කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත

ඉහත ගීත පිළිබඳව සංවාදශීලී අදහසක්, කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයෙන් සිංහල බෞද්ධයා මූනුපොත් පි‍ටුවේ ලියා තිබුනි. පහළින් දැක්වෙන්නේ එම ලිපියයි.

භවතු සබ්බ මංගලං ‍රැප් කර මධු සමයක් පෙන්වීම සාධාරණීකරනය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත් , ඉස්ලාම් ආගමේ යාඥාවක් යොදාගැනීම නිසා සිත්තිමනීලා ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදා , ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදමින් බුද්ධාගමට කුඩම්මාගේ සැලකිළි දැක්වීමට... ඔබ එකඟඳ?

සිත්තිමනීලා සහ ටිකෙන් ටික යන ගීත දෙකෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව නිර්මාණ කරුවන් සිදුකර ඇත්තේ වරදකි. ඉරාජ් ගේ ගීතය සම්බන්ධව ගත් විට අප රටේ ජීවත් වන කොන්ද පණ ඇති ඉස්ලාම් භක්තිකයන්ට අපගේ ප්‍රණාමය දැක්විය යුතුය. දේශපාලනික ගැටලුවක් නොවන නිසා මෙහිදී අපිට අපි ගැනම නිදහසේ (නිදහස් දිනය පසුවී දින කිහිපයකි) සිතිය හැක, සිංහල බෞද්ධයන් විදියට අපට සිදුවී ඇත්ත්තේ හා අප විසින් සිදුකර ගෙන ඇත්තේ කුමක්ද? … දේශප්‍රේමය සර්වාංගය පුරා පැතුරුන, දේශප්‍රෙමි දේශ හිතෙශයී සි0හල බෞද්ධ ආරිය සින්හල අන්දුම් අඳින, සිංහලෙන්කතා කරන, රට ජාතිය වෙනුවෙන් පවුල් පිටින් කැප උන දේශපාලකයින් රට පාලනය කරන සමයක අපිට මෙසේ සිදුවීම අනෙකුත් ජාතීන්ගෙ එකමුතු කමෙ හා ඔව්න්ගෙ ඉදිරි දක්මෙ වරද්දක් ලෙස දැකීම අපි තව තවත් වලතුළට වැටීම නොව වලතුළට වැඩිවෙන වෙගයකින් ගමන් කිරීමය.

අප විසින් කළ යුත්තේ අපට වැරදුණු තැන් හන්දුනා ගෙන එයට පිළියම් යෙදීමය, බලය රැකගැනීමට පොරකන ආණ්ඩුවකුත්, බලය ගැනීමට පොරකන විපක්ෂයකුත් අපිට තිබේ,කරුමය නම් රට වෙනුවෙන් දඟලන දෙශපාලන ප්‍රවාහයක් නොමැතිවීම හා වැරැද්දක් සිදු ඌ විට එය වෙනත් ජාතීන් පිට පැටවීමත් ඔඋන්ට ඉරිසියා කිරීමත් ප්‍රයොජනයට ගනිමින් සමහර විට එසේ කරවමින් තමන් දේශප්‍රේමී කියාගෙන බලය රැකගැනීම දැන් මේ රටේ උපාය මාර්ගය වී ඇත…දැන්වත් අපි, අපි වෙනුවෙන් අපි වෙමු,අපිට වැරදුණු තැන් හදා ගනිමු, අනගාරික ධර්ම පාල තුමා ගිය මග යමු,එතුමා කාටවත් බැණ බැණ හිටියෙ නැත කළයුතු දේ සිදුකළා බැන්නානම් බන්නේ අපේම ගොන්තඩියන්ට ඒත් ඔඋන් හදා ගන්නටය…

ඉරාජ් ගේ නිර්මාණයට අනුව ඔහු බුදු දහම නිවැරදිව දන්න කෙනෙක් බව නොපෙනේ එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ වෙනත් ආගමකට හෝ ශාස්තෘන් කෙනෙකුට අවමන් කිරීම තමන් වහන්සේට අවමන් කිරීමක් ලෙසය, ඒ අනුව ගත් විට ඉරාජ් බෞද්ධයකු නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව බුදුන් වහන්සෙට අවමන් වීමක් සිදුවී ඇත… ඒසේම ගයාන් අදහන ආගම කුමක් උවත් එහි ශස්තෘන් විසින් අනෙකුත් ආගම් වලට ගරුකරන අන්දම නිවැරදිව දෙශනා කර නොමැති බවත් හෝ ඒ ගැන තැකීමක් සිදුකර නොමැති බවත්ය…
ඉරාජ් ගීතය පිළිබඳ ඉතා නිහතමානීව කටයුතු කල අතර එයින් ඒය දනුවත්ව සිදු උවක් බව නොපෙනේ…

