කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බටහිර ලෝකයේ කඩාවැටීම

බටහිර ජාතිකයන් මුල සිටම කල්පනා කළේ තමන් පමණක් නිවැරදි බවයි. ඔවුන්ගේ මූලික සටන් මාධ්‍ය වුණේ කිතු දහම පැතිරවීමත්, කුළු බඩු සොයා ගැනීමත් මත්ද්‍රව්‍ය වෙළදාමත්ය. චීන අධිරාජ්‍යයාට බටහිරයන් කළ ප්‍රධාන ඉල්ලීම වුණේ අබිං වෙළදාමයි. මෙසේ වසර 500ක් පමණ පැවති බටහිර අණසක දැන් දැන් අවසන් වෙමින් පවතී. බටහිර සංස්කෘතියේ අර්බුදය විග්‍රහ කිරීමේ හැකියාව අපට තිබිය යුතුය. බටහිර සංස්කෘතියේ ස්වර්ණමය අවධිය කතෝලික පල්ලිය බලවත්ව පැවැති කාලයයි. එංගලන්තයේ එංගලන්ත සභාවද බලවත් විය. ජනතාව ආගමට බැදී සිටියහ. බටහිරයා මහා බලවතකු ලෙස වැජබුණි.

බටහිර රටවල මානවවාදය ඇති වීමත් සමග එනම් දෙවියන් වෙනුවට විද්‍යාව හා සමාජ ශාස්ත්‍ර පැමිණීමත් සමග අලුත් වටයකින් ලෝකය යටපත් කිරීමේ සටනක් ආරම්භ විය. එහි පෙරමුණු බලකායන් වුණේ බටහිර විද්‍යාව, බටහිර ආර්ථිකය, බටහිර මතවාදයි. මෙය රෝම අධිරාජ්‍ය ව්‍යාප්ත වීම සිහියට නංවයි. රෝම වරුන්ට තම නීතිය හා ලතින් සංස්කෘතිය ලොව පුරා පැතිරවීමට අවශ්‍ය විය. එහෙත් රෝමවරයාගේ පරිහානියේ විෂබීජද ඒ සමගම මතුවිය. දැන් සිදුවන්නේද එම සිද්ධි දාමයම වෙනත් ස්වරූපයකිනි.

රෝම අධිරාජ්‍යද සිය අවසාන කාලයේ පර්සියාව සමග සටන් කළේය. බටහිර අධිරාජ්‍යද ඉරානය සමග සටනට සූදානම්ව සිටීම දෛවයේ අපූරු සිදුවීමකි. කිතු දහම හා මිත්‍රාස් දහම අතර තරගයක් තිබූ ඉතා තීරණාත්මක මොහොතේ රෝම අධිරාජ්‍ය ජූලියන් මළේය. ඔහු නොමලානම් අද කිතු දහම තිබෙන තැන තිබෙන්නේ මිත්‍රාස් දහමයි. ජූලියන්ගේ අවසන් වදන් ගැලීලියානුවෙනි ජය ඔබටය යන්නලු. මිත්‍රාස් දහම පර්සියන් දහමකි. මෙහිදී පැහැදිලිවන තවත් දෙයක් නම් බටහිරයා සංකල්ප සදහා ආසියාව දෙසට හැරෙන බවයි.


මට හිතෙන විදියට මේ දශකය තුළ බටහිර සංස්කෘතිය කඩා වැටේ. කිසිම ඊනියා සංවර්ධිත රටක 2007 න් පසු පැහැදිලි ආර්ථික වර්ධනයක් නැත. ඇමෙරිකාවේ හා යුරෝපයේ ආර්ථික කඩා වැටීමේ වේගය වැඩිවේ. අලුත් රැකියා උත්පාදනය නොවේ. බටහිර ආර්ථිකය එක තැන නතරවීමට ආසන්නය. බටහිර රටවල් අද විශාල ණය කාරයෝය. චීන ණය දීම් වලින් බටහිර ගොඩ ගත නොහැක. චීනය ණය දෙන්නේ තම භාණ්ඩ වලට බටහිර හොද වෙළද පොළක් බැවිනි. එහෙත් ණය ගෙවීමට බටහිර හිගන්නාට නොහැක. එවිට චීනය ණය දීම නතර කරනු ඇත. වදුරා අත ඇති දැළිපිහි මෙන් හිගන සුද්දා අත න්‍යෂ්ටික ආයුධ ඇත. ඌ යම් යුදමය සැලැස්මක් ක්‍රියාවට නංවීමේ ඉඩක් ඇත්තේ වෙන කරන්නට දෙයක් නැති බවිනි. සංවිධානත්මකව ලෝක විනාශ කථා බටහිර මාධ්‍ය වලින් සමාජගත කරන්නේ මේ නිසාය. බටහිරයාට තම විනාශයේ ඉව දැනී ඇත.

බටහිර රටවල ජනගහනය වේගයෙන් අඩුවීම නිසා එම අඩුව පිරවීමට සංක්‍රමණ ඇතිවිය. 2050 වන විට සුද්දන් සුළුතරයක් වනු ඇතැයි දැන් නාහෙන් අඩති. එහෙත් සංක්‍රමණ සිදු නොවීනම් ශ්‍රම බලකාය හැකිලීම නිසා මේ වන විට බටහිර ලෝකය කඩාවැටී අවසානය. එහෙත් මේ වන විට බටහිර නොවන රටවල ආර්ථිකයන් බටහිර ආර්ථිකයන් ඉක්මවා ඇත. 2022 වන විට චීනය ලොව අංක එකේ ආර්ථිකය වනු ඇත. එහෙත් චීනයද ගෙන යන්නේ බටහිර ආර්ථික මොඩලයයි. මේ වසරේදී චීන ආර්ථිකයද වර්ධනය අඩුවනබව ප්‍රකාශිතය. මේ දශකය තුළ ලෝක ආර්ථිකය “පීක් එකට” පැමිණ ඉන් පසු වේගයෙන් කඩා වැටෙනු ඇත. මේ සමගම ඛනිජ තෙල් ද අවසන් වනු ඇත. පොසිල ඉන්ධන අවසන් වන්නේ සාගර ජල මට්ටම ඉහළ දමමිනි. මෙහි අවසාන ප්‍රතිඵලය මුහුදු මට්ටම ඉහළ ගොස් මුහුදුබඩ නගර යට වීමයි. ලෝක සිතියම ගෙන බැලුවහොත් බටහිර ආර්ථිකය මෙහෙයවන්නේ මුහුදුබඩ නගර වලිනි. ලොව පුරා ප්‍රධාන වරායන් ආශ්‍රිතව අග නගර පිහිටා ඇත. ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලය ධීවර හා කෘෂිකර්මාන්තය කඩාවැටීමයි.

