වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ

1. උණ හැදුණාම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව එක්තරා පෙති වගයකි.
2. ඒ පෙති නිසා ඇතිවන උගුරේ වේලීමට තවත් සිරප් එකකි.
3. එම සිරප් එක නිසා ඇතිවන සෙමට තවත් පෙති වගයකි.
4. එලෙස සෙම අඩු වීමට බොන පෙති නිසා පීනස ඇති වෙයි.
5. පීනසට බොන පෙති නිසා ආයිත් කැස්ස ඇති වෙයි.
6. එවිට වැල්මිලැක්ස් (වැල්මී වලින් හැදූ පෙරදිග ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක පානයක්) බීම හැර වෙන විකල්පයක් නැත.

නමුත් උණ හැදුණාම පෙරදිග වෛද්‍ය විද්‍යාව අනුව කොත්තමල්ලි, පත්පාඩගම්, ඉඟුරුපියලි, වෙනිවැල්ගැට, ක‍ටුවැල්බ‍ටු පත අට එකට හිඳවා කල්කත් කවලම් කර පරණ මී පැණි සමග තුන් වේලක් බීමෙන් උණ හැදීම නිට්ටාවටම සනීප වෙයි. නිවාරණයි, ප්‍රත්‍යක්ෂයි. අතුරු ආබාධ කිසිවක් නැත.

කොත්තමල්ලි වගාවක්

වියුක්ත සහ සංයුක්ත දැනුම් වල ප්‍රධාන වෙනස සඳහා පොඩි උදාහරණයක් තමයි ඉහත දැක්වුවේ. වියුක්ත නිසාම අතුරු ආබධ ගහණ කසිකබල් බටහිර වෛද්‍ය ක්‍රමය සුද්දන් විසින් මෙරට පතුරුවා නොහරින්නට, දෙවියන්ගෙන් ලත් අපගේ පෙරදිග වෛද්‍ය විද්‍යාවන් මගින් හෘද සැත්කම් පවා අතුරු ආබාධ රහිතව කරන ආකාරයට වර්තමානයේදී පවතීවි. (ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී ඒ ආකාරයේ සැත්කම් ගැන කරනු ලබන පරීක්ෂණ අපගේ ජාතියට අභිමානයකි.)

“ස්වභාවිකව ඇති සංඝටක කිසිවක් තනිව නෑ. ඒවා වෙනත් සංඝටක සමග මිශ්‍රව තමයි තියෙන්නේ. අතුරු ආබාධ අඩු ඒකයි. බටහිර ඖෂධ සමාගම් කරන්නේ මේ සංඝටක එකක් වෙන් කරගෙන ඒකට පේටන්ට් අරන් ඊට පස්සේ ඒක තනිවම පෙති හෝ කරල් හැටියට දෙනවා. ඒක ලාභදායී ව්‍යාපාරයක්. නමුත් අතුරු ආබාධ වැඩි මොකද අර ස්වභාවිකව තියෙද්දී වගේ ඒ අතුරු ආබාධ පාලනය කෙරෙන අනිකුත් සංඝටක එහි නැති නිසා” යැයි වරක් දර්ශණ කස්තුරිරත්න මහතා අපට පැවසුවේය.

මීට දෙදහස් වසරකට පමණ පෙරදී බුද්ධදාස මහරජතුමා විසින් රචිත “සාරාර්ථ සංග්‍රහය” නම් මා හැඟි වෛද්‍ය ග්‍රන්ථයත්, එතුමාගේ ශල්‍යාගාරයේ තිබී හමුවූ චිකිත්සක උපකරණත්, සිංහලයාගේ වෛද්‍ය විද්‍යාවේ අතීත ශ්‍රී විභූතිය ලොවට හඬගා කියමින් සිටී. පෙර රජ දරුවන්ගෙන් උරුම වූ එවන් ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයන් වැඩිදියුණු කර නොගන්නා සිංහලයෝ සමහරක්, තවමත් බටහිරයන්ගේ පෙති වලින් සිය පණ කෙන්ද ‍රැක ගනිමින් සිටීම සිටීම ඒ රජ දරුවන්ටත් කරන නිග්‍රහයකි.

