
අනාගත ළමා පරපුර හුරු වන්නේ අතීතය දෙස බලාය. අපි ඔවුන්ට කුමක් දායාද කරමු ද ?
පසුගිය දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබුණු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම පණිවිඩයම ය. අනෙක් වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව කෙරෙන ප්‍රචාරණ ප්‍රයත්නයක් වන අතර වැදගත් කාරණය නම් මෙම දැන්වීම් දෙකෙහිම එකම නිර්ණායකයක් පරස්පර විරෝධී පැතිකඩ දෙකක් ඔස්සේ සිය ප්‍රචාරණ සංකල්පය ලෙස යොදාගැනීමයි. එතුළ ගැබ්වී ඇත්තේ ලාංකිකයාගේ ආචාරධර්ම පිළිබඳ කතාවකි.
පෙර සඳහන් කළ පරිදි, පළමු දැන්වීමේ පණිවිඩය ගෙන එන තිර කතාව මෙසේය …..
‘මිත්තණියක සහ මුණුබුරකු අතර වන සංවාදයකි. වර්තමානය තුළ අනාගත ශ්‍රී ලාංකික පරම්පරාව නියොජනයක් වන මුණුපුරා වැදගත් ගැටලුවකට පිළිතුරු සොයයි. එ නම් කුඹුරේ අස්වනු නෙළන සිය වැඩිහිටියන් එහිදී අස්වැන්නෙන් කොටසක් ඉතිරි කර තබන්නේ ඇයි ද? යන ගැටලුවයි. එයට අත්තම්මා දෙන පිළිතුර සරලය. නමුත් අර්ථය ගැඹුරුය. පිළිතුර නම්, ඉතිරි කොටස සතා සීපාවන්ට යන්නය.‘
මෙම තිර කතාව හුදු වෙළෙඳ දැන්වීමක් පමණක් අරඹයා ගොඩ නගා ගත් මනංකල්පිතයක් නොවේ. සැබවින්ම ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ගැබ්වී ඇති ආදර්ශමත් ගුණාංගයකි. මිත්තනිය විසින් සිය පාරම්පරික ලාංකීය ජන විඥානයේ වූ මෙම අවිහංසා වාදී ගුණය මතු පරපුරට දායාද කරන විස්තරයකි.
විශේෂයෙන් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ලාංකීය කෘෂිකාර්මික ජන සමාජය තුළ සතා සීපාවාට පවා මෛත්‍රිය කිරීමේ අවිහිංසාවාදී ගුණය ප්‍රකට වන අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද සඳහන් කල හැකිය. අස්වැන්න නෙලීමේදී පමණක් නොව, කුඹුරේම වෙනම ලියද්දක පීදෙන අස්වැන්න කුරුල්ලන් වෙනුවෙන් වෙන් කිරීමට පවා කටයුතු කළ ජන සමාජයක් අප සතුව ඇත. පලතුරු ගස් වල පවා සතුන්ටම වෙන් වූ කොටසක් ඇති කරන ලද්දේද අපගේ උසස් ජන සමාජය විසිනි. එ නයින්, අදාළ වෙළෙඳ දැන්වීමේ අන්තර්ගත පණිවිඩය, ලංකාවෙ මිනිස්සු ලෝකයේ අනිත් අයට වඩා වෙනස් බව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දෙන්නා වූද, එම වෙනස නම් උසස් වූ මානව දායාව සහ සත්ත්ව කරුණාව බව උද්දීපනය කරන්නා වූද අවස්ථාවක් ලෙස මෙම පුරුද්ද අපට හඳුන්වා දිය හැකිය.
ලෝකයේ අන් රටවල, විශේෂයෙන් බටහිර රටවල ගොවියෝ අනිවාර්ය දඩයක්කරුවෝ ද වූහ. ඔවූහු සිය කුඹුරට එන සතා සීපාවා පමණක් නොව, අහසේ නිදහසේ පියාඹා යන පක්ෂීන් ද, කැලැ වැදී එහි වන සතුන් ද දඩයම් කළෝ ය. නමුත් පාරම්පරික ශ්‍රී ලාංකික ගොවියෝ එසේ නො වූහ. ගොවියා ගොවියෙක් විය. තම දරුවන්ට මෙන්ම සතා සිපාවට ද මෛත්‍රිය කළෝ ය. අවිහිංසාවාදී සංකල්පයන් ශ්‍රී ලාංකික ජන විඥානයේ පදනම් වූයේ එලෙසය.
