කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,

බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,

ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.

අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.

ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.

…පසුවදන…

මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය ‍රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන ‍රැක ගන්නේ කියලා.

සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ‍” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.

සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.

දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.

එසේම පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක් වූ ඒ.සෝභිත වැන්නවුන් නිසියාකාරව පැවිදි වූවන් හෝ නායක හිමිවරුන්ගෙන් අවවාද අනුශාසනා ලැබූ උදවිය නොවන බැවින් ඔවුන්ව කිසි සේත්ම භික්ෂූන් වහන්සේලා නම් සමූහයට අයත් නොවේ. එවැනි උදවියව හැඳින්විය යුත්තේ “ශ්‍රමණ වේශ ධාරීන්” යන නමිනි.

ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් අප නිතර සිහිපත් කරන අතර, බුදු සසුන ‍රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.

“විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

2640
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

121 comments to බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,

  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

    මගේ නම සුජිත් නිශාන්ත හේවගේ. අපි සිංහල බෞද්ධ. මගේ උපන්දිනය 1969.11.19 මගේ අම්මගේ නම දික්මාදුගොඩගේ දෝන නන්දාවතී. මගේ තාත්තගේ නම සෝමවීර හේවගේ. මට ඉන්නේ නංගී කෙනෙක් පමණයි. ඇගේ නම අනූෂා ප්රි යංගනී හේවගේ. මට වයස අවුරුදු 5 දී විතර මගේ තාත්තා මව අත්හැර දාලා ගියා. එතකොට අම්මගේ වයස අවුරුදු 30 ක් විතර ඇති. නංගීගේ වයස මාස ගණනක්. නංගී ඉපදුණේ 1973.7.22. එතැන් පටන් අම්මා වෙන විවාහයක් ගැන පවා නො සිතා අපි දෙන්න ව ඉතා දැඩි ආදරයෙන් හදා වඩා ගත්තා. ඉගැන්වුවා. ඇය පාසල් ගියේ කොළඹ ගෝතමී බාලිකා විදුහලට. දැන් මගේ නංගී උපාධිධාරී ආයුර්වේද වෛද්යනවරියක්. ඇය ඉගෙන ගත්තේ කොළඹ විශ්වවිද්යා්ලයට අයත් දේශීය වෛද්යධවිද්යාේ ආයතනයේයි. මගේ අම්මා උපාධිධාරිනියක්. ඇය පේරාදෙණිය විශ්වවිද්යාතලයේ ඉගෙනුම ලබා ඇත. මම පාසල් ගියේ කොළඹ ආනන්ද විදුහලට. මම දැනට කැලණි විශ්වවිද්යාරලයේ බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ ආචාර්ය උපාධිය හදාරනවා. ඊට කලින් මම කැලණි විශ්වවිද්යාදලයේ එම විෂය යටතේ ම දර්ශනපති උපාධිය හදාරා සමත් වුනා. මට කැලණි විශ්වවිද්යාාලයේ විශේෂ ශාස්ත්ර්වේදී උපාධියක් තිබෙනවා. ඊට අමතරව බෞද්ධ හා පාලි විශ්වවිද්යා්ලයෙන් සාමාන්යි‍ ශාස්ත්ර්වේදී උපාධිය දෙවන පෙළ සාමාර්ථය සහිත ව සමත්. ඊට අමතරව බෞද්ධ හා පාලි විශ්වවිද්යායලයෙන් තවත් විශේෂ ශාස්ත්රතවේදී ප්රදථම පංති සාමාර්ථ සහිත ව උපාධියක් ලබා තිබෙනවා. මීට අමතරව බෞද්ධ හා පාලි විශ්වවිද්යා්ලයෙන් පාලි භාෂාව හා සාහිත්යත පිළිබඳ ඩිප්ලෝමාවක් ද බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා තිබෙනවා. මම ප්රාවචීන භාෂෝපකාර සමිතිය මඟින් රාජකීය පණ්ඩිත උපාධිය පිරිනැමීම සඳහා පවත්වන ප්රාදචීන ප්රාාරම්භ, මධ්යවම හා අවසාන විභාගවල පෙනී සිට සමත්ව සිටිනවා. එසේම විද්යෝ දය පිරිවෙනේ ශ්රීාසුමංගල ගුණානුස්මරණ ත්රිාපිටක ධර්ම පරීක්ෂණ සඳහා පෙනී සිට ගෞරව ප්රැථම පංති සාමාර්ථ ලබා ත්යානග දිනා තිබෙනවා. එහි ත්රිටපිටකාචර්ය උපාධියට අයත් අභිධර්මාචාර්ය ප්රාිරම්භ මධ්යයම හා අවසාන විභාග විශිෂ්ට ප්රෙථම පංති ගෞරව සාමාර්ථය ලබා සමත්ව ත්යාාග දිනා ඇත. එසේම ඊට අයත් විනයාචාර්ය උපාධි පරීක්ෂණයෙහි ප්රාපරම්භ මධ්යලම හා අවසාන විභාග ද සද්ධර්මචාර්ය උපාධි පරීක්ෂණයෙහි ප්රාශරම්භ මධ්යිම හා අවසාන විභාග ද සමත්ව ඇත. තවද අභිධර්ම විශාරද උපාධියේ ප්රාධරම්භ මධ්යයම හා අවසාන විභාග ද එක් එක් ත්රි පිටක පොත් සඳහා වෙන වෙනම පැවැත්වෙන භාණක උපාධි පරීක්ෂණ ද මේ අයුරින් ම පෙනී සිට සමත්ව ඇත. මට ශ්රී ලංකාවේ පිළිගත් ඕනෑම රාජ්යා විශ්වවිද්යා්ලයක අධ්ය්යන කාර්ය මණ්ඩලයට ඇතුළත් වීම සඳහා ( ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස ) අධ්යශයන හා පර්යේෂණ සුදුසුකම් අවශ්යර තරමටත් වඩා ඇත. නමුත් ඒ සියලු සුදුසුකම් සහිත ව සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ මට සිදු වූයේ දෙවන පෙළ පහළ සාමාර්ථ ලැබූ අය අංශාධිපති පීඨාධිපති විසින් විශ්වවිද්යාකලවල අධ්යහයන කාර්ය මණ්ඩල වලට බඳවා ගැනීමට සුදුස්සන් ලෙස තෝරා ගත් බැවින් හිස් අතින් පැමිණීමටයි. මේ අනුව උපාධි සුදුසුකම් ලෙස විශේෂ උපාධි ප්ර්ථම පංතිය සහිත ව උපාධි කීපයක් සහ ඒ සමඟ දර්ශනපති පශ්චාත් උපාධි ( පර්යේෂණ ) සමත්ව සිටී එසේම ආචාර්ය උපාධි හදාරමින් සිටී මා හදිසි හස්තයක් විසින් කපා හැර තෝරා ගැනීම සඳහා අවම සුදුසුකම් පවා ලබා නො සිටි සාමාන්යම උපාධි දෙවන පෙළ පහළ සාමාර්ථ ලැබූ වන් විශ්වවිද්යාපලයේ අධ්යසයන කාර්ය මණ්ඩලයට සුදුස්සන් ලෙස තෝරා පත් කර ගන්නා ලදි. මට සිදු වූයේ මේ නිසා ඉතාමත් දැඩි අසාධාරණයකි. මට අවසානයේ යෑමට සිදු වූයේ මා හට කිසි සේත් ම නුසුදුසු රැකියාවලට ය. අද ලංකාවේ ඉතාමත් ම ඉහළ රැකියා සඳහා බඳවා ගැනෙනුයේ කිසිදු වෘත්තීය, අධ්යාටපන හේ පර්යේෂණ සුදුසුකමක් නැති හිස් මිනිසුන් ය. මේ අය බොහෝ විට ඥාති සංග්රේහ, දේශපාලන බලපෑම්, මුදල් හෝ ලිංගික අල්ලස් වැනි දූෂිත අකටයුතු දේ නිසා හෝ ඉහළතම රාජ්යව ආයතනවල මුල් පුටුවලට බඳවා ගත් අයයි. අධ්යූයන, පර්යේෂණ හා වෘත්තීය සුදුසුකම් හැර මට කිසිදු දේශපාලන සබඳතාවක් නෑ. මේ නිසා මට මේ දක්වා මා මුහුණ දුන් කිසිදු සම්මුඛ පරීක්ෂණයකින් කිසිදු සාධාරණයක් ඉටු වී නෑ. දර්ශනපති, ආචාර්ය හා විශේෂවේදි ප්රණථම පංති උපාධි ආදී උපාධි 5 ක් සහිත ව සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දුන් විට ඒවායින් විශ්වවිද්යාිලවල කථිකාචාර්ය තනතුරුවලට බඳවා ගත්තේ යත්තම් උපාධිය සමත් ව දෙවන පෙළ පහළ සාමාර්ථ ලැබූ කිසිදු පශ්චාත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් නො ලැබූ අයයි. මා අභ්ය්න්තර උපාධි ලැබූ බෞද්ධ හා පාලි විශ්වවිද්යාතලයේ දී කීප වාරයක් මට සිදු කරනු ලැබුවා. එහි කිසිදු තනතුරකට සුදුසුකම් ලැබූ අය බඳවා ගෙන නෑ. අන්ත දූෂිත පරිපාලන ව්යු හයක් හා පුද්ගලික හිතවත්කම් මත පමණයි එහි බඳවා ගැනීම් සිදු කරන්නේ. මම මට සුදුසු විශ්වවිද්යායලයක ආධුනික කථිකාචාර්ය ධුරයට බලාපොරොත්තු සහගත ව පසු වෙමි. මේ සමඟ මගේ සම්පූර්ණ ජීව දත්ත ඇතුළත් අයදුම්පතක් අමුණා ඇත. කරුණාකර මට විශ්වවිද්යා ලයක ආධුනික කථිකාචාර්ය තනතුරක් හෝ මගේ අධ්යාමපන, වෘත්තීය, ශාස්ත්රී‍ය පර්යේෂණ සුදුසුකම්වලට ගැළපෙන ආකාරයේ විශ්වවිද්යාතලයේ හෝ උසස් අධ්යාතපන ආයතනයක හෝ අධ්ය්යන කාර්ය මණ්ඩලයට අයත් තනතුරක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මගේ ජංගම දුරකථන අංකය 0718064226. මීට කතා කර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මගෙන් ලබාගත හැකි බව ද කාරුණිකව දන්වා සිටිමි. තෙරුවන් සරණයි !!!

