වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන)

විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි ඒ මිනිස්සුන්ගේ ළමයින්ට හරි ඔය කියන “විශ්වසාධාරණ” හෝ ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක් ගැන අදහසක් තිබිලා නෑ. ඒකෙන් කියන්නේ මේ රටවල විද්‍යාවන් නොතිබුණ බව නොවෙයි. ඒ කියන්නේ ඔවුන්ට එවැනි ‘සාර්වත්‍ර’ එකම විද්‍යාවක අවශ්‍යතාවයක් නොතිබීමයි. සාර්වත්‍ර එකම විද්‍යාවක අවශ්‍යතාවය දැනෙන්නේ විශ්වය මවා පාලනය කරන එකමවූ දෙවිකෙනෙකු මත පදනම් වූ චින්තනයක් දරන පිරිසකට පමණයි. ඒ මතම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍ය සැකසෙන්නේ. යළි යළිත් කියන්නේ නම්, “මුළු විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවක්” බවම තමයි බටහිර විද්‍යාවේ ආධිපත්‍යය.

අනික විද්‍යාව කියන්නේ ‘ඔය කියන මතුපිටින් දකින තාක්ෂණික මෙවලම් ‘ නොවෙයි. ඒ කියන්නේ අභ්‍යවකාශ යානා, ගුවන් යානා, මොටර් රථ, පරිගණක, දුරකථන ආදී තාක්ෂණික භාවිත නොවෙයි. තාක්ෂණය විද්‍යාව මත පදනම් වෙන බව ඇත්ත. නමුත් විද්‍යාව කියන්නේ යම් යම් සිද්ධාන්ත, සංකල්ප, ප්‍රවාද හැකි පමණ සංගතව සකස්කළ නිර්මාණ රාශියක්. ඒවගේම ඒ ඒ රටවල මිනිසුන්ගේ විවිධ චින්තන මත විවිධ විද්‍යාවන් නිර්මාණය වෙනවා. බටහිර විද්‍යාව පදනම්වන්නේ යුදෙව්-ග්‍රීක-ක්‍රිස්තියානි චින්තනය මත, එම චින්තනයේ ලක්ෂණ එම විද්‍යාවේ ගාමකබලය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවය පිණිස ලෝකයේ පණ ඇති-නැති සියලුම දේ මවා ඇතැයි යන්න මුල්වූ බටහිර චින්තන්ය තුළ නිර්මාණය වෙන විද්‍යාත්මක සංකල්ප හා එහි භාවිතය සැමවිටම සැකසෙන්නේ පරිසරය විනාශකරමින් සිදුකරන පාරිසරික, සමාජීය හා සංස්කෘතික ආක්‍රමනයන්ටයි. නමුත් අනිත්‍ය-දුක්ඛ-අනාත්මය මුල්වූ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ විද්‍යාව හා භාවිතය පාරිසරික, සමාජීය සහජීවනය අගයකළ දෙයක් බවයි පැහැදිලි වන්නේ. අපේ වැව-දාගැබ කියන්නේ ඔය කතාව තමයි. වාපී තාක්ෂණය හා ඊටමුල් වූ විද්‍යාව සකල පරිසර පද්ධතියේම සහජීවනය පතා කළ නිර්මාණ. ඒවාගේම අපේ දාගැබ් හා විහාරාරාම ගොඩනැගිලි ආදිය සකස්වුණේ “වෙනස්වීම් වළින් වෙනස්වෙලා” ස්ථායී වීමේ ප්‍රවාද භාවිත කරමින්.

