වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි)


පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්‍රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල බෞද්ධයෙක්ම මෙය අසා බලත්වා. මූලධර්මවාදීන් විසින් බුදු සසුන වනසන හැටි පැහැදිළි කරමින් අශෝක මැණික්ගොඩ මහතා මීට පෙර පැවැත්වූ දේශනයක් මෙතනින් අසන්න.

මෙම වීඩියෝ පටය අප වෙත ලබා දුන් ප්‍රියන්ත ලියනගේ මහතාට විශේෂ ස්තුතිය පළ කරමු.

3522
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

41 comments to අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි)

  • suranga

    ethamath watina darma deshanayak ashoka mathiduni obata thawa thawath dahirya shakthiya labewa obata teruwan saranai

    Thumb up 1

  • Nawindya

    ඉතාමත්ම කාලොචිත වටිනා දේශනයක්. මෙතුමන්ගේ මෙවෙනි දේශන තවත් තිබේ නම් කරුනාකර ඒ සදහා යොමුවක් ලබදෙන්න.

    Thumb up 2

  • sena

    Amasing speaker!! You have any more videos of Mr. Asoka??? Please put links here.

    Thumb up 1

  • Dulantha

    මේ කතාව ඉතා වෑදගත් එකක් අප කවුරුත් අවදි කරපු. මෙතුමා මතුකරපු එක වෑදගත් තර්කයක් වෙත මගේ අවදානය යොමු කලා. ඒ තමයි රටට අවශ්ය ශ්‍රම බලකාය ගොඩනගන්න සින්හල කොල්ලො නෑ කියන එක. මේක බරපතල තත්වයක්, මෙයට එක් හේතුවක් වෙන්නෙ මුලු අධ්යපනය පුරවටම බටහිර මතවාද අරක්ගෙන තිබීමයි. ඉස්සර අපේ සමජයේ අම්ම්ලා තාත්තලා තමන්ගෙ ප්‍රදන වගකීමක් හෑටියට සෑලකුව ළමයින්ගෙ ස්ත්‍රි/පුරුශ භාවය අනුව ඔවුන් හෑඩගස්වන එක. තාත්තල පිරිමි ලමයින්ව පෞරුශත්වය පදනම් කරගෙන හෑඩගස්වීමක් කළා.
    හෑම අම්මලම ගෑනු ළමයි තමන්ට ඕන විදිහට හදාගත්තේ ස්ත්‍රිත්වය පදනම් කරගෙන. නමුත් මෑතක ඉන්දල බටහිර කාන්තාවදයේ හා බොරු නුතනත්වයේ බලපෑමෙන් ලි0ග භේදයක් එපා කියල නපුන්සක වෑඩ සමාජයට කවද්දනවා. පාසල හා අධ්යපනය අතුලෙ තියෙන්නෙත් මේටිකමයි. පිර්මි ළමයින්ට තම පෞරුශය කේන්ද්‍රගත කරගෙන හිතන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ ළමයින්ට එහෙහම කරන එක වෑරදි බව අන්ගවන්නෙ එයින් කාන්තවන්ට පුරුශ අනුකරන කිරීමට බාදා වන නිසා එය අසාධාරන බව කියමින්.
    අනෙක් අතට ගෑනු ළමයින්ට ස්ත්‍රිත්වය මත තමන්ගෙ ජීවිත හෑඩගස්වාගනීමට ඉඩ නොදී ඔවුන්ට පුරුශ අනුකරන කිරීමට අනුබල දෙනවා. මේ අමන අධ්යපන බලදාරීන් එහෙමකරනේ බටහිර කාන්තාවදයේ බලපෑම මතයි. මේ පල් වෑඩ සි0හල සමජයේ ලින්ගිකත්වය විකුර්ති වීමට එක හේතුවක්. අපේ ජනගහනය සීඝ්‍රයෙන් අඩු වෙන්නත් මේක අනියම් විදිහකට බලපනව.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 5

  • Mudiansay

    I think Bhuddism is very much out dated, n being sinhalese we are isolated in one island speaking one language with no relationship with overseas world (like toads inside he well). After 1948 independence we have been ruled by our sinhala rulers, but i wonder till to date we could not see our self any disciplinary economic progress n become a Develop Country. Becuz our own sinhala politician deceived us for las so many years n we are fedup of them…. now we believe it is high time if we change Sinhala ruing power to Muslim or Tamil leadership for a change (like americans did from white to black american ruler like obama). This way our sinhala leaders become shamful of their past polical performances, being giving the chance to a muslim or tamil leader as a president in the country we can have lot of economic benefits from Middle east & India…. rather than suffering under this cost of livings burdens. Bening a democratic country, it does not mean Sri Lanka only need to be ruled by a bhuddhist, but it can be ruled by any race (Sinhala, tamil, mustlim, or christian)….

    Hot debate. What do you think? Thumb up 4

  • Channa Asela

    අශෝක මැනික්ගොඩ මහතා කියනවා “සිංහලයෙක් නන් බවුද්ධයෙක් විය යුතුමයි කියලා”. මටත් හිතෙනවා අශෝක මහතා කියන දේ සතයක් තියෙන බව. එත් මට තවම ඒ ගැන 100% අදහසක් නැත.

    මේ ගැන මෙම වෙබ් අඩවිය කියවන අයගේ අදහස් මේ ගැන දැනගැනීමට කැමතියි.

    Hot debate. What do you think? Thumb up 5

    • සිංහල යනු ගෝත්‍රයක් හෝ ජනවර්ගයක් නොව “ජාතිය” කි. “ජාතියක” තියෙන සුවිශේෂීත්වයනම් ගෝත්‍ර හෝ ජනවර්ග මෙන් නොව ඕනෑම කෙනෙකුට ඊට එක් විය හැකි වීමයි. උදාහරණ වශයෙන් සිංහල පිරිමියෙක් දෙමළ කාන්තාවක්ව විවාහ කාගත්තාට ඒ පිරිමියා දෙමළ වෙන්නේ නැත. ඒත් දෙමළ පුද්ගලයෙකුට සිංහලයන් සමග එක් වී සිංහලයෙක් ලෙස ජීවත් වීමට පුළුවන්. ඔහුගේ දරු පරපුර දෙමළ සංස්කෘතියෙන් ඉවත් වී සිංහල සංකෘතිය අනුගමනය කළොත් ඔවුන් අනිවාර්යයෙන්ම සිංහලයන් වේවි.

