සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

වෙනත් කෙනෙක්ගේ සිත දැනගැනීමට… අවලම්භයෙන් සිත කියවමු.

ඔබ අවලම්බය යනු කුමක්දැයි දන්නවාද ? ඔර්ලෝසුවේ බට්ටා අවලම්භයට උදාහරණයකි. නැතිතනම් නූලකට බරක් ගැට ගැසූ විට ලැබෙන්නේ අවලම්භයකි. පාසලේදී ගුරුත්වාකර්ෂණ පාඩම සදහා ඔබ අවලම්බයක් භාවිතා කරන්නට ඇත. අතීතයේ සිටම මෙම අවලම්භයට ගුප්ත බලක් හිමි බවට සමහරුන් විශ්වාස කරයි. අවලම්බය භාවිතය පිළිඹද තොරතුරු වසර 8000 පමණ පැරණි ගුහා චිත්‍ර වලින්ද හමු වී ඇති අතර මුල්ම ලිඛිත සාක්ෂි හමු වන්නේ ඉපැරණි ඊජිප්තුවෙනි. පොළව යට ඇති රත්තරන් පතල් වැනි වටිනා ලෝහ වර්ග සොයා ගැනීමට ජලය සොයා ගැනීමට රහස් සොයා ගනීමට නැතිවුණු පුද්ගලයින් සොයා ගැනීමට අධ්‍යාත්මික සුවය ලගා කර ගැනීමට ආදී නොයෙකුත් දේට මෙම අවලම්බය යොදා ගත හැකි බවට විශ්වාසයන් පවතී. මෙහි සරල අදහස මිනිස් සංවේදනයන් අභිබවා කිසිවක් දැන ගනීමට මෙම අවලම්බය භාවිතයෙන් හැකි බවට මිනිසුන් තුළ විශ්වාසයක් ඇති බවයි. මෙහිදීද අප අවලම්බය භාවිතයෙන් සිදුකළ හැකි කුඩා පරීක්ෂණයක් සලකා බලනු ලැබේ. එනම් කිසිවකුගේ සිත කියවීමයි.

මුලින්ම යහහළුවකු හා අවලම්බයක් සොයා ගන්න. නූලකින් ගැට ගැසූ මුරිච්චියක් අවලම්බය් තනා ගනීමට පහසුම ක්‍රමයයි. අවලම්බය එල්ලා තැබෙන පරිදි ඔහු අතට දී එය නිසල වන තුරු සිටින්න. යහලුවාද නිසලව සිටිය යුතුය. ඉන්පසු ඔහුගෙන් ඔව් හෝ නෑ යනුවෙන් පමණක් පිළිතුරු දිය හැකි ප්‍රශ්න ඇසිය හැක. ඔහු පැවසූයේ අසත්‍යක් නම් අවලම්බය දෙපසට වැනෙන බවද සත්‍යක් නම් රවුමට කැරකැවෙන බවද කියැවේ. මෙය නිවැරදිව සිදු කළේ නම් ඔබේ යහළුවා කොතරම් උත්සාහ වුවත් අවලම්බයේ චලනය වළක්වා ගනීමට ඔහුට නොහැකි බවක් පැවසෙයි.

මෙයම යහළුවකු නොමැතිව තනිව වුව කල හැකි දෙයකි. උදාහාරණයක් ලෙස තමුන්ගේ නම කියා එය නිවැරදිද යන ගැටලු තමාගෙන්ම ඇසිය හැක. මෙම ක්‍රමයට ප්‍රශ්න ඇසීමෙන් තමුන් තුළ ඇති සැගවුණු ලෙඩ රෝග හා තමුන්ගේ ඉහත ආත්මභාවයන් පිළිඹද තොරතුරු ලබා ගත හැකි බවද සමහරුන් විශ්වාස කරයි. නමුත් අවලම්බය සත්‍ය ලෙස අදහන්නන් මෙහි දෙපසට වන චලනයන් ඔරලෝසුවේ කටු කැරකැවෙන ආකාරයට හෝ අනෙක් අතට සිදුවන චලනයන් ඉදිරියට පසු පසට සිදුවන චලනයන් ආදියටවෙන වනම අර්ථ කථන දෙමින් වඩාත් සංකීර්ණ ක්‍රියාවලියක යෙදෙති.

කෙසේ වුවත් මෙහිදී අවලම්බය චලනය වන්නේ තමුන්ගේ හෝ කිසිවකුගේ තම යටිසිත අනුව හෝ ක්‍රියාකරන තම මාංශ පේශීන් අනුවම බව තේරුම් ගැනීම වැදගත්ය.එය සමහරුන් අර්ථ දක්වන පරිදි සිතේ බලය නිසා සිදුවන්නක් ‍නොවේ. අනෙක් අතට ඉන් නිරූපණය වන්නේ කිසිවකුගේ සැබෑ තොරතුරු නොවීමට ඇති ඉඩකඩ වැඩිය. මෙම ලිපිය පල කළේ මෙහි ඇති අපූර්වත්වය නිසා මිස මිත්‍යා විශ්වාසයන් වෙත එල්බ ගැනීම සදහා නොවේ. අද කාලයේ සමහරුන් වීදුරු වලට අත තබා භූතයින්ගෙන් විස්තර ලබා ගන්නේද මෙසේ මයැයි සිතමි. අවලම්බ නිවැරදිවම ක්‍රියාකරන්නේ ලෝහ දම්වැල් හා ලෝහමය බරකුත් සමගය යන්නද හොදම අවලම්බය වන්නේ රිදී දම්වැලකින් හා රත්තරන් බරක් සමග සාදා ගන්නා අවලම්බය බවද පැවසේ.

රංග නානායක්කාර
sciencelk

3041
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

3 comments to වෙනත් කෙනෙක්ගේ සිත දැනගැනීමට… අවලම්භයෙන් සිත කියවමු.

  • indula malesuriya

    apa samastha wiswayee kotas karuwan wannemu.mulu minis sarirayama bauthika wasthuun samaga akinekata badee pawathinneya.ehatha lipiye sadahan awalambaya yamak sithiemedi molayen nispadanaya wena rasayanika kriyawaliya haa tharangamaya sankeyatha parawali sakthiya atha thulin awalambayata gaman kireema yei meya mata sitheee.

    Thumb up 0 Thumb down 0

  • pabalu

    පෙන්ඩන්ට් එකක් දාපු රත්‍රන් මාලයක් අරගෙන ඔහොම එකක් කරා මතකයි මටත්..

    Thumb up 3 Thumb down 0

  • Prageeth

    No magic here. Just the sub-conscious mind working together with the ideo-motor effect. Very interesting in any case and fun to play around with. :)

    Thumb up 3 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.