
අප සියලු දෙනා ජීවත් වෙන මේ ලෝකය අවබෝධකිරීම තිබෙන සියලුම ප්‍රශ්න වල විශාලම ප්‍රශ්නයයි. ඒ පිළිබඳව බොහෝ දාර්ශනිකයන් ආගමිකයන් කතා කර තිබේ.
මේ සියලුම මත අභිබවමින් බුදු දහමේ මනස පිළිබඳ ලෝකය පිළිබඳ විග්‍රහය අද්විතීය දේශනවක් වේ. අද මේ දේශනාව අවබෝධ කිරීමට නොහැකි නිසා සමහරු අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බව කිසිම හිරිකිතයක් නොමැතිව කියයි. ඒ පිළිබඳ තීරණ ගැනීමට අපි මහා සංඝරත්නයට භාර කරමු.
අද බොහෝ පොත් පත් මනස පිළිබඳව පළවන අතර මේ සියලුම දේ බුද්ධ ධර්මයෙන් ණයට ගත් බව සොයාබැලූ විඅ දැකිය හැක. වෙන දෙයක් තබා නවතම දාර්ශනික මත යැයි කියන, පරිසර විද්‍යාව කළමනාකරණ මුලධර්ම, ක්වන්ටම් භෞතිකය පවා බුදු දහමෙන් ණයට ගත්තද ඒවා බොල් ණය පමණක් නොව ඒ ගැන සඳහනක්වත් නොකරයි. ඒ පිළිබඳව අපට කිසිදු චිත්ත වික්ෂෝපයක් නොමැත. ඒ අපිට නියම බෞද්ධ මනසක් ඇති බැවිනි.
දැන් අප මනස පිළිබඳ මනසින් සොයා බලමු. මනස විඥානය (consciousness) යනු එකක් නොව, විඥාන එකතුවකින් සාදන මනසක් හටගෙන ඇත. අපට ඇස කන නාසය දිව හා ශරීරය ඇත. මේ සියලු ස්ථාන වල ඇතිවන ස්කන්ධ 5 ක් පවතී. ඇසින් දැකීම පමණකින් ඒ රූප වේදනා සඤ්ඤා සංඛාර හා විඥාන ඇතිවීම හැරුණුකොට සත්වයෙක් වශයෙන් ඇති ලෝකයක් හෝ සත්වයෙක් නොමැත. මේ ආකාරයෙන් මනසින් සිතීම පවා නැති මනස පිළිබඳව නිවැරදි දැකීමකට මග හෙළි කිරීමකි. දැන් මේ නිවැරදි දැකීම නිසා අවිද්‍යාව එනම් නොසලකා හැරීම මනසින් ඈත්වෙමින් යනු ඇත. මේ ලෙස අප පැවසුවද මෙය තම තමා විසින්ම කළ යුතු ප්‍රත්‍යක්ෂ දැනුමකි. එවිට නිරීක්ෂකයෙන් නොමැතිව ලෝකය (තමා) අවබෝධ කිරීමට හැකි වේ.
නිරීක්ෂකයෙකු සිටීම නිසා ලෝකය පිළිබඳ අවිද්‍යාව පහළ වේ. බටහිර විද්‍යාවේ මූලික ප්‍රශ්නයත් එයයි. අපගේ විද්‍යාවක් නිර්මාණය කිරීමටනම් අප මමය මාගේය යන මායාවෙන් වෙන් විය යුතුය.
අප සමහර සම්මුතියන් සඳහා පමණක් මම තබා ගෙන, සංකල්ප සෑදීමට අභිඥාලාභීන්ගේ පිහිටක් පැතිය යුතු වේ.
එසේ නොමැති වුවහොත් මම හෝ ලෝකයත් යථා කාලයේදී අනිවාර්යයෙන්ම විනාශ වනු නො අනුමානය.
චාමික කරුණාරත්න
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
Convert to PDF

Budu saranai..!
I am very glad that My profection not mention on the articale.Thanks for sohoyuru Ranga.
