama me wage deyak aussala aanduwe weradi wahanna uthsaha kara. man danne ne ai kiyala. namuth oba e katauttha saarthakawa karaa.

    Thumb up 1

    • දෙනිපිටිය

      //mama bohoma abimaanayen kiyanawa mama NIRMAANSHA aahara pamanak kana kenek kiyala. //

      ඒ කියන්නේ ඔහේ, මස්/මාළු කන මිනිස්සුන්ට වඩා හොඳයි, සිල්වත්, ගුණවත්, උසස් කියලද කියන්නේ??

      Thumb up 3

  • firdhous

    Dammapadha-11.Those who mistake the unessential to be essential and the essential to be unessential, dwelling in wrong thoughts, never arrive at the essential.
    Dammapadha- 12.Those who know the essential to be essential and the unessential to be unessential, dwelling in right thoughts, do arrive at the essential.

    What a great piece of teachings are the above. How clean and clear teachings are the above without any room for doubt or suspicion. Prioritizing is given utmost priority in this modern world due to lack/scarcity of time and resource. How beauty is that the same was said by Lord Buddha long long ago. We can see the very teachings said by Lord Buddha was practiced by him in his life too.

    The Pancill states what to do and what not to do very clearly. The first Cill states no living being should be harmed. This common statement is being given some exception. The practice of Lord Buddha that he used to eat all kinds of animal food given to him defines an exception. His instruction in Vinaya Pitaka which allows cutting or plucking parts of plants for the purpose of medicine shows another exception.

    It is very clear that Lord Buddha had prioritized self-purification out of anger, crave, lust, jealousy etc etc which harm a human being over harming other living beings. Let’s see an example which might be little serious one. What is the difference and what will be the reaction between assassinating an ordinary man like me and a President. If you and me were assassinated, it could be equal just at low point but in practical just an entry and enquiry will be proceeded. But it won’t be same in the case of the President. Immediately many people will be arrested and entire security system will be alerted and many more things will happen. Why is that? Isn’t it because of priority? If there is priority between men one and another although due to a limited period of presidential-ship, what about the difference/ priority between intelligent human being and wide variety of animals, insects and plants?

    Livestock on land eat leaves and grass; and produce milk and meat. The fish at sea eats plankton which even cannot be filtered easily and produce see food. How it could be that Arya margaya to say that man should avoid all those food while the Arya Margaya gives utmost priority to purifying human mind out of harmful things for him and others.

    Can anyone argue that because Lord Buddha has allowed plucking leaves for medicine,he can get into the garden belongs to anyone and pluck its leaves or fruits for the purpose of medicine? Why is not, because it contradict with another more important teaching of Lord Buddha (Pancill) which should be prioritize here than what is said in VinayaPitaka. Prioritizing is part of human/intelligent living being. Animals don’t know to prioritize between mother and others when they are grown but it is man who is obliged to prioritize mothers and father over others.

    Men are slaughtered and cows are slaughtered which one should be prioritized. Men are degraded by being addicted to alcohol, families are destroyed and children loss their parent due to prostitution, nation is losing its wealth by corruption and misusing, the economy of the country degrades day by and the debt amount per capita increases day by day. The culture of the country is getting verse than jungle. Where to give priority; to save cows or to correct all the above. It really stung my heart what once I heard from the mouth of a Bidkhu during a Poyaday Program on TV. The bikhu was in fact speaking of vulgar advertisement and illegal trade. He said: once a young guy studying for O/L or A/L came to him and complained a worse incident in his life. He went to a massage center in Negambo area lying to his parent that he is going to tuition class. He was lying on the bed awaiting the massage girl. He was shocked to see the massage girl came to massage him was his mother. Doesn’t this hurt you more than what hurts you when you see a cow was slaughtered. People will react to this by blaming the son for lying and lack of discipline; and mother of greed to money. But the real problem is the cause/growing culture which can pray on many many people of the country like above. What I said is not the whole but the least happening in the country. Where are we? Where to the country is heading?

    I see the extreme dignity to cow came from Hinduism or might be forced into Buddhism by any ruler like many Hindu Gods are decorating every busses running on the road (there is no opportunity to visit every house and see what is there otherwise), the Newyear festival etc etc. Cow is worshiped in Hinduism, reverenced in various ways and considered as avatar/appearance of God Krishna and cow milk is used to bath the God Shiva. http://en.wikipedia.org/wiki/Cattle_in_religionhttp://www.himalayanacademy.com/basics/tenq/tenq_4.html. But in Buddhism/Tipitaka in SallaSutta cow to be slaughtered is given as an example of oncoming death. If Lord Buddha was concerned about cow slaughter for meat he never takes it as an example. On the other hand If a Bikhu goes on alms starts to enquire is it cow meat or dear meet, it will cause severe damage to the discipline process and many more sutta could come across/ have to be neglected. All the doubts and confusion which may arise in the case of cow have been cleared by the top two suttas of Dammapadha.

    Every single words said above never justifies animals do not need any sympathy or cows could be slaughtered at any way or by any means. But what is the priority? Is this what we are doing in the name of Buddhism according to teachings of Lord Buddha? Who is going to guide us towards truth and desirable change or is it our responsibility to search the truth and march towards the change. Keeping a concept which is not worthy to Buddhism but divert all the attention will it be AryaMargaya? Getting in all foreign things and keep closing the real teachings of Lord Buddha will it be a revival? Isn’t it the least to accept the truth when it is put forward crystal clear without resorting to counter argument and blind folding?

    Thumb up 1

  • CHALITHA RUWAN

    gawainta wada THIRISANEK wenna ona gawamas kanne.enisa ewani THIRISANUNTA bana daham desanawen palak na.

    Thumb up 1

    • කෙවින්

      ඔබ මිනිස්සු හොඳද නැද්ද කියල මනින්නේ කන බොන දේවල් වලින්ද?? ඒ කියන්නේ, ගව මස් කන්නේ නැති, එත් ඌරු මස්, මාළු කන මිනිස්සු තිරිසන්නු නෙමේද, හොඳ මිනිස්සුද?

      Well-loved. Thumb up 8

  • Fish

    මම මත්සයෙක්මි!
    මාහටද කරුණාව දක්වනු මැනවි.

    මාගේ සහෝදර ඉස්සන් හා කකුළුවන් සිතන්නේද එසේමය.
    අනේ මිනිසත් බව ලබපු ඔබතුමන්ලාට බොහෝ පින්.

    අපගැනත් පොඩ්ඩක් හිතන්න.

    කුකුලන්, එළුවන්, බැටළුවන්, ඌරන්, බිත්තර සහ කරවලද සිතන්නේ මා සිතන අයුරිනි.

    මොහොතක් සිතන්න, ගව ගාතනය පවක්, ඒ එක පවක්, අනෙකා මොකක්?

    Well-loved. Thumb up 11

  • Chamika

    ඉතා හොද ලිපියක්.
    මාශ අනුබවය පුරුදූ වූ මිනිසුන්ට ,කුණු රස නැතිව කගත නොහැකි යයි පැවසී.එසේ සිතන්නේ මෝඩ ,අමන තකතීරු වනය.
    මාද මාශ අනුබවකර එය නවත්වා ධනට වසර 4 පමණ වේ.නමුත් ඔය මස නැතුව මගේ කිසිම අඩුවක් නම් නැත.අඩු උනේ රෝගය.ගද්‍ය,දුෂ්ට චේතනය කොපවීමය.
    එබැවින් මේ සත්ව ගතන මෙරටින් ම නැවැත්විය යුතුය. අවශ්‍ය පිරිස අජන්ටින හෝ අමෙරක ගියාට කම් නැත(මුන්ව ගනීද කියල සැකයි?
    සත්ව ගාතනය කරන රටවල මිනිසුන් මිනිසුන්ම මරගනීම සිදුවීම ඇස පනාපිටම පෙනේ.
    මතක සිට මෙරටද පොලොව කම්පා වන්නේ මුන් නිසා වෙන්නට බැරිද නැත!
    කෙසේ හෝ සත්වයන්ටද ජිවිත වීමේ (සත්ව අයිතීන)තිබිය යුතුයි,
    මොකද සත්වයන් යනු අපේම ,එත අතීතයේ දරුවන්ය,දෙමු පියන්ය,අපිමය.

