පහත දැක්වෙන්නේ අපගේ මිතුරෙක් තම මූනු පොතේ බිත්තේ දක්වා තිබූ කොමෙන්‍ටු කීපයක එකතුවකි. එහි කාලීන වැදගත් කම නිසාම ඔහුගේ අවසර සහිතව මෙලෙස උපුටා දක්වමි.
»
සරත් ෆොන්සේකා මහතාව “හොඳින් හෝ නරකින්” නිදහස් කර ගත යුතුය යන උද්ධෘතය යටතේ ධවල මන්දිරයට යැවෙන පෙත්සමක් සඳහා අත්සන් ඉල්ලමින් අන්තර්ජාලයේ සංසරණය වෙනු දුටිමි… ධවල මන්දිරයට පෙත්සමක් ඒ වෙනුවෙන් යැවෙනුයේ නම්, අප මින්පසු විවිධ අවශ්‍යතා සඳහා පුරවන “Nationality” තීරු වල “American” ලෙස සටහන් කළ යුතුය… මක් නිසාද, පෙත්සමක් සළකා බලා ඇමරිකන් නායකයන්ට ඔහු නිදහස් කළ හැක්කේ අප ඇමරිකාවේ ප්‍රාන්තයක් නිසා බැවිනි… (උනේ කවදාදැයි නොදනිමි)..
සරත් ෆොන්සේකා මහතාව “නරකින්” නිදහස් කරන්නේ කොහොමද? යන්න තවත් ගැටළුවකි… ඇමරිකාව ඔහුව “නරකින්” නිදහස් කරන්නට මැදිහත් වුවහොත්, වත්මන් පාලනය කෙරෙහි බද්ධ වෛරයකින් පෙළෙන කවුරුන් හෝ සකසා දුන් යමක්, ආවේගයට වහල් වී අත්සන් තැබීම තරම් ඒ සිද්ධිය “සරල, සුගම” නොවන බව ඉරාකයට සහ ලිබ්යාවට වූ දේ ගැන දන්නා අයට කල්පනා විය යුතුය.
හිතන තරම් සොඳුරු නැත… හෙට දිනයේ ඇමරිකන් හමුදාව ගොඩ බැස සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරගනිද්දී කොළඹ පුරවරයේ හැටි පහත වීඩියෝවෙන් දැන්මම බලා ගන්න…
මෙම “පෙත්සමට” මෙතෙක් අත්සන් තබා ඇති 11,135 දෙනාම ඇමරිකානු රජය තම රජය ( “Our Government” ) ලෙසත්, ඇමරිකානු කොංග්‍රසය තම ව්‍යවස්ථාදායකය ලෙසත්, ඇමරිකානු නායකයා තම නායකයා ලෙසත් පිළිගෙන ඇත… ඔවුන්ට තවත් ඇමරිකානු යටත් වැසියන් 13,865 ක් උවමනා කර තිබේ.. ( ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් නොවන නිසාත්, මෙයට අත්සන් තැබූවන්ට ඇමරිකානු පුරවැසි භාවය නොමැති නම් ඔවුන් “කොළණි වැසියන් / යටත් වැසියන්” ලෙස ජාත්‍යන්තර නීතියෙන් හඳුන්වනු ලැබේ.. ( East African Protectorate definition ) ..ඔබටත් යටත් වැසියෙකු වීමට අවශ්‍ය නම් මෙන්න අනගි අවස්ථාවක්.. තව අවස්ථා 13,865 යි.. ඉක්මන් කරන්න…
“You agree not to create petitions that fall outside this limited purpose—for example, petitions that advertise or call for the endorsement or purchase of commercial goods or services, petitions that expressly urge the support or opposition of candidates for elected office, petitions that do not address the current or potential actions or policies of the federal government, or petitions that address a topic not included in We the People at the time the petition was created.”
source: https://wwws.whitehouse.gov/petitions#!/how-why/terms-participation-archive
“කිසියම් භූමි භාගයක්, හෝ තන්ත්‍රයක් අන්‍ය රාජ්‍යයක නීතිගතව නතු කර ගන්නා ලද කොටසක් නොවන්නේ නම්, හෝ එහි උපන් අයෙකුට, එකී ව්‍යවස්ථාදායකත්වය හෝ රාජ්ය අධිකාරීත්වය හොබවන රාජ්‍යයේ, පොදු රාජ්‍ය එකඟතාවයේ, හෝ තන්ත්‍රයේ පුරවැසි භාවය හිමි නොවන්නේ නම්, එකී ව්‍යවස්ථා දායකත්වය, රාජ්‍ය අධිකාරීත්වය, බැඳෙන ලෙස පිළි ගන්නා අය කොළනි වාසීහු ( යටත් වැසියන් ) ලෙස හැඳින්වේ..”
-”East African Protectorate” පරිවර්තනය.
“East African Protectorate” යනු නැගෙනහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය වහල් වෙළඳාම නීතිගත කර ගත් ලියවිල්ලක් වන අතර, එහි “කොළණි වැසියන්” ( යටත් වැසියන් / වහළුන් ) හඳුන්වන්නට යොදා ගත් නිර්වචනය අද ජාත්‍යන්තර නීතියට එක්ව ඇත..