අනෙකුත් තර්කය නම් මොහිදීන් බෙග් මහතා ගායනා කරන ගීත වලට බෞද්ධ පාථ භාවිතා කිරීම දොසක් නැත්නම්, ගයාන් එසේ කිරීමේ ඇති වැරැද්දකුමක්ද යන්නයි. මෙහි ගැටලුව ඇත්තේ භාවිතා කිරීම නොවේ භාවිතයයි, බෙග් මහතා ගේ ගීත නොයෙකුත් බොදු උත්සව වලදී, පොහොය දින වලදී වරදින්නේ නැත, පන්සලක පින්කමක් තියෙනවනම් උදේ සිට හවස් වෙනකම් අහෙන්නේ බෙග් මහතාගේ බොදු ගීතය…, පොය දවසට වරදින්නේ නැත..එහෙයින් එහි වැරද්දක් දැකීමට නොහැක එසේම, ඒවා නිර්මාණ කර ඇත්තේම බෞද්ධ අවශ්‍යතා සඳහාමය,ඇතම් විට බොදු චිත්‍රපටියකටය..මදක් සිතන්න බෙග් මහතාගේ ගීතය වෙසක් බැතිගී වලට ගායනා කරන විට ඔබට ඇතිවෙන හැඟීම, එසේම ටිකෙන්..ටික ගීතය බැතිගීත වලට (බොදු හෝ වෙනත් ) ගායනා කරන්න යෝජනා කරනවනම් එම පුද්ගලයා ප්‍රබල දේශපාලකයකු නොවේනම් මානසික රෝහලකට බාරදෙනවා නිසැකය…

මෙයින් පෙන්නුම් කරන්නේ උද්ධච්ච කමයි, තමා අතින් නොදැනුවත්ව හෝ වරදක් සිදුවී ඇත්නම් සමාව ගැනීම කෙසේ වෙතත් එය පිළිගැනීම මහත්මා ගුණයකි.එසේම අන්යන්ට ගරු කිරීම තම ආගමෙන් කියාදී නැත්නම් සාමන්ය දැනුමෙන් එය දැනගත යුතුය. එසේම යමක් භාවිතා කිරීමට පෙර එය කුමක්ද කියා අසා දැනගැනීමත්, සිතා බලා කටයුතු කිරීමත්, අන්යන්ට ගරුකිරීමත්, නිහතමානී වීමත් මෙම සිදුවීමෙන් අපට උගත හැකි පාඩම්ය…

3841
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

18 comments to සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත

  • Dulantha

    Ape rate desapaluwanta muslim chanda watinawa……..

    Thumb up 0

  • Nadeesha

    අදහස් පළකරනකොට ටිකක් සංවරව වචන පාවිච්චි කරන්න ඕන.”//රෙද්දේ ගාථාව//”
    මේ වගේ වචන තමන්ට කොච්චර තරහක් ආවත් යොදා ගන්න එක වැරදි.

    Thumb up 3

  • Prageeth

    Aadaraneeya Gayan Perera Gayakathuma Wethatai. Oya oyage Agama gena Songs liwwata Apita No Problem. Namuth Ape Agame watina dewal oyage oya bahubootha Songs walata Danna Epa. PLEASE. Mokada Api Catholic darmaye dewalwalata Agowrawa karanne ne.oyage thatath kalayak Ape Agamata Against una. gayan oya oyalage agama gena kiyala Honeymoon neve eta wdi deyak karath Apita Wedak ne. ok

    OBATA SAHA, ME ANDAKARAYE SITINA SIYALUMA DENATA ETHA EKMANIN SATTYA AWABODHA WEWA!!!!! May the triplejem bless you!!!!!!!!!!!

    Thumb up 1

  • uda

    ගයාන් මේක නොදැන කළා කියන එක එයාගෙම ප්‍රකාශයකින් අහෝසි වෙනවා. ඒ තමයි //මේ සම්බන්ධව විශේෂඥයෙක් ගෙන්වලා ඔහුගේ උපදෙස් අනුව කටයුතු කළා කියන එක සහ මේක රෙකෝඩ් කරන්න ඒ තැනැත්තා ඇතුළු පිරිසකගේ දායකත්වය ලබා ගත්තා// කියන එක.