      අද උඩරට සිටින සමහර සිංහල රදළ පවුල් එදා නායක්කර් වංශික ද්‍රවිඩ පෙළපත් වලින් පැවතෙන අය. ඒත් ඔවුන් අද පිරිසිදු සිංහල බෞද්ධයින්.

      එසේනම් සිංහලයන් වීම සඳහා අනුවර්තනය විය යුතු සංස්කෘතිය කුමක්ද? එය අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතුයි. ඒ අනුව සැබෑ සිංහල කම තිබෙන්නේ සිංහල බෞද්ධයින්ගේ බව පිළිගැනීමට සිදුවේවි.

      අනෙක් අතට සිංහල ජාතියේ ඉතිහාසය දැක්වෙන්නේ මහාවංසය ප්‍රමුඛ සිංහල ඉතිහාස ග්‍රන්ථ වලින්. ඒ ඉතිහාස ග්‍රන්ථ පුරාම තිබෙන්නේ සිංහල බෞද්ධයින්ගේ ඉතිහාසයයි. අද බොහෝ දෙනා මහාවංසයට වෛර කරන්නේත්, තමන් අදහන ඉතිහාසයයැයි කියන දෙමළුන්ගෙන් ණයට ගත් වෙනත් සුරංගනා කතා වල කොතරම් විහිළු සහගත අතාර්කික දේවල් තිබියදීත්, මහාවංසයේ මුල් කොටස අරගෙන මහාවංසයට පහර දෙන්නේ, මේ රට සිංහල බෞද්ධයින්ගේ නිජබිම බවට මහාවංසයෙන් ශපඨ කරන නිසයි. අසිංහල අබෞද්ධයින්ගේ ප්‍රචාරයට ‍රැවටී සමහරුන් නොදැනුවත්කමින් මහාවංසයට තඩිබෑම තමන්ගේම සිංහල බෞද්ධ ඉතිහාසය වනසාගැනීමකි.

      කෙසේ නමුත් “සිංහල ක‍තෝලික” යැයි යමෙකුට කියාගන්නට ඕනැනම් අපි ඊට විරුද්ධ නෑ. ඒත් ඔවුන්ගේ සිංහල කම නමට පමණක් සීමා වීමෙන් තොරව සිංහලත්වයක් ඔවුන් තුළ ඇති විය යුතුයි. සිංහල කම තියෙන සිංහල ක‍තෝලිකයන් සුළු පිරිසක් හිටියත්, බොහෝ සිංහල ක‍තෝලිකයන් අඩුම තරමින් සිංහල භාෂාවටවත් ගරුත්වයක් නොදක්වන බවත්, සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවට තැනක් දෙන බවත් රහසක් නොවෙයි. (අශෝක මැණික්ගොඩ මහතා දක්වා ඇත්තේ එයයි). එනිසා ඔවුන් සිංහල කම ‍රැක ගන්නා තුරා සිංහල ක‍තෝලිකයන්ටත් සිංහලයන් ලෙස පෙනී සිටීමට හැකියි.

      Well-loved. Thumb up 15

      • Channa Asela

        බොහෝ සිංහල ක‍තෝලිකයන් අඩුම තරමින් සිංහල භාෂාවටවත් ගරුත්වයක් නොදක්වන බවත්,කියා කියන්නේ කෙසේද? කොළඹ සිටින නාගරිකව හැදුනු සිංහල බෞද්ධ්යිනුත් බොහෝවිට කතා කරන්නේ සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර (සිංග්ලිෂ්) වලින්නේ? උදාහරණයක් වශයෙන් මාගේ අයියගේ දුව යන්නේ නුගේගොඩ ලයිසියම් එකට, සිංහල බෞද්ධ ඔවුන්ගේ ළමයි ඉඳගෙන ගන්නේ ඉංග්‍රිස්සි බාසාවෙන්, කතා කරන්නෙත් ඉඞ්රීසි බාසාවෙන්. මෙය කතෝලිකයින්ට පමණක් සිමා වෙන්නේ කෙසේද. එලෙසෙම ගම වල සිටින සිංහල කතෝලිකයින් කතා කරන්නනේ සිංහලෙන් නොවේද. උදහරයක් වශයෙන් ගිය මාසයේදී මීගමුවේ වෙඩි වැඩි මැරුණු ෆෙර්ණන්දෝ දිවරය්ගේ ගෙදර කට්ටිය කතා කලේ සිංහලෙන්. ඔවුන්ට ඉංග්‍රීසි බහ. ඔය ඉංග්‍රීසි /සිංහල (දෙමළ) කතාව හැමෝටම පොදු නැද්ද? ඒ කියන්නේ මේ ලංකාවේ “වෙස්තෙර්නිළෙද්” සිංහල බෞද්ධ, කතෝලික, දෙමල සහ මුස්ලිම් පවා කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නැත්තන් සිංග්ලිෂ් වලින් දේද???
        එය එතරම් හොඳ උදහරයක් හැටියට පිළිගන්ඩ මටනං අමාරුයි.

        කරුණාකරලා ඔය සිංහල සංස්කෘතියට අනුව සිටීම කියන එකට උදාහරණ දෙන්ඩ පුලුවන්ද?? මොකද මටන අර සිංහල අවුරුද්ද්හට කරන චාරිත්‍ර වාරිත්‍ර ඇරෙන්ඩ සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික උදවිය අතර වැඩි වෙනසක් පෙන්නේ නැහැ. උදාහරණ සහිතව පහදා දුන්නොත්???

        Thumb up 4

        • Channa Asela

          “වෙස්තෙර්නිළෙද්” kiya man adahas kale “WESTERNIZED” kiyana ekata.