“East African Protectorate” හි අර්ථ කතනයන් ප්‍රකාරව “යම් කිසි පුද්ගලයෙකු කිසියම් රාජ්‍යයක ව්‍යවස්ථා දායක සභාව හෝ නායකයා / නායක සමූහය, තමා කෙරෙහි අධිකාරී බලයක් ඇති ලෙස පිළිගනියි නම්, එහෙත් එම පුද්ගලයා උපන් භූමිය, එකී අදාළ රාජ්‍යයට නීතිගතව ඇතුළු කර ගන්නා ලද කොටසක් නොවේ නම් ( උදා: ඇලස්කාව සහ හවායි දූපත් ඇමරිකාවේ නීතිගත “ප්‍රාන්ත” / කොටස් වේ.. ) හෝ ඒ පුද්ගලයා ඉහත කී රාජ්‍යයේ පුරවැසි භාවය ලබාගත් අයෙකු නොවේ නම්, ඔහු හෝ ඇය වත්මන් නිර්ණය අනුව “යටත් වැසියෙකු” ලෙසත්, අතීත නිර්ණය අනුව “වහළෙකු” ලෙසත් සැළකේ..” .. පෙත්සමක් යනු තමන්, තමන්ගේ පාලක අධිකාරිය ලෙස පිලිගන්නා තැනකට යැවෙන පැමිණිල්ලකි..ඇමරිකානු රජයට “පෙත්සමක්” යවන තැනැත්තා, එවිට ධවල මන්දිරය තම පාලන අධිකාරිය ලෙස “පෙත්සම” යන්න තුළින් පිළිගැනේ.. ලංකාව ඇමරිකාවේ නීතිගත ප්‍රාන්තයක් නොවේ නම්, එම පෙත්සමට අත්සන තබන තැනැත්තා 1. හවායි සහ ඇලස්කාව ඇතුලු ඇමරිකානු ප්‍රාන්ත 50 තුළ නූපන්නේ නම්, හෝ 2. වත්මනේ ඇමරිකානු පුරවැසි භාවය ලබා නොසිටින්නේ නම් ඒ අය…..???
බැන් කිම් මූන් උන්නැහේ ළඟට හෝ ජිනීවා වෙත යෑම ගැටළුවක් නැත.. ඒ ආයතන අත්සන් තබන පාර්ශව වලට “බැඳුම් කාර සහිත” ගෝලීය ආධිකාරීන්ය.. බැරැක් ඔබාමා යනු ඇමරිකානු ජනාධිපතිවරයායි.. ඔහුට යවන පැමිණිල්ල “පෙත්සමක්” නම්, නීති වේදීන් පිළිගන්නා “කොලියර් එන්සයික්ලොපීඩියාව” ප්‍රකාරව, පෙත්සම යනු “ව්‍යවස්ථා දායක සම්මතකරණය, අධිකරණ විනිශ්චය හෝ විධායක බලතල ඉල්ලා” ඔහු වෙත යැවෙන ආයාචනයකි.. “උදා: හබයාස් කෝපස් , මැන්ඩාමස්, “.. එවිට ඒ යවන අයගේ “විධායක අධිකාරියා” බවට බැරැක් ඔබාමා ජනාධිපතිවරයා පත්වේ.. අපි දන්නා තරමට විශාඛා බාළිකාවේ ළමෝ ජාතික ගීය ලෙස “Star-Spangled Banner” ගීය නොගයන නිසා ලංකාව ඇමරිකාවේ කොටසක් නොවේ.. එහෙම විටක පෙත්සමට අත්සන් කරන කෙනා ඇමරිකන් පුරවැසියෙකු නොවේ නම්, ඔහු හෝ ඇය ඇමරිකානු රජයේ යටත් වැසියෙකු වේ.. ඇමරිකානු පුරවැසියන් ඔහුට හෝ ඇයට ඉහළින් සිටිති.. උදා : “Panama Canal Zone” හි සිටි පැනමාවේ උපන් අය..
ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයේ පනස් එක් වැනි ප්‍රාන්තය නොවේ.. ඇමරිකානු කොංග්‍රසයට අපේ ඡන්දයෙන් ගිය නියෝජිතයන් නැත… බැරෑක් ඔබාමා හෝ ජෝන් මැකේන් අපේ ඡන්දය ඉල්ලා මැතිවරණ ප්‍රචාරක රැළි කොළඹ, හපුතලේ, බදුල්ලේ, පැවැත්වුවේද නැත… එනිසා, අපේ අධිකරණයෙන් වැරදි කරු කොට සිර දඬුවම් දුන් අයෙකු නිදහස් කරන්නට “ජනාධිපති සමාවක්” හෝ වෙන යම් කිසි ක්ෂමා ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔබාමාට හැකියාවක් නැත.. එහෙනම් ඔහුට කළ හැක්කේ ත්‍රාඪ බලහත් කාරයක් භාවිතා කිරීම පමණි.. එවිට විපතට පත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සහායකයන් හා ඡන්ද දායකයන් පමණක් නොවේ… බල තණ්හාවෙන් මත් වී, රා බී වෙරි වූ මීයන් සේ බ්‍රේක් නැති කටවල් වල සුදු කොඩි එල්ලා ගත්තා නම්, ඒ කියුම් කෙරුම් වල ඵල විපාක සේ එන දේවල් වලට රටේ ජනතාව පළි නැත.. ඇමරිකන් මැදිහත් වීම් “ආතල්” නැත.. මොළයක් තිබේ නම් ඔය මර උගුල් වලට අත්සන් තබන්නත් එපා…!
