පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත

සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ හෝ අනන්‍යතාව අවශේෂ ජාතින් හමුවේ දැක්වීමේදී තම ඉතිහාසය, භාෂාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රම, ආහාරපාන විධි, සංගීතය මෙන්ම කළා නිර්මාණද හුවා දක්වති…

අද බහුජාතික බහු ආගමික රටවල්ව පවතින රටවල් එදා බොහෝවිට එක් ජාතියක් හෝ ගෝත්‍රයක් ඇසුරෙන් කාලානුරුපිව පෙර සදහන් තම අනන්‍යතාව පිළිබිබුවන ලක්ෂණ ඇති කර ගත්හ… නුතනත්වය හමුවේ ලෝකය කොතරම් කුඩා වුවත් ඔවුහූ එම අනන්‍යතාව රැක ගන්නට සමත් වුහ… අද ශ්‍රී ලංකාවද බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඉදිරියට යත්දී ඒ ජාතින් අතර ඇතිවියයුතු සාමුහික බැඳීම, ඔවුනොවුන් අතර සිදුවිය යුතු අන්තර් සන්නිවේදනය, සාමය, සුහදශිලිත්වය රටක් වශයෙන් ලෝකය හමුවේ නැගී සිටීමට වඩාත් වැදගත් වනු ඇත… එහිදී මුලිකව සදහන්කල රටක අනන්‍යතාව හෙවත් එරට සංකේතාත්මකව හුවා දැක්විමේදී ඉවහල්වන කරුණු කාරණාවල පැවැත්ම සහ ඒවාට ඇති අභියෝග කෙරෙහි එරටේ සියලු ජාතින් සහ ආගම්වලට වගකීමක් සහ බැඳීමක් ඇත…

නුතනත්වය නම් ගෝලීය අවශ්‍යතාවය වෙනුවෙන්ම දෑත් දිගුකරමින් ඒ වෙත ඇදීයන සිංහල බෞද්ධයන් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් තම රට වෙත ඇති අනන්‍යතාව පසෙකලා හෝ හඳුනා නොගනිමින් නව මං සොයන්නේ තම ඉතිහාසය, සංස්කෘතිය වැනි වැනි දේ මෙන්ම පාරම්පරික කළා නිර්මාණ, සංගීතය, ශිල්පිය ක්‍රම, පුරා විද්‍යාත්මක උරුමයන්, අබ මල් රේණුවක් තරම්වත් නොවටින ගානටය…මෙහිදී සිංහල බෞද්ධයාට ඇති වගකීම ඉමහත්ය… මන්ද අනෙකුත් ජාතින් ලංකික අනන්‍යතාව තවමත් තමන්ගේ කරගන්නට පුරුදු වී නැති බව සියුම්ව අධ්‍යනය කිරීමේදී වැටහී යන නිසාය… ඔවුන් ඔවුන්ගේ ජාතීයේ අක්මුල් රැඳී ඇති රටවල සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය, වැනි ලක්ෂණවල පහස ලබන්නට තවමත් ඇලුම් කරන බව වටහා ගන්නට ඉන්දියාව හෝ පකිස්ථානය සමග කරන ක්‍රීඩා තරගයක් නැරබිමම ප්‍රමාණවත්ය… වාසනාවට මෙන් ඔවුන්ගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තමාගේ රට යි සිතන්නට පතන්නට ඒ වෙනුවෙන් කැප වන්නට සිටිනවා යැයි නොකීම ඔවුන්ට කරන මදි කමකි…

සිතන්න ශත වර්ෂ තුන හතරක් වැනි කෙටි ඉතිහාසයක් ඇති බහු ජාතික රටක් වන ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව ඔවුන්ට ඔවුන්ගේ අභිමානවත් අනන්‍යතාව වී ඇත.. එවැනිම රටක් වූ ඕස්ට්‍රේලියානු ඔපෙරා රංග ශාලාව ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. ප්‍රංශයේ අයිෆල්, ඉතාලියේ පිසා කුළුණු ඔවුන්ගේ ලකුණ වී ඇත.. ඉන්දියාවේ ටජ්මහල චීනයේ මහා පවුර ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. එවැනි රටවල කුමන ජාතිකත්වයක් දරන්නෙකු වුවත් කුමන ආගමක් දරන්නෙකු වුවත් ඒවා තමාගේ අනන්‍යතාව ලෙස සුරකිනු ඇත…