          Thumb up 0

        • සිංහල කම තියෙන සිංහල ක‍තෝලිකයන් සුළු පිරිසක් හිටියත්, බොහෝ සිංහල ක‍තෝලිකයන්/ක්‍රිස්තියානියන්…
          1. අඩුම තරමින් සිංහල භාෂාවටවත් ගරුත්වයක් නොදක්වන බවත්,
          2. සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවට තැනක් දෙන බවත්,
          3. ශ්‍රී ලංකා රාජ්‍යයට වඩා වතිකානුව/එංගලන්තය දේවත්වයෙන් පුදන බවත්,
          4. අප රටේ රාජ්‍ය නායකයාට වඩා පාප් වහන්සේගේ/එංගලන්ත සභාවේ අණට කීකරු බවත්,
          5. පාරම්පරික සිංහල ගොවිතැනට වඩා බටහිර ගොවිතැන පිළිගන්නා බවත්,
          6. සිංහල වෙදකමට වඩා බටහිර වෙදකම දේවත්වයෙන් පුදන බවත්,
          7. සිංහල ඇඳුම් ආයිත්තම් පිළිකුල් කරන අතර යුරෝපීය ඇඳුම් වලට කැමති බවත්,
          8. සිංහලයන්ගේ ඉතිහාස ග්‍රන්ථ වලට වඩා බටහිරයන්ගේ ඉතිහාස ග්‍රන්ථ නිවැරදි ලෙස සිතන බවත්,…
          රහසක් නොවෙයි. (“සිංහලයෙක්නම් අනිවාර්යයෙන්ම බෞද්ධයෙක්ම විය යුතුයි” කියල වරක් අශෝක මැණික්ගොඩ මහතා දක්වා ඇත්තේ ඔන්න ඔය නිසයි.) එනිසා ඔවුන් සිංහල කම ‍රැක ගන්නා තුරා සිංහල ක‍තෝලිකයන්ටත් සිංහලයන් ලෙස පෙනී සිටීමට හැකියි.

          Well-loved. Thumb up 11

        • Channa Asela

          සිංහල කම තියෙන සිංහල ක‍තෝලිකයන් සුළු පිරිසක් හිටියත්, බොහෝ සිංහල ක‍තෝලිකයන්/ක්‍රිස්තියානියන්…

          1. අඩුම තරමින් සිංහල භාෂාවටවත් ගරුත්වයක් නොදක්වන බවත්,

          ඔය දැන් තියෙන FM නාලිකාවල සහ TB චනෙල් වල සිංහල බාසාව විකුර්ති කරලා කියන්නේ බහුතරය බෞද්ධ නේද??? එහෙම එකේ මේ විවේචනය කොතරම් සාදාරණද???

          2. සිංහල භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාවට තැනක් දෙන බවත්,
          මේකත් මට පේන හැටියට හැම “WESTERNIZED ” සිංහල බෞද්ධ, සිංහල KRISTHIYAANi, දෙමල සහ මුස්ලිම් අයට පොදු දෙයක් මිසක් සිංහල බෞද්ධයින් නොවන අයට පමණක් පොදු වෙන්නේ කෙසේද?

          3. ශ්‍රී ලංකා රාජ්‍යයට වඩා වතිකානුව/එංගලන්තය දේවත්වයෙන් පුදන බවත්,
          4. අප රටේ රාජ්‍ය නායකයාට වඩා පාප් වහන්සේගේ/එංගලන්ත සභාවේ අණට කීකරු බවත්,

          මල්කොම් රන්ජිත් වැනි සුළු පිරිසක් ඇරෙන්ඩ බහුතර සිංහල කිතුනු බැතිමතුන් මෙසේය කියා කීම එතරම් සාදාරන නැත. මෙවැනි චෝදනා කිරිමා ඔබට සාක්කි තිබේද??? සිංහල කිතුනුවන් මල්කොම් රන්ජිත් කියන හැම දේම පිළිගන්නේ නැහැ නේද? මන් හිතන්නේ සිංහල කිතුනු බැතිමතුන් සහ ක්‍රිස්තියානි පල්ලිය කියන්නේ දෙකක්.

          5. පාරම්පරික සිංහල ගොවිතැනට වඩා බටහිර ගොවිතැන පිළිගන්නා බවත්,

          පාරම්පරික සිංහල ගොවිතැන කියා ඔබ අදහස් කරන්නේ රසායනික පොහොර නොයොදා ගොවිතැන් කිරීම කියා මා සිතමි. හැබැයි ඉතින් ලංකාවේ ගොවීන්ගෙන් ඇති මහත් බහුතරය බෞද්ධ. මගේ සීයථ් ගොවියෙක්. ඉන් උත ඇති මහත් බහුතරය රසායනික පොහොර භාවිතා කරනවා නේද??? එහෙම බැලුවොත් බහුතර සිංහල බෞද්ධ ගොවි මහත්තුර්තු සිංහල වෙන්නේ නැහැ මොකද රසායනික පොහොර පාවිච්චිය නිසා.

          6. සිංහල වෙදකමට වඩා බටහිර වෙදකම දේවත්වයෙන් පුදන බවත්,

          මේකත් සමොටම පොදු නැද්ද? මේ රටේ ඇති මහාස බහුතර සිංහල බෞද්ධයෝ ගන්න බටහිර විද්‍යා ප්‍රතිකාර නේද?? එහෙම එකේ සිංහල කතෝලිකයින් පමණක් ගවගන්නේ ඇයි?

          7. සිංහල ඇඳුම් ආයිත්තම් පිළිකුල් කරන අතර යුරෝපීය ඇඳුම් වලට කැමති බවත්,

          මේ රටේ 90% සිංහල බෞද්ධයින් අඳින්නේ බටහිර ක්‍රමයට නේද?? අපි පාරේ යනකොට සිංහල විදියට අඳින්නේ කින් කි දෙනාද? ඇයි මෙවැනි පොඩි දේවල්, හැමෝම කරන දේවල් අරන් එයේ එක කණ්ඩායමකට පමණක් පැටව එම කණ්ඩායමට පහර ගසන්නේ??

