
පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.
වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.
විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”
උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.
~ ප්‍රියන්ත ලියනගේ
Convert to PDF

Wishnu Dewiyanta , Kathragama Dewiyanta bena wadina ayata marana danduwama niyathai. Dewi waru weda sita dharmaya esuwe Budunge kaalaye sitai.
හෑමදාම උන්වහන්සේගේ ගුවන් ටිකට් පත් සකසා දෙන්නේ දයාවන්ශ ජයකොඩ් මහතාය. එහෙත් රුසියාවට වෑඩම කිරීමට පෙර දවසේ උන්වහන්සේ ජයකොඩ් පොත් සාප්පුවට ගොඩ වෑදුන විට මෙවර ටිකට් එක හෑදුවෙ කවුදෑයි ජයකොඩ් මහතා විමසිලිමත් විය. එය සිසිර ජයසේකර විසින් ලබා දුන් බෑව් සෝම හිමියන් පෑවසූය. සිසිර ජයසේකර නමින් මේ වන විට Travel agency එකක් තනා තිබූ අතර එදා මෙදා තුල ඒ ආයතනයෙන් නිකුත් කල එකම ගුවන් ටිකට් පත සෝම හිමියන්ට ලබා දුන් ටිකට් පතයි.
Well-loved.
5
mama eye comment ekak dammane ? koo eka ?
පසුගිය දින වල වෙබ් අඩවියට පිවිසීමට මට නොහැකි වූ නිසාත්, අපගේ අනෙකුත් ඇඩ්මින් වරුන්ද කොමෙන්‍ටු අනුමත නොකර තිබූ නිසාත්, කිසිවෙකුට කොමෙන්‍ටු අනුමත කිරීමට නොහැකි වීමෙන් ඒවා සැඟවී තිබුනා. දැනුයි පළ කළේ. ඔබතුමාට වූ අපහසුතාවයට මාගේ බලවත් කණගාටුව.
මීට අවුරැදු 7කට හෝ 8කට පෙර සොම හිමියන් මාගේ අච්ච් අම්මාගේ නිවසේ දින 7ක් වැඩ සිටියා..ඒ සමගම උන්වහසේගේ නැගෙනිය හා මවත් උවැටැන් කිරිමට ඇවිත් සිටියා.. මම උන්වහන්සේ හමු වී තියෙනවා ඇත්තටම ඒ කාලේ මම ගොඩක් පොඩි ලමයෙක් නමුත් දැන් තේරෙනව එවන් පින්වත් හිමි නමක් අපේ ගෙදර වැඩ සිටීම හා උන්වහන්සේ වැනි හිමිනමක් අසුරැ කිරීමට ලැබීම කෙතරක් පිනක්ද කියා.. Uන්වහන්සේ පිලිඹදව මා දන්නා දෙයක් කියන්නම්,
දිනක් උන්වහන්සේ අසල සිට් පන්සලකට වඩිමින් සිටියා..උන්වහන්සෙට පාරේ වැටී සිටි මිනිසේක් දැක ගන්න ලැබුනා, ඔහු බීමතින් සිටියේ..සොඅම හිමියන් ඔහු සමග වචන කීපයක් කතා කරා..ඔහු දන ගසා වැදලා සොම හිමියන්ට කියා සිටියා අයෙත් ඔහු ජිවිතේ හොදින් ගෙවනවා, මත්පැන් පානය කරන්නේත් නැහැ කියලා..
Well-loved.
9
ඇත්තෙන්ම එවැනි යුග පුරුෂයෙක්ව ඇසුරු කිරීමට ලැබීම ඔබතුමාගේ වාසනාවක්.
මට හිතාගන්නවත් අපහසුයි… ඔබට ජනක කියන නම යෙදුවේ කවුද කියා… පිණ්ඩපාතයේ වැඩීම හිඟා කෑමක් නොවන අතර… එසේ පිණ්ඩපාතයේ වැඩීමෙන් එක පුද්ගලයෙකුට වඩා අප්‍රමාන පිරිසකට එම කුසලයට සහාභාගී වීමෙන් කුසල් රැස් කරගත හැකි බව දන ගන්න. … ඔබ මන්ද බුද්ධිකයෙකු ලෙස ලිවීමට පෙර.. ඔබ ලියන වචනවල තේරුම , හොඳින් අධ්‍යයනය කරන්න. පොත් පත් ඇසුරු කරන්න, පුස්තකාල වලට ගොස් කරුණු කාරනා සොයා ගොනුකරගන්න, බුද්ධ දේශනවාට අනුව පිඬුසිගා වැඩීම, පිණ්ඩපාතයේ වැඩීම යන වචනවල තේරුම හොඳින් දැන ගන්න ඔබ අබෞද්ධයෙක් වුවත් …. අනිත් කාරණාව නම් … ඔබ ගෞරව කලයුත්තන්ට ගෞරව කිරීමට පුරුදුවන්න… ඔබ පුජ්‍ය සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හෙලා දැකීමට වචන ලියා ඇත.. ඔබට මට අහල පහලදී මුණගැසෙන අල්ලපුගෙදර ජීවත් වුන සොමපාලට හෝ සෝමදාසට නම කියා කතා කිරීමට හැකිවුවත්, එම ස්වාමීන්වහන්සේගේ මුල් නම ගරුසරුවක් නැතිව කීමට කිසිදු අයිතියක් නැත.. උන් වහන්සේ ඉතා සිල්වත් භික්ෂුන් වහන්සේ නමකි..අප රටට උදාර සේවයක් කල සිල්වත් ගුණවත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකි..ඕනා තරම් වෙස් ගත එවන් එක එක ආගම්වල ශ්‍රමනවේශ ධාරීන් සිටියද. අපේ පුජ්‍ය සෝම ස්වාමෙන්ද්‍රයන් වහන්සේ සිරි ලකට දායාදයකි, උන් වහන්සේ ශ්‍රමනවේශධාරියෙක් නොවන බව තරයේ සිතාගන්න.. එබැවින් උන් වහන්සේගේ නමින් ආමන්ත්‍රණය කිරීමට තරම් ඔබ කවුද? ඕනෑම ආගමක ඉන්නා එම පුජක පිරිස් වලට ගරුකර කතා කරන්න … මෙයින් ඔබේ පරිහානිය මිසක උන්වහසේට කිසිදු පරිහානියක් වන්නේ නැත.