බටහිර ජාතිකයා සිටින්නේ සංස්කෘතික වශයෙන්ද අර්බුදයකය. ඔහු කිසිම සාරධර්මයකින් බැදී නැත. ඇදුම් අදින තිරිසනෙක් මෙනි. තනි තනි පුද්ගලයන්ගෙන් මිස බටහිර සමාජය සාමූහික එකක් නොවේ. සෑම බටහිර වැසියකුම තම අයිතිවාසිකම් සදහා සමාජය සමග සටන් කරන සෙබළෙකි. බටහිර දරුවාත් වැඩිමහල්ලත් අසරණය. බටහිර වැසියා කරන නාස්තිය නොවේ නම් ලෝකයට දැනට සිටින ජනගහනය මෙන් දහ පහළොස් ගුණයක් දරා ගත හැක.

බටහිර නොවන දැනුමට හොදම උදාහරණයක් නම් ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාවට විශිෂ්ට ඉන්ජිනේරු දැනුමක් තිබිණි. ඒ වැව් අමුණු සෑදීමටත් වෙහෙර විහාර දාගැබ් සෑදීමටත්ය. වර්තමාන ඉංජිනේරු දැනුම එකල ශිල්පීන්ටත් තිබිණි. උපාධි සහතික මත බටහිර දැනුම පදනම් වේ. එකල පැවති ඉංජිනේරු දැනුම සමාජය හා බද්ධ වූවකි. සිංහල සමාජය පදනම් වන්නේ සංයෝජනය මත මිස ගැටුම මත නොවේ. ස්වාභාවික විද්‍යා පිළිබද තත්වය මෙසේ වුවත් සමාජ විද්‍යා පැත්තනම් අමු විහිළුවකි. සෑම විශ්ව විද්‍යාලයකම සමාජ විද්‍යා විෂය එය උගන්වන්නන්ට ධන උල්පතකි. රටටම පිස්සු හදවන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් හදන තැනකි. ඒවාට බටහිරින් සල්ලි පොම්ප කෙරේ.

තවදුරටත් අපට හතුරුකම් කිරීමට බටහිරයන්ට සල්ලි නැත. බටහිර අර්බුදයට ගොස් ඇත්තේ ඩයිනෝසරයන් වදවී ගිය ආකාරයටය. අපේ වගකීම බටහිර දැනුම ට එරෙහිව යන විකල්ප දැනුම් පද්ධතියක් ගොඩ නැගීමය. බටහිර සියල්ල අභියෝගයට ලක් කිරීමට කාලය පැමිණ තිබේ. සමහරවිට නොමග ගොස් ඇති බටහිරයාට පිහිට වීමට අපට හැකි වනු ඇත. එවිට සුන්දර ලෝකයක් බිහි වනු ඇත.

මංජුල

4095
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

30 comments to බටහිර ලෝකයේ කඩාවැටීම

  • විරාජ්

    රංග, මට නං මේ බටහිර ජිවන ක්‍රමය එපා වෙලා තියෙන්නේ . මන් මට හිතන දේ කියන්ඩ ඕනේ. කියල හිතේ තියෙන බර තුනී කරගන්ඩ ඕනේ. මම දැන් අවුරුධු 15ක් විතර කරන්නේ “පරගණක ඉංජිනේරු” රස්සාව. එක ඇත්තට ඉංජිනේරු රස්සවක් කියන්ඩ බැහැ. මේක නිකන් වහල් සේවයක් වගේ. අපි කරන්නේ මෙච්චරයි. බටහිර ඉන්න සුද්ධෝ එක එක ටෙක්නොලොජිස් හදනවා පරිගණක සම්බන්සව. අපි කරන්නේ ඒවා අරන් ඒකෙන් මෘධුකාංග හදන එක. වැඩේ තියෙන්නේ අවුරුධු තුනෙන් හතරෙන් ලන්වේජ් එක ටෙක්නොලෝජි එකක් පරණ වෙනවා. අලුත් ඒවා එනවා ඒවා වෙනුවට. මේක පුදුම දුකක්. මම අවුරුධු පහළොවට ටෙක්නොලොජි කීපයක් ඉගෙනගෙන තියෙනවා. විභාග කීපයක්ම කරලා තියෙනවා. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ. අලුත් දවල් ඉගෙන ගැනීමේ සීමාවක් තියෙනවනේ. මේක මහා පිස්සුවක්. අර මහාචාර්ය නලින් ද සිල්වා කියන එක හරියට හරි. මේ බටහිර චින්තනයේ තියෙන්නේ තනිකර රෙකිය විදියට ඔහේ යන ගමනක්. එකේ කෙළවරක් නැහැ. එක මහා විකාරයක්. මට කැමතියි මන් වගේ තත්වෙකට වෙන කට්ටියත් වැටිලා තියෙනවද කියල දැනගන්ඩ? ඒ කියන්නේ තමන්ගේ රැකියාව, මේ බටහිර විකාර ජිවන ක්‍රමය ඒපා වෙලා තියනවද කියල. මේ බටහිර ජිවන ක්‍රමය මහා පිස්සුවක්. මේකට විකල්පයක් තියෙනවද?? මක කවද කඩන් වැටෙයිද?? මන් කියන්නේ මගේ රස්සාව ගැන හින්දම නෙමෙයි. අනිත් හැම දේම මේ රටේ ඉතාම පහත තත්වයක තියෙන්නේ. අපේ රටේ සිවිල් සමාජයක් දැන් නැහැ. අපේ රටේ මිනිස්සු ඇවිල්ල තනිකර සල්ලි හොයන පරමාර්තෙන් වැඩ කැරෙන්නේ. කිසි කෙනෙක් තව කෙනෙකුට ගරු කරන්නේ නැහැ. ගෙවල් අඩි 6, 7 උස තාප්ප දාලා තෛවෙලා ඉන්නේ. කිසිම සමගියක් නැහැ රටේ. ඇයි මේ? මම නං ඇත්තට කැමති අර 2012 ලෝක විනාස වෙනාවන්. ඒ කියන්නේ 2012 බටහිර ලෝකෙම වින්සාස වෙනවනං දෙයියනේ කොච්චර ලොකු දෙයක්ද. මේ සුද්ධෝ තමයි ලෝකේ කෑවේ. ඔය කාලකන්නි හැත්තෑ මට පෙන්ද බැහැ. මට සුද්ධෙක් දකිනකොට හිතනවා උඋව එතනම මරඳ. එච්චර තරහක් එනවා. මන් දන්නවා ඒක අකුසලයක් කියල. හැබැයි මට කොන්ට්‍රෝල් එකක් නැහැ. මේකට මොකක්ද විසදුම. අපිට මේ බටහිර පිස්සු විකාර ජිවන ක්‍රමය තව අවුරුධු කියක් ගෙනියන්ඩ පුලුවන්වෙයිද?

