කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස

ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.

තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා. එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුළ ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුණු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කළත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුණු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින හැට හතර වන වියේදී ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය නැතිනම් පාෂාණ මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාණ යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාණ අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුණු මහ විශාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාණ ඉහළට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාණ වල බර දරා සිටින්න පුළුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විධිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.

දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්තකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂාණයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුණත් ඇගිල්ලෙන් ඇනලා වුණත් දොර විවර කර ගන්න පුළුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කළා. ඒ සදහා ලේසර් මිනුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කළා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුණා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුණු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුණා. 1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කළා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කළා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුණා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා. පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාළිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විධිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්නේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක., නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා “magnatic current” කියලා පොතක් පල කළා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොළවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොළවට නොවැටෙන්නේ සඳේ හා පොළවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කළොත් සද පොළවට ආකර්ෂණය වී පොළවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොළයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යානයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුණා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුණු සමහර සක්ෂි තිබෙනවා.

මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුණේ රොකට් යානයක මුදුනේ මේ උපකරණය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් කියලා.

මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහළට ආපු වයරයකුත් දැක් ගන්න පුළුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා. නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.

මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.

එඩ්වර්ඩ් ගේ මාළිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙළ විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුණේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා.

කොහොම නමුත් අද ලෝකයේ ඇති බලසශක්ති ගැටලුවට අභ්‍යාවකාශ තාක්ෂණයට මිනිසා වෙත විශ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුණු අති විශිෂ්ටම රහසක් ඔහුත් සමගම පොළවට වැළලුනා. සමහර විට එදා මෙදා තුර විසශිෂ්ටම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුළු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොළව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරන කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.

කට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද?, නමුත් අන්තර් ජාලය පිරික්සන්න, මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුළුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුළුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුළුවන් වේවි. මොකද කරන්න පුළුවන් මේ ගැන. සමීකරණ විසඳමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ෂණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර…? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝන…? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ…?????

මේ තියෙන්නේ එඩ්වර්ඩ්ගේ පොතේ ලින්ක් එක කියවලා බලන්න මොකුත් හොයා ගන්න පුලුවන්ද කියලා.

http://freeenergynews.com/Directory/Magnets/Leedskalnin/Magnetic-Current_Edward-Leedskalnin_51pp.pdf

‍ http://www.scribd.com/doc/242432/Ed-Leedskalnin-Magnetic-Current-Illustrated

By: Ranga Nanayakkara
“Sri Lankan Science Force”
https://www.facebook.com/groups/sciencelk/

2986
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

16 comments to කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස

  • Kishan

    රාවණ සතුව තිබිණයි කියන මහා තාක්ෂණය ගැන කියනවිට ඔහුට ගරහන, සුරංගනා කතා යැයි ඉවත දමන අය ඒ සියලු දේ ගැන වඩාත් ගැඹුරින් සොයා බැලියයුතුබව මගේ අදහසයි

    Thumb up 3 Thumb down 3

  • tishantha

    Ishani Narahenpita කියපු කතාව ඇත්ත, මමත් ඔය ලිපිය කියවන විට කල්පනා කලේ , පුරාන ඊජිප්තු ජාතිකයන් විදුලිය ගැන දන්නා හිටියේ නැහැනේ , ඉතින් එයාලගේ මොනම තාක්ෂනයකටවත් විදුලිය සම්බන්ද වෙන්න බැහැ. තනිකරම චුම්භක ශක්තිය මත විතරමය් . එයා ලෝකෙන් එක වසන් කලේ සමහර විට පොඩි ලමෙක්ට උනත් තේරුම්ගන්න පුළුවන් සරල තාක්ෂණයක් නිසාද දන්නේ නැහැ .