මෙහි අවධානයට ගැනෙන දෙවන වෙළෙඳ දැන්වීම එක්තරා කෘෂි උපකරණයක් පිළිබඳව ය. එය අස්වනු නෙලීමට යොදා ගන්නකි. එබැවින් එකී දැන්වීම නිර්මාණය වනුයේ එම ක්‍රියාකාරකම මත පදනම් කල්පිතයක් මතය. කෙසේද යත්, අයකු ගිරා පෝතකයකු සේ පෙනී සිටමින් කතා කරයි. ඔහු කියන්නේ අවනඩුවකි. යාය පුරා ඉගිලී ගිය ද, එකඳු හෝ වී ඇටයක් වත් සොයාගත නොහැකි වූ බව ද, ඇටයක් නෑර නෙළාගෙන ගොස් ඇති බව ද කණගාටුවෙන් පවසයි. අවසානයේ එසේ එක ඇටයක් වත් නොතබා අස්වනු නෙලීමට අදාළ යන්ත්‍රය ලබා ගන්න යන පණිවිඩය කියවේ.
සමස්ත දැන්වීමම නිර්මාණාත්මක ෆැන්ටසියකි. ඉන් ලබා දෙන පණිවිඩය නම් පෙර කී අවිහිංසාවාදී ආකල්පයන්හි දෙදරා යාමකි. සැබවින්ම මෙහි එන ගිරා පෝතකයාගේ වැලපීම, ශ්‍රී ලාංකික සභ්‍යත්වයේ බිඳ වැටීම අරඹයා නැගෙන්නා වූ සුසුමන් තුළින් නැග එන්නක් බව සිතිය නොහැකි ද? අප විසින් අනාගතයට දායාද කළ යුත්තේ උසස් මානුෂීය ගුණාංගයන් ද, නැතිනම් ෆැන්ටසි වාදී හර සුන් සංකල්පයන ද?
ෆැන්ටසිය එන්නේ බටහිරිනි. එලෙස බටහිර ලේබලයෙන් එන සියලු ආටෝපයන් අල්ලා ගැනීම තුළ අපට අන්‍යෝන්‍ය නොවූ සංස්කෘතීන් ඔස්සේ ශ්‍රී ලාංකික ජන හරයන් විනාශ කරන ආකාරය අපේ බහුතරයනක් දෙනා නොදකී. වෙළෙඳ පොළ ආර්ථිකයට යටව පවතින ලාංකික ජන සමාජය මූලිකව හසුරුවන්නේ කොළඹ කේන්ද්‍ර කරගත් සළුතරයක් විසිනි. අවාසනාව නම් මේ සුළුතරය ම ලාංකික සභ්‍යත්වය අමතක කළ කළු සුද්දන් වීමයි. එලෙසින් පිට රටින් එන ඕනෑම කුණු ගොඩක් රස කර පෙන්විය හැකි අයත් එසේ පෙන්වන දෑ බදා ගැනීමට හුරු කළ ජාතියකත්, පෙර අභිමානයෙන් සඳහන් කළ ආකාරයේ උසස් ගුණාංගයන් කොපමණ කාලයකට ජීවමාන වේවිද යන්න ගැටලුවකි.
මෙවැනි අදහස් කොළඹ සිටින කළු සුද්දන්ට නම් දිරවා ගත නොහැකි වනු ඇත. මේවා ඔවුන්ට නම් ගොඩේ අදහස් ය. නැතිනම් හණමිටි අදහස් ය. අපේ සභ්‍යත්වය ඔවුන් පිළිකෙව් කරන්නේ එ ලෙසිනි.
නමුත් උසස් මානුෂීය ගුණාංගයන් ගොඩේ ගති හෝ හණමිටි අදහස් හෝ වන්නේ කෙසේද ?
මෙම දෙවන දැන්වීමේ වුව ද එන තාක්ෂණය අප ප්‍රතික්ෂේප කරයි නම් එය වැරදි අදහසකි. නමුත් ගැටලුව එකී තාක්ෂණය සමාජ ගත කිරීමට මවා පානා ෆැන්ටසිය යි. අප ප්‍රතික්ෂේප කළ යුත්තේ එම ෆැන්ටසි සංස්කෘතිය යි. අදාළ යන්ත්‍රයම භාවිතා කරමින් අපගේ උසස් හුරු පුරුදු සුරැකිය හැකිය. එවැනි පණිවිඩයක් රැගත් දැන්වීමක් ප්‍රචාරය වුණි නම් කෙතරම් අගනේ ද ?
නමුත් අප සිදු කරන්නේ, අපේ සාරධර්ම අමතක කොට, බටහිර්න් එන විවිධ තාක්ෂණයන් සමඟ ම ඒ ඔස්සේ සමාජයට රිංගන විෂබීජයන් ද වැළඳ ගැනීම නොවේ ද ?