    නමුත් එයා ඒ කියන්නේ ඇත්තනම් ඔය කියන තැනැත්තා ගයාන්ට වඩා ලොකු වරදක් කරලා තියෙනවා. ගයාන් කියන්නේ ඒ පුද්ගලයා මංගල උත්සව වලදී ඔය චාරිත්‍ර ඉ‍ටු කරන කෙනෙක් කියලනේ. එහෙමනම් එයා දැනගෙන ඉන්න ඕනෙනේ මේ වගේ ගීතයකට එවන් ගාථාවක් යෙදීම අනුමත කිරීම තුළින් සිදු විය හැකි හානිය. නමුත් මෙතන ඇත්ත මොකද්ද කියන්න බැරි නිසා එයා අනුමත කළා කියලා ගයාන් කීවට එයා මෙය අනුමත කරන්නට පොළඹවන අයුරින් කටයුතු කළාද කියන්න දන්නේත් ගයාන්ම තමයි.

    ඒ දේ කොහොම වෙතත් මේ විදිහට බුදු දහමට වළ කපන්නේ අන්‍යාගමිකයින් කියන තර්කයට මේ කතාවෙන් ලොකු විරෝධයක් එල්ල වෙනවා. හේතුව මේ ගාථාව මෙවන් ගීයක මෙලෙසින් භාවිත කිරීම අනුමත කර ඇත්තේ ගයාන්ට අනුව නම් බෞද්ධයෙක්මයි. එයා මේක කරන්න මුල් වෙච්ච හේතුව මොකද්ද කියන එක අපි දන්නේ නැති වුණත් මුදල් හෝ වෙනත් වාසියක් ලබාගන්න අරමුණින් බුදු දහම හෑල්ලුවට ලක් කරන මේ බෞද්ධ යැයි කියාගන්න උදවිය මීට වගකිව යුතු බවත් නොකියාම බෑ. ඒ වගේම ගයාන්ලා වුණත් තමන්ගේ අරමුණ මුදුන් පමුණුවා ගන්න යම් කිසි අල්ලසක් ලබා දුන්නානම් මේ චෝදනාවෙදී නෑ කියල අත පිහිදගන්න නම් බෑ එයාටත්.

    නමුත් බෞද්ධයෝ මෙහෙම කටයුතු කරද්දී අන්‍යාගමිකයන්ට ඇඟිල්ල දික්කර පෙන්වන්නේ කොහොමද? ඒ වුණත් ඒ අයත් ඉගෙන ගන්න ඕනේ මේ වගේ දේවල් කරද්දී මීට වඩා සැලකිල්ලක් දක්වන්න වගේම සංවේදී බවක් පළකරන්න.

    කොහොම වුණත් අනිත් ආගමිකයන් කරනවට වඩා බෞද්ධයන් විහින්ම තම ආගම හෑල්ලු කරගන්නවා කියන වග මෙතෙනදී නොකියාම බෑ. මොකෝ අනිත් ආගම් වල උදවිය තමන්ගේ ආගමින් තහනම් නිසා වැළකෙන දේවල් හෝ අවසර ඇති නිසා කරන දේවල් බෞද්ධයෝත් ඒ විදිහටම කරන්න හදනවා අද කාලේ. ඒ වෙලාවට බෞද්ධකමවත් සිංහලකමවත් සිහියට එන්නේවත් නෑ. නමුත් බුදු දසුනේ කියන්නේ මොළයෙන් විමසලා තමන් යන ගමනට එකඟ නොවෙන දේ බැහැර කරන්න කියලා. මේ වගේ සරල කාරණා අමතක කරන බෞද්ධයෝ බෞද්ධකමට අනුව තමන්ගේ මූලික අරමුණ, ඒකායන අරමුණ අමතක කරලා දානවා පොඩි පොඩි වාසි වලට පෙරේත කමේ. එහෙම ඈයෝ අද විතරක් දැකලා හෙට ගැන නොහිතා කටයුතු කරන කොට ඒවා දකින් පොඩි එවුන් ඊට වඩා දේවල් කරනවා. ඒ විදිහට ටිකෙන් ටික බොදුකම අභාවයට යනවා. ඒක නවත්වන්න හැකියාව ඇත්තේ බොදුනුවන්ටම පමණයි. තම තමන්ලා ගැන අවබෝධයක් ඇති කරගෙන; පැහැදිලි අරමුණින් වැඩ කටයුතු කරගෙන යනවානම් මේ විනාශය වළක්වාලිය හැකි වුණත් මොහොතක සුවයකට ආගමත් ජාතියත් පාවා දෙන ගමන් ඒක ආරක්ෂා කරගන්න බැරිබවත් මතක තියාගන්න වෙනවා.

