දුෂ්කර ප්‍රදේශවලින් පැවිදි බිමට පිවිසෙන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ගිහි කල දෙමාපියන්ගෙන් සමන්විත පවුල්වල සුබසාධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමණේර භික්ෂුන් වහන්සේගේ පවුල් සඳහා නිවාස සහන ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව එතුමා සඳහන් කරයි.
අනුරාධපුර මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේව දෙසැම්බර් 29 දා පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියේය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයේ සංඝයා වහන්සේලාගේ හිඟයක් තිබෙන බව කලක සිට බොහෝ අංශයන් විසින් තහවුරු කරන ලද පුවතකි. ඊට බොහෝ සිංහල පවුල් වල එක් දරුවෙක් පමණක් සිටීම, ජනතාව සහ සංඝ සංස්ථාව අතර සම්බන්ධතාවය එදාට වඩා අඩු වී තිබීම මෙන්ම සමහර අන්‍යාගමික මිසදිටුවන්ගේ ශාසන විරෝධී ප්‍රචාරයන්ද හේතු වී තිබේ. http://sinhalabuddhist.com/2011/10/saamanaera-pewidda/
ශ්‍රී ලංකා රාජ්‍යය සහ බුදු සසුන අතර ඇති සම්බන්ධතාවය නැති කර දැමිය යුතු යැයි පවසන එක්තරා සෙකියුලර් ආගමික කල්ලියක් ජනාධිපති තුමාගේ ඉහත තීරණයට විරුද්ධව මේ දින වල ප්‍රචාරයක් දියත් කර ඇත. සෙකියුලර්වාදය ශ්‍රී ලංකාව ඉස්ලාමීයකරණය කරන හැටි බලන්න: http://sinhalabuddhist.com/2011/11/would-secularization-lead-to-islamization/
සාමණේරයන් වහන්සේලාගේ ගිහි කල පවුල් වල සුභසාධනය වෙනුවෙන් රජයේ මුදල් වියදම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බුද්ධ ශාසන විරෝධීන්ට මේ ටික කිව යුතුය:
[1] ඉතාමත් සුළු පිරිසක් වූ මානුෂික මෙහෙයුමට විරුද්ධ එන්ජීඕ කාරයින් නගන චෝදනාව වන්නේ රටේ ජනතාවගේ බදු මුදල් රණවිරු පවුල් වල සුභසාධනයට වැය කිරීම තේරුමක් නැති දෙයක් බවය. එහෙත් ශ්‍රී ලංකා රාජ්‍ය අයවැයේ පුනරාවර්තන වියදම් වලින් සැලකිය යුතු කොටසක් රණවිරු පවුල් වල සුභසාධනයට වැය කරන්නේ අර එන්ජීඕ කාරයින්ට “බම්බු ගහන්න” කියමිනි. රණවිරුවන් මෙන්ම ජාතියේ මුර දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලාද රටට වැදගත් බව බුදු සසුනට වින කටින්නන් දැනගත යුතුය. රණවිරුවන්ට විරුද්ධ අයට “බම්බු ගහන්න” යැයි කිව්වාක් මෙන් බුදු සසුනට විරුද්ධ අයටත් අපි එසේම කියමු.
[2] බහුතර මතයෙන් පත් වෙන ආණ්ඩුව තීරණ ගන්නේ බහුතරයකගේ අවශ්‍යතාවය අනුව බව ශාසන විරෝධීන් දැනගත යුතුය. ඒක අපගේ ක්‍රමයක් නොවුනත් බටහිරයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය කර පින්නාගෙන සිටින එන්ජීඕ කාරයින්ට ප්‍රශ්නයක් නොවනු ඇත. බටහිර කසිකබල් මතවාදයන්ගෙන් හිස් කරකුට්ටන් කරගෙන ඇති බටහිර බැලයන්ට (බටහිර මතවාදයන්ගේ වහළුන්ට) මේ රටේ බහුතරයකගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් විය නොහැකිනම් සුදුසු රටකට තොරතෝංචි විය යුතුය. යුරෝපීය රටක සිටිනවානම් ඔබට තේරේනවා ඇති ඒවායේත් කොච්චර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කලත් ඒ අයගේ සංස්කෘතියට අනුව අපි ජීවත් විය යුතු බව. මහා වනාන්තරයක රූස්ස ගස් යට පොඩි ගස් හැදෙනවා වගේ මහා සංස්කෘතිය දිරවන්නේ නැති අය වුනත් ජීවත් විය යුත්තේ ඊට අනුගතවය.
