බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු! (සිංහල බෞද්ධයන් වෙත අණ කිරීමක්)

බොහෝ ඈතින් ඇති පල්ලිය ඔබට පේනවා ඇති. පල්ලියේ සිට මෙතරම් දුරක සිටින සිංහලයන්ටත් තමන්ගේ මව් බිමේදීම “පල්ලිය ඉදිරියෙන් නිසා නිශ්ශබ්ද වෙනු!” යන අදහස සහිතව ප්‍රසිද්ධියේ තරව‍ටු කර ඇති මෙම පුවරුව ස්ථානගත කර ඇත්තේ, අප හට ආරංචි වුන ආකාරයට කුරුණෑගල නුවර පාරේ පරගහදෙනිය නම් ප්‍රදේශයේයි.

මේ සම්බන්ධයෙන් ‘ සිංහල බෞද්ධයා ‘ මූනුපොත් පි‍ටුවේ හිතවතුන් දැක්වූ වැදගත් අදහස් සමගින් අපගේ අදහසුත් මෙලෙස පෙළ පෙළගස්වමු.

[01] ඉංග්‍රීසියෙන් “Silence Please” හෙවත් “කරුණාකර නිශ්ශබ්ද වෙනු මැනවි” යන තේරුම සහිතව ඉංග්‍රීසි කතා කරන උදවියගෙන් බැගෑපත් වී, සිංහල කතා කරන සිංහලයන්ට “නිශ්ශබ්ද වෙනු” යනුවෙන් අණ කිරීම ජාතිවාදී සහ ආගම්වාදී නොවේද?

[02] අනිත් අයට “නිශ්ශබ්ද වෙනු” කියල අණ කරලා, රටටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාල දිනපතා පස් වතාවක් උදේ හවා කරච්චල් කරලා, අහල පහල ඉන්න අහිංසක මිනුස්සුන්ට ප්‍රදේශයේ ඉන්න එපා කරලා පළාතෙන් එළවගන්න එක ත්‍රස්තවාදයක් නෙමෙයිද?

[03] මක්කම ඉදිරියේවත් මෙවැනි තර්ජනාත්මක පුවරුවක් නොමැති බව බොහෝ දෙනා පවසන අතර බුද්ධගයාවේවත් මෙවැන්නක් නොමැතිය. පල්ලියේ ගේට්‍ටුව ගාව “කරුණාකර නිශ්ශබ්දව සිටින්න” කියල ගැහුවනම් තව කමක් නෑ, අපි ඒක සතුටින් පිළිපදිමු. අනික එහෙමත් පන්සලක් ඇතුලෙ තමයි අඩුම තරමින් “කරුණාකර නිශ්ෂබ්ද වෙන්න” කියලවත් ගහල තිබෙන්නේ.

[04] රෝහල් සහ පුස්තකාල ආසන්නයේ පවා ජනතාවට මෙවැනි විධානයක් කිරීමට නීතිමය අවසර ඇත්තේ නගර සභාව හෝ ඒ හා සමාන රාජ්‍ය ආයතනයකට පමණයි. කිසිදු ආගමික ස්ථානයකට මෙවැනි බලතලයක් නොමැත. ආගමික ස්ථානයක් මගින් මෙය සිදු කළානම් එය නීතිය අතට ගැනීමකි.

[05] මෙය මුස්ලීමුන්ගේ සිංහල දැණුමේ මදි කම නිසා දැමූ බෝඩ් එකක් යැයි සමහරෙක් පවසා තිබුනි. එහෙත් මෙවැනි පුවරුවක් ප්‍රසිද්ධියේ පළ කිරීමට පෙර ඔවුන්ට උගත් සිංහලයෙක්ගෙන් ඒ ගැන අසා බැලීමට නොහැකි වුනාද? අනික මහ පාරක ඇති පුවරු සම්බන්ධයෙන් අදාල ප්‍රදේශයේ පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන විමසිලිමත්ව සිටී, ඔවුන්ගේ ඇස් වසා මෙවැනි නීති විරෝධී අණ කිරීමක් පළ කළ හැකිද?

[06] ජනතාවට කරන කිසියම් ප්‍රසිද්ධ අණ කිරීමක් දැක්වීමේදී ඒ විධානය යොමු කරන්නාගේ හෝ කරන ආයතනයේ නම දැක්විය යුතුය. එහෙත් මෙයි එවැන්නක් නොමැත. ඒ අනුවත් මෙය නීති විරෝධීයි.