          8. සිංහලයන්ගේ ඉතිහාස ග්‍රන්ථ වලට වඩා බටහිරයන්ගේ ඉතිහාස ග්‍රන්ථ නිවැරදි ලෙස සිතන බවත්,…
          රහසක් නොවෙයි. (“සිංහලයෙක්නම් අනිවාර්යයෙන්ම බෞද්ධයෙක්ම විය යුතුයි” කියල වරක් අශෝක මැණික්ගොඩ මහතා දක්වා ඇත්තේ ඔන්න ඔය නිසයි.) එනිසා ඔවුන් සිංහල කම ‍රැක ගන්නා තුරා සිංහල ක‍තෝලිකයන්ටත් සිංහලයන් ලෙස පෙනී සිටීමට හැකියි.

          සිංහලයන්ගේ ඉතිහාස ග්‍රන්ථ වලට වඩා බටහිරයන්ගේ ඉතිහාස ග්‍රන්ථ නිවැරදි ලෙස සිතන බවත් ඔබ කියන්නේ කෙසේද. එසේ කීමට සාක්කි තිබේද?? මටනම් එවැනි සාක්කි ගැන අවබෝදයක් නැත.

          අකමැත්තෙන් වුවත් කීමට සිදුවෙනවා ඔබතුම මේ ගැන බලන්නේ හැඟීම බරව කියා. හැඟීම වලින් ඉවත් වී කරුණු සහිතව, සාක්කි සහිතව ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.

          Hot debate. What do you think? Thumb up 4

        • //ඔය දැන් තියෙන FM නාලිකාවල සහ TB චනෙල් වල සිංහල බාසාව විකුර්ති කරලා කියන්නේ බහුතරය බෞද්ධ නේද??? එහෙම එකේ මේ විවේචනය කොතරම් සාදාරණද???//
          එෆ්.එම් චැනල් වල අය එලෙස කතා කරන්නේ එහි නිෂ්පාදකයන්ගේ වුවමනාව පරිදියි. ඒවායේ අයිතිකරුවන්ගෙන් බහුතරය ක‍තෝලික/ක්‍රිස්තියානි අයයි. අනික් පැත්තට එෆ්.එම් චැනල් නිවේදක නිවේදිකාවන්ගෙන් රටේම ජනතාව නියෝජනය නොවේ, බහුතරයක් සිංහල බෞද්ධයින් සහ බහුතරයක් ක‍තෝලික අය සිංහල භාෂාවට දෙන තැන ගැන සිතා බැලිය යුතුයි.

          //මේකත් මට පේන හැටියට හැම “WESTERNIZED ” සිංහල බෞද්ධ, සිංහල KRISTHIYAANi, දෙමල සහ මුස්ලිම් අයට පොදු දෙයක් මිසක් සිංහල බෞද්ධයින් නොවන අයට පමණක් පොදු වෙන්නේ කෙසේද?//
          ක්‍රිස්තියානි/ක‍තෝලික ආගම් වලට් ඇත්තේ බටහිර සම්භවයකි. ආගමට හැම විටම මුල් තැන දීමේදී ආගමේ සංස්කෘතිය මත ඇති ඉංග්‍රීසි බාසාවට ක්‍රිස්තියානි/ක‍තෝලික අය මුල් තැන දෙයි.

          //මල්කොම් රන්ජිත් වැනි සුළු පිරිසක් ඇරෙන්ඩ බහුතර සිංහල කිතුනු බැතිමතුන් මෙසේය කියා කීම එතරම් සාදාරන නැත.//
          මැල්කම් රංජිත් තුමා යනු ක‍තෝලිකයන්ගේ නායකයයි. දකුණු ආසියාවේ එකම කාදිනල් වරයායි. නායකයා අනුව අනුගාමිකයනුත් සැලකිය හැකියි. අපේ නායකයින් වන මහානායකහිමිවරුන් කිසි දිනෙක බටහිරට කඩේ යන්නේ නැත.

          //සිංහල කිතුනුවන් මල්කොම් රන්ජිත් කියන හැම දේම පිළිගන්නේ නැහැ නේද?//
          එතුමාට කාදිනල් සහ අගරදගුරු කියන්නේ අනුගාමිකයන් ඔහුව පිළිපදින බැවිනි. නායකයා කියන දේ අහන්නේ නැති උදවිය ආගමක නොසිටී. සිටිනවානම් ඔවුන් ක‍තෝලිකයන් නොවේ.

          // එහෙම බැලුවොත් බහුතර සිංහල බෞද්ධ ගොවි මහත්තුර්තු සිංහල වෙන්නේ නැහැ මොකද රසායනික පොහොර පාවිච්චිය නිසා.//
          රසායනික පොහොර භාවිතා කරන්නේ ඔවුන්ට වෙන කිරීමට දෙයක් නැති නිසයි. ජේආර්ගේ එජාප ආණ්ඩුව විසින් ඊනියා හරිත විප්ලවය හරකා කුඹුරු විනාස කර ඇත. අනික් අතට ක‍තෝලිකයන්ගෙන් අති බහුතරය ගොවිතැන් බත් කරනවාට වඩා ධීවර කර්මාන්තය කරයි. සිංහලයන් යනු සත්ව ඝාතනය පිළිකුල් කරන ජාතියකි.

          //මේ රටේ ඇති මහාස බහුතර සිංහල බෞද්ධයෝ ගන්න බටහිර විද්‍යා ප්‍රතිකාර නේද?? එහෙම එකේ සිංහල කතෝලිකයින් පමණක් ගවගන්නේ ඇයි?//
          අඩුම තරමින් සුළුතරයක් හෝ සිංහල බෞද්ධයින් සිංහල වෙදකම පිළිගනී. ඒහෙත් සිංහල වෙදකම පිළිගන්නා ක‍තෝලිකයන් සිටින්නේ කළාතුරකිනි, ඊට හේතුව සිංහල වෙදකම පුරාම බුදු ගුණ වලින් ආශීර්වාද කිරීම ඇතුළු බුදු දහමේ ආභාසය තිබීමයි.

