රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බටහිර ආර්ථික විද්‍යාව සරණ ගොස් අප රට සංවර්ධනය කළ හැකිද?

බටහිර ආර්ථික විද්‍යාවට අනුව “දියුණුව” නොහොත් “සංවර්ධනය” කියල කියන්නේ “නිශ්ච්ත ආර්ථිකයක ඇති සම්පත් එහි සිටින ජනතාවගේ වුවමනා සංතෘප්ත කිරීම සඳහා ප්‍රශස්ත අන්දමින් බෙදා හැරීම, ආර්ථිකයේ ප්‍රමාණත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම” කියන එකටනේ.

බටහිර ආර්ථික විද්‍යාවට අනුව එහි මූලික උපකල්පනයක් වන්නේ, මිනිස් වුවමනා අසීමිතයි, ඒ අසීමිත වුවමනා තෘප්ත කර අවසාන කළ නොහැකියි කියන එක. ඒ අනුව ඊනියා සංවර්ධනය කිසි දාක බටහිර ආර්ථික විද්‍යාවට අනුව ලබාගත නොහැකියි. බොහෝ බටහිර රටවල් සංවර්ධිත රටවල් කියල කිව්වත් ඒවායේ HDI එක වඩාත් හොඳ අගයක් වුණත් එහි ජනතාව තෘප්තිමත් කියල කියන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන්ගේ වුවමනාවන් අසීමිත වීම සහ ඒවාට සාපේක්ෂව සම්පත් හිඟ වීම.

ඔන්න ඔය ගැටලුවට පිළිතුර බෞද්ධ ආර්ථික විද්‍යාවේ තිබෙනවා. බෞද්ධ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී අවධානය යොමු කෙරෙන්නේ හිඟ සම්පත් ප්‍රශස්ත අන්දමින් ආර්ථික කාරක කරා බෙදා හැරීම නොව, මිනිස් වුවමනා හැකි තාක් සීමිත කරගැනීමටයි. එහිදී ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛස්ථානයක් ගනී. ලොව වඩාත් සතුටින් සිටින ජනතාවක් වාසය කරන රට “ටිබෙටය” ලෙස පිළිගැනීම පි‍ටුපස ඇති රහසනම් එහි ජනතාවගෙන් බහුතරයක් බුදු දහම තම ජීවිතයට බද්ධ කරගනිමින් අට ලෝ දහමෙන් හැකි තාක් කම්පා නොවී ලද දේ සැපක් යැයි සිතමින් අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වී සිටීමයි. (තවමත් බහුතරයක් බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකාව HPI අනුව 22 ස්ථානය ගෙන තිබීමත් මෙහිදී සළකා බැලිය යුත්තක්)

සතුට කියල කියන්නේ මහා පුදුමාකාර දෙයක්, මට මතකයි සමහර වැඩිහිටියො කියනව “පුතේ ආං බලාං යායම පීදිලා, කිරිබංඩි ගොයම හිනා හෙනව දකිද්දී බඩත් පිරුණා වගේ” කියල. මාර්ගඵල ලද උතුමන්ලාට නිරාහාරව සක්මන් කරමින් ජීවත් විය හැකියි කියල දහමේ දැක්වෙනව, සමහර විට එතුමන්ලා ලද ලෝකෝත්තර සතුට ආහාරයක් කරගන්නව ඇති. ඒ විතරක් නොවෙයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර ලෝකයෙන් මෙලොවට පැමිණි බ්‍රහ්මයින් මුල් කාලයේදී සතුට ආහාරයක් කරගෙන ජීවත් වෙන බව දැක්වෙනව. ඔය සියල්ලෙන්ම පෙනෙන්නේ බඩේ ගින්න නිවීමට වඩා හිතේ ගින්න නිවීම වැදගත් බවයි.