[07] මෙම විධානයට අනුව එකී පල්ලියට ගව් ගාණන දුර තිබෙන වාහන වලටත් අත්‍යවශ්‍ය හේතුවකටවත් නලා ශබ්ද (Horn) කළ නොහැක. විධානයේ බරපතල කම අනුවනම් එන්ජිම ක්‍රියා විරහිත කර පසුපසින් තල්ලු කරගෙන යාමට සිදු වේවි. එසේ නොකළත් “තවමත්” කිසිදු දඬුවමක් නොමැතිව යාමට හැකි වේවි… ඒත් ඒ කවදා වෙනකම්ද?

[08] අමතක කරන්න එපා, ශ්‍රී ලංකාවේ මුස්ලීමුන් සිටින්නේ ආසන්න වශයෙන් “තවමත්” 10% ක් පමණි.

[09] මිනිසුන්ට හොඳ නරක කියා දී හිම්කවන බුදු දහම පිළිපදින අපට මෙය බරපතල ප්‍රකාශයක් වුවත්, මිනිසුන්ව ප්‍රචන්ඩකාරීව තම ආගමේ කො‍ටු කර ගැනීමට හදන ආගමිකයින්ටනම් මෙම ප්‍රකාශය ඒ හැටි ගාණක් නොවේ. එවැනි එක්තරා පුද්ගලයෙක් කිව්වේ “අරාබි රටවල් වලනම් රටේ නීති කඩ කළොත් අත පය කපනවා, ලංකාවේ එහෙම නෑ, ඒ ගැනවත් සතු‍ටු වෙයල්ලා” යනුවෙනි. කොහොමද වැඩේ?

[10] අරාබිකරයේ අඩුම තරමින් බෞද්ධ පන්සලක්වත් හදන්නවත් ඉඩ දෙන්නේ නැත. එහෙත් බෞද්ධයන් එක් ‍රැස් වෙන තැනක් ඉදිරියේ මහ පාරක “නිශ්ශබ්ද වෙනු” කියා බෝඩ් එකක් ප්‍රසිද්ධියේ ගැසුවොත් කුමක් සිදු වේවිද? මොනවා කරයිද???

[11] මෙම ප්‍රදේශයේ සිටින සිංහලයන් මීට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඔවුන් දැඩි පීඩනයකින් සහ බියකින් පසුවෙන නිසා නොවිය හැකිද? අපගේ සහෝදර සිංහලයන් අද තම මතෘ භූමියේදීම අසරණ වෙලා.!

[12] මේක සිංහල බෞද්ධ රට, මොන ජන වර්ගයක් මේ රටේ ජීවත් උනත් අපේ සංස්කෘතියට යටත්ව, ඒ දෙයට ගෞරවයක් ඇතිව ජීවත් විය යුතුය. අපේ රට තරම් සුළු වාර්ගිකයන්ට සලකන වෙනත් රටක් ලොවේ කොහෙවත් නෑ, ඔබ යුරෝපීය රටක සිටිනවානම් ඔබට තේරේනවා ඇති ඒවායේත් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය කතා කලත් ඒ අයගේ සංස්කෘතියට අනුව අපි ජීවත් විය යුතු බව. මහා වනාන්තරයක රූස්ස ගස් යට පොඩි ගස් හැදෙනවා වගේ සුළු ජතිනුත් ඉන්න ඕනෑ නමුත් මහා ජාතියේ සංස්කෘතියට යටත්ව… අපි මොනවා කිවත් දෙමළ ත්‍රස්තවාදයට ගහල අපි අපි දිනුවත් ජිහාඩිකයින් ඔලුව ඉස්සුවොත් මේ රටේ සිංහලයන්ට ලේසි වෙන්නේ නෑ.

[13] මෙරට ජාති බේධ ඇති වෙන්නේ මෙවැනි ආගම්වාදී ක්‍රියාමාර්ග ගැන ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර ජනතාව දැණුවත් කිරීමෙන් නොව, “රටට හෙණ ගහල ගියත් කමක් නෑ… එදා වේල කාල ජොලියෙන් ඉමු” යන අරුතෙන් යුතුව ගුලි වී සිටීමෙනි. බෞද්ධ බහුතරය බුදු දහමේ ආභාසය නිසා සුළුතරයක් වෙන ඔවුන් වෙත දක්වන කරුණාවම, නුදුරේදීම ඔවුන් මෙරට බහුතරය වූ දාට ඔවුන්ගේ ආගමට අනුව දක්වයිද?