a2=b2+c2 පයිතගරස් ප්‍රමේයය ගත්තොත් එහි භාවිතය භාරතයේ, චීනයේ, ලංකාවේ, මිසරයේ මිනිස්සු දැනගෙන ඉඳලා තියනවා. නමුත් ඒ අපි ජ්‍යාමිතියේදී ඉගෙනගන්න පයිතගරස් ප්‍රමේයය නෙවෙයි. ජ්‍යාමිතියේදී උගන්වන පයිතගරස් ප්‍රමේයය වලංගුවන්නේ යුක්ලීඩීය අවකාශයකයි. එනම් ඔය කියන සෘජුකෝනී ත්‍රිකොණයේ කෝණ තුනේ එකතුව සෘජුකෝන 2 යි කියන අවකාශයක. තවත් සිතන්නේ නම් සමාන්තර ස්වසිද්ධිය වලංගුවන අවකාශයක, ස.රේ.ම.පි.බා.කො 180 කියන අවකාශයක, දිගක් පමණක් ඇති පළලක් නොමැති සරල රේඛාවක් ගැන කථා කරන අවකාශයක පමණයි. නමුත් භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසර්යේ මිනිසුන් ඉහත සම්බන්ධය යොදා ගත්තේ මහපොළව මත කරන නිර්මාණ සඳහායි. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන බැවින් ජ්‍යාමිතියේ උගන්වන පයිතගරස්ගේ ප්‍රමේයය භාරතයේ, ලංකාවේ, චීනයේ, මිසරයේ මිනිසුන්ට පොදු නැත. මහපොළව යුක්ලීඩීය අවකාශයක් නොවන්නේ මන්ද යත් මහපොළව මත “සරල රේඛා” ඇඳිය නොහැකි බැවින්ය.

විද්‍යාව, ගණිතය නිර්මාණ නොව සොයාගැනීම බවත් සමහරුන් කියනවා නේද? ඒකටත් ජ්‍යාමිතියේම තියන දෙයක්, සමාන්තර ස්වසිද්ධිය වෙන්ස්කරලා ඒ ඇසුරින් යුක්ලීඩීය නොවන් ජ්‍යාමිතියක් නිර්මාණය කරලා තියනවා. එම ජ්‍යාමිතිය රිමානීය ජ්‍යාමිතිය කියලා කියනවා. මේක නිර්මාණ සඳහා සරල පිළිතුරක් විතරයි. ලෝකයේ එකම ගණිතයක්, විද්‍යාවක් නෑ. මම ඒක නැවත මතක් කරන්නේ…..මට මෙහෙම දෙයක් මතක් වුණා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නා බටහිර ගණිතයේ “කලනය” “සීමාවන්” පැනවුමෙන් පසුයි සෛද්ධාන්තිකව ඉදිරියට යන්නේ. නමුත් භාරතීය ගණිතයේදී සීමාවන් නිර්ණයෙන් තොරව කලනය අර්ථදක්වා ඉදිරිපත් කරනවා

උදාහරණ ලෙස සමහරුන් කියනවා විදුලිය කියන්නේ සොයා ගැනීමක් කියලා. නමුත් විදුලිය කියන්නේත් මිනිසාගේ නිර්මාණයක්. ඔම් නියමය, කර්චොෆ් නියම, ෆ්ලේමින්ග් නියම ඔක්කොම නිර්මාණ. විදුලියේ මුල් ව්‍යුත්පන්න විද්‍යුත් ක්ෂේත්‍ර හා චුම්බක ක්ෂේත්‍ර හා බැඳී ඇත. මේවා නොවන්නට විදුලියක් ද නැත. නමුත් මේවාද නිර්මාණ බැවින් විදුලිය සොයාගැනීමක් වන්නේ කෙසේද?

දෑලත් ළහිරු රුවංක

3527
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

10 comments to මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන)

  • Dulantha

    West is not the entire world, science is not everything as well. We must think in our way.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 0

  • Hasitha

    මට මෙතනදී පුංචි ගැටලුවක් මතුවෙනවා, මේ භෞතික ලෝකය තුල ඇති සියල්ල මනස විසින් මවාගත් දෙයක් ලෙස සැලකුවහොත් දෙව් ලොව, සතර අපාය වැනි දේවල්ද මනසින් මවාගත් දේවල් විය හැකි නේද.. නිර්වානාවභෝදය යනු මේ සියලු දේ මනසින් ඇතිවන දේවල් ලෙස දැකීම නොවන්නේද..? එය එසේ වන්නේ නම් ඇත්ත වශයෙන්ම දෙව් ලොව සතර අපායද තිබිය හැක්කේ මේ අප ජීවත්වන භෞතික ලෝකය තුලම නොවන්නේද?