සංවර්ධනය යනු ධනය ‍රැස් කිරීමනම්, ශ්‍රී මුඛ දේශනාවට අනුව “සංතුට්ඨී පරමං ධනං” ලෙස විග්‍රහ වෙද්දී වඩාත්ම සතුටින් වාසය කරන ජනතාවක් වෙසෙන රට ලොව සංවර්ධිතම රට බවට පත් වෙයි. ඒ අනුව අප රට ලොව සංවර්ධිතම රාජ්‍යය බවට පත් කිරීමටනම් කළ යුත්තේ, බටහිර කසිකබල් ආර්ථික විද්‍යාවට ‍රැවටී, තිබෙන ගස් කොළන් ටික කපා දමා වැව් කුඹුරු ටික ගොඩ කර දමා අහස උසට ගොඩනැගිලි ඉදි කරමින් සිංගප්පූරුව මෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීම නොවේ. බෞද්ධ ආර්ථික විද්‍යා මාවතේ ගොස් ජනතාවගේ වුවමනාවන් හැකි තාක් සීමිත කරගනිමින් ආධ්‍යාත්මිකව නිදහස් ජීවිතයකට ඔවුන්ව යොමු කිරීමයි. ඒ සඳහා ඉවරයක් නොමැතිව රූපවාහිනියෙන් පෙන්වන සහ හංදියක් හංදියක් ගානේ ඇති වෙළඳ දැන්වීම් ටිකවත් පාලනය කරගනිමින් යම් ආරම්භයක් දීමට රජයට හැකි විය යුතුයි.

වැදගත් කාරණාව වන්නේ අල්පේච්ඡ ජීවිතය කියන එක, අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක් වන සිංහල බෞද්ධ ජනතාවගේ ඇඟේ තියෙන එකක්. නමුත් අලෙවිකරණය මගින් අසීමිත වුවමනාවන් කෘතිමව ජනතාව වෙත ආරෝපණය කිරීමෙන් සිදුවී ඇත්තේ, එම වුවමනාවන් උපයෝජනය (Utilise) කර ගැනීමට ජනතාව ප්‍රමාණවත් ආර්ථිකමය නිෂ්පාදනයක් සිදු නොකරද්දී අතේ මුදල් නොමැති වීම නිසා ජනතාව ඉච්ඡාභංගත්වයට පත් වීමයි. එහි ආතතිය අන්තිමේදී පවත්නා ඕනැම රජයක් පිටින් යාම 48 සිටම සිදුවූ ආකාරය අළුතෙන් පැහැදිළි කළ යුතු නෑ. ඔන්න ඔය හේතුව නිසාත් වුවමනාවත් සංතෘප්ත කරන කසිකබල් සංවර්ධනයෙන් මිදීම පක්ෂ බේධයකින් තොරව ඕනෑම රජයකට වැදගත් වේවි.

අද බටහිරයන් පවා “Simple Life” යන සංකල්පය තුළින් අනුගත වෙන්නට උත්සාහ ගන්නේ ඒ බෞද්ධ ආර්ථික විද්‍යාත්මක සංවර්ධනයේ භෞතික අංගය වන අල්පේච්ඡ ජීවිතයටයි. නොසි‍ඳෙන ආශාවන්ගෙන් ගිනිගන්නා බටහිර ලෝකය, අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ වැනි හිමිවරුන් දෙසන සුමධුර දහම් අමා වැසි වල සිසිලසින් නිවී ගොස් ආධ්‍යාත්මික සංවර්ධනයකුත් ඇති වුන දාට, කේන්ස් – ඩේවිඩ් රිකාඩෝ – ඇඩ්ෆ්‍රඩ් මාෂල් ලාගේ නූතන පරපුර අපටත් “Buddhist Economics” උගන්වාවි, අන්න එදාටනම් අපේ සරසවි වල ඇදුරොත් බටහිරයන්ගෙන් නැවතත් කොපි කරගන්නා අළුත් ආර්ථික විද්‍යාව වැළඳගනීවි.