But in present day society..Are you beliving the effect of profection..! for imagination of personality..!!(I am not..Because all profections are only standared of western knowledge.)
Theruwan saranai..!!
ඇත්තෙට අභිධර්මය බුද්ධ දේශනාවක් නොවන බවට තිබෙන සාක්ශි මොනෙවාද? ඒ පිළිබඳ තීරණ ගැනීමට අපි මහා සංඝරත්නයට භාර කිරීමට මටනම් දැන් බයයි. මමත් සඝ සරණ ගිය කෙනෙක්. ඒත් දැන් සිද්ධ වෙන දේවල් දැන් දැක්කහම කොරෑහෙත් කිබුල්ලු දකින 1ට මට දොස් කියන්න එපා. මටනම් හිතෙන්නෙ ධර්ම සංඝායනාවක් කරල දුස්සීල මහනුන් සාසනයෙන් පන්නා දැමිය යුතු කාලයය් කියල.
තවත් 1ක්, කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවො ගzන ඔබලාගේ අවoක අදහස් දැන ගනීමට කzමzත්තෙමි.
ඔබගේ පැනයට මෙය ලිවූ සොයුරාත් පිළිතුරු දේවි.
මගේ පුද්ගලික අදහසනම් ධර්ම සංගායනාවක් පැවැත්වීමට තරම් ධර්ම ගැටළු නැති බවයි, ඒත් විනය සංගායනාවක් පැවැත්වීම ගැන සිතා බැලිය යුතුයි. නමුත් ප්‍රශ්නය වන්නේ දැනටමත් විවිධාකාර විනය මත දරන අය බොහෝ සෙයින් සිටින බැවින්, එහිදී සාසනය නැවතත් දෙකඩ හෝ බහුකඩ වීමට ඉඩ තිබීමයි. ඒ නිසා හැකි තරම් ධර්මය ප්‍රචාරය කරමින් බහුතරයක් ජනතාවව නියම බුදු දහමට ඒකරාශී කර පසුව විනය සංගායනාවක් පැවැත්වීම සුදුසු බවයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ විතරක් නොව මහානායක හිමිවරු ඇතුළු බොහෝ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු තිබෙන්න පුළුවන්. අනික අපි දකින ඒ අඩුපාඩු පදනම් වෙන්නේ අපට ලැබී ඇති තොරතුරු මතයි. අපට දැනට ඇති දැනුමට වඩා වෙනස් දැනුමක් ලැබුනානම් අපගේ නිගමන මීට වඩා බොහෝ සෙයින් වෙනස්. ඒ නිසා එක් එක් භික්ශූන් වහන්සේලා ගැන මා නම් පූර්ව නිගමන වලට යන්නේ නෑ.
කුමන භික්ෂුන්වහන්සේ නමකගෙන් වුනත් සසුනට යහපතක් වේනම් එය දිරිගන්වනවා, අයහපතක් වෙන බව තේරෙනවානම් එය නිවැරදි කිරීමට කළ යුතු දේ උන්වහන්සේ සමග ගැටීමකට නොගොස් හැකි පමණින් ඉටුකරනවා.
ඉතින් කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්ගෙන් සසුනට වී ඇති සේවාවෙන් අපත් ප්‍රයෝජන ලබනවා, හැකි පමණින් එම සේවාව ප්‍රචාරය කිරීමට සහාය වෙනව. එසේම අඩුපාඩු තිබෙන බව මා හට හිතුනොත් පූර්ව නිගමන වලට නොගොස් ඒ ගැන තවත් ගවේශනය කර බලනවා, මන්ද එය පදනම් වෙන්නේ මෙතෙක් ලැබී ඇති දැනුමට සාපේක්ෂව නිසයි.
Well-loved.
9
ඔබට මොහෝ පින්, මමත් පූර්ව නිගමන වලට පැමිනියේ නැහැ. නමුත්, රටෙන් එතෙරව සිටින කෙනෙක් වශයෙන් අපට ලබෙන තොරතුරු ඉතා අල්පයි.