«
මා මිතුරාගේ ඉහත අදහස් ටික පළ කිරීමෙන් මා බලාපොරොත්තු වෙන්නේ සරත් ෆොන්සේකා මහතාව සිරගත කිරීම හොඳ තීරණයක්ද නැද්ද යන්න ගැන කතා කිරීමට නොවෙයි. මක්නිසාද යත් එය ගරු අධිකරණයේ තීන්දුවක් නිසා අධිකරණ තීන්දුවක් විවේචනය කිරීම සදාචාරාත්මක හා නීති විරෝධී වීම නිසා පමණක් නොව එය සිංහල බෞද්ධයා අඩවියට නොව ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනය ගැන කතා කරන අයට හා තැන් වලට අදාල දෙයක් බැවිනි. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට අපේ රටට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම ජාතික ව්‍යසනයක් විය හැකි බැවින් ඒ ගැනයි මේ කතිකාවත.
මෙම පෙත්සමට අත්සන් එකතු කිරීමේ නිරතව සිටින මැදි වයසේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක් සමග ස්කයිප් හරහා වසර ගණනාවකට පසුව නැවතත් සංවාදයකට එකතු වීමේ (අ)වාසනාවක් පෙරදා මැදියම් යාමයේ ලදිමි. එහිදී ඔහු ප්‍රකාශ කළ දේවල් මතක හැටියට ඔහුගේම බාසාවෙන් මෙලෙසයි.
“මල්ලි මං ඔයාගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් එව්ව හම්බුනා නේද?… අන්න ඒකට සයිනප් වෙලා වෝට් කරන්න.
ඕකෙන් මල්ලි ජෙනරාල්ව මේ පාරනම් අපි කෙක්කෙන් හරි කොක්කෙන් හරි නිදහස් කරගන්නව.
මහ රජාත් එක්ක කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක, ඌට රිදෙන්නම මේ පාර පාඩමක් උගන්වන්න ඕනැ.
හොඳින් කිව්වහම ඌ ඇහුවෙ නැත්නම්… උඩින් පොඩි සද්දයක් දාල… ෆූස් ගාල කොළමට ඇවිත් ජෙනරාල්ව අරගෙන යනව.”
ඔහුට එය සරළ දෙයක් වුනාට ශ්‍රී ලංකාවේ සිටින අපට එය හිතන තරම් සරළ දෙයක් නොවන්නේ එවැන්නක් සිදු වෙන තෙක් අපේ රටේ හමුදවත් නිකම්ම උඩ බලාගෙන නොසිටින බැවිනි. අද සරත් ෆොන්සේකා මහතාව නිදහස් කර ගැනීමට දෙළොව ගිණි අරගෙන මෙන් දඟලන පුද්ගලයන්, එදා මානුෂික මෙහෙයුම දවස් වල කිව්වේ මේවායි.
“වතුර වෙනුවෙන් යුද්ද කරන්න එපා කියල ඔහේලගෙ බුදු හාමුදුරුවොම කියල තියෙනව නේද”… බෞද්ධයන්ට පුළුවන්ද බං යුද්ද කරන්න, මහින්දයට කියපන් බැරි වැඩ කරලා හොම්බ බින ඇණගන්නෙ නැතිව ඉන්න කියල”… “අන්න දැන් උඹලගෙ ජාතිවාදියට සනීප වෙන්න කියල උඹලම බෝදිපූජා කරගන්න එකයි ඇත්තෙ”… “වෙසක් පෝයට දවස් කීපෙකට කළින් උඹල ලොකු පිනක් කරගත්ත කියල ආරංචියි, සාදු සාදු”…
ඔබටත් එවැනි දෑ කවදා හෝ ඇසන්නට ඇති. එසේ කිව් පුද්ගලයන් අද මේ දඟලන්නේ ඇයි? අනික එදා කොටි ත්‍රස්තයන් දහස් ගණන් අසරණ ජීවිත විනාශ කරද්දී ඔය පෙත්සම්කරුවන් ධවල මන්දිරයට පෙත්සම් ගසනවා තියා අඩුම තරමින් ඒ ගැන කතා කළේවත් නැත.

අද සරත් ෆොන්සේකා මහතාව ගලවා ගැනීමේ හමුදාවේ ජෙනරාල් වරයෙක් වන වික්‍රමබාහු කරුණාරත්නයන් එදා කොටින්ට කඩේ ගිය සැටිත් කොටින්ගේ මහවිරු උත්සව වලදී කතා පැවැත්ත්වූ හැටිත්, තවමත් කොටි හිතවාදී මතයේ සිටින හැටිත් අමතක කරන්නේ කෙසේද?
