
බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිනි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්‍යාගමීකරනය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය හා හඬ ඇතුළත් වැඩසටහන් ප්‍රසිද්ධ කරමින් සිටි. මොවුන්ගේ මතයනම් සැදැවත් දායකයන් විශාල ප්‍රමාණයක් ඇත්ත කතා කිරීම පසෙකලා (වැරැද්ද නිවැරදි නොකොට) නැත්තක් ඇතිකිරීම (දියුණුව තුළින් පමණක්) තුළින් බුදුදහම මෙලොවින් තුරන් කිරීමට මාන බලන දෙවෙනි වතිකානු සම්මේලනයෙන් (1962-1965) දියත් වුණ ලෝක ආගමික මිෂනාරි කුමන්ත්‍රණය වැළැක්විය හැකි බවය.
ප්‍රචාරක මාධ්‍යන් යන් උපයෝගී කොටගෙන ආගමික කුමන්ත්‍රණ කරුවන් නිතැතින්ම සිංහල බෞද්ධයන්ගෙන් (අපෙන්) අපේක්ෂා කරන ගොන් නිහඬ තාවය තවත් මර උගුලක් වන පන්සල් දියුණු කිරීමෙන් අන්‍යාගමීකරනය වැලක්විය හැකි යන මාධ්‍ය මර උගුලට හිර කිරීම, බුදුදහම දිවි හිමියෙන් රැකීමේලා ඇති අප සතු උදාර කටයුත්ත අමතක කොට මුදල් මතින් හෝ පන්සල කොන්ක්‍රීට් මගින් ගොඩනගා එහි ධර්මයට ලැදි නමුත් අනාගත අප දු පුතණුවන් උදෙසා දිවි හිමියෙන් ධර්මය ආරක්ෂා නොකරන තම නිවන පමණක් අරමුණු කොටගත් තම ජාතික යුතුකම බැහැර කොට (වගකීම් පැහැර හැර) ඉතා පහාසුවෙන් නිවන් දැකීමට (දියුණු වූ පනසල තුළ සිට) උත්සහා කරන කණ්ඩායම් ඇති කිරීම බරපතල පාප ක්‍රියාවකි. එසේම එය බුදුදහමේ මළගම සකස් කරනවුවන්ට අත්වැල් ද ඇල්ලිමකි. එසේම එය තව දුරටත් බුද්ධිමත් දායකයන් සන්තාපයට පත් කරන ද කටයුත්තකි.
අප කවුරුත් හොදින් දන්නා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධාන ශිෂයයෙකු වූ මෛත්‍රී මුර්ති හාමුදුරුවන් පුජකයෙකු වූ හැටි මේ ළඳ බොලඳ රුපවාහිනි මාධ්‍ය වේදීන් නොදන්නවා ඇති. පන්සල කොළ අතු කැබැල්ලකින් වටවූ කුඩා කුටියක් වූවද සැබැ නිර්මල ධර්මය එහි වැඩසිටින භික්ෂුන් වහන්සේලාගෙන් දායකයන්ට ශ්‍රවණය කල හැකිනම් හා ධර්මය අප කෙහෙරෙහි වටහා දීමට සමත් ධර්මධර, විනයධර භික්ෂුන් වහන්සේලා වැඩසිටීනම් එය ඉතා දියුණු පන්සලක් බව සිංහල බෞද්ධයන්ගේ මතයයි. බටහිරයන්ගේ දියුණුව හා අපේ දියුණුව අහසට පොළොව සේ අන්ත දෙකකට සදා වෙන්ව පවතී.
විවිධ රුපවාහිනි නාලිකාවල විවිධ වැඩසටහන් කරවන මාධ්‍යවේදීන් කියාගන්නා පිරිස් වර්තමානයේ උලුප්පා දක්වන්නේ තමන්ගේ ආගම පාඩුවේ අදහාගෙන ජීවත්වීම සහ ගමේ පන්සල දියුණු කිරීම (කොන්ක්‍රීට් මගින්) සැබෑ බෞද්ධ කමක් හැටියටයි. එහෙත් ඔවුන් නොදන්නා කාරනයනම් ඉතාමත් දියුණු යැයි (ඔවුන් විසින්) කියන පන්සල් අවට ගම්මානවල් වල වැඩිපුර ප්‍රතිශතයක් වශයෙන් අන්න්‍යාගමිකකරණය සිදුවෙන බවය.