[14] අපෙ රටේ නිදහස වැඩි වී තිබෙන නිසා වෙන්න ඇති මොවුන් මේ වගේ වැඩ කරන්නෙ.. හැම වෙලාවේම කෑගහන්න අවසර දීල තියෙනව මදිවට ජාතික කොඩියෙන් පවා කොටසක් වෙන් කරල තියෙන එකයි වැරැද්ද.. අර ඉස්ලාමයේ සාමය ගැන මහලොකුවට කතාකරන සකීර් නායික් පවසන්නේ වෙන කිසිම ආගමික ස්ථනයක් අරාබියෙ හදන්න දෙන්න බැහැ කියලයි. (ඔහු මුස්ලීමුන්ගේ ආරාධනයෙන් මෑතකදී ශ්‍රී ලංකාවටත් පැමිණියේය). ඊට හේතුව ඉස්ලාම් විතරයිලු ලෝකයේ එක සත්‍ය දහම.. හැබැයි ඒ අයට ඕනෙ රටක පුලුවන් ලු. එතකොට ඒවා ජාතිවාදය, ආගම්වාදය නෙවෙයිද? ජාතික ගැටළුවක් ගැන සිංහල බෞද්ධ අපි ශ්‍රාස්ත්‍රීයව විශ්ලේෂණයක් කළොත් තමයි වැරදි.

[15] ඉතිහාසය පුනරාවර්තනය වේ. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, මාලදිවයින, භූතානය, ඉන්දුනීසියාව ආදී එදා බෞද්ධ රටවල් වලට අද සිදු වී ඇති දේ විමසා බලන්න. බංග්ලාදේශය සහ දකුණු තායිලන්තය ආදී රටවල් වල සිටින බෞද්ධයන් අද අන්තවාදීන්ගෙන් බැට කන ආකාරය සොයා බලන්න. ඒ රටවල් වල බෞද්ධයන්ද කලක් “විශඝෝර සර්පයන්ව කිරි පොවා හදා ගත්” අයයි.

[16] සිංහල නායකයින්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශයකත් මෙවැනි පුවරුවක් සවි වුනානම් මුස්ලීමුන්ගේ පාලනයට යටත්ව තිබෙන ප්‍රදේශ ගැන කුමන කතාද? ඉදිරියේදී කොළඹත් මෙවැනි තර්ජනාත්මක පුවරු වලින් සිංහලයන්ව පීඩාවට පත් වුනත් පුදුම විය යුතු නැත. කොළඹ නගරය පාලනය කිරීමට අපේ රටේ විපක්ෂයෙන් පත් කළ නගරාධිපති තුමාත් මුස්ලීම් ජාතිකයෙකි. කොළඹත් ඉදිරියේදී හලාල් වේවි.

[17] මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම මීට විසඳුමක් බව ඔබට සිතෙන්නට පුළුවන. (නීත්‍යානුකූලව නඩු පවරා ඉවත් කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් ඊට අපගේ නොමද ආශීර්වාදය පුදකරමු) එහෙත් මෙය බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් සිදුවන්නේ තවත් ප්‍රශ්න මතු වීමක් බව විචක්ෂණව බැලීමෙන් වැටහේවි. මෙම පුවරුව බලහත්කාරයෙන් ඉවත් කිරීම පින්තූර ගසන “වංචාවටම උපන් ඔවුන්” අරාබිකරයේ සිටින සිංහල නොදන්නා තම නායකයින්ට පෙන්වාවි “මෙන්න කාරුණිකව නිශ්ශබ්ද වීමට ඉල්ලීමවත් නොඉවසන සිංහලයන්ගේ ආගමික සහෝදරත්වය” කියල. ඉතින් එමගින් සිදුවන්නේ “ඔවුන්ට” තව තවත් ආධාර ලැබීමකි. ඔවුන්ව තව තවත් පෝෂණය වීමකි. එනිසා මෙය ඔවුන්ගේ උගුලක් වීමටත් ඉඩ ඇත. අප එය ඉ‍ටු කර දිය යුතුද? මේ පුවරුව සංකේතයක් පමණයි. උදාහරණයකින් කිවහොත් කුණු වී ඇති අඹ ගෙඩියක ඇති කළු පැල්ලමක් පමණයි. එනිසා මෙය බලහත්කාරයෙන් ඉවත් කරනවාට වඩා දිගුකාලීන විසඳුමකට යා යුතුය.

[18] බල්ලෙක්ට කෝ‍ටුවකින් ගැසූ පසු ඌ කරන්නේ එම කෝ‍ටුව හපා කෑමකි. ඒත් සිංහයෙකුට කෝ‍ටුවකින් ගැසුවොත් සිංහයා කෝ‍ටුව හපා කනවා වෙනුවට ගැසූ පුද්ගලයාව සමතලා කර දමයි. “සිංහලයින්” වන අපිත් “සිංහයින්” ගේ ගතිලක්ෂණ ඇත්තන්ය. එනිසා මේ පුවරුව යනු ඉහත උදාහරණයේ “කෝ‍ටුව” බව හඳුනාගැනීම අපහසු නැත. අපි මෙම “කෝ‍ටුව” පසුපස පන්නනවා වෙනුවට සිංහලයන්ට එළඹෙන අවිනිශ්චිත අනාගතය දෙස බලමු.

