“පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.
ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can see the පස් coming out” ලෙසට කියලා අන්න ඒ “ඉංග්‍රීසි සොඬුන්” ට හොඳ පාඩමක් ඉගැන්වුවා. බටහිර ගැත්තන්ට සුද්දගේ වචන භාවිතා කරමින් අපේ සිංහල කතා කරන්න හොඳනම්, අපිට සුද්දගේ ඉංග්‍රීසි කතා කරන වෙලාවට ඊට වඩාත් ගැලපෙන සිංහල වචන භාවිතය නරක් වෙන්න බැහැ. ඉයන් චැපල් උන්නැහේ උනත් තේරුං ගන්ට ඇති මේ මනුස්සයා මේ දූවිලි ඇවිස්සිච්ච එක ගැන තමා කියන්නේ කියලා.
“මෙහෙම දේකුත් තියෙනවා. දැං ලංකාවෙ තියෙන දූවිලි සහිත පසට හරියටම හරියන ඉංගිරිසි වචනෙකුත් නෑ. Dust, Earth, Soil ඔය එකක්වත් හරියටම හරි යන්නේ නෑ. ඒක හින්දා සනා හිතලම ඒකට අලුත් වචනයක් නිර්මාණය කළා වෙන්ටත් පුළුවන්. අර ‘කන්ද’ කියන එක ‘Kandy’ උනා වගේ.” කියලයි අපේ මිතුරෙක් පැවසුවේ.
‘ඔක්ස්ෆර්ඩ්’ ශබ්ද කෝෂයට අනුව ඉංග්‍රීසි වචන භාවිතා කරන්න යන අයට කිව යුත්තේ භාෂාවක් යනු ව්‍යාකරණවේදීන්ට අවශ්‍ය ලෙස භාවිතා කරන්නක් නොව, ජනතාව යම් භාෂාවක් භාවිතා කරන ආකාරය අනුව ව්‍යාකරණ ගොඩ නැගෙන බවයි. ඒ අනුව ‘pas’ යන වචනය අනාගතයේදී ‘dust’ යන්නට විකල්පයක් ලෙස ඉංග්‍රීසි භාෂාවට එකතු වීමටත් ඉඩ තිබේවි. ඒ කෙසේ වෙතත් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරන සහ උච්චාරණය හිස් මුදුනේ තියාගෙන සිංහලට ගරහන ‘පොෂ්’ උදවියට සනත් නිසා පොළොවේ ‘පස්’ කන්න වුන බවනම් කිව හැකියි.

ප.ලි.: බොහෝ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සනත් ව හමුවුන පසුව ඔහුගේ අතේ පිරිත් නුලක් බඳින අතර ඒ හිමිවරුන් ගැන ඇති ගෞරවය නිසාම සමහරුන් මෙන් සනත් එදාම පිරිත් නූල් ගලවා ඉවත් කරන්නේ නැති නිසා ඔහුගේ අතේ පිරිත් නූල කැපිලා පෙනෙන්නට පටන් ගත්තා. පන්සලකට නිකමටවත් ගොඩ වුනේ නැති සමහර ක්‍රිකට් ලෝලී මිතුරන් පවා සනත් ජයසූරිය ව අනුගමනය කරමින් ගමේ පන්සලට ගොස් පින්කම් වලට සහභාගී වී පිරිත් නූල් බන්දවාගැනීමට පටන් ගත් බව මට තවමත් මතකයි, ඔබටත් එවැනි අත්දැකීම් ඇති. මේ ලිපිය ලිව්වෙත් ගැමි කම අමතක නොකළ අන්න ඒ සනත්ට ගෞරවයක් පිණිසයි.
Convert to PDF

Note That:
Note That:
fuzz is the correct word. dust Sanath said the word Fuzz not “pas”, Simply you can check with any Dictionary
@Saman, Please listen again to the pronunciation of Sanath, and then you could realize it is not “fuzz” but “පස්” if you have good hearing. Also I never heard the word “fuzz” for that kind of circumstances. If you could please point out a video that saying the word “fuzz” instead of “dust” in ICC commenting.
It may be a mistake of Sanath or he might planned for that. But after spreading the article, some local slaves of the Queen of England, have been SHOCKED! That’s what I have expected from the article.