    Thumb up 4

    • මිතුර ඔබ බොහෝ දුරට නිවැරදියි, සියල්ලම මනසෙන් මවාගැනීමක් ලෙස කීමෙන් , මහායාන ආගමේ ශූන්‍යතාවාදය මතු කරන්නේ නෑ. ශූන්‍යතාවාදයට අනුව විශ්වයේ කිසිවක් නෑ. ඒඅදහස ථේරවාදී බුදු දහමට විරුද්ධයි.

      අප පිළිපදින ථේරවාදී බුදු දහමට (එනම් තෙරුන් වහන්සේලා විසින් අනුමත කළ පිරිසිදු බුදු දහම) අනුව විශ්වාය් නිර්මාණය වී ඇත්තේ පථවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත රූප වලින්. ඒ සතර මහා භූත රූප වල වෙනස් වීම අපගේ මනසේ චිත්‍රණය වීමක් සිදු වෙනවා. ඒ අනුවයි අපි ලෝකය හඳුනා ගන්නේ.

      ඔබ පැවසූ ආකාරයටම අපායවල් දෙව් ලොවවල් ආදියත් බිහි වී තිබෙන්නේ සතර මහා භූත රූප වලින් වන අතර ඒවා එක් එක් ජීවීන්ගේ මනසේ චිත්‍රණය වීම අනුවයි එය දිස් වන්නේ.

      භෞතික ලෝකය ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බටහිර විද්‍යාවේ පැහැදිළි කරන සහ අපිටත් ගෝචර වන දිග පළල උස සහ කාලය සහිත චතුර්මාන ලෝකයනේ. එහෙමත් නැත්නම් අවකාශකාලය තුළනේ. ඒත් අප දකින මේ විශ්වය තුළ අපායවල් දිව්‍යලෝකවල් තිබේය කියා විශ්වාස කළ නොහැකියි. මොකද කියනවනම් අපගේ මනසට ඉහත දැක්වූ චතුර්මානයන් විතරක් ගෝචර වුනත්, අපගේ මනසට නොදැනෙන තවත් මානයන් තිබිය හැකියි. ඒවා දැකීමටනම් අපගේ ඉන්ද්‍රියන් ඉක්මවා යන තරමට භාවනාවෙන් මනස දියුණු කර ගත යුතු බවයි බණ පොත් වල දැක්වෙන්නේ.

      ඔව්, මම සිතන හැටියටත් නිර්වානාවබෝධය යනු නාමරූප “අවබෝධ කර ගැනීම”. එනම් ඒක එහෙම බව තෙරුම් ගත්තට මදි, ඒ අනුව අපගේ සියලුම සිතිවිලි හැඩගැසී රාග ද්වේශ මෝහ සම්පූර්ණයෙන්ම ප්‍රහරණය විය යුතුයි. ඔය ගැන මේ ලිපියේ විස්තර දැක්වෙනවා. http://sinhalabuddhist.com/2011/12/deepest-truth/

      Well-loved. Thumb up 7

  • Common sense thiyena sinhala bauddhayek

    Ehenan Nalin de Silvayi eyage followers ta anuwa Viduliya kiyanne nirmanaya karapu deyak. Meka ahanakota mata pudumayi. Athi yanthan me rate athi mahath bahuthara Sinhala Bauddhayo Nalin de Silvawa ganan ganne nathi eka. mokada ehema wunanan (e kiyanne viduliya kiyanne suddho hadapu deyak, niyashtika balaya kiyanne suddho hadapu ekak, ewa wiswaye soba darmaye thiyena dewal neme) api nikan loke withrak nemeyi, me rate anith jaathin isseraha nikan jokerla bawata pathwenawa. Athi mahath bahuthara sinhala bauddhayo me nalin de silvage kattiya wage pahath, lin gembo thathweta watila naha. Athi yanthan.