තාක්ෂණය ගමු, අපේ කම සුරකිමු ! දැන් මෙම අදහස හණමිටි අදහසක් යැයි කිව නො හැකිය.
ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස් වන ආකාරයේ උසස් මානුෂීය සාරධර්මයන් ගෙන් පොහොසත් බවත්, එම ගුණාංගයන් හඳුනාගෙන මතු අනාගතයේදී ද රැකගත යුතු බවත්, අප විසින් වර්තමාන සමාජයට දිය යුතු පණිවිඩය යි. එවා සුරැකීම සැමගේ වගකීම යි. අනාගතයට සැබෑ ගෞරවණීය ශ්‍රී ලංකාවක් දායාද වන්නේ එවිට ය.
සම්පාදනය – සචිත අමන්දු අබේසේකර
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
Convert to PDF

ලංකාවේ සිංහලයාගේ සියලු හැකියාවන් සහ හැදයාවන් සිංහල බස හා බැඳී පවතී මේ ශක්තිය තේරුම් ගත් අපට විරුද්ද බලවේ ඉතා සූක්ෂම ලෙස මේ බස විනාස කරමින් පවතී බස මිය යන්නේ නමි ජාතියද මිය යනු ඇත බස රැකෙන්නේ නම් වර්දනය වන්නෙ නම් ජාතියද හැකියාවෙන් සහ හැදයාවෙන් ඉදිරියටම යනු ඇත
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
සංඝමිත්තා තෙරණිය සමග 18 කුලයක අය පැමිණීමෙන් ලංකාවේ කුල ක්‍රමය බිහි වූ අතර ඒවා අන් අයව පහත් කිරීමක් හෝ උසස් කිරීමක් නොව රැකියාව අනුව විශේෂීකරණය වූ ජන කණ්ඩායම්ය. අදනම් වෛද්‍යවරු ගණකාධිකාරීන් ආදී රැකියා බෙදීම් වලට ඇත්තේ ඒ ක්‍රමයයි.
කුලවාදය අනුව මිනිසුන් පහත් කිරීම බිහි වුනේ මහනුවර යුගයේදී දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන් රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමත් මෙරටට වැඩි වැඩියෙන් සංක්‍රමණය වීමත් සමගය. දැන් එහි වැරදි බව ගම් වල පවා මිනිසුන් අවබෝධ කරගෙන සිටී.
මගේ තිස් වසරකට ආසන්න ජීවිත කාලය තුල බොහෝ ගම් නිගම් වලට ගොස් ඇති නමුත් මේ දක්වා මාගේ නම නොදන්නා කිසිවෙක් පවා මාගේ කුලය අසා නැත. විවාහ වලදී කුලය බලන්නේ චාරිත්‍රයක් ලෙස පමණක් වන අතර, දෙදෙනෙක් යාළු වීමේදී ඔවුනොවුන් කිසිදා තම කුලය විමසන්නේ නැත.
Well-loved.
9
රොබට් නොක්ස් ගේ ප්‍රකාශ මතම සමස්ථ ලංකා ඉතිහාසයේ සාරධර්ම පද්ධතිය මැන බැලීම වැරදී. ඔහු විස්තර කරන්නෙ 17 වන සියවසේ මහනුවර පැවති සමාජ පද්ධතිය පමණයි. මහනුවර දක්වා අප යුග ගණනාවක් තුළ පැවති සාරධර්ම පිළිබඳව එම ග්‍රන්ථය රචනා වන මොහොතේ උකහා ගත හැකිව තිබුණු කරුණු ඉතා සීමා සහිතයි. එයට පහත සදහන් හේතූන් බලපෑ බව කියන්න පුළුවන්,
1. මහනුවර ට රාජධානිය සංක්‍රමණය වන්නේ කොට්ටේ පෘතුගීසින්ට යටත් වීම සමග, එහිදී පැහැදිලිවම නිතර යුධආදී ක්‍රියාකාරකම් බහුල වූ බැවින් පොදුවේ ස්වාමින් වහන්සේලාට පවා ජනතාවගේ අධ්‍යාත්මික පොෂණය දෙවැනි තැන ලා ජාති මාමක බලවේගයන් කෙරෙහි යොමුකරවී මේ උවමනාව විය. එමනිසා පෙර අනුරාධපුර හෝ අන් යුග වල මෙන්ම ජනතාවගෙන් සාරධර්ම වර්ධනයක් දැඩිව අපේක්ෂා කළ නොහැක (මේ කියන්නේ ඒ කාලයේ සාරධර්ම නොවූ බව නොවේ)
2. අනෙක් අතට රොබට් නොක්ස් ගේ කාලයේ ශාසනය ක්‍රමයෙන් පරිහානියට යමින් ලිබිණි. 1753 දී සියමයෙන් යළි උපසම්පදාව ගෙන්වා ශාසන ප්‍රෙබා්ධය ඇතිකරලන්නට වූ කරුණු වර්ධනය වෙමින් පැවිති යුගයයි ඒ. එමනිසාද ජනතාවට ඉහලම සාරධර්ම අධ්‍යාපනයක් ලැබුනා යැයි සිතිය නොහැකිය.
