කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

චක්‍රය සහ ලෝකය …!

ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා කියාදෙන චක්‍ර බොහොමයක් ඇත. අප ඒ කීපයක් ගනිමු.
1) ජල චක්‍රය.
2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ වැනි)
3) ආහාර ජාල සහ චක්‍ර.
මේ කීපයකි. නමුත් මේ සියල්ලම විද්‍යාවෙන් කීවද අවබෝධ වී ඇත්තේ කාටද? අප එසේ කියන්නේ මේ චක්‍ර වලට පටහැණි විවිධ දේ විද්‍යාව සිදුකරන නිසාය. අප අද වනවිට ශක්තිය ලබාගන්නා ප්‍රධානම ප්‍රභවය පොසිල ඉන්ධනය. මෙය කිසිදාක ප්‍රතිචක්‍රික නොවේ. තවද න්‍යෂ්ඨික ඉන්ධනද එසේය.

ප්ලාස්ටික් වැනි දේවල්ද එසේය. සමහරු මේවා ප්‍රතිචක්‍රිය කරනවා යනුවෙන් අපට බේගල් දෙසමින් කුණුගොඩවල් එකතුකරන අතර… මේවා නැවත චක්‍රිකරනයට යන ඉන්ධන සහ යාන්ත්‍රික කොටස් (මිශ්‍ර ලෝහ සහ වෙනත් නොදිරන ද්‍රව්‍ය) පරිසරයට නැවතත් හානි කරනු ඇත. තවද අද ගොඩනගන ගොඩනැගිලි, යන්ත්‍ර ආදියේද විශාල ලෙස ප්‍රතිචක්‍රිය නොවන ද්‍රව්‍ය තිබේ. මේ අප දැක්වුයේ සුළු උදාහරණ කීපයකි. මේ අනුව විද්‍යාවේ ප්‍රතිචක්‍රීකරණය විශාල බොරුවකි.

නමුත් අපගේ දැනුමේ පුරාණ ආකාරය මීට හාත්පසින්ම වෙනස්ය. අපගේ වැව මීට උදාහරණයකි. කිසින්ම අයුරකින් පරිසර අහිතකර ලෙස විද්‍යාව (බටහිර නොවෙ) යොදා ගෙන නැත. ඔබට අවශ්‍යනම් වැව පිළිබදව ලිපි බලා නිගමනය කල හැක. මේ සිදුවන අවබෝධයෙන් තොර දියුණුව “ලෝකයේ” හානියට මිස පැවැත්මට නම් කවදාවත් උපකාරී නොවේ.

මේ සුවිශේෂ විද්‍යාව සොයාගැනිමට බටහිරට උවමනාවක්ද නැත. ඒ එහි ආධිපත්‍ය සහ පස්කම් පිනවීමේ ඒකායන මාර්ගය නිසා “කිසිදාක” අභිඥා ලාභීන්ගෙන් දැනුම ලබා නොගැනීම නිසාය. නමුත් අපගේ රට වසර 5000 පෙර (මුලාශ්‍ර නොමැති වුවද) රජවරු (බලි, තරු, රාවණ) මේ පරිසර විනාශ නොකර ගුවන් යානා අදිය ය තනා (ප්‍රතිගුරුත්ව නියම වැනි)තිබේ… (මේවා සොයා ගත වුතු මුලාශ්‍ර සහ සත්‍යයන් වේ).

මේ අප විග්‍රහ කළේ ලෝකයේ ඇති ලෝකික චක්‍රයන්ය.

දැන් අප සබැ චක්‍රයන් බලමු. අප සංසාරයේ යන “භව චක්‍රය” එවැන්නකි. මේ පිළිබඳව නියමාකාරයෙන් හඳුනාගත් බුදුන්වහන්සේ මේ චක්‍රයෙන් එගොඩ වීමට එය අවබෝධකරන ආකාරය දේශනාකර තිබේ.

… හේතු – ඵල ධර්මය … නම් වූ ධර්මතාව අප අවබෝධ කළේ නම් “ඒ චක්‍රයෙන්” අප එගොඩ වේ.

මෙහි ඇති විශේෂත්වය නම් පරිසරයට හෝ සත්වයාට හානියකින් තොරව චක්‍රයෙන් මිදීමය. සත්වයා බැද ඇති කෙලෙස් (craving… etc) නම්වූ බැමි කඩා දැමීමට මේ නිර්මල අවබෝධය කරා අප යා යුතු බව උන්වහන්සේ දේශනා කළේ “ඒ මිදීම තමා ද” ලබාගත් පසුවය.

අවසාන වශයෙන් කිව හැක්කේ මේ විද්‍යාවට කිසිදාක චක්‍රීය ලෝකය අවබෝධ නොවේ. ඔවුන් සිතන්නේම රේඛිය ලෙසය. එබැවින් මේ විනාශය සිදුවීම අනිවාර්ය වේ. මේ පිළිබඳව විශ්වවේදයේ ඇති න්‍යාය වලින්ද පැහැදිලි වේ.

නමුත් අද පරිසරයට හානිකරමින් කෙලෙස් වපුරන විද්‍යාව නම් වූ “මිත්‍යාව” නිසා ලෝකය මිනිසාට පමණක් නොව, “මේ පාපයට” අනිකුත් සත්වයන්ටද ගෙවීමට සිදුවී තිබේ.

- චාමික කරුණාරත්න -

4033
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

11 comments to චක්‍රය සහ ලෝකය …!

  • Chakrawaadi

    වසන්ත ග්‍රීෂ්ම සීත ගිම්හාන යන ඉර්තු චක්කරෙත් අමතක කරන්න එපා.