    Well-loved. Like or Dislike: Thumb up 7 Thumb down 2

  • ලහිරු චානක

    මට හිතෙනවා මට උත්සාහ කරන්න පුළුවන් වේවි කියලා…
    මේ අගයන් දෙක මට වැදගත් නොවුනත් .. මෙයා මේ භාවිතා කළේ මොන අගයන්ද කියන එක මට වැදගත් වේවි.. “මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ෂාංශ හා දේශාංශ දැක්වෙන බව පැවසෙනවා” කියන සාධකයත් අහක නොදැම්මොත් සමහරවිට මෙයා මේ කියන්න හදපු දේ ගැන හෝඩුවාවක් ගන්න පුළුවන් වේවි..

    Thumb up 3 Thumb down 1

  • Ishani Narahenpita

    මම මේ උද්‍යානය ගැන දැනගත්තේ වසර කිහිපයකට කලින් පත්තරේක තිබුණු ආටික්ල් එකක් කියවලා. ඒත් මේවා නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි විද්‍යාත්මක තාක්‍ෂණයක් උපයෝගී කරගෙන කියලා මේ ලිපිය කියවලා තමා දැනගත්තේ, මොකද පත්තරේ තිබුණ ලිපිය කියවලා මම මේ පුද්ගලයා ගැන හිතන් හිටියේ මැජික් කාරයෙක් කියලයි. මං හිතන්නේ මෙම පුද්ගලයා විසින් අත්හදා ඇති බලය විශ්ව ශක්තියට සමගාමීව යන එකක්. මම මේ පුද්ගලයාගේ රිසර්ච් ආටික්ල් එක මුල ඉඳන් අග වෙනකන් කිසිම එපා වීමක් නැතිව කියෙවුවා, මම එහෙම එපා වෙන්නැතිව රිසර්ච් එකක් කියවපු පලවෙනි පාර. හොඳ වෙලාවට මේ මනුස්සයා 4 පංතියට වෙනකන් විතරක් ගියේ, ඒ නිසා සේරම තේරෙන භාෂාවෙන් තියෙනවා නැත්නම් ඔය ලොකු ලොකු පොරවල් කරපු රිසර්ච් කියවන්න ගිහාම එපා වෙනවා.

    මුලින්ම විද්‍යුත් ශක්තිය උපයෝගී කරගෙන චුම්භක ධාරාවක් නිපදවා තියෙනවා ඒ ධාරාවෙන් ඊට පස්සේ චුම්භක ක්‍ෂේත්‍රය මධ්‍යයේ (+, – ධ්‍රැව මධ්‍යයේ) කොයිල් එකක් සම්බන්ධ කරපු බල්බ් එකක් තියනවා, ඒ කොයිල් එක කිසිම ආකාරයකින් ධන සෘණ අග්‍රවලට හෙවත් උතුරු දකුණු ධ්‍රැව වලට වයර් එකකින් සම්බන්ධ කරලා නැහැ. ඒත් අවකාශයේ ගමන් කරනා චුම්භක ධාරාවේ බලයෙන් බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ වයර්ලස් විදිහට බල්බ් එක පත්තු වෙනවා * මේ පුද්ගලයාගේ රිසර්ච් එකේ තිබුණ 99%ක්ම පොඩියට හරි අත් හදා බලලා යූ ටියුබ් එකේ තියෙනවා ඒත් මේ වයර්ලස් ලයිට් පත්තු වෙන එක නැහැ නේ.

    මේ මිනිසා යූ හැඩයේ චුම්භක 24ක් පාවිච්චි කරලා මොනා කරන්න ඇත්ද කියලා පොඩි හරි අදහසක් ගන්න, වෙනත් අය විසින් එඩ්වර්ඩ්ගේම සංකල්ප පදනම් කරගෙන නිර්මාණය කල යූ ටියුබ්හි පර්යේෂණ කිහිපයක් බලන්න

    http://www.youtube.com/watch?v=eqJzU321NXs&feature=relmfu
    ඉහත ක්ලිප් එකේ තියෙන්නේ යූ හැඩයේ එක චුම්භකයක් යොදාගෙන කුඩා චුම්භක මෝටරයක් තනා ඇති ආකාරය, ඒක කැරකෙන වේගය බලන්නකෝ, ඒ වගේ චුම්භක 24ක් යොදලා ඉතින් මොනාද කරන්න බැරි…