කකුලක් කැඩුණු අයෙකුට බටහිර වෛද්‍ය විද්‍යානුකූලව යකඩ පටි හා මැහුම් දමා අස්ථි බද්ධ කළත්, ඒ අඬු පඬු දිග හැර ගැනීමට නොහැකි විටදී බටහිර වෙදැදුරන්ද පවසන්නේ, “අන්න අර අහවල් කැඩුම්-බිඳුම් වෙද මහත්තය ගාවට ගිහිල්ලා තුන් දොහක් නැවතිලා තෙල් බේත් කරගෙන සනීප කරන්න” ලෙසටයි.

බටහිර වෛද්‍ය ක්‍රමය දේවත්වයෙන් පුදමින් සිටින අපේ රටේ බලධාරීන්ට මෙරටට ගැලපෙන වෛද්‍ය ක්‍රමයක් සඳහා මංපෙත් හෙළි කිරීමට තවමත් නොහැකි වී සිටින්නේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලැබූ “සමහර” වෛද්‍යවරුන් ඔවුන්ගේ දැනුම, ආධිපත්‍යය සහ බඩගෝස්තරය කඩා වැටෙනවාට තියෙන විරුද්ධත්වය නිසා නොවේද?

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් රණසිංහ මහතා වරක් මෙසේ පැවසීය. “ආයුර්වේද පනත සංශෝධනය විය යුතුයි. නමුත් මේ පනත සංශෝධනය වන බවක් පේන්නේ නෑ. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම කියලා තියෙනවා මේ පනත සංශෝධනය වුනොත් මගේ කණ කපනවා කියලා. ආයුර්වේද පනත තවමත් සංශෝධනය වී නැති නිසා මගේ කණ බේරිලා තියෙනවා.
උසස් පෙල විෂය ධාරාවට ආයුර්වේද විෂය ඇතුලත් කර නැහැ. යුරෝපීය විෂය ධාරාවක් සඳහා ඇතුලත් කිරීමට හැකිනම් අපේ මුතුන් මිත්තන්ගෙන් පැවත එන දේශීය වෙදකම උසස් පෙල විද්‍යා ධාරාවට ඇතුලත් කිරීමට බැරි ඇයි. සෑම වෛද්‍ය ක‍්‍රමයකටම තොටිල්ල තමයි අත්බෙහෙත. දේශීය වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි ලෝක අවධානය යොමුව තිබෙනවා. බටහිර ඖෂධ මේ වන විට බිඳ වැටෙමින් පවතිනවා. දේශීය වෛද්‍ය ක‍්‍රමය සඳහා විශාල ඉල්ලූමක් නිර්මාණය වී තියෙනවා.”

4440
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

10 comments to පෙරදිග හා බටහිර වෛද්‍ය විද්‍යාවන් සහ අතුරු ආබාධ

  • Nalaka

    බටහිර වෙදකම තාක්ෂණය සමග පටලවා ගැනීම නොකළ යුතුව ඇත.බටහිර වෙදකම විසින් රෝගයන්ට තාවකාලික පිළියම් පමණක් සපයනු ලැබේ.

    Thumb up 0

  • මාතර ආතර

    සමහර පෙරදිග ඩොකාල විසින් අපරදිග ඩොකාල දෙන බෙහෙත්ම දෙන බව මා දන්නවා.

    නමුත්, සමහර විට තව අවුරුදු කීපයකින් භාවනා කරලා,
    ‘අපේ කට්ටිය’ සිංහල වෙදකම දියුණු කරාට
    පස්සේ,

    පොඩි ළමයෙක් ඉපදුන දවසේ ඉඳල දෙන ‘කෘතීම රසායනික එන්නත්’ වල පටන්,
    මැරෙනකම්ම ඉස්පිරිතාලවල දෙන ‘කෘතීම රසායනික බෙහෙත්’ නැවතිලා,

    අපේ මලමිනි පරිසරය දූෂණය කරන ‘කෘතීම රසායනික සංඝටඛ මල්ලක්’ වෙන එක වැළකිලා, ඉස්සර වගේ,
    අප සියල්ලන්ටම ‘පරිසර හිතකාමී මළමිනියක්’ ලෙස පස් වෙන්න පුළුවන් වේවි.

    ඒ කාලේ වෙන කොට,
    මේ රටේ බටහිර වෙද විදුහලට ඇතුල්වෙන්න පොරයක් තියෙන එකකුත් නෑ.