    මේ වගේ දේවලදී වැඩි වගකීමක් බෞද්ධයන්ගේ කරමතට එන වග අමතක නොකර බැරි නිසා මේ දේ කීවේ. අද දේශපාලනයේ තියෙන තමන් එක වැ‍රැද්දක් කරලා ඒක වහගන්න අනිත් අයගේ කුණු ඇද ඇද පෙන්වන ගතිය ආගම සම්බන්ධයෙනුත් පවතිනවා කියන එක පැහැදිලියි. තමන් දහසකුත් එකක් ආගම් විරෝධී වැරදිත් කරන ගමන් සමහර අය අනිත් ආගමිකයන්ට වරද පටවලා බේරිලා යන්නත් හදනවා. නමුත් ඒකෙන් වෙන්නේ අපි අපිම තව තවත් බොදුනුකම වනසා ගන්න එක බව අමතක කරන්න නම් එපා.

    “”මේ දේවල් කිව්වේ කාටවත් ගරහන්න නෙමේ. මේවා ගැන අවධානය යොමු කරවන්න දරන උත්සාහයක් වශයෙන්. ඒ නිසා මේ වගේ දේවල් අපේ අතින් වෙනවා නම් ඒවා නොවෙන තැනට කටයුතු කරමින් බොදුකම තව චිරාත් කාලයක් ‍රැක ගන්න අපි කාගෙ කාගෙත් උපරිම දායකත්වය ලබා දෙමු.”"

    Thumb up 1

  • Sujani

    E madiwata gayan modaya pirith noolakuth badagena sinduwa kiyanne.

    Thumb up 0

  • sulfi kareem

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

  • porak

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 11

    • //මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය – දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රය//

      ගයාන් පෙරේරාගේ සිද්ධියේදී අප විසින් අනුගමනය කළේ ඒ ශ්‍රී බුද්ධ දේශනාවයි.

      තලිබාන් කාඩ් එක අපිට ගහන්න එන අවජා”ති”කයන් සහ නිගන්ඨයින් දැනගත යුත්තේ, තලිබාන්ලා වෙබ් අඩවි වල ලිය ලියා ඉන්නේ නෑ, කෙලින්ම අදාල පුද්ගලයාව මහ පාරට අරගෙන ඇවිත් ගල් ගසා මරා දමනාවා කියලයි….

      //කමෙන්ට්ස් දාල පොර වෙන්න දඟලන අබෞද්ද ඩයල්ස් විතරයි අද ලංකාවෙ ඉන්න තරමක් ඉන්නෙ. ඔන්ලි ටෝක්ස්.. නෝ වර්ක්.//

      Well-loved. Thumb up 23

  • kasun

    mehema giyoth thamange ammata,nangita, akkata, gaanita karanna ona deewal karala
    eeegollo ganu hinda pirimiyek ehema karama athi waradda mokadda kiyala ahai

    Thumb up 1

  • nethu

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 5

  • තුෂාර

    //මෙම ගීතයට දැන දැන හෝ නොදැන ‘භවතු සබ්බ මංගලං’ ‍නම් ආශීර්වාද ගාථාව යොදා ඇති බව කීම එක්තරා විහිළුවක්
    මොකද ඕනෑම මෝඩයෙකුට උනත් සිංදුවකට පද එකතු කරද්දී ඒ ගැන වැටහීමක් තියෙන්ඩ ඕනේ
    ‘භවතු සබ්බ මංගලං’ ආශීර්වාද ගාථාව දාල ඒකට වීඩියෝ එකේ ඩ්රම් ගහන කොටස පේන්ඩම දාල තියනවා

    කිසිම කතාවක් නැ
    ගයාන් මේ හිතලම කරන නිග්‍රහයක්

    ඔවුන්ව ගායකයෝ කරෙත් අපේ මිනිස්සු නම්
    ඔවුන් ගේ ගායක කම අවසන් කරන්ඩ ඕනෙත් අපි ම තමයි

    පලවෙනි සින්දුව ‘ඉරිදට පල්ලියේදී නේ’
    ඒක අපි කන් පුරෝගෙන ඇහුව නේ

    දැන් උන්ගේ ‘භවතු සබ්බ මංගලං’ එකත් අහමු

    ලගදීම ඉතිපිසෝ භගවා එයි ……..
    බලන් ඉමු//

    one of the best comment i have seen

    Well-loved. Thumb up 16

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.