ඊට ප්‍රධානම හේතුවනම් මිෂනාරීන්ගේ වැඩිම ඇස ගැසෙන්නේ මෙම ප්‍රසිද්ධ හෝ දියුණුයි කියන පන්සලය. කුමන පචයක් හෝ බොරුවක් හෝ බේගලයක් ඇද බා දෙවියන් අමුතුවෙන් හෝ මවා පෙන්නා ආගමට හැරවීමට බැරි තැන මුදල් හෝ කාන්තාවන් හෝ ලබා දී ප්‍රසිද්ධ හෝ දියුණු පන්සලේ සිටින ලොකුම උපාසක තැන හෝ නැතොත් එහි වැඩසිටින භික්ෂුන් වහන්සේ කෙනෙකු හෝ ඩෑහෑ ගන්නේ ප්‍රචාරක වාසි තකා බැවිනි.
පන්සලේ ආරක්ෂාව නොව (සිවුවනක් පිරිස ගේ) දියුණුවේ කෙළවර පතන පතන මාධ්‍ය වේදීයාණෙනි, බය නොවී, අලස, නොවී වැරැද්ද නිවැරදි කිරීමට අවශ්‍ය දැනුම ලබාදීමට ඔබගේ වටිනා ගුවන් කාලය යොමු කරන්න. රට වටින් ඇසෙන දියුණුවේ ශබ්දයට කොයි විටෙක නැතිවෙදොයි අප නොදනිමු. එයට නොරැවටෙන්න. බුදුදහමේ මළගම සැලසුම් කිරීමට විශාල මුදල් සම්භාරයක් ලෝක මට්ටමින් පුජකයන් හා මිෂනාරීන් වියදම් කරයි. එබැවින් පන්සල දියුණු වුවද, නැති වුවද එය රැක ගැනීම අපේ යුතුකමකි. බොළඳ අදහස් පැහැර හැර විශේෂයෙන් අප ළමා පරපුර නොමග නොයවා අතීත මුතුන් මිත්තන් උඩනොබලා ඉඳ, දිවි පුදා සටන් කොට රැකගත් නිර්මල බුදුදහමද සිහළ රට දැය රැකගැනීමට අවශ්‍ය චිත්ත ධෛර්ය ඇතිවෙන ආකාරයේ නිරමාන කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්න.
පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාල තුමා, පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි වැනි උදාර ගිහි පැවිදි උතුමන්ලා රාශියක් දිවා රැ වෙහස මහන්සිවී අද ඔබ රුපවාහිනි නාලිකා තුළ සිට ප්‍රචාරය කරන බණ රැක දී තිබේ. (එය හොදින් මතක තබාගන්න) විටෙක ජිවිත තර්ජනද පසෙකලා අන්‍යාගමීකරනය තර්ජන ගැන තතු පවසන ඔබවැනීම මාධ්‍යවේදීන් හැල්ලු කිරීම, අන්‍යාගමීකරනය ගැන සඳහන් තොරතුරු එළිදැක්වීම අශික්කිත හෝ වැරදි ක්‍රියාවන් වශයෙන් ව්‍යංගයෙන් පැවසීම හරියට එක් කුසේ උපන් සහෝදරයෙකු මරා දැමීමට වඩා බරපතල අපරාධයකි.
ඔබ වැනි මාධ්‍යවේදීන් ගැන තෙවනි ඇසකින් බැලීමට කාලය පැමිණ ඇති බව අප බෞද්ධ සමාජයට පතුරුවන්නෙමු ….
පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය
Convert to PDF

Today most of Buddhists are not sensitive enough to identify the roots of anti Buddhist activities. Because of most of Sinhala Buddhists are following the theories of western modernism and post modernism.
http://spiritofnature99.blogspot.com/
well done mr lakshan,
I like to add anther paradox.
If god can do anything, he must be able to create a large stone which nobody can raise up. but if god can do anything, he must be able to raise it up, but then he cannot create a stone which nobody can raise up !!!
අප කොතරම් උත්සාහ කලත් කවදා හෝ බුදු සසුන විනාශ වේ..අපට හැක්කේ එය පවතින කාලය හැකිතාක් දීර්ඝ කිරීම පමණි..
Well-loved.