    Thumb up 2

    • asfa

      සත්වයන්ටද ජිවිත වීමේ (සත්ව අයිතීන)තිබිය යුතුයි

      Ethakota saththu kana saththu gana monawada karanne???

      Well-loved. Thumb up 7

      • Jayakantha

        Mata therena widiyata nan uasa manasak athi manusshya satwa maansha kana eka nathara kara daata, kale inna sathun kana saththuth eka nathara karawi kiyaaya. Sinhayinta wunath thanakola kaa jiwath wiya haka. Kale inna lokuka satha wana aliyaata puluwannan sanhayata bari ayi??

        Thumb up 2

  • මංජුල

    අපගේ බුදුදහම අනුව අප මේ මිහිමත ගනන් කළ නොහැකි තරම් වාර ගනනක් ඉපදී ඇත.බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂගනනක් පෙරුම් පිරූහ.ඊට පෙර උන්වහන්සේ මිනිය නොහැකි තරම් ඉපදී ඇත.අපද එසේමය.අප ගවයන් ලෙස කීවරක්නම් උපදින්නට ඇද්ද?මෙහිදී ඇතමුන් තර්ක කරන්නේ ගවයන් මැරීම තහනම් කර අන් සතුන් මැරීමට ඉඩ දීම අපේ අරමුණ බවයි.උන්ට වැරදුනේ එතැනය.මෙය අපගේ පුද්ගලික සටනක් නොවේ.විශ්වයේ ධර්ම ශක්තීන් යහපත් මිනිසුන්ගේ සිල්වත්කම හේතුවෙන් බලවත් වීමයි.සියලු සතුන් ප්‍රානවධයෙන් මුදාගත යුතුය.එය මුහුදේ මාලුන්ටද පොදුය.රජය ධීවර කර්මාන්තයට දෙන සහන ගැන මටනම් ඇත්තේ බලවත් වේදනාවකි.බොහෝ ධීවර තරුනයෝ තමන්ට උරුම වූ මෙම ම්ලේච්ඡ රැකියාව අත්හැර වෙනත් ජීවනෝපායන්ට හුරුවෙති.එය සතුටට කරුනකි.එසේම සම් ආශ්‍රිත නිශ්පාදන ද අධෛර්ය කළ යුතුය.අභ්‍යන්තර ධීවර කර්මාන්තය,ජලජීවී වගාව සත්ව පාලනය වැනි ම්ලේච්ඡ විශයන් පාසල් හා විශ්ව විද්‍යාලවලින් තුරන් කළ යුතුය.මෙසේ කියන විට කෙනෙක් හිනාවීමට කට උල්කරගැනීමටද ඉඩ ඇත.එහෙත් රසායනාගාර මාංශ ගැන අසා නැද්ද.සත්ව පාලනය යන විශය නැත්තටම නැතිකිරීමට මෙම තාක්ෂනය යොදා ගත හැක.අප කළ යුත්තේ ධීවරයන්ට ඉන්ධන සහන දීම නොවේ.ඔවුන්ට වෙනත් රැකියා හදුන්වාදීමය.ගව ඝාතනය නීතියෙන්ම තහනම් කළැ යුතුය.

    Well-loved. Thumb up 9

    • ඉතා හොඳ සංකල්පනාවක්.

      Thumb up 4

    • isuru

      me rate dan inna minissu bahutharaya sathek marenava dakkoth “ane apoi” kiyala a sathagema mas rasa kara kara kanava. thamanta one vidihata buddhagamath venas karagena mas kanakota kiyanava “api me satthu maranne farm karaya ne maranne”. oka kiyanne thamange hitha ravattaganna thaman venuven sathekva maranava kiyala dana danama. mama me gana ape vadihitiyo kiyana ayath ekka kathakoranakota egollo ehema thamai kiyanne. math ithin monava kerannada mama ithin thavama podi ekekne

      Thumb up 0

  • දුමින්ද

    රංග, ඔහෙලට මොලේ නැහැ. ඕක කරන්ඩ පුළුවන් නීතියකින් විතරයි. ඔහෙලට කාවවත් නිර්මාංශ ජීවිතයකට හුරු කරන්ඩ බැහැ. ඕව විහිලු කතා. මන් පෙන්නන්ඩ හැදුවේ ගවයින් විතරක් මරණ එක නවත්වන්ඩ කියන එකේ මෝඩ කම. මොකද ඔය නිතිය ගෙනාවත් මස් කන උන් මස් කන එක නවත්වන්නේ නැහැ. උන් ඒ වෙනුවට තව ආදේශ යෝධ ගන්නවා. ඔහෙලා කියවනන් කියන්ඩ ඕනේ සියලුම සත්ව ගාතන නතර කරන්ඩ කියල. එකේ නම් තේරුමක් තියෙනවා. ඔහේ කියන්නේ කොහොමද මන් අන්යාගමිකයෙක් කියල?? ඔහෙලගෙ ඔය බක පණ්ඩිත කම හින්ද තමයි ඔහෙලව කවුරුත් ගණන් ගන්නේ නැත්තේ. මම බෞද්ධයෙක්. හැබැයි ඔහෙලා වගේ ආගම් උන්මත්තකයෙක් නෙමෙයි. ගෙනාවන් ගෙන්ද “සියලුම සත්ව ගාතන” නවත්වන්ද කියල පනතක්. ගවයින් විතරක් ගෙනේ එකේ කිසිම තේරුමක් නැහැ.

    Well-loved. Thumb up 7

    • // ඔහෙලට කාවවත් නිර්මාංශ ජීවිතයකට හුරු කරන්ඩ බැහැ.//
      මාත් කුඩා කාලයේ මාළු, කරවල, උම්බලකඩ ආහාරයට ගත්ත. නමුත් නිර්මාංශ ආහාර ගෙන ඉගෙන ගත් දේ අනුව දැන් එළකිරි හැර වෙනත් සත්ව ආහාර ගන්නේ නෑ. එසේම පසුකාලීනව නිර්මාංශ වූ අය ඕනැ තරම් සිටිනව. අද බටහිර ලෝකයේ බොහෝ දෙනා නිර්මාංශ ජීවිතයට පුරුදු වෙනව. ඒ අනුව ඔබගේ තර්කය වැරදියි.

      //ඔහෙලගෙ ඔය බක පණ්ඩිත කම හින්ද තමයි ඔහෙලව කවුරුත් ගණන් ගන්නේ නැත්තේ. //
      එතකොට පැන පැන මෙතන කොමෙන්‍ටු දාන්නෙ ගණන් ගන්නෙ නැති නිසාද? අනේ අපටනම් ඔබගේ ගණන් ගැනීම අවශ්‍ය නැත.

      //මම බෞද්ධයෙක්. //
      හරක් මැරුවාට කම් නැත කියන බෞද්ධයෙක්™. :D

      // ගවයින් විතරක් ගෙනේ එකේ කිසිම තේරුමක් නැහැ.//
      ලංකාව තුළ අලි ඇතුන්, වළි කුකුළන්, කපුටන් ඇතුළු බොහෝ සත්ව වර්ග මැරීම තහනම් කරල තියේන්ව කියල ඔබ නොදන්නා හැඩයි. එහෙව් එකේ ගවයින් මැරීම තහනම් කිරීම ප්‍රායෝගිකයි. නමුත් අපට එය බලහත්කාරයෙන් කරගන්න ඕනැ නෑ, රටේ බහුතරය ගව ඝාතනයට විරුද්ධ වුන ගමන් පනත සම්මත වේවි.

      Well-loved. Thumb up 6

      • දුමින්ද

        //හරක් මැරුවාට කම් නැත කියන බෞද්ධයෙක්™. //

        මම කියන්නේ හරං විතරක් මරණ එක නවත්වන්ද කියන එකේ කිසිම තේරුමක් නැහැ කියන එකයි. ඔන්න සියලුම සත්ව ගාතන් නවත්වන්ද කිව්වොත් ලංකාවේ එකේ තේරුමක් තියෙනවා. එකෙක් විතරක් කරන එකෙන් වෙන්නේ ගව මස් වෙනුවට මරණ වෙනත් ජාතියේ සත්තු ඊට වඩා සිය දහස් ගානක් වැඩියෙන් මරණේ එකයි. බොරු කියෙන්නේ මොනවටද, මමත් හරක් මස් කන්නේ නැහැ. හැබැයි අනිත් ඕනේ මසක් කනවා.

