කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

කේසර සිංහයා තම පුතුට කතා කරයි

ප්‍රවර්ගය: සාහිත්‍ය , කෙටි කතා , මනස්සෘෂ්ටිය

පුත බලව… අර ඈත ක්ෂිතිජය දක්වා ඇති නිල්වන් තැනිතලාව…, මේ බිම යම් දිනෙක ඔබගේමැ ය.

පුත… මේ මහා සුවිසල් භූමිය අපිට උපතින්ම උරුම වූයේ අපගේ මිතුන් මිත්තන් ලේ දාඩිය කඳුළු ගංගා මැදින් කරන ලද ඒ මහා කැප කිරීම් නිසාමැ ය. බලව පුත මේ පස්… ඒවා රත් පැහැ ගැන්වී ඇත්තේ තොපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන්ය…, පුත අර ඈත පෙනෙන ගඟේ ගලන්නේ ජලය නොව, තොපගේ මී මුතුන්ගේ දහඩියයි…, පුත අර ඈතින් පෙනෙන නිල්වන් තනණිල්ලේ තණ පත් බිමට නැවී තිබෙන්නේ පිනි බිඳු නිසා නොවේ, තොපගේ මී මුතුන් එදා මේ බිමේ ලද්දා වූ විජයග්‍රහණයන් සිහිවී තණ පත් පවා සතු‍ටු කඳුළු වගුරයි.

යම් දිනෙකැ තොපගේ පුතුන් හටද අභිමානයෙන් යුතුවැ හිස කෙළින් තබාගෙනැ මේ ගල් පව්වට නැගී තම නිජබිමේ අයිතිකරුවන් විලසින කේසර සිංහයාගේ අභිමානය ලොවටම කියා ගර්ජනා කිරීමට මේ පීතෘ භූමිය ‍රැක ගැනීම තොප සතු පරම වගකීම වේ.

නමුත් පුත…, ඉදිරියේදී තොපට බොහෝ සෙයින් ප්‍රවේසම් වීමට සිදුවේවි… ඒ අන් කවරෙකුගෙන්වත් නොවැ සිංහ හම් පොරවාගත් කැනහිලුන්ගෙන්ය. උන් තොප වැනිම සිංහ වෙස් ගෙනැ තොපව අනුකරණය කරමිනැ තොපගේ වර්ගයා මෙතෙක් ‍රැක ගත් දෑ සොරා ගනු ඇත… හැකිනම් තොපවත් එලොව යවනු ඇත.

අන්න එතනදී තොපට ඇති එකමැ ශක්තිය වනුයේ තොපගේ වර්ගයාගේ එකමුතුකමයි, එකාට එකා ඉන්නවානම් සද්දන්ත හස්ති රජුන්ගෙන් ගහන වූ වනයකදී වුවත් තොප දකින කලැ උන්ට සුළු දිය පහවනු ඇත.

සිංහ ලේ ඇති අප බොහෝ විට නිදිය…, වගේ වගක් නැත…, හොස්ස අද්දරින් මොකා ගියත් ඇහැක් අරලාවත් බලන්නේවත් නැත. නමුත් පුත, යම් මොහොතක අපව කුප්පවනු ලැබීමෙන් වියරුවක් ඇති වුවහොත් මෙලොව පරලොව කණපිට ගසා හෝ සතුරා සොයාගෙන ඌව කෑලි කෑලි වලට ඉරා දමා උගේ හිස මත පා තබා ගර්ජනා කරනු ඇත. සතුරන්ගේ ලොමු දැහැ ගැන්වෙන ඒ අභීත සිංහ නාදය නිතර ඇසෙන්නේ නැති වුණත් ඇසෙන දුලබ වාරයේදී සතුරන් ගේ සියොළඟ කිළිපොලා ගොස් කන් අඩි පැලෙන්නේ ය.

 

3673
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

8 comments to කේසර සිංහයා තම පුතුට කතා කරයි

  • Kishan

    නිදා සිටින සිංහයාව ඇහැරවගන්න තමයි දැන් හැම හතුරෙක්ම දඟලන්නෙ ..ප්‍රතිඵලේ කොච්චර භයානකද කියල උන්ට වැටහීමක් නෑ

    Thumb up 3 Thumb down 0

  • අර්ථසාද්

    පින් පුරවු සිහළුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ!!!!!

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 3

  • හෙළයා

    ඔබගේ මෙහෙවරට අපෙන් තුති….!

    Hot debate. What do you think? Thumb up 7 Thumb down 4

  • Fire Lion

    ලිපියනම් අගනේය. අනික දමිත් කේතකගේද සයිබර් ලිපි මම කියවා ඈත. රංග, පිටියෙ අප්පු, දමිත් කේතක, වෙනුප්‍රියගේ, වෙල්ලස්සේ විදින්නා නොහොත් මුදියන්සේගේද සහ තවත් සිංහයො රෑසකගෙ සිංහනාද මම “සිංහල බෞද්ධයා” ඔස්සේ බලාපොරොත්තුවෙන් සිටිමි.

    Well-loved. Like or Dislike: Thumb up 13 Thumb down 4

  • Prasanna Jayawardane

    Ranga Maxxa Machan
    aththatama ange le rath wela mayil kelin wenawa

    Thumb up 2 Thumb down 3

  • ප.ලි.: ඉහත ගීතය මෙම කතාවට අදාල නෑ, ඒත් ටිකක් ළඟින් යනවා කියල හිතුන නිසයි ඒ සමගම පළ කළේ, මේ කොමෙන්‍ටුවට වැඩිපුර “Poor Ratings” ආවොත් ඉහත ගීතය කතාවෙන් ඉවත් කරනම්.

    එසේම අවසාන ඡේදයේ අදහස මගේ මිත්‍ර ද.කෙ. අයියාගේ කොමෙන්‍ටුවකින් උපුටා ගත්තෙමි.

    ස්තුතියි.

    Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 4

    • තුෂාර

      නියමයි මචන්, රහට ලියල තියෙනව. අර සින්දුව තියෙන්න අරින්න, ඒක ඔය කතාවට හොඳටම ගැලපෙනව. හැබැයි අර උඩ ප්‍රවර්ගයක් ගැන සඳහන් කිරීමෙන් ඔක්කොම අවුල් වෙනව නේද?

      Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 4

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.