    Thumb up 0

  • Dulantha

    බටහිර කඩාවෑටීමට හේතුවන ප්‍රධාන කාරනා 3 ක් තියෙනව

    1) කාර්මික විප්ලවයත් එක්ක පෑනනෑගපු ස0වර්ධන ස0කල්පය.

    2) කුහක ලිබරල් ප්‍රජාතන්ත්‍රවදය.

    3) මායාකාරී බොරු නූතනත්වය.

    ක්‍රිස්තියානි බයිබලයේ තියෙන බේගල් බොරු හින්දා මේ විනාසකාරී මතවාද එක්ක හෑප්පෙන්නත් බෑ.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 4

  • නියම සිංහ

    මිනිස් භවයක් ලැබීම පිනක් බුදු දහම පවතින කාලයක ඉපදීමම ඊටත් වඩා පිනක් .බුදු දහම පවතන කාලයක ඉපදුනත් ඒ දහමෙන් ප්‍රෙයා්ජනයක් ගන්නට බැරි තැනක ඉපදීම පවක් මොන ආගමේ උවත් පස් පවින් දූශිත වන්නේ නම් ඊලඟ භවය අපාය වල උප දී
    මොන ආගමේ උවත් පින්කල හැක එහෙත් නිවන් මගට පිවිසිය නොහැක
    පින පව ගැන අවබෝධයක් නැති තැන ඔවුන් වෙතින් සිදු වන්නේ අකුසල්මය එහෙයින් බොහෝ විට කල්ප ගණන් නිරයේ දුක් විඳීමට සිදුවන්නෙය.
    එහෙයින් බවය තුල කලා තුරකින් ලැබෙන මිනිස් බවයෙන් නිසි ඵල ලබාගත යුතුය

    Thumb up 2

  • නියම සිංහ

    අප අහස දෙස බලන විට අපේ පෙනීමේ සීමාව දක්වා අපට පෙනේ. දුර දක්නය සොයා ගැනීමට පෙර ලියවුනු සහ කල විග්‍රහයන් (බුදු දහම හැර)ඒ පෙනුමේ සීමාවටම කොටු වී ඇති බව විමසා බැලීමෙන් පෙනී යයි. මැවුම් වාදය පටන් ගන්නේ එවන් යුගයකය ඒ නිසා එදා තිබූ පටු දැනුමේ හා දර්ශනයේ සීමාවෙන් එහාට මේ මැවුම් වාදයේ දර්ශනයක් හො දැක්මක් නොමැත.
    දැන් නවීන විද්‍යාව දියුනුව ඇත, මැවුම් වාදයේ සීමාවන් ඉක්මවා පෙණෙන උපකරන ඇත, ඒවා අප කාටත් පරිහරනය කල හැක ආලෝක වර්ශ ලක්ශගණනින් එහාට දුර පෙනේ (ඒත් බුදු දහමෙහි සඳහන් අනන්ත අපිරිමිත විහ්වය හා සැසඳීමේදී විද්‍යාවද තවමත් එතැනමයි.)
    මෙසේ බලද්දී මැවුම් වාදය බොරු වී ප්‍රතික්ෂේප වී බොහෝ කල්ය එහෙත් මිනිසුන් අතර බහුතරයක් මැවුම් වාදය පිලිගනී මොවුගෙන් බොහෝ දෙනෙක් අද ලොව ගෝලාකාර බව දනී මැවුම් වාදයේ පොත්වල සඳහන් ප්‍රමානයට වඩා ලොව පැරණි බව හා සංකීර්න බව දනී ඒත් මැවුම් වාදය බදාගෙන සිටී ඊට බොහෝ හේතු තිබුනත්
    ඉන් ප්‍රධානවනුයේ .
    1 ප්‍රත්‍යක්ශ නොවන දෙය විස්වාස කිරීම මෝඩ කම බව නොදැනීම
    2 මේ වටා ඇති අදිපති වාදී දේශපාලනය
    3 බුද්දෝත්පාද කාලයක ඉපදුනත්, දුර්ලබ වූ මනුශ්‍ය භාවයක් ලැබුනත් ,මේ කෙටි වූ ජීවිත කාලය තුල භෛවුතිත සම්පත් ලැබුනත්, මේ බව ගමන කෙටි කර ගන්නා
    ප්‍රඤඥාව ලැබිමේ පින ඔවුන් තුල නොවීමයි ඔවුන්ගෙන් බහුතරය අපාය ගාමී වන්නෝමය
    බොදු වූ ඔබගේ යුතුකම මේ අවිදු අඳුරෙන් ඔවුන් මුදවා ගැනීම නොවන්නේද?