ඔබට යුක්තිය සාධාරණත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය මෙරටින් ලබා ගැනීමට නොහැකි බව සිතේනම් ඒ සඳහා ජිනීවා අධිකරණය වෙත පිය නැගීම ඔබ වෙත ඇති අයිතියකි. එහෙත් මුළු ලෝකයම විනාශ කරමින් යන ඇමරිකනුවන්ගේ ලෝකාධිපත්‍යය පැතිරවීමේ මන්ත්‍රණ සභාව වන ධවල මන්දිරය යනු ලෝකයේ යුක්තිය පසිඳලන තැනක්ද? මෙහි “විනිසුරු චරිත” රඟපාන්නට ඒමට සිටින බැරැක් ඔබාමා, හිලරි ක්ලින්ටන් ආදීන්ව ඒ විනිසුරු අසුන් වල ඉන්දවීමට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද?.

Methana tiyenne hamadama ape sinhalayo bedha karapu paksha desha palanaya misak wena mokakda? Eda sarath fonsekata puluwan tharam mada gahapu kotintama kade giya adath kade yana wickramabahula ada sarath fonsekata awadima thamai lokuma hinayana wade. SF wa nidahas karanna ona kiyana eka wenama prashnayak eth ratata wirudda balawega ekka ekathu wenawanam sarath fonseka athulema hitapuden.
Independence to any country is very good but some leaders misuse the Independence for their personal benefits. In that way, Independence Day in Sri Lanka is really a “Mourning Day” for most of the Sri Lankans as our national wealth and hard earned foreign exchange and local taxes are being exploited and looted by these politicians. The colonial rule especially the British Rule may have developed our country beyond Singapore or Hongkong as we have all the natural resources but since Independence, we have been going down the “pallama” and since Chinthanaya, even below that of sea level. The real Independence to Sri Lanka was brought to us by His Excellency Hon. Sarath Fonseka by crushing the deadliest terrorist group in the world. I say so as he won the Presidential Elections very handsomely but “computer and other jilmarts” changed the results upside down. As Bernard says, on 4th February 1948, Independence was given to us on a platter without any bloodshed soon after India was given Independence. Therefore, it is right to celebrate 19TH MAY as the Day of Liberation for Sri Lanka and instead of the “Rogue President”, the Real Leader who won the 30 year old war and the duly elected President should preside and take the Salute from all the forces.
රංග සහෝදරයා ලංකාවෙ දේශපාලනය කියන්නෙ ජරා ගොඩක්. එනිසා සෘජුව හෝ වක්‍රව දේශපාලනය සම්බන්ධ වන මාතෘකා මෙහි පලකිරීමෙදී මීට වඩා සැලකිලිමත් වෙනවානම් සුදුසු බවයි මගෙ හැඟීම.
Hot debate. What do you think?
5
4
ඒත් මේ සිංහල බෞද්ධ රටට, සිංහල බෞද්ධ කමට, ප්‍රශ්නයක් වෙන දෙයක් දේශපාලනේට ලඝු කතා කරන්නේ නැතිව ඉන්න එක හොඳ නැහැ. අතීතයේ හිටපු මිනිස්සුත් එහෙම කලානම් අද ධර්මයක්වත් අපිට රටකවත් නැහැ.
මේ වීඩියෝ ටිකත් බලන්ඩ අමතක කරන්ඩ එපා, ඔය සුදු මහත්තයාලාගේ උදව් ගන්ඩ බලන් ඉන්න අය :-
http://www.youtube.com/watch?v=DawhtEzur18
http://www.youtube.com/watch?v=m9fBwqW8vMo
http://www.youtube.com/watch?NR=1&v=mi8DQspNeX4&feature=endscreen
ඔය ධවල මන්දිරය හා සම්භන්ධ අයගේ අතීත කිරියාවන් සහ හපන්කම් !! මේ වගේ අයගෙන් උදව් පතන්නේ අපේ ඇත්තන්ගේ නොදන්නකම නිසා, ඒ නොදන්නකම තුරන්වී නුවණැති(මොලය ඇති) අය බවට පත්වේවා !! !!
ps. අවශ්‍ය නම් කියන්ඩ, ඉහත වීඩියෝ වල අඩංගු දෑ සිංහලට පරිවර්ථනය කරන්ඩ.
Well-loved. Like or Dislike:
9
4
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
8
12
මහින්දගේ මම එකඟ නොවන බොහෝ දේවල් තිබේ. ඒත් ජිනීවා යාම ගැන එකඟ නොවන්නේ කෙසේද?
[1] ශ්‍රී ලංකාවේ අධිකරණයකින් කිසිවෙකුට සාධාරණයක් නොලැබෙන විට ඔහුට ජිනීවා අධිකරණයේ පැමිණිළි කිරීමට අයිතිය තිබෙන බවට ශ්‍රී ලංකා රාජ්‍යය නෛතික වශයෙන් එකඟ වී ජිනීවා හි අත්සන් කර තිබේ.