4355
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

18 comments to බටහිර ආර්ථික විද්‍යාව සරණ ගොස් අප රට සංවර්ධනය කළ හැකිද?

  • firdhous

    Most of the Western countries are showing that they rich and developed keeping the money they robed from Asian and African countries. Still they rob from Middle-East country is an open secret. Money flow to UK like the river flow from hill top through many systems they have set up to fool the poor countries such as CIMA, ILET etc etc. First they robbed the countries and then they paralyzed the people. So now things are going as they wish. Whenever a country slightly rises up their head a strong bang will be on their head i.e Vietnam, North Korea, Libya, Iraq.
    The categories they have created to evaluate the development is a total fraud. Should we have enough to eat, a place to sleep, good water to drink and clean air to breathe; and noble teachings to remove bad attitudes and live a happy that is more than enough.

    But what is happening in the name of development is destroying the natural set up, polluting the water and air; and moral degradation by various means or slogan of freedom. Poisoned food in the name of agricultural development, Polluted environment in the name of production or industrial development and destruction of family bond and happy life in the name of equality to women or freedom are the great gifts of the so called development. Following the so called development policies something like “seeni dheela miris gaththa wage”. But who is going to listen. Everyone likes hot, hot, chilies or good good bottles.

    I find the entire economic theory and social solution or development policies in the following. I hope there is no need to say what is and where is it from.

    Many deities and humans,
    yearning after good,
    have pondered on Blessings.
    Pray, tell me the Supreme Blessings.

    Not to follow or associate with the foolish,
    to associate with the wise,
    and honor those who are worthy of honor.
    This is the Supreme Blessing.

    To reside in a suitable locality,
    to have done meritorious actions in the past,
    and to have set oneself on the right course
    This is the Supreme Blessing.

    Vast-learning, perfect handicraft,
    a highly trained discipline
    and pleasant speech.
    This is the Supreme Blessing.

    The support of mother and father,
    the cherishing of spouse and children
    and peaceful occupations.

    This is the Supreme Blessings.
    Liberality, righteous conduct,
    the helping of relatives
    and blameless action.

    This is the Supreme Blessing.
    To cease and abstain from evil,
    forbearance with respect to intoxicants
    and steadfastness in virtue.
    This is the Supreme Blessing.

    Patience, obedience,
    sight of the holy ones
    and religious discussions at due season.
    This is the Supreme Blessing.

    Self-control, pure life,
    perception of the Noble Truths
    and the realization of Nibbana.
    This is the Supreme Blessing.

    He whose mind does not flutter,
    by contact with worldly contingencies,
    sorrowless, stainless and secure.
    This is the Supreme Blessing.

    To them, fulfilling matters such as these,
    everywhere invincible,
    in every way moving happily.
    These are the Supreme Blessings.
    ****** –*********—*******

    Vast-learning, perfect handicraft,
    a highly trained discipline
    and pleasant speech.are the real guide lines for economic development. I wonder although Sri Lanka has a 2000+ years of Buddhist history why these things not yet come into the life of people. Please are still anxious to going behind horoscope and many other myth craft and lottery in search of prosperity. “Vast learning” refers to vast reading or perfect learning of a trade and “Perfect handicraft” refers to thorough knowledge in any kind of technical subject such as electrical, mechanical, electronic, computer, etc etc. “Highly Trained Discipline” refers to the simple discipline in our life such as going to duty to time, doing the job properly and avoiding bad behaviors. “Pleasant Speech” is an emphasize on good behavior because of its importance. Anyone whatever knowledge he may have or however perfectly he does the job but if he doesn’t know how to speak with his customers or bosses he never be successful in his business or career. What else required to be self-sufficient and live a good life. Should everyone followed the above rules where will be poverty?

    But unfortunately our minds are corrupted and our attention are being diverted towards unwanted things by selfish people to support their personal agendas or hide their weakness.

