ගව ඝාතනය වැළැක්වීම වස්, ඕමල්පේ සෝභිත හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෙදුන “ඝෝ ඝාතන වැළැක්වීමේ පනත” පාර්ලිමේන්තුවේ විවාදයටවත් භාජනය වීමට ඉඩ නොදී රජය විසින් ඉවත දමා ඇත. යම් ලෙසකින් එය විවාදයට භාජනය වීමට දුන්නානම් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ වල අසුන් ගෙන සිටින මස් කඩ මුදලාලිලා කවුද යන්න හඳුනාගැනීමට ඉඩ තිබුණි.
යමෙකුට හෝ යමකට සහයෝගය දීමේ ක්‍රම ගණනාවක් ඇත.
[1] සෘජු සහයෝගය දීම
[2] මතවාදී සහයෝගය දීම
[3] විවේචනාත්මක සහයෝගය දීම
[4] නිර්පාක්ෂික සහයෝගය දීම (එනම් සාපේක්ෂව බලවතෙක් සහ ඊට ටිකක් දුබලයෙක් සිටියදී, දුබලයාගේ පැත්ත නොගෙන නිර්පාක්ෂිකව සිටීමෙන් බලවතාට ලැබෙන්නේ සහායකි)
[5] අවිරුද්ධව සහයෝගය දීම (විරුද්ධ විය යුතු (අයහපත්) දෙයකට විරුද්ධ නොවී සිටීමෙන් එම විරුද්ධ විය යුතු දෙයට ලැබෙන්නේත් සහායකි)
ඉන් කිහිපයකි. අංක 1 හැර අනෙක්වා වක්‍රව සහාය දීම් ලෙස සැලකීමට පුළුවන.
ඉතින් රජය කර ඇත්තේ ගව ඝාතනය වැළැක්වීමට විරුද්ධ නොවී සහ එයට විරුද්ධ වන්නන්වද වළක්වා ගව ඝාතනය දිගටම කරගෙන යාමට “අවිරුද්ධව” සහාය දීමකි. බහුතර සිංහල බෞද්ධයන්ගෙන් පත් වූ ආණ්ඩුවක් සිංහල බෞද්ධයන්ගේ බහුතර මතයක් වන ගව ඝාතනය වැළැක්වීම අඩුම තරමින් පාර්ලිමේන්තුව තුළවත් විවාදයටවත් භාජනය නොකිරීම කිසි සේත්ම එකඟ විය නොහැකි දෙයකි. මා දන්නා තරමින් මීට පෙර එළදෙණුන් මැරීම තහනම් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබුනත් දැන් ඒක ක්‍රියාත්මක නොවේ, රජයේ අවසර සහිතව හෝ රහිතව ඝාතකාගාර වෙත එළදෙණුන්වත් ගෙන යාම සුලබ දසුනකි.
සමහර අන්‍යාගමිකයන් මේ සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් එකිනෙක ඉතාමත් කෙටියෙන් විමසා බලමු.
# හරක් මස් නොකෑමෙන් පින් සිදුවෙනවාද?
අප මාංශ අනුභවයෙන් වැලකි සිටිය යුත්තේ, අප එයින් සතෙකුගේ ජිවිතයක් නැති කිරිමට දායක වන නිසාමය, එහෙත් පින් හෝ කුසල් සිදු කරගැනීම ආදී වෙනත් කිසිදු චෙතනාවකින් නොවෙයි. වරක් අප රටේ සිටි ශ්‍රෙෂ්ඨ සිංහල පුත්‍රයෙක් වු ඊ.ඩබ්ලිව් අධිකාරම්තුමා පවසා තිබුනෙත් මෙයමයි

# හරක් මස් කන එක බුදු දහමට අනුව පව් ද?
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හැර වෙනත් සත්ව මාංශ (මාළු, කරවල ඇතුළුව) ආහාරයට ගැනීම මගින් සත්ව ඝාතනයකට සෘජුව හෝ වක්‍රව සහාය ලැබෙන නිසා එමගින් ප්‍රාණඝාතී අකුසලයක් සිදු වේ. මේ ගැන වැඩි විස්තර: http://sinhalabuddhist.com/2011/02/meat/
යමෙක් ආහාරයට ගන්නා හරක් මස ත්‍රිකෝටි පාරිශුද්ධ එකක්නම් එමගින් පාපයක් සිදු නොවේ. (උදා: පාරක මැරී වැටී සිටින සහ කාටවත් අයිතියක් නොමැති හරකෙක්ගේ මස්)
# හරක් නොමරන ලෙස බුදු බනේ දැක්වෙනවාද?
ගවයන් මැරීමේ ආදීනව සුත්ත නිපාතයේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ මෙලෙස විග්‍රහ වේ.