    Hot debate. What do you think? Thumb up 6

    • සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පළමුවෙනි පණ්නාසකයේ, පළමුවෙනි රෝහිතස්ස සූත්‍රයේ මෙහෙම දැක්වෙනවා.
      “ඇවැත්නි, මම සඥාවෙන් යුත්, සිතින් යුත් මේ බඹයක් පමණ ශරීරයෙහි ලෝකයද පනවමි, ලෝක සමුදයද පනවමි, ලෝක නිරෝධයද පනවමි, ලෝක නිරෝධයට පැමිණෙන මාර්ගයද පනවමි”
      ඉන් පෙනෙන්නේ ලෝකය වශයෙන් අපි සිතාගෙන සිටින දේ අප තුලම තිබෙන දෙයක් කියා නොවේද? ඔය කියන ලෝකයට විදුලියත් අයත් වේ.

      තවද මජ්ජිම පණ්නාසකයේ, උපාය වර්ගයේ, උපාදාන සූත්‍රයේ මෙලෙස දැක්වෙනවා…
      “මහණෙනි, රූපය කවරේද, මහණෙනි පඨවි ආදී සතර මහා භූත රූපයද සතර මහා භූතයන් නිසා පවත්නා (චක්ෂුරාදී සූවිසි) උපාදාන රූපයද යන මෙය රූපයයි කියනු ලැබේ”

      අභිධර්ම පිඨකයේ “විභංග ප්‍රකරණයේ” මෙලෙස දැක්වේ
      ” තත්ථ කතමං නාමරූප පච්චයා සලායතනං ? චක්ඛායතනං, සෝතායතනං, ඝාණායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං, ඉදං වුච්චති නාම රූප පච්චයා සලායතනං..”
      ඒ අනුව රූපය යනු සතර මහා භූතයන් ( ආපෝ, තේජෝ, වායෝ , පඨවි ) සංයුක්තව සෑදෙන “ඉස්මතුවීම් / ඉලිප්පීම්” ලෙසයි දැක්වෙන්නේ.
      ඉතින් ඉහත දැක්වූ උපාදාන සූත්‍රය අනුවත් බලන කල, ලෝකයේ ඇත්තේ සතර මහා භූත රූපයන්ය. එමගින් ලොව ඇති සියලුම දේවල් නිර්මාණය කරගන්නේ අපගේ මනසෙනි. විදුලියද මනසේම නිර්මාණයක් වන්නේ එලෙසයි.

      ඔබ බෞද්ධයෙක්නම්, එම සූත්‍ර වල මගපෙන්වීම අනුව ඔබටම ලෝකය ගවේශණය කිරීමට පුළුවන. (ලෝකය දෙවියාගේ මැවීමක් යැයි කියන අබෞද්ධයන් සමගනම් මෙවැනි මාතෘකා ගැන කුමන කතාද)

      වැදගත්ම දේ වන්නේ නලින් සිල්වා මහතා පවසන්නේ ඔහුගේ පුද්ගලික මතිමතාන්තර නොව බුදු දහමෙන් උකහා ගත් දැණුමයි.