        Thumb up 3

        • //මම කියන්නේ හරං විතරක් මරණ එක නවත්වන්ද කියන එකේ කිසිම තේරුමක් නැහැ කියන එකයි. ඔන්න සියලුම සත්ව ගාතන් නවත්වන්ද කිව්වොත් ලංකාවේ එකේ තේරුමක් තියෙනවා.//
          ඔබ නොදන්නවා වුණාට ශ්‍රී ලංකාව තුළ දැනටමත් අලි ඇතුන්, වළිකුකුළන්, කොළගිරවුන්, ඩොල්ෆීන් ඇතුළු බොහෝ ආවේනික සහ වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති සතුන්ව මරා දැමීම තහනම් කර ඇත. ඒ සතුන්ව මරා දැමීම තහනම් කර ඇත්තේ උන්ගේ ඇති යම් සුවිශේෂතා හේතුවනි, ඔබගේ තර්කය අනුව එලෙස කොටසක් විතරක් මරා දැමීම තහනම් කර පලක් නැත. ඔබට අනුව එලෙස සතුන් කොටසක් විතරක් මරා දැමීම තහනම් නොකර මදුරුවන් පවා මරා දැමීම තහනම් කළ යුතුය. දැන් තේරෙනවනේ ඔබගේ තර්කයේ නිෂ්ඵල බව.

          //එකෙක් විතරක් කරන එකෙන් වෙන්නේ ගව මස් වෙනුවට මරණ වෙනත් ජාතියේ සත්තු ඊට වඩා සිය දහස් ගානක් වැඩියෙන් මරණේ එකයි. //
          මෙයට මා පෙර කොමෙන්‍ටුවකින් පිළිතුරු දුනිමි.

          Thumb up 0

        • දුමින්ද

          මදුරුවෙක් කියන්නේ මිනිසාට මාරාන්තික ලෙඩ රෝග ඇතිකරවන සතෙක්. උව මරන්නේ නැත්තන් නලවන්ඩද කියන්නේ? මන් කිව්වේ මිනිසාට කරදර නොකරන සත්තු ගැන. අපි කන සත්තු ගැන. දැන්, ලංකාවේ වළිකුකුළන්, කොළගිරවුන්, ඩොල්ෆීන් මරණ එක නවතතපු හින්ද මිනිස්සු නිර්මාන්ස වුනාද?? ඉස්සර ඩොල්ෆීන්ල කෑවා. ඩොල්ෆින් මරණ එක නීති දාලා නවත්තපුවම මොකද වුනේ? මිනිස්සු මාළු කන එක නවත්තුවද? නැහැනේ? ඩොල්පින් වෙනුවට වෙන මාලුවෙක් ආදේශ වුන එකයි වුනේ. මස් මාළු කන එක තවත් වැඩිවුණා. ඔහෙලට තර්කයක් ගොඩනගන්ඩ බැහැ හරියට. ඔහෙලගෙ දෙවල්වල් කිසිම සංගත බවක් නැහැ. බෞද්ධ දර්මය අනුව සියලු සත්තු ඇවිල්ල අපේ පෙර ආත්ම වල අපේ අම්මල, තාත්තල. එහෙම බැලුවොත් මදුරුවෙක් වත් මරන්ඩ බැරි වෙනවා. ඔහෙලගෙ ඔය තර්ක පුළුවන්නන් එළිපිට කියන්ඩකෝ?? පුළුවන්නන් යු ටුබ් එකේ වීඩියෝ එකක් දාන්දකෝ මුණ පෙන්නලා. ඇයි බයද?? මේ රටේ බුද්ධාගම විහිලුවට ලක්කරන්නේ ඔහෙලා. මරක්කලයෝ නෙමෙයි. ඔහෙලා කරන්නේ තනිකර බුද්ධාගම විකුර්ති කරලා ඔහෙලගෙ පිස්සු විකාර අදහස් මිනිස්සුන්ගේ ඔලුව්වල් වලට දාන්ඩ හදන එක. හැබැයි ඕවට මන් හිතන්නේ නැහැ මේ රටේ බහුතර බෞද්ධයෝ එකඟයි කියලා. මන් නං කියන්නේ ඔහෙලට මේ ඉන්ටෙර්නෙට් අස්සේ හැංගිලා මේවා කරන්නේ නැතුව, මේවා එළිපිට කරන්ඩ කියලා. ඇයි බය?? නැත්තන් ලජ්ජද??

          Thumb up 4

  • ශ්‍රීලාංකීකය

    ගව මාංශ අනුභාවයට අත නොතබනු!
    එලවළු පමනක් අනුභවය කිරීමට කැමති අය, ගව මස් හා වෙනත් මාංශ අනුභවය කරන ජනතාවට එරෙහිව කටයුතු නොකරනු!
    සාධාරන මිළකට ගව මස් හා වෙනත් මාංශ වර්ග ලබා දෙනු!

    ගව ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය අන්තර්ජාල පරිශීලකයන්ගේ ජන මත විමසුම.

    *ඕස්ට්‍රෙලියාවේ මෙන් යාන්ත්‍රික ක්‍රමයට ගවයින් සහ වෙනත් සතුන් ආහාර සඳහා ඝාතනය කිරීම සඳහා ඝාතනාගාර නවීකරනය කිරීම සඳහා රජය විසින් ආධාර කල යුතුය.
    *ශ්‍රී ලංකාව තුල ක්‍රිස්තියානි,මුස්ලිම් හා හිංදු ආගමීක ගොඩනැඟිලිවලට පහර දෙන අන්තවාදීන් වහාම අත් අඩංගුවට ගත යුතුය.
    *ගව මස් හෝ වෙනත් මාංශ අනුභාවය පුද්ගල අයිතියක් බැවින් එයට අත නොතැබිය යුතුය.
    *ගව මාංශ දුප්පත් ජනතාවට ප්‍රෝටීන් සපයන ප්‍රධාන ප්‍රභාවයක් බැවින් ගව මස් වල මිළ ගනන් වහාම පහත හෙලීම සඳහා අවශ්‍ය නීතිමය හා පරිපාලන පියවරයන් ගැනීම
    *ගව මස් වල මිල පහල හෙලීමට හැකිවන පරිදි සියළුම නෛතික බාධා එනම් අත්ඩංගුවට ගැනීම ආදිය වහාම නවතා දැමිය යුතුය.
    *ආර්ජන්ටිනාවේ මෙන් මසට ගවයන් ඇති කරන විශාල ප්‍රමානයේ සත්ව ගොවිපලවල් පිහිටුවීම සඳහා පුද්ගලීක අංශයට රජය දිරි ගැන්වීම් ලබා දීම.

    Well-loved. Thumb up 12

    • එතකොට ගවයින්ගේ ජීවත් වීමේ අයිතියට මොකද වෙන්නෙ?
      කන්න බොන්න ගව මස් වලට වඩා ලාභදායී ඕනැ තරම් දේවල් තිබියදී ඇයි මේ ගවයින්වම මරාගෙන කන්නෙ?
      බඩජාරි කම නේද?

      Hot debate. What do you think? Thumb up 5

      • දුමින්ද

        අපි හිතමුකෝ මේ රටේ ගවන් මරණ එක තහනම් keruwa කියලා. අපි හිතමු ඔහෙලා කියන විදියට ආණ්ඩුව ගවයින් සම්පුර්ණයෙන්ම මේ රටේ මරණ එක, සහ පිටරටින් වුනත් ගව මස් ගෙන එක නැවැත්තුව කියලා නීති ගෙනල්ලා. අපි හිතමුකෝ මිනිස්සු, ඒ කියන්නේ ගව මස් කන මිනිස්සු, ඒක පිළිගත්තා කියලා.

        දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? එත් මේ රටේ ගවයින් වෙනුවට තව සත්තු මිලියන් ගානක් වැඩිපුර මැරෙනවානේ? මොකද එක හරකෙක්ගේ මස් වෙනුවට කුකුළු, එළුවෝ තව සිය දහස් ගානක් වැඩිපුර මැරෙනවානේ. ඒ කියන්නේ ඉස්සෙල්ල ගවයින් ලක්ෂ 4ක් විතර මැරුවා අවුරුද්ධකට මස් වලට. දැන් ඒ ගවයින් ලක්ෂ 4 මැරෙන්නේ නැහැ. හැබැයි දැන් ඒ වෙනුවට කුකුලෝ සහ එළුවෝ වැඩිපුර මිලියන් ගානක් මැරෙනවා අර ගවයින්ගේ අඩුව පුර්වන්ඩ. එතකොට ඕගොල්ලෝ එක සතෙක් මරණ එක නවත්වලා, ඒ වෙනුවට තවත් සත්තු ඊට වඩා 100 ගානක් මරවනවා නේද??

        දැන් එතොකොට ඕගොල්ලෝ මොනවද කරන්නේ?? ඊට පස්සේ කැම්පේන් එකක් පටන් ගන්නවද එළුවෝ, නැත්තන් කුකුලෝ මරණ එක නවත්වන්ඩ?

        Well-loved. Thumb up 9

        • අපි හැම ජීවියෙක්වම සිතාමතා මරනවට විරුද්ධයි.

          ගවයින් මරා දැමීම වළක්වාගැනීම මගින් බලාපොරොත්තු වෙන්නේ ගව මස් වෙනුවට, ගව මස් කන ජනතාව කුකුළ් මස් වලට හෝ වෙන මසකට හුරු කිරීම නොව, ඔවුන්ව නිර්මාංශී ජීවිතය හුරු කරවීමයි. එවිට ඔබ කියන ගැටළුව ඇති වන්නේ නෑ.

          එක් අතකින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බල කරන අතරේ අනික් අතින් ජනතාව දැනුවත් කරන්නේ එනිසයි.

          ඔබ මස් අපතේ යාම ගැන ඔච්ච්චර වද වෙනවනම්, ඔහෙලගෙ ඥාතියෙක් මැරුනාමත් දේහය වල දාන්නේ ඇයි? මළ කුණ උයාගෙන නොකන්නේ ඇයි? ඒක ම්ලේච්ඡ ක්‍රියාවක් නිසානේ. අන්න ඒ වගේ තමයි අපිට මළ මිණී කන එක විතරක් නොවෙයි කිරි හරක්ව මරාගෙන කන එකත් පේන්නේ අන්ත ම්ලේච්ඡ ක්‍රියාමාර්ගයක් ලෙසට.

          Hot debate. What do you think? Thumb up 7

      • කොණ්ඩෙ බැදපු චීනා

        “අයිතීන්” කියන දේ සතුන්ට අදාල වෙන්නෙ නෑ. මන්දයත්, සත්තුන්ට “යුතුකම්” නොමැති නිසා. විවිධ යුතුකම් ඉටුකිරීමට බැදීසිටින්නේ මිනිසා නැමති ජීවියා පමණි. ගවයාට මිනිසා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් නොමැති බැවින් මිනිසාටද ගවයා වෙනුවෙන් ලබාදිය යුතු අයිතීන් නොමැත. ඇරුත්, ගවයින්ට සවිඤ්ඤාණකභාවයක් නොමැත. සවිඤ්ඤාණකභාවයක් ජනනය වීම පිණිස භාෂාව අවශ්‍යය. ගවයින්ට භාෂාව නොමැති බැවින් ගවයින් යනු හැගීම් දැනීම් නොමැති හුදෙක් ලෙයින් මසින් සැදුණු යන්ත්‍රයන් පමණි.

        Well-loved. Thumb up 8

        • සතුන් යනු මිනිසාගේ පරිහෝජනය වෙනුවෙන් දෙවියන් විසින් මවා දෙන ලද්දක් නැමැති ඒභ්‍රාහමික ආගමික ඉගැන්වීම අනුවයි සතුන් යනු ප්‍රාණයක් ඇති ජීවීන් නොවන බව ඔබ පවසන්නේ.

          නමුත් බුදු දහමට අනුව සතුන්ට පණ තිබෙනව. එලෙසම මිනිසුන් මිය ගිය පසුව සතුන් ලෙසත් (තිරිසන් අපායේ) සතුන් මිය ගිය පසුව මිනිසුන් ලෙසත් ඉපදෙන්නට පුළුවන්.

          එසේම සත්ව අයිතිවාසිකම් ගැන බටහිර පවා දැන් ඕනැ තරම් කතා කරනව. https://www.google.lk/#hl=en&gs_nf=1&cp=9&gs_id=z&xhr=t&q=animal+rights
          ඒ අනුව ඔබගේ ආගම බටහිරින් පවා ප්‍රතික්ශේප වි ඇති බව කිව හැකියි.

          අවසාන වශයෙන් ඔබගේ නම ඔබට වඩාත් ගැලපෙන බව සිතේ.

          Hot debate. What do you think? Thumb up 6

        • කොණ්ඩෙ බැදපු චීනා

          ඉතිං රංග, යම් දෙයක් තමන්ගෙ ආගමේ තිබූ පමණින් ඒ දේ සත්‍ය වෙනවද? යම් දෙයක් තමන්ගෙ ආගමේ නොතිබූ පමණින් ඒ දේ අසත්‍ය වෙනවද? සෑම දෙයකම සත්‍ය අසත්‍යතාවය ගැන මිම්මක් ගන්නා නිවැරදි ක්‍රමවේදය ඒ දේ තමන්ගේ ආගමේ තියනවාදැයි පිරික්සීමද? “අපේ ආගමේ මෙහෙම තියනවා. ඒක නිසා ඒක හරි” යනුවෙන් තර්ක කිරීම වලංගුවන්නේ නම් එසේ තර්ක කිරීම අබෞද්ධ අයටත් එලෙසම වලංගුවෙනවා නේද? අනෙක, සංස්කෘතිකමය වශයෙන් විශාල විවිධත්වයක් ඇති ලෝකය “බටහිර-පෙරදිග” යනුවෙන් ද්විකෝටිකයකට වෙන්කිරීම මෝඩකමක් නොවේද? එමෙන්ම, “අරගොල්ලොත් මේක ගැන කතා වෙනවා” කියූ පමණින් එකී දේ සත්‍ය බව ඔප්පු වෙනවා යැයි තර්ක කිරීම බුද්ධිගෝචර නොවන බව පොඩි එකෙකුට පවා වැටහෙනවා නේද? ඇරුත්, යම් තර්කයක වලංගුභාවය විශයෙහි එම තර්කය ඉදිරිපත් වූ භූමි ප්‍රදේශය කුමක්ද යන්න වැදගත් නොවන බව යමෙකුට තේරෙන්නේ නැතිනං ඔහුගේ බුද්ධි මට්ටම ගැන යහපත් ආකල්පයක් ඇති කරගැනීමට නොහැකියි නේද?

          Well-loved. Thumb up 6

        • අන්න එනිසා තමයි බහුතර කැමැත්තෙන් සත්ව ඝාතනය තහනම් කිරීමට නීතියක් පැනවීම සුදුසු බව අප හැම විටම යෝජනා කරන්නේ. එහිදී පුද්ගලයන්ව දැනුවත් කිරීම හරහා අප හැකි තරමින් ඊට දායක වෙනව.

          එහිදී ඔබ නියෝජනය කරන ආගම හෝ අප නියෝජනය කරන ආගම අනුව රටේ තීරණය නොගෙන, බහුතරයකගේ අදහස මත රටේ තීරණය ගැනීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන්නේ නෑ.

          රජය මගින් කෙසේ හෝ ගව ඝාතන වැළැක්වීමේ පනත සම්මත නොකළේ ඇයි කියල සමහරු අහන එකට උත්තරේ තමයි ඔබ දීල තියෙන්නෙ. එනිසා රටේ බහුතරය (සියයට පනහකට වඩා) ගව ඝාතනයට විරුද්ධ වුණ ගමන් අදාල පනත සම්මත වේවි. ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයට බාරයි.