“බමුණන් විසින් මුළා කරවන ලද රජවරූ දවන යාගයට පූජා පිණිස නොයෙක් සිය දහස් ගණන් ගවයින් මරා දැමූහ.එළුවන් මෙන් කිකරූ වූ, කළ පූරවා කිරි ලබාදුන්, අප ගේ කිරි දෙන්නු අගින් හෝ පයින් හෝ කිසිවෙකුටත් හිංසා නොකරත්. එහෙත් රජකුමා ඒ ගවයින් ව අගින් ම රැගෙන අවුදින් ආයුධයෙන් පහර දී මරණයට පත් කරවීය. මෙය දුටුදෙවියෝ ද, මහ බබුදද, ඉන්ද්‍ර ද, අසුර හා රාක්ෂයෝ ද අහෝ! මෙවැනි ගවයීන් මතආයූධ හෙළීමෙන් අධර්මය ඉපදුනා! යයී හඩා වැටුනාහ. එකල මෙහි තිබුනේ රෝග තුනක් පමණි. එනම්, අශාවත්, කුසගින්නත්, ජරා ජීර්ණ වීමත් පමණි.එහෙත් මේ ගවඝාතනය නිසා රෝග අනු අටක් ඇති විය.පෙර කාලයෙභී ගව ඝාතනය දධුවම් ලබන අධර්මයකි. එහෙත් යාග කරන මේ උදවිය අහිංසක ගව දෙනුන්ට පහර දී මරා දමමින් ධර්මයම යටට හෙලත්…”
# හරක් මස් නොකන ලෙස බුදු බනේ දැක්වෙනවාද?
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ කන බොන හැටි උගන්වන්න නොවේ, වචන තුනකුත් අකුරු අටකුත් ඇති ඒ නිර්මල සත්‍යය අවබෝධ කර දීමටයි. එනිසා කන බොන හැටි අපගේ දැණුම් සහ අත්දැකීම් සම්භාරයන් ආශ්‍රයෙන් සකසා ගැනීම සුදුසුය.
# නිර්මාංශ වීම යනු තවත් එක් දෘෂ්ඨිගතවීමක් නේද?
මේ කතාව කියන බහුතරයක් බටහිරයින්. ඒ විධියට ගත්තොත් වැසිකිළි ගිහිල්ලා පසුපස හෝදන්න ඕනැ කියන එකත් දෘෂ්ඨිගත වීමක්. ආ මට අමතක වුනා බටහිරයො පසුපස හෝදන්නේ නෑනේ.
# හරක් මස් නොකෑමෙන් ලෙඩ වේවි නේද?
බටහිරයින් පවා නිරෝගීභාවය ඇති කර ගැනීමට නිර්මාංශී විය යුතු බවත් මාංශ ආහාර මගින් නැති ලෙඩ හැදෙන බවත් සොයාගෙන ඇත. මේ වීඩියෝ එක බලන්න.
# ඔය බොරු, මිනිසා සර්වභක්ෂකයෙක් බව නොදන්නේද?
මිනිසාගේ දත් බඩවැල නිය ආදියේ පිහිටීම සහ දිව භාවිතා කරන හැටි ආදිය ගැන අනෙකුත් මාංශ භක්ෂකයින්ට සාපේක්ශව සුළු හෝ අවබෝධයක් ඇත්නම් මිනිසා යනු ශාක භක්ෂකයෙන් බව වැටහෙයි.
# මස් මාලු නැතිව මිනිසාට අත්‍යවශ්‍ය බී 12 කාණ්ඩයේ විටමින් ලබා ගන්නෙ කොහොමද?
බටහිර විද්‍යාව දිනපතා වෙනස් වෙනවා කියල පෙනි පෙනී ඒක වාස්තවික සත්‍යයක් කියල හිතන උදවිය තමයි එහෙම අහන්නේ. ඒත් බොහෝ වෛද්‍යවරුන් පවා එවැන්නක් පවසනවා මම අසා නෑ. සමහර විට කිරි වලින් බී 12 ලැබෙනවත් ඇති. මම බටහිර වෛද්‍ය විද්‍යාව ගැන නොදන්නා නිසා මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
කොහොමත් අයින්ස්ටයින්ගේ E= MC^2 සමීකරණයත් දැන් වැරදියි කියල ඔප්පු වුනාම ඔය බී 12 සිද්ධාන්තය නිවැරදියැයි වැඩි විශ්වාසයක් තැබිය නොහැකියි. තව ටික කාලෙකින් කියවි බී 12 අත්‍යවශ්‍ය නෑ කියලා. ප්‍රායෝගිකව අපි දන්නවා නිර්මාංශී උදවියට ඔය කිසිම ලෙඩක් නෑ, ඒත් මස් කන උදවියට ලෙඩ වැඩියි.