    ඔබ සැමට තෙරැවන් සරනයි

    Thumb up 1

  • නියම සිංහ

    ලංකාවෙ අද හැකියාවට සාපේක්ශව ඉතිහාසය දෙස බැලීමේදී අද මුකුත් කරග්න බැරි පිරිසක් සේ පෙනී යයි
    හෙල ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් අදටත් අපේ ආර්තිකයට දායකවෙයි එදා කල නිමැවුම් දෙස බලන්න ඒ තුල ඉහල අධ්‍යාත්මය පිලිබිඹු කරන කලාව උසස් පරිකල්පන හැකියාවකින් යුත් නිර්මාන ඒ තුලම අන්තර්ගත ගණිතය විද්‍යාව කොතෙක්ද
    එදා බැඳි වැවු බැම්ම අද කරනවානම් පිටරට යනත්‍ර සූත්‍ර දැනුම පමනක් නොවෙයි මුදලුත් ඕනෙ එදා දැනුම අකංඩව වර්ධනය වූවානම් අප අද ලෝකයේ ඉහල තැනක නොවේද
    විදේශ ආක්‍රමන අපව විනාශ කලද සුද්දන් ඇතිකල අද අපට කිසි සේත්ම නොගැලපෙන අධ්‍යාපනය සහ කිසි වැදගම්මකට නැති පංති රටාව තුලින් තරම් විනාශයක් ඒවායින්ද නොවූ බව මනාව විමසීමෙන් පෙනීයයි
    එදා ලෝකයේ සෑම තැනකම කෙරුන මහා නිමැවුම් වෙද්ද ඒ හැම තැනකම නිමැවුම් තුල ඇත්කේ හද කම්පා කරන සිදුවීම් පෙළකි යදමින් බැඳි වහලුන් කසයෙන් පෙලමින්
    මැරී වැටෙන තෙක් වැඩගත් අයුරු උන්ගේ ඉතිහාස වලම සඳහන් වේ එවන් වූ යුගවල අප පෙර හෙලයා දේශ පාලන වශයෙන්ද ලොවටම ආදර්ශයක් සපයයි
    අපද ලෝකයේ කිසිම නිමැවුමකට දෙවැනි නොවන නිමැවුම්කර කර ඇත්තෙමු ඒ හැම තැනකම ඇත්තේ හද සනසාලන හිත නිවන ජනතාවගේ හිත සුව පිනිසම කල දේවල්ය
    වැව ජනතාවගේ කුසගිනි නිවීමටය දාගැබ සහ කලාව අධ්‍යාත්මික සුවය සඳහාමය
    ඒ පමනක් නොව ඒ හැ දෙයක්ම මතුපරම්පරා වලට කල දායාදයන්ය
    එදා ගුරැවරයා ඉගැනුවේත් වෛද්‍ය වරයා වෙදකම් කලෙත් යුතුකමටය මේ අයව ජනයා රැකගත්තේත් යුතුකමටය රජතුමා රාජකාරී ක්‍රමය තුලින් වැවු අමුනු තනා මේ රට පෙරදිග ධාන්‍යා ගාරයබවට පත්කලේය
    පිටරට වල පිරමීඩ මහ පවුරු මාලිගා තුලින් කසපහර යදම් ගැටෙන හඬ වහලුන්ගේ දුක් අඳෝනා ඇසෙද්දී අප මහා වැවු තුලින් ඇසෙන්නේ රට වෙනුවෙන් යුතු කමට පෙල ගැසුන දිරි වඩන මිනිසුන්ගේ හඬයි දාගැබ් තුලින් ඇසෙන්නේ සාදු නාදයයි මේවා අපේ අභිමානවත් ඉදිරි ගමනත් සඳහාම වේවා

    Well-loved. Thumb up 11

    • hambaya

      Attatama mayy wage katakarana minissunta api garukaranwa.. atta ati satiyen katakarala gawrawaya rakagannawa boro wal pal dodawannatuwa, menna minissu

      Thumb up 2

    • සචිත අමන්දු

      රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලස්සන කතාවක් කියල තිබුණ ටජ්මහල ගැන.

      බොහෝ දෙනා ටජ් මහල හැඳින්නුවෙ ආදරයේ කඳුළු බිංදුව කියල, හැබැයි තාගෝර් තුමා කව්වෙ ලක්ෂ ගණනක කම්කරුවන්ගෙ දහදිය බිඳුවේ සංකේතය කියල.

      Well-loved. Thumb up 6

  • Chamika

    අපගේ සිංහල දැනුමද අද වනවිට නැති වී ඇත.තවද ම දන්නා ලෙස මේ දැනුම බොහොමකක් ප්පුස්කොල පොත් වල තිබුනද ඒවා පැවතියේ ,සීමිත පිරිසම් අතය.
    අ ප ගේ ඉතිහාසයද සුද්දන් හා සුද්දන්ට කඩේ යන මහාචාර්ය පඩියන් විසින් විකුර්ති කර ඇත.
    එබැවින් අප මේ දැනුම ,සිංහල යන්ට පමණක් නොව මුළු මිනිස් ලෝකයටම හා සත්වයන් ඇතුළු පරිසරයටද දියුණුවට යොදාගැනීමට නව පරපුර වෙහෙස විය යුතුය.
    බටහිර ලෝකය අද වනවිට ,දුවන්නේ පොසිල ඉන්දන හා බටහිර දැනුම යන නිර්මාණය නිසාය.මේ ලෝකය නුදුරේ විනාස වන්නේ වෙනත් යද විනාසයට දමමිනි.
    මෙය නොතේරෙන සිංහලයි කියා ගන්න අමන රැලක්ද අප රටේ සිටිති. මේ කළු සුද්දන් ටික පරදවා අපගේ දැනුමක් නිර්මාණය සොයායාම දුෂ්කර වී තිබේ . විශ්ව විද්‍යාල මගින් බිහිවන උගතුන් මෙයට ඇතුලත්වේ.
    අපගේ රට බුද්ධ සාසනය පවතින්නේ සිංහලුන්ගේ දියුණු මනසක් තිබෙන බැවිනි.බුදුන් වහන්සේ උපන්න යය කියන රටේ අද බෞධයන් කියක් සිටීද?
    අප රටට වෙනත් ආගමිකයන් රැගෙන අවදා ,මෙරට ජාතිවාදය ඇති කෙළද සුද්දන්ය.මුන්ට තාමත් යහතින් සිටින්නට හැකිවීම පුදුමයකි.මාසිතන්නේ මේ ලෝක ධර්මතාවයක් නිසාය.
    ලෝකය මෙවැනි ලෙසකින් හෝ කවද හෝ විනාස වෙන බව අර දනිමු. ඒ අප බුදු දහම දන්නා බැවිනි.
    අපගේ පාලකයන් ද මේ යටර්තයට කත අදිනු පෙනේ.අදවනවිට මේ ඊනියා මානව හිමිකම් කමිටු වලටද රජය ගති වී උපකාරී ලෙස ක්‍රියා කරගෙන යන්නේ වැටි ඇති ආර්ථිකය මිනිසුන්ගෙන් වසන් කිරීමටය.
    සබැ සිංහල නායකත්වකක්,නිවරද ආර්ථික ක්‍රමය ක් අද නැත.ම කියන්නේ නැතිවාදය ,පස්කම් පිනවීම අවම කරන අයකු නැත.
    අප කියන බන අප පිළිපැදිය යුතුය. බටහිර ටද එවිට අපට ඇත දිගුකල නොහැක..මෙරට යුද්දයෙන් පසු මානව හිමිකම් යන සම්මුතියද කඩ දමන අවස්ථා ඕනෑතරම් තිබෙන බව පොඩි දරුවන් පවා දනිති.
    යුද්දය කරන විට මානව හිමිකම් නොමැති බවද අපදනිමු.නමුත් ඊට පසු …!මේ ඉනය හිමිකම් වලට අප හසුවන්නේ ඒ සම්මුතිය කඩන බැවිනි.ඒ සදහා සිටින පඩියන් ක්‍රියාමාර්ග ගත යුතුය.අවවාද දියයුතුය. එස නොකර මේ සියල්ලම බලාසිටින උගතුන්ගෙන් රටට වැඩක් නැත.