          ඒකට උදාහරණයක් දක්වනවනම් ඉස්ලාම් ආගමට අනුව
          1. බිරිඳන් 4 දෙනෙක් තබා ගන්න පුළුවන්.
          2. වැරදි කාම සේවනයේ යෙදුන අයට කස පාර 100 ලබා දිය යුතුයි.
          ඉතින් මුස්ලීම් අය බිරිඳන් 4ක් තබා ගැනීමට රටේ බහුතරය විරුද්ධ නැති නිසා ඒ මතයට අප රටේ නීතියේ (මුස්ලීම් විවාහ නීතිය) වෙනම ඉඩ දී තිබෙනව. නමුත් මුස්ලීම් අය කැමති වුණත් අප රටේ බහුතරය කස පාරවල් දීමට එකඟ නැති නිසා එම ම්ලේච්ඡ ආගමික දඬුවම් රටේ තහනම් කර ඇත.

          අන්න ඒ වගේ රටේ බහුතරය එළ ගවයින්ව සහ පැටවුන්ව මැරීමට දැන් දැඩි ලෙස විරුද්ධ නිසා ලිපියේ ඇති සත්ව පනත ප්‍රකාරව උන්ව මැරීම තහනම්. නුදුරදීම රටේ බහුතරය සියලුම ගවයින් මරා දැමීමට විරුද්ධ වුණ ගමන්ම සියලුම ගවයින්ව මරා දැමීම තහනම් බවට නීතිය සම්මත වේවි.

          කොණ්ඩෙ බැදපු චීනා (ඔබට ඉතාමත් ගැලපෙන අනවර්ථ නමක්) ප්‍රශ්න නගන්නේ යමක් විමසා අවබෝධ කර ගැනීමට නොවන නිසා මෙම පිළිතුර දැක්වුවේ ඔබට නොවෙයි, ඔබගේ තර්කය මොකක්දැයි බලන අපගේ හිතවතුන්ගේ අවධානය පිණිසයි.

          Thumb up 3

      • ශ්‍රීලාංකීකය

        ගවයන්ගෙ ජීවත්වීමෙ අයිතිය?එතකොට කිඹුල්ලු, ගඟේ යනකොට හරක් ,මුවෝ,ගෝන්නු,වල් ඌරන් ආදි සතුන් අල්ලන් කන කොට එම සතුන්ගෙ ජීවත් වීමෙ අයිතිය ගැන මොකද ඔබ කියන්නෙ?
        හරකට මෙතරම් වැදගත් තැනක් දෙන්නෙ ආදියේ සිටම බුද්ධාගමට බලපෑ හින්දු ආගමේ දැඩි බලපෑම නිසාය.
        දැනට ලංකාවේ බුද්ධාගම නමින් කරන වතාවත්,චාරිත්‍ර-වාරිත්‍ර හා වෙනකක් තබා ප්‍රතිමා නෙලීමේ කලාවත් බුද්ධාගමට ලැබී ඇත්තේ ඉන්දියාවේ හින්දු ආගමීක බලපෑම නිසාය.
        ඔබ කියන්නෙ සත්තු වත්තේ ඉන්න සිංහයන්ට තනකොල කවන්න පුරුදු කරන්න කියලද?
        සත්තු වත්තේ සිටින සිංහයන්ට හා වෙනත් සතුන්ට හරක් මස් දෙන්න නම් උන් මරා මස් ලබා ගත යුතුය.
        ඉන්දියාවෙන් මස් ගෙනාවත් හරකුන් මරා මිස හරක් මස් ලබා ගත නොහැක!
        කැලේ සිටින දිවියන් ගෝනුන් මුවන් වල් ඌරන් හා වෙනත් සතුන් මරා කන විට උන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන ඔබ මොකද කියන්නේ?
        එතකොට ඔබ කියන්නේ ගුනදාස අමරසේකරගෙ ‘යුදෙව් චින්තනකාරයින්’ ලවා උද්ගෝෂනය කරවා ‘අභයභූමි’ වල සිටින සතුන් එකෙක් අනිකා මරා කෑම වැලැක්වීමට, ‘උරුමකාරයින්’ ලවා ආංඩුවෙන් පනතක් ගෙනැවිත් සම්මත කරන්න කියලද?
        පිඹුරන්ට ,පොලඟුන්ට,නයින්ට සතුන් මරා කෑම තහනම් කල හැකිද?
        ගැරඩියන් විසින් ගිල දමන ගෙම්බන්ගේ ජීවත්වීමේ අයිතිය ගැන ඔබ මොකද කියන්නේ?
        ගෙම්බන් විසින් ගිල දමන කුඩා සතුන්ගේ ‘ජීවත් වීමේ අයිතිය’ ගැන ඔබ මොකද කියන්නේ?
        සතුන් එකෙක් තම අවශ්‍යතාවය සඳහා අනෙක් සතුන් මරා කනවා නම් මිනිසා විසින් සත්ව මස් කෑමේ ඇති වැරැද්ද කුමක්ද?
        එය ස්වභව ධර්මයට සම්පූර්නයෙන්ම අනුකූලය.

        අනුන්ට කියන බන දෙසන සමහරු තමුන් එය පවත්වන්නේ නැත!බුදුන්වහන්සේ කොතැනකවත් කියා නැහැ අනිකුත් දෘෂ්ඨිකයන්ගේ වන්දනාමාන කරන ස්ථානවලට පහරදී විනාශ කරන්න කියල,හිංසා පීඩා කරන්න කියල.
        නුමුත් දැන් එයත් සිදු වෙනව.හරකුන් මැරීමට විරුද්ධ වෙනව.හැබැයි බෞද්ධ නොවන අයගේ ආගමීක ස්ථානවලට පහරදීම සිදු වෙනව!

        Well-loved. Thumb up 6

        • //එතකොට කිඹුල්ලු, ගඟේ යනකොට හරක් ,මුවෝ,ගෝන්නු,වල් ඌරන් ආදි සතුන් අල්ලන් කන කොට එම සතුන්ගෙ ජීවත් වීමෙ අයිතිය ගැන මොකද ඔබ කියන්නෙ?//
          අපි මිනිස්සු මිසක් කිඹුල්ලු නෙමෙයි. කිඹුලන් මෙන් බලවතාගේ චරිතය රඟපා පීඩිතයන්ව නොමරන හින්දයි අපිට මිනිස්සු කියන්නෙ.

          //හරකට මෙතරම් වැදගත් තැනක් දෙන්නෙ ආදියේ සිටම බුද්ධාගමට බලපෑ හින්දු ආගමේ දැඩි බලපෑම නිසාය.//
          බුදු දහමෙත් හරකට වැදගත් තැනක් දී තිබෙනව. බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය සොයාගෙන කියවා බලන්න.

          //ඔබ කියන්නෙ සත්තු වත්තේ ඉන්න සිංහයන්ට තනකොල කවන්න පුරුදු කරන්න කියලද?.//
          ඔයා සත්තු වත්තේ ඉන්න සිංහයෙක් නෙමෙයිනෙ. මනුස්සයෙක් නේද? මං කියන්නෙ මිනිස්සුන්ගේ ආහාර ගැනයි. සතුන් මෙන්ද ඔයත් හැසිරෙන්නෙ?

          //සත්තු වත්තේ සිටින සිංහයන්ට හා වෙනත් සතුන්ට හරක් මස් දෙන්න නම් උන් මරා මස් ලබා ගත යුතුය.//
          සත්තු වතු වල තිරිසන් සතුන් ගාල් කරගෙන තබා ගැනීමටත් මානම් විරුද්ධයි. උන්ට අයත් වන්නේ වනාන්තරයයි. උන් පව් කරගත්තට අපට කරන්න දෙයක් නෑ. ඒක හරියට අරාබියේ මුස්ලීම් අය අනිත් මිනිස්සුන්ගේ බෙලි කපා දැම්මට අපි ඒව බේරන්න යන්නෙ නෑ වගේ කැලේ සත්තු කරන පව් කාරකම් අපි බේරන්න යන්නේ නෑ.

          ඉතිරි ටිකත් නැවතත් වටේ යාමක් බැවින් ඒවාට පිළිතුරු ඉහත දැක්වෙනව.

          Thumb up 3

    • Dulantha

      මේක ලියපු එකානම් යුදෙව් අන්තවාදියෙක්. ඌට තියෙන්නේ මිනිස් අවශ්යතා වෙනුවෙන් මුලු ජීවී ස0හතියටම කුමක් කළත් කම නෑ කියන අන්තවාදී අදහස. මේවනි අදහස් ගලා එන්නේ ය්දෙවු චින්තනයෙන්. මූ වගේ එවුන්ට මේකේ බරපතලකම තේරෙන්න ආජන්ටිනාවෙ හරක්වෙලා ඉපදෙන්නම ඔනෙ.