# සිංහල බෞද්ධයන් හරක් මස් කෑමට ඔතරම් විරුද්ධ ඇයි?
ඉතාමත් ප්‍රයෝජනවත් සතෙක් වන ගවයන්ව මරා දැමීම මගින් රටේ ජාතික ආර්ථිකයට කෙරෙන්නේ විශාල හානියකි. ගව මස් කෑම මගින් ගවයන් මැරීමට හේතු වන නිසා ගව මස් ආහාරය නැවැත්විය හැකිනම් රටේ කිරි අවශ්‍යතාවය සඳහා පිටරටින් කිරි පිටි ආනයනය කිරීමට සිදු නොවනු ඇත. ඊට අමතරව කෙළෙහිගුණ ඇති සිංහල බෞද්ධයා තමන්ට උපකාරී සතෙකුගේ මස් කෑමට ඉතාමත් විරුද්ධයි. ඊට අමතරව මේ ගැන නාලක ගමගේ මහතාගේ වෙබ් අඩවියේ දීර්ඝව පැහැදිළි කිරිමක් තිබේ.
අමතක නොකල යුතුයි, එක් අයෙක් මේ සසරේ මස් පිණිසම එළුවෙක් වී බෙලි කැපුම් ලැබූ වාර වල ගැලූ ලේ මේ සතර මහා සාගරයට වඩා වැඩි බව. (බැටළුවෙක්, ගවයෙක්, කුකුලෙක් ආදී වශයෙන් ද එසේමය.)
අනෙක් අතට සතුන් යනු මිනිසුන්ට මරාගෙන කෑම සඳහා දෙවියන් විසින් මවා ඇති දෙයක් යැයි සිතන ආගමිකයන්ට සහ ඒ ආගමෙන් ගොඩ නැගුනු සංස්කෘතීන් අනුගමනය කරන ඕල්කට් බෞද්ධයන්ට සතුන් මැරීම හෝ ඊට අනුබල දීම එතරම් දෙයක් නොවේ. ඒත් සිංහල බෞද්ධ අපටනම් සතුන් යනුත් මිනිසා මෙන්ම තම ජීවිතය රැක ගැනීමට උත්සාහ ගන්නා මරණ බිය ඇති ප්‍රාණීන්ය. මෙය බලන්න
http://sinhalabuddhist.com/2011/09/miniskam-ethi-sathun/
# හරක් මරන එක විතරද පව්? එතකොට කුකුළො, ඌරො, හාල් මැස්සො මරන එක පව් නැද්ද?
පැහැදිලිවම සෑම ප්‍රාණ ඝාතයකින්ම අඩු වැඩි වශයෙන් පව් සිදු වේ. එනිසා බොදුනුවන් වශයෙන් අපි සෑම ප්‍රාණඝාතයකටම විරුද්ධයි. රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව පොතේ දැක්වෙන පරිදි , ගංගා වල සිටි මාළුවන්වවත් එදා සිංහලයා කිසි දෙනෙක ආහාරට ගත්තේ නැත, ගව මස් කෑම යුරෝපීයයන් පැමිණීමට පෙරසිටි සෑම සිංහලයෙක්ම දැඩිව පිළිකුළ් කර ඇත.
මොහොතක් සිතන්න, ඔබගේ මව සහ තවත් කාන්තාවක් එක වර රෝගී වුවහොත් ඔබ පළමුව ප්‍රතිකාර කරන්නේ ඔබගේ මවට නේද? අන්න ඒ වගේම සිංහල බෞද්ධ අපිත් පළමුව බේරා ගැනීමට උත්සාහ කරන්නේ අපගේ කිරි අම්මාගේ ජීවිතයයි.
# එක හරකෙක්ව මැරුවොත් මුළු ගමම කනවා, ඒත් එක් පුද්ගලයෙක්ගේ එක කෑම වේලකට හාල් මැස්සන් ගණනාවක්ම ඕනැ වෙනවා. එනිසා ප්‍රාණ ඝාතයන් අඩු කරගැනීමට හරකෙක්ව මරාගෙන මස් කන්න පුළුවන් නේද?