      Hot debate. What do you think? Thumb up 7

  • hela bodhu vijaya

    බටහිර නොවන මිනිසුන්ට ඔවුන්ගේම විධි ක්‍රමයන් නොතිබුනා නම් අහස උසට නිර්මාන කරන්නේ කොහොමද?මේකට මම ඉතා සරල උදාහරනයක් දෙන්නම්.අපේ ගෙවල් හදන මේසන් බාස්ල ඉන්නව නේද? ඒ අය කරන දේම නේද ප්‍රමාන සමීක්ෂකයො ,ඉන්ජිනේරුවො කරන්නෙ.හැබැයි ඉන්ජිනේරුවො කරද්දි එතන වැදගත්කමක් තියනවා.මනිනවා පොතේ ලියනවා ඉන්ගීසියෙන් කතා කරනවා ශර්ට් එක පිලිවලට තියා ගන්නව.ඊට අමතරව මේසන්ල සූත්‍ර භාවිතා නොකර කරන වැඩ වලට සූත්‍ර භාවිතා කරනව.එච්චරයි.
    කරන දේට වඩා ලොකු මවාපෑමක් බටහිර හැමදෙයකම තියනවා .මට කතා කරන්න අයිතියක් හා හැකියාවක් තියෙන්නෙ බටහිර සමාජ විද්‍යාවන් හා බටහිර නීතිය ගැනයි.ඒ ගැන වෙනම ලිපියක් ලිවිය යුතුයි.
    කොම්පියුටර් කෝස් ගැන බලන්න .සීයට එකක් උගන්නන්න සීයට අනූනමයක් සෝබනේ නේද? මැශින් එකක් තියනවනම් තනියම ඉගන ගන්න පුලුවන් සරල සොෆ්ට්වෙයා උගන්වන්න දහ අට පාලියම නටල අඩව් කීයක් අල්ලනවද? හොද ගනකුත් කපා ගන්නව නේද ලස්සන සැටිපිකට්, ධනාත්මක චින්තන හීන,
    මුලු බටහිර ලෝකයම දුවන්නෙ ප්‍රෝඩාව මත.බටහිර වාහනය දුවන ඉන්ධනය තමා ප්‍රෝඩාව.

    Well-loved. Thumb up 10

  • සචිත අමන්දු

    මීට වසර කීපයකට පෙර මා කියවූ පුවත් පත් ලිපියක තිබුණා ලංකාවෙ භාවිතා වුණු ගණිතමය ක්‍රමයක්,, නම මට මතක විදිහට ‘අඩදාව‘.

    එය භාවිතා වන්නෙ චෛත්‍ය කර්මාන්තයෙදි. ඒ තුළ දැන් අපි භාවිතා කරන sin, cos, tan ඇතුළු සියලු ත්‍රි‍කෝණමිතික නියමයන් ගැබ්වෙලා තිබෙනවා.

    නමුත් දැන් ඒ ලිපිය මට හොයාගන්න බැහැ. මේ පිළිබඳව කවුරුන් හෝ යමක් දන්නව නම් කරුණාකර සදහන් කරන්න. අන්තර්ජාලයේ පිරික්සුවත් ඒ ගැන තොරතුරක් ලැබුණෙ නැහැ….

    Thumb up 4

  • Shashika

    මේ ලිපියේ පිලිගන්න පුලුවන් පිලිගන්න බැරි දෙවල් දෙකම තියනව.විදුලිය කියන්නෙ මිනිසාගෙ නිර්මාණයක්ද?

    Thumb up 4

    • බුදු දහමට අනුව අප දකින ලෝකය හැදී තිබෙන්නේ පථවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත රූප වලින්නේ. ඉතින් අපි දකින දැනෙන සියලුම දේවල් වල මූල පදාර්ථය වන්නේ ඒ හතරයි. ඒ අනුව විදුලිය විතරක් නොවෙයි, ලොව ඇති සියලුම දේවල් මිනිසාගේ මනසේ නිර්මාණ බවයි මගේ අදහස.

      අප එක් එක් අය ලෝකය භෞතිකව දකින්නේ අපගේ ඇස් වලිනි. කාචයක් භාවිතා කරමින් ලෝකය දෙස බැලුවොත් අපට ලෝකය පෙනෙන්නේ අන් අයට වඩා වෙනස්වයි. අමතක නොකළ යුත්තනම් අපගේ ඇස් වලත් ඇත්තේ කාචයක් බවයි. නමුත් මනුෂ්‍යයින් වන අප සැමට එක හා සමාන ව ක්‍රියා කරන ඇස් තිබෙන නිසා අපිට බොහෝ දේවල් පෙනෙන්නේ එක සමානවයි. එහෙත් මනුශ්‍යයින්ට වඩා වෙනස්ව පිහිටි ඇස් ඇති බුද්ධිමත් පිටසක්වල ජීවීන්ට ලෝකය මීට වඩා වෙනස් ලෙස පෙනෙනවා ඇති.