      Hot debate. What do you think? Thumb up 6

  • රනිල් Ranil

    අපේ උන් ඔය ගවයෝ ගැන ඔයි තරම් සැලකිල්ලක් දක්වන්නේ උනුත් හරක් වගේ නිසා. මේ රටේ වැඩිපුරම ඉන්නේ බත් කන හරක්. ආයි එක කතා දෙකක් නැහැ. සුද්ධෝ අපිට නිදහස දීල අවුරුධු 64ක් වෙලත් අපිට තාම පාරක් වත් හදා ගන්ඩ බැහැ. ලැජ්ජයි. එක්කෝ සුද්ධෝ වගේ දියුණුව කර ළඟ වෙනද ෆුල් ට්‍රයි එකක් දෙන්ඩ ඕනේ. නැත්තන් මේ කෙහෙල්මල් බටහිර ජිවන ක්‍රමය ඇත හැරලා 1505 ට ඉස්සෙල්ල වගේ ඉන්ඩ ඕනේ. ඔයි දෙක අතර මැදි අවස්තාවක් නැහැ. හැම දේටම “මද්යම ප්‍රතිපදාවක්” නැහැ. අපේ බත් කන හරක් හිතන්නේ හැම මගුලකටම මැදි පිළිවෙත හරි යනවා කියලා. මේවා තිනකර මිත්‍යා අදහස්.

    Hot debate. What do you think? Thumb up 8

  • firdhous

    I want to bring to the notice of intelligent people like Range this matter which bothered me for long. With the intention of saving an animal probably cows which produce milk are released from the butcher house time to time at various places. But the situation of those animals and the consequence there after become worse than leaving them to die/killed and taken as food. These animals are left to stray without anyone to care it, bath it or treat it when required and they become a nuisance for the safety of public and their properties. Such stray animals can eat up any plants in any house, drop dung everywhere and may cause accident while crossing road which may result in loss of life and property. There is a need for a place or system to serve and leave these animals or the available facilities should be enhanced without leaving any animal to stray. Otherwise what is done in the name of protecting an animal will be rather a joke than a service.

    Thumb up 4

    • Priyantha Liyanage

      I completely agree with you. If they are rescued then there should be a place to raise them but however when most people release them they are handed over to a farmer or someone who already raise cows not just released to the streets cos then the butcher will come and grab them again:)
      Any way i feel it’s better to release them [no matter how they are raised subsequently] rather than let them be killed. Can i draw your attention to some thing else to ponder? Did you consider why they are butchered in the first place? Because the cow has butchered someone else in the previous birth, probably the present butcher. So untill the karma is fully paid both of them will rotate their roles as butcher>cow>butcher>cow……and nothing we can do about it other than see how dangerous this sansara[life>birth>life cycle] is.

      Thumb up 4

      • firdhous

        Thank you Priyantha for your worthiest reply comment. Can you let me know where/in which Pitaka/Nikaya can I see the theory of Sanksara you mentioned. If you can show the Gathas I would appreciate it much. I am interested to learn about it more.

        Thumb up 1

        • Priyantha Liyanage

          To show you the dangers of Sansara and the Karma [the cause & effect] i have to direct you to practically every suthra Buddha preached. Off hand the DEVADUTHA suthrya comes to my mind [of Majjima nikaya. book 3.10] where it really gave me a scare. Not only me but numerous people were driven to mediation just by reading/listening it and so many has attained marga-pala due to it but let me search and direct you to some obvious places to know about it. Again i can advise you to read Dhammapada following verses;
          Baala Vagga – 7, 10,12.
          Panditha Vagga – 10
          Paapa Vagga -11,12
          Dhanda Vagga – 1,3,8
          Let me also tell you an incident in Buddha’s time. Ananda thero used to ask Lord Buddha everytime some one dies as to where he is born now. He told him their fate several times but finally he said “don’t tire me by asking these trivalent matters. If you want to know what happened to some one after death, just examine how he/she has been living this life. He/she would have born according to the way he lived.”

          Thumb up 1

  • Priyantha Liyanage

    නාම-රුප පන්චස්කන්දයෙන් තැනුණු සියල්ලෝම සත්වයින්ය. කිසිම සතකුගේ දිවි තොර කිරීම කිසිවකුටත් අනුමත කල නොහැක. බුදු පියාණන් වදාල ලෙසපට මව නොවූ, පිය වූ, දරුවන් නොවූ ,ස්වාමි පුරුෂයා-බිරිය නොවූ සත්වයෙක් මේ අනාදිමත් සංසාරයේ සොයා ගැනීම ඉතා අපහසුය. ඒ අතින් බැලුවද කිසිවෙක් මස් කන්නේද , ඒ යම් දවසක තම පියා,මව,පුතා,දුව වූ අයකුගේ මස් කෑමය. තමා විසින් දිවි තොර නොකෙරු සතෙකුගේ මස් අනුභවය හේතුවෙන් තමාට පවක් සිදු නොවුනනොත් ඒ සතාගේ මස් මුදල් දී ගැනීමෙන් සතාගේ මරණයට හා අනාගතයේ තවත් සතුන්ගේ මරණයට අනියම් ආකාරයකින් සම්බන්ම අද වීම වැළක්විය නොහැක. මස් පිණිස හෝ නැතිව හෝ කිසියම්ම විදියේ ඝාතනයක් අනුමත කිරීම මනුස්සකම නොවේ. එසේම ඒ සතාට මරණ මොහොතේ ඇතිවන බිය, කෙසේ නම් අප අමතක කල හැකිද? ඒ මරණයට යොමු වන්නේ අප නම්, අපගේ ආදර අම්මා,තාත්තා නම්, අප දිවි දෙවෙනි කොට රකින දුව පුතානම්, අපට එය දැරිය හැකිද? මනුස්සයන් ලෙස අප කෙසේ එවැනි දරුණු දුකක් අනිකෙකුට දීම අනුමත කල හැකිද? මස් කැමට අප තුල ඇති ගිජුකම අපව කෙතරම් අමනුස්සයන් කර ඇත්ද?

    Well-loved. Thumb up 13

  • samarasekara

    srilankave inna ayagen 75% pamana buddhist api.Ithin api hamooma ekathuvela harak mas kana eka nathara karamu.evita anvaryayenma mas kada tika vahenava.mokakda kiyala kiwwoth mas kadawal valata business nathivana handa.eeta passe pahasuvenma gava gaathanaya thahanam karanna puluvan.

    Thumb up 4

    • ඒක හොඳ අදහසක්.

      එසේම ශ්‍රී ලංකාවේ සිටින බෞද්ධයින් ගණන 70% ක් වෙයි.

      කෙසේ නමුත් මුස්ලීමුන් නිසා ගව ඝාතනය තහනම් කිරීම පහසු නැත, යම් ලෙසකින් එවැන්නක් කළොත් එලෙස කළ රජය පෙරලීමට සමස්ත මුස්ලීම් ප්‍රජාවම විපක්ෂයට සහාය දේවි. පහුවදා ගෙදර යන්න බලාගෙන ගව ඝාතනය තහනම් කිරීමට රජයට සිදුවේවි, එසේම ඉන් පසුව පත් වෙන රජය මගින් නැවතත් ගව ඝාතනය නීත්‍යානුකූල කරාවි.

      සිංහලයන් දේශපාලනමය වශයෙන් බෙදී සිටින තාක් කල් ජාතියට ගොඩ යාමක් නැත.

      Well-loved. Thumb up 12

  • sherin

    Gawa gathana neththam Hama ne,
    Hama neththam Bera ne,
    Bera neththam Bana ne,
    Bana neththam Buddhagama ne.

    Well-loved. Thumb up 10

  • Sumanasekara

    “ඌ අපට වඩාත් සමීපතම සත්වයා බැවිනි.”
    ඇයි එහෙම කියන්නේ?

    Hot debate. What do you think? Thumb up 6

    • බීමට ගන්නා කිරි ලබාගන්නේ ගවයාගෙන් නිසයි. ඊට අමතරව කෘෂිකර්මාන්තය සඳහා ගවයා ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. අන් කිසිදු සතෙක් මිනිසාට එතරම් ප්‍රයෝජනවත් නැත.