          //මේ රටේ 90% සිංහල බෞද්ධයින් අඳින්නේ බටහිර ක්‍රමයට නේද?? අපි පාරේ යනකොට සිංහල විදියට අඳින්නේ කින් කි දෙනාද?//
          අඩුම තරමින් පොහොය දවසටවත් සිංහල බෞද්ධයින් ජාතික ඇඳුම් අදී. ඒත් දේව ආගමිකයන්ගෙන් බහුතරයක් කිසිදා ජාතික ඇඳුම අඳින්නෙ නැත.

          //ඇයි මෙවැනි පොඩි දේවල්, හැමෝම කරන දේවල් අරන් එයේ එක කණ්ඩායමකට පමණක් පැටව එම කණ්ඩායමට පහර ගසන්නේ??//
          පිළිතුරු දුන්නේ ඔබ ප්‍රශ්නය ඇසූ බැවිනි, ප්‍රශ්නයක් අසද්දී පිළිතුරු දීමට සිදුවේ, ක‍තෝලික/ක්‍රිස්තියානි අය ගැන අහද්දී ඔවුන් ගැන නොකියා චීන්නුන් ගැන හෝ අප්‍රිකානුවන් ගැන කීමට නොහැකියි. ඇත්ත හෙළි වෙද්දී එය ඔබට වේදනාකාරී විම ගැන අපට කිරීමට දෙයක් නැත.

          //සිංහලයන්ගේ ඉතිහාස ග්‍රන්ථ වලට වඩා බටහිරයන්ගේ ඉතිහාස ග්‍රන්ථ නිවැරදි ලෙස සිතන බවත් ඔබ කියන්නේ කෙසේද. එසේ කීමට සාක්කි තිබේද?? මටනම් එවැනි සාක්කි ගැන අවබෝදයක් නැත.//
          එසේ කියන්නේ මා නොව දේව ආගමිකයන්ය. උදාහරණ ලෙස පුරන් අප්පු සිංහලයේ අවසන් රජ බවත් ඔහු රජ වෙන විටත් ක‍තෝලිකයෙක් බවත් කියන කිතුහඬ නැමැති ක්‍රිස්තියානි කණ්ඩායමක් සිටී. ඒත් සිංහල ඉතිහාසයේ අවසානයෙන් ඔ‍ටුනු පැළැන්දුවේ පුරන් අප්පු නොව ගොංගාලේගොඩ බණ්ඩා වන අතර පුරන් අප්පු සිංහලයන් සමග එක් වුනේ ක්‍රිස්තියානීන්ට විරුද්ධ වී භික්ෂූන් වහන්සේ වෙත ගොස් පන්සිල් ගැනීමෙන් පසුවයි. අනික් අතට රාගම තේ වත්තේ පල්ලියෙන් අපේ ඉතිහාසය විකෘති කිරීම ඔබ දන්නවා ඇති. http://goo.gl/OSEgu තවත් උදාහරණ ඇතත් ඔබතුමා ට ඒවා කීමට කාලයක් හෝ අවශ්‍යතාවයක් නොමැත.

          //අකමැත්තෙන් වුවත් කීමට සිදුවෙනවා ඔබතුම මේ ගැන බලන්නේ හැඟීම බරව කියා. හැඟීම වලින් ඉවත් වී කරුණු සහිතව, සාක්කි සහිතව ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි.//
          ඉහත විස්තරය පුරාම ඇත්තේ කරුණු සහ සාක්ෂි සහිතවයි.

          කෙසේ නමුත් ඔබතුමා සමග සංවාදය මෙතනින් අවසන් කරමි. ඔබතුමා සමග මේ සංවාදය ඉදිරියට කරගෙන යාමෙන් වෙන්නේ ඔබතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී ක‍තෝලික/ක්‍රිස්තියානි අයගේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය ලිවීමට සිදු වීමෙන් අනවශ්‍ය වාදයක් හට ගැනීමකි, අනෙක් අතට ඔබතුමා අහන වෙනත් ප්‍රශ්න වලටත් පිළිතුරු දීමේදී මෙය පංච මහා වාදයක් http://ogatharana.org/bookDownCounter.php?booknumber=120 මෙන් දිග්ගැස්සී මැක්කාගේ න්‍යාය සිදුවේවි… මා මෙතෙක් පිළිතුරු දුන්නේ ඔබතුමා ඇසූ ප්‍රශ්න වලට බව සලකන්න.

          සංවාදයට ස්තුතියි.

          ප.ලි. ක‍තෝලික/ක්‍රිස්තියානි අය ගැන කියවීමට මෙම වෙබ් අඩවියේ ලිපි සියල්ලම බලන්න. http://www.sinhalaravaya.com මේ සංවාදයට හේතු වුනේ සිංහලයෙක් යනු බෞද්ධයෙක් විය යුතුයි යන මැණික්ගොඩ මහතාගේ ප්‍රකාශයනම්, එම අඩවියේ ඔබට කතා කිරීමට බොහෝ දේවල් තිබේවි.

          Hot debate. What do you think? Thumb up 9

  • මහේන් විජේවික්‍රම

    අශෝක මැනික්ගොඩ මහතා කියන “සිංහලයෙක් නම් බෞද්ධයෙක් විය යුතුමය. සිංහල කම සහ බෞද්ධ කම කියන්නේ දෙකක් නොව එකකි. එය ගහට පොත්ත වැනිය” යන්න මම 100% අනුමත කරමි. සිංහලයෙක් නන් බෞද්ධයෙක් විය යුතුමය. මන් හිතන්නේ එය අපි කවුරුත් සිංහල බෞද්ධයින් හිතන, දන්නා දෙයකි. එය අප ප්‍රසිද්ධියේ නොකීවත්, අපි දන්නා දෙයක් තමයි අපි සිංහල කතෝලිකයින්ව/ක්‍රිස්තියානුවන්ව සිංහල හැටියට පිලි නොගන්නා බව. ඒක ප්‍රසිද්ධ රහසක්.