    Thumb up 0

  • Dulantha

    ඈත්තටම කිවුවොත් ස0වර්ධනය කියන වචනයම අපට ගෑලපෙන්නේ නෑ. ල0කාව කියන්නේ සොබාදහමට හිතවත් සාමූහිකත්වය අගයන මිනිසුන් ඉන්න රටක්. ස0වර්ධනය කියන් ස0කල්පය පදනම් වෙන්නේ බටහිර කාර්මික විප්ලවයත් එක්කයි. ස0වර්ධනයෙන් ඉගෑන්වෙන්නේ සොබාදහම වනසන්න්යි සාමූහිකත්වය නෑති කරන්නයි.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 4

  • Nikalas Fernandu

    ඔවු ඔවු, අල්පෙච්චවම ඉන්න පුරුදු කරන්න. එතකොට අපේ මිනිස්සු ව්‍යාපාරයක් උනත් ටිකක් දිවුණු කරලා “ඔය තියන හරිය මදැයි “කියල ඉදියි. මුස්ලිම් මිනිස්සු ව්‍යාපාර ටික අල්ලාගෙන අපිව උන්ගේ ආගමට ගත්තදාට ඔබ තුමා පිටරටකට පැනල ඕව සුද්දන්ට ලියන්න පටන් ගන්න. සිංහලයා ගිලගන්න වටේම ඉන්න උන් බලාගෙන ඉන්න මේ වෙලාවේ හැටිනම් කරන්න ඕනේ අල්පේච්ච වෙන්න කියන එකද?

    Thumb up 1

    • Diyasena Kumaraya

      බුදු දහමේ කියන්නේ අත්හැරීමෙන් මිදීමෙන් සැනසීම වෙන බවයි. එය නොදන්නා ‘බෞද්ධයෝ’ තමන්ට අනවශ්‍ය පමණට වස්තුව ගොඩ ගසා ගනිමින්, ඒ සඳහා අනුන් තලමින් පෙළමින් සිට, කවදා හෝ එකතු කල සබ්බ සකලමනාවම දමා යති. ඊළඟ ආත්මයේ ඔහු සිංහලයෙක් වී උපදී ද? නැත්නම් අඩු ගන්නේ දමිලයෙක්, මුසල්මානුවෙක්, සුද්දෙක්, කල්ලෙක් වීමට ඉඩ තිබේද? ඇතැම්විට. නමුත්, මිනිසත්බවක් ලැබෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙන් දුර්ලභව ය. ලැබුන අවස්ථාවේ ඒ ප්‍රයෝජනය නොගෙන වස්තුව එක් කොට කුමකටද?

      යම් යම් පරිභෝජන භාණ්ඩ භාවිතයේ වරදක් ඇති බුදු දහමේ කියවෙන්නේ යයි මම නොසිතමි. වරද ඇත්තේ ඒ පිලිබඳ ආසාව උපදවා ගැනීමයි. ගල් ආසනයක් සහ සැප ආසනයක් ඇති විට ගල් ආසනයේ ඉඳ ගන්නට යයි බුදු දහම නොකියයි. නමුත් සැප ආසනය කෙරේ ලොබ උපදවා ගන්නට නොවෙයි එතනින් කියන්නේ. ලද දෙයින් සතුටු වීමටයි.

      හේතු ඵල දහම තේරුම් ගතහොත් ප්‍රශ්න බොහොමයකට උත්තර ලැබේවි. පෙර කාලවල අවිද්‍යාව නිසා ගොඩ නගා ඇති සංඛාර හේතුවෙන් දැන් උපතක් ලැබී ඇත. එයින් නොමිදුනොත් තව තවත් උපදිනු ඇත. එයින් මිදීමට වහ වහා කටයුතු කල යුතුය. ඒ සඳහා උපකාරයක් විය හැකි සියලු දෙයින් උපකාර ලබා ගත යුතුය. නමුත් අවසන් අරමුණ වස්තුව ගොඩ ගැසීම නොව, ඒ ලෝභයෙන් මිදීමයි…

      Thumb up 1

      • මහේන් රාමණායක

        “යම් යම් පරිභෝජන භාණ්ඩ භාවිතයේ වරදක් ඇති බුදු දහමේ කියවෙන්නේ යයි මම නොසිතමි. වරද ඇත්තේ ඒ පිලිබඳ ආසාව උපදවා ගැනීමයි.”