    Thumb up 3

  • kevin perera

    //නමුත් රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමගම අපනයන සහ විදේශ ‍රැකියා වලට යාම ප්‍රචලිත වී නැවතත් රුපියලේ අගය ඉහල යාවි.//
    1.දැන් මේ කඩා වැටෙන බටහිර විදේශ රැකියා තියේවිද රංග?
    2. අපනයනය කරන්නේ චීනයටද? දැන් මේ කඩා වැටෙන බටහිර රටවල් වලට අපෙන් ආනයනය කරන්න සල්ලි නෑ නේ.
    මෙන්න දැන් ලැබුන පුවතක්..මෙම ලිපිය පලවීමත් සමගම බටහිර රටවල මිනිසුන් ලංකාවට ඒම සඳහා අපේ තනාපති කාර්යාල වල දිගු පෝලිම් සැදී වීසා ගැනීමට රැඳී සිටින බව වාර්ථා වේ. බටහිර රටවලට යාම සඳහා කිසිවෙක් අයදුම් නොකිරීම නිසා ලංකාවේ බටහිර තානාපති කාර්යාල වල වීසා දෙන අංශයන් වසා දැමීමට සිදුව ඇත.

    Hot debate. What do you think? Thumb up 4

    • බටහිර ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සසඳා බලන කල බටහිර ආර්ථිකය ශ්‍රී ලඞකාවේ ආර්ථිකයට වඩා බොහෝ සෙයින් විශාලයි කියල ඔබ දන්නවානේ. ඒ අනුව ආර්ථික කඩා වැටීමක් බටහිර සිදු වුනත් එහිදී ඇති වන තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටක සාපේක්ෂව සුළුවෙන් කරන අපනයන වලට එය දැඩි ලෙස බලපාන්නේ නෑ.
      එසේම ඉදිරියේදී චීන ආර්ථිකය සංවර්ධනය වන බැවින් ශ්‍රී ලංකාවේ විශේෂීකරණය වී ඇති භාණ්ඩ හා සේවා චීනයට අපනයනය කිරීමට හැකියාවකුත් ලබා ගත හැකියි. සුප්‍රසිද්ධ රබර්-සහල් ගිවිසුම ඊට උදාහරණයක් වන අතර එවැනි ගිවිසුම් වලට නැවතත් යාමට දැන් කාලයයි.
      කෙසේ නමුත් අපගේ අදහසනම් රටක් සංවර්ධනය විය යුත්තේ භෞතික වශයෙන් පමණක් නොවන බවයි. එහිදී ආධ්‍යාත්මික සංවර්ධනයක් අවශ්‍යයි. ආධ්‍යාත්මික සංවර්ධනය අතින් බැලූ විට ටිබෙටය ආදී රටවල් ලොව වඩාත්ම සංවර්ධිත රටවල් වේ. ජනමධ්‍ය ආදී බටහිර අතකොළු නිසා ශ්‍රී ලංකාව බටහිරකරනය වී ඇති බැවින් ආධ්‍යාත්මික සංවර්ධනය බොහෝ සෙයින් පිරිහී ඇත.
      එසේම ඔබගේ පුවතින් පෙනෙන්නේ ඔබගේ හීන මානය බව කාට හෝ තර්ක කිරීමටත් පුළුවන්. එනම් ඔබ සිතන පරිදි අප පළ කළ යුත්තේ බටහිරින් අනුමත වෙන ලිපි පමණයි.

      Thumb up 4

  • නියම සිංහ

    දගැබ් යනු නිකම්ම පස් ගොඩවල් නොවේ ලෝකයේ විශාලතම ගඩොලින් කල ගර්භයක් සහිත ගොඩ නැගිලිය මෙතනදී හැම ගඩොල් පෙලක්ම වෙනස් හැඩයක් ගනී ඒ හැඩය ගඩොල සවිවන ස්ථානයේ හැඩයට අනු රූපවන හැඩයක් සහිත අච්චුවක මැටි පිලිස්සීමට පෙර පිලිස්සීමෛන් පසු ඇතිවන වෙනස් වීම්ද ගණනය කරමින් සකස් කල යුතය ඒවා කෙතරම් නිවැරදිව කර තිබේද
    මෙවන් යෝධ බරක් දරා සිටීමට හැකි ආකාරයේ අත්තවාරම අදටද මවිතයකි
    අද භාවිතා කරන අකුනු සන්නායක වෙනුවට ආරෝපිත වලාකුලු විකර්ශනය කිරීමේ ක්‍රමය
    එකලට පමනක් නොව අදටද පුදුමයකි

    Well-loved. Thumb up 14

  • Saman Darmapriya

    අනේ මම බැලුවා මේ ගූගල් වර්ජනය කරන්න කියපු ඇමති තුමාගේ ලිපියක්වත්ද කියලා. බැලින්නම් මේ රංගයියත් එයාට දෙවෙනි නැහැනේ. ඔයා කියන විදියට එයාලගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා නම් මොකද මේ රුපියල හිටු කියලා බාල්දු වෙන්නේ. තරහ ගන්න එපා ආයිබෝං, දන්නේ නැති නිසයි අහන්නේ

    Hot debate. What do you think? Thumb up 8

    • මුලින්ම කියන්න ඕනැ මේක මගේ ලිපියක් නොවෙයි, මංජුල නැමැති අප හිතවත් මහත්මයෙක්ගේ ලිපියක්.