6
අද මේ කන්ඩායම්වලට අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියත් බුදුදහමත් එකිනෙකින් වෙන් කරන්න. මොකද ඔවුන් දන්නවා මෙරට බුදුදහම පවතින්නෙ සිංහල සංස්කෘතිය පවතින තාක් කල් පමනයි කියල. ඔවුන් උත්සාහ කරන්නෙ සිංහලකම ගෑවිලාවත් නැති ඊනියා උගත් බෞද්ධයින් පිරිසක් බිහිකර අවසානයේ බුදුදහමත් මෙරටින් තුරන් කිරීමටයි. මට හිතෙන්නෙ ඕල්කට් තුමාත් දැන හෝ නොදැන කලේ මේ වැඩේම තමයි.
ඒ කෙසේ වෙතත් උක්ත රූපවාහිනී නාලිකාව නම් පැහදිලිවම මාන බලන්නෙ මේ ටික කරන්න තමයි. කොටියා බලවත්ව හිටි කාලයේ ගතිනුත් සිතිනුත් කොටියාට නොමඳ සහයෝගය දැක්වූ මේ නාලිකාව කොටියා පැරදුනාට පසු ව්‍යාජ සද්භාවයක් මවාගෙන බුදුදහම රැකීමට උපරිම සහයෝගය දෙන බව පෙන්වනවා. එහෙත් මේ නාලිකාවේ පොහොය දින වල විකාශය වෙන ධර්ම සන්වාදවල පවා සිංහල සංස්කෘතියේ එන නැකත් බැලීම වැනි සිරිත් නිර්දය ලෙස විවේචනය කරනවා දැකගන්න පුලුවන්.
ඉතින් අපි ඊනියා උගත් බෞද්ධයන් ලෙස නොව, උගත්, බුද්ධිමත් සිංහල බෞද්ධයන් ලෙස මෙවන් උගුල් වලට හසු නොවී බුදුදහම ආරක්ෂා කිරීමට ඇප කැප වෙමු.
Well-loved.
6
man me sinhala buddhist admin gen adarayen illimak karanawa.oba karagena yana wada piliwelata man godak kamti.aththatama mema web adaviya osse loku deyak wenawa.kiyala hithuwata ehemama na.a nisa api yamak kala yuthui.mekata aduma taramin api ekathu wela kata karanna one.lankawe anagathaya hadanna mehema ba.practical wada piliwelak wenna one.a nisa ape kollo tika ekathu karanna wadak karanna……
බුදු දහම කියන්නේ ඉගෙනගෙන විතරක් ලබාගන්න පුළුවන් දෙයක් නෙවේ. වෙන ආගමක් හරි ධර්ශනයක් හරි එහෙම කරන්න පුළුවන් උනාට බුදු දහම එහෙම කල කියල වෙඩක් නැ. එක තමන්ගේ ජිවිතයටේ බද්ද කරගන්නේ කොහොමද කියන එක බුදු රජාණන් වහන්සේ විසින් පැහැදිලිවම දේශනා කරලා තියෙනවා.තෙරුවන් සරණ ( බුදුන්, දහම්, සගුන්) ගිය උපසකයෙකුට බුද්ධ දේශනාව හේර වෙන කිසිම මතවාදයකින් එති වෙඩක් නෙහෙ.ධර්ම මාර්ගයේ ගමන් කරන ස්වාමින් වහන්සේලා තවම ලක්දිව වේද ඉන්නවා. උන් වහන්සේලාගේ අනුශාසන, උපදෙස් බෝඋද්ධ ශාවයෙකුට ඉතාම වටිනවා.මොකද ධර්ම මාර්ගයේ ගමන් කරන ස්වාමින් වහන්සේලා දේශනා කරන්නෙත් බුද්ධ වචනයම මිස වෙන දෙයක් නොවෙන නිසා.
oba thumanlata thawama buddhagama therum aragena ne, pansale hamaduruwo bana kiyaddi thora berala kiyanne, ai a guti kandath bene, buddhagama hariyata iganaganda pansela hamaduruwange pihita pathanne apa, thaniyen iganaganda athakota ape jathiyata kelawuna thena hoyaganda puluwang.