    මේ ඔහුගේ, විද්‍යුත් චුම්භක නිත්‍ය චලිතය පිළිබඳ තව පරීක්‍ෂණ කිහිපයක්
    http://www.youtube.com/watch?v=wItXxuEf2zo&feature=relmfu
    http://www.youtube.com/watch?v=9z3z1sftowg&feature=relmfu
    http://www.youtube.com/watch?v=g1QWtQ9-nMM&feature=relmfu
    http://www.youtube.com/watch?v=QCFybK2IVHc&feature=relmfu
    http://www.youtube.com/watch?v=rCgm4kQK9fA&feature=relmfu
    http://www.youtube.com/watch?v=5L0kOl6-Afg&feature=relmfu

    ඒත් රිසර්ච් එකේ පැහදිලිව ඇඳලා විස්තර කරලා තියෙනවා, “මම බර ඔසවන්න පාවිච්චි කල ක්‍රමය, තාක්‍ෂණය මේකයි” කියලා, එහෙම තියෙද්දිත් ඇයි දන් නෑ ඔහුගෙන් පසුව තාම එවන් උපකරණයක් නිපදවන්න අපොහොසත් වුණේ… අනික ඇයි දන් නෑ ඔහුගේ උපකරණ වැඩ කරන හැටි ලෝකෙට පෙන්නුවේ නැත්තේ…

    අන්තිමට මට තේරුණ විදිහට මේ පුද්ගලයා විද්‍යුත් ශක්තිය ගාව නොගෙන තනිකර චුම්භක ශක්තියෙන්ම චුම්භක ධාරා නිප්දවලා තියෙනවා… මේ ටික තමා මට නම් තේරුනේ.

    Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 0

  • hasitha

    මේ ලිපිය ඉතාමත් හොඳ තර්කයක් මතු කරලා තියෙනවා ,,,,සොබා දහම නියම ආකාරයෙන් තේරුම් ගත් තැනැත්තා මේ විශ්වයේ රහස් යැය් අපට දැන් හැඟෙන ස්වබාවය තේරුම් ගන්නවා ,, අපේ පැරැන්නන් ඉතාමත් හොඳ විවේකි බුද්ධියකින් විසු ,,,සොබා දහමට ඉතා සමීප ,,,මිනිසුන් …බුදු දහම නිසා ඔවුනට අවශ්‍ය විවේකි බුද්ධිය නිතැතින්ම ලැබුන නිසාවෙන් ,,ඔඋන් කල කි දේවල් අපට පුදුම දේ විදිහට දැන් හැඟෙනවා ,,,යමෙක් දසිස් රාවණ රජතුමා සහ විමාන ගැන සඳහනක් කර තිබුන …විමාන බාවිතා කලේ රාවණ රජතුමා පමණක් නොවේ පැරැන්නන් විමාන බාවිතා කළහ ….ඒ ගැන සොයන්න අවශ්‍යනම් ඕනෑතරම් මුලාශ්‍ර තිබේ ,,,වෙන කෙනෙක් සොයා තමන් ලඟට ගෙනත් ඔප්පු කරන තෙක් සිටියහොත් කිසි දෙයක් දන ගැනීමට ලැබෙන්නේ නැත ,,අපේ පැරණි සබැ ඉතිහාසය සොයන්නට සබැ උවමනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් යම් කිසි කැප කිරීමක් කල යුතුය ,,,එසේ නොමැතිව විනෝදයට වගේ මේවා ගැන කතා කිරීමෙන් හැල්ලු වන්නේ අපේ දේමය ,,,,,ඉස්තිර වශයෙන් එක දෙයක් කියමි කොහෙවත් දේවාලෙක දඬුමොනර නැත මේවා ආඬි විසින් ගොතන බොරුය