    Thumb up 2

  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ - 0718064226

    සීල විශුද්ධිය සම්පූර්ණ කිරීම මඟින් කායික හා වාචසික සංවරය සලසා ගැනීම නිසා තව දුරටත් මානසික සංවරය පිණිස අවධානය යොමුකිරීමට පහසුවේ.මේ නිසා ශීලවිශුද්ධිය ඇතිකර ගැනීමෙන් පසුව චිත්ත විශුද්ධිය ඇතිකරගැනීමට අවධානය යොමුකළ යුතුවේ.චිත්ත විශුද්ධිය නම් චිත්ත සමාධිය ඇතිකරගැනීමයි.එනමස් සිතේ ඒකාග්රකතා ගුණය වර්ධනය කිරීමයි.උපචාර සමාධිය හා අර්පණා සමාධිය යැයි දෙයාකාරයකින් සිතේ සමාධිය ඇතිකරගත හැකිය.උපචාර සමාධිය නම් අර්පණා සමාධියට පළමුවෙන් සිතේ ඇතිකරගන්නා කාමාවචර චිත්ත සමාධියයි.අර්පණා සමාධිය නම් රූපාවචර අරූපාවචර ධ්යාින සිත් ඇතිකරගැනීමයි.මෙම ධ්යාාන අෂ්ටසමාපත්ති දක්වාම ඇති කරගත හැකිය.එසේ කිසිදු ලෞකික ධ්යාසනයක් නැතිව මුල පටන්ම විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයාගේ සිතතුළ විදර්ශනා ඥාණය හේතුකොටගෙන බලවත් චිත්ත සමාධියක් ඇතිවේ. මේ චිත්ත සමාධිය වනාහී මූලික අවස්ථාවේදී මාර්ගඤාණ ඇතිවීමට පූර්වංගමව ඇතිවන උපචාර සමාධියක් ලෙස සැලකිය හැකිය.එසේම මේ උපචාර සමාධියම භාවනා වශයෙන් වඩත්ම අනුක්රධමිකව මුහුකුරා යයි.යම් විදර්ශනා ඤාණ පහළවන අවස්ථාවේ සිට ලොකෝත්තර මාර්ග ඤාණ සිත් උපදින අවස්ථාව දක්වා උපචාර සමාධි ලෙස පැවතී ලෝකෝත්තර මාර්ගඤාණ සිත් උපදින අවස්ථාවේ අර්පණාවට පැමිණේ.ලෞකික ධ්යාීන සිත් අර්පණා ප්රාඋප්ත සිත් ලෙස හඳුන්වනු ලබන්නාක් මෙන් ලොකෝත්තර ධ්යා නවූ මාර්ගඵල ඤාණ සිත් අර්පණා ප්රාපප්ත සිත් ලෙස දැක්විය හැකිය.ශුක්ෂ විදර්ශනා වඩද්දී උපදින චිත්ත සමාධිය ලෞකික ධ්යාරන නොවන බැවින් අර්පණා සමාධියට අයත් නැත.එයද කාමාචර සමාධියකි.එය හැඳින්වෙන්නේ ඛණික සමාධි නාමයෙනි.මේ සමාධිය කාමාවචර චිත්ත සමාධියක් වුවද ලෝකෝත්තර ගුණය කරා ඇදීයන බලවත් චිත්ත ඒකාග්ර තාවයකි.ඒ නිසා මෙය ලෞකික ධ්යාුන වශයෙන් සිව්වන රූපාවචරධ්යාලන සිතේ ඇති ඒකාග්රවතාව තරම් බලවත් සමාධියක් අනුක්රනමයෙන් වැඩෙන මේ ඛණික සමාධි සිතේ ඇත.මේ බලවත් සමාධි සිතේ බලයෙන් ලෝකෝත්තර ගුණය දෙසට සිත නැවී යයි.අන්රසක්රතමයෙන් සමාධිය හා ප්රබඥාව වර්ධනය වීමේදී මේ ඛණික සමාධි සිතම මුහුකුරා ගොස් ලෝකෝත්තර අර්පණා සමාධි උපදවා ගතහැකිය. ලෝකෝත්තර අර්පණා ධ්යාලන සිත් නම් මාර්ගඵල සිත්ය. මෙම මාර්ගඵළ සිත් සෝවාන්, සකෘදාගාමී,අනාගාමී හා අර්හත් ලෙස සිව්වැදෑරුම් වේ.මෙකී චිත්ත විශුද්ධිය ලබාගත් අයෙකුට දිට්ඨි විශුද්ධිය ලැබිය හැකිය.ඒ සඳහා නාම රූප වෙන් වෙන් වශයෙන් සලකා බැලිය යුතුය. මෙය නාමරූප පරිග්රයහය යනුවෙන් හැඳින්වේ.මෙය සංක්ෂේකප හා විස්තර වශයෙන්ද සිදුකළ හැකිය.තමන්ගේ චිත්ත සන්තානයට අරමුණුවන අධ්යාහත්මික ධර්ම කොටස් දෙකකට වෙන්කර නාම හා රූප ධර්ම වෙන් වෙන්ව සලකා බැලීම තුළින් නාමරූප යනු ජීවියෙක්,ආත්මයක්,කිසියම් සත්වයෙක් සේ වූ ආකල්ප දුරුව යයි.මේ සඳහා නාමරූප ලක්ෂණ,ප්රූත්යුෙපස්ථාන, රස හා පදස්ථාන වශයෙන් විග්ර හකර බැලිය යුතුය.ලක්ෂණ නම් ගින්නේ උෂ්ණත්වය මෙන් ධර්මයන්ගේ සාමාන්ය් ස්වභාවයයි.රස නම් ගින්නේ ඇති පිළිස්සෙන හා බැබලීම මෙන් ධර්මයන්හි කෘත්යා හා සම්පත්ති ලක්ෂණයයි.ප්රනත්යසපස්ථාන නම් ගින්නේ දුම මෙන් ධර්මයන්හි ඵලයයි.පදස්ථාන නම් ගින්න ඇති වීමට හේතු මෙන් ධර්මයන් ඇතිවීමට හේතුප්ර්ත්යඵ කාරණයයි.මේ සතර අයුරින් නාමරූප පරිග්රෙහය දෘෂ්ටි විශුද්ධියයි.මේ මඟින් සක්කායදෘෂ්ටිය විෂ්කම්භනය වේ.සංඥා විපර්යාස,චිත්ත විපර්යාස හා දෘෂ්ටි විපර්යාස ආදිය තුනී වේ.නාමරූප දෙක ලක්ෂණ ආදී වශයෙන් මෙන්ම පඨවි ධාතු ආදී සතර ධාතු වශයෙන්ද,පඤ්චස්කන්ධ වශයෙන්ද,ද්වාදස ආයතන වශයෙන්ද,අෂ්ටාරස ධාතු වශයෙන්ද පිරිසිඳ දැනගැනීම දිට්ඨිවිශුද්ධියට අයත්වේ.මේ දැක්වූයේ සංක්ෂේතප ක්ර මයයි.මෙය විස්තර වශයෙන් සිදුකිරීමේදී එක් එක් ධාතුවකටද එක් එක් ස්කන්ධමයකටද එක් එක් ආයතනයකටද අයත් නාමරූපද වෙන්කර පිරිසිඳ දැනගත යතුය.එසේ වෙන්කර හැඳිනගන්නා එක් එක් නාමරූපයක ලක්ෂණ ආදී දේද වෙන් වෙන්ව නිරීක්ෂ ණය කළයුතුය.මෙසේ නිරීක්ෂඑණය කරද්දී යථාභූත දර්ශනය ඇතිවේ.මේ යථාභූත දර්ශනය නැතිවිට සත්වුයෙක්,ජීවයක් හෝ ආත්මයක් ඇතැයි වරදවා සලකයි.එසේ සලකා එහි අවිනාශය දැක ශාස්වත දෘෂ්ටිය ඇති කර ගනියි.විනාශය දැක උච්ඡේද දෘෂ්ටිය ඇති කර ගනියි. යථාභූත දර්ශනය ඇතිවිට අඞ්ගසම්භාරය විනා රථයක් යැයි වෙනම දෙයක් නැතැයි සලකන්නාක් මෙන් නාමරූප දෙකින් බැහැරව වෙනම සත්ව්යෙක් නැතැයි සලකයි.අන්ධ යා හා පිළා එක්ව ගමන් කරන්නාක් සේ එකිනෙක උපකාරයෙන් නාම හා රූප එක්ව සත්වලයා සකස්ව ඇතිබව දැන ගනියි.
    මෙසේ දෘෂ්ටි විශුද්ධිය ඇතිකරගත් පසුව ඊ ළඟට කංඛාවිතරණ විශුද්ධිය ඇතිකරගත යුතු වේ.කංඛාවිතරඛ විශුද්ධිය යනු ඉහත දක්වන ලද නාමරූපයන්හි ප්රවත්යි පරිග්ර හයයි.නාමරූප ඇතිවීම සිදුවන්නේ කුමන හේතුප්රුත්යඉ උපකාරී කරගෙනදැයි විමසීම මෙහි අරමුණයි.මේ තුළින් නාමරූප අරමුණුකොට සිතතුළ ඇතිවී ඇති සැකසංකා දුරුකර හරිනු ලැබේ.මේ දැනීමද සංක්ෂේයප දැනීම හා විස්තරාත්මකව දැනීම යැයි කොටස් දෙකකි.නාම ඇතිවීමේ හේතු නම් වස්තු හා ආරම්මණයි.රූප ඇතිවීමේ හේතු නම් කර්ම,චිත්ත,සෘතු,ආහාර යි.අවිද්යාර,තෘෂ්ණා,උපාදාන,කර්ම නාමරූප ඇතිවීමේ හේතුවේ.මේ අයුරින් සැලකීම සංක්ෂේතප පරිග්ර හය ලෙස හැඳින්වේ.පටිච්ච සමුප්පාදයෙහි පට්ඨාන නය වශයෙන් සැලකීම විස්තරාත්මක පරිග්රාහයවේ.අවිද්යාැ,තෘෂ්ණා,උපාදාන,කර්ම යන සතර නාම රූප ඇති වීමට නිබ්බත්තක හේතුය.ආහාරය උපත්ථවම්භක ප්රතත්යණයයි.අවිද්යාද,තෘෂ්ණා,උපාදාන මව මෙන්ද කර්මය පියා මෙන්ද ආහාරය කිරිමව මෙන්ද උපකාරීවේ.මෙසේ රූපයේ ප්රරත්යඋ පිරිසිද දැන ඇස හා රූපය නිසා චක්ඛු විඤ්ඤාණය ඇතිවෙතැයි නාමයේ ප්රසත්ය් පිරිසිද දැනගත යුතුය.මේ ලෙස මෙකල ප්රකත්යඤ වූවාක් මෙන් පෙරද ප්රණත්ය ය වී තිබේ.මතුද ප්රදත්යය වියහැකිය.මේ අයුරින් දැනගැනීම නිසා තමන්ගේ පැවැත්ම පිළිබඳ අතීතකාලය සම්බන්ධ විචිකිච්ඡා පහද,අනාගතකාලය සම්බන්ධ විකිච්ඡා පහද,වර්තමාන කාලය සම්බන්ධ විකිච්ඡා හයද පහවී යයි.මේ අයුරින් කාලත්රිය සම්බන්ධ තමන්ගේ පැවැත්මට අදාළ විචිකිච්ඡා දහසක් ප්ර හාණය වන නිසා මෙය කංඛාවිතරණ විශුද්ධිය නම් වේ.එසේම නාමය පිළිබඳව සාධාරණ හා අසාධාරණ යන ද්විවිධ හේතුද,රූපය පිළිබඳ කර්මය ආදී චතුර්විධ හේතුද සෙවිය හැකිය.චක්ඛුර ආදී ද්වාර හය හා රූප ආදී ආරම්මණ හය නාමයේ සාධාරණ හේතුය.කුසල අකුසලාදී සියල්ල ඉන් වන බැවිනි.යෝනිසෝමනසිකාර ආදිය අසාධාරණ හේතුය. යෝනිසෝමනසිකාර සද්ධර්ම ශ්රැවණාදිය කුශලයන්ටද,අයෝනිසෝමනසිකාරාදිය අකුශලයන්ටද කර්මය විපාකයන්ටද,භවඞ්ගාදිය ක්රියයාවන්ටද ප්රසත්යකවේ.කර්ම,චිත්ත,සෘතු,ආහාර යන සතර රූපයට ප්රුත්යනවේ.