        බුදු දහම කොතරම් අප්‍රායෝගික සමහරවිට විහුලු සහගත දහමක්ද කියා මෙම ප්‍රකාශයෙන් පෙනේ.
        “ආසාවක් නැතිව” බාන්ඩයක් පරිභෝජනය කල හැක්කේ කෙසේද? “ආසාවක්” නැත්තන් බාන්ඩයක් ගැනීමට උවමනාවක් එන්නේ නැත. “ආසාවක්” නැතිව ගැහැණියෙක් සමග විවාහ වීමට හැක්කේ කෙසේද?? මේවා විහුලු සහගතය. කිසිම ථෙරවාද බෞද්ධ රටක් දියුණු වී නැත්තේ මේ හේතුව නිසා යයි මම සිතමි.

        Thumb up 0

        • යමෙකුට ශෝකයක් ඇති වේනම් ඊට හේතුව යමක් කෙරෙහි රාගයක් නොහොත් ආශාවක් නොහොත් ප්‍රේමයක් ඇති වී තිබීම නිසයි. බුදු දහමින් උගන්වන්නේ එලෙස ඇති රාගයෙන් සහ ද්වේසහ් මෝහ දෙකෙනුත් මිදීමේ මගයි. ඒ තුනෙන් මිදුන දාට ඔහු අර්හත් තත්ත්වයට පත් වේ. එවිට කිසිදු දුකක් නැත.

          “පෙමතෝ ජායතී සෝකෝ පෙමතෝ ජායතී භයං පෙමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං”

          බුදු දහමෙන් දැක්වෙන දියුණුව යනු භෞතික දියුණුව නොවේ. භෞතික දියුණුව වැඩි යැයි කියන රටවල් වල මිනිසුන් මහත් චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන්නේ ඔවුන් තුළ මානසික දියුණුවක් නොමැති බැවිනි. ඒ රටවල් අනුගමනය කරන ශ්‍රී ලංකාව වැනි රටවල්ද දැන් දැන් පිරිහෙමින් පවතී.

          Thumb up 1

  • Nandika Sirinuwan

    අපි බුදු දහමට අනුව ජීවත්වෙන්න නම්,ඒ කියන්නේ අපේ අවසාන අරමුණ ඉ‍ටු කර ගන්න නම්…අපි ලෞකික පැත්තත් හිතන්න ඔන කියන එක්යි මම හිතන්නේ.
    මොකද,අපි ජීවත් වෙන්නෙ සියලු දෙනම ලෝකෝත්තර මර්ගයේ යන සමාජයක නෙවේයි.අපි ඒ සමජයෙ කොටස් කරයෝ.අපිට එහෙම නැ කියන්න බෑ.
    එහෙම නෑ කියන්න පුලුවන් පැවිදි කෙනෙක්ට විතරයි.[නමුත්,අද පැවිදි සමාජයටද එසේ පැවසිය නොහැකි වි ඇත.]

    විවිද සමීක්ශන මගින් විවිද ප්‍රතිඵල නිකුත් කරයි.අපිට එම සමීක්ශන වලින් ගතහැක්කෙ දළ අවබොධයකි.සියලුම සමීක්ශන දත්ත ලෙස ගෙන නිවැරදි කුමක්දැයි අපි අපේ හිතට අනුව සිතිය යුතුය.
    මම සිතන පරිදි ටිබටයේ මිනිසුන්ගේ සතුට වඩා හොද සතුටකි.[Denmark,Finland,.... වලට වඩා]
    Denmark,Finland,…. වගේ බටහිරයන් ලබන සතුට කුමක්දැයි අමුතුවෙන් කිවයුතු නැත.