theruwan saranai
බුදු දහමේ පෙවෙත්ම රඳවා පවතින්නේ සිව්වනක් පිරිස කොඉතරම් දුරකට ධර්මය ප්ලිපදිනවද, සීලය ආරක්ෂා කරනවද කියන එක මත. ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන එක හිතන තරම් ලෙහෙසි වෙඩක් නෙවි.අපි සටන් කල යුත්තේ අපේම සිතත් එකකි. ලෝකයේ අනෙකුත් සියලු ආගම සහ ඒ සමගින් නිර්මාණය උන සංස්කෘතීන් නිර්මාණය වෙලා තියෙන්නේ පංච ඉන්ද්‍රියන් පිනවන්නි. එත් බුදු දහම ඊට හාත්පසින්ම වෙනස්.විශේෂයෙන්ම ක්ෂණ සම්පත්තිය තියෙන කෙනෙක් තම මේ මාර්ගයේ ගමන් කරන්නේ. ගෙම්බුරින් ජීවිතය දකින්න පුළුවන් වෙන්න ඕනේ.එකට කෙනෙක් නිකන්ම එන්නේ නේ. සසරේ පුරන ලද පින් තියෙන්න ඕනේ.ඒ නිසා ලෝකේ ඉන්න සේරම සත්වයින් මේක එකසෙරේ පිළිපදිනවා කියන එක තේරුමක් නෙති දෙයක්.මොකද එක එක සත්වයන්ගේ කුසල අකුසල ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වන නිසා. සිව්වනක් පිරිස මෙම මාර්ගයේ නිවෙරදිව ගමන් කරන තාක් කල් ධර්මය බබලුනවා . එක සනාතන දහමක්.
minissu Buddhagama hariyata pilipadinawanam melahakata buddhagamak ithuruwela ne, Buddhagama thawama loke ithuruwela thiyenne minissu aka hariyata adahanne nethi nisa.
ape minissu meeta awurudu 50 kalin buduhamaduru wage thanha, aasha welin midila kelewalta gihilla jeewath wela thibunoth me sinhala rate sinhalayoth ithuwenne.
මිනිසුන් බුදු දහම පිළි නොපදින නිසා බුදු දහම ඉතිරි වුනා කියන එකට එකඟ විය නොහැකි බවයි මගේ අදහස. ථේරවාදී බුදු දහමේ (නියම බුදු දහමේ) මූලික තැන දෙන්නේ තමාගේ සසර කෙළවර කරගැනීමට තමයි. ඒත් එමගින් ආත්මාර්ථකාමීත්වයක් පෙන්නුම් කෙරෙන්නෙ නෑ නේද? උදාහරණ ලෙස වලගම්බා රජ දවස ඇතිවූ බැමිණිතියා සාය සමයේ රහතන් වහන්සේලාට පිරිනිවන් පෑමට හෝ වෙනත් රටකට යාමේ හැකියාව තිබියදීත් කෙසෙල් බඩ පවා වළඳමින් ඉතාමත් දුෂ්කර දිවියක් ගත කරමින් ජීවිතය රැක ගත් නිසයි උන්වහන්සේලාට පසුව ත්‍රිපිටකය ග්‍රන්ඨාරූධ කිරීමට හැකි වුනේ.
ඉතින් තණ්හා, ද්වේශ, මෝහ වලින් හැකි තරම් ඉවත් වුනා යනු ආත්මාර්ථකාමී වීමක් නෙමෙයි, එමගින් වඩ වඩාත් පරාර්ථකාමී වී බුදු සසුනත්, සිංහල ජාතියත් රැක ගත හැකි බව මගේ අදහසයි.
Well-loved.
7
බුදු දහම පිලිපැදීමෙන් විනාශ වෙනවා කියල කවුද කියන්නේ..බුදු දහම් අනුව ජිවත් වීම එකකි..එහි අවසාන විමුක්තිය තවත් එකකි.ලෞකික සහ ලෝකෝත්තර සත්‍යන් දෙකකි.
අද වන විට ලෝකික සත්‍යද පිලිපදන අය අඩු වී තිබෙන රටේ අනිත් ප්‍රතිපත්ති ගැන කුමන කතාද?
තවද බුදු දහම යනු අපගේ ලෝකය විනාශ නොකර වෙනත් ජිවීන්ටද අයිතීන් ඇති බව තේරුම් ගෙන සිටීමය.
ද වන විට බටහිර කරණය නිසා මේවා තුරන් වී ගෙන යයි.
ලෝකයෙන් වෙන් වූ රහතුන් සත්ව යන කෙරෙහි කරුණාවෙන් ක්‍රියා කර තිබේ..! උන්වහන්සේලා මේ කිසිවක් උන්වහන්සේලා ගේ අවශ්‍ය තාවයට කර නොමැත.
