ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට මූලාශ්‍ර දක්වා ඇති බව සලකන්න.)
===========================================
ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි,
සුනේත්‍රාදේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
ගංගොඩවිල,
නුගේගොඩ.
2012.02.10
ලේකම්,
2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව.
“ භවතු සබ්බ මංගලම් ” යන ආශිර්වාදාත්මක ගාථාව මධුසමය ගත කිරීම සඳහා වූ ගීතයක් සඳහා විකෘති කොට ගායනා කිරීම
ගයාන් පෙරේරා නැමැති තරුණ ගායකයකු බෞද්ධයන් විසින් වන්දනීය හා ආශිර්වාදාත්මක ගාථාවක් ලෙසින් භාවිතා කරන “ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා ” නම් වූ බෞද්ධ ගාථාව විකෘති කොට මධුසමය ගත කරන තරුණ යුවලක් දර්ශන තල රාගික රූපරාමු යොදා “ටිකෙන් ටික” නැමැති ගීතය දැනට අන්තර් ජාලයට මුදාහැර බෞද්ධයන් බලවත් මානසික අසහනයට ලක්කොට ඇත. මේ පිළිබඳව මා 2012.02.08 දින නුගේගොඩ මිරිහාන පොලීසියේ අංක 53/70 දරණ පැමිණිල්ල ලෙස පොලීසියේ විමර්ශනය සඳහා යොමු කොට ඇත.
- 1. තවද “ සිරස ” මාධ්‍ය ජාලය විසින් සතියේ දින පහම රාත්‍රී 7.30 ට ප්‍රචාරය කරනු ලබන “ සිහින පුරය ” නම් වූ ටෙලි නාට්‍ය මගින්ද ඉහත කාරණය හා සමානවම බෞද්ධයන්ට නිගා දෙන දර්ශන වරින්වර ඉදිරිපත් කරනු ලබන්නේ හිතාමතා ඕනෑකමින් බව ද අපගේ විශ්වාසයයි.
- 2. එසේම තිළිණ අලහකෝන් නම් වූ ක්‍රිස්තු භක්තිකයකු ද බෞද්ධයන් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව සරණ මංගල උත්සව අවස්ථාවේදී භාවිතයට ගන්නා “ජයමංගල අෂ්ඨක ගාථා ” ද , මෛත්‍රී පෙරදැරිව කියන“සෙත් කවි ” ආදිය ද පල්ලියේ වචන වලට හරවා ගායනා කොට සමච්චලයට භාජනය කරමින් සිටී. මේවා අත් පත්‍රිකා වශයෙන් මුද්‍රණය කොට ජනයා අතර බෙදා හැරීමද කර තිබේ. මේ පිලිබඳ මිරිහාන පොලීසියට 2010.11.01 දාතමින් පැමිණිලක්ද, 2010.11.02 දාතමින් ඔබ වෙත පැමිණිලි කළමුත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. එක මාසයක් ඇතුළත සිදුවන අකටයුතු පැමිණිලි කරනු ලබන්නේ නම් සිය ගණනක් විය හැක.
- 3. මෙසේ දිගින් දිගටම බෞද්ධ සංස්කෘතියට හානිකර සිද්ධීන් ඉතා සංවිධානාත්මකව අන්‍යාගමිකයන් විසින් හිතාමතා කලින් කල සිදු කරන මුත් වගකිව යුතු ආයතන මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. “ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා සුරක්ෂිත කොට පෝෂණය කිරීම” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක නිදිගන්වා බලයලත් රාජ්‍ය නිලධාරීන් හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිසොල්මන්ව සිටීමද තරමක ප්‍රහේලිකාවකි
- 4. අප විසින් පොලීසියට යොමු කරන පැමිණිලි ද අතරමං වනුයේ පොලීසියට ද මේ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව අධිකරණ ශාලාවේදී පෙනී යන හෙයිනි. එහෙයින් ව්‍යවස්ථාවේ ඇති වගන්ති බල ගැන්වෙන නීති හා රෙගුලාසි හඳුන්වා දීමට බුද්ධශාසන පනත, බෞද්ධ ප්‍රකාශන (පොත්/කැසට්පට/සංයුක්ත තැටි/ගීත/ නාට්‍ය/පුවත්පත්/ විද්යුත් හා මුද්‍රිත වැඩ සටහන්/ වෙබ් අඩවි/ ෆේස් බුක්/අත් පත්‍රිකා) හා මාධ්‍ය ප්‍රචාරණය නියාමනය කිරීමේ පනත වැනි පනත් බලාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමට හා අදාළ රාජ්‍ය නිළධාරීන් වෙත නියෝග ලබා දීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත හා අතිගරු ජනාධිපතිතුමා වෙත පැමිණිලි කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ශාසනමාමකත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.