අභාග්‍යක මහත.. වත්මන් ශ්‍රී ලංකාව දෙස බලන්න… වසර දහස් ගණන පැරණි පුරා වස්තු තම ජාතික ආගමික අවශ්‍යතාවය මත ඉතා පිළිකුල් සහගත ලෙස විනාශ කරමින් ඒවා විකෘති කරමින් තමන්ගේ කියන්නට වෙර දරන අයුරු ඉතාම කනගාටුදායකය. වසර දහස් ගණනක් පැරණි සෙල් ලිපියක් රෙදි අපුල්ලන්න්ට ගෙන, කටාරම් කෙටු පැරණි ගල් ලෙන් විකෘති කර ඒ මත සිමෙන්ති ගලෙන් පල්ලි ඉදි කරන්නට තරම් මේ ශ්‍රී ලාංකිකයන් නරුම වී ඇත.. ඒ ඔවුන්ට එවැනි ස්ථාන ඉදි කර ගැනීමට වෙන තැන් නොමැති නිසාද? මේ ඔබට සිතන්නට ඉතුරු වන ගැටලුවයි… කුරගල සහ පොතුවිල් මුහුදු මහා විහාරය මිට කාලින සහ සමීප නිදසුන්ය..

මේ ආරම්භය පමණි මේවා සිදුවන්නට ඉඩදීම නරක පුර්වාදර්ශයක් වනු ඇත.. මන්ද ලබ්බට තැබූ අත පුහුලට නොතබනු ඇති බව කාට කියන්නට පුළුවන්ද ? මේ ක්‍රියාවන් සාධාරණිකරණය කරන්නට තුලනය කරන්නට ඉදිරිපත්වන සමාජ ප්‍රතිසංස්කරණවාදීන් කවුරුන්ද යන්න හරිහැටි වටහා ගත යුතුය .. මෙහිදී සිංහල බෞද්ධයාගේ භූමිකාව වැදගත්ය… “sms”, “facebook”, “hiphop music”, නවීන රථවාහන, “software” වැනි නුතනත්වයේ අංගෝපාංග තුළ ඔබා ගෙන සිටින හිස මදක් ඔසවා වටපිට බලන්නට කාලය පැමිණ ඇත.. ජාතික අනන්‍යතාව විනාශයේ ආරම්භය මෙයයි.. එය දැන්මම නවතා ගත යුතුය..මේවා ..නැතිනම් විනාශය හමාර වූ පසු නින්දෙන් මෙන් අහැරී භයානක ලේ වැගිරීම් සිදුවනවට වඩා සාමය සහයෝගිතාවය රැකෙන ලෙස සිංහල බෞද්ධ උරුමයන් මෙන්ම අන්‍ය ජාතික අන්‍ය ආගමික උරුමයන් රක ගත යුතුය.. නැතිනම් නුතනත්වය කරා යන ගමනේ කෙළවර අපට ලොව අනෙකුත් ජාතින් තම අනන්‍යතාව නම් සළුවෙන් සැරසි ඒ ගමන කෙළවර කරත්දී අපට නිරුවතින් සිටින්නට වනවා නොඅනුමානය… මේවා කතා කිරීම ඒ වෙනුවෙන් හඬ නැගීම ජාතිවාදය හෝ ආගම්වාදය ලෙස අර්ථකථනය කොට සමාජ ප්‍රතිසංස්කරණවාදී වේවැලෙන් තැලීම, ජාතික උරුමයන්ද ඒවා හා එක්ව බැඳුණු සංස්කෘතීයද ඒ සංස්කෘතීය තුල වූ ජන ජිවිතද ඒ ජන ජිවිත දරන්නාවූ සමස්ත රටද වල පල්ලට යැවීමට බර තබනවා සහතිකය…

මාලින්ද ඩයස් / ඉතාලියේ සිට
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3626
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

3 comments to සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත

  • Edward Theophilus

    Social reforms are desires of the age. You are a man in stone age, who has know knowledge about social reforms or modernization. A man of stone age knows only how to kill an animal or human and how to eat is. Yhat is your status

    Thumb up 0

  • shantha

    me de karanda edadeela tiyenneth me ape kalakanni bauddayin bawa oba dannawada? ape sinhalayinta pagawath dunnama thamnge geniwath deela peththakata wela balang inna jathihiyak kiyala ungta dannawa.

    Thumb up 1

  • AJITH ABEYWICKRAMA

    ai me de wenna eda deela balagena enne wagakiwauthu niladarinta berinam hela urumayata berida me deta sambanda wela naduwak file karanna baudda puravidya bim vinasha karanawa kiyala ai meyata me bauddayan eda deela enne apa sema ekamuthu wemu ratak lesa mewa bera ganna

    Thumb up 3

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.