[19] සිංහලයන්ගේ සහ මුස්ලීමුන්ගේ ශුද්ධ උපත් අනුපාත අනුව වැටහෙන්නේ තව දසක කීපයකින් මෙරට බහුතරය මුස්ලීම් වීමට ඉඩ ඇති බවයි. (රජයේ සංඛ්‍යාලේඛන ගැන අවිශ්වාසනම් සාමාන්‍ය සිංහල පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සහ සාමාන්‍ය මුස්ලීම් පවුලක සිටින දරුවන් සංඛ්‍යාව සසඳා බලන්න.) එනිසා ශරියා නීතියෙන් අපගේ මතු පරපුර බේරා ගැනීමටනම් අප කළ යුත්තේ ජනගහන වර්ධන අනුපාතය සෑම ජන වර්ගයකටම සමානව තබා ගැනීමයි. ඉතින් එකම විසඳුම වන්නේ “ජනවාර්ගික බේධයකින් තොරව” එක් පවුලකට හැදිය හැකි උපරිම දරු සංඛ්‍යාවක් (3 ක්) නීතිගත කිරීමයි. ඊට වැඩි දරුවන් සිටින පවුල් වල එම අතිරික්ත දරුවන්ට රජයෙන් නොමිලයේ ලැබෙන අධ්‍යාපන සෞඛ්‍ය වගේ පහසුකම් කපා හැරීමෙන් එම නීතිය ක්‍රියාත්මක වීම පටන් ගත හැකියි. මේ ගැන පුළුල් ජනමතයක් ඇති වුවහොත් රජයෙන් වහාම පනතක් සම්මත කරාවි. ඉතින් හැකි තරම් මේ ගැන ජනතාව දැණුවත් කිරීමට සහාය වෙමු.

3361
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

35 comments to පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු! (සිංහල බෞද්ධයන් වෙත අණ කිරීමක්)

  • කෞශී

    මේ වාගේ දේවල් ගැන දැණුවත් කරන බ්ලොග් ගොඩක් තියෙනවා. අපිට ඕන මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන් හකියාවක් තියෙන සංවිධානයක්. එහෙම නැතුව මෙ උත්සාහය ඉදිරියට ගෙනියන්නේ කොහොමද? අපි කැමතියි ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න. ඔය බෝඩ් එක ඊලඟ සැරේ සිමෙන්තියෙන් බඳී, ඊට පස්සේ තොරණක් ගහයි. මුලුන්ම මේවා නවත්තන්න බලමු. මට් මර්වින් සිල්වලා වගේ අය දෙවිවරු වෙන්නේ මේ වෙලාවට තමයි. ඒත් ඉතින් පාලු ගෙවල්වල වලන් බින්දින ඈයොනෙ. උවමනා දේට නෙවෙයිනෙ චන්ඩිකම්…

    Thumb up 1

  • Rizwan

    Yes w good mewage dewal nodanna ayata kiya denna

    Thumb up 0

  • Kanchane

    පින් කැමති ඔබ තුමන්ලාගේ කාරුණික අවධානයට , මෙම ලින්ක් එක බලන්න, මෙය තනිකරම බුදුන්වහන්සේට හා සධ්ධර්මයට අපහස කරන site එකක්, කරුණාකර සුදුසු පිලියමක් හෝ පුළුල් දැනුවත් කිරීමක් කරන්න. එහි comments දැමීමට ද නොහැකි, මෝඩයන් රවට කතෝලික ආගමට හරවා ගැනීමට සකස් කල බවක් පෙනේ.
    http://sirisangabo.wordpress.com/

    Thumb up 0

  • nilakshi

    Mea Sinhala apage ratai,apa iapdunu marena ratai…..
    Mekenma terenawa ne meka sinhala ratak kiyala…….
    anith jaatin ekka ekamutu wela wada karanna oni….
    bt.ekak mata tiyaganna oni MEA SINHALA APAGE RATAI kiyala..mhhhh

    Thumb up 2

  • ra

    a sinhaya wage gahapu pudgalayawa samathala karanawalu hariyata sinhayo wage thamusela sinhayo dekala thiyanawada aduma tharamin sinharaga ake wath. nane lankawe sinhayo inne zoo ake kuduwala witharai ithin kohomada bolata sinha gathiguna anne lankawe nam kelewalwala nariyo godak innawa anisa bolata enna one narikama

    Thumb up 3

    • mohamed

      සින්හල අය කියන්නෙම සින්හලයා සිOහයා කියලා.. මෙ රටෙ එක සින්හයෙක් වක් වත් නෙ… ලාන්ජන වලත් තියෙන්නෙ සිOහයා… හෙම දේම සිOහයා සින්හලය කියන්නෙ සිOහය නෙමේ .. සින්හලයා කියන්නෙ මොඩයා කෙවුම් කන්න සුරයා…..