The article makes a valid point. However, it ignore several other valid points which in total overwhelm any benefit, the point that is being highlighted could make. The recent hyper criticism of Sanath’s “pas” comment made by fellow Sri Lankans is not merely on the comment itself. It is a reflection of Sri Lankan cricket fans frustrations with the harm Sanath has been causing to the Sri Lankan Cricket Team and the Sri Lankans concern with how he seems to be ignoring the duties of his office to travel around for personal gain. In mine and many other cricket fans view, it is undeniable that Sanath and his cohorts are trying to push their personal agendas through Dilshan, to the detriment of Sri Lanka cricket which was the only thing we could be proud of as a nation for most of our lives. Therefore, the harm he is causing to our Sri Lankan image far outweigh any benefit the “pas” comment could bring even according the most “stretched” argument. Secondly, I believe that Sanath could serve his constituency far better if he spend more time attending the duties of his office. He is one of our greatest of cricketers. However, it is no justification for not being fully committed for a role he has voluntarily taken over. Sanath needs to realize that Sri Lankans who are laughing at the “pas” comment are not laughing at the comment itself.
sanathta saha mahindata oya gahane game nisa. hari boruda ranga
mankiwe?
ඒ කියන්නෙ සනත් අයෙත් හයේ පාරක් ගහලා , නිකම්ම නෙවෙයි සුද්දාගේ කණ රත් වෙන්න . ක්‍රීඩා කරන්න කියලා පිටරට ගිහින් ලංකාවෙ නම කැත කරන අපේ සමහරුන්ට හැදෙනවනම් සනත් නියම ආදර්ශයක්.
Well-loved.
14
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
ඒක තමයි සනත්ගේ මහත්මා ගතිගුණය, ඒ වගේම පුද්ගලයන්ගේ රූපයට හිනා වෙන ග්ලේන් මැක් ග්‍රාත් තමන්ගේ අසික්කිත කම තමයි පෙන්වලා තිබෙන්නේ.
Well-loved.
16
ඒ කියන්නෙ වඩා අයහපත නේ මාරයි
රංග හරි. මේ ඔක්කොම ලංකාවේ වගේම හැම රටේම වෙනවා. අපි දන්නේ අපේ රටේ දේවල් විතරයි. හැම වෙලාවෙම අනිත් රටවල් එක්ක සසදල බලන එක වඩා හරි. I dunno who even put the comments on the website news has atleast gone over some other countries and knw what actually happening in there. we can not say anything abt others from SL.
Well-loved.
9
ඉස්සර අපේ ගොය්යල යනවා එංගලන්තේ ක්‍රිකට් ගහන්න. හොදට පැරදිලා එන්නේ හරිම ආඩම්බරයෙන්. සුද්දගේ අතින් පැරදීම් උන්ට හරි නම්බුවක්. සනත්ල, මුරලිලා මේක වෙනස් කලා. අර්ජුන රණතුංග තාමය් මේ වහල් මානසිකත්වය බිදලා සුද්දට පිටියේදී ඉස්සෙල්ලම අබියෝග කලේ. මේගොල්ල ගැහුවේ එංගලන්තේ සුද්ද කියල දීපු පහරවල් නෙමෙය් තමන්ගේ ඇගට දැනිච්ච විදියට. පන්දු යැව්වෙත් එහෙම. එකනේ සුද්දට ඕක දිරවගන්න බැරිඋනේ. ඒකම තමය වෙන්න ඕනේ. සුද්දගේ ක්‍රමේට ක්‍රිකට් ගහල සුද්දව පරද්දන්න කවදාවත් බෑ. අපේ තියෙන්නේ වෙනම දේශගුණයක්, වෙනම චින්තනයක්, වෙනස් හැකියාවල්.
Well-loved.
33
ස්තුතියි නාලක ගමගේ මහත්මයා, ඉතා වැදගත් අදහසක්.
Well-loved.
13
නිලියො —-> ගණිකාවො
නලුවො —-> පාතලේ චන්ඩි,හොරු,මංකොල්ල කාරයො
දෙකේ පහේ පීචං SMS ගායකයො —-> බීලා වැඩි වෙලා අහසට වෙඩි තියනවා(බොරු චන්ඩි)
දේශපාලුවො —-> හොරු,කුඩු ඕනර්ලා,කොමිස් මරුවො,මිනී මරුවො
ක්‍රිකටර්ස් ලා —-> සල්ලි පස්සෙ දුවන,සල්ලි වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයො.ලසිත් මාලිංග වගේ
TOURIST GUIDE ලා ලංකාවට එන විදේශික කාන්තාවන්ව දුශනය කරනවා…
Baby Farm දාල ළමයි විකුණනවා.
ලංකාව ආසියවේ නෙවේ සෞරග්‍රහ මණ්ඩයයෙ ආශ්චර්ය බවට පත් වෙන්න යන්නේ.
Reply
Hot debate. What do you think?
14
ඔය දේවල් ලංකාවේ සිදුවෙන්නේ නෑ කියල මම කියන්න යන්නේ නැත, ඒත් ඔය දේවල් මෙහෙට වඩා බටහිර රටවල් වෙනවා. අද යුරෝපය ගිණි අරගෙන තිබෙන්නේ අන්න ඒවායේ ප්‍රතිඵලයක් වශයෙනුයි.
Well-loved.
21