      රුපියල බාල්දු වීම හෙවත් අවප්‍රමාණය වන්නේ රුපියලේ ඉල්ලුමට වඩා ඩොලරයේ ඉල්ලුම වැඩි වීමයි. අපේ රට ආනයනය මත රඳා පවතින රටක් නිසාත්, රුපියල පා වීමට හැරීම නිසාත් ඒක වෙලා තියෙන්නේ. නමුත් රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමගම අපනයන සහ විදේශ ‍රැකියා වලට යාම අතුළු නිර්යාතයන් ප්‍රචලිත වී නැවතත් රුපියලේ අගය ඉහල යාවි. ඒ සඳහා මේ රජය මීටත් වඩා කාර්යක්ෂමව අපනයන දිරිමත් කළ යුතුයි.

      Hot debate. What do you think? Thumb up 7

      • Saman Darmapriya

        හරි රංගයියේ! “විදෙශ රැකියා වලට යාම නිසා අනාගතයේදී රුපියල ඉහළ නගීවී” කියන බලාපොරොත්තුවෙනේ ඔබ ඉන්නේ. විදේශ රැකියා කිවුවහම ඉතින් අපේ අය වැඩි පුරම යන්නේ අරාබි කරයටනේ. ඒ කියන්නේ ආරිය සිංහලයෝ අරාබියට ගිහිල්ලා උන්ගේ බැල මෙහෙවරකම් කරන එක ඔබත් අනුමත කරනවා කියන එකද? අනේ කාලේ වනේ වාසේ කිවුවලු. එකක් විසදන කොට තවත් ප්‍රශ්න රාශියක් ඇතිවෙනවා රංගයියේ.

        Thumb up 1

        • //විදේශ රැකියා කිවුවහම ඉතින් අපේ අය වැඩි පුරම යන්නේ අරාබි කරයටනේ.//
          අපේ අය වැඩිපුරම අරාබිකරයට ගොස් මුස්ලීමුන්ගේ බැල කම් කළ පමණින්, මාගේ මතයත් එය විය යුතුමද?

          මගේ මතය නම් විදේශ ‍රැකියා යනු අරාබිකරයේ බැල කම් කිරීම නොව නිසි අධ්‍යාඅනයක් ලබාගෙන වෘතියවේදීන් වශයෙන් විදේශ වල සේවය කිරීමයි. අතීතයේදී අපේ වාරි ඉංජිනේරුවන් අරාබිකරයට ගොස් ඔවුන්ට වැව් අමුනු තාක්ෂණය ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්.

          ප.ලි: මුදල් අවප්‍රමාණයක ප්‍රතිඵල
          1. අපනයනය ව්ර්ධනය වීම.
          2. ආනයන මිල ගණන් ඉහළ යාමෙන් ආනයන අධෛර්යම්ත් වීම.
          3. ගෙවුම් ශේෂය යහපත් වීම.
          4. විදේශ ආයෝජන වර්ධනය වීම.
          5. සංචාරක කර්මාන්තය වර්ධනය වීම.

          ඉහත දැක්වූවේ බටහිර ආර්ථික විද්‍යා මොඩලය අනුවයි. කෙසේ නමුත් බටහිර ආර්ථික විද්‍යාව පදනම් වී ඇති ක්‍රමය අනුවම එහි නෛසර්ගිය දෝෂයන් තිබෙනවා. අන්න එනිසා තමයි බෞද්ධ ආර්ථික විද්‍යාවක අවශ්‍යතාවය පැන නගින්නේ. ඒ ගැන ඉදිරියේදී ලිපියකින් දක්වන්නම්.

          Thumb up 4

        • Saman Darmapriya

          ඔයාගේ මතය හොද වුනාට ක්‍රියාත්මක වෙන්නේ නැති එකනේ වැරැද්ද. වර්ථමානයේ වුනත් ඕනෑම රජයක් උත්සාහ කරන්නේ වැද වැද හරි අරාබියට යවන ගෘහ සේවිකාවන් ප්‍රමාණය වැඩි කර ගන්නනේ. වෘත්තියවේදීන් බොහොමයක් කරන්නේ බටහිර රටවල් වලින් PR ගන්න දගලන එක මිසක් එහෙ ගිහිල්ලා මෙහෙට සල්ලි එවන්න නෙවෙයිනේ.

          ඔයා මොන තරම් බටහිරයන්ට කෑ ගැහුවත් තාමත් අපි කරන්නේ උන් හොයා ගත්ත දේවල් තළු මර මර රස විදින එක විතරයි. අඩුම ගානේ ඔයාගේ සයිට් එකේ එක ඉංග්‍රීසි අකුරක් හරි නොපෙන්නා ඉන්නවත් පුළුවන්ද? ඔය සයිට් ඇඩ්‍රස් එක සිංහලෙන් පෙන්නන්න පුළුවන්ද බලන්නකෝ?

          Thumb up 2

        • @Saman Darmapriya කොණක් අල්ලගෙන ඒක විතරක් උළුප්පා දක්වන්න එපා. රට දියුණු කිරීමේ “එකම ක්‍රමය” ලෙස විදේශ ‍රැකියා ව්‍යාප්ත කිරීම කියා මා දක්වා නැත.

          කිරීමට අවශ්‍යව ඇත්තේ අවශ්‍යතා සපුරමින් ආසාවන් පස්සේ දිව යන බටහිර සංවර්ධන මොඩලය භාවිතා කිරීම නොව අවශ්‍යතා සීමිත කරගත් බෞද්ධ සංවර්ධන ක්‍රමයක් සඳහා යොමු වීමයි.