      Thumb up 2

  • ra

    ithin oya puwaruwa nobala hitiyanam iwaraine

    Thumb up 4

  • sisira kumara

    dannakame tharama aththa kathawa kiwoth dan muslim janagahanaya 30% asannai namuth eka rahasak vidiyata thiyagena inne thawa awurudu 30kin muslim anivaryen mahajathiya wenawa?

    Thumb up 1

  • mohamed kareem

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 9

    • sandun

      Budun wahanse deshana kala meeta avurudu 2500 pera mae loke minissu tikentika naraka athata harena waga. Pau karanna karanna aayusha gewena kiyala. Ithin eka neweyda ada apata penenne? Meka sinhalayata witharak balapana deyak nam newei, mulu loketama!Sathya noweyda? meeta avurudu 20 pera samaja thathwayai den samaja thathwayai balanna!

      Thumb up 2

  • ranidu

    මලයාල ගුරුකම්, වර්ශි ගුරුකම්, කැඩුනු පෙම් සම්බන්ද්තා රෙපයාර් කිරීම ආදී බොරු වියාපාර කරමින් ප්‍රසිද්දියෙ බුද්දාගම කෙලෙසන හොර ගනයින්ට විරුද්ඩවවත් කිසිම පියවරක් ගත නොහැකි තත්වයක් අද තියෙන්නෙ. හාමුදුරුවරු දෙශපාලනය කරමින් මිනිසුන් අතර පිලිකුලට පත් වෙනවා. එක ගනයෙක් ගැනුන්ගෙ ස්ලිට් එක ගැන බන කියනවා. උන්ට ගහල එලවන්නෙ නැතුව අපි විජාතිකයො ගැන, කුමන්ත්‍රන ගැන කියනවා.මගෙ මල්ලිත් බොහොම සිල්වත් හාමුදුරු නමක්. එයා ගොඩක් කල් හිටියෙ බොහොම පිටිසර, කැලෑ පන්සල්වල. එයා කියනවා පාන්සුකුලෙ දෙන්නවත් එ ගම්වල හාමුදුරුවරු නැතිලු.එවන් තැන් වල ඉන්න හාමුදුරුවරු කැමති නැති කම. නාගරික පන්සල්වල ලොකු හාමුදුරුවරු විදින සැප සම්පත් ගොඩක් අය බලාපොරොත්තු වීම තමා හෙතුව. අපෙ ලොකු හාමුදුරුවරු දෙශපාලකයන්ට මග පෙන්නන්න කලින් සාසනෙ බෙරා ගන්න වැඩ පිලිවෙලක් කරොත් ලොකු දෙයක්..නත්තන් විජාතිකයො නැති වුනත් අපෙ උන්ම සාසනෙ නැති කොරය්…

    Well-loved. Thumb up 7

    • දුස්සීල මහනුන්ව තමයි අපිට නිතරම දක්නට ලැබෙන්නේ, ඒත් සිල්වත් භික්ෂූන් වහන්සේලා අප්‍රමාණව මෙරට වැඩ වෙසෙනවා, අපි නිතර දකින්නේ දුස්සීල මහනුන් නිසා, හැමෝමම එහෙම්යි කීමෙන් පව් සිදු වේවි.

      සාසනයේ යම් පිරිහීමක් තිබෙන බව ඇත්ත. ඒත් ඒක බුද්ධ ශාසනයේ විතරක් තිබෙන පිරිහීමක් නොවෙයි. සමස්ත සමාජයන්හිත් වෙනත් ආගමිකයන්ගේත් ඔය හැම තැනම පිරිහීම. සියල්ලම අනිත්‍ය ලෝකයේ සසුන විතරක් බැබලෙමින් තිබේ යැයි සිතිය නොහැකියි.

      ඒත් අපි බුදු සසුනේ චිරස්ථිතිය පිණිස හැකි තරම් දෙයක් කරමු. මේ භවයේදීම නිර්වාණය සඳහා ප්‍රමාණ්වත් අඩි තාලමක් දමා ගමු. සසරේදී අපට විය හැකි විනාසය දකිද්දී මේ සාසනයට වී ඇති සුළු පරිහාණිය සැලකිය යුතු දෙයක් නොවේ.

      Well-loved. Thumb up 9

  • rohan

    mata danna tharamata ape rate neethiyen idadeela thiyanawa muslim palliyata meter 50 kata durin sadda nawathala palliya pahuwela meter 50 kin saddaya newatha wikashaya karanda puluwang kiyala, ice cream van ahama palli issarahen yanakota sindu nawaththala yanawa mama dekala thiyanawa.

    api nikan keko gahala wedakne ung owa okkoma ganta hadagena thiyenne. aka galawenawanam issalla ape rate neethiya wenaskaranda wenawa.