අපට බුදු දහම වැනි ධර්මයක් ආරක්ෂා කල යුත්තේ තවත් සත්වයන්,මිනිසුන්ට පසුව හෝ එහි ප්රිතිපාල ලබාගැනීමට අවස්ථාවක් ලැබෙන බෙවිනි.
නමෝ බුද්ධාය!
පින්වත් ලක්ෂාන් සොයුර,
මෙම ලිපියට ගොඩක් පින්.ඒවගේම ඔබ තුල පවතින නිවෙරදි අවබෝදයත් වත්මන් සිංහල බොඋද්ධයන්ට හොඳ ආදර්ශයක්.මම දෙකල තියෙන ගොඩක් ලිපි වලට කමෙන්ට්ස් දන්නේ අදාල දේට නෙවි. තේරුමක් නෙති අසබ්ය දෙයක් අල්ලාගෙන කට්ටියම එකට ලියනවා අන්තිමට ලිපියට කොහෙත්ම අදාල නෙති දේවල් තම කතා කරලා තියෙන්නේ. කාලෙකින් දෙකපු හොඳ බුද්ධිමත් කම්මෙන්ට් එකක්.
බුදු දහම හේතුඵල දර්ශනයකි එනම් හෙතුවත් හෝ කීපයක් මුල්වී ඵලය ඇතිවේ
ඵලය වැරදි නම් ඵලයට ප්‍රතිකාර නොකරන්න හේතුව සොයන්න එයට ප්‍රතකාර කරන්න එවිට ඵලය අහෝසි වේ මේ දහමේ සඳහන් ආකාරයයි
හේතුව සොයන්න එයට ප්‍රතකාර කරන්න
මගේ අසල්වාසී මිතුරන් වෙත,
මේ දිනවල අප ප්‍රදේශයේ මූලධර්මවාදී කණ්ඩායමක් සැරිසරමින් සිටී. බෞද්ධයකු වශයෙන් අන්‍ය මත වලට මා ගරු කරන නමුදු මගේ ආගමට අපහාස කරන විට ¨බකන් නිලා¨ සිටීමට මා නම් සූදානම් නැත.
ගුටි කන්න වන බව දන්න නිසාදෝ, මුන් දැන් නිවෙස් වලට එවන්නේ ගෑනුන්වය, සිංහලයෙකු ලෙස ගැහැණියකට අත ඔසවන්න මට සිත් නොදුන් නිසා කටින් ¨අ¨සා පන්නා දැමීමට මට සිදුවිය.
මා ඔවුන්ගෙන් ඉල්වූයෙ උන්ගේ ආගමට හැරෙන්නට මම සූදානම් බවත්, නමුත් ඊට පෙර මගෙ පැනයන්ට පැහදිලි පිළිතුරු උන් දිය යුතු බවත්ය. බුදුන් ඇදහීම මුලාවක් යැයි කියා පැමිනි උන් මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී පැන ගියේ අසල්වාසී වෙන කිසිම ගෙයක් දිහාවත් නොබලමිනි.
මේ සතිය ඇතුලත ඔබේ නිවස් වලටද මොවුන් පැමිනෙනු ඇත. එසේ පැමිනෙන උන්ගෙන් මෙම ප්‍රශ්න වලට ¨පැහැදිලි¨ උත්තර ඉල්ලන්න.
1. සෑම දෙයක්ම මැවුම් වාදය මත පදනම් වේද??(සියල්ලම මැවුමක්ද, මැවුමට පරිබාහිර කිසිත් ඇත්ද ?)
2. එසේ ඇත්නම් ඒ මොනවාද? (එසේ ඇත්නම් දෙවියන් සර්වබලධාරී නොවේ)
3. එසේ නැත්නම් දෙවියන් වහන්සේව මවන ලද්දේ කවුද? (දෙවියන් වහන්සේව කිසිවකු මවා නැත්නම් 1. සියල්ල මැවුමවාදය මත පදනම් නොවේ)
4. (දෙවියන් වහන්සේව )මවා ඇතන්ම් ඒ කවුද? (ඔහු/ඇය පහලවුනේ/ඉපදුනේ කෙසේද?)
5. ම්වා නැතන්ම් ඕපපාතිකද(ඉබේ පහලවූ)? නැතන්ම් හේතු ඵල මත පහලවූවක්ද?