    කෙසේ නමුත්,මෙමෙ ලිපියෙන් කියන ප්‍රදන කරුණ වන “බටහිර ආර්ථික විද්‍යාවේ බන්කොලොත් බව”[බෞද්ධ ආර්ථික විද්‍යාවට සාපේක්ශව] මම අවිවාදයකින් තොරව පිලි ගනිමි.

    Thumb up 1

    • Diyasena Kumaraya

      කිව්වත් වගේ, ගොඩක් බෞද්ධ අයට වැරදිලා තියෙන්නේ බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ කුමක් සඳහාද කියන එක නොතේරීම නිසා. බුදු දහමින් අපි ගන්නට ඕනේ ලෝකෝත්තර අර්ථයයි. මොකද, වෙන කිසිම ආගමක එක නැති නිසා. නමුත් අද අපි ගොඩක් දෙනා ලෞකික ජීවිතය ගැන විතරයි හිතන්නේ. අපි තේරුම් ගන්න ඕනේ, ලෝකෝත්තර මාර්ගයේ යද්දී, ලෞකික ප්‍රශ්න නිකන්ම විසඳෙනවා කියලා.

      බුදුහාමුදුරුවොත්, අනෙක් රහතන්වහන්සේලත් හිතුවා නම් “මේ ලෝකයේ අය ජීවත් වෙන්නේ ලෞකික පරිසරයක, ඊට වැඩි දෙයක් මෙතන නෑ” කියලා, අද බුද්ධ සාසනයක් තියෙන්නටත් විදියක් නෑ නේ.

      Thumb up 0

  • Isuru

    Mama nam ahala thiyenne loke sathutinma inne Denmark,Finland wala aya kiyalay… tibet kiyanne hamadama maraa ganna ratak ney..

    Thumb up 1

  • Dulantha

    Western economical theories are not suitable for a Buddhist country like Sri Lanka. We have a nature friendly way of thinking. The basis of the development concept is industrial revolution. The concept of development teaches people to be selfish and utilize resources destructively.

    http://spiritofnature99.blogspot.com/

    Well-loved. Thumb up 6

  • රෝහන්ත අතුකෝරාල

    මොන ආර්ථික විද්යාවකින් වත් ලංකාව තියා මුළු දකුණු ආසියාවම සංවර්ධනය කරන්ඩ බැහැ. මොකද දකුණු ඉන්දියාවේ ඉන්නේ තනිකර පසුගාමී මිනිස්සු. සක්කරයා තියා, වයිමටවත් බැහැ.

    Hot debate. What do you think? Thumb up 6

    • ඔබට පසුගාමී මිනිසුන් මෙහි සිටිනවා යැයි සිතීමට හේතුව ඔබ බටහිර ආර්ථික විද්‍යා මොඩලය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ කු‍ටුම්භ වල හැසිරීම දෙස බැලීම බව මාගේ අදහසයි. ඉහත ලිපියේ ඒ ගැන විස්තර අඩංගුයි.

      Hot debate. What do you think? Thumb up 5

  • anonymous

    මේක නම් නියම අදහස. ඇත්තටම සතුටින් ඉන්න විදුලි බලය, ජංගම දුරකථන, රුපවාහිනී, පරිගණක වගේ දේවල් අවශ්‍ය නැහැ.
    මම හිතන්නේ මේක ලියපු ඔයා දුකෙන් ඉන්න කෙනෙක්. ඔය පරිගනකෙ වහල කැලේට ගිහින් සතුටින් ඉන්න අනේ.

    Well-loved. Thumb up 7

    • //ඇත්තටම සතුටින් ඉන්න විදුලි බලය, ජංගම දුරකථන, රුපවාහිනී, පරිගණක වගේ දේවල් අවශ්‍ය නැහැ.//
      එවැන්නක් මා පවසා නැහැ. එය ඔබගේ සිතේ ඇතිවුන නිගමනයකි.