[3] අප රටේ රාජ්‍යය සහ බුද්ධ ශාසනය අතර සම්බන්ධතාවය නවතා දමන්නට කතා කරන බටහිර බැලයන්ට කිව යුත්තේ පළමුව ඔබගේ ස්වාමීන් වන එංගලන්තයේ රජය සහ ආගම අතර ඇති සම්බන්ධතාවය බලන ලෙසටයි. “God save the Queen” යනුවෙන් බිරිතානි ජාතික ගීතය පවා ආරම්භ වෙද්දී බිරිතානි අයවැයෙන් සැලකිය යුතු මුදලක් රජ පවුලට සහ ක්‍රිස්තියානි සභාවට වියදම් කරද්දී, ඒ බටහිරයින්ටම වැඳුම් පිදුම් කරන්නන් අපේ රටේ බුදු සසුන NGO ඒකක් කිරීමට උත්සාහ කිරීම විහිළුවකි. බටහිර බැලයන්ට කට උත්තර නැති වෙන්නම ඩේවිඩ් කැමරන් පවසා ඇත්තේ එංගලන්තය යනු ක්‍රිස්තියානි රාජ්‍යයක් බවය. එසේනම් ශ්‍රී ලංකාව යනුත් සිංහල බෞද්ධ රාජ්‍යයක් බව කැමරන්ගේ බැලයන් දැනගත යුතුය.
සිංහල බෞද්ධයෙනි, බුදු සසුන වැනසීමට තැත් කරන බටහිර බැලයන්ගේ අළුත්ම උපක්‍රමය වන්නේ අපව ඔවුන්ගේ ඊනියා බටහිර දාර්ශණික මතවාදී න්‍යායන්ට හිර කර ඒ අනුව රටේ බුදු සසුනට ඇති රාජ්‍ය අනුග්‍රහය නැති කර දැමිය යුතු බව ඒත්තුගැන්වීමයි. එය ඔවුන්ගේ පළමු පියවර වන අතර පසුව ජාතික කොඩියෙන් බෝ කොළ හතර ඉවත් කිරීම, රාජ්‍ය ලාංඡනයෙන් ධර්ම චක්‍රය ඉවත් කිරීම ආදියත් පවසනු ඇත. (දැනටමත් ඔවුන් ප්‍රසිද්ධියේ මේවා කියා ඇත). ඉතින් අපි කළ යුත්ත්තේ එන්ජීඕ කාරයින්ව ගණන් නොගෙන මානුශික මෙහෙයුම අවසන් කළාක් මෙන්, ශාසන විරෝධීන්ටත් “බම්බු ගහන්න” යැයි කියමින් බුද්ධ ශාසනයට හැකි තරම් උපකාරී වීමයි.
රාජ්‍ය අයවැයෙන්ම සාමණේර පැවිද්ද දිරි ගැන්වීම පිණිස කටයුතු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අසා ශාසන විරෝධීන්, බූමිතෙල් ගෑවුන ගැරඬින් මෙන් දඟලනු පෙනේ.


පින් කැමති ඔබ තුමන්ලාගේ කාරුණික අවධානයට , මෙම ලින්ක් එක බලන්න, මෙය තනිකරම බුදුන්වහන්සේට හා සධ්ධර්මයට අපහස කරන site එකක්, කරුණාකර සුදුසු පිලියමක් හෝ පුළුල් දැනුවත් කිරීමක් කරන්න. එහි comments දැමීමට ද නොහැකි, මෝඩයන් රවට කතෝලික ආගමට හරවා ගැනීමට සකස් කල බවක් පෙනේ.
http://sirisangabo.wordpress.com/