මෙයට,
ශාසනාලයැති,
ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි

පිටපත් (කාරුණික දැන ගැනීම හා සුදුසු කටයුතු සඳහා)
1. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
2. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා.
3. ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ. ජයරත්න මැතිතුමා.
4. ලේකම්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය.
5. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
6. ලේකම්, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය.
7. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
8. අනුර සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
9. දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් අධිකාරි, පොලිස් අධිකාරී කාර්යාලය, මිරිහාන, නුගේගොඩ.
10. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා, 18 / A, ආතර් පෙදෙස, දෙහිවල.
11. ජ්‍යෙෂ්ඨ නීතිඥ, කළ්‍යානන්ද තිරාණගම මහතා, විධායක අධ්‍යක්ෂ, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය, 233/1, කොටා පාර, බොරැල්ල, කොළඹ 08.
12. ජ්‍යෙෂ්ඨ නීතිඥ, ප්‍රසන්තලාල් ද අල්විස් මහතා, සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.
Convert to PDF

Heard that relevant minister has promised to bring in new legislation to prevent this sort of abuse. I hope my information is correct.
සබැ බෞද්ධයින් යනු බැටළු හම පොරවාගත් සිගාලයන් නොවන බව සහ වර්තමානයේ සිදුවූ සිදුවීම් කිහිපයක් කරණකොටගෙන අවබෝධවිය ! විශේෂයෙන් බක තපස් රකින උපාසක බක බක පිරිස ඉවත් කිරීමට සිදුවේ !! ඒ පිළිබඳව සමාවෙන්න !! පක්ෂ / පාට වෙනුවෙන් සහ බුදුදහම හමුවේ ජනිත වන ආක්‍රමණ ශාන්තියක් ලෙස දකින මෙන්ම හිමිනමකගෙන් යම්කිසි වරදක් සිදුවූ විට පමණක බෙරිහන් දෙන මින්සුන් සමස්ත මිනිස් සංහතියටම නින්දාවකි !! නමුත් කණගාටුව බහුතරයක් පිරිස බෞද්ධයින් ලෙස වෙස්වලාගත් පිරිසක් වීම හැර අන්කවරක්ද ලෙස සිතේ !!
ape uthum bawudda agama reka ganna oba wahansege kapa wema ape etha agaya kota salakami ape uthum budu dahama wanasanna kesema balawathekuta nohakey ape agama ape reka ganna ape sama denama meta wadeya kapawem karanna one ape sinhala budda darmaya reka ganna bawuddayene awade wenna enna apa ha ath wel bada ganna
Well-loved.
8
ape hamuduruwo mul wela me prashnayata visadumak sevimata katayuthu aramba kirima sathutata karunak. thunuruwan saranin obawahanse sarthaka wewa!
Well-loved.
6
ගෞරවාර්හ අති පුජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන්ද්‍රයන් වහන්ස,
අප සිරිලක් බිමේ බුදුසසුන රැක ගැනීමට ඔබවහසේ කල මහඟු කැපවීමට අපගේ ශීර්ෂ ප්‍රණාම භක්තිය පළමුවෙන්ම ඔබ වහන්සේ වෙත පුද කොට සිටිමි, මින් ඉදිරියටත් බුදු සසුනට , බුදු දහමට, සඟ සසුනට ඇප කැප වී ඔබ වහන්සේගේ උතුම් කර්තව්‍ය කරගෙන යාමට අවශ්‍ය නීරෝගී සුව , දිරිය, අදිටන නිරතුරු ලැබේවා.. ඔබ වහන්සේ වැනි උතුම් සඟරුවන් අපේ සඟ සසුනට පුර්වාදර්ශයෙකි. තුණුරුවන් බෙලෙන් ආශීර්වාදය , ආරක්ෂාව ඔබවහන්සේ රැක දේවා!
Well-loved.
19