[2] ඔහු ජිනීවා ගියේ සමහරුන් මෙන් කොටින්ව ආරක්ෂා කිරීමට හෝ තමන්ට යුක්තිය පසිඳළීමට හෝ නොව ඒ කාලයේ රජය විසින් නිකරුනේ මරා දමන තරුණයින්ව ආරක්ෂා කරගැනීම වෙනුවෙනි.
[3] ඉහත ලිපියේ අග කියෙව්වාද? ආයිත් කියවා බලන්න. අවශ්‍යනම් සරත් ෆොන්සේකා මහතාගේ පාක්ෂිකයන්ටත් ජිනීවා යාමට අයිතිය ඇති බව කවුරුත් පිළිගනී.
[4] ධවල මන්දිරය යනු ලෝකයේ යුක්තිය පසිඳලන තැනක් නොවේ. ධවල මන්දිරයෙන් දෙන නඩු තීන්දු පිළිපැදීමට ශ්‍රී ලංකා රාජ්‍යය එකඟ වී නොමැත. එසේනම් මේ කරන්නේ බලහත්කාරයෙන් (හමුදා බලය යොදවා) සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන ලෙස ඔබාමාගෙන් ඉල්ලා සිටීමකි. ඒකනම් ශෝයි නැත
Well-loved. Like or Dislike:
23
9
හොදට හොයලා බලන්න ඒ ගියේ ජිනීවාවල මානව හිමිකම් පිලිබද කොමිසමට.ඒකට ලංකාව අස්සන් කරලා ඒ ප්‍රඤප්තිය පිලිඅරගෙන තියනවා.අනික ඒ ගියේ මුළු රටටම බලපාපු දෙයක් ගැන කතා කරන්න මිසක් තනි පුද්ගලයකු වෙනුවෙන් නෙවෙයි.ඒ ගියෙත් රටතුල ඒ පැවතිච්ච ගැටළු විසද ගන්න උත්සහා කරලා බැරි වෙච්ච නිසා.එකම විසදුම ජත්‍යන්තරය නෙවෙයි.මුලින රට තුල මෙ ප්‍රශ්න විසද ගන්න උත්සහා කරයුතුයි.
@Colonial Lankan
Harakek wage katha karanna epa…..
Hot debate. What do you think?
8
5
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
2
30
උබෙ ගෝන් කමයි මෝඩ කමයි දෙකම නියමෙටම ප්‍රදර්ශණය කරල තියෙනවා.මේක උබෙ වැරැද්දක් නෙවෙයි උඹව හදපු උන්ගේ වැරැද්ද.උඹට ලංකාවේ ඉතිහාසය ගැන හරියට උගන්නපු නැති උඹෙ ගුරුවරුයි දෙමපියනුයි තමා මේකට වගකියන්න ඕන.උඹ බුද්ධගමේ නොවන නිසා වෙන්න ඇති එ අය උඹට 1505 න් එහා ඉතිහාසය උගන්වල නැත්තේ.1505 පස්සේ ඉතිහසය උනත් උඔ දන්නේ ලංකාවේ හිටපු සුද්දන්ගේ ඉතිහාසය විතරයි.දැන් වත් හොදට හොයලා බලලා ලංකාවේ ඉතිහාසය ගැන ඉගන ගනින්.
ලංකාවේ ඉන්නේ මෙතරම් අමු මීහරක්ද කියා මට සිතේ.. වෙනක් රටක නායකයකු කොහොමද ලංකාවේ නීතීයට එරෙහිව කටයුතු කරන්නේ?. යම් අයෙක් එවැනි දෙයකට එනම් තමන්ගේ දේශයට,එහි අධිකරණයට,එහි නීතී පද්දතියට එරෙහිව කටයතු කරනවා නම් ඔහු දේශද්‍රෝහියෙකි… යමෙක් වරදක් කලා නම් ඔහු අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුය….
Hot debate. What do you think?
23
20
ඔබ හරි “යමෙක් වරදක් කලා නම් ඔහු අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුය”, නමුත් සහොදරයා තමන්ගෙ පවුද්ගලික පලිගනීම් වලට රටේ නීතිය පාවිච්චි කරන නායකයො ඉන්න රටක මිනිස්සු වෙන මොනවා කරන්නද?
Well-loved. Like or Dislike:
15
4
“වෙන මොනවා කරන්නද?”. කරන්න දෙයක් නැත්නම් කරන්න ඕනි මේකත් ලිබියාවක් කරගන්න එකද? නැත්නම් “නැහැ, ඔය කිව්වට ලිබියාවට උන දේ වෙන එකක් නැහැ.” කියල හිතන්ද එහෙම කිව්වේ?