    මන් අහල තියෙනවා,
    බටහිර රටවල් වල වයසට ගිය පිරිමි (?ගැහැණු පවා)
    කොපමණ Viagra පාවිච්චි කරනවද කියනවනං,
    ඒ බොන recycled ultra filtered ගන් වතුරෙත්
    අංශු මාත්‍ර වශයෙන් ඒවා තියෙනවා කියල.

    ඉස්සර නම් ?වැල් පෙනෙල වගේ,
    පරිසර හිතකාමී වාජීකරණ ගත්තට
    එහෙම නෑනේ?

    Thumb up 0

    • dukgannarala

      අපගේ පවුලේ වෛද්‍යවරයා සමහර අවස්ථාවලදී, උණකදී හෙම්බිරිස්සාවකදී අපිට කොත්තමල්ලි පමණක් නිර්දේශ කල අවස්ථා නම් මට මතකයි. ඔබත් කියා සිටින්නේ එබඳු වෛද්‍යවරුන් ගැන විය යුතුයි. කොත්තමල්ලි හැරුනුකොට එසේ නිර්දේශ කරන දේශීය ඖෂධ ලැයිස්තුවක් අපගේ දැනගැනීමට ඉදිරිපත් කරන්න හැකිනම්, එය ලොකු උපකාරයක් වනු ඇත.

      සිංහල වෙදකම දියුණු කිරීමේ ඒකම මාර්ගය භාවනාව කියා මටත් සිතෙනවා. නලීන් ද සිල්වා (Ph.D.) මහතාට නාථ දෙවියන් ආමන්ත්‍රණයකර, ආසනික් පිළිබඳ ඉඟියක් ඉදිරිපත් කල ආකාරයටම, අප හා කතා බහ කිරීමට අපි මනස දියුණු කරගන්න තෙක් බලාසිටිනා තවත් දෙවිවරු රාශියක් ඇති බව මගේ හැගීමයි. මෙතෙක් ප්‍රතිකාරයක් සොයා නොගත් රෝග රාශියකට ප්‍රතිකාර කියාදීමට සමත් දෙවිවරුන් කිහිප දෙනෙකු හෝ ඒ අතර සිටීමටද ඉඩකඩ ඇත.

      මා මොරටුව සරසවියේ ඉගෙන ගන්නා වකවානුවෙත්, භාවනාව මගින් පමණක් විභාගය සමත් වීමට උත්සාහ කල දෙදෙනෙකු සිටියා. අවාසනාවකට ඔවුන් දෙදෙනා ආමන්ත්‍රණය කල දෙවියන් බටහිර විද්‍යාව හදාරා නොතිබුන නිසාද කොහේදෝ, දෙදෙනාම විභාගය අසමත්වී, නැවත විභාගයට පෙනී සිටීමට සිදුවුණා. දෙවන වර විභාගයට සුදානම් වීමට භාවනාව උපයෝගී කරගත්තාද කියානම් මම නොදනිමි. නමුත් ඔවුන් දෙවන වර නම් යන්තමින් සමත් වුවා.

      Thumb up 3

      • මාතර ආතර

        දුක්ගන්නාරාළ,

        ඔබගේ කතාව අසා, මම පහත සඳහන් නිගමන වලට එළැබී, උද්දාමයට පත් වුනෙමි.

        1.මේ රටේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරු, හුදෙක් භාවනා කරන කැම්පස් කොල්ලන්ට පාඩම් නොකර විභාග සමත් විය හැක කියා ලනු දෙන මිත්‍යාදෘෂ්ඨික දෙවිවරුන් ට වඩා, ප්‍රබල බව.

        2.කොල්ලෝ කෙල්ලන්ගේ ‘භාවනා බක තපස් බෝල පොලිෂ් කෙරිලි’ වලට රැවටී විභාග සමත් කරවන ඇඳුරන් කටුබද්දේ නැති බව.
        මාතර ආතර

        Thumb up 5

        • dukgannarala

          ආතර,
          ජාතිමාමක, ආගම්මාමක යැයි කියාගන්නා බක තපසුන්ගේ බහුරූ කෝලං අසද්දී, දකිද්දී, කියවද්දී, ඔවුනට නොරැවටී, අපගේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය විචාර බුද්ධියක් ඇත්තවුන් ඉදිරියටද බිහිවනු ඇතැයි විශ්වාසයෙන් ඔබගේ උද්දාමය මමද භුක්ති විඳිමි.