          බටහිරට ගැති නොවී සිටීම සහ බටහිර තාක්ෂණය උපයෝගී කර ගැනීම යනු දෙකකි. අවශ්‍යනම් සිංහල භාෂාවෙන් ඩොමේන් නේම් එක භාවිතා කිරීමට තාක්ෂණයක් දැන් තිබුනත් (උදා: වෙබ්.දිනමිණ.ලංකා )අන්තිමට ICANN වල නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට සිදුවෙයි.

          එසේම අනිත් අතට බටහිරයන්ටත් පෙරදිග දැනුම අවශ්‍ය වෙන වේලාවල් ඕනෑ තරම් තිබේ. බටහිර දැනුම ගොඩ නැගී ඇත්තේද පෙරදිග දැනුමේ ආභාෂයෙනි. අජාන් බ්‍රහ්මවංසෝ වැනි සුදු ජාතික හාමුදුරුවරු අද භාවිතා කරන්නේ පෙරදිග දී බිහි වුන බුදු දහමයි.

          Thumb up 2

  • මහේන් ද සිල්වා

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 7

    • දා ගැබ් විතරක් නොව අතීතයේ තිබුන වාරි කර්මාන්තය, වාස්තු විද්‍යාව, කෘෂිකර්මාන්තය, ආදී සිංහල විද්‍යාවන් ගැනත් සිතා බලන්න. අනික ඒ කාලයේදී බටහිරයන් සතුන් දඩයම් කරමින් පූර්ණ වනචාරී ජීවිතයක් ගත කළ හැටිත් සිතා බලන්න.

      Well-loved. Thumb up 13

    • Veenath

      සහෝදරයා මම මිනිස්සු ටිකක් හොයල දෙන්නම් උඹට පුලුවන්ද අපේ පන්සලට ලස්සන චෛත්‍යයක් හදල දෙන්න. රුවන්වැලි සෑය වගේ ලොකුවට නෙවෙයි පොඩි එකක්. ඔබට මහා ලොකු වැඩක් නෙවෙයි කිවුව නිසයි ඉල්ලීම කරන්නේ.

      Well-loved. Thumb up 13

    • අර්ය සිංහල

      අනේ සහෝදරයා දන්නෙ නැත්තම් කමේන්ට් දාන්නෙ නැතුව නිකම් ඉන්න,දාගැබක් තනන්න නිකන් ආවට ගියාට ඔබ හිතන පරිදි බැ (මට ලොකු හිනාවක් ගියා ඔහේ කියලා තියන එක දැක්කමා) දාගැබක් ගොඩනගන්න ලොකු ඉංජිනේරු තාක්ෂනයක් ඔනැ කරනවා (ඉංජිනේරු ශිෂයෙක් හැටියටයි කියන්නෙ) දාගැබ් ඔනැ නැ සිල්පර කොටන් වෙනුවට දාපු පොඩිම පොඩි සිමැන්ති ආදේශකයටත් ලොකු ඉංජිනේරු තාක්ෂනයක් තිබෙනවා (එකත් ලංකාවේ අපේ 21 වැනි සියවසේ ඉංජිනේරු තාක්ෂනයේ පියා ලේස සලකන කුලරත්න මහාතාගේ නිර්මාණයක්)…..

      Well-loved. Thumb up 15

      • Nayani Ranasingha

        නමෝ බුද්දාය
        පෘතුවිය පතැලිය කියල ලියල තියෙන ,මම අදහන්නේ නැති අයව මරල දාන්න කියල ලියල තියෙන මහා මොඩෝ ලාමක පොතක් විශ්වාස කරගෙන ඉන්න අයට ඔච්චර ගැඹුරු දේවල් තේරෙන්නේ න ෑ මිත්‍රයා

        Hot debate. What do you think? Thumb up 5

        • මහේන් ද සිල්වා

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 3

    • සචිත අමන්දු

      දැන් ඔබතුමා චෛත්‍යයන් වලට පස් ගොඩවල් කියල අපහාස කරනවානෙ……

      හොඳයි,,, මම ටිකක් සානුකම්පිතව හිතල ඔබතුමා සිටින දෘෂ්ඨිය තුලින්ම ප්‍රශ්නයක් අහන්නම්කෝ…….

      ඔය කියන විදිහට පස් ගොඩක් හැදුවනම් ඒ නිකම්ම පස් ගොඩැල්ල අවුරුදු 2500 ක් පුරාවට ගිලා බහින්නෙ නැතුව, සේදී යන්නෙ නැතුව, කඩා වැටෙන්නෙ නැතුව පවතින්න මාර තාක්ෂණයක් පාවිච්චි කරන්න එපෑයැ….. !

      නිකමට හිතල බලන්න දැන් කාලෙ ආසාවකට මිනිස්සු 1000කට විතර එකතුවෙලා පස් ගොඩැල්ලක් හදල ඒකෙ පැවැත්ම ගැන අවුරුදු කීයකට ගැරැන්ටි කරන්න පුළුවන්ද කියල…….

      බලාගෙන යද්දි ඔබතුමා කියන්න උත්සහ කරල තියෙන්නෙ අපි හිතාගෙන ඉන්නවටත් වැඩිය සුපිරි තාක්ෂණයක් ඒ කාලෙ තිබුණ කියලනෙ…….

      (ප.ලි. දාගැබ් වහන්සේලා පස් ගොඩැලියැයි හඳුන්වා මේ කමෙන්ටුව දැමීමට සිදුවූයේ එවැනිම අධම ප්‍රකාශයකට පිළිතුරු දීමට සිදුවූ නිසාවෙනි….. එසේ කිරීමෙන් යම් අගෞරවයක් වී නම් ඒ පිළිබඳව සමාවන්න).