ඇතුලත ගිනි පිටතට දෙන්න එපා කියලත් දේශනා කරලා තියෙනවානේ… තමාගේ ගේ ඇතුලේ ප්‍රශ්න අහල පහල ගෙවල් වලින් ඇවිත් මැදිහත් වෙලා විසන්දනවාට වඩා දෙන්නා දෙමාල්ලෝ අතර ප්‍රශ්න ඒ පවුල විසින් විසඳා ගත යුතයි… එසේ නොහැකි වුනොත් තම දෙමාපියන් ගේ , ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා අනුව නැවත යතා තත්වයකට පත්කළ ගත හැකිය…
නමුත් මේ නැගී ඇති හේතුව මත , ඇමෙරිකාවේ උදවු පතන්න තරම අප පහත් විය යුතුනැත… අපේ රටේ 30 වසරකට අධික කාලයක් තිබු කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තේ ඒ රජයේ උදවු ඇතිවද? නිව් යෝර්ක් ප්‍රන්තයේ , ක්වීන්ස් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දමිල අම්රිකානුවකුගේ බිම් මහලේ , කැනඩාවෙන්, එංගලන්තයෙන් පැමිණි කොටි සාමාජිකයන් , ලංකාව විනාශ කිරීමට යුද අවි වෙළඳ ගනුදෙනුවක් කල බව අමතකද? ඔවුන් බ්රූක්ලින් අධිකරණය ඉදිරියේදී වරදකරුවන්බවට පත් විය.. එම කොටි සංවිධානයට උදවු දුන් ක්වීන්ස් ප්‍රදේශයේ දමිල පුද්ගලයා ලංකාවේ උපත ලැබූ හා ඇමෙරිකානු පුරවැසි බව ලබා ගත අයෙකි…ලංකාව විනාසකරන්නට කල්ලි සාදන, උගුල් අටවන ඇමෙරිකානු ලාංකිකයන් කවදාවත් ලංකාවේ ජීවත් වෙන්න එන්නේ නැත.. නමුත් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඇමෙරිකාවේ උදවු පතන්නේ , සරත් ෆොන්සේකා ඇමෙරිකානු ජාතිකයෙක් ද ? ලංකාවට තව අවුරුදු දහස් ගණනකින් වත් ඉදිරියට යන්නට බැරි ප්‍රපාතයකට අද වැටේවි. ඇමෙරිකානුවන් අපේ රටතුලත් ඉරාකයේ, ලිබියාවේ, ඇෆ්ගනිස්තානයේ වගේ මිනිස් ජීවිත දහස් ගණනක් නිරපරාදේ බිලිගනිමින්,ලේ වගුරවමින්, අපේ දේපල, ගොඩනැගිලි, අපේ ඉතිහාස , පෞරාණික දේපල, විනාස කරමින්…දාලා නැවත උන් යාවි… ඊට පස්සේ අපටම තමා කබුරන්න වෙන්නේ ඒ පවු වලටත්, එක අයෙක් එලියට ගන්න දහස් ගණන් ජීවිත පුජා කරන්නද ආයෙත් සුදානම් වෙන්නේ, .. සරත් ෆොන්සේකාගේ පවුලේ දියණියන් ඇමෙරිකාවේ හිඟා කන්නේ නැහැ., ලංකාවේ කවුද එයාල ජීවත් වෙන පරිසරයට ගිහින් තියෙන්නේ, ඒවාට උඩ ගෙඩි දෙලා පවුල් පිටින් කිසිම අපහසුවක් නැතිව එයාලට ජීවත් වෙන්න පුළුවන්, මේ කරන්න යන ගොන් වැඩ වලින් අපේ රට විනාස වුනාම දුක් විදින අපේ අහිංසක දුප්පත් රටවැසියන් කොහේ යන්නද කවුද ඔවුන්ට පිහිටට එන්නේ ? ඔය කෑ ගහන එකෙකුටවත් අමතක වේවි අපේ අහිසක ජීවිත ගැන… ලස්සනට එයා ඇමෙරිකාවේ ජීවත් වේවි.. අපේ මෝඩ සම-හරක් කොස් කොළ උඩ යන හරක් වගේ මොනා හරි දෙයක් වුනාම කවුරු හෝ උඩ ගෙඩියක් දුන්නාම උඩ බිම, දුර දිග නොබලා කටයුතු කරන්න දගලනවා, එකෙන් අපේම සනුහරේ විනාස කරන්න පිටගැතතරයන්ට ඇත හිත දෙනවා නේද කියල හිතෙන්නේ නැතිද මොහොතකටවත් ඔය මොළ ගෙඩි ඇතුලේ අබ ඇටයක් තරම් මොළ කඳුලක් තියේ නම් ? සාම ප්‍රශ්නයක් දෙසම ඉවසිලිමත්ව විමසා බලා බුද්ධිමත්ව තීරණ අදිටන් කරගන්න… අපේ ජාතියත් අර ලිබියාවේ වගේ ලේ විලක් කරන්න නැවත ඉඩ දෙන්න එපා… සියලුම ප්‍රශ්න රට ඇතුලේ කෙසේ හෝ විසඳා ගන්න බලන්න… තමන් නිවැරදි නම් සත්‍යය කෙසේ හෝ ජය ගනී.. ඒ ඒ පුද්ගලයන් විසින් ඇති කරගත් ප්‍රශ්න ඒ ඒ අයට විසඳා ගැනීමට ඉඩ හරින්න.සරත් ෆොන්සේකාට බයවෙන්න දෙයක් නැහැ එයාගේ අතින් කිසිම අපේ රණවිරුවෙකුට, රණවිරු වරියකට හෝ ඔහුට සේවය කල සේවකයෙකුටවත්, කිසිම ලෙසකින් අමානුෂික ලෙස හිරි හැර කර නැති නම්.. හොඳ බෞද්ධ පිළිවෙතට ජීවත් වුනා නම්.. . දැහැමි පුද්ගලයෙක් නම්, තෙරුවන්ගේ පිහිට ඔහුට ලැබේවි.. ඔහුව එහි ඇති ශක්තියෙන් ආරක්ෂා කරාවි. එහෙත් කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙන බවත් මතකයේ තියාගන්න, ඒ නිසා සියලු දේවලට නියමිත කාල වකවානු වලදී ඒවා පල දේවි… සත්‍යය ජය ගනීවා! තෙරුවන් බෙලෙන් මගේ මවු රට රක දේවා !