    Thumb up 2

  • rohan

    #19 muslim minissu salli karayone, oken paduwa wenneth apitamai, anika rajayen muslimunge hari sanganana warthawa janathawata pennanne, den lankawe muslimunge janagahanaya 32% k welathiyanawa, 18-33 wayasa kandawela tharuna jawayen ung apitawada idiriyen, monahari kachal akak awoth api iwarai.

    Thumb up 2

  • malshi

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • මල්ශි, ඔබේ සැබැ ස්වරූපය පෙන්වුවාට බොහොම ස්තුතියි. නමුත් ආයිත් ඔබ වරද්දාගත්තා. සිංහලයා කැවුම් කෑම ගැන සුද්දට නොතේරුන නිසයි උන් සිංහලයන්ට මෝඩයින් කියල කිව්වේ. මේ ලිපිය කියවලා ඒ ගැන දැනගන්න.

      “සිංහලයා මෝඩයා, කැවුම් කන්න සූරයා << මේක ඇත්තද?" http://sinhalabuddhist.com/2011/01/sinhalaya-and-kevum/

      සුද්දට නොතේරුන පළියටම කලු සුද්දොත් ඒක අනුගමනය කරන්නේ එක්කෝ නොවැටහීම නිසයි, නැත්නම් සුද්දන්ගේ වචන දේව වාක්‍ය සේ සැලකීම.

      Well-loved. Thumb up 9

  • nilan

    mun dan lankawe hama muslim palliyak issarahama “silence” kiyala board gahanawa. Aka kaarunikawat newei kiyanne. bala kirimak widiyata. Galle wala athuru paaraka tiyana palliyakat meka gahala tiyanawa mn dakka. Palliyata meter 200k witara tiyala tamai gahala tibune. A madiwata palliya issaraha mulu paarema hambayo. Itin horn gahanne natiwa yanne kohomada?
    Galle dewata kiyana pradeshaya, sarenthu kade handiya wage pradesha muslin balakotu wage. Un thara paare awidinnt madden. Wahana walata yanna ba, happunot gahala maranawa. Keepa denek maralat tiyanawa. Iridata munge palliye sunday school eka areddi paara wahanawalu. Etakota meka muntama giyaratada?
    Mekata janapati thumage awadanaya yomu wewa. Upat paalanaya kirima sinhala rate anagataya aaraksha kirimaki.

    Thumb up 0

  • Hiranya

    මෙහෙම දැන්වීම් පුවරු ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නැතිව ගහන්න බැහැ. ඒක ඉවත් කරන්න සම්පුර්ණ බලය තියෙන්නේ ඒ අයට. ජනතාවගේ ජන්දයෙන් පත් කරල තියෙන මුග්ධයෝ ඉන්න සභාවක් ද මේක. ඕන එකෙක්ට බලය අතට අරගන්න ඉඩ දීල බලාගෙන ඉන්නේ. මේකට තියෙන විසඳුම තමයි මේ අනවසර පුවරුව ඉවත් කරන එක. ලංකාවේ ඉන්න කණ්ඩායමක් මේ සභාව එක්ක ඒක කථා කරල කරන්න පුඵවන් නම් හොඳයි.

    Thumb up 3

  • katudampe sunanda thero

    me kiyawa agam bedayak athikaranna karapu deyak kiyala mata awaboda wenawa. aka oya ayatath ahema kiyala mama hithanawa.

    Thumb up 3

  • sinhala bauddhaya

    meka nuwara kurunegala pare witharak newe thawa then 2 3kama mama dekala thiyenawa eth ithin mewa ain karanna nadu danna one ne mokada pare bord ekak gahanna nam a para aithi sabawata gasthu gewanna one bt mewa ehema awasara aran hadapu ewa newei kiyalai mage wishwasaya eka nisa meya apata uwada iwath kala heki we yai sithami

    Thumb up 4

  • Test

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 8

    • //meka dala tiyennay sinhala kattiyata nemai. //
      එහෙනම් සිංහල අකුරෙන් උඩින්ම ලියල තියෙන්නේ අහවල් එකටද?

      //nagara sabavey liyapadinchi karapu number 1k tiyenava //
      එම අංක ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ දැන්වීම් සඳහායි. ඒත් මේක දැන්වීමක් නොව මහජනතාව වෙත අණ කිරීමකි, නියෝගයකි.