    මන් නන් කියන්නේ අපි නීතියක් ගේන්ඩ ඕනේ සිංහල කම නිර්වචනය කරන්ඩ. ඒක වියවස්තාව්ට ඇතුල් කරන්ඩ ඕනේ. මැලේසියාවේ වසියවස්ථාවේ තියෙනවා මැලේ ජාතිකයෙක් වීමට ඉස්ලාම් දර්මය අදහන මුස්ලිම් ජාතිය්කයෙක් විය යුතුමයි කියලා. ඒ ගොල්ලොන්ට කියන්නේ භුමි පුත්රාස්ල කියලා. ඒ හින්දා අපි කරන එකේ කිසිම වැරද්දක් නැහැ.

    එතකොට ප්‍රශ්නයක් එනවා දැන් ඔය “සිංහල කහොලික”, “සිංහල ක්‍රිස්තියානි” කියන කට්ටියට මොනවද කියන්නේ කියලා, ඒ ගොල්ලෝ කවුද කියලා. මගේ අදහස නන් ඒ ගොල්ලෝ ලංසි, නැත්තන් බර්ගර් ජාතිකයින් හැටියට හඳුන්වන ලෙසයි.
    ඔවුන්ට සිංහල වාසගම්, සහ සිංහල පවුලේ නම් (සර්නේම්ස්) පාවිච්චියත් තහනම් කල යුතුයි. සිංහල කතෝලික/ක්‍රිස්තියානි බස්නායකලා , විජේවික්‍රමලා , තිලකරත්නලා, සේනානායකලා, දිසානායකලා වැනි ගරු ඝාම්භීර හෙළ නම් තියෙන මිනිස්සු කොහෙත්ම ඉන්ඩ බැහැ. හැබැයි දැන් ඉන්නවා. ඔවුන්ට පෙරේරා, සිල්වා වගේ නම් ගන්ඩ පුළුවන්. මොකද, ඒගොල්ලන්ගේ මුතුන් මිත්තෝ සුද්ධෝ එක්ක මගුල් කාලා වදාපු දරුවෝ තමයි දැන් ඔය සිංහල කතෝලික / ක්‍රිස්තියානි කියන්නේ.

    මම මේ කියනෙන් ද්වේශ සහගතව නෙමෙයි. මොකද, මෙහෙම කෙරුවොත් දෙගොල්ලන්ටම හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. එතකොට දැන් ඔය සිංහල කතෝලිකයින් / ක්‍රිස්තියානි කට්ටියට තියෙන “අයිඩෙන්ටිටි ක්‍රියිසිස්” ඒක නැති වෙලා යනවා. සිංහල බෞද්ධයින්ට ඉතාමත් සතුටු විය හැකියි සියලුම සිංහලයින් බෞද්ධ වීම ගැන. එය හිතෙන් මහා බරක් අයින් වුණා සේ, සිතට සැහැල්ලු බවක් ගෙනදෙයි නියතව.

    Well-loved. Thumb up 17

  • විජිත් රන්දෙනිය

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • //මෙහි එන අසෝක මනික්ගොඩ මහතා සිංහලකම ගැන කතා කරන්නේ සුද්ධා දායාද කරපු දිග කලිසම් සහ ශිර්ට් එක ඇඳගෙනය. //
      දිග කලිසම සුද්දගේම නිර්මාණයක් නොවෙයි. මේ පින්තූරෙ බලන්න, රාජසිංහ රජ්ජුරුවොත් දිග කලිසම් ඇඳල තියෙන්නේ. ඒ කාලයේ ලංකාවට ඇවිත් හිටියේ එකම සුද්දයි, ඒ රොබට් නොක්ස්.
      http://karava.org/yahoo_site_admin/assets/images/180px-Rajasinghe_II.32050030.jpg
      http://www.defonseka.com/images/180px-King_Rajasinghe.jpg

      //සුද්ධාගේ මයික් එක බවිත කරලය. //
      මං දන්න තරමින්නම් දැන් ගොඩක් භාවිතා කරන මයික් ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ චීනයේ හදාපු ඒව. වෙනකක් තියා මං දැන් කොටන කොම්පියුටරේ පවා හදල තියෙන්නේ චිනයේ.

      Well-loved. Thumb up 10

  • “ටඉගර් වූඩ්ස්” කල දේවල් සියල්ලම සිදු කලේ අන්‍යාගමක ඉදල නම් දැන් එ මනුස්සයා බුදු දහම වැලද ගත්තා කියලා බුදු දහමට බනින්න බැහැ!.

    සමලින්ගික කම ගැන බුදු දහමේ සදහන්වනවාද කියලා මම හරියටම දන්නේ නැහැ, නමුත් සමලින්ගික කම මහා ප්‍රශ්නයක් කරගෙන ඇත්තේ ඔය දේව ආගම්. සර්වබලදාරී දෙවියන් සමලින්ගිකයන් මැවුවේ නෑ කියලා කියන්ඩ, නමුත් සියල්ල මැවුවේ දෙවියන්ලු ???

    Hot debate. What do you think? Thumb up 8

  • pasjay

    Everybody should have freedom to practice any religion, spread their belief and live as a free man/women without anyone’s objection. If you are saying that you cannot spread religion then think about how Buddhism was brought to Sri Lanka; if Sri Lankan’s lived during ancient time opposed to covert to Buddhism them you will be worshiping stones, trees and devils.

    The most important rule is to respect everyone; regardless of their religious belief or raise.

    If you like to speak about Buddhism, go ahead talk about it, speak and practice your belief; but don’t say ‘Sinhala Buddhist’ like you are implying that all Sinhalese should be Buddhists. Speeches like these build extremists groups and terrorist because of lack of respect for all Sri Lankans. Buddhism is all over the world like other religions. Sinhala is the language we speak but does not represent all Sri Lankans nor Buddhism represent all Sri Lankans.
    All sorts of problems we find in any religion or philosophy. That just show human nature, not any shortfall in any religion. We all can finger point at what someone else’s believe simply because it is based on belief not on a science.
    If temples are closing due to lack of Buddhist monks, just like churches are closing around the world because of not having enough priests, then there is something else to think about.
    If there are minority religious gropes spreading religion with money and incentives, then there are other problems to think about. It shows that those poor people need help. But remember just like Theravada and Mahayana., Minority Christian group doesn’t represent all Christians and specially Catholics. People need to educate themselves about these and to respect other religions before they make ignorance remarks.