නමුත් සිඟමින් අහිංසක දුප්පත් බෞද්ධ, හින්දු භක්තිකයන් හිඟා කෑමෙන් මුලා කරමින් අන්‍ය ආගම් වලට බඳවා ගන්නා හා තම මුලික අවශ්‍යතාවයන් ඉටු කරගන්නා හිගා කෑමේ ඉදිරියෙන් ඉන්නා සමහර බටහිරෙන් හා අප රටතුලද ව්‍යාප්තවන ආගම් හා දුත පිරිස් වර්තමාන සමාජයේ ඕනෑතරම් ඇත..
Well-loved.
26
මහරගම හිටියත් මම ජීවමාන සෝම හිමියන් දැන ගන්නට තරම් වාසනාවන්ත නොවීමි. මා දැන හදුනා ගත්තේ අපවත් වූ සෝම හිමියන්වය. මරණීය තර්ජන වලට මුහුණ දුන් අයුරු පැවසුවේ පුජ්යන දියතලාවේ පියදස්සි හිමියන්ය. හිටපු නායිකාව පිලිබදව වදාලේ පුජ්ය මහවත්තේ කල්යානණධම්ම හිමියන්ය. උන්වහන්සේලා දෙනමම එවකට මහරගම ධර්මායතන වාසී හිමිවරුන් විය. වජිරාරාමවාසී ඇරෙව්වල සුධම්ම හිමියන්ද මෙය සනාථ කරවුහ.
Well-loved.
8
oba wahnse nawatath may lak deranata wadama karathwaa!!
Well-loved.
10
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
6
යමෙක් යම් යහපත් කටයුත්තක් සඳහා ප්‍රදානයක් කිරීමට කැමති විට ඔහු ඒ සඳහා ආරාධනා කරයිනම් එය පිළිගැනීම සිඟා කෑමක් නොවේ.
නමුත් ඔබගේ පාප් වහන්සේලා(පූජ්‍ය පක්ෂයට ගරු කිරීමට ඔබගේ ආගමෙන් ශික්ෂණයක් ඔබට ලැබී නැති නමුත් පූජකයන්ට පවා ගරු කිරීමට අපිට හැදියාවක් ඇත), සුදු ජාතිය කෙළින් සිටවීම සඳහා කෘසේඩයේ මුවාවෙන් අන්‍යාගමික රාජ්‍යයන් සමග යුද්ධ කර මිනිසුන්ගේ බෙලි කපා යටත් කරගන්න කීමනම් ඉතාමත් අශික්ෂිත වැඩකි.
අනෙක් අතට ආධාර දෙන මුවාවෙන් යමෙක්ව ගෙන්වා ඝාතනය කිරීමත් ඉතාමත් ම්ලේච්ඡ වැඩකි. කෘසේඩයෙන් ලැබුන පන්නර ඇති වර්තමාන පරපුර එවැනි දේවල් කරනවා ඇත.
සෝම හිමි ‘පිඬු සිඟා වැඩීම’ මිස ‘හිඟා කෑම’ කිසි දා කර නැති වුනත්, මිනිසුන් මැරීමට වඩා ‘සිඟා කෑම’ සුදුසු බවත් කිව යුතුය.
Well-loved.
57
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
4
උන්වහන්සේ රුසියාවට වැඩියේ ආචාර්ය උපාධිය මූලික අරමුණු කරගෙන නොව, ඇස් රෝහලක් ඉදිකිරීම සඳහා දෙනවා යැයි කිව් ආධාරය ලබා ගැනීමටයි. උපාධිය එම ආධාරය සමග ලැබන අතුරු දෙයක් පමණි.
Well-loved.
49
boru kiyana hiwalun api ganan ganne ne janaka!