    Well-loved. Like or Dislike: Thumb up 9 Thumb down 0

  • chamil

    මා O/L කරන දවස්වල මට හීනයක් තිබුනා කෘතීම ගුරුත්වකරශ්නයක් හදන්න ඒවගේම මට අදහක් තිබුනා එමගින් වස්තුන් බක හැකිබව මා මේ පිලිබදව හිතමින් සිටියදී මට එය සැදීමට අදහසක් පහල උනා එහෙත් ම ඒ පිලිබදව වැඩි තැකීමක් කොළ නිසා මට එය අමතක විය එකල මා මේ කිසිදු උද්‍යානයක් හෝ මෙ පපුත්ගලය ගැන කිසිවක් දන සිටියේද නැත ම මේ කියවීමෙන් පසු මට අයෙ කෘතුහලය වැඩිවිය එමනිසා ම මේගැන නැවතවරක් සිතීමට පටන් ගනිමි

    Thumb up 3 Thumb down 1

  • Shan

    මම නම් මේකේ විද්‍යාත්මක පැත්ත ගැන හරියටම දන්නේ නැ. එත් levitation කියල පට්ට ලස්සන සංකල්පයක් තියනවා.ඕනේ නම් ගූගල් කරලා බලන්න. quantam levitation කියල එකකුත් තියනවා.

    Thumb up 0 Thumb down 0

  • Reshan

    ඉතාම වටිනා ලිපියක්..ඇත්තටම මේ ගැන මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ…ලස්සනට තේරෙන විදියට ඉදිරිපත් කරල තියෙනවා…ගොඩක් වටිනවා

    Thumb up 0 Thumb down 0

  • අසංක ප්‍රභාත්

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 3 Thumb down 15

    • බිංකෝ

      ඔය ශාස්ත්‍රය ගැන මූලාශ්‍රයක් නැත්තෙම නෑ. ‍පොඩ්ඩක් හොයල බැලුවොත් ලැබෙයි.

      Thumb up 3 Thumb down 2

    • ප්‍රභාත් මහත්මයා, මූලාශ්‍ර ඉන්දියාවේ තිබුන පලියටම “සිංහල එකකුත් නොව ඉන්දියානුවන්ගේ එකක් ලෙස පිළිගත” හැකිද ??
      අහුබුදුවන් යමක් කීවා නම් එයද කිසිසේත් ඉවතහල නොහැකී, මක් නිසාද එතුමා යමක් කිවුවා නම් කිවුවේ කරුණු-කාරණා ඇතිව බැවින් මිස, කට කහනවට කියපු යමක් නොවන නිසා !!

      අනික වෛමානිකා ශ්‍රාස්ත්‍රය ඉන්දියාවේම බිහි වුනා නම්, ඇයි විමාන තාක්ෂණය, විමාන සහ දඬුමොනරය “රාවන රඡු” සහ “ලංකා” සම්මතයේ පමනක්ම කථා ගෙතී තිබෙන්නේ ? “රාමායනය” ලියු වාල්මිකීට වැරදිලා විය යුතුයි,රාවන රඡු දඬුමොනරයෙන් ගිය බවත්, නමුත් ඉන්දියාවේ සිට පැමිනි රාමා/ලක්ෂ්මන හනුමාගේ උදවු ඇතිව “ගොඩබිමින්” ලංකාවට පැමිනි බව කීමට !? ඒ කියන්නේ ඉන්දියාවේ-වාල්මිකී ඉන්දියාව අමතක කරලා ලංකාවට full credit එක දුන්නද, විමාන සහ දඬුමොනරය සම්භන්දව !? හිතාගන්න අමාරුයි රාවන රඡු ගැන අකාරුනිකවු වාල්මිකී එහෙම දෙයක් කරයි කියලා!.

      ps.
      “කොහෙද දේවාලෙක දඬුමොනරයක් තියෙනව කියනවනෙ” ඉතින් මහත්මයා ඇත්තටම හොයලා බලා ගොඩට ගන්නකො, “කොච්චර ආඩම්බරයක්ද ලංකාවට” මටත් කියන්න මාත් එන්නං උදවුවට !!
      ((විහිලුවක් නොවේ))

      Well-loved. Like or Dislike: Thumb up 19 Thumb down 3

    • සචිත අමන්දු

      වෛමාන ශාස්ත්‍ර විතරක් නෙමෙයි, සමස්ථ වේද සාහිත්‍යයම බිහි වුණේ පුරාණ හෙළ අධිරාජ්‍ය තුළ.