      කිරි රස දන්නෝ මවු හදුනන්නෝ…
      බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ…
      බත් සහ කිරි රස දෙකම නොදන්නෝ…
      මිනිසත් බව ලැබ කුමට උපන්නෝ…

      ලේකිරි අයිතිය වහුපැටියන්නේ…
      දම්සක් වල ගල වැදී බිදෙන්නේ…
      ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ…
      හිත්වල ඇයි කල ගුන නොරැදෙන්නේ…

      නමුත් සමහර අය (විශේෂයෙන්ම නගරබද “මැඩම්” ලා) ගවයාට වඩා බල්ලා සමීප සතෙක් බව විශ්වාස කරන අතර ඔවුන්ට එලෙස පිළිගැනීමටත් අයිතියක් ඇත. ඒ අනුව ඔවුන් වඩාත් ප්‍රමුඛතාවය දෙන්නේ බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි.

      Well-loved. Thumb up 13

      • දුක්ගන්නාරාළ

        කෘෂිකර්මය සඳහා ට්‍රැක්ටර් භාවිතය වර්ධනය වන වර්තමාන කාලයේ ගවයාගේ වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. බීමට ගන්නා කිරි වුනත්, බොහෝ දෙනා ලබාගන්නේ විදේශවලින් ආනයනය කල පිටි කල කිරි ආකාරයෙනි. එවැනි කාලයක ගවයා වැදගත් වන්නේ හුදු ආහාරයක් ලෙස පමණි. නැතිනම් සුරතල් සතෙකු ලෙස පමණි. මාගේ මතය නම්, අතීතයේ මෙන් ගවයා ගැන personal ගැනීමක් අනවශ්‍යයි. කන එවුන් කාපුවවේ. උන්ව අවමානයට පත් වන ලෙස ලිපි ලියා, හරක් මස් නොකන අපි තමයි පොරවල් යයි ඇඟවීම නොකළ යුතුය. රංග ජයවර්ධන හෝ අශෝක මැනික්ගොඩ හරක් මස් නොකෑවා කියා මුළු ජාතියම හරක් මස් අත හැරිය යුතු නැත. එසේ කිරීමට යාම, මුස්ලිමුන් බහුල ප්‍රදේශවල ඌරු මස් තහනම් කිරීමට දෙවැනි නොවේ.

        Thumb up 0

        • //උන්ව අවමානයට පත් වන ලෙස ලිපි ලියා, හරක් මස් නොකන අපි තමයි පොරවල් යයි ඇඟවීම නොකළ යුතුය.//

          ඔබට අමතක වුණාද “භාෂණයේ නිදහස” කියන එක. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය කියවා බලන්න. රෙටේ නීතිය කිසි ආකාරයකින්වත් උල්ලංඝනය නොවන ලෙස මෙම ලිපිය ලියා තිබෙයි. එසේ තිබියදීත් මේ ලිපිය ඔබගේ මතයට නොගැලපීම පමණක් හේතු කරගෙන විරුද්ධ වෙන ඔබගෙන් දිස් වන්නේ අන්ත මුස්ලීම් මූලධර්මවාදියෙක්ගේ විලාශයයි. මෙම ලිපියෙන් ගවමස් කන්නෙක් වන ඔබට රිදුනාට අපට කරන්නට දෙයක් නැනැ.

          // එසේ කිරීමට යාම, මුස්ලිමුන් බහුල ප්‍රදේශවල ඌරු මස් තහනම් කිරීමට දෙවැනි නොවේ.//

          මේ කතාවෙන්ම ඔබගේ අවබෝධයේ තරම වැටෙහෙනව. මා ලිපියක් ලිව්වා පමණි. එනම් රටේ නීති ප්‍රකාරව අදහස් දැක්වීමකි. නමුත් මුස්ලීම් මූලධර්මවාදීන් නීතිය අතට ගෙන ඌරු මස් කෑම තහනම් කරයි. ඔය දෙකේ වෙනස වටහාගැනීමට නොහැකිව දෙක සංසන්දනය කරන ඔබ ගැන සාතිශය සංවේගය පළකරමි.

          මෙම ලිපියට විරුද්ධව තර්ක නගපු අයගේ බුද්ධියට ප්‍රමාණවත් පරිදි පිළිතුරු සපයා ඇති නිසා ඔබට අලුතෙන් දැක්විය යුත්තක් නොමැතිය.

          Thumb up 2

        • දුක්ගන්නාරාළ

          රංග >
          ඔබගේ පිළිතුරට ”Reply” බොත්තමක් නැති නිසා, මගේම කොමෙන්ටුවේ බොත්තම ඔබා ඔබේ කොමෙන්ටුවට පිළිතුරු දෙමි. කමා උන මැනවි.

          මම ඔබේ ලිපි ලිවීමේ අයිතියට විරුද්ධ නැත. විරුද්ධ නම් මම මෙහි කොමෙන්ටු දම දමා ඉන්නේ නැත. විදුලි සංදේශ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමි. නැති නම් වෙනත් නීති මාර්ගයෙන් කටයුතු කරමි. මට ඇති ගැටලුව “මං පොර ජාතකය” ආකාරයේ ලිපි ගැනය. හරක් මස් විතරක් කන එවුන්ගේ අයිතියට ඔබ විරුද්ධ නිසාය. මා ප්‍රකාශ කලේ, ඔබගේ මතයට විරුද්ධ(හරක් මස් කන) පිරිසට අවමාන නොකළ යුතු බවයි. ඔබ එසේ කලාට මට රිදෙන්නේ නැත. මන්ද, මම එය personal නොගන්නා නිසාය. මා වෙළඳ පොලේ ඇති ඕන මසක් කන නිසා, හරක් මස් තහනම් කලත් මට ගැටළුවක් නැත.

          //නමුත් මුස්ලීම් මූලධර්මවාදීන් නීතිය අතට ගෙන ඌරු මස් කෑම තහනම් කරයි.//
          //මා ලිපියක් ලිව්වා පමණි. //
          ඔව්. ඒක ඇත්ත. ඔබට ලිපි ලිව්වා කියා හරක් මස් කෑම තහනම් නොවේ. නොදෙවෙනි වේ යයි කීම අතිශයෝක්තියක් මිස 100% සමාන යයි කීවා නොවේ.
          නමුත් මර්වින් සිල්වා වැනි මන්දබුද්ධික මුලධර්මවදින්ද නීතිය අතට ගෙන එසේ කරති. නැතිනම් හෙළ උරුම මුලධර්මවාදින් එසේ කිරීමට නීති ගෙන ඒමට උත්සාහ දරති. හැබැටම ඔබලාට බැරිද මුස්ලිම් සෙට් එකක් ඉන්න පැත්තක් අල්ලලා ඌරු මස් කඩයක් දාන්න? අර අන්වර් මනතුංගට තරු විසි වෙන්නත් එක්ක. නීතියෙනුත් ප්‍රශ්නයක් නෑ නේ? එතකොට උන් එක්ක ඩීල් එකකට එන්න පුළුවන්. උඹල හරක් මස් විකුණන එක නැවත්තුවොත්, අපි ඌරු මස් විකුණන එක නවත්තනවා. අදහසක් පමණයි. සලකල බලල හොඳනම් කරන්න.

          Thumb up 1

        • හොඳ අදහසක්, (නමුත් මං මස් කඩ දාන්නේ නැති නිසා [නොකළ යුතු වෙළඳාමක්] ඒක මට ප්‍රායෝගික නෑ) අපි හිතමු දේශපාලන හයියක් අරගෙන එවැන්නක් කළා කියල. එතකොට මේ යෝජනාව ඔබගේ නිසා ඔබ නිහඬ වුනත් තවත් අය කියාවි මෙන්න මෙයාට නිකම් ඉන්න බැරිව රටේ ජාතිවාදය අවුස්සනවා. 30 අවුරුද්දක් යුද්ද කලා මදිවට මුස්ලීම් පැති වල ඌරුමස් කඩ දාලා…(ඉතිරි හෑල්ල දන්නවනෙ)

          Thumb up 2

  • rukmal

    Jayawardena Sir, harakun obatawada sampathama sathwaya kiyala matanam piligannabe.Namuth oba eyata ekagawenawanam magen prashnayak ne

    Thumb up 4

  • Ruwan Sampath Wickramathilaka

    me panathea sinhala eka dammanamm tamaii wada hoda mokada apita hodata terena baashaava sinhala nisaa

    Thumb up 1

    • ඔව් සහෝදරයා, නමුත් එහි සිංහල එක අන්තර්ජාලයේ සොයාගන්නට නොහැකි වුණා. පුළුවන් වුණොත් ගැසට් එක හොයාගෙන ස්කෑන් කරල දාන්නම්.