මෙසේ කාලත්රදය පිලිබඳ සලකාබැලීමේදී කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්ණවේ.තවද නාම රූප පිළිබඳ පටිච්චසමුප්පාද න්යා යෙන් හේතුප්රයත්යව සෙවිය හැකිය.එයින්ද කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්ණවේ.එසේම අතීතහේතු පහ හා වර්තමාන ඵල පහ ලෙසද,වර්තමාන හේතු පහ හා අනාගත ඵල පහ ලෙසද යන කම්ම වට්ට විපාක වට්ට වශයෙන් නාමරූප පිළිබඳ ප්රැත්යහ සෙවියහැකිය.එසේ සෙවීම නිසා අතීත අනාගත හා වර්තමාන ධර්ම චුතිපටිසන්ධි ලෙස ප්රහකටව වැටහේ.ඤාතපරිඤ්ඤා යනු මෙයයි.අතීත කර්මප්රනත්යි නිසා උපන් සකන්ධව එහිම නිරුද්ධවිය.අතීත කර්මප්රකත්යඤයෙන් මෙහි වෙනත් සකන්ධර පහළවිය.අතීත භවයෙන් මෙහි එකද දෙයක්වත් නොපැමිණියේය.මේ භවයෙන්ද කර්ම ප්රවත්ය‍යෙන් උපදින ස්කන්ධව නිරුද්ධවේ.මතුභවයේ උපදින්නේ වෙනත් ස්කන්ධේය.මේ භවයේ සිට මතුභවයට කිසිවක් ගමන්නොකරයි.එහෙත් කර්මඵල විපාක හේතුවෙන් කාලත්රධය පුරා හේතු ප්රමත්යව සම්බන්ධතාවයක් ඇත.මෙසේ චුති පටිසන්ධි ලෙස නාමරූප සම්බන්ධ හේතුප්ර ත්ය පරිග්රවහය සම්පූර්ණ කෙරේ.එවිට අෂ්ටවිධ සංකා,දෙසැට මිථ්යාන දෘෂ්ටි විෂ්කම්භනයවේ.ධම්මට්ඨිතඤාණ,යථා භූතඤාණ,සම්ය ග් දර්ශන යනුවෙන් හැඳින්වෙන්නේද මේ කංඛාවිතරණ විශුද්ධියයි.බුදුසසුනින් පිහිටි ලැබූ චුල්ල සෝතාපන්නයා යනු මේ තත්වයට පැමිණි පුද්ගලයායි.
    කංඛාවිතරණ විශුද්ධිය උපදවාගත් පසු ඊළඟට උපදවාගැනීමට ඇත්තේ මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධියයි.මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධිය යනු මාර්ගය අමාර්ගය කුමක්දැයි ව්යදවස්ථා කරන ඥානයයි.මේ සඳහා කංඛාවිතරණ විශුද්ධියේදී පිරිසිඳි කාලත්රෂයට අයත් සංස්කාර සකන්ධ ආදී ක්ර මයෙන් කලාප වශයෙන් හකුළා ක්ෂවයාර්ථයෙන් අනිත්යඳය භයාර්ථයෙන් දුඃඛය.අසාරාර්ථයෙන් අනාත්මයයි අද්ධාන වශයෙන් සන්තති වශයෙන් ක්ෂරණ වශයෙන් ත්රි්ලක්ෂණ සම්මර්ශනය කළයුතු වේ.මේ ත්රිෙලක්ෂණ සම්මර්ශනය කිරීම ඉතා පුළුල් වශයෙන් සිදුකිරීමේදී නියම විදර්ශනාභාවනාව කුමක්දැයි වටහාගත හැකිය.භාවනාව නියම ලෙස සිදුකරන මාර්ගය හා ඉන් බැහැරවීම නිසි ලෙස වටහාගැනීම මේ අවස්ථාවේදී සිදුවේ.එසේම තෛභූමික සංස්කාරයන්හි ප්රෙත්යී හා ක්ෂ ණ වශයෙන් උදය ව්යකය බැලිය යුතුය.එලෙස සම්මර්ශනය කරත්ම විදර්ශකයාහට ඕභාසාදී දශවිධ විදර්ශනා උප ක්ලේශ ධර්ම පහළ වේ.එය භාවනාවේ දියුණුවක් යැයි සිතා නොරැවටී එයට තෘෂ්ණා නොකර සිට ඉන් මිදීම හා නිවැරදි මාර්ගය තෝරාගෙන එහි ගමන්කිරීම මෙහිදී සිදුකළ යුතුදෙයයි.කාලත්රේයට අයත් කාම,රූප,අරූප යන ත්රෛරභූමක සංස්කාරවල අධ්යා ත්මික,බාහිර,ඕලාරික,සියුම්,හීන,ප්රලණීත, දුර,සන්තික ආදී භේද ඇති එකොලොස් ස්වරූප වූ රූප හා වේදනාදියද පුළුල් ලෙස ත්රිිලක්ෂණයට හසුකරගත යුතුවේ.ලොකෝත්තර ධර්ම විදර්ශනාවට හසුනොවන අතර විදර්ශනාවට හසුවන්නේ සානුසය ධර්මය පමණි.මන්ද විදර්ශනාව ඇත්තේ අනුශය ප්රවහාණය පිණිස වන බැවිනි.මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය වැඩීමේදී සංස්කාර ක්රරම රාශියකට ත්රිසලක්ෂණයට හසුකරගනු ලැබේ.පළමු ක්ර මය වනුයේ ස්කන්ධාඅදී වශයෙන් කලාප හකුළා විදර්ශනා කිරීමයි.මෙහිදී එම ත්රෛසභුමික ධර්ම පඤ්චස්කන්ධාේදී ක්රධමයෙන් කලාප ලෙස පිඬුකළ යුතුය.ෂඩ්ද්වාර,ෂඩාලම්බන,ෂඩ්විඥාන,ෂට්ස්පර්ශ, ෂට්වේදනා,ෂඩ්ධාතු,දසකසින,දෙතිස්කුණප කොට්ඨාශ,දවාදසආයතන,අටලොස්ධාතු,දෙවිසිඉන්රිස ය ත්රිඨධාතු,නවභව,චතුර්ධ්යාඥන,චතුර්විධඅප්පමඤ්ඤා,සතර සමාපත්ති,දොලොස් පටිච්චසමුප්පාද ආදිය මෙසේ කලාප වශයෙන් හකුලා සිදුකරන විදර්ශනාවට භාවිතා කෙරේ.දෙවන ක්රඅමය නම් ක්ෂයයාර්ථෙ වශයෙන් අනිත්යරය,භයාර්ථරයෙන් දුඃඛය,අසාරාර්ථ‍යෙන් අනාත්ම යැයි සැලකීමයි.මෙහිදී රූපා ආදිය ක්ෂයයට පැමිණෙන බැවින් අනිත්යටය.එබැවින් එය භයජනකය.ඒනිසා එය දුඃඛය.ආත්මාදී වශයෙන් ගතහැකි සාරයක් නැති බැවින් අනාත්ම යැයි සැලකීම මේ දෙවන ක්රඛමයේදී සිදුවේ.තෙවන ක්ර මය නම් අද්ධාන වශයෙන් සැලකීමයි.මෙහිදී එක් එක් භවයක ඇතිවූ රූප ආදිය තවත් භවයකට සෘජු ලෙස නොයන ඒ භවයතුළම නිරුද්ධවනබව සැලකීම මේක්රදමයේදී සිදුකෙරේ.සිව්වන ක්රරමය නම් සන්නති වශයෙන් සැලකීමයි.මෙහිදී කලාප සම්මර්ශනය සිදුකරනුයේ රූප හා අරූප සන්තති සේ වෙන වෙනම සත් ලෙසකිනි.එනම් රූප සන්නති කලාප සම්මර්ශන ක්ර මවේද සත හා රූප සන්තති කලාප සම්මර්ශන ක්ර්මවේද සත බැගිනි.පළමුවෙන් රූප කලාප සම්මර්ශන ක්රපමවේද සත මෙලෙස දැක්විය හැකිය.පළමු රූපකලාප සම්මර්ශන ක්රරමවේදය නම් ආදාන නික්ඛේප වශයෙන් සැලකීමයි. මෙහි ආදාන නම් ප්රිතිසන්‍ධියි.නික්ඛේප නම් චුතියි.එනම් ප්රසතිසන්ධි චුති වශයෙන් මේ භවයේ ඇති රූප අන්යද භවයකට නොගොස් මේ භවයේදීම නිරුද්ධ වන අතර අන්ය් භවයක පහළවන රූප තව භවයකට නොගොස් ඒ භවයේදීම නිරුද්ධවන බව සැලකීමයි.මේ නිසා රූප කලාප අනිත්ය , දුඃඛය හා අනාත්මය යැයි ත්රිනලක්ෂණ වශයෙන් සැලකීම සිදුවේ.දෙවන රූප කලාප සම්මර්ශන ක්රඃමවේදය නම් වයෝවුද්ධත්ථරගාමී හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී ආයුකාලය කොටස්වලට බෙදා එක්එක් කාලයේ පැවති රූප අනෙක් කාලයට නොගොස් එහිදීම නිරුද්ධවූ බව සැලකීම සිදුකෙරේ.තෙවන රූප කලාප සම්මර්ශන ක්රඑමවේදය නම් ආහාර හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී ආහාරජ රූප ලෙස ආහාරය ලැබීමට ප්ර්ථම හා පසු විවිධ අවස්ථාවලදී රූපය වෙනත් අවස්ථාවකට නොපැමිණ එහිදීම නිරුද්ධවන බව සැලකීම හා එය ත්රිාලක්ෂ ණයට නඟා බැලීමයි.සිව්වන රූපකලාප සම්මර්ශන ක්ර මය නම් සෘතු හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී සෘතු ලක්ෂණ අනුව එක් කාලයක පැවති රූප වෙනත් කාලයකට නොපැමිණ එහිදීම නිරුද්ධවූ බව හා එය ත්රිනලක්ෂයණයට නැඟීමයි.පස්වන රූප කලාප සම්මර්ශන ක්රහමවේදය නම් කර්ම හෙයින් විදර්ශනාකිරීමයි.මෙහිදී කර්මජ රූප විවිධ ඉන්රිපස්වය ද්වාර අනුව එහිම ඉපිද එහිම නිරුද්ධවන බව,අන්ය් ස්ථානයකට නොයන බව හා එය ත්රිසලක්ෂ ණයට අනුව සැලකීම සිදුකෙරේ.සයවන රූපකලාප සම්මර්ශන ක්ර‍මවේදය නම් චිත්ත හෙයින් විදර්ශනාකිරීමයි. මෙහිදී සොම්නස් දොම්නස් ආදී චිත්තයන්ට අනුරූපීව ඒ ඒ අවස්ථාවන්හි හටගත් රූප එහිම නැති බව,වෙනත් ස්ථානයකට නොයන බව සැලකීම හා එය ත්රි ලක්ෂ ණයට නඟා බැලීම සිදුවේ.සත්වන රූප කලාප සම්මර්ශනය ක්ර මවේදය නම් ධම්මතා රූප හෙයින් විදර්ශනා කිරීමයි.අවස්ථානුරූපීව ඇතිවන රූපකලාප වෙනත් අවස්ථාවකට නොපැමිණ එහිම නිරුද්ධවන බව සැලකීමයි.ධර්මඅතාරූප අනුව විවිධ අවස්ථාවල ඇතිවන රූප කලාප එහිම නිරුද්ධවන බව හා වෙනත් අවස්ථාවකට ගමන් නොකරන බව සැලකීම සිදුවේ.මේ නිසා මේ රූප කලාප ත්රිකලක්ෂනණයට නඟා බැලේ.