බොදුනුවන් වශයෙන් අපි සියළුම ප්‍රාණ ඝාතයන්ට විරුද්ධ බවත්, නමුත් සියලු සතුන්ව බේරාගැනීමට පෙර ගවයාව බේරා ගැනීමට හේතුත් පෙර ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් දක්වා ඇත.
එසේම ඔබගේ ප්‍රශ්නය අනුව වැටහෙන්නේ මාංශ වල අරපිරිමැස්ම ගැන ඔබ කල්පනා කරන බවයි. එසේනම් කිසියම් බාබේරියන් වරයෙක් පැවසුවොත්, “අපරාදෙ ඕගොල්ලෝ මිනිස්සු මැරුනාම වළ දාන්නේ, ඒකත් උයාගෙන කන්න පුළුවන්නේ, එතකොට කිසිම ප්‍රාණඝාතයක් නොමැතිව රසවත් මස් ආහාරයක් ගන්න පුළුවන්නේ?” කියා ඔබ එය කීයටවත් පිළිගන්නේ නෑ නේද? ඊට හේතුව වන්නේ, මිනිස් මස් ආහාරයට ගැනීම නුසුදුසු බව ඔබගෙත් මගෙත් සංස්කෘතියන් මගින් තීරණය වී තිබීමයි. අන්න ඒ ආකාරයට ගව මස් ආහාරය නුසුදුසු බව සිංහල බෞද්ධ සංස්කෘතිය මගින් විවිධාකාර හේතු මත කාලාන්තරයක් තිස්සේ තීරණය වී ඇත. නමුත් ගව මස් කන්නේ ඒ සිංහල බෞද්ධ සංස්කෘතික ගුණාංග නොදන්නා අය හෝ ඒවා ගණන් නොගන්නා අයයි.
එසේම ඔබ සතුන්ගේ ප්‍රාණඝාතයන් අඩු කිරීම සඳහා එක හරක්ව මරන්න හදනවානම්, අප යෝජනා කරන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයන් වැළැක්වීමට එක හරකෙක්වත් නොමරන ශාකමය ආහාර ලබා ගන්නා ලෙසයි. ශාක ආහාර මගින් පෝෂණ ඌණතා ඇති නොවන බව ඉහත වීඩියෝවෙන් පැහැදිළි වේවි.
# බෞද්ධයෝ හරක් මරන්නේ නැතිව හිටියාම හරිනේ, මොකටද හරක් මරන එක තහනම් කරන්න යන්නේ?
ශ්‍රී ලංකාව තුළ මිනී මස් කෑම නීතියෙන් තහනම්ය. ඉතින් කවුරුන් හෝ කිව්වොත් “ශ්‍රී ලාංකිකයන් මිනී මස් නොකා හිටියාම හරිනේ, මොකටද මිනී මස් කෑම තහනම් කර තිබෙන්නේ?” කියා, එය මෝඩ ප්‍රශ්නයක් බව ඔබ පවසාවි. ඉහත ප්‍රශ්නයත් එවැනිය.
නීතියක් බවට පත් වෙන්නේ බහුතර පුද්ගලයන්ගේ පොදු එකඟතාවයයි. අප රටේ බහුතරයක් උදවිය ගවයන් මැරීමට විරුද්ධ බව අප විශ්වාස කරන නිසා එයත් නීතියක් බවට පත් වීමේ වරදක් නැත. අඩුම තරමින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්වත් කළ යුතුය. ආණ්ඩුව ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කර ඇති බව පෙනේ.
# ආණ්ඩුවෙන් ගව ඝාතනය තහනම් කරන්නේ නැත්තේ ආගම් අතර ගැටුම් ඇති විය හැකි නිසයි. ඒ හින්දා මොන ආණ්ඩුව ආවත් ආගම් අතර ගැටුම් ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ.
ගවයන් මැරීම වැළැක්වීමෙන් ආගම් අතර ගැටුම් ඇති විය හැකි යැයි සිතේනම්, ගවයන්ව දිගට හරහට මැරීමෙන්ද ආගම් අතර ගැටුම් ඇති වීමට නොහැකි බව සිතන්නේ සිංහල බෞද්ධයන්ගේ කරුණාව නිසාම විය හැකිය. අනික් අතට යම් අන්තවාදී සුළුතරයකට බිය වී බහුතරයකගේ අදහස් පාර්ලිමේන්තුවේ විවාදය වීමෙන් පවා වැළැක්වීම අනාගතයේ ඇති විය හැකි ඉතාමත් බිහිසුනු තත්ත්වයක පෙරනිමිති ගෙන හැර පායි.