(කුමක් වුවත් එ දෙකෙන්ම මැවුම්වාදය බිද වැටේ)
6. සාතන් යනු කවුද?
7. සාතන් දෙවියන්ට විරුද්ධ වූ දේව දූතයෙක්නම්,දෙවියන් වහන්සේ සර්වබලධාරී නැත(තමා විසින් මවන ලද දේව දූතයා තමන්ට විරුද්ධ ව්න බව උන්වහන්සේ දැන සිට නැත එසේනම් උන්වහන්සේට අනාගතය පුරෝකථනය කල නොහැක – නැවතද මැවීමේ අඩුපාඩු මෙන්ම සර්ව බලධාරී කමද සැකසහිතය )
8. දෙවියන් වහසේට වඩා ඉතිහාසයේ සාතන් බලවත්වී ඇත (න්‍යෂ්ටික බෝම්බ, කුරුස යුද්දය ඇතුලු මිනිසුන් දහස් ගණනක් මිය ගියේ ඒ නිසාය නැවතද සර්වබළදාරීකම???)-)
9. දෙවියන් වහන්සේ කාරුණිකද? සියල්ලන්ට එක හා සමානව සලකනවාද? විශ්වාසවන්තයන්ගේ දුකේදී පිහිටට එනවාද?
10. පිළිතුර ඔව් – එසේනම් සාතන්ට දඩුවම් දීම්ට,නැවත්වීමට, විනිශ්චයට වසර 2000ක් පමන ගියේ ඇයි? අසරන මිනිසුන් ගංවතුර,සුනාමි, ගිනිකඳු,යුද්ධ වලට මැදිවී මිය යද්දි උන්වහන්සේ ඇස් කන පියා බලා සිටියෙ ඇයි? කාගේ හො කවුරුහරි ලෙඩ උනත්, මැරුනත් අපේ මිනිසුන් ¨අනේ අපොයි¨ කියති. උන්වහන්සේ එහෙමවත් නොකීවේ ඇයි?
11. උන්වහන්සේ සියල්ලනටම කාරුනිකනම් අන්ධයන්, කොරුන්, බිහිරුන් සහ දහස් ගානක් ලෙඩ රෝග මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ¨මවා¨ (සියල්ල මැවුම මත පදනම් වේ), දුක් පීඩා දෙමින් රිඩවන්නේ ඇයි????????
මේ ප්‍රශ්න ටිකට් මට උත්තර දෙන්න අප්‍රේල් මාසේ අන්තිම සතියේ එන්නම් කියා ගියේ වෙන කිසිම නිවසකට ගොඩ නොවැදීය. තවත් අභියොගයක් කළෙමි,එයටද පිළිතුරු නැත.
ශුද්ධ වූ බයිබලයේ එක තැනක මම මෙසේ කියවා ඇත්තෙමි,
¨යම් කෙනෙක් දෙවියන් වහන්සේ කෙරෙහි අබැටක් තරම් විශ්වාසය ඇතිව මේ ඇඹිල්ල ගස ඉදිරී ගොස් මුහුදේ පැලවේවා යැයි කිවහොත් එසැනින් එය වනු ඇත.¨
මා ඔවුනට කීවේ මිදුලෙ ඇති තණකොල ගහක් ගලවා පෙන්වන ලෙසටයි. එයද නොකරම ගියහ.
කැමති ආගමක් ඇදහීමට තමුන්ට නිදහස ඇත, නමුත් මෙයාකරයෙන් මුදල් දී හරවා ගැනීමත්, මගේ දහමට අගෞරව කිරීමත් ඉතාමත් නීචය.
**මා මේ පෝස්ට් එක දාන්නේ මගෙ අසල්වැසි මිතුරන්ට පෙර දනුම් දීමක් සඳහාය.
ඔබේ ආගම ඔබ අදහන්න, මා ඒ පිලිබදව මේ වනතුරු කිසිත් කියා නැත, එනිසා මම ඔබෙන්ද එයම අපේක්ෂා කරමි.
