
“රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල් වී තිබීමත් සමඟ මෙම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටී. ගීතයක් සමාජයට මුදාහරින විට එමඟින් සංස්කෘතික ආගමික හා සමාජීය වටිනාකම්වලට හානි වන්නේ නම් රටේ සංස්කෘතිය ආරක්‍ෂා කරන අමාත්‍යාංශයක් ලෙස මෙම තීරණයට එළැඹි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.” – LCN
ඊට අමතරව “ceylontoday” වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක ඇමතිතුමා පවසා ඇත්තේ ගීත නියාමනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීමටත් කටයුතු කරන බවයි. ගීතයක් ප්‍රසිද්ධියේ බෙදාහැරීමට පෙර එහි ගීතරචනා වල සහ ගීතයේ අන්තර්ගතය පිළිබඳව සලකා බැලීම සඳහා “රාජ්‍ය ප්‍රාසාංගික මණ්ඩලයක්” ඇති කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.
තම ආගම් වලට අපහාස කරන ගීත සහ ටෙලි නාට්‍ය ආදිය තහනම් කිරීම සඳහා යාන්ත්‍රණයක් කතෝලික සහ ඉස්ලාම් ආගම් වලට ඇති බව බැලුම්ගල වැඩසටහනට පිළිතුරු දුන් පූජක තුමන්ලාගෙන් දැනගන්නට ලැබුණි. ඒ අනුව මෙය අලුත් දෙයක් නොව බෞද්ධයින්ට පමණක් වී ඇති අසාධාරණය නිවැරදි කිරීමකි. තේ කෝප්පයේ කුණාටු දැක්කත් තමන්ගේ ඇති කොටි වලිගය නොපෙනෙන ලංකාඊනිවුස් ත්‍රස්තමාධ්‍යය කුමක් කෙසේ කීවත් අනාගතයේදී තුන් සූත්‍රය සහ බුදුගුණ පාථයත් රැප් කිරීමට පෙර ක්‍රියාත්මක වීම ජාතියේ වගකීමකි.
මෙම කර්තව්‍යයේදී නියමිත පරිදි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේටත්, දිවයින පුවත්පත හරහා ජනතාව දැනුවත් කළ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේටත්, වහා ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයට බල කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේත් ඇතුළු නන් අයුරින් මැදිහත් වූ ඒ මහා සංඝරත්නයට බෞද්ධයින්ගේ නමස්කාර පූර්වක ස්තුතිය හිමි විය යුතුය.
සිංහල බෞද්ධ ඔබ සැම බුදු සසුන රැක ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් එකාවන්ව කටයුතු කළ නිසා ඔබ අද යම් ජයග්‍රහණයක් ලබා ඇත. එහෙත් වැල යන අතට මැස්ස ගහන දේශපාලඥයින් දෙන පොරොන්දු එතරම් විශ්වාස කළ නොහැකි බැවින්, ”ආ ඒකත් හරි” කියා අමතක නොකර මේ ගැන අවධානයෙන් සිටිමින් ලිපි හෝ වෙනත් ක්‍රම මගින් දිගින් දිගටම ඒ ගැන රජය උනන්දු කිරීම සෑම සිංහල බෞද්ධයෙකුගේම යුතුකමකි. එසේම “ටිකෙන් ටික” ගීතය තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මදි යැයි කියන ආණ්ඩුවම මුස්ලීම් ලෙබ්බේලාගේ බස් අසා “සිත්තිමනීලා” ගීතය තහනම් කළේ කෙසේද යන්න තවමත් නොවිසඳුනු ගැටළුවකි.
Convert to PDF

Good work, we must refuse these stupid movements. These people are not artists.
thaamath me sinduwa thahanam welaa ne.
Is there anyway to take legal action against Lankaenews on public abuse against the venerable Buddhist leaders? Recently I was shocked to read the extent of someone abusing Ven. Dr. Omalpe Thero on the action suggested to ban the rap song by Gayan Perera.Karu Gamage
I think the site was banned due to that kind of earlier abusers.
anivaryen meya thahana kalayithui
Thanks for every boddies attended to this subject,and may yours tripple jem to all.
Hot debate. What do you think?
6