      ඔබලාට විනාඩි 5 බැගින් දවසට 5 වතාවක් මහා හයියෙන් කෑ ගැසීමට මෙරටේ ඉඩ දීල තිබෙනවා. ඒත් අරාබිකරයේ රටවල් වල කෑ ගසනවා තියා අඩුම තරමින් පන්සලක් හදන්නවත් ඉඩ දෙන්නේ නෑ. ඔය ශකීර් නායික්ම ඉහත වීඩියෝ එකේ කියන්නෙ.

      පන්සල් වල රෑට පිරිත් දැමීම වැරදියි, රෑ දහයෙන් පසු කිසිදු ශබ්ද විකාශන යන්ත්‍රයක් නොදැමිය යුතුයි කියල නීතියක් සම්මත කළා මතකනේ? අන්න ඒක බෞද්ධ අපි අකුරටම අනුගමනය කළා, ඒත් ඒ නීතියට විරුද්ධව අභියෝග කරල නඩු දාල ඒ නීතිය වැළැක්වුවේ මුස්ලීමුන්ගේ උලමා එකෙන් නේද?

      රෝහල් වල දොස්තරලා නර්ස් ලා කෑ ගහන විධියට හෙමින් පිරිත් ටිකක් කීම එතරම් වරදක් නොවෙයි. ඒත් ඒ සඳහා නීති තවම අනුමත වෙලා නැති නිසා වැඩි දෙනාගේ අදහස අනුව නීති අනුමත කළයුතු වේවි. නීති අනුමත වුනාට පසුව ඒවා සියල්ලෝම පිළිපදීවි.

      ඒත් ඉහත පුවරුව තිබෙන්නේ පැහැදිළිවම රටේ නීතියට විරුද්ධවයි. අනික මේ ආකාරයෙන් රටේ නීතිය උල්ලංඝනය කරමින් සවි කර ඇති පුවරු ගාල්ල සහ තවත් ප්‍රදේශ වලත් පල්ලි ආසන්නේ තිබෙනවාලු.

      Well-loved. Thumb up 21

    • Bp

      ඔබ පවසන පරිදි මෙහි ඇති අංකය ලියාපදිංචි අංකයක් නොවන අතර එම පල්ලිය පිහිටවූ දිනයි. එම නිසා මෙම පුවරුවෙහි නීත්‍යනුකුලත්වයක් නොමැත. ESTD 1934 means Established in 1934.

      Well-loved. Thumb up 14

      • බොහොම ස්තුතියි පෙන්වා දීම. බලන්න මේ මුස්ලීමුන් අපව රවට්ටන හැටි.

        මේ ටෙස්ට් කියන නමින් කොමෙන්ට් කළ මුස්ලීම් කෙනා වගේම පච කෙළල තමයි එදා ඇමති අස්‍රොෆ් , සෝම හිමිගේ තර්කත් නිශේධනය කලේ. අපේ සමහරක් අය අස්‍රොෆ්ව පිළිගත්තා.

        Well-loved. Thumb up 17

  • Samitha

    Everybody should make noise when passing this place, 2-3 days ago I did the same and will continue to do so whenever passing this mosque. I live in Kandy and there’s no any signs put up near Dalada maligawa or Gatambe temple, because it’s not practical. We should not care what these idiots want us to do, just make sure to honk few times whenever you pass this place.

    Hot debate. What do you think? Thumb up 6

  • kalu

    මම ඉන්නේ මාල දිවයින වල, ඔබට මතක ඇති පහුගිය සාර්ක් සමුළුව. මලේ අඩ්ඩු යන නගරයේ එය පවෙත්වුවා. සෑම රටකම ලාංජන එහි පිහිටුවනු ලැබුවා . අපේ රට වෙනූවෙන් සිංහ රුපයක් තබල තියෙනවා. මේක අයින් කරන්න කියල මෙහෙ මුස්ලිම් වරු වීදි බැහැල. බුද්ධාගම ගැන නොදන්නා මේ මෝඩයෝ කියනවා. එක බුද්ධාගමේ සංකේතය ලු. මේක බුදු රජාණන් වහන්ස්ගේ සංකේතය කියල. නමුත් අවුරුදු කීපයකට පෙර මාලදිවයින බුද්ධාගම් රටක්. නමුත් දැන් ඉන්න මෝඩයෝ මේවා දන්නේ නෑ. මුන්ගේ ඉතිහාසෙට වත් මේවා කියල දෙන්නේ නෑ කියල මට හිතෙන්නේ. මුස්ලිම් ආගමේ නායකයෝ මේ තරමට තමා
    මුන්ට අධ්‍යාපනය දෙන්නේ. මුන්ට සාමාන්‍ය දැනුමට වත් මේවා උගන්වන්නේ නෑ.
    මට කියන්න ඕනි මෙන්න මේ දේ, අපේ රට හා බුද්ධාගම ගැන මුන් කියන දේවල් දන්නවා නම් අපේ ජනපති තුමා මුන්ට පාරක් නෙවි හදල දෙන්නේ. මුන් ඉගෙන ගන්න එන්නේ අපේ රටට. ඉගෙන ගෙන ගිහින් කෙලින්නේත් අපිට. අනේ ලංකාවට හා බුද්ධාගමට තියෙන තැන.