    Thumb up 1

  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ - 0718064226

    මග්ගමග්ගඤාණදස්සන විශුද්ධියට අයත් සිව්වන කලාප සම්මර්ශනයේ සන්තති වශයෙන් කලාප සම්මර්ශනය සිදුකිරීමේ අරූප කලාප සම්මර්ශන සතක්ද ඇත.මෙහිදී පළමු අරූප කලාප සම්මර්ශන ක්රනමවේදය නම් කලාප වශයෙන් විදර්ශනා කිරීමයි.ඒ අනුව රූප කලාප සම්මර්ශනයට භාවිතා කරන ලද ක්රලමවේද සත අනුව පුහුණු කරන ලද විදර්ශනා සිත් එක්තැන් කොට ත්රිරලක්ෂකණය අනුව සලකා බැලීම සිදුකෙරේ.දෙවන අරූප කලාප සම්මර්ශන ක්රොමය නම් යුග්ම හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී වෙන් වෙන් වශයෙන් රූප කලාප සම්මර්ශනය හා එසේ කළ සිත් යුගළ වශයෙන් සලකා රූප කලාප සතටම විදර්ශනා කිරීමයි.නිදසුනක් වශයෙන් පළමු රූපකලාප සම්මර්ශනක්රගම වේදය වූ ආදාන නික්ඛේප වශයෙන් රූපකලාප විදර්ශනා කළ සිත්ද වෙන වෙනම යුගල වශයෙන් සලකා විදර්ශනාකිරීම යුග්ම හෙයින් විදර්ශනාකිරීමයි.තෙවන අරූප කලාප සම්මර්ශන ක්රලමය නම් ක්ෂ ණ හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී රූප කලාප සම්මර්ශනය කළ සිත් තුන්වන,සතරවන,පස් වන සිත් මේ අයුරින්ම විදර්ශනා කරනු ලැබේ.මෙහිදී සතරවන සිත් දක්වා විදර්ශනාකිරීම ක්ෂතණ හෙයින් විදර්ශනාකිරීම නම්වේ.සිව්වන අරූප කලාප සම්මර්ශන ක්රවමවේදය නම් පටිපාටි හෙයින් විදර්ශනා කිරීමයි.ඉහත දැක්වූ අයුරින් රූප කලාප විදර්ශනාකර පසුව රූප කලාප විදර්ශනාව සිදු කළ සිත් විදර්ශනාවට නඟා එය දසවන සිත් දක්වා සිදුකිරීම පටිපාටි හෙයින් විදර්ශනා කිරීම වේ. පස්වන අරූප කලාප සම්මර්ශන ක්ර්මවේදය නම් දෘෂ්ටි උද්ඝාට හෙයින් විදර්ශනාකිරීමයි.මෙහිදී රූප කලාප විදර්ශනාව සිදුකර ඒ සිතද අනත්තානුපස්සනාව අනුව වැඩීමෙන් ආත්මයක් නොදැක ආත්ම දෘෂ්ටිය හැරදමමින් විදර්ශනාව සිදුකෙරේ.සයවන අරූප කලාප සම්මර්ශන ක්ර මය නම් රූප කලාප විදර්ශනාකර ඒ විදර්ශනා කළසිත් අනිච්චානුපස්සනාවට අනුව සැලකීමයි.මෙහිදී මානය ඇතිවීමට හේතු දුරුකරන නිසා මේ නමින් හැඳින්වේ.සත්වන අරූප කලාප සම්මර්ශන ක්රඇමය නම් නිකාන්ති පර්යාදාන හෙයින් විදර්ශනා කිරීමයි.මෙහිදී රූප කලාප විදර්ශනාකර ඒ විදර්ශනාකළ සිත්ද දුක්ඛානුපස්සනාවට නඟා විදර්ශනා කිරීමයි.මෙහිදී පැතිය යුතු දෙයක් නොදකින බැවින් නිකාන්තිය ක්ෂ්ය කෙරේ.මෙහිදී ක්ෂ ණ වශයෙන් සිදුකරන සම්මර්ශනය බුදුවරයන්ට විනා සෙසුඅය හට නොලැබෙනබව දක්වා ඇත.මන්ද රූප අරූප ධර්මවල ආයුෂ ප්රුමාණ සංඛ්යාඅත ක්ෂනණ වශයෙන් සම්මර්ශනය බුදුවරයන්ට පමණක් අරමුණුවන බැවිනි.
    ත්රෛවභූමික සංස්කාරවල ත්රිෂලක්ෂ ණ සම්මර්ශනයකොට පසුව එහිම ප්රඅත්යව වශයෙන් ක්ෂාණ වශයෙන් උදයව්යෛය බැලිය යුතුය.පඤ්චස්කන්ධ වශයෙන් එය සමපණස් ආකාරවේ.මෙහි උදය නම් නාමරූපයන්හි නිබ්බන්ති ලක්ෂුණයයි.වය නම් විපරීනාම ලක්ෂශණවූ භඞ්ගයයි.නාමරූපාදියට ප්ර ත්යනය නම් කර්මාදියයි.ක්ෂනණ නම් නිබ්බත්ති ක්ෂ ණය හා වය ක්ෂපණයයි.රුපස්කන්ධනයේ ප්ර ත්යද හා ක්ෂ ණ සේ උදයව්යයය බැලීමේ ස්වරූපය මෙපරිදිය.අවිද්යාි,තෘෂ්ණා,කර්මි හා ආහාර යන හේතුප්රපත්යර සතර නිසා රූප සමුදය ඇතිවේ.එසේම රූපස්කන්ධූයේ නිබ්බත්ති ක්ෂවණය හා වය ක්ෂණණයද බැලිය යුතුය.මෙසේ ක්ෂතණ වශයෙන් බැලීම සමඟ ගත්විට රූපයේ උදය පස් ආකාරය වේ.එලෙසම වය පස් ආකාරවේ. මේ අනුව රූපයේ උදයව්යසය දස ආකාරවේ.වේදනා ස්කන්ධඑයද අවිද්යාර,තෘෂ්ණා,කර්මස හා ස්පර්ශ ආදී හේතුප්රනත්ය‍ සතර නිසා ඇතිවේ.එහිද නිබබත්ති හා වය ක්ෂදණය සැලකිය යුතුය.මේ අයුරින් දස විධවූ ස්වරූපයකින් උදය හා වය වේදනා ස්කන්ධ යෙහි සැලකිය යුතුය.සංඥා ස්කන්ධ යද අවිද්යාි,තෘෂ්ණා, කර්මන හා ස්පර්ශ යන හේතුප්රිත්යි නිසා හටගනියි.එහිද නිබ්බත්ති හා වය ක්ෂ ණය සැලකිය යුතුය.මේ අනුව සංඥා ස්කන්ධ යේ උදයව්ය ය බලනු ලැබේ.අවිද්යාා,තෘෂ්ණා,කර්මි හා ස්පර්ශ හේතුප්රාත්ය‍වීමෙන් සංස්කාර ස්කන්ධ් හටගනියි.එහිද නිබ්බත්ති හා වයක්ෂ්ණ සැලකිය යුතුය.මෙසේ සංස්කාරස්කන්ධශයේ උදයව්යධය දස අයුරකින් බැලිය යුතුය.අවිද්යා්,තෘෂ්ණා,කර්ම හා නාමරූප යන විඥානස්කන්ධ්ය හට ගැනීමට හේතුප්රසත්යධ සැලකිය යුතුය.එහිද නිබ්බත්ති හා වය ක්ෂතණය බැලිය යුතුය.මේ අනුව දසවිධ වූ අයුරින් විඥානස්කන්ධයයට විදර්ශනා කළයුතුවේ.මෙසේ සම පණස් අයුරකින් උදයව්යමය ලක්ෂූණ සැලකීමේදී ඥාණය වඩාත් විශදතර වේ.මේ ඥාණය තරුණ විදර්ශනා ඥාණය නම්වේ.මෙලෙස බලන්නා ආරද්ධ විදර්ශකයා නම්වේ.මෙසේ තරුණවිදර්ශනා ඥාණයෙන් යුතු ආරද්ධවිදර්ශකයා හට ඕභාස,ඤාණ,පීති,පස්සද්ධි,සුඛ,අධිමොක්ඛ,පග්ගහ,උපට්ඨාන,උපෙක්ඛා හා නිකත්ති යන දශ විධ විදර්ශනා උපක්ලේශ හටගනියි.මෙහි ඕභාස නම් විදර්ශනා චිත්තයෙන් උපන් ශරීර ආලෝකය වේ.ඤාණ නම් විදර්ශනා ප්ර ඥාවයි.නාමරූප ධර්ම පිළිබඳ අතිශය පිරිසිදු තීක්ෂීණ අතිවිශදවූ නුවණ පහළවේ.පීත් නම් විදර්ශනා ප්රීනතියයි.පස්සද්ධි නම් කාය හා චිත්ත පස්සද්ධියි.කාය චිත්තයන්හි තිබූ දරථ දුරුකොට සැහැල්ලුබවක් ලැබීමයි.සුඛ නම් විදර්ශනා සුඛයයි.අධිමොක්ෂච නම් අතිශය ප්රැසාද ජනක බලවත් ශ්රඛද්ධාවයි.පග්ගහ නම් වීර්යයි.උපට්ඨාන නම් ස්මෘතියයි.ප්රෂබල සිහි නුවණක් ලැබීම මේ නමිවේ.උපේක්ඛා නම් විදර්ශනා උපේක්ෂා.ව හා ආවර්ජන උපේක්ෂා ව වේ.මෙය ඉතා තියුණුය. නිකාන්ති නම් සිහින් තෘෂ්ණාවයි.විදර්ශනාවට ආලය කරමින් යටි සිතේ ඇතිවන සිහින් ආශාවම විදර්ශනා උපක්ලේශ යැයි කියනු ලැබේ.ඕභාසාදිය එයට වස්තු වන බැවින් උපක්ලේශ විය.මෙම උපක්ලේශ ධර්ම ඇතිවූ විට මෙය නියම මාර්ගාය නොවේ යැයි දැන ගැනීම හා ව්යලවස්ථා කිරීම මෙහි දී සිදුවේ.මන්ද මේ උපක්ලේශධර්මවල මම මාගේ යැයි හැඟීමක් ඇතිවූ බැවිනි.උපක්ලේශ ධර්ම වල විශේෂත්වය නම් මම මාගේ යැයි සැලකීම සමඟම විඳීමක් සිතේ ඇතිවේ.මේ විඳීම සුව දුක්ඛ හෝ උපේක්ෂාන වියහැකිය.ඒ කුමක්වුවද විඳීම් වනාහී අනිවාර්යෙන්ම ත්රි ලක්ෂලණ ධර්මතාවය යටත්ය. විඳීම් සහිත මාර්ගය නියම මඟ යැයි බොහෝදෙනෙක් වරදවා වටහාගනිති.එසේම නියම මාර්ගය නම් සියළු විඳීම් සංඛ්යාඟත සංස්කාරයන් අනුක්රතමයෙන් ක්ෂිය කරවන මාර්ගයයි.එය බැලූ බැල්මටම නියම මාර්ගය යැයි කිසිවෙක් නොසිතති.මන්ද එහි නිරතවීම විඳීම් සහිත මාර්ගයට තේරීමට වඩා වෙහෙසකර යැයි විදර්ශනා භාවනාවේ මුල්ම මට්ටම්වලදී ඕනෑම කෙනෙක් වරදවා උපකල්පනය කරන බැවිනි.මේ හේතුව නිසා නියම මාර්ගය මාර්ගය නොවේයැයිද නොමඟ නියම මාර්ගය යැයිද උපකල්පනය කිරීමට බොහෝ පිරිසක් යොමුවෙති.විදර්ශනා භාවනාවේ නිරතවන බොහෝ අයට නිසි ප්රනතිඵලක් නොලැබෙනුයේ මේ නිසාය.නියම මඟට පැමිණ එය නියම මඟ නොවේ යැයි සිතා ආපසු හැරී වැරදි මඟ ඔස්සේ යති.නමුදු වැරදි මඟින් ගොස් ආපසු වැටෙන්නේ කෙළෙස් සහිත වූ මාර්ගයටම බව ඔවුහු නොදනිති.විදර්ශනවේ යෙදී මේ විදර්ශනා උපක්ලේශ ධර්ම උපන්විට එයින් වසඟව ඒකාන්තයෙන් මාර්ගය ලද්දෙම් ඵලය අවබෝධ කලෙමි යැයි අමාර්ගයෙහි මාර්ග සංඥාව පහළ වේ.සිදුකළ යුතු නිසි දෙය නම් මේ විදර්ශනා උපක්ලේශ ධර්ම ඇතිවූ වහාම නිවැරදිව ඒවා වටහාගෙන ඒවා දුරුකිරීම සඳහා යළිත් ත්රිශලක්ෂ ණ වැඩීමයි.එසේ සලකා ගැනීම මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධියයි.මෙහිදී දිට්ඨි විශුද්ධියෙන් දුඃඛ සත්යරයද,මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියෙන් මාර්ග සත්යෙයද, ව්යදවස්ථා කරන බව සැලකිය යුතුය.