    Hot debate. What do you think? Thumb up 6

    • pasjay

      Correction* ….would have worshiping

      *
      The most important rule is to respect everyone; regardless of their religious belief or race.

      Thumb up 3

    • Priyantha Liyanage

      Dear Sir [or should i say Rev Sir?]
      I absolutely agree with you that Catholics are not Christians. I personally have great regard to Catholics and most orthodox Christians as they mind their own business so to speak. Again i have no problem in any one converting to another religion provided they were not forced in to it using their poverty as a bargain chip. I remember my bridesmaid who worked for a certain organization who used to give tube wells to v poor families in the north & east, if, only if they convert to their religion. I remember her telling me that only few families stuck to Hinduism but she was not worried as in her own words “it was only matter of time before someone in the household bring pressure on others to convert” to enjoy the benefits. Even at that time i wanted to ask that if only she wanted to help why not help every one despite their belief?
      I agree with you that these minority Christian fundamentalist groups do not represent the traditional Christian or a Catholics but due to the highly abusive action by these groups people have come to mistrust every Christian. I think it is up to the Orthodox Church to take stern action against them and show the rest of the country that you are against “Buddha candles, Buddha biscuits” etc etc. I have no problem in any one engaging in their religious activities but the moment they start abusing the Buddha or Buddhists then we cannot tolerate any more.
      I don’t wish to talk about the virtues of my religion as i am sure you have your own list. But let us agree on one thing. Let’s not allow any one to abuse other religions and their leaders, let’s not “highjack” phrases and symbols of other religions and that goes for all those 150+ NGO organizations forcing their form of religion down our throats :) It is them we are against.

      Well-loved. Thumb up 8

  • ලහිරු

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 9

    • @ ලහිරු

      බෞද්ධ දෙමවුපියනට දාව ඉපදුනපලියට කිසිවෙක් නිරායාසයෙන් බෞද්ධ වන්නේ නැහැ, බෞද්ධ වන්නට බෞද්ධ ධර්ම වටහාගෙන එය පිලිපැදිය යුතුයි :) !
      ඔබට ඔය තරමටම පුපුරන්නට මැණික්ගොඩ මහතා කරනා කිසිම වරදක් නැහැ !!
      මම නම් මාගේ පියාට ගරුකරනවාසේම එ මහතාටත් එකහාසමානව වැද නමස්කාර කරනවා, එ මහතා ඩොලරයට ගිඡුවූ පාහරයෙක් නොවී එඩිතරව තම රට ඡාතිය ආගම වෙනුවෙන් කරනා විෂිශ්ට සේවයට !!!!!!

      Well-loved. Thumb up 33

    • sandun

      එහෙනම් අනගාරික ධර්මපාලතුමා බක පන්ඩිතයෙක් ද? වැඩිපුර ගොන්නු හිටිය කියල අශෝක මහතා පලිද? මේ වගේ කාලයක මේ වගේ මිනිස්සු හිටියෙ නැත්නම්, අපේ එවුන්ව අවදි කරන්නේ කව්ද​?

      Thumb up 2

  • ravinath

    TO ALL BUDDHISTS,
    PLEASE DONT STOP ONLY TO SEND A COMMENT.
    WE MUST DO SOMETHING TO SAVE BUDDHISM AND SINHALA CULTURE. WE KNOW MR. ASOKA MANIKGODA HAS BEEN FIGHTING ALONE FOR MANY YEARS. MAIN BUDDHIST ORGANIZATIONS ARE SILENT. our mahanayake thero’s are also silent.
    WE MUST ORGANIZE AND GET TOGATHER AND ACT NOW.

    BUDUSARANAI.

    If interested send yr comments to
    buddhistsrilanka@yahoo.com

    Thumb up 5

    • විජිත් රන්දෙනිය

      SINHALA CULTURE කියා දෙයක් දැන් නැත. එය තිබ්බේ 1505ට පෙරය. දැන් සිංහලයාගේ සංස්කෘතිය බටහිර සංස්කෘතියයි. ඔබ සංස්කෘතිය යන්නෙහි නිර්වචනය නොදන්නා බව පෙනේ. සංස්කෘතිය යුනු අවුරුද්ධකට සැරයක් (සිංහල අවුරුද්ධ) කරන දෙයක් නොවේ. සංස්කෘතිය යනු අප එදිනෙදා ජිවිතයේ පාව්හිචි කරන දේවල්, චාරිත්‍ර වාරිත්රයි. සිංහලයින්ට පමණක් අනන්‍ය වූ සංස්කෘතික අංග ඇත්තේ අල්පයක් පමණි. ඒ නම් සිංහල අලුත් අවුරුද්ධ සැමරීමේදී කරන දෑ, දෙමව්පියන්ට වන්දිම, ඔසරිය, ළමා සාරිය සහ සිංහල නර්තනය පමණි. අනිත් සියලුම දෑ දකුණු ආසියාවේ සහ ආසියාවට පොදිය. උදහරයක් වශයෙන් අපේ කන විදිය මුළු දකුණු ආසියාවටම පොදුය. සරමද එසේය. ඒ කියන්නේ කන විදිය සහ අඳින පළදින විදිය මුළු දකණු ආසියාවටම පොදුය. දෙමව්පියන්ට වන්දිම කරන්නේ සුළු පිරිසක් පමණි. එය දැන් සංස්කෘතික අංගයක් හැටියට පිළිගැනීමට බැරිය. සිංහල අලුත් අවුරුද්ධ අවුරුද්ධකට එක පාරක් එන නිසා එයද එතරම් වැදගත් නැහැ. සිංහල නර්තනයද කරන්නේ සුළු පිරිසකි. අනිත් පිරිස් ඒ ගැන වැඩි උනන්දුවක් දරන්නේද නැත. වැදගත් වන්නේ එදිනෙදා ජීවිතයේදී කරන දේවල්ය. එදිනෙදා ජීවිතයේදී අපි පාවිච්චි කරන දේවල්, සිරිත් විරිත් 90% ක්ම බටහිර දේවල්ය. එහෙයින් සිංහල සංස්කෘතිය (දෙමළ, මුස්ලිම් ගත්ත ඒ දේමය) කියා දෙයක් ඇත්ත නමට පමණකි.