          දුක්ගන්නාරාළ

          Thumb up 1

  • dukgannarala

    දර්ශන කස්තුරිරත්න යනු කවරෙක්ද? ඔහු බටහිර හෝ දේශීය වෛද්‍ය විද්‍යාව පිලිබඳ උපාධියක්‌ ලැබූ කෙනෙක්ද? අඩු ගන්නේ රසායන විද්‍යාව පිලිබඳව හසල දැනුමක් ඇත්තෙක්ද?

    Hot debate. What do you think? Thumb up 5

    • දැනට මොර‍ටුව විශ්ව විද්‍යාලයේ සේවය කරන්නෙකි. ජාතික චින්තනය පිළිබඳ ප්‍රවිනයෙකි. ආචාර්ය නලින් සිල්වා මහතාගේ සමීපතමයෙකි. වෛද්‍ය චන්න ජයසුමන මහතා සමග පර්යේෂණ කටයුතු වල නියැලෙන්නෙකි.
      බටහිර සංස්කෘතිය අනුව පුද්ගලයෙක්ගේ නම අගට ඇති ඉංග්‍රීසි අකුරු ගණන අනුව (දර්ශණ මහතාටත් එලෙස අකුරු ඇත) පුද්ගලයාගේ වටිනාකම මැන්නත් සිංහල බෞද්ධයින් පුද්ගලයෙක්ගේ වටිනාකම මනින්නේ ඔහුගෙන් රට දැය සමයට සහ තමන්ටම වන සේවය අනුවයි.

      Hot debate. What do you think? Thumb up 8

      • dukgannarala

        ඔහුගේ වටිනාකම පිලිබඳ ගැටළුවක් මට නැත. මට ඇති ගැටලුව, ඔහුගේ ප්‍රකාශය පිළිගැනීමට අවශ්‍ය සුදුසුකම් ඔහුට තිබේද යන්නයි.
        ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ සේවය කරන්නෙක් නම්, ඔහුගේ නම අගට ඇත්තේ ඉංජිනේරු විෂයට අදාළ අකුරු විය යුතුය. වෛද්‍ය/රසායන විද්‍යාව පිලිබඳ සිදු කරන ප්‍රකාශයක් පිළිගැනීමට මෙය ප්‍රමාණවත්ද?

        දේශීය වෛද්‍ය විද්‍යාව පිලිබඳ ප්‍රාමාණික දැනුමක්, එය පිලිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු කර නැතිනම්, මෙය හිතලුවක් වීමට ඇති සම්භාවිතාවය වැඩි බව මගේ අදහසයි.

        අනිකුත් කාරණය, මෙහිදී අතුරු ආබාධ අඩු සහ, අතු ආබාධ වැඩි යනුවෙන් සඳහන් කර ඇති බැවින්, කොතරම් අඩුද, කොතරම් වැඩිද යන්න පිලිබඳ නිගමනයකට එලබීමට නොහැක. ඔහු ඉංජිනේරුවෙක් නම්, ඔහුගේ නිෂ්පාදනයක ඇති දෝෂ ගණන, වෙනත් නිෂ්පාදනයක දෝෂ ගන්නට වඩා අඩුයැයි පවසන්නේ නැතැයි මම සිතමි. පැහැදිලිව ගණන් හිලව් සහිතව ඉදිරිපත් කරන බව සිතමි. උදාහරණයක් ලෙස, විදුලි පහනක සාමාන්‍ය ආයු කාලය නම් නිර්ණායකය ඉදිරිපත් කල හැක. වෙනත් විදුලි පහනක සාමාන්‍ය ආයු කාලය සමග සැසඳීමෙන් තත්වයෙන් වඩා උසස් විදුලි පහන ගැන නිගමනයකට එළඹිය හැක. මෙම ප්‍රකාශයේත්, එවැනි ගණන් මිමි, පරීක්ෂණ නියැදිය පිලිබඳ විස්තර, ඉදිරිපත් කර තිබුනේ නම් අගනේ යැයි සිතමි.

        Hot debate. What do you think? Thumb up 7

  • ලලිත්

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 7

    • //පැනඩෝල්, දිස්ප්රින් බිව්වා කියල උගුර වෙලෙන්නේ නැහැ.//

      දන්නා කියන බොහෝ දෙනා පවසන්නේ ඇස්ප්‍රීන් අඩංගු පෙති නිසා උගුර වේලෙන බවයි. කළාතුරකින් ඔබට පමණක් එලෙස නොවනාවා ඇති.

      Well-loved. Thumb up 19

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.