      මනුෂ්‍ය අපගේ මනස් වල යම් සමානාත්මතාවයක් තිබුනත් ඒවා එකිනෙකට ‘බොහෝ සෙයින්’ වෙනස්. බටහිර විද්‍යාවෙන් මනස තවමත් අවබෝධ කරගෙන නැති නිසා ඔවුන්ට එය නොතේරී , ලෝකයේ ඇත්තේ එකම යතාර්ථයක් බව ඔවුන් පවසයි. එපමණක් නොවෙයි, බටහිර විද්‍යාව ගොඩ නැගී ඇත්තේ මේ මනසට සාපේක්ෂවයි.

      දැන් කවුරුන් හෝ අහාවි බටහිර විද්‍යාවේ නිර්මාණ වලින් අපි වැඩ ගන්නවා නේද කියල. එහෙත් ඒ වැඩ ගැනීම් සිදුකරන්නේ අපගේ මනසට සාපේක්ෂවයි. මනුශ්‍යයින්ගේ මනස් වල එකසමාන බවක් තිබෙන නිසයි අපිට ඒවායේ ක්‍රියාකාරීත්වය සියල්ලන්ටම සමානව දැනෙන්නේ. මනසින් තොර වූ කල එම බටහිර විද්‍යාත්මක නිපැයුම් වලින් යමක් සිදු වේදැයි කිව හැකිද? බුදු දහමේ ඉගැන්වෙන සතර මහා භූත රූප නොවන දේවල් හීනාර්ථයේදී පවතීද? උදාහරණ ලෙස උෂ්ණත්වය මනින්නේ අපගේ ඉන්ද්‍රියන්ට සංවේදී දේවල් අනුවම නේද? උෂ්ණත්වය සංවේදී නොවන ශරීර ඇති ජීවීන්ට අනුව උෂ්නත්වයක් කියා දෙයක් නොමැති අතර අපගේ ඉන්ද්‍රියන්ට සංවේදී නොවන මානයන් තව කොපමණ ඇත්ද?

      Well-loved. Thumb up 11

    • සචිත අමන්දු

      බුදු හිමියන් දේශනා කරනව “ මහණෙනි , මේ බඹයක් පදණ වූ ශරීරයේ මුළු ලෝකය ම පවතිනවා“ කියල.

      ඒ කියන්නෙ ලෝකය කියන්නෙ සත්ත්වයා විසින් ඒ ඒ ඉන්ද්‍රයන්ට ගෝචර කරගන්නා ප්‍රමාණයට. අරමුණු සොයන්න සොයන්න තව තව ගෝචර කර ගන්නවා. හැබැයි මිනිස් ඉඳුරන්ට ගෝචර නොවන දේත් තියෙනව. මනස සංවරනම් විතරය් ඒ දේවල් ගෝචර වන්නේ.

      රංග පවසන දෙය හරි. සත්ත්වයා ඉඳුරන්ගෙන් ගෝචර කර ගත් දෙයට අනුව තමා ලෝකය නිර්මාණය වන්නේ. මෙතෙනදි මනස සංවර නැති බැවින් එය අරමුණු වල වහලෙක් බවට පත්ව තමා ක්‍රියා කරන්නෙ. ඒ අනුව පහුදුන් ලොකයේ සියල්ල මනසේ, අරමුණු උපාදානය කරන දිට්ඨි මායාව විසින් නිර්මාණය කරන දේ බව වටහා ගත යුතුයි.

      මන්ද මනස ස්වායක්තව නිර්මාණයක් නොකරයි. මනසේ අරමුණු උපාදානය නොවූ විට පවතින ස්වභාවය භවාංග චිත්තය ඔස්සේ වටහා ගත යුතුයි. බුදු හිමියන් දෙසන්නෙ අරමුණු නොගැටුණු පිරිසිඳු භවාංග චිත්තය ඉතා පැහැපත් දෙයක් ලෙස. එයට තමා ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්නෙ. උපාදානය කරන අරමුණු තමා මායාව ඇති කරන්නෙ.

      Well-loved. Thumb up 8

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.