      Well-loved. Thumb up 8

  • Edward Theophilus

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • @Edward Theophilus

      Have you seen the movie “The Braveheart” (if not see it), do you call “William Wallace” also a “stupid” ??

      “But Sinhala Buddhist are stupids and they do not follow Lord Buddha” so dose that mean you are a Buddhist & you follow Lord Buddha & blaming us that we are not ??

      By the way Buddhists do not follow Lord Buddha, we respect Lord Buddha as our teacher who taught us the right path, its that path that we go. Well now you know about that !.

      Thumb up 2

      • ලහිරු

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 4

        • කෙනෙක්ගේ බුද්ධිය මනින්නේ ඔහු මැතිවරණයකට තරග කර ලැබෙන ඡන්ද ගණනින් නොවේ.

          Well-loved. Thumb up 15

        • ඔබ බෞද්ධ කියලා කියුවට බෞද්ධයින්ට තමයි තර්ඡන ගර්ඡන…
          මට ටිකක් හිනා යනවා ඔබ ලියලා ඇති සමහර අදහස් සම්බන්දව, නමුත් ඔබ මේ සම්බන්දව සිත යොමු කර සෑදූ ප්‍රශ්ණ ටික නම් interesting.

          මාගේ අදහස ඔබ ප්‍රශ්ණ ගොඩක පැටලිලා වගෙයි, ලගම ඇති බෞද්ධ සිද්ධස්ථානයට ගිහින් බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් සමුවී නිරාකරනය කරගන්ඩ කියලා තමයි දිය හැකි විෂාලම උපදෙස. අනික බෞද්ධ පාසල් පිලිබදව ඔබ කියනා තරම් ලොකු ප්‍රශ්ණ ඇතිකරගන්ඩ එපා සහෝදරයා.

          එකනම් සැබෑව, කාට කාටත් ඇති “ලොකුම ප්‍රශ්නේ තමයි බෞද්ධයෝ ගැන හොයාගන්න එක”.

          Well-loved. Thumb up 7

    • sandun

      @ Theophilus,
      Your pathetic statements are based on western beliefs. Buddha is not an ordinary person, literally, his mind encompasses the whole universe and even beyond – simply out of reach of modern science radar that only captures the existence of what can be captured by senses. The Buddha saw what was beyond normal human comprehension, states, existences and non-existence – cannot be explained by any human language-simply beyond ordinary human reasoning and relativity!!! So next time when posting a comment, please know about Buddhism and try to think beyond the boundaries of modern science and worldly beliefs!!!

      Thumb up 1

  • daham

    SINHALA BODUNUWAN ANEKUTH AAGAM WALATA HARAVEEMATA EREHIVA YATHARTHA WADEEWA PELAGASEMU::::::

    Thumb up 2

  • Trishan Rajapaksha

    Mage mallit awasan satanata ura dun abheeta 24 haviridi lak puthek. adambarai budusaranai

    Thumb up 3

  • punya

    sahathika attha,uddayak thibubada kiyalawath ape ayata mathaka na aki singhala gathiya,adath adtath medath idiriyatath wena deyak,

    Thumb up 1

  • Theekshana

    මැනික්ගොඩ මහතාණෙනි,

    ලක්දිව සිංහල බුදු සසුන රැකීමට, ඔබ ගන්න වෑයම, සම්‍යක් දෙවි පිහිටෙන් සාර්ථක වේවා.
    1.
    යුදබිමේ දී තම කකුලක් ගැලවී ගියත්,වෙඩි වැදී අසරණව සිටි තම නායකයාව තම කඳවුර තෙක් තිබෙන දුර, බිම දිගේ ඇද ගෙන ගොස් බේරා ගත් රණ විරුවා ගේ නම කුමක්ද?
    2.
    බටහිරින් ආධාර ලබන NGO ‘නරි’ රැලක්,ඉස්කෝලෙක පොඩි ළමයින් ටිකක් අප වෙනුවෙන් දිවි පිදූ ගාමිණි කුලරත්න උතුමන් මිය ගිය තැනට ගෙන ගොස්, එතුමන් ඕන කමින් නොව-ලිස්සල LTTE ටැංකියට වැටුන කියල,බොරුවක් කියපු බවක් මන් පත්තරේක දුටුවා.

    Well-loved. Thumb up 32

  • charitha

    :: bohoma watinaa adahas rasak !!!
    බොහොම වටිනා අදහස් රැසක් !!!

    Well-loved. Thumb up 13

  • අන්‍යාගමිකයින් “බුදු හාමුදුරුවන්ට” “බෞද්ධයිනට” “සිංහලයිනට” කරන්නට පුලුවන් සියළුම අපහාස කර කර අන්‍යාගමිකයින් අපිට බනිනවා අපි එ සම්බන්දව කතා කලාම “අපි අන්තවාදී කියලා” !! මාර විහිලු තමයි අන්‍යාගමිකයින් කරන්නේ !!

    අන්‍යාගමිකයින් “බුදු හාමුදුරුවන්ට” “බෞද්ධයිනට” “සිංහලයිනට” මේ කරනා අසත්‍යය අපහාසවලට කොතරම් නම් කල් යමලෝ සිටින්නට වෙනවා ඇත්ද !?

    Well-loved. Thumb up 35

  • lalani pathirana

    This speech filled tears to my eyes… I hope our sinhalese people will get this speech to their empty blind minds… before they run like blinds behind and follow others.. and believe when someone says their is a miracle or some things happening in their churches, mosque or kovils.. so our mindless buddhist falling to those traps without knowing value of the Buddhist teachings.. never turn your back to Buddhist path, that is the only way to take our country, our people forward to prosperity..

    Well-loved. Thumb up 22

  • sumithjjanaka

    obata sakthiya dairiya lebewaa. me karanawu wedeta obata pin

    Well-loved. Thumb up 24

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.