    Well-loved. Thumb up 20

    • සහතික ඇත්ත ඔබ පවසන දේ. බොහෝ උදවිය එම මාලදිවයිනේ කලු තෙල් ගෑමේ සිද්ධිය දන්නේ නෑ. අපි ඒ ගැන පළ කරන්නම්.

      Well-loved. Thumb up 11

  • Us_against_Them

    Lot’s of generalization in this article.
    People who put up the board are not the entire muslim population. Accordingly, the blame should go to the specific people responsible for putting up the board. If erecting such a board is illegal it should be reported to police. If erecting such a board is immoral, it should be discussed with the “palliye lebbe”. If the wording is rude, it should be pointed out. It is not surprising that the muslims don’t know how speak proper polite sinhala while even most sinhala people don’t speak and write proper polite sinhala. Seeing how media makes mistakes in various languages, it is not surprising these people didn’t word the notice properly.

    Since this board is problematic, it should be first discussed with the people in charge. If they don’t respond positively, it should be removed by using legal force. This article is making a mountain out of a “kenda” by creating a conspiracy theory of sharia invasion. First talk to other muslims and see what they think.

    Thumb up 1

  • නමෝ බුද්ධාය!

    නමෝ බුද්ධාය! (මෙතනට අදාල නැත… නමුත් අසමි.. නොගැලපීම ගැන සමා වන්න…) – ඇඩ්මින් මහත්මානෙනි, කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ පිලිබඳ තිබු ලිපිය කෝ? එය ඉවත් කර ගත්ත ද? (තවමත් එය ඔබේ ජනප්‍රිය ලිපි ලිස්ට් එකේ නම් ඇත.) අයි එය ඉවත් කර ගත්තේ? අපේ ලොකු ස්වාමින් වහන්සේගේ මහිමශ්‍රිය දරාගත නොහැකි පාපතරයන් විසින් ගෙනයන මද ව්‍යාපාර වලට ඔබ අසු නොවී ඇති සිතමි. (මෙම ලින්ක් එක ඉවත් කිරීම ගැන “බුදු දහමට වින කටින බෞද්ධ නමින් ක්‍රියාත්මක වන සංවිධාන වලට එරෙහි ජනමතය ” නම් මුණු පොත් සමුහයේ සංවාදයකින් දැන ගතිමි – අපේ ලොකු ස්වාමින් වහන්සේට එරෙහිව එහි ගෙනියන නිර්ලජ්ජිත ව්‍යාපාරය හෙළ දකිමි. හොර මෛත්‍රී බුදු අනුගාමිකයන් ප්‍රොමෝට් කරමින් ඔවුන් ගෙනියන හොර ව්‍යාපාරය ගැන මෙම අඩවියෙන් ජනතාව දැනුවත් කරන්න ). නමෝ බුද්ධාය!

    Well-loved. Thumb up 5

    • ප්‍රිය මිතුර, මෙම අඩවියේ ලේඛකයින් කීප දෙනෙක් සිටී. එම ලිපිය ලියා ඇත්තේ වෙනත් ලේඛකයෙක් වන අතර මා විසින් එයට කිසිවක් කළේ නැත. පෙනී යන ආකාරයට ඔහු විසින් දැනුවත්ව හෝ වැරදීමකින් එය Draft වී ඇත. ඒ ගැන විමසා ඔහුට විද්‍යුත් ලිපියක් යැවීමි. DhammaMedicine.Net සඳහා මම මෙම අඩවියේ මුල් පි‍ටුවෙන් යොමුවක් (Link”) පවා දමා ඇති අතර ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත සංඝයා වහන්සේලාටම මම නිකාය හෝ ගුරුකුල බේධයකින් තොරව ගරු කරමි.

      ව්‍යාජ මෛත්‍රී කල්ලිය ගැන මෙහි පෙර ලිපි වලින් දක්වා ඇත. ඔබ පැවසූ පරිදිම ඉදිරියටත් ඒ ගැන දක්වන්නෙමු.

      ලෝහිත කුරුස – විශේෂ කොටස – මෛත්‍රී බුදුන්
      http://sinhalabuddhist.com/2010/12/maitri-budun/

      මෛත්‍රී බුද්ධ
      http://sinhalabuddhist.com/2010/12/maithri-buddha/

      Hot debate. What do you think? Thumb up 5

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.