3. උඩරට බලවත් වූවෝ රදළයෝ වූහ. සමාජ පද්ධතිය කේද්‍රගත වූයේ ඔවුන් හරයාය. ඔවුන්ගේ උස් මිටි කම් ඊට සමරූපීව සමාජයේ පහල පන්නි කරාද ප්‍රෙරණය විය. ලංකා ඉතිහාසයේ අන් කිසිම යුගයක එවැනි වූ ප්‍රබල රදල පරපුරක් නොවීය. සැබවින්ම ශාසනය පිරිහෙමින් ගිය එම කාලයේ භික්ෂුවට වඩා රදළයින් බලවත් විය.
මෙරට අන් යුග වල සමාජයේ භික්ෂුව ප්‍රබල චරිතයක් වූ අතර ප්‍රධානතම හර පද්ධතියේ සොඳුරු ආඥාදායකත්වයද භික්ෂුව විසින් දරනු ලැබීය. 17 වන සියවස වන විට රදළ පෙලපත අතට එම බලය සංක්‍රමණය වීම හරහා එතෙක් රැකියාව මූලිකව පැවති කුළ ක්‍රමය දැඩි බවට පත්වී යැයි සිතිය හැකිය.
Well-loved.
9
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
3
මිනිස්සු පන්සිල් රකී නම් මෙවැනි අපරාධ සිදු නොවේ. මිනිස්සු පන්සිල් රකින්නේ නැත්තේ බුදු දහමේ වරදින්ද? නැතිනම් බටහිර සංස්කෘතික ආක්‍රමණය හමුවේ සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීම නිසාද? කර්මය සහ පුනර්භවය මිත්‍යා විශ්වාස ලෙස සලකන බටහිර විද්‍යාව නිසා පවට ඇති ලැජ්ජාව සහ භය නැති වීම නිසාද?
ඇතැම් බටහිර රටවල අපරාධ අඩුය. එයට හේතුව ඒ රටවල මිනිස්සු තම සංස්කෘතිය මත පදනම්ව නිර්මාණය කරගත් හර පද්ධතියක් (value system) ඇති බැවිනි (මානව හිමිකම් වැනි). ඒවා මෙරට මිනිස්සු මත බලෙන් එබ්බවීමට බැරි මෙරට සංස්කෘතියට එය ආගන්තුක වන බැවිනි. මෙරට පැවති හර පද්ධතිය කර්මය පුනර්භවය වැනි විශ්වාස මත පදනම් විය. එය බිද වැටුනු පසු අර බටහිර හර පද්ධතියද ගෝචර නොවන නිසා බොහෝ පිරිස් කිසිදු හර පද්ධතියක් නැතිව තිරිසන් ස්වභාවයකට පත්ව ඇත.
එයට පිළිතුර තව තවත් බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියටම වරද පටවමින් පහර දෙමින් එය තවත් දුර්වල කිරීම නොවේ. ඒ වෙනුවට ඒ මත පදනම් වූ හර පද්ධතිය නැවත නගා සිටුවීමය.
Read more: http://sinhalabuddhist.com/2011/12/crimes/#ixzz1jcsmdYre
මෙම ලිපියේ විස්තර කෙරෙන පරිදි මේ අපේ කම තවමත් පිටිසර ගම් දනව් තුල එලෙසම පවතී. වී ඇති කරුමය නම් නාගරීකරණය හා ග්රාමීය සංවර්ධනය ලෙස හුදෙක් කරලියට පැමිනෙන්නේ බටහිර පුහු ෆැන්ටසිකරණයයි. රජයේ වගකීම වියයුත්තෙ සංවර්ධනයට සමගාමීව මේ අපේකම තවදුරටත් සමාජගතකිරීමය. ඇතැම් කලු සුද්දන්ට සිතෙන පරිදි තාක්ශනය සමග මේ අපේ කම ගොඩේ කමක් බවට පත්වෙන බවය. පර සුද්දන් ඔවුන්ගේ මොලගෙඩි තුලට කාවද්දා ඇත්තේ එලෙසය.. එය අප සැමගේම සිත් තුලට කා වැදීමට පෙර අපි සැමගේම වගකීම විය යුත්තේ මේ අපේ වෙනස්කම ඉදිරියට ගෙනයාමයි..
Well-loved.
8