    Thumb up 1

  • Fernando

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 3

    • Chamika

      The science of Buddha is opposite of your western science..!
      The w. science is a real non science..It only has knowledge .but no wisdom..!no awareness.!!If you know the opposite of this i.E. ” The Samma dhitti” .You can’t reach that from your mythical,biased mind.

      Thumb up 1

    • Hasitha

      චුටි පුතේ උඹ තම පොඩි වැඩි තාම ඒවා තේරුම් ගන්න. උඹේ කල වයස ආවම උඹටම නිකන්ම තේරෙයි. එතකන් උඹ පොඩියක් පන්සල පැත්තේ ගිහින් බණ පොතක් එහෙම කියවල මනස හදාගෙන ලක ලැහැස්තිවෙලා ඉඳපන්. උඹට තෙරුවන් සරණයි!!!

      Thumb up 3

    • නියම සිංහ

      බටහිර විද්‍යාව ගොඩ නැගී ඇක්තේ බටහිර ක්‍රිස්කියාන ආගමට විරැද්දව ගිය අය අතින් හා අපෙන් මංකොල්ල කෑ දැනුමෙන් කොලම්බස් ක්‍රිස්තියානි ආගම පිලි ගත්ත නං ඇමරිකාවට යන්නෙ නෑ ලෝකෙ ගෝලා කාරයි කියන මතය උඩ ඉන්දියාවට විරැද්ද පැක්කෙන් ඉන්දියාවට එන්න දරපු උත්සාහයේ ප්‍රතපලයක් හැටියටයි ඇමරිකාව සුද්දා සොයා ගත්කේ දෙවියන් මවා ඇත්තේ පැතලි තලයක් මිස ගෝලාකාර මේ ලෝකය නොව
      අයන්ස්ටයින් අයිසෙක් නිවුටන් රදෆාඩ් චාල්ස්ඩාවින් ගැලීලියෝ ඇතුලු ක්‍රිස්කියානි ආගමට විරැද්දව ගිය අය මැවුම්වාදී ගෙඹි ලෝකයෙන් එලියට ආපු අයයි යුරොපයට මේ දැනුම බිහිකලේ
      රෙදි අඳින්න, වෙඩි බෙහෙත්, පිඟන්මැටි, චීනෙන් යකඩ වැසිකිලි පද්දති ගඩොල්, ජලවිද්‍යාව බිසෝ කොවුව water pressure regulator ලංකාවෙන් ගණිතය තුවක්කු ඉලක්කං තාරකා විද්‍යාව අරාබියෙන් කොටිනම චීනා හොයා ගත්ත පැපිරස් කොල වලින් මුලින්ම හදපු කොල නැත්තං සුද්දා හෝදන්නෙ නැති පස්ස පිහිදාන්‍නෙවත් නැතුව ….

      හැබැයි මේ ආගම මේ හොයා ගත්ත දේ වලින් ආයුද හදල දුබලයා බලවතාගේ ගොදුරයි කියන න්‍යාෙයන් රටවල් ආක්‍රමනය කලා මේ සඳහා මිනිසුන් මැරීමේ විද්‍යාව දියුනුකලා
      මොවුන්ගේ ඒ විද්‍යාව අපට අවිද්‍යාවකි

      Thumb up 2

    • sandun

      fernando,buddha’s science and modern science is different.you have confused the dhamma(buddha’s science)and modern science(normal humans discovering,exploring,inventing things using their surroundings and what they find)YOU ARE TALKING AS IF creationism IS CLOSELY LINKING WITH modern science!or,what happened?!!speechless?

      Thumb up 1

  • Senna

    කතු තුමාගේ අද්හසට මම 100% එකඟයි. බටහිර විද්‍යාවෙන් ලෝකය දවසෙන් දවස විනාස කරන් එක තමා වෙන්නේ.

    ඒත් ඉතින් අපි හැමෝම ලේසිය බලාගන ඒ පස්සෙමනේ දුවන්නේ. විනාස වෙනකම්ම ඔහොම යමු.

    Well-loved. Thumb up 9

  • අගනා ලිපියක්!.

    “අපගේ රට වසර 5000 පෙර (මුලාශ්‍ර නොමැති වුවද) රජවරු (බලි, තරු, රාවණ) මේ පරිසර විනාශ නොකර ගුවන් යානා අදිය ය තනා (ප්‍රතිගුරුත්ව නියම වැනි)තිබේ… (මේවා සොයා ගත වුතු මුලාශ්‍ර සහ සත්‍යයන් වේ”
    මේ සම්බන්දව ඇත්තටම අපේ රටෙ කරනා ගවේෂණ පර්යේෂණ ඉතාමත් පහල මට්ටමක තමයි අද දවස වන තුරුත් පවතින්නෙ, ඉතාමත් කනගාටුදායක තත්වයක් මේක නම් !!!!!

    Well-loved. Thumb up 10

    • Senna

      අපේ රටේ මොන දෙයක් ගැනද ගවේශණ කළේ ? අපේ ඉපැරණි ක්‍රම වේදයන් විනාශ කරගන අපි දුවන්නන් වාලේ දුවනවා.. පිට රට වලින් එන උන් අපේ දේවල් අරන් ගිහින් අයේ අපිටම විකුනණවා..

      Well-loved. Thumb up 8

  • AAA

    සින්ග්ලිශ් වලින් ලියන එවා කියවන්න හරි අමරුයි..පහල ලින්ක් එක ක්ලික් කරල බලන්න…රියල් ටයිම් කන්වර්ට් ක්‍රන්න පුලුවන්

    http://www.ucsc.lk/ltrl/services/feconverter/t1.html

    Thumb up 3

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.