මට නැගුන දෙවෙනි ගැටලුව නම්, ලිපිය ලියූ සහෝදරය ඔහු “Electrical Engineer” සඳහන් කිරීම මමත්වය හුවා දැක්වීමක් නොවේද?
සමාවෙන්න, එලෙස ඔහුගේ වෘත්තිය සහ රැකියා ස්ථානය දැක්වුවේ ලිපිය මෙහි පළ කළ මායි. එවිට ඔහුව දන්න අයට මේ ලිපි සම්බන්ධයෙන් කතා බස් කරගත හැකි වීමට. ඔබගේ පෙන්වා දීම අනුව එය ඉවත් කළා.
ගිහියන් හැටියට අපිට තියන සිල් පද 5 වත් රැකගන්න පුළුවන් අය කීයෙන් කී දෙනාද ඉන්නෙ ?
හැබැයි භික්ෂුවක් කියන්නෙ උපසම්පදා සිල් පද 220 ක් සුරකින පිරිසක්. පැහැදිලිව කියන්න ඕනෙ පාරාජිකාවක් හැර ඇවැතකින් උපසම්පදා සීලය නොකැඩෙන බව. රහතන් වහන්සේ නමකගෙ අතින් වුවත් ඇවැත් වෙන්න පුළුවන් (කෙලෙස් නොවේ) කියලයි සදහන් වෙන්නෙ.
ගිහියන්ගෙ යුතුකම වෙන්නෙ භික්ෂූන්ගෙ අඩුපාඩු නොසයා තමන්ගෙ පංච සීලයවත් රැකගන්න උත්සහ කිරීමයි.
තමන්ට කිසියම් භික්ෂුවක් ගැන පැහැදීමක් නැත්නම් ධර්මයේ උගන්වන්නෙ ඒ භික්ෂුව පුද්ගිලිකව වර්ජනය කරන්න කියලයි. එහෙම නැතුව ප්‍රසිද්ධියෙ භික්ෂුවක් (පාරාජිකාවක් සිදුකළ නොකළ) පිළිබඳව ගතු කීම ගිහි අපට තරම් නොවේ.
oba kiyana widiyata ehenam ithin api gihiyan widiyata mukuth nokara imu, mama 1a haamuduruwo kenek ge banai, thawa kenek thawath haamuduruwo kekuge banai. ohoma giyoth eka eka aya, eka eka dahama adahanna gani, ekai mama kiwwe “dusseela mahanun” pannaa damiya yuthui kiyala. apitath wagakeemak thiyanewa budhagama raka ganna. methana mama mata daraagatha nohakke dharmaya wikurthi kereema. balanna ithihaaaya puraa waradi uganwapu haamuduruwo pitipasa keedenk giyaada? eeka hodada?
ada eka namak desai abi dharmaya buddha deeshanaawak nowei kiyala, heta thawa kenek desai, winaya pitakaya wena wena haamuduruwo panawa gaththe 1k kiyala, eeta passe soothra pitakayatah oya tikama thamai. mama dannawa may hama deyakma sadaa kaalika nahai kiyala. namuth apita puluwan tharamata meewa raka ganna one.
ehenam ithin dan ara Gayan perera kiyana sinduwath eka ekkenaa warjamaya karala imu. mokata ooka thahanam karanne needa?
මිතුර;
මා විසින් ඉහත කමෙන්ටුවේ දක්වා ඇති අදහස ඔබ විසින් වරදවා වටහාගෙන ඇති බව පෙනේ. එම නිසා මා ඉතා කරුණාවෙන් යුතුව ඉල්ලා සිටින්නේ මෙම කමෙන්ටුව ඉතා ප්‍රවේසමෙන් හා අවබෝධයෙන් කියවා තේරුම් ගන්නා ලෙසයි……..