    Thumb up 0

  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ - 0718064226

    මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියට අනතුරුව පටිපදාඤාණ දස්සන විශුද්ධිය සම්පාදනය කළයුතුය.පටිපදාඤාණ දස්සන විශුද්ධි නම් උදයබ්බයානුපස්සනා ඤාණ,භඞ්ගානුපස්සනාඤාණ, භයතුපට්ඨාන ඤාණ,මුඤ්චිතුකම්යාතා ඤාණ,පටිසඞ්ඛානුපස්සනා ඤාණ,සඞ්ඛාරුපෙකඛා ඤාණ, සච්චාලොමික ඤාණ යන නව විදර්ශනා ඤාණයි.උදයබ්බයානුපස්සනා ඤාණය නම් උදය ව්යලය බලන නුවණයි.මෙය මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධියේදී වැඩූ අයුරින් විදර්ශනා උපක්ලේශයන් සහිතව නොව පිරිසිදු ත්රිසලක්ෂයණ දක්නා නුවණින් සිදුකළයුතුය.උදයව්යසය මෙනෙහි නොකිරීම නිසා සන්තතියෙන් වැසීයාම නිසා අනිත්ය ලක්ෂනණ නොවැටහේ.නිතර ඇතිවන පීඩා මෙනෙහි නොකිරීම නිසා ඉරියව්වලින් වැසීයාම නිසා දුඃඛ ලක්ෂොණ නොවැටහේ.නානා ධාතු ලෙස මෙනෙහි නොකිරීම නිසා ඝනයෙන් වැසී යාම නිසා අනාත්ම ලක්ෂොණ නොවැටහේ.උදයව්යමය මෙනෙහි කිරීම ආදියෙන් ත්රි්ලක්ෂසණ මනාව වැටහේ.භඞ්ගානුපස්සනා ඤාණය නම් ත්රිවලක්ෂ ණ මෙනෙහි කිරීම නිසා සංස්කාර ධර්ම පිළිබඳ සිහිය උත්පාද,ස්ථිති,ප්රාවෘත්ති නිමිත්තෙහි නොසිට ක්ෂෙය ව්යසය භේද නිරෝධයෙහිම සිටියි.එසේ භඞ්ගය දක්නා නුවණ භඞ්ගානුපස්සනා ඤාණයයි.දිය බුබුළු පෙන පිඬු බිඳී යන්නාක් මෙන් සංස්කාරයන්හි භඞ්ග අවස්ථාවම මෙහිදී අරමුණු කෙරේ.භයතුපට්ඨාන ඤාණය නම් සියළු සංස්කාරයන්හි භය ජනක ස්වභාව වැටහීමයි.කාලත්රතයට අයත් සංස්කාර ක්ෂාණිකව බිඳෙනු දැක එය කෙරෙහි ආශාව හැරදැමීම් වශයෙන් සිත තුළ එයට නොකැමතිවීම් වශයෙන් ඇතිවන තීරණය මේ නමින් හැඳින්වේ.මෙසේ භඞ්ගානුපස්සනා ඤාණය අනුව සංස්කාර බිය වශයෙන් සලකා ආදීනවය පිළිබඳ අවධානය යොමුකරයි.ආදීනවනුපස්සනා ඤාණය නම් එයයි.ආදීනව දුටු සංස්කාර කෙරෙහි නොඇලීම වර්ධනය කරයි.එහි මිඳීම් වශයෙන් කැමැත්තක් ඇතිවේ.මේ මිදීම නිවන් අවබෝධයට උත්සාහ ගැනීමයි.මෙය නිබ්බිදානුපස්සනා ඤාණය නමින් හැඳින්වේ.මෙහි දැක්වූ භයතුපට්ඨාන ඤාණයද,ආදීනවානුපස්සනාඤාණයද,නිබ්බිදානුපස්සනා ඤාණයද ව්යාං ජන වශයෙන් වෙනස්වුවද අර්ථ වශයෙන් එකක්ම යැයි පැවසේ.මෙසේ සංස්කාර කෙරෙහි කළකිරීමට පත්වී ඉන් මිදීමට සිත් වේ.සියළු සංස්කාර කෙරෙන් මිදෙනු කැමතිවීම මුඤ්චිතුකම්ය්තා ඤාණය නමින් හැඳන්වේ.එසේ මිදෙනු කැමතිවූ විදර්ශකයා ඊට උපායක් සෙවීම් වශයෙන් යළි සියළු සංස්කාර ත්රිේලක්ෂදණයට නඟා සිහි නුවණින් සලකා බලයි.එසේ බැලීමේදී මේ දක්වා සංස්කාර කෙරෙන් දුරස්වීමට ආ ගමන්මඟ පෙනී එයින් මිඳීමට ක්රුමවේදය සලකා බලයි.මෙය පටිසංඛානුපස්සනා ඤාණය නම්වේ.පටිසංඛානු පස්සනා ඤාණයෙහිදී යළි ත්රි.ලක්ෂාණයට නඟා බලන්නාවූ සියළු සංස්කාර කෙරෙහි ආශාවක් හෝ ඇලීමක් නොකොට ඒ කෙරෙහි උපේක්ෂවකවීම සංඛාරුපෙක්ඛාආ ඤාණයයි.මෙසේ සංස්කාර කෙරේ උදාසීන වනුයේ එහි ශූන්යෂත්වමය මෙනෙහි කිරීමෙනි.මේ ශූන්ය්ත්වාය මෙනෙහි කිරීම දෙයාකාරයෙන් සතර ආකාරයෙන්,සය ආකාරයෙන්,අට ආකාරයෙන්,දස ආකාරයෙන්,දොළොස්ආකාරයෙන් ආදී වශයෙන් ඉතා පුළුල් අයුරින් සිදුකළයුතුය.ත්රියවිධානුපස්සනා,ත්රිසවිධ විමොක්ෂනමුඛ,සප්ත ආර්ය්ඉන පුද්ගල විභාගය ඇතිවනුයේ සංඛාරුපෙක්ුඛා ඤාණයේදීය.මුඤ්චිතුකම්ය,තා ඤාණයද,පටිසංඛානුපස්සනා ඤාණයද,සංඛාරුපෙක්ඛා ඤාණයද අර්ථ වශයෙන් එකක්ම යැයි කියවේ.ආදියේ මුඤ්චිතුකම්යෙතා ඤාණයද,මධ්ය යේ පටිසංඛානුපස්සනාඤාණයද අන්තයේ සංඛාරුපෙක්ඛා ඤාණයද ආදී වශයෙනි. මේ සංඛාරුපෙක්ඛාය ඤාණය ලැබූ විදර්ශකයාගේ විදර්ශනාව ශිඛාප්රා ප්තය.උට්ඨානගාමීය.මේ නිසා මෙයට ශිඛාප්රාාප්ත උට්ඨානගාමී විදර්ශනා යැයි කියනු ලැබේ.මෙහි ශිඛාප්රාාප්ත නම් උතුම්බව පත්වූ යනුයි.උට්ඨානගාමී නම් සෝවාන් ආදී මාර්ගඵලවලට පැමිණි යන්න කියවේ.මෙහිදී ආධ්යා්ත්මික පැවතුම් හා බාහිර නිමිති වලින් භාවනානුයෝගියා උසස් තලයකට පැමිණේ.
    මේ සංඛාරුපෙක්ඛාසඤාණය වර්ධනයකරත්ම ඒ පුද්ගලයාගේ විර්යය,ශ්ර ද්ධාව,ස්මෘතිය ආදී ආධ්යාපත්මික ගුණය ඉහළට පැමිණේ.සංඛාරුපෙක්ඛා,ව වඩාත් තීක්ෂ ණවේ.මෙහිදි ක්ෂ ණයකින් මාර්ගය සිත ඉපදීමට ආසන්න අවස්ථාවට පැමිණේ.එහිදී ඒ සංඛාරුපෙක්ඛාෂ සංස්කාරම ත්රිණලක්ෂ ණයට නඟා යළි සම්මර්ශන කළයුතුය.එකෙණෙහිම ඔහුගේ සිත භවාඞ්ග ගතවේ.අනතුරුව භවාඞ්ග චලන වේ. භවඞ්ගුපච්ඡේද වේ.ඒ ඒ මනෝද්වාරාවර්ජනයට අරමුණුවනුයේ එකී උපේක්ෂිචත සංස්කාරමය.ඉන් පසු එයම අරමුණුකොට ජවන් සිත් පහළ වේ.එහි ප්ර ථම ජවනය පරිකර්මයි.දෙවන ජවනය උපචාර යයි.තුන්වන ජවනය අනුලෝමයයි.මේ අයුරින් වෙන් වෙන්ම දැක්වුවද මේ තුනට ආසේවන යයිච පරිකර්ම යයිද අනුලෝම යයිද කියනු ලැබේ.සච්චානුලෝමික ඤාණය යන නමින් හැඳින්වෙනුයේ මේ ඤාණයයි.සච්චානුලෝමික ඤාණය ඒ නමින් හැඳින්වෙනුයේ ඉහත විපස්සනා ඤාණ අටට හා මතු සත්තිස් බෝධිපාක්ෂිසක ධර්මයන්ට අනුලෝමව ඇතිවන බැවිනි. මෙසේ උදයබ්බඤාණයේ සිට අනුලෝමඤාණය දක්වා ඇති ඤාණ පරම්පරාව පටිපදාඤාණදස්සනවිශුද්ධි නාමයෙන් හැඳින්වේ. ඉහත සච්චානුලෝමික ඤාණය විස්තර කරන ස්ථානයේදී දැක්වූ මාර්ගචිත්ත වීථියේ අනුලෝමය දක්වා ඉහත දක්වා ඇත.අනුලෝමයට පසුව උපදිනුයේ ගෝත්රතභූ ඥානයයි.එය මාර්ගතයට ආවර්ජන ස්ථානයෙහි උපදින නිසා එය පටිපදාඤාණදස්සන විශුද්ධියට අයත් නැත.මාර්ග නොවන බැවින් ඤාණදස්සන විශුද්ධියට අයත්ද නැත.ගෝත්රයභූ ඥානයට අරමුණුවනුයේ නිවනයි.ගෝත්රවභූ ඥානය නිවන් අරමුණුකොට උපදිතත් ක්ලේශක්ෂ.ය නොකෙරේ.එය මාර්ගව සංඛ්යා.ත මාර්ගදස්සනවිශුද්ධියට ඇතුලත් නැත්තේ එබැවිනි.ඤාණ දස්සන විශුද්ධිය අයත්වනුයේ සෝවාන් මාර්ගඥාන සිතයි.එබඳු මාර්ගවඥාන සිත්වූ සකෘදාගාමී,අනාගාමී හා අර්හත් මාර්‍ගඥාන සිත්ද ඤාණදස්සන විශුද්ධියට අයත්ය. එම නිසා මාර්ගඥාන සිත් සතර ඤාණ දස්සන විශුද්ධියට අයත් ලෙස සැලකේ.එසේම මාර්ගාඥාණ සිත් සතරට අනූරූප ඵලඥාණ සිත්ද මෙයට අයත් යැයි දක්වා ඇත.

    Thumb up 1

  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ - 0718064226

    අතීන්රිත ය සංජානනය යනු ඉන්රිබීම ය බද්ධ නොවූ සංජානනයයි.ඉන්රිනොල ය බද්ධ සංජානන බොහෝ විට සාසවධර්ම සමඟ සම්බන්ධය.පරමාර්ථ වශයෙන් සැලකීමේදී ලෝකසම්මත ව්යිවහාරය සමඟ අතීන්රිම ය සංජානනය බොහෝවිට පරස්පරතා පෙන්වයි.ඊට හේතුව ඉන්රි අ ය විෂය ලෝකව්ය්වහාරයට අනුකූලව සකස්ව පවතින බැවිනි.සාමාන්ය්යෙන් ඉන්රිඅ යන්ගෙන් සංජානනයකරන බොහෝ දේවල් ලෝක විෂයට අනුකූලව සකස්ව පවතින පොදු දැනුම් පද්ධතියට අයත්ය.මේ නිසා ලෝකසම්මත දැනුම කෙතරම් ලබාගත්තද ඉන් පරමාර්ථමය අවබෝධයක් ලැබීමේ දුෂ්කරතා ඇතිවීම ස්වභාවික බැව් පෙනී යයි.නමුදු ඇතැම් අවස්ථාවලදී ලෝකසම්මත දැනුම භාවිතා කරමින් ලෝකසම්මතයේ ව්යපවහාර වලින් මිඳී කටයුතු කිරීමට අවශ්ය් අයෙකුට කිසියම් පුහුණුවක් ලැබිය හැකිය.එහිදී එබඳු අයෙකුට ලෝක සම්මත ව්ය්වහාරයෙන් මිඳී කටයුතු කිරීමට අවශ්යැ ප්ර ඥාව ලැබීම සඳහා ව්යමවහාර ලෝකයේ පවතින දැනුම වුවද යම් ප්රෙමාණයක් භාවිතා කිරීමට අවශ්යය වියහැකිය.ලෝක සම්මතය සකස්වීම හා එය සකස්ව පවතින ස්වරූපය අවබෝධ කරගැනීම පසුකලෙකදී ඉන් මිඳීමට අවශ්යය දැනුම ලබාගැනීමට පිටිවහලක් වියහැකි බැවිනි.බුදුදහම දැනුම භාවිතා කර ඇත්තේ මෙහි දක්වා ඇති අදහස අනුවය.එය පැහැදිලිවනුයේ සම්බුදුසසුනේ මුල පර්යාප්ති ශාසනය ලෙස හඳුන්වා ඇති බැවිනි.මෙහි සඳහන් පර්යප්තිය වනාහී හුදකලා ලෝක සම්මත ව්යයවහාර මාත්රැය ඉගෙන ගැනීමක් පමණක් නොවේ.එම ලෝක සම්මතය නිවැරදිව ව්ය තික්ර්මණය කිරීමට අවශ්යි මූලික පුහුණුවද මේ තුළින් ලබාගැනීමට හැකියාව ලැබෙන පරිදි දැනුම ලැබීමේ ක්රරමවේදයක් බුදුදහමේ පර්යාප්තියතුළ දක්වා ඇත.

    Thumb up 1

  • Thushan

    Tsh .FRN- Weldone, I like your comment to Sahan. sahan kiyanne pissek. manasika ledek.

    Thumb up 0

  • Nayani Ranasingha

    here i would like to add my comment.in past where our load budda lived people who worshiped him and understood the truth what he taught,but did not change or blame him by observing how devadaththa monk behaved.people are different. if you feel sad about maha sanga rathnaya that means you have a weak brain having constantly change thoughts.

    can you find faults with maha sariuth, mugalan and ananda and other arahath sanga rathnaya? if it is so then be sad. if not dont behave like a weak puppet.

    we should respect them as they represent our load buddaha,s way and his words. Not about these some monks who are following Devadaththa and finally go to hell where Davadaththa stays now.

    Namo buddaya

    Thumb up 2

  • Methz

    thanin thana replies tika kiyewwa …. okkoma kiyawanna kammali …. diga haali haali godak ne …. kohoma unath methana Catholic Buddhist degolloma commnt karala thibbane …
    eke deyak kiyanne oni Lankawe Catholic kattiyata kenthi yayida danneth na meke ahuwama ;-) lankawe Catholic kattiya kiyanne kawuda kalekata kalin e kiyanne e ayage param parawe mokek hari Buddhist wela edala thiyenewa … Catholic une kohomada ehenan ???? 99% ma ehema une …. Suudage kale balayata , marenna baya kamata , mudalata thanhawe thamange agama maru karapu un …. ehema param parawakin pawatha ene un hari nan dan lajja wenna oni …kelinma kiwwoth unge param parawe un ratawal paawala dunna un salli welata …. :)

    anika atheethe minissu karapu wiswa karma dewal suddala lawa prasidda karawa ganne pareekshana karawa ganne ape ratata oni na …. :) unta bari nan yoda ala kiyanne wiswa karama deyak kiyala piliganne … ethin ehema unawe …. un eke piligathhte na kiyala mak wennada :D :D :D

    Buddagama kiyanne yediya yuthu deyak adahanne illeem karanne bagapath wenna oni agamak newe anith agam wage … eke therun ganne eke yedenne oni … ekath mathaka thiya gannewa nan hodai :) :) :)

    Thumb up 1

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 4

    • දැන් ඔය හාමුදුරුවෝ උපසම්පදා ලාභී භික්ෂූන් වහන්සේ කෙනෙක් කියල කියන්නේ කොහොමද?

      එසේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව පරිණිර්වාණය කිරීමටත් කිහිප වරක්ම මෝඩ උත්සාහයක් කළානේ. ඉතින් ඒ වගේම එක් එක් භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් නිසා සමස්ත ශාසනය මෙසේ යැයි කීමට නොහැකියි.

      වතිකානුවේ සමලිංගිකයින් සිටි පමණින් සමස්ත ක‍තෝලික පූජකවරුන්ට එලෙස යැයි අපි චෝදනා කරනවාද? http://www.youtube.com/watch?v=MMSlQkWqD3k නොමග ගිය උදවිය ඕනෑම සමාජයක සිටිනවා. ඒ අනුව සමස්ත සමාජයම අධිසාමාන්‍යකරනය කිරීම මෝඩ කමක්.

      අනිත් දේ තමයි ඔය සංවිධානය ගැන බෞද්ධයින්ම බොහෝ සෙයින් විවේචනය කරනව මම දැකල තිබෙනවා. බුදු දහමට අනුව ශාසන ප්‍රතිරූපකයන් වලට විරුද්ධව කටයුතු කරන්න ඕනෑ නිවැරදි බුදු දහම ප්‍රචාරයෙන්ම පමණයි. දේශපාලඥයින් එක්ක කතා බහ කරලා එවා විසඳාගන්න බෑ.

      Well-loved. Thumb up 13

    • Tsh.frn

      සහන් සහෝදරයා මේවා ගැන මොකද කියන්නෙ?

      http://sinhalaravaya.com/?p=467

      Thumb up 3

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 6

    • ඒ වෙබ් අඩවිය සහ අප අතර කිසිදු සම්බන්ධයක් නැහැ.