ප.ලි.: එක්තරා ජන වර්ගයක් අධිකව තම වර්ගයාව බෝ කරමින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරමින් සිටින එකෙන් බේරීමට ඇති විසඳුම වන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික බේධයකින් තොරව එක් පවුලකට සිටිය හැකි උපරිම දරු සංඛ්‍යාවක් (උපරිම දරුවන් තුනක්, ඊට වැඩි දරුවන්ට රජයෙන් දෙන නොමිල දීමනා නැවැත්වීමේ සිට බදු අය කිරීම දක්වා නීති ගත කළ යුතුයි) නීතිගත කිරීම සහ ශ්‍රී ලංකාව තුළ බහු විවාහ නීතියෙන් තහනම් කිරීමය. ජනමත විචාරයණයක් පවත්වා මෙය ඉටුකරගත හැක. ඒත් සුළු වාර්ගිකයන් මත රැඳී සිටින රජය සහ පක්ශ විපක්ශ වල උදවිය එවැන්නක් කරාවිද…?…
Convert to PDF

Stupid corrupted politicians are behind these butchers.
http://spiritofnature99.blogspot.com/
lankawe anik jathi wagema sinhala ayath harak mas budinawa borunam harak mas kadawala issaraha cctv kamera 1k gane hema mas kadatak issarahin hai karanna MAS KADA SADA WEJABEWA
සහන් කියනේ එකේ ඇත්තකුත් තියෙනවා. අපේ ගෑණු උදවිය බැන්දට පස්සේ, ළමයි හම්බුනම් පස්සේ තමන් ගැන කිසිම ඉන්ටෙරෙස්ට් එකක් ගන්නේ නැහැ. හතලිහ පැනපු ගමන් සේරම අමතක් වෙනවා. කොටින්ම් කියනවනම් තමන් තාම බැඳලා ඉන්නේ, තමට මිනිහෙක් ඉන්නවා කියලත් අමතක වෙනවා. ඊට අපස්සේ මහත් වෙලා, කැත වෙනවා. හැබැයි ඔය පිටරටවල ගොඩක් ගෑණු එහෙම නැහැ, විශේෂයෙන් සුදු ගෑනු. උන් උන්ගේ ශරීරය ගැන හොඳට උනන්දුන් වෙනවා. ඒ හින්ද හැට පැන්නත් ලස්සනයි.
බටහිර දෘෂ්ඨි කෝණය අනුව ඔවුන් ලස්සනයි කීමට පුළුවන්. ඒත් ඔවුන්ගේ තිබෙන ස්ත්‍රීවාදී සහ කාන්තාවිමුක්තිවාදී ආකල්ප නිසා ඔවුන් පවුලක් ලෙස දරුවන්ව පෝෂණය කරමින් මාතෘත්වයට පණ පොවන්නේ නෑ. ඒ අතින් අපේ රටේ මව්වරුන් යනු බුදුවරුන් හා සමානයි.
plz tell oalage buddhagame mas kanna epa kiwwanam ai oyalage ayama kanne??????
බුදු දහමෙන් මස් කන්න එපා කියා නොමැත. මස් කන්න කියාත් නොමැත. මස් නොකෑ යුත්තේ වෙනත් හේතු මතයි. නැවතත් ඉහත ලිපිය කියවා බලන්න..
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
අපේ අය මස් කන එක නවත්වන්න තමයි මේ ලියල තියෙන්නේ. සිංහල බෞද්ධයන්ගේ වෙබ් අඩවි වල ලිපි කියවීමෙන් ඔයා තමයි අනුන් ගැන හොයල තියෙන්නේ .
Well-loved.
14
මෙවර අලුත් අවුරුද්දටNOLIMIT / GLITZ එකෙං ජනතාවට නොමිලේ බෙදාහරින හම්බ කැලැන්ඩරය : http://www.freeimagehosting.net/newuploads/e988f.jpg
We are shy about u Sahan Fernando…shit u r a real busterd…go to the hell with ur Family….shit
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙනි ඈගේ
පිරිපුන් මිනිසුන් වෑඩුනේ බලයෙනි අගේ
මේ කිසිවක් නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ……///
Well-loved.