      Well-loved. Thumb up 6

    • වසවර්ති මාර

      ගෙදරට වෙලා කාලා බීලා ජයට ඉන්න පලියට, උත්සහවන්ත මිනිස්සුන් ගේ වැඩ එහෙම බාල්දු කරන්න එපා. පුලුවන් නම්, රුවන් වැලි සෑය තරමට නෙවෙයි. ඔයාගේ උරහිස් මට්ටමට උස දාගැබක් හදන්න​, එහි සමමිතික බව 100% රැකෙන ආකාරයට, පෘෂ්ඨයේ සුමට බවත්100% ක් රැකෙන අකාරයට​. මම අභියෝග කරනවා ඔබට එය කරන්නට බැරි බව​. මේ වගේ රටක ඉපදිලත්, ඔබට ඇෆගනිස්තානයේ තලෙයිබාන් කාරයෙකුගේ තරම්වත් මොලයක් නැති වුන එක ගැන දුකයි.

      Thumb up 3

  • madura

    සමහරු කියනවා මම ඩකා තියෙනවා 2030 වෙද්දී ලංකාවේ මහා ජාතිය වෙන්නේ මුස්ලිම් කට්ටිය කියල මේක ඇත්ත නැත්ත කොහොමද??

    Thumb up 0

    • නිල නොවන ආරංචි මාර්ග අනුව සිංහලයන්ගේ ජනගයන වර්ධන අනුපාතය 0.8% ක් පමණ වන අතර මුස්ලීමුන්ගේ එය 5% කට වැඩි අගයක් ගනී. ඒ අනුව තව දසක කිහිපයකින් ශ්‍රී ලංකාවේ මහ ජාතිය මුස්ලීම් අය වීමට ඉඩ තිබේ.

      උදාහරණ ලෙස ඔබ දැක ඇති සිංහල පවුලක සිටින දරු සංඛ්‍යාවත් මුස්ලීම් පවුලක සිටින දරු සංඛ්‍යාවත් බලන්න.
      අනිත් පැත්තට දිනෙන් දින සිංහලයන්ගේ ඉඩ කඩම් මිලදී ගනිමින් මුස්ලීම් ව්‍යාපාර ව්‍යාප්ත වෙන ආකාරය බලන්න.

      මේ ගැන කොමිෂන් වාර්තාවක්
      http://sinhalabuddhist.com/2011/10/commission/

      Hot debate. What do you think? Thumb up 5

    • how

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 3

      • //ලෝකයේ අකුසල් වැඩි වෙනකොට මිනිස්සු අඩු වෙන්න ඔව්නේ හරිනන්//
        අකුසල් වැඩි වීමේදී මිනිසුන් අඩු වෙන බවක් කොහෙවත් දක්වා නැත. සමහර විට එවැන්නක් පල්ලි වලින්නම් උගන්වනවා ඇත. විශ්වයේ අනන්ත අප්‍රමාණ ජීවීන් සිටින අතර මිනිසුන් පව් කර අපා ගත වුවත්, අර විශ්වයේ සිටින අනන්ත අප්‍රමාණ ජීවීන්ට මිනිස් ලොව ඉපදීමට පුළුවන. ලොව ජීවීන් වැඩි වන්නේ කුසල් හෝ අකුසල් අනුව නොව ජීවය පැවතීමට සුදුසු වාතාවරණය තිබෙන ආකාරය අනුවයි.

        //මුස්ලිම් මිනිස් ආත්ම වැඩි වෙන්නේ කුසල් කරන නිසා රංගගේ පුංචි මොලේ ට අනුව//
        බුදු දහමට අනුවනම් ආත්ම කියා දෙයක් නැත. “ආත්ම” සහ “භව” දෙකකි. ඉතින් මුස්ලීම් අය වැඩි වන්නේ කුසල් නිසා නොව මුස්ලීම් අය වැඩි වැඩියෙන් සංසර්ගයේ යෙදෙන නිසාය. ඔබගේ හෝ ඔබට එම කතාව කියා දුන් ලෙබ්බෙගේ පුංචි මොලේට මෙවන් සුළු කරුණක් හෝ නොවැටහීම ගැන පුදුම නොවෙමි.

        Well-loved. Thumb up 17

    • වසවර්ති මාර

      මුස්ලිම් ජනගනය සීග්‍රයෙන් වර්ධනය වීම අපට වෙනස් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ලෝකයේ කටයුතු සිද්ධවෙන්නේ ඒ පිළිවෙලටයි. මොකද, නව ආරම්භයක් වෙනුවෙන් ලෝකය විනාශ විය යුතුයි. එසේ විනාශ වන්නට නම් සම්පත් හිඟවී, ජනගහනය අධික ලෙස වැඩිවී, මිනිස්සු මිසදිටුවන් වී එකිනෙකා මරාගෙන, ලේ ගැලීම් පිපිරීම් ගිණි ආදියෙන් සෑමදෙයම විනාශ වී කාලකන්ණි යුගයක් ඇතිවිය යුතුයි. එසේ වන්නට නම්, පරිසරයට ආදරය කළ පරිසරයේ භාරකරුවන් ලෙස කටයුතු කළ රතු ඉන්දියානුවන් සහ බුදු දහමේ අරක්ෂකයන් වූ සිංහල බෞද්ධයන් සහ තායිලන්තයේ බෞද්ධයන් වැනි අය සහමුලින්ම තුරන් විය යුතුයි; එහෙම නැතිනම් ඒ අයද මිසදිටු ආගම අනුව යමින් මිසදිටුවන් බවට හරිය යුතුයි. ඒ දෙය තමයි ඔය සිද්ධ වෙන්නේ. එවිට සතුන් මරමින්, ගහකොළ විනාශ කරමින් දෙවියන් වහන්සේ (සමහරවිට ඒ වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා වෙන්න්නත් පුළුවන්) සෑම දෙයම ලබාදෙනවා කියන විශ්වාසය මත සෙස්සන් සමුල ඝාතනය කරමින් මිසදිටුවන් ලෝකය රජ කරාවි. සේරම අය ඒ ආගමට හැරුණා හෝ, අනෙක් අය සේරම මරා දැමුනා කියලා නිකමට හිතමු. එත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය සුන්නි ෂියා වගේ අතුරු කොටස් වලට බෙදිලා ආයෙමත් මරා ගන්නවා! අපිට ඔය දේවල් වෙනස් කරන්නට බැහැ. අනිවාර්යෙන්ම, ඒ දේවල් ඒ පිළිවෙලින් සිද්ධ වේවි.

      Well-loved. Thumb up 9

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.