ලොව සිංහල බෞද්ධයන්ට අයිති රටේ මෙලෙස බහු ආගමික නිදහස තිබීම ගැන (අරාබියේ, මැදපෙරදිග මෙහෙව් නිදහසක් ඔබට නැත ), අමතක නොකරමින් ඔබෙ ආගම අදහන්න. නමුත් රටේ නියම අයිතිකාරයන්ට වින කටින්න හදන්න එපා, මොකද එදාට ඔබලට දුවන්න තැන් නැතිවේවී මේකත් ආයාචනය්ක්, හබැයි නිවටකමට කියල හිතුවොත් ආපහු මේකම වේවි
තෙරුවන් සරණයි!!
Say -Sineth Ruchiran Jayawardhana-(my friend)
Well-loved.
31
Weldone my dear friend,
I am so glad, i read a very good comment after a long long time, these kind of comments should be posted by our other good friends too,,
there is an asshole called “Sahan Fernando” is talking stupidly in this site, he should reply to these questions,,,
Here, Sahan Fernando, you should reply to these questions, prove your god is eternal and all powerful….NO HE IS NOT..
Well-loved.
7
please send your mail ad.
සහෝ ඔය ආපු එවුන් ඇඳන් හිටියේ මොනවගේ ඇඳුම්ද? මම අද දුම්රියේදී කුරුස මාලයක් බෙල්ලේ රුවාගෙන රෝස පැහැති බැනියමක් හා සරමක් හැඳගත් තරුණයින් දෙදෙනෙකු හා සුදු සාරියක් හැඳගත් පෙරකී තරුණයින් දෙදෙනා මෙන් දිගු කුරුස මාලයක් බෙල්ලේ රුවාගත් තරුණියක් දුටුවෙමි. අපි පුළුවන් තරම් මේවා ගැන දැනුවත් වීම වටී.
Namo Buddaya
Pinvath laksahan
im really proud of you. oba godak pin athi kenek. obata theruvan saranai
ps- please excuse my language
Well-loved.
7
හිතවත් ලක්ශාන් සොයුර,
මෙය ඉතා වටින කොමෙන්ටුවකි. ඔබගේ ප්‍රශ්න ලයිස්තුවට තවත් ප්‍රශ්නයක් එකතු කිරීමට කැමැත්තෙමි.
9. දෙවියන් වහන්සේ කාරුණිකද? සියල්ලන්ට එක හා සමානව සලකනවාද?
10. (ii) පිළිතුර ඔව් – එසේනම් පරණ තෙස්තමේන්තුවේ සඳහන් මෝසස්ගේ කතාවේදේ, ඊනියා සර්වබලදාරී දෙවියන් වහන්සේ යුදෙව්වන්ගේ විමුක්තිය උදෙසා, මිලියන ගනනක් ඊජිප්තු දරුවන් මරා දමන්නේ ඇයි? යුදෙව්වන්ගේ වහල් බවට අහිංසක දරුවන් පලිද?
එක් අතකින් ගත්කල මෙය බටහිරයන් මහ ඉහලින් කතා කරන මානව අයිතිවාසිකම් හා ළමා අයිතිවාසිකම් කඩ කිරීමකි. එසේනම් මානව හිමිකම් සුරකින බටහිරුන් තවදුරටත් මේ දෙවියන් ඇදහිය යුතු නැත. ඔහුට විරුද්ධව ජෙනීවා හි දී යෝජනාවක් ගෙන ආ යුතුය.
තවද මේ කියන දෙවියන් ” සර්වබලදාරි” නම් ඔහුට මෙතරම් ජීවිත සන්ඛ්‍යාවක් විනාශ නොකොට ඉතා පහසුවෙන්ම ඊජිප්තු රජු(II වන රැමසීස් රජූ මෝහනයට පත් කොට ඔහු ලවා “යුදෙව්වන් වහල් බවෙන් නිදහස් කරනු” යයි නියෝගයක් දෙන්නට තිබිනි. ඊනියා දෙවියන් වහන්සේ එසේ නොකලේ ඇයි? එක්කො ඔහු මිනිසුන්ගේ සිත් මෝහනය කිරීමට තරම් “සර්වබලදාරී” නැත. එසේ නත්නම් ඔහු අකාරුනික කෲර ඒකාදිපතියෙකි.
*ලෝකයේ දැනට ඉතිරි වී තිබෙන එකම අවිහින්සාවාදී දහම බුදුදහම පමනි. අනෙක් සියලුම ආගම් වල උගන්වන්නේ අනෙකා විනාශ කොට හෝ තමන්ගේ එකා රැකගැනීමටයි.
Well-loved.
6
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
6