      “හැබැයි අපි එහම කරන්නේ නැහැ.” කිව්වට ඔබ සෝම හිමියන්ටත් එවැන්නක් කර තිබෙනවා.
      http://lankacnews.com/sinhala/news/33403/#comment-104488

      එමගින් පෙනෙනවා ඔබ පරන තස්තමේන්තුවේ ඇති ඇසට ඇස දතට දත න්‍යාය අනුගමනය කරන මූලධර්මවාදියෙක් (ආගමේ මූලධර්ම අකුරටම පිළිපදින්නෙක්) කියලා.

      Hot debate. What do you think? Thumb up 12

      • A Catholic

        ඔවුන් හා ඔබ අතර සම්බන්ධයක් නැත්නම් ගොඩක් හොඳයි. ඒ අතරම ඔබ අනුග්‍රහය දක්වා ඇති ඪර්මද්වීපයෙ ඉරණම වෙබ් අඩවියේ ත්‍රස්තවාදයට පොලබවන ලිපි පල කරන නිසා එම සම්බන්ධයත් අතහැරියොත් ඔබට වඩා හොඳ යයි සිතමි. කාදිනල් තුමාගේ රුපය විකෘති කිරීම හා උන්වහන්සේට අපහස කිරීම දැඩිව හෙළ දකින අතර එයට උත්තර බැදීමට හෝ නිකම්ම හෝ වෙන ඕනෙම ආගමක පැවිදි උතුමන්ට හෝ ශාස්තෘ වරුන්ට අපහස කිරීම පින්තුර විකෘති කිරීම හෙළ දකිමු. සිංහල රාවය කියා කියා ගත්තත් එම වැඩේ කිසිසේත් ම “සිංහල” ගතියක් නම් නොවේ. එවැනි ක්‍රියා බටහිර අන්තවාදයේ නම් ඒමට ඇත.
        නැහැදිච්ච ක්‍රම වලට ප්‍රශ්න විසදීමට යාම හා එය අප හෙලා නොදකිම එතරම් සුදුසු නැත. “ලබ්බට තිබ්බ අතමයි පුහුලටත්” සේ ඔවුන්ගේ මෙම නැහැදිච්ච ක්‍රමවේද මගින් බෞද්ධ හිමිනමවල් අතර ප්‍රශ්න වලට ඔවුන් ඊයේ ප්‍රතිචාර දක්වා ඇත.(ගරු සමන්ත බද්‍ර හිමියන් හා සිරි සදහම් ආශ්‍රමය සම්බන්ධව) එම තත්වය ඉදිරියට කෙසේ වර්ධනය වෙයි ද?

        ඔබ ඔවුන් අතර සම්බන්ධයක් නැති බව කීම සතුටට කරුණක්. එත් එවැනි අන්තවාදය අගය කිරී/සුභ පැතීමම කනගාටුවට කරුණක්. මේ ඔබගේ ලිපියකි.

        Sinhala Suicide Army – Sinhala Ravaya
        BY රංග ජයවර්ධන, ON DECEMBER 30TH, 2010

        http://sinhalabuddhist.com/2010/12/sinhala-ravaya/

        එහි ඔබ මෙලෙසද කියා ඇත. ඒ කාලයේ මොවුන් මොන අතට යා දැයි නොදැන ඔබ මෙසේ කිව්වා විය හැක.”So we are eager to see what they will publish and wishing them good luck” එලෙස නොදැනුවත් ව ඔවුන් අගය කළා නම් දැන් ඒ වරද නිවැරදි කර ගැනීමට කාලයයි.

        Hot debate. What do you think? Thumb up 7

    • WB

      සහන්
      කෝ ඔයා මම අහපු එකකටවත් උත්තර දීල නැහැනේ.
      ඒ මදිවට ආපහු කොහෙන්ද මන්ද ලින්ක් එකක් ඇදගෙන එනවා. පහුගිය දවස්‌ වල මොකද සද්ද වහල හිටියේ. අර කලින් කියපු කතා ටික අනිත් අයට අමතක වෙනකන් හිටියද ආපහු ඇවිත් කෑ ගහන්න.

      ඔයා මේ කරන චෝදනා වලට උත්තර දෙන්න කලින් ඔයාම කියපු මුග්ද කතා වලට මම දීපු උත්තර වලට පිළිතුරු දීල ඉන්න
      ඊට පස්සේ ආපහු කොහෙන් හරි ලින්ක් එකක් අරගෙන ආවට කමක් නැහැ.

      Thumb up 2

      • සහන් ෆනැන්ඩෝ

        උත්තර දෙන්නේ කොහොමද. මේ රංග මගේ කොමෙන්ට් දාන්නේ නැහැනේ. සිංහල බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්ඩ ඇති. අනේ ඉතින් උඩ ඉන්න නාථ දෙවියෝටවත් මේවා පෙන්නේ නැහැනේ මන් අහන්නේ.

        Thumb up 2

        • WB

          @ සහන්
          ඔයා තනිකරම බොරුනේ කියන්නේ, මම ඔයාගේ කමෙන්ට් history බැලුවා. ඔයා දවස ගානෙම වගේ මේකේ කමෙන්ට් දාල තියෙනවා. සමහර විට ඔයාට දැන් අර කුම්බල කරවල කාපු බළලාට වෙච්ච වැඩේ වෙලාද දන්නේ නැහැ ඉන්නේ.
          පොඩි උනුත් ඔහොමයි හොරෙන් කාපු එක කටේ පුරෝගෙන කියනවා “මම කෑවේ නෑ” කියලා.
          ඔයත් ඊට දවෙනි නැහැ.

          Thumb up 4

    • lalani pathirana

      සහන්… ඔබ කියන්නේ එක දෙයක් , කරන්නේ එක දෙයක්, “සෝම හාමුදුරුවෝ ගැන වෙබ් අඩවි හදල පෙන්නන්න අපටත් පුළුවන් ” කියල ඔබ කර ඇති දේ හරිද? එය කොතරම් සාධාරනීයද? ඔබ කල දේ උසස් ක්‍රියාවක්ද? පනින්ට පෙර හිතා බලන්න කියලා තියෙන්නේ නිකමට නොවේ… ඔබ එක එක වෙබ් අඩවි තුලට ගොස් ඔබේ කතෝලික භාවය ඔප්පු කරන්න ගන්න එකේ… ඔබ ඔබට අදාල අඩවියකට ගොස් ඔබේ ආගම් වලින් වෙන අවැඩ ගැන කතා කර එයට හොඳ හඬක් නගන්න, එවිට ඔබ පිටුපස සියල්ලම එක් රොක් වෙයි… අපේ සමහර බෞද්ධයෝ කරන අකටයුතු හෙලා දකින්න අපි බිය නැහැ.. වැරැද්ද කවුරු කලත්, ආගම් බෙදයක්, ජාති වාදයක්, සහෝදර, දෙමාපිය කියා වෙනසක් නැහැ… කවුරු කලත් වැරැද්ද වැරද්දමයි…යම් කෙනෙක් වරදක් කලොත් එය පෙන්වා දීමත්, එය නිහතමානීව පිළිගැනීමත් හොඳ මනුස්ස ගුණාංගයක්.. අපේ රටේ දමිල ජනතාවත් එක්ක අපිට කිසි ආපදාවක් නැහැ,, නමුත් අපේ රටේ සතුට, සමගිය නැති කරන ත්‍රස්තවාදීන් කුමන වේශයෙන් ආවත් අපි එයට විරුද්ධ විය යුතයි, එයට බෞද්ධ, දමිල, කතෝලික කියා කොටස් වලට වෙන් විය යුතු නැහැ… රටවැසියන් හැටියට කවුරු කලත් වැරැද්ද වැරද්දමයි..

      Well-loved. Thumb up 11

    • Tsh.frn

      අනේ සහන් සහෝදරයා මොකද උනේ…..

      “ඕගොල්ලන්ගේ අර සත්තුන්ට වත් නැති කැත තුප්පහි ගතිය මේවා වලින් පේනවා. අපිට ඕනෙනං ඕගොල්ලන්ගේ මහා ලොකු සෝම හර්මුරුවන්ට විරුද්ධව සයිට් දාන්ඩ තිබ්බා මොකද එයා ආගම්වදියෙක්, ජාතිවාදියෙක් හින්දා. හැබැයි අපි එහම කරන්නේ නැහැ.”

      Thumb up 1

  • Sunimal Fonseka

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 4

    • ඔබ දක්වා ඇත්තේ “සිල්” නම් ඊටත් වඩා නිගන්ඨනාතපුත්තගේ ජෛන ආගමේ උදවිය “සිල්” රකිනවා. ඒ සිල් හැමෝගෙම “සිල්” වලට වඩා අමාරුයි, ඒත් ඒක සීලයක් නොවෙයි “වත්‍රය” ක්. සෑම ජෛන ආගමික පූජකයෙක්ම වගේ ඇඳුම් අඳින්නේ නෑ, වත්‍රයක් විධියට. එසේම ඇවිදින විට පොළොව මොනර පිල් කළඹකින් අතු ගාමිනුයි ඇවිදින්නේ, මොකද පොළොවේ සිටින සතුන්ව පෑගී මැරෙන නිසා.

      http://www.lifepositive.com/spirit/world-religions/jainism/jain.asp

      ඉතින් ඔබ දැක්වූ දේවලුත් “සිල්” නොව “වත්‍රයන්” ය. ඔබ හිතන විධියටනම් ඔබගේ පූජකයින්ට වඩා ජෛන ආගමික පූජකයින් ඉතාමත් උසස් විය යුතුයි, ඔවුන් බරපතල “වත්‍රයන්” රකින නිසා. ඒත් බුදු දහමට අනුව ඔය අත්ථකිලමතානුයෝගය අනුමත කරන්නේ නෑ. ශරීරයට දුක් දී මෝක්ෂය සෙවීම අණුවන ක්‍රියාවකි, ශරීරයට සැප දී මෝක්ශ්‍ය සෙවීමත් අණුවන ක්‍රියාවකි. සීලය තිබෙන්නේ නිර්වාණය සඳහා මිස තමන් උසස් යැයි පෙන්වීමට නොවේ.

      Well-loved. Thumb up 14

      • Nayani Ranasingha

        i really appreciate your comment. you are right. if some one makes his body suffer and pretends that he is protecting sil is really fruitless and silliness.
        its just he wants to out stands him self and look down others. in Buddhism we have to protect our mind first to avoid akusal and sins.as non Buddhists they have no idea about sil, since only in Buddhism shows what are akusal and what are kusal.
        they think after their death they will go to heaven. how easy it is if all of them go to heaven after their death,
        then they dont have to avoid mal practices,they dont want to train their mind, they dont want to practice to do good and not to do bad..since god will take them to heaven. what an lazy religion…no try..no control ..no deep concepts to train our thoughts…nothing..so

        Mr.Ranga your explanations are good enough to just wise people who can think broadly. others they still in the well.they dont know where are they and where will they go.I glad to see your comments.

        Namo buddaya

        Thumb up 1

    • sandun

      sunimal,
      oba kiyana oya ‘SIL’rakina christiani pujakawaru loken athwela monawada karanne? bawana karanawada?sil rakinawa kiyana wachanaya christhiani aagame thiyenawada?
      Oya loken athwela ‘MONASTRY’ wala mak karanawada? christhiani agameda ova thiyenne naththang BUDU DAHAMEDA?
      loken athwela inna hethuwak thiyenna ona.BUDU DAHAME ehema loken athwela seelaya rakagena senasana wala inne bawana karala hitha diyunu karaganna.

      BUDU HAMUDURUWO pidu siga wadina eka lajjawak newey.Ohelage inna pujakawaru kochchara unath ara dukh vidala marena ura,kukula wage satthu jathi raha kara kara kanne thiyena avijjawatane.
      sunimal ithin illang kawa neda? paduwe thamange agamak gena hitha hitha inne nathuwa lokuwata anti-buddhist comment danna avilla karagatha winase!!!!!

      Thumb up 0

  • බණ්ඩා

    මෙතන බෞද්ධ අපි තෙරුම් ගන්න ඔනෙ දෙයක් තියනව.සහන් ෆනැන්ඩො ට අපි කියන දෙවල් තෙරුම් ගන්න උවමනාවක් නැහැ එයාගෙ කොන්ත්‍රාත් එක තමය් බෞද්ධ අපිව වෙන වෙන තර්ක වලට පටලගෙන ලිපියෙ මූලික හරයෙන් අපිව ඈත් කරලා අපිට තරහ ගස්වන එක.
    හොදම දේ තමයි එයාගෙ කොමෙන්ට් ඉග්නොර් කරන එක. එයාට කිසි දෙයක් අවබොධ කරවන්න උත්සාහ කරන්න එපා.එක කාලෙ නාස්ති කිරිමක් විතරයි.
    තෙරුවන් සරණයි

    Well-loved. Thumb up 26

  • kumara kirthi

    DHAMMAPADA YAMAKA VAGGA,

    1, ANIKKHASAVO KASAVAN YO VATHTHAN PARIDAHESSATHI,
    APATHODAMA SACHCHENA NA SO KASAVAMRAHATHI

    Yamek keles kahata sahithava sivura daraida,
    induran demeemen ha aththa keemen pavaa thora wu
    ohu kisiseth sivurata sudusu netha.