Well-loved. Like or Dislike:
29
8
ෆොන්සේකා හිරේ ගියේ ඔහුගේ කට නිසා මිනිහා පව් රනිලුයි සොමවන්ශයි වික්‍රම බාහු රවුෆ්හකීමුයි කට්ටිය එකතු වෙලා ඇන්දුවා මිනිහා ආන්ඩුවට හේත්තු උනා නම් අද කොහෙද වැඩේ කාගත්තේ මිනිහමයි හරියට කෑ පතේ රීවා වගේ ජරා වැඩක් පොන්සේකා කරේ ත්‍රස්තවාදින්ට ආවඩපු මිනිස්සු එක්ක එකට වාඩි උනා අනික පිටරට වල ඉන්න එවුන් දැන් බලන් ඉන්නේ ලන්කාවේ වැරැද්දක් වෙනකන් උන්ගේ හමුදාව දාල ලන්කාව අල්ල ගන්න
Well-loved. Like or Dislike:
34
27
පවතින රජයෙන් විසඳුමක් නැත්තම් ජාත්‍යන්තරයෙන් උදව් පැතිය හැකියි. එයට විරුද්ධ වන්නට කාටවත් අයිතියක් නෑ. රජයේ දේශපාලන පළිගැනීම් මත රජයෙන් කිසිදා විඳුමක් ලැබේවි කියල විශ්වාස කරන්න බෑ. නියම දේශප්‍රේමීන් නම් සරත් ෆොන්සේකා නම් නායකා නිදහස් කර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි!
ඒ වගේමයි ඔබතුමාට පුලුවන් නම් ඒ මිනීමරු ත්‍රස්තවාදීන් දැන් සුදුහුනු ගාගෙන ඉන්න ඒව ගැනත් ලියන්න. අපේ පන්සල්වල හාමුදුරුවරු සමුල ඝාතනය කරපු අය දැන් ඉන්නෙ කොහොමද කියලත් ලියන්න.
පටු අරමුණු වලට වහල් වෙලා මේ වගේ දේවල් ලියන්න එපා. අපි ජාතියක් විදියට එකතු වෙලා අපේ රටට නිදහස ලබා ගන්න කැපවෙච්ච ඒ අපේ නායකයාව බේරගත යුතුයි. අපි නිදහසේ ඉන්නෙ එතුමා යුධ හමුදාව ඒ විදියට පාලනය කරපු නිසයි. රටේ ප්‍රජාත්‍රන්තවාදය වැනසෙන මේ කාලේ විදේශ රටකින් හරි සහය අරගෙන සාධාරණය ඉෂ්ඨ කල යුතුයි!
නැවතත් මතක් කරමි! අපේ ආගම විනාශ කරපු, අපේ ස්වාමීන්වහන්සේලා සමූහඝාතනය කරපු, අපේ රටේ ජනතාව සමූලඝාතනය කරපු ඒ මිලේඡ්ච ත්‍රස්තවාදීන් ලොකු පුටු වල වාඩි වෙලා එයාලට කර ගන්න බැරි වෙච්ච දේ රජය විසින්ම කරල දෙනව කියල කටින් විතරක් නෙවෙයි අනිත් පැත්තෙනුත් හිනා වෙනව ඇති!
Well-loved. Like or Dislike:
54
39
සරත් ෆොන්සේකා මහතාව නිදහස් කර ගැනීම එතුමාගේ පාක්ෂිකයන්ට ඇති අයිතියකි. ඒ සඳහා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර හැකි සියළුම ක්‍රියාමාර්ග ගැනීමට හැකිය.
නමුත් කොටින්ගෙන් රට නිදහස් කර ගැනීමට කිසිවෙක් ජාත්‍යන්තර උදව් පැතූ බවක්නම් මා අසා නැත. අනික ෆොන්සේකා මහතාව නිදහස් කරගැනීමට අද සිංහ හම් පොරවාගෙන උදව් පතන්නෝද එදා මානුෂික මෙහෙයුමට තරයේම විරුද්ධ වුන අයයි.
කරුණා අම්මාන් කළ වැරදි සොයා බලා ඔහුටත් නඩු පැවරිය යුතු බව මගේ අදහසයි. ඒ සඳහා මූලිකත්වය ගත යුතු විපක්ෂයෙන් කරුණාට විරුද්දව අඩුම තරමින් මෙතෙක් නඩුවක්වත් පවරා නැත.