9
*prasanna
oya hari ay api හරක් witharak balanne ohama beluwoth apita gahakwath kapanna behe ekatath pana thiyanawa (fish dryfish mackeral)okkoma tahanum karanna wenawa mulinma api vegetarian wemu eeta passe eyaalawa hadhamu kaudha enne adha idan VEGI wenda
ehamad beluwoth api kiri bondath hodha nehene eka kiri amma apita neweine hadhanne aaye mamanum ammagen witharai bonne
no RATTi,ANCHOR
only MUMMY MILK
එළ ගවයෙක් තමාගේ පැටවාට දිය යුතු කිරි ප්‍රමාණයට වඩා අතිරික්තයක් නිෂ්පාදනය කරයි. එනිසා කිරි බීමෙන් එළ ගවයාට හෝ පැටවාට අගතියක් වෙන්නේ නැත. අනික ගවයාව රැක බලා ගන්නා නිසා ඊට හිලව්වක් ලෙස උගෙන් කිරි ටිකක් අර ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවේ.
ඒත් රසායනික ද්‍රව්‍ය අඩංගු පිටි කිරිනම් නොබොන තරමට ඇඟට ගුණයි. දියර එළ කිරි බොන්න.
ඒහෙනම් මස් ටිකක් කෑවත් අවුලක් නෑනෙ…….
පින්තුරෙ බලනකොට පේනවා කුරනය අනුවම හරක් ටික මරන බව….
බලාගෙන යන කොට සහන් ගේ mother & father දෙන්නම ඉන්නෙ පල්ලියනෙ..
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
ආගමේ හෝ සංස්කෘතියේ දැක්වෙන නිසාම ජනමතය ගැන නොවිමසා නීති ඇති කිරීම දේවවාදී ආගම් වලින් බිහි වූ ක්‍රමයකි. බෞද්ධයන් වශයෙන් අපි කිසියම් මතවාදයක් සමාජයට ඇතුළු කරන්නේ දැණුවත් කිරීම් මගින් සියල්ලන්ගේම පොදු කැමැත්ත හෝ වැඩි කැමැත්ත ඇතිවය. එසේ නොමැතිව බලහත්කාරයෙන් බලපෑම් කිරීමෙන් නොවේ.
යමෙක් බලහත්කාරයෙන් කිසිවක් කරනවානම් ඔවුන්ට බලෙන් යමක් ඇති කිරීමේ ප්‍රතිවිපාක ගැන දැක්වෙන බුද්ධ දේශනාවන් ගැන දැණුම අඩු බව හෝ බුද්ධ දේශනා පිළි නොගන්නා බව කිව හැකිය
මෙලෙස ලිපි ලියමින් අපි කරන්නේ එම අවශ්‍ය දැණුවත් කිරීමයි. ඉදිරියේදී මෙම ලිපි වැඩිදියුණු කර ජාතික පුවත්පත් දක්වාම ගෙන යාම අපගේ බලාපොරොත්තුවයි.
Well-loved.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
එළදෙනක් එකවර ඇද වැටුනත් ගොනෙක් එහෙම එක විටම ඇද වැටෙන්නේ නෑ.
Well-loved.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
කිරි අම්මා යනු කිරි අම්මලාගේ දානෙට වඩම්මන අම්මලාට පමණක් කියන නිශ්චිත වචනයක් නොවේ.
කිරි දරුවෙක්ගේ මව මිය ගිය විට ඒ දරුවාට කිරි දෙන දෙවැනි මවට කියන නමත් “කිරි අම්මා” යන්නයි. දැන් ඔබගේ ඊනියා “තර්කානුකූල” ක්‍රමයට අනුව කිරි අම්මලාගේ දානයක් දිය හැක්කේ කුඩා කල තම මව මියගිය කෙනෙකුට පමණි.
එසේම ‘Father’ යනු ඔබගේ ආගමේ පාදිලි තුමාය.
එතකොට ඔබගේ ඊනියා “තර්කානුකූල හිතිල්ලට” අනුව පල්ලියේ සිටින “Father” ඔබගේ පියාය.
//මොකද,
“කිරි අම්මාවරු”Father ජාති දෙකක් ඉන්ඩ බැහැනේ?? එක්කෝ ඒයා නැත්තන් මේයා. මම මේ කියන්නේ.//Well-loved.
25
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
“අර නාකි ගෑනු දිහා බලන්ඩවත් බැහැ. එච්චර කැතයි.”
සහන් සහෝදරයගෙ අම්ම තාමත් සුන්දර කෙල්ලෙක් වෙන්න ඇති නේද?
හික් හික්
Well-loved.
9