    2, BAHUMPICHE SIHITHAN BHASAMANO NA THAKKARO HOTHI NARO
    PAMATHTHO,
    GOPOVA GAVO GANAYAN PARESAN NA BHAGAVA SAMAGNGNASSA
    HOTHI

    yamaku thun pitakaya igenagena bohoma bana kiyath,
    thama eya nopilipadithnam,nosalakainam,
    ohu anunge harakun rakina gopalla men,
    mahanadam palayata himi karayek nove.

    Thumb up 1

  • Razak

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 3

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 2

      • එක් එක් අයගේ පුද්ගලික වැඩ වලින් සමස්ත බුදු දහම හෝ වෙනත් ආගමක් හෝ මැනිය නොහැකි බව ක‍තෝලික මහතෙකුත් දක්වා ඇති කොමෙන්‍ටුව ඔබ කියෙව්වද?

        නැවතත් කියන්නේ මූලික සික පද ඇත්තේ 227 ක් නොව 220 ක් බවයි. ලංකාවේ වඩාත්ම පිළිගත් ධර්ම දේශකයානන් වහන්සේ වන අතිපූජ්‍ය රේරුකානේ චන්ද විමල මහ නා හිමිගේ “උපසම්පදා ශීලය” නම් පොතේ මෙලෙස පැහැදිලි කරයි.

        “භික්ෂුප්‍රාතිමෝක්ෂයෙහි ඇති 220 ක් සිකපද හා භික්ෂුණීප්‍රාතිමෝක්ෂයේ එන සාධාරණ සිකපද ද මහා වග්ගපාළි චුල්ලවග්ග පාළි යන පොත් දෙකෙහි ඇතුළත් සිකපදද යන මේවා භික්ෂුවගේ උපසම්පදා ශීලය ය”
        http://www.ogatharana.org/bookDownCounter.php?booknumber=19 මින් පසුව ගූගල් සර්ච් කර ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් බුදු දහම නොකියවා සිටීමට හොඳ පුතා වගේ වග බලා ගන්න. :D

        මහා වග්ග පාළි එක් වීමෙන්
        http://www.aathaapi.org/dwncounter.php?number=94 (139 Mb)
        http://www.aathaapi.org/dwncounter.php?number=95 (108 Mb)

        සහ චූලවග්ග පාළි
        http://www.aathaapi.org/dwncounter.php?number=96 (85 Mb)
        http://www.aathaapi.org/dwncounter.php?number=97 (112 Mb)

        ශීලය ඉතාමත් විශාල වේ. මෙගාබයිට් 400 ක විතර කරුණු මෙහි දැක්වීමට නොහැකි බැවින් ඒවා ගැන සඳහන් නොකරමි. ඒවාට තමයි කෝටියක් සංවර ශීලය කියන්නේ. ඒ වා ඩවුන්ලෝඩ් කර කියවා බලන්න.

        ලෙහෙසි සිකපද මෙන්ම අමාරු සිකපදද භික්ෂු විනයේ ඇත. ලෙහෙසි සිකපද දැක සෑම සිකපදයක්ම එලෙසයැයි සිතා ඒවාට හිනා වීම යනු මිනිසාගේ හිසේ කෙස් ගස් දැක මිනිසා යනු ලොම් ගුලියක් යැයි සිතීම වැනි මෝඩ කමකි. ඊට අමතරව ඉහත මුස්ලීම් අයෙකුට මම දක්වා ඇති පිළිතුරත් කියවා බලන්න.

        Well-loved. Thumb up 12

    • ඔබ ඔය දක්වා ඇත්තේ ඉතාමත් සුලු සුළු විනය කරුණුයි. ඊට අමතරව ඉතාමත් ගැඹුරු විනය කරුණුත් ඇත. භික්ෂු විනයේ ලක්ෂණය වන්නේ ඉතාමත් සියුම් විනය කරුණු වල සිට සතර පාරාජිකා (වෙනත් කොමෙන්‍ටුවකින් මම පැහැදිලි කළෙමි) දක්වාම ආවරණය වීමයි.

      භික්ෂුවන් හිටගෙන මුත්‍රා කිරීමට ගියහොත් චීවරය දණහිස දක්වා ඔසවා ගැනීමට සිදුවේ. එසේම එය අසෝබන දසුනකි. ගිහියන් භික්ශුව කෙරෙහි අපැහැදීම ඇති කරන්නකි. නමුත් බිම ඉඳගෙන මුත්‍රා කිරීමෙන් අන් අයට දර්ශනය වන්නේ නැත. වැදගත්ම දේ වන්නේ මේ විනය නීති තිබෙන්නේ භික්ශූන් වහන්සේලාට විතරක් වීමයි. එය ශාසනය ක්‍රමවත්ව පවත්වා ගැනීමටයි. ගිහියන් සම්බන්ධයෙන් බුදු දහමේ කිසිදු නීතියක් නැත.

      භික්ෂු විනය පැහැදිළිවම තවත් කුඩා අනුකුඩා සික පද වලට බෙදෙයි. ත්‍රිපිටකයේ විනය පිටකය පුරාම දැක්වෙන්නේ එයයි. සතර පාරාජිකා විතරක් මෙහි මෙගාබයිට් 137 ක් පුරාවටම විස්තර වේ. http://www.aathaapi.org/Thripitaka.php ඔබ මේවා අසන්නේ බුදු දහම ඉගෙනීමට නොවන බැවින් ඔබට මෙය පැහැදිළි කිරීමට කාලය වැය නොකරමි. අවශ්‍යතාවයක් ඇතොත් කියවා බලන්න.

      අනික භික්ෂූ සීලය එතරම් දෙයක් නොවේ ලෙස ඔබ සලකන්නේ, සීලය ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ ජෛනයන් මෙන් සුනඛයන් සේ හැසිරීම, ගවයන් සේ හැසිරීම ආදියද? ඒවා නිරර්ථක ක්‍රියා ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

      බුදු දහමෙන් භික්ෂුන් වහන්සේව යොමු කරන්නේ සිල් රකිමින් සිටීමට නොව බුදු දහම අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගැනීමටයි. ඒ සඳහා ත්‍රිපිටකය මග පෙන්වයි. මෙම අඩවියෙන් සූත්‍ර සහ අභිධර්ම පිටකය කියවා බලා එය ඔබ කියන තරම් සරළ දැයි විමසා බලන්න.
      http://www.aathaapi.org/Thripitaka.php

      ඊට අමතරව ඔබ බුදු දහමේ විනය හෑල්ලුවට ලක් කරන්නේ ඔබගේ ආගම සාපේක්ෂ සත්‍යය යැයි සිතාගෙන බව පෙනේ. එනිසා ඔබ බුදු දහම ප්‍රශ්න කළාක් සේම ඔබගේ ආගමත් ගැන කතා කිරීම සුදූසු යැයි සිතමි. මේ ඔබගේ දෙවන ශුද්ධ ග්‍රන්ථය වන හදීස් වෙතිනි.

      Book 002, Number 0463: Jabir b.’Abdullah reported that he heard the Messenger of Allah (may peace be upon him) say: When anyone wipes himself with pebbles (after answering the call of nature) he should do this odd number of times.
      මුත්‍රා කරන්න ගියාට පස්සේ පොඩි ගල් කැට කීපයක් අරගෙන ඔත්තේ වාරයක් ලිංගයේ අතුල්ලන්න ඕනෙලු. ඉරට්ටේ වාරයක් ඇතුල්ලුවොත් හම යනවා ඇති! ගල් කැට නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්ලු! හැබැයි තින් මිරිස් පොඩ්ඩක් ගාලා තිබ්බොත් කපෝතියි!

      Book 023, Number 5022: Abu Huraira reported Allah’s Messenger (may peace be upon him) as saying: None of you should drink while standing; and if anyone forgets, he must vomit
      හිටගෙන ඉන්දැද්දි වතුර බොන්න බාලු. බිවුවොත් වමනෙ දාන්න වෙනවලු!

      Hadeeth No. 3080, Narrated Abu Huraira, beware of braying donkeys: The Prophet said, “When you hear the crowing of cocks, ask for Allah’s Blessings for (their crowing indicates that) they have seen an angel. And when you hear the braying of donkeys, seek Refuge with Allah from Satan for (their braying indicates) that they have seen a Satan.”
      කුකුල්ලු කෑ ගහන්නෙ දේවදූතයෝ දකලලු. බූරුවෝ කෑ ගහන්නෙ යක්ෂයා දැකලලු. බලන් යනකොට අල්ලාහ් කුකුල්ලුන්ටයි, බූරුවන්ටයි මිනිස්සුන්ට වඩා මොළය දීල තියෙනවනෙ?

      Sahih Muslim Book 028, Number 5612:
      Buraida reported on the authority of his father that Allah’s Apostle (may peace be upon him) said: He who played chess is like one who dyed his hand with the flesh and blood of swine.
      බුරයිදා මෙහෙම වාර්තා කලාලු. අල්ලාහ් ගේ නියෝජිතය (එනම් මුහම්මද්) කියා තිබෙනවාලු චෙස් ක්‍රීඩා කල විට එය ඌරු ලෙයින් දෑත් පාට කිරීමක් වගේ වෙනවලු. අපි නම් දන්න විදියට චෙස් කියන්නෙ මොලේ වෙහෙසවල කරන්න ඕනෙ ක්‍රීඩවක්. මුහමම්ද් චෙස් කියල හිතුවෙ කඩු ෆයිට් ද දන්නෙ නෑ!

      Sahih Bukhari Volume 4, Book 54, Number 537: Narrated Abu Huraira:

      The Prophet said ?”If a house fly falls in the drink of anyone of you, he should dip it (in the drink), for one of its wings has a disease and the other has the cure for the disease.”
      අබු හුරෙයිරා මුහම්මද් කියපු දෙයක් මෙහෙම වාර්තා කරනවා. “ඔබේ බීමට ගෙමැස්සෙක් වැටුනොත්, ඌ සම්පූර්ණයෙන්ම බීමේ ගිල්වන්න. උගේ එක තටුවක රෝග තිබෙන්නා සේම අනෙක් තටුවේ එයට ප්‍රතිකාරය ඇත”. ඉස්ලාම් කට්ටිය නිතරම කියන්නේ කුරාණය විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන්නේ කියල. මේකත් එහෙම ඔප්පු කරපු එකක් වෙන්න ඇති නේද?

      Sahih Bukhari, Ablutions (Wudu’), Volume 1, Book 4, Number 234: Narrated Abu Qilaba:
      “Anas said, “Some people of ‘Ukl or ‘Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in ‘Al-Harra’ and when they asked for water, no water was given to them.” Abu Qilaba said, “Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle
      මුහම්මද්ගේ අනුගාමිකයෙක් වන් අනාස් මුහම්මද්ට මෙහෙම කියලා තියෙනවා. උක්ල් හා උරයිනා වල වැසියන්ට මදීනාවේ කාලගුණයට ඔරොත්තු දීමට අපහසුයි. එතකොට මුහම්මද් ඒ අයට ඔටු ගාල පෙන්වල, ඔටුවන්ගේ කිරි සහ මුත්‍රා බොන්න නියම කළාලු. මේ ඔටුකිරි හා ඔටු මුත්‍රා බීපු අරාබි කාරයෝ ටික මුහම්මද්ගෙ ඔටු පල්ලව මරල දැම්මලු. එතකොට මහම්මද් කළේ ඒ අයව අල්ලලා අත් කපලා ඇස් වලට ගිනියම් යකඩ බෝල දාන්න නියම කලාලු. ඊට පස්සෙ බොන්න වතුරවත් දුන්නේ නෑලු. source: http://peramunerala.wordpress.com

      මේ හදීස් වැරදියි කියල හිතෙනවානම් මෙන්න හදීස් ඔන්ලයින්ව http://www.iium.edu.my/deed/hadith/ සංසන්දනය කරලා බලන්න, හොයාගන්න බැරිනම් වෙන වෙනමම මූලාශ්‍ර පෙන්වන්නම්, වෙලා නැති නිසයි එකින් එක මූලාශ්‍ර පෙන්වුවේ නැත්තේ.

      ඉස්ලාම් වලින් ඔබට උගන්වා ඇති දේවල් බැලින්නම් භික්ශු විනය ගැන ඔබට කතා කිරීමටවත් නොහැකි බව පෙනේ.