      වේදය සහ ඒ ආශ්‍රිත සියලු විද්‍යවන්හි ආදි කතෘ වරය උනේ පුලතිසි රාවණ. ඒ කියන්නෙ රාවණා රජුගෙ සීය.

      දැනටත් ඉන්දීය යොගාවචරයින් පුලතිසි රාවණා ගුරු තත්වයේ ලා සලකනවා. එතුමා සම්මුති ලෝකය තුල ඉහලම තලය වන අරූප තලයේ සිත පිහිටවපු කෙනෙක්. හින්දූන් එම ඩීවිතය සදාකාලික යැයි කීවත් එහි මහා කල්ප 84000 කින් ආයුෂ ක්ෂය වන බවයි බුදු දහමේ සදහන් වන්නෙ.

      පුලස්ති රාවණාගේ ධර්මය බුදු දහමට වඩා ප්‍රාථමික උනත් හෙළ වැසියෙක් ලෙස එතුමාව අගය කළ යුතුයි.

      වේදය පිළිබඳ මෙම කාරණා මා සපයා ගත්තේ ඉන්දියාවේ රිෂිකේෂ් හි වේද යෝගී ක්‍රම ගැඹුරෙන් හදාරන ලාංකික ස්වාමි වරයෙකු මාර්ගයෙන්.
      එබැවින් මෙම දත්තයන් අධි මානසිකත්වය විශ්වාස නොකරන, නවීන විද්‍යා වාදින් හට ගෝචර නොවන්න පුලුවන්. එසේ වීම පිළිබඳව වාද ඇතිකර ගත යුතුද නැත. මෙම කරුණු තේරුම් ගත හැකි අයගේ දැන ගැනීම සදහා පමණක් සටහන් කර තබමි.

      අවසාන වශයෙන් කිව යුතු කරුණ වන්නේ අපට ලැබී ඇති බුද්ධ ධර්මය මේ සියලු ශාස්ත්‍රයන්ට වඩා උසස් බැවින් එවායේ නොඇලී, නොපමාව ධර්මයේ හැසිරී සසරින් එතෙර වන්න යන්නයි.

      Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • බිංකෝ

    ඉතාම වැදගත් ලිපියක්. ඇත්තටම මම දැනං හිටියේ නැහැ මෙවන් උද්‍යානයක් ගැන. ඒත් ලඟදි මමත් ටිකක් උනන්දු උනා ඔය මාතෘකාව ගැන. ඒ තමයි විමාන! ඉස්සර කාලේ ( රාවණ රජතුමාගේ කාලේ මම හිතන්නේ ) උඩින් පියාසර කරපු යානා තමයි විමාන කියන්නෙ. දෙවන ලෝක යුද්දෙ කාලෙ වගේ ජර්මනියෙං ඔය ගැන පරීක්ෂණ කරල තියෙනවා. මම හිතන්නෙ ඔය විමාන සහ මෙ‍ම තාක්ෂණය අතර සම්බන්ධයක් තිබෙන්න පුළුවන්. විමාන වැඩ කරන්නෙ රසදියෙන් කියලයි කියන්නෙ. විස්තර ඕනෙ තරම්. මේ එකක්. http://www.youtube.com/watch?v=K71W1vGZ1ME&feature=related

    ස්තුතියි
    බිංකෝ

    Thumb up 1 Thumb down 0

  • මධුභාණි

    මේ දවස්වල මම කියවමින් ඉන්න “The Lost Symbol”පොතේ තියෙන්නෙත් මේ වගේම කතාවක්. මාත් හිතන්නේ නවීන විද්‍යාව ඉතාම ඉක්මනින් පුරාණ දැනුම වෙත යා යුතුයි.

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.