පැහැදිලිවම කිව යුත්තේ දුස්සීල භික්ෂුවක් වේ නම් ඊට විරුද්ධ විය හැක. විරුද්ධව කතා කිරීමටද හැකිය. නමුත් විනය පිටකයට අනුව දුස්සීල භික්ෂුව යනු කෙසේ නිර්වචනය වේ දැයි අප පැහැදිලිව හඳුනා ගත යුතුව ඇත. විනය අටුවාවන්ට අනුව දුස්සීල භික්ෂුව වන්නේ පාරාජිකාවක් සිදුකළ භික්ෂුවක් පමණි. එසේ නොමැතිව සංඝාධිසේසයක් සිදුකළ භික්ෂුවක් වුව දුස්සීල සේ හඳුන්වා නැත.
යම් භික්ෂුවක් එසේ දුස්සීල යැයි පැහැදිලිව ඔප්පු වේ නම් ඒ තැනැත්තා තව දුරටත් භික්ෂුවක් නොවන බැවින් ගිහියන් විසින් වුව එරෙහිව කටයුතු කර සසුනෙන් පන්වා දැමීමට කටයුතු කිරීම ශාසන ශෝධනයක්ම වන්නේය. තුන් වන ධර්ම සංඝායනාවෙන් පසුව ධර්මාශෝක මහරජතුමා පවා මෙසේ ක්‍රියා කරමින් ශාසන ශෝධනය කල අයුරු අපි දනිමු.
නමුත් යම් භික්ෂුවකට විරුද්ධව ගිහියන් වන අප කතා කිරීමට ප්රකථම ඒ භික්ෂුව අනිවාර්යයෙන් පාරාජිකාවක් සිදුකර ඇද්දැයි දැන ස්ථිර කර ගැනීම අත්යා වශ්යී වන්නේමය.
අපේ හිතේ සැකයට එසේ විවේචනය කිරීම නොහොබිනා මෙන්ම අති භයානක කර්තව්‍යයකි.
බුදු හිමියන් බහුතරයක් වූ පෘතග්ජනයාට, දුස්සීලයැයි සැක භික්ෂූන් වහන්සේලා පුද්ගිලකව පමණක් වර්ජනය කරන සේ වදාලේ ඇයි ?
පුහුදුන් සිත නිතර සැකයට යොමුවේ. පුරුදු වලට වහල් වන ස්වභාවයක් පවතී. සැබවින්ම දුස්සීල වූ භික්ෂුවක් පිළිබඳ ව වන පුවතක් විචිකිච්චාවෙන් යුතු මනසකට ඉතා හොඳ ප්රසවෘතියකි. එවැන්නෙකින් එක් වරක් හෝ ආශ්වාදයක් ලත් පුහුදුන් සිතක් තවත් එවැනි ආශිවාදයක් සොයා යන්නේ නිතැතිනි. එහිදී වරදවා ගැනීමකින් සිල්වත් භික්ෂුවක් දෙස වුව වැරදි දැක්මක් හෝ වැරදි සමාජ කතිකාවතක් නිසා අපහාස කිරීමට යොමුවිය හැකිය.
පරාජිකාවක් සිදු නොකලත් සිදුවූ සුළු අවැතක් වුවත් පෙර සැකය නිසා බලවත් වරදක් සේ දකින්න පුළුවන්. උසස් ඤාණ දර්ශණයක් නොමැති සිතකට වරද නිවරද වෙන්ව හඳුනා ගැනීම ඉතා අපහසුය.
එබැවින් නිවැරදි භික්ෂුවකට අපහාස කර බොහෝ අකුසල් රැස් කිරීම සිදුවිය නොහැකි යැයි කිසිම පෘතග්ජනයකුට ස්ථිර වශයෙන් කිව නොහැකිය (අමතක කරන්න එපා අම්බ්රවපාලිය භවයන් ගණනාවකට වෛශ්යානවක් ව ඉපදුනේ රහත් තෙරණියකට වරදවා අපහාස කිරීමෙන් බව. සිල්වත්, එනම් පාරාජිකාවක් නොකල භික්ෂුවකට අපහාස කිරීම එතරම්ම නොවුනත් ඉතා දැඩි අකුසලයක්).