      Well-loved. Thumb up 16

    • WB

      Razak
      මෙන්න බලනවානම් බලන්න ඉස්ලාම් ආගම ගැන ඉස්ලාම් ආචාර්ය වරයෙක් වන අලි ශිනා කියන්නේ මොනවද කියලා
      ඒකේ තියෙන දේවල් පැහැදිලි කර ගන්න ඕනෙනම් මම ඊට යටින් දාල තියෙන කුරානයේ පරිවර්තනයත් බලන්න පුළුවන්
      මොකද අපේ රටේ, පකිස්ථානයේ සහ ඉන්දියාවේ මුස්ලිම් මිනිස්සු බහුතරයක් කුරානයේ තියෙන වචන කියවන්න දැනගෙන හිටියට තේරුම දන්නේ නැහැනේ

      https://sites.google.com/site/islamyanukumakda/home

      http://www.dar-us-salam.com/TheNobleQuran/index.html

      එයා කියන දේවල් බොරු කරන්න බැරි නිසානේ එයාගේ මේ අභියෝගය තාමත් තියෙන්නේ
      ඉතින් ඉස්ලාම් ආගම හරි කියන අයට මෙන්න මේකට උත්තර බඳින්න පුළුවන්
      මට නෙමෙයි මේ අලි ශිනා කියල කියන මනුස්සය කියන දේවල් වලට

      ඒ වගේම එහෙනම් ඉන්දියානු,පකිස්තානු, අරාබි බහුතරයක් පිරිමි වාඩි වෙලා ගෑනු කරන විදිහට මුත්‍රා කරන එක ගැන මුසල්මානුවෙක් විදිහට ඔයාට මොකද හිතෙන්නේ
      ඔයාටත් තියෙන්නේ අපේ රටේ තියෙන බහුතර සිංහල බෞද්ධ ක්‍රමයට අනුව ජීවත් වෙන ජීවන රටාවක් නිසානේ වාඩි වෙලා මුත්‍රා කරන එක ගෑනු ක්‍රමය විදිහට දකින්න හදන්නේ
      හාමුදුරුවෝ අදනකඩේ සහ සිවුර ඇඳගෙන හිටගෙන මුත්‍රා කලොත් ඇතිවෙන කරදර තත්ත්ව ගැන හිතල බලන්න, ඒක අශෝබනයි නේද
      අපේ රටේ වැඩිපුර නැති උනත් මේ රටවල් වල මුස්ලිම් උදවිය අඳින්නේ අරාබි අඳුමනේ, ඉතින් ඒකත් පොලවේ ගැවෙන තරමට දිග නිසා ඒක උඩටම උස්සගෙන හිටගෙන මුත්‍රා කරන්න ගියොත් මේ තත්වෙමයි ඇති වෙන්නේ
      ඒකයි එයාලත් වාඩි වෙලා මුත්‍රා කරන්නේ

      Well-loved. Thumb up 8

  • DANUKA

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 8

    • ඔබ පවසන දේවල් නැතැයි මම කියනේ නැත. ඒත් ඒවා ඇත්හ්තේ කොළඹ “ඕල්කට් බෞද්ධ සංස්කෘතිය” තුළයි. මෙම අඩවියෙන් එවැනි ඕල්කට් බෞද්ධ සංස්කෘතිය විවේචනය කරයි. එලෙස නගරබදව ඕල්කට් බෞද්ධ සංස්කෘතියක් ඇති වී තිබෙන්නේ බටහිර සංස්කෘතිය දේවත්වයෙන් පිළිගැනීම නිසාය.

      අපි දකින ග්‍රාමීය “සිංහල බෞද්ධ සංස්කෘතිය” තුළ එවැනි දේවල් ඇත්තේම නැති තරම්ය. අපි දන්නා දහම් පාසල් වලින්නම් කිසිදා මුදල් අය නොකරන අතර භික්ෂූන් වහන්සේලාට ප්‍රාඩෝ තියා ත්‍රී විල් එකක් ගැනීමට තරම්වත් මුදල් නැත.

      එනිසා ඔබ දකින සමහර භික්ෂූන්ගේ වැරදි, එදා මෙදා තුර වැඩ වසන සමස්ත භික්ෂූන් වහන්සේලාගේ වැරදි ලෙස හුවා දැක්වීමෙන් වෙන්නේ පාපයක්මය.

      //මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම් , බෞද්ධයන් සංඝයා වහන්සේලාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? සිල්වත් බව හා ධාර්මික බව නොවේද?//
      අනික් පැත්තට බෞද්ධයින් වශයෙන් අපි ගිහි බෞද්ධයින්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද? කි දෙනෙක් ධර්මය ගැන දන්නවාද? ශ්‍රී සද්ධර්මය දැනගෙනත් කීයෙන් කී දෙනෙක් ඔබ පැවසූ පරිදි ප්‍රතිපත්ති පූජාවෙන් යුතුව ධර්මානුකූලව ජීවත් වෙනවාද?

      //මෙවැනි කරුණු නිසා අද මගේ මනසේ භික්ෂුන් කෙරේ පිළිකුලක් හටගෙන ඇති අතර , //
      ඔබ හරියටම භික්ෂූන් වහන්සේලා යනු කවුද කියලා නොදන්නා බව පෙනේ. භික්ෂුන් වහන්සේලා යන කොටසට අයත් වෙන්නේ කොලඹ සිටින ඔබ දකින භික්ෂූන්ව නොව සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ සිට එදා මෙදා තුර වැඩ වසන ආර්ය මහා සංඝරත්නයයි.

      Well-loved. Thumb up 14

      • Nayani Ranasingha

        here i would like to add my comment.in past where our load budda lived people who worshiped him and understood the truth what he taught,but did not change or blame him by observing how devadaththa monk behaved.people are different. if you feel sad about maha sanga rathnaya that means you have a weak brain having constantly change thoughts.

        can you find faults with maha sariuth, mugalan and ananda and other arahath sanga rathnaya? if it is so then be sad. if not dont behave like a weak puppet.

        we should respect them as they represent our load buddaha,s way and his words. Not about these some monks who are following Devadaththa and finally go to hell where Davadaththa stays now.

        Thumb up 1

  • සහන් ෆනැන්ඩෝ ප්‍රමුක සම මතධාරීන් හට,

    ඔබ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයන කොට කතෝලික දේවස්ථානයේ අපචාර “අමතක” කරලා කතා කරන එක අඩු පාඩුවක් යැයි සිතා අඩු පාඩුව සම්පූර්ණ කිරීමකට ලක් කලා. පහත web අඩවි මගින් මා කාටවත් අපහස කිරීමකට බාඡනය නොකරයි, ඔබ(ලා)ගේ ප්‍රශ්ණ කිරීම මත මෙවැනි පිලිතුරක් ලබා දීම සුදුසු යැයිද, සියල්ලන්ටම සත්‍යය දැනගැනීමට හැකිවේ යැයිද සිතුවා!!

    කතෝලික දේවස්ථානයේ ලිංගික අපචාර, ලෝකය වටේ:-
    http://www.bbc.co.uk/news/10407559

    කතෝලික දේවස්ථානයේ අපචාර:-
    http://www.boston.com/globe/spotlight/abuse/

    පහත web අඩවියේ ඇත්තේ අපචාරයට ලක්වුවන්, තම අදහස් දැක්වීම් හා අන් අයගේ අදහස්ය(In their own words about sex abuse & more):-
    http://www.boston.com/globe/spotlight/abuse/overview/video_gallery/

    තවත් උදාහරන ඇතත්, ඉහත පෙන්වා ඇති web අඩවිවල ඔනවටත් වඩා විස්තර ඇති නිසා තවත් උදාහරන උවමනා නැතැයි සිතමි!.

    කියමනක් තියෙනවා සිංහලේ, “තමන්ගේ ඇහෙ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇහෙ තිබෙන කබ නික ලොකුයි කියලා”!! අනික තමන් වීදුරු ගෙවල්වල ඉදන් අනුන්ට ගල් ලහන්ඩ එපා කියලත් අහලා නැති වෙන්ඩ විදිහක් නෑ!!

    Well-loved. Thumb up 11

    • A Catholic

      ඔබ කරන චෝදනා ඇත්තයි. (සහන් කියන ගොඩක් ඒවාට මම එකග නැහැ ) ඕනෑම ආගමික සංස්ථාවකට සම්බන්ධ සමහර පිරිස් වැරදි කරනවා. එසේ කියා එයට එම ආගම පාලි නැහැ. බුද්ධාගම පාලි නැහැ සමහර ශ්‍රමණ වේශ ධාරීන් කරන වැරදි වලට. ඒ වගේම තමයි කතෝලික ආගම පාලි නැහැ සමහර පුජකයන් කරන වැරදි වලට. නමුත් කතෝලික පල්ලිය ඉඉට වග කිව යුතුයි. ආගම නොවේ; පල්ලිය. පල්ලිය යනු ආයතනයක්; සොසයටි එකක්. තේරෙනවනේ එකෙයි ආගමෙයි වෙනස. ඉතින් මෙම වැරදි වලට කතෝලික පල්ලියේ වගකියන ක්‍රමයක් තියෙනවා. සමාජ විරෝධී ක්‍රියා වල නිරත වූ පුඋජකයන්ට හෝ ධර්මය විකෘති කරන පුඋජකයන්ට අදාලව පැමිණිලි ලැබුණු විට විභාග කරලා ඇක්ෂන් ගන්නවා. එහෙම ඕනා තරම් කරලා තියෙනවා. කටකතා නොව, විධිමත් චෝඅදනා වලට ලක්වූ පුඋජකවරුන්ට විරුද්ධව එම චෝදනා විභාග නොකර ඉන්නේ නැ. oya ගොඩක් නිව්ස් ඒ වගේ ඇක්ෂන් ගත්තු ඒවා. හැබැයි ඔප්පු කරන්න නොහැකි වූ වැරදි නැත්තේ නැහැ.

      ඔබ අන්තවාදියෙක් නම් මම කියන දේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ බුද්ධ සාසනයට යම්කිසි ක්‍රමවත් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් ආවොත් හොදයි . සමාජ විරෝධී හොඅ ධර්මය විකෘති කළා යයි චෝදනා ලද භික්ෂුන්ට විරුද්ධව ඇක්ෂන් ගන්න. ශ්‍රමණ වේශ ධාරීන් කියල පිරිසක් නොසිටිය යුතුයි. යම් භික්ෂුවක් වැරදියි කියල ඔප්පු වුනොත්, චිවරය දැරීම තහනම් කරන ක්‍රමයක් තිබිය යුතුයි. දැන් තිබෙන ක්‍රම ක්‍රියාත්මක වීම අඩුයි නේද? පල්ලියේ වගේ එකක් ඕනේ නැහැ. සිංහල දේශීය ගැලපෙන එකක් කමක් නැහැ. මම කියන්නේ මොකක් හරි ඕනේ කියලයි. මම කතෝලිකයෙක් නිසාම ඔබ මේක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ශ්‍රමණ වේශ ධාරීන් කල සමාජ විරෝධී ක්‍රියා පිළිබද මට ඕනේ තරම් ලිනක්ස් මෙතන දන්නා පුළුවන්. (රංග ජයවර්ධන මහතාගේ ස්ටන්දර්ඩ්ස් වලට ගරු කරලා එහෙම දාන්නේ නැ). නමුත් එයට බුද්ධාගම පලි නැහැ. නමුත් එහෙම ය තවම චිවරය දරාගෙන ඉන්න එක හොද මදි නේද? ධර්මය පිළිබද රටේ ඉතා ප්‍රසිද්ධ හිමිවරු අතර ඇති මතවාද ගැනත් මෙතන ඕන තරම් ලිනක්ස් දාන්න පුළුවන්. (ඕනේ නම් කියන්න; දාන්නම්; එත් ඉහත කි හේතුව නිසා දාන්නේ නැහැ. අවංකව කිව්වොත් ඒවා ගැන මට වඩා හොදට ඔයාල දන්නවා ). නමුත් එහෙම පරස්පර මත ථේරවාදය තුලම තිබීම හොද මදි නේද? මෙම ගැටළු නිරාකරණය විය යුතු බව පිළිගන්නේ නැති වෙන්න තරම් කුහක වුනොත් එකෙන් පාඩුව කාටද?
      (ප.ලි. ,RAVCEY ඔබ කියූ. අනුන්ගේ ඇහේ ලි කොට කතාව තියෙන්නේ නම් ශු.බයිබලයේ “”Why do you look at the speck of sawdust in your brother’s eye and pay no attention to the plank in your own eye?
      “(Matthew 7:3) )

      Well-loved. Thumb up 18

      • ඒ මනුස්සයා කියන ඒවා වැඩි දෙනෙක් පිලිගන්නෙ නෑ, කමක් නැ අසරණයා කියවන්නනෙ ඔහුට ඔන, කියවපු දෙන්:)
        *****************

        චෝදනාවකට වඩා “දැනුවත් කිරීම” යන වචනය සුදුසුයි.

        “ඕනෑම ආගමික සංස්ථාවකට සම්බන්ධ සමහර පිරිස් වැරදි කරනවා” එකගයි “එසේ කියා එයට එම ආගම පලි නැහැ” 100% එකග විය නොහැක, මිනීමරන සත්වගාතක ආගම් තිබීම එකග නොවීමට හෙතුවයි!. “බුද්ධාගම හෝ කතෝලික ආගම පලි නැහැ සමහර ශ්‍රමණ වේශ ධාරීන්/පුජකයන් කරන වැරදි වලට” එකගයි.

        ‍ඔබගේ comment එකේ දෙවැනි ඡේදයේ අදහස් වැඩි ප්‍රමානයකට එකග වන නමුත්, බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ නාමයට සහ බෞද්ධ ආගමට අගෞරව කිරීමට බෞද්ධ නොවන ආගම් සහ බලවේගද විශාල ප්‍රමානයක් තිබෙනවා යන්න අපිට අමතක කලනොහැක. නිර්ද්‍යෝෂී,අහිංසක බෞද්ධ භික්ෂුන් වහන්සේලා රාෂියක්ම එම බලවේග මත නිකරුනේ දඩුවම් ලබා ඇත. