1. වසරින් වසර අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත බිද වැටීම. (අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා නොකිරීම සහ අපනයනට වර්ධනය කිරීමට උත්සාහවත් නොවීම).
2. වසරින් වසර රාජ්‍ය ණය ඉහළ යාම නිසා පොළී ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම.
3. ඉන්ධන සහ පොහොර සහනාධාර නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදීයාම.
4. විශාල ලෙස ණය වී රටේ ජනතාවට එතරම් ප්‍රයෝජනයක් නැති සහ ආදායම් උපදවන හැකියාවෙන් අඩු විශාල ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් රාජ්‍ය ණය බර වැඩි වීම (මෙවැනි ව්‍යාපෘති ඇරඹීමට ඒවායින් ලැබෙන කොමිස් මුදල ප්‍රධාන හේතුවක් වේ යැයි සිතමි. මේවායේ ක්‍රියාකාරීත්වය ගැන “confessions of an economic hitman” කෘතියේ පැහැදිලිව පෙන්වා ඇත).
5. පොළී අනුපාත අඩු කිරීමෙන් පුද්ගලික අංශයේ ණය ගැනීම වැඩි වීම සිදුවවත් එයින් වැඩි කොටසක් පිටරටින් භාණ්ඩ ආයනයනට (මෝටර් රථ වැනි) විනා නිෂ්පාදනය වැඩි කිරීමට යොදා නොගැනීම. එයින් ආනයන අපනයන පරතරය තවත් ඉහළ යාම.
6. දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම. එමගින් ආනයන අඩු කර ගැනීමට උත්සාහවත් නොවීම (උදා මෙතරම් පළතුරු වැවෙන රටේ පළතුරු පිටරටින් ගෙන්වීමට විශාල මුදලක් වැය කරයි).
7. වංචා සහ දූෂණ නිසා සෘජුවම සිදුවන පාඩු (උදා ලෙස පුද්ගලික සමාගම්වලින් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමේදි සිදුවන අක්‍රමිකතා).
8. ඛනිජතෙල්, විදුලිය වැනි තීරණාත්මක විශාල රාජ්‍ය ආයතනවල ඇති දූෂණ, අකාර්යක්ෂමතා සහ සේවක අතිරික්තය. මේවායේ ඇති අති විශාල පාඩු දැරීමට ලංකාවේ ආර්ථිකයට නොහැකිය.
9. පහළ සිට ඉහළට යන සංවර්ධනයක් වෙනුවට උඩින් දමන පැරෂුට් යෝධ සංවර්ධන ව්‍යාපෘති ගැන විශ්වාසය තැබීම .
10. සමස්තයක් ලෙස ජනතාව ඉතිරි කිරීමට වඩා ණය ගැනීමට යොමු වීම සහ අධි පරිභෝජනවාදී ජීවන රටාවකට යොමු වීම (මෙයට සංස්කෘතික බලපෑමක්ද ඇත. ඉතා වටිනා මෝටර් රථ “lease” කර බොහොම අමාරුවෙන් කෑම බීම ටික හොයා ගන්නා අයද අපට හමුවී ඇත).
11. ලෝක ආර්ථිකයේ සිදුවන පසුබෑමත් සමග අපනයන ආදායම අඩුවීම.
12. ඛනිජ තෙල් මිලේ සිදුවන උච්චාවචනය.

සමස්තයක් වශයෙන් රටේ සැබෑ නිෂ්පාදනය වැඩි කිරීමට වඩා ණය සහ පොළි අනුපාත මත පදනම් වූ ඉලක්කම් විජ්ජාවක් වන ‘ආර්ථික වර්ධනය‘ මත රදා පැවතීමේ ප්‍රශ්නය මෙතැන මූලික වේ යැයි සිතමි. නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමත්, ආනයන පාලනය කර අපනයන වර්ධනය කිරීමත්, ණය සංස්කෘතියට වඩා ඉතිරි කිරීමේ ස් ප්‍රමුඛස්ථානය දීමත් කළ යුතු යැයි සිතමි. 2008 එක්සත් ජනපදයෙන් පටන්ගෙන ලෝක ආර්ථිකයේ වු පසුබෑමටත් හේතු වූයේ අසීමිත ලෙස ණය ගැනීම් සහ දීම මත පදනම් වී ව්‍යාජ ආර්ථික වර්ධනයක් (2002-2007 කාලය තුළ) මවා පෑමය. එය සබන් බුබුලක් වැනි වන අතර පුපුරා යාම කාලය පිළිබද ගැටලුවක් පමණි. මේ බොහෝ ප්‍රතිපත්ති ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (බොහෝ දෙනා නොදන්නවාට මෙහි ප්‍රධානියා පත් කරන්නේ ඇමරිකානු ජනාධිපති විසිනි) උපදෙස් අනුව ක්‍රියාත්මක වන ඒවායැයි සිතමි. එවැනි කොන්දේසි අනුගමනය කිරීමෙන් අතීතයේ ආජන්ටිනාවේ ඇති වූවාක් වැනි විශාල ආර්ථික බිදවැටීමකට ලංකාව ලක් වීමේ අනතුරක් ඇත.
පසු සටහන:
මේ ළගදී මැලේසියාවේ ගිය එක්කෙනෙක් කිව්වා එහේ තියෙන තරමක් තියෙන්නේ “Perdua” කාර් එක කියලා. ඒ කාර් එකේ සියල්ලක්ම හදන්නේ ඒ රටේමයි. ඒක නිකං උනා නෙමෙයි රජය බදු ගහලා ඒ තත්වය ඇති කරලා තියෙනවා. ලිබරල් ආර්ථිකයක් නම් එහෙම වෙන්ඩ බැහැ. දැන් අපේ කොළඹ බැලුවොත් ලෝකෙ තියෙන වටිනම වාහනේත් තියෙනවා. මේවායේ කෑලි ටිකේ ඉදන් සියල්ලම ගෙන්නන්ඩ යන්නේ රටේ විදේශ විනිමය තමයි. මැලේසියාව ධනවාදී රටක් කිව්වට ඔවුන් නිෂ්පාදනය මත පදනම් වූ ජාතික ආර්ථිකයක් ඇති කරපු රටක් බවයි පෙනෙන්නේ. ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්ඩ උත්සාහ කරලා තියෙනවා. ආහාරවලින් ස්වයංපෝෂිත වෙලා ආහාර පිටරටත් යවනවා. පොදු ප්‍රවාහනය දියුණු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්නේත් නැහැ. අනිත් කරුණ එවැනි රටවලත් ගම්වල මිනිස්සු තවමත් බොහෝ දුරට අල්පේච්ඡ ජීවන ක්‍රමයකින් ජීවත් වෙන බවයි පෙනෙන්නේ.
කවුරු මොනවා කිව්වත් ගඩාෆි තමයි මෑත යුගයේ සාර්ථකම ආර්ථිකයක් බිහි කළ අනිත් නායකයා. ඔහුත් අනුගමනය කලේ විදේශ ණය මත පදනම් වනවාට වඩා රටේ නිෂ්පාදනය වැඩි කිරීමත් ඉතිරිකිරීම වැඩි කිරීමත් යන ප්‍රතිපත්ති තමයි. ඔහු කාන්තාරයේ ජල යෝජනා ඇති කරලා ලිබියාව ආහාර අතින් ස්වයංපෝෂිත කළා. තෙල් මතම යැපුනේ නැහැ. ඒ වගේම ඔහු අතිරික්ත ධනය මිනිස්සු අතර බෙදී යාමටත් ඉඩ සැලැස්සුවා. මේ ආණ්ඩුවට ඉගෙන ගන්නවා නම් මේ රටවල් දෙකම ඇති. නමුත් ‘හොර හිත‘ තියාගෙන නම් මේ ගමන යන්ඩ බෑ. ඒ වගේම නව ලිබරල්වාදය ආගමක් මෙන් අදහන මහ බැංකු අධිපතිවරයෙක්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙක් තියාගෙනත් මේ ගමන යන්ඩ බෑ. සමහර විට දැන් ණය ගොහොරුවේ එරිලා වැඩි නිසා කොන්දේසිවලට යටවෙලා අකමැත්තෙන් හෝ දිගටම නව ලිබරල්වාදී ගමන යන්ඩ වෙලා ඇති. එහෙමනම් අනාගතය අනතුරුදායකයි.
1977න් පසු එකම ආර්ථික රටාව තමයි දිගටම යන්නේ. ඒක අසාර්ථකයි. ඒකට දූෂණ වංචා සහ අක්‍රමිකතා ටිකත් එක්කහු උනාම තත්වය තවත් දරුණු වෙනවා. මා හිතන්නේ මේ ‘වැරදි ආර්ථික දෘෂ්ටිය‘ තමයි මූල හේතුව.
විශේෂයෙන්ම ලිබරල් ආර්ථික ක්‍රමය ලංකාව වැනි රටවලට පාඩුයි. නූතන සංවර්ධනයේ පිටිපස්සෙන් ඉන්න රටවල් ලිබරල් ආර්ථිකයෙන් තවත් පස්සට යනවා. අද ලිබරල් ආර්ථික ඇත බටහිර රටවලුත් ඒ තත්වයට ළගා උනේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිවලින් තමයි. දැන් නැවතත් ලිබරල් ආර්ථිකය හින්දා හිර වෙලා තියෙන නිසා ඒ රටවලත් ජාතික ආර්ථිකයට වැඩි නැඹුරුතාවයක් යළි තියෙන බව පේනවා.
දර්ශන කස්තුරිරත්න
Convert to PDF

මුස්ලිම් ජනගහනය ලංකාවේ වර්දනය වීමට හේතුවූ සාදක
1.බහුතරය නුගත් වීම (මහජාතිය තමන්ගේ පාසල් වලට මුස්ලිම් සිසුන් ඇතුලත් කිරීමට අකමැති වීම නිසා )
2.බහුතරය මුඩුක්කු හා පැල්පත් වාසීන් වීම (ලංකාවේ වැඩි උපත් අනුපාතයක් මෙම ආර්ථික තත්වයේ සිටින ජනකොටස්-මුස්ලිම් ජනතාවගෙන් 65% කට අසන්න ප්‍රමානයක් දුගී පැල්පත් වාසීන් ය -හේතු -මහජාතිය මොවුන්ගේ වියපර වලට අගුල් හෙලීම ,මහජාතියේ වියාපාරික තරංග කරුවූ අන්තර් ජාතිය නොව සුළු ජාතිය වීම )
3.ස්ත්‍රීන් රැකියාවට නොයාම -මහජාතියේ දෙපාර්ශවයම රැකියාවට යාම
4.ගබ්සා නොකිරීම
5.කලට වයසට විවාහ වීම සන්ස්ක්ර්තික අංගයක් වීම (ලංකාවේ මුල්සිම් ජනතාව අතර බහු විවාහ ජනප්‍රිය නොවේ -මා දන්නා කිසිවෙකු බහු විවාහකයන් නොවේ, )
6.යුද්ධයට සහබාගි නොවීම.
7.යුද්ධය නිසා අවතැන් උවන් අතර දරු උපත් ප්‍රමාණය වැඩි වීම (නගරාසන්න ප්‍රදේශවල මෙහි බලපෑම පැහැදිලිව ජන ප්‍රතිශතයේ වෙනසක් දැකිය හැක)
මේ කරන බොරුනම් බෞධයිනි මුස්ලිම් ජාතිය මෙරටෙන් තුරන් කරන්න
Well-loved.
8
රටේ අවුල් කරන යුද්දේ තියෙද්දි යුද්දෙට සහභාගි නොවීම. ඒ කියන්නේ මේ රට තොපේ නෙවෙයි කියන එක දැන්වත් පිලිගන්නවද. මොකද තමන් උපන් රටට ආදරයක් නැහැ කියන්නේ තොපි මේ රටේ නෙවෙයි. මේක ආර්ය ජාතියගේ රට. නුඹලාගේ ආත්මාර්ථකාමි බව මෙතනින් හොදට ඉස්මතු වෙනවා.
Rattata adrayakranwai kiyanne rate inna minisunekka yudhdhakarana eka kiyanaeka upbala hithanadeyak .Umbalata prashnayak wishleshnayakireeme hakiya ithama aduui.Prashnayak sakachchakireemdi kelinma pannine waliyak adaganda .
Youdhdhayata sahambagi noweema yanu ,hamudawe buddi ansaye saha nawuka hamudawe harneda anith ansawala sitye tika denai. Wishala jeewitha hani siduwune sinhala saha demala janthawata wgaga sathyak .Mage pasale muslim yaluwo keepadenek da pabala hamudaw sewaya karala didvi pidu bawata mama hanisanakawa kiyanda kamathi.
Umba ratata adarainam hamudawata bandune naththe ayi?
මෙවන් ආර්ථික අස්ථාවරත්වයක් අප රටේ පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේ අප රටේ රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ඇමරිකාව ගත් විට, එරටේ සෞඛ්‍ය, ආර්ථික, තාක්ෂණ, සංවර්ධන ආදී සියළු දෑ මෙන්ම අනෙකුත් ජාතික වැදගත්කමක් ඇති දෑ සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නේ CIA සංවිධානය විසිනි.
එය දේශපාලනයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වෙන්නකි. එවැනි එක් එක් පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති අනුව කලින් කලට වෙනස් නොවන්නා වූ ස්ථාවරත්වයක් සහිත ආයතනයක් රටක රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ නියැලෙන එක කෙතරම් ප්‍රඥාවෝචිතදැයි පෙනී යන්නේ, එහි ක්‍රියාකාරීත්වය ඔස්සේ ඇමරිකාව අවුරුදු 200යක් පමණ සුළු කලක් තුළ ගමන් කර ඇති දුර දෙස බලද්දීය.
අද වන විට යම් ආර්ථික පසුබෑමකට මෙම රාජ්‍යය පත්ව තිබුණද ඉන් ගොඩ ඒමේ මාර්ගය පවා සැලසුම් කර ක්‍රියාත්මක කරනුයේද මෙම ආයතනය මගිනුයි. ඒ ලෙස සලකද්දී රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ස්ථාවරරත්වයෙන් යුත් ශක්තිමත්, දේශපාලනීකරණයෙන් තොර වූ ස්වාධීන ආයතනයක පැවැත්ම කෙතරම් අගනේද යන්න පැහැදිලි ලෙසම වැටහී යයි. මේ තාක් ඇමරිකාව ආ දුර දෙස සලකද්දී, එය ආදර්ශයට ගෙනවත් මෙවන් රටවල දේශපාලනික නායකයන් හුදු අද ගැන පමණක් නොසලකා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහාත්, ඒවා ක්‍රියාත්මක කරවීම සඳහාත් අවශ්‍ය වන තීරණ ගැනීම සඳහා වෙනමම වූ ස්වාධීන ආයතනයක් සකස් කරන්නේ නම් අප රටවලටද යා හැකි දුර බොහෝය. මේ වැනි ආර්ථික අවපාතයන් ගැන එවිට බිය විය යුතු නොවේ. ඇමරිකාව කළ තරමේ හපන් කමක් හෝ ඒ තරමේ ශක්තියක් අපට ගොඩ නගා ගැනීමට බැරි විය හැක. ඇමරිකාවට සමාන දුරක් යාම හෝ ඇමරිකාව තරමටම ශක්තිමත් වීමද කිසිසේත් අවශ්‍ය නැත.
එනමුත් මේ ලෙස ඇති වන ආර්ථික උච්චාවචනයන් හමුවේ අප රටේ මිනිසුන්ට මෙවන් බරක් නොදී මේ ප්‍රශ්න හමුවේද එක ලෙස ඉදිරියට යෑමට හැකි වනු ඇත. නුමුත් ඒ සඳහා දේශපාලකයන් කොන්දක් ඇතිව කටයුතු කළ යුතුවා සේම; බොරු ජාතිකාලයක් මවා පෙන්වා රට මුලා කර බඩ වඩා ගැනීමේ නිරත නොවී හදවතින්ම ඒ සඳහා විවරණ දිය යුතුය. එසේම කුඩු කාරයන් ඔක්කේ ගසාගෙන පෝය දාට බණ දෙසවන විහින් මුලාවේ හෙළා ගැනීමත්; රටට පිරුවට ඇඳ පෙන්වීමත් නවතා ඒ සාරධර්ම පවා සැබැවින්ම රැක ගැනීමට එකාවන්ව වෙහෙසිය යුතුය.
Well-loved.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
3
ඔබ පවසන්නේ ලංකාව ආර්ථික අතින් දියුණු වන බවද?
ලංකාව ආර්ථික අතින් දියුනු යැයි පවසන්නේ මොන ආකාරයේ පදනමක් යටතේද? මෙම ප්‍රශ්නයට ඹබට දත්ත සමග තොරතුරැ ඉදිරි පත් කල හැකිද ?
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
9
aney yako…, umbalama umbalata hambayoo kiyagannawanam, thawa mona kathada.., dan umbalama umbala gawenne nathi thanwalatath awith umbalatama banagannawa… Hondai Hondai!!!
Hot debate. What do you think?
6