ඒ. සෝභිත වැනි ශ්‍රමණ වේශධාරීන් (පැවිදි නොවී චීවරය දරන්නන්) මෙන්ම පිටිදූවේ සිරිධම්ම හිමි වැනි මහත් ආන්දෝලනයට ලක් වූ භික්ෂූන් සහ සතර පාරාජිකා පවා කඩ කරගනිමින් දිගින් දිගටම සසුනේ සිටින තවත් සුළු පිරිසක් ගැන පසුගිය කාලයේදී විශාල වශයෙන් වාද විවාදයන් දක්නට ලැබුනි. එහිදී එකී ශ්‍රමණ වෙස් ගත්තන්ට සහ පාරාජිකා කඩ කළ භික්ෂූන්ට විරුද්ධව කෝටියක් සංවර ශීලය රැකීමේ වැදගත් කම කියමින් කෑ ගැසූ බොහෝ ගිහියන් අඩුම තරමින් නිවැරදිව පන් සිල් ටිකවත් රකිනවාද යන ප්‍රශ්නය අපට ඇති විය.

ඉන් අදහස් කළේ භික්ෂූන්වහන්සේලාගේ විනය ගැන උපදෙස් දීමට ගිහි අපිට අයිතියක් නොමැති අතර රජයත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණ පිහිටවීමත් අනවශ්‍ය බවයි. ඒ සඳහා සංඝයා වහන්සේලා නම් මහා ප්‍රවාහය තුළම වත් පිළිවෙත් තිබේ. ගිහි අප කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය සිව් පසයෙන් සහයෝගය දීමයි. එනම් අවශ්‍යව තිබුනේ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් විනය පිටකය ඇසුරෙන් විනයධර මහ තෙරුන් වහන්සේලා විසින්ම කාලීනව සංවාදයක් ආරම්භ කිරීමයි.
ඒ අඩුව පිරවීමට පියවරක් තබමින්, තරුණ භික්ෂූන් වහන්සේලා ජීවත් විය යුතු ආකාරය ගැන උපදෙස් දෙමින් “අද තරුණ භික්ෂුවගේ කාර්යභාරය කුමක් විය යුතු ද?” යන මැයෙන්, කාලීනව අතිශය වටිනා ලිපියක් ගෞරව ශ්‍රාස්ත්‍රවේදී මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් රචනා කොට ඇත. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ “ශාසනාවතරණය” ග්‍රන්ථය මෙන්ම වැදගත් වූද ඊට වඩා සංක්ෂිප්තව මෙන්ම සරළ බසින් ලියා ඇති එම ලිපිය තරුණ භික්ෂූන් වහන්සේලාට මෙන්ම ගිහි අපගේත් අවබෝධය පිණිස ඉතාමත් වැදගත්ය. ත්‍රිපිටකාශ්‍රිත ධර්ම කරුණු දක්වද්දී ඊට වස්තු බීජ වූ සූත්‍ර දේශනාවන්ටත් යොමුවන් තබමින්, වර්තමාන සංඝ ප්‍රවාහයේ සෑම අංශයක්ම ආවරණය කරමින් රචනා කොට ඇති ආකාරය අතිශය ප්‍රසංශනාත්මකය. ඉතිහාසය පුරාවටම මෙන්ම වර්තමානයේදීත් අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් අපේ භික්ෂූන් වහන්සේලාව නොමග යවන ආකාරය ගැන සඳහන්ව ඇති ඡේද කිහිපය ඔබ සැමගේම දැඩි අවධානයට යොමු විය යුත්තකි.
ලිපිය මෙතනින් කියවන්න…
http://sinhalabuddhist.com/wp-content/uploads/2011/12/bhikshuwage-karyabharaya.pdf
මෙවන් අගනා ලිපි ඉදිරියටත් පළ කරමින් බුදු සසුන බැබළවීමට පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ ඇතුළු වර්තමානයේදීත් අනාගතයේදීත් වැඩ වසන භික්ෂූන් වහන්සේලාට තව තවත් ශක්තිය ධෛර්යය පිණිස අපගේ පිනුත් අනුමෝදන් වෙත්වා.! තෙරුවන් සරණයි.
ප.ලි.: සුළුතරයක් වූ නමුත් නිතර නිතර ජඩමාධ්‍ය වලින් උළුප්පා පෙන්වීම නිසාම විශාලව පෙනෙන දුස්සීල භික්ෂූන් කෙරෙහි චෝදනා කරමින් මෙතනත් අදහස් පළ කිරීමට සිතන්නන් ට, අති බහුතර සිල්වත් භික්ෂූන් වහන්සේලාටත් අපහාස වෙන ආකාරයට කටයුතු කිරීම වෙනුවටඑවැනි හරවත් ලිපි සියල්ලන් අතරම බෙදා ගැනීම සුදුසු බව, ලිපිය කියවූ පසුව වැටහේවි. බුද්ධිමතුන්ගේ සංවාදයට විවෘත්තයි

bohoma hoda mathruka wak .prasansaniyai .ratata dayata wadak karanna hithagena inna wa nam mewa thamai karanna oni .
samma sam budu saranai
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
ඔය හාමුදුරුවෝ කෝටියක් සංවර සීලය රකින උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොවේ. ඒ අනුව ඔබ වෙනත් ආගමක් විවේචනය කිරීමට ගොස් වරද්දාගෙන ඇත.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව පරිණිර්වාණය කිරීමටත් කිහිප වරක්ම මෝඩ උත්සාහයක් කළානේ. ඉතින් ඒ වගේම එක් එක් භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් නිසා සමස්ත ශාසනය මෙසේ යැයි කීමට නොහැකියි.
වතිකානුවේ සමලිංගිකයින් සිටි පමණින් සමස්ත කතෝලික පූජකවරුන්ට එලෙස යැයි අපි චෝදනා කරනවාද? http://www.youtube.com/watch?v=MMSlQkWqD3k නොමග ගිය උදවිය ඕනෑම සමාජයක සිටිනවා. ඒ අනුව සමස්ත සමාජයම අධිසාමාන්‍යකරනය (නියැදියකින් තෝරාගත් දෙයක් පෙන්වා දෙමින් සමස්තයම එසේ යැයි පැවසීම) කිරීම මෝඩ කමක්.
ඔය පින්තූරයේ සිටින්නේ බුදු දහම පිළිපදින භික්ෂූන් නොව ජවිපෙ නිසා නොමග ගිය භික්ෂූන්ය. ඒ අය දුස්සීල භික්ෂූන් වන අතර අප පවසන බුදු සසුනට අයත් යැයි කිව නොහැකිය.
ඒ ලිපිය මම කියෙව්ව, බොහොම වටිනව සහෝ ඒක පළ කරපු එක. ඒ හාමුදුරුවන් ලොකු දෙයක් කරල තියෙන්නෙ.
හැබැයි මන්නම් හිතන්නෙ නෑ හැමෝම මුල සිට අගටම ඒක කියවාවි කියල, මොකද ලිපියෙ වැදගත් හරිය තියෙන්නේ ලිපිය අගදී.
ඒ හින්දා ලිපියේ අග කොටස් ටික කාන්ඩ කීපයකට බෙදා කොටස් වසයෙන් පළ කරන්න පුළුවන්නම් නියමයි. එතකොට හැමෝම ඒවා කියවාවි.
Well-loved.
7
වටිනා අදහසක්. ඉදිරියේදී මෙය කොටස් වශයෙන් පළ කරන්නම්. ස්තුතියි
Well-loved.
8