      //මම හිතන්නේ මේක ලියපු ඔයා දුකෙන් ඉන්න කෙනෙක්. ඔය පරිගනකෙ වහල කැලේට ගිහින් සතුටින් ඉන්න අනේ.//
      සිතට එන එන ආසාවන් පස්සෙන් නොයාම කියන්නේ කැලේට ගිහින් වැද්දෙක් වගේ ජිවත් විම නොවෙයි.

      Hot debate. What do you think? Thumb up 3

      • Nikalas Fernandu

        රුපවාහිනී, ජංගම දුරකථන, වාහන , පරිගණක අවශ්‍ය නැත කියල කියන්නේ නැත්නම් ඔබ කියන්නේ කුමක්ද? අපි මහන්සි වෙලා වැඩ කලේ නැත්නම් කවුරු හරි අපිට ඒවා ගෙනත් දෙනවද? ඔබතුමාට මේ හැම දෙයක්ම තියෙන නිසා දැන් අල්පේච්ච විදියට “ඔය මදැයි” කියල ඉන්න පුළුවන්. මේ මුකුත් නැති අනික් මිනිස්සුන්ටත් එහෙම ඉන්න කියලද කියන්නේ? එහෙම ඉන්නවා කියන්නේ සිංහලයා තම ආර්ථික ශක්තිය නැති කරගන්නවා කියන එක හැර වෙන කුමක්ද? ඔබ කතෝලික විය හැකියි. නමුත් ඔබ හිතන්නේ සින්හලයව වට්ටන්න නම් ඔබ කරන්නේ මහත් මෝඩ කමකි. මුස්ලිම් මිනිස්සු ආර්ථිකය අල්ලගත්තොත් කතෝලික අගමැ ඇදහීමත් තහනම් කරනු ඇත.

        Thumb up 0

  • Diyasena Kumaraya

    පුංචි නිවැරදි කිරීමක් එක්ක කියන්නට අවශ්‍යයි මේ ලිපිය බොහොම වැදගත් එකක් බව. ලෝකයේ සතුටින්ම ඉන්න ජනතාවක් ඉන්නවා කියන්නේ ටිබෙටයේ නෙවෙයි. භූතානයේ. ටිබෙටයේ තියෙන ප්‍රශ්න එක්ක මිනිස්සු ගිනි තියාගන්නා තත්ත්වයක් ඇවිත් තියෙන්නේ. එතකොට එහෙ ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නවා වෙන්නට බෑ.

    නමුත් මෙහි සඳහන් බටහිර ආර්ථික විද්‍යාවට වැඩිය බුදු දහමේ සඳහන් ක්‍රමය විශිෂ්ට වීම බොහොම වැදගත් කරුණක්. මට හිතෙන්නේ මෙතන තියෙන ලොකුම කාරණේ මේකයි. අනිකුත් සියලු විද්‍යාවන් ලෞකික විද්‍යාවන් වෙද්දී බුදු දහම අරමුණු වෙලා තියෙන්නේ ලෝකෝත්තර අරමුණක් කෙරෙහි. එතකොට ලෞකික විද්යාවල් එකක්වත් එකෙන් මනින්නට බෑ. අල්ප+ඉච්ච හෙවත් අල්පේච්ඡ ජීවිතයකට නියම බෞද්ධයෙක් පුරුදු වෙන්නේ ඔහු හෝ ඇය ලෝකයේ තියෙන අසාරත්වය දකින නිසා. මෙතන කොච්චර ගොඩ ගැහුවත් අරන් යන්නේ නෑ කියන එක තේරෙන්නේ එහෙම කෙනෙක්ට පමණයි.