මෙන්න මේ කාරණයෙන් අහිංසක පුහුදුන් මිනිසා ආරක්ෂා කර ගැනීම නිසා තමයි බුදු හිමියන් මෙම ප්‍රසිද්ධ විවේචනයන් නොකරන ලෙසටත් පුද්ගලික වර්ජනය පමණක් සිදු කරණ ලෙසත් දේශනා කලේ.
මීලඟ කාරණය ලෙස අභිධර්මය සම්බන්ධ ගැටළුව හෝ ධර්මය සම්බන්ධ ඕනෑම විවාදාත්මක මාතෘකාවකදි අපි කළ යුත්තෙ චින්තන විමංසාවෙන් යුතුව කටයුතු කිරීමයි. අයෙක් හෝ පිරිසක් කියන පලියට නොපිළිගෙන මනා අධ්යුයනයකින් ඒ කාරණය පිළිබඳව සොයා බැලීමයි.
කෙනෙක් පෙනි පෙනී යම් කරුණක් වරදවා පෙන්වා දෙනවා නම් ඒ පුද්ගලයාට අපහාස කිරීම නොව, නිවැරදී කාරණාව පිළිබඳව වන මත ගෙනහැර පාමින් හැකිතාක් තම මිතුරන් යහමගට ගත හැකිනම් එය අපහාසයෙන් සිත කිළුටු කරගන්නවාට වඩා කෙතරම් පිනක්ද ?
සෑම බෞද්ධයකු අතින්ම විය යුත්තේ එයයි. මා සිතන්නේ මේ චින්තන විමංසාව පිළිබඳව අපි සමාජය වඩ වඩා දැනුවත් කිරීම යහපත්. වැරදි දේ කියන කෙනා කෙරෙහි ද්වේශයෙන් (විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි ද්වේෂ වීම නොහොබී) සිටිනවාට වඩා අපට හැකි පමණ නිවැරදි කාරනා හෝ ඒ පිළිබඳව දත හැකි තැන් අන් අයට කියා දීම කෙතරම් වටීද ?
අභිධර්මය ගැටළුව සම්බන්ධයෙන් මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහාස්ථිවරයානන් වහන්සේගේ කරුණු දැක්වීමක් ද ඉදිරිපත් කිරීම මෙම චින්තන විමංසාව වර්ධනයට උපකාරී වෙතැයි සිතමි. එය තරමක් දීර්ඝ බැවින් අදාල උපුටාගැනීම යුනිකෝඩ් අංකනයෙන් කේතනය කර හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමි. එතෙක් අවසර……..
ප.ලි. ගයාන් පෙරේරාගේ ගීතයද වර්ජනය කර හිඳිමුයි පැවසීම වරදවා මා භික්ෂූන් පිඏිබඳව කී කාරණය තේරුම් ගැනීමකි. අවධාරණය කරන්නේ එසේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වන කරුණු ගිහියන් පිළිබඳව ආරෝපනය කර නොගන්නා ලෙසයි. මෙහි භික්ෂූන් වහන්සේලා පිළිබඳව පැවසූ කරුණ මාගේ ප්‍රකාශයක් නොව බුදු රජාණන් වහන්සේ විසින් අනුදැන වදාල කාරණයක් බව ද සිහිපත් කරමි.
Obata awashya wanne..etham awastha wala apa sammuti sathya ta garu kalauthte kumakatada yannaya..budusamaya thula sammuthiya iwath kara netha..budun wahanse apata sammuthiya thula sita paramarthya balanalesa(aththa washayannma five senses walin balanne sammuthiya)wadara thibe..Apa pawasanne ape dhanuma sammutiya thula etha niwaradi dhakmak laba ganimata nam mamathwawa (sawan palaya thula ethi papanakin wath) durukalauthu bawai..!
Obata theruwan saranai.!!
ethem awasthawala deshakaya praspara wirodee prakasha bhawitha kara etha,,mamaya mageya sankalpaya iwath kala yuthu bawath ethem thanhi thaba gatha yuthu bawath pawasai..e awasthawan wigraha kala hekinam manaaya