අනික එදා කරුණා අම්මාන් රජයට එකතු වෙද්දී සරත් ෆොන්සේකා මහතා හමුදාපති කමින් ඉල්ලා අස් වුනේ හෝ විරෝධය පළ කළේත් නැත.
මා අසා ඇති තරමින් කරුනා පාර්ශවයේ සහයෝගය ලබා ගනිමින් නැගෙනහිර කොටි පැරදවීමට සරත් ෆොන්සේකා මහතාද කරුණා සමග සාකච්ඡා කර ඇත.
කරුණා අම්මාන් නිසා නැගෙනහිර කොටින්ව පැරදවීම පහසු වූ බව එදා මානුෂික මෙහෙයුමට සහයෝගය දුන් ජනතාව හොඳින් දනී.
අද කරුණා අම්මාන් දෙමළ ඊළමට විරුද්ධයි. උතුරු නැගෙනහිර එක් කිරීම පවා අනවශ්‍යයි යන මතයේ සිටින්නෙකි.
ජාත්‍යන්තර කොටින්ගේ තර්ක වලට කට උත්තර නැති වෙන්නම කතා කළ පුද්ගලයෙක් වන්නේ කරුණා අම්මාන්ය.
එදා කරුනා කොටින්ගෙන් වෙන් වූ විට එහි ලකුණු දා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගත් ආකාරය අමතකද?
කේපී යනු ජාත්‍යන්තර කොටින්ව ආණ්ඩුවට පාවා දුන් පුද්ගලයෙකි. කොටින්ගේ වෙබ් අඩවි වලින් කේපී ගැන දක්වන අදහස් සොයා බලන්න. කේපීව ආණ්ඩුවෙන් තියාගෙන සිටින්නේ කොටියාගේ අන්තර්ජාතික බලවේගයන්වත් පරාජය කිරීමේ උපක්‍රමයක් ලෙසයි. තලිබාන් ත්‍රස්තයන් ඇමරිකන් රජයට අවශ්‍ය තොරතුරු ලබා දී සහාය දුන් විට ඔවුන්ට ඇමරිකන් රජයෙන් දඬුවම් කරන්නේ නැත.
පටු අරමුණු වලට මුවා වෙලා රට පාවා දෙන්න එපා. අපේ රට ඇමරිකාවේ කොළණියක් නොවේ. රට වෙනුවෙන් දහස් ගණන් රණවිරුවන් දිවි පිදුවානම් වසර තුනක සිර දඬුවමක් විඳ දරා ගන්නට බැරි සරත් ෆොන්සේකා මහතාගේ පාර්ශවකරුවන් ඒ සිර දඬුවම වෙනුවෙන් ඇමරිකන් හමුදාව ලංකාවට කැඳවීම අනුමත කළ නොහැකියි. ඕනෑ කියන ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් අපේ රට ඇමරිකාවෙ කොළණියක් වීමට ඉඩ දිය නොහැකියි.
නැවතත් මතක් කරමි! අපේ ආගම විනාශ කරපු, අපේ ස්වාමීන්වහන්සේලා සමූහඝාතනය කරපු, අපේ රටේ ජනතාව සමූලඝාතනය කරපු ඒ මිලේඡ්ච සුද්දන්ගෙන් බිහි වූ නූතන අධිරාජ්‍යවාදීන්ට රට පාවා දෙනවා කියල සුද්දන් දැන ගනිද්දී “ශ්‍රී ලංකාවේ ජනතාව කැමැත්තෙන්ම අපේ කොළණියක් වෙනවා” කියල කටින් විතරක් නොවෙයි අනිත් පැත්තෙනුත් හිනා වෙනව ඇති!
Well-loved. Like or Dislike:
61
22
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
12
18
සිංහ කියන නමින් පෙනී සිටිමින් සිංහ හම පොරව ගත්තු උඹල වගේ නරි ගැන කියල තියෙන මේ කතාව සහතික ඇත්ත
Well-loved. Like or Dislike:
12
7
http://www.youtube.com/watch?v=DawhtEzur18
http://www.youtube.com/watch?v=m9fBwqW8vMo
http://www.youtube.com/watch?NR=1&v=mi8DQspNeX4&feature=endscreen
මොඩයෙක් වගේ අදහස් දක්වන්න එපා.ලියුම් කරු මේ ලිපියේ කොතනකවත් කියන්නේ නෑ ෆොන්සේකා මහාතා සිරගතකර තබාගත යුතුයි කියලා.මාගේ පුද්ගලික අදහසද වන්නෙ ෆොන්සේකා මහතා නිදහස් විය යුතුයි.නමුත් එය සිදු කරගත හැකි ක්‍රම වේදයන් මේ රට තුල තිබියදි මෙ ගැටළුවට ජාත්‍යන්තරය සම්බන්ධ කර ගැනිම ගැන මා දෑඩි ලෙස විරද්දයි. ඔය කියන ජාත්‍යන්තරය වත් ඔබාමා වත් අපට හෝ ෆොන්සේකා මහතාට ඇති අදරයක් නැති බව අප තේරුම් ගත යුතුයි.