    ලෝකෝත්තර ධර්ම මාර්ගයේ යනකොට ලෞකික ප්‍රශ්න නිකන්ම විසඳෙනවා. ආර්ථිකය කියන්නෙත් එහෙම එක ලෞකික ප්‍රශ්නයක් නේ නේද?

    Thumb up 5

    • ආර්ථික විද්‍යාවේ එක් එක් ප්‍රභේද තිබෙනවා. උදාහරණ ලෙස කෘෂි විද්‍යාව පදනම් වූ ආර්ථික විද්‍යාව “කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව” ලෙසත්, හිංදු ආගමේ වේදය පදනම් වූ ආර්ථික විද්‍යාව “වෛදික ආර්ථික විද්‍යාව ලෙසත්” ආදී ලෙස වර්ග කෙරෙන ආකාරයෙන්ම බුදු දහමේ යම් යම් සංකල්ප පදනම් වූ ආර්ථික විද්‍යාව “බෞද්ධ ආර්ථික විද්‍යාව” ලෙස වර්ග වෙයි. බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය නිවන වුනත් ජය පිරිත ලෙඩුන් සනීම කර ගැනීමටත් අංගුලිමාල පිරිත ගර්භණී මාතාවන්ට සුවය සඳහා යොදාගන්නා සේම බුදුරදුන් එක් එක් අවස්ථා වල වදාල යම් යම් දේශනා මෙන්ම බුදු දහමෙන් යොමු කරන ජීවන මාර්ගයත්, හැකි ඉක්මනින් නිවන් දක්නා තුරා ජීවත් වීමට අවශ්‍ය ජීවිතය ගෙන යාමට ආර්ථික විද්‍යාව සඳහා පදනම් කර ගත හැකියි.

      Thumb up 3

      • Diyasena Kumaraya

        ඔබ කියන දේ පැහැදිලියි. නමුත් මම කියන්නට උත්සාහ කලේ මේකයි. ලෝකෝත්තර මාර්ගයේ යන කෙනා අමුතුවෙන් ලෞකික මාර්ගයක් ගැන හිතන්නට අවශ්‍ය නෑ. ඔහුට ජීවත් වීමට අවශ්‍ය තරමට දේවල් නිකන්ම ලැබෙනවා වගේ නේ. මොකද ඔහු යන්නේ ලෝකෝත්තර මාර්ගයේ නිසා. කොටින්ම කිව්වොත් ලෝකෝත්තර මාර්ගයේ යන කෙනාට ලෞකික ප්‍රශ්න ලොකු ප්‍රශ්න නෙවෙයි. ඔහුට ඊට වැඩිය ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි සත්‍යය අවබෝධය.

        “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” කියනවා නේ. ධර්ම මාර්ගයේ යන කෙනාට එතනම ආරක්ෂාවක් තියෙනවා. අංගුලිමාල පිරිත වේවා, තුන් සූත්‍රය වේවා, වෙනත් දහම් දේසනාවක් වේවා, ඒවා ලෝකෝත්තර දහම් කරුණු නේ. එවන් අනිවාර්ය ආරක්ෂාවක් ලැබෙනවා නේ…

        බුදු දහමේ මුඛ්‍ය පරමාර්ථය නිවන් දැකීම. ලෞකික ජීවිතය නෙවෙයි. එතකොට ලෞකික විද්‍යාවල් එක්ක අහලකින්වත් තියන්න බැරි දහමක් තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. “බටහිර ආර්ථික විද්‍යාවට වැඩිය බුදු දහම අනුව ජීවත් වීම සාර්ථකයි” කිව්වා නම් තවත් හොඳයි. මොකද බුදු දහම අනුව ජීවත් වෙන කෙනා ජීවත් වෙන්නේ සත්‍යාවබෝධය අරමුණු කරගෙන නිසා. එතකොට ඔය ලෞකික ආර්ථික විද්යාවල් ඒ තැනැත්තාට පයට පෑගෙන දූවිලි වගේ නොවැදගත්…

        Thumb up 4

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.