      Thumb up 4

  • Dulantha

    නීතිවිරෝධී ගව ඝාතනය පමනක් නොව නීත්යානුකූල ගව ඝාතනයද බලවත් වරදකි. එබෑවින් මෙහි නීත්යානුකූල බව ඉවත් කිරීමට වහ අප අදාල බලධාරීන්ට බල කළ යුතුයි.

    Hot debate. What do you think? Thumb up 7

  • The Matrix

    සභ්‍යත්වයේ සහ සංස්කෘතියේ දුහුල් පටලයෙන් වැසී තිබුණත් මිනිසා යනු ස්වභාව ධර්මයේ තවත් එක් නිමැවුමක් පමණයි. තවත් එක් සත්ත්වයෙක් පමණයි. සභ්‍යත්වය යන්න නිකම්ම නිකම් කඩතුරාවක් පමණයි. මිනිසා මස් කෑමේ කිසිම ප්‍රශ්ණයක් මා නම් දකින්නේ නැහැ.

    ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති මස් වර්ගය ගව මස්. ඉතින් ලංකාවේ කියා වෙනසක් ඇයි. අපි කොතරම් බෞද්ධ හෝ සිංහල යයි කීවත් වැඩියෙන්ම ගව මස් නොකනවායයි කිව හැකිද. වෙළඳ සැලක උදේට ගෙනෙන සම්පූර්ණ මස් ප්‍රමාණයම හවස් වන විට අවසන් වන්නේ මේ නිසාද?

    Hot debate. What do you think? Thumb up 8

  • කොණ්ඩෙ බැදපු චීනා

    It is extremely unlikely that cows, along with many other animals, are conscious, especially when we consider the observation that such animals do not possess language. Language is, indeed, a foregoing consciousness-generating factor. A debate regarding this topic should be open to question the taken-for-granted assumptions in all participating parties. However, such thing is not happening. Most people’s arguments are based on the religious views they have uncritically subscribed just because those religious views were injected into their brains from their childhood.

    Thumb up 3

    • Priyantha Liyanage

      How can you say that they don’t have a conscious? Do you really believe that animals don’t feel any thing? Select the most dirtiest stray dog infected with so many skin diseases, with hardly any food or any creature comfort. Try to grab it and try to kill it. Of course he will run. Even the most diabolical creature loves his life more than any thing else. So he will do his very best to escape from death. Every animal loves it’s life. Language has nothing to do with conscious. In fact what you term as language is “your” language. Just because you don’t understand him doesn’t mean he is not communicating.

      Thumb up 2

      • කොණ්ඩෙ බැදපු චීනා

        Just because an animal behave as if it is conscious does not mean that it is really conscious. Many simple robots behave as if they are conscious. Are you going to attribute consciousness for those metal-headed machines?

        Thumb up 2

        • Priyantha Liyanage

          All LIVING beings have VIGGANA, WEDANA,SANGHGHA,SANKARA be it a human,animal-big or small. A tree or a Robot will not have them. Animals do have conscious. They love, they get angry, sad etc etc.
          Dhammapada – Dhammattha vagga 15;
          “One cannot become a noble person by injuring lIVING beings.He who refrains from injuring LIVING beings is a noble person.” [Will you say animals are NOT living beings?]

          Thumb up 1

  • mahinda

    ශ්‍රී ලංකාව තුල ගව ගාතනය දිනෙන් දින වැඩි වෙන තත්වයක් ඇත. මේ තත්වයට මුලීක හේතුව සිංහල ජාතිය ලෙස අපගේ ඇති දීන මනසිකත්වයි. සුද්දන් අපට 1948 දී නිදහස දුන්නත්, යටත් විජිත කාලයේත් එටේ පසුව බලයට ආ සියලු ආණ්ඩුත් සිංහල මිනිස්සුන් අවුරුදු දහස් ගානක් තිස්සේ රැකගෙන ආ සදාචාරය සහා බවුද්ද සබ්යත්වය විනාස කරන ලදී. සිංහල මිනිස්සුන්ට තමන් සිංහල යැඊ හදුන්වගනීමත් ජාතීවාදී යැඊ යන සංකල්පයක් රට තුල ප්‍රේචලිත කරන ලදී. ගොටාබය රාජපක්ස මැතිතුමාට තෙරුවන් සරණ ප්‍රර්ථනා කරනවා.

    Well-loved. Thumb up 10

  • samantha

    gotabaya mahathayoooooo karanawanam nubi rata putha utum

    Thumb up 3

  • AIYO

    අප පළමුව උත්සාහ කළ යුත්තේ ගවයාව බේරා ගැනීමටයි, මන්ද යත් ඌ අපට වඩාත් සමීපතම සත්වයා බැවිනි
    aththa thamai.

    Hot debate. What do you think? Thumb up 5

  • නුවන්

    ///////////ඔබ ගවයන් නිදහස් කිරීමට කිසියම් ගව ඝාතකාගාරයකට යනවානම්, ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කර, නීතීඥයෙක් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සමග අදාල සත්ව ආඥා (සංශෝධන) පනත් ඇති ගැසට් නිවේදනයන්හි පිටපත් සහිතව ගියහොත් මුදල් නොගෙවාම එළ ගවයින් සහ පැටවුන් සියල්ලම බේරාගැනීමට අනිවාර්යයෙන්ම හැකි වේවි.///////

    මේක කිව්වොත් හැම ගෙදරින්ම පනතෙ කොපි අරන් ගවයො නිදහස් කරන්න යයි.. ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නැතිවෙයි. හොද අදහසක්. මේක හැමෝටම කියමු….

    Well-loved. Thumb up 13

  • Mr. Who

    ගව ඝාතනය සහ කුකුලු ඝාතනය අතර වෙනස කුමක්ද?
    (පිලිතුර: හින්දු ආභාශය )

    Hot debate. What do you think? Thumb up 7

    • ප්‍රමාණවත් තරම් ශාක ආහාර නිෂ්පාදය කිරීමට හැකියාව තිබියදී ආහාරය සඳහා කියමින් සතුන්ව මරනවාට මානම් විරුද්ධයි. එලෙස විරුද්ධ වන්නේ සත්ව ඝාතනය පාපයක් නිසාම පමණක් නොව සත්ව මස් නිෂ්පාදනය කිරීම සඳහා විශාල ශාක ආහාර ප්‍රමාණයක් කැප කිරීමට සිදුවීමත්, සත්ව මස් නිෂ්පාදනය නොකර ඒ ශාක ආහාර ඉතිරි කරගතහොත් එමගින් ලෝකයේ ආහාර ඉතිරි වීමත් නිසයි.

      අප පළමුව උත්සාහ කළ යුත්තේ ගවයාව බේරා ගැනීමටයි, මන්ද යත් ඌ අපට වඩාත් සමීපතම සත්වයා බැවිනි.

      උදාහරණයකින් කිවහොත් ඔබගේ මව සහ අල්ලපු ගෙදර නැන්දා කෙනෙක් එක වර අසනීප වුවහොත් ඔහ පළමුව අවධානය යොමු කරන්නේ ඔබගේ මව වෙතටයි. ඒ ඇය ඔබට වඩාත් සමීප කෙනා බැවිනි. එසේ නැතිව දෙදෙනාම මනුෂ්‍යයින් යැයි කියමින් දෙදෙනා වෙතම එක වර අවධානය යොකු කරන්නන් මේ ලෝකයේ සිටීද?

      Well-loved. Thumb up 25

  • Kaveesh

    Mewa nikan daala wadak natha … sidu wena thanata wada kalothin samata hoda wei . sama argamak me sadaha pela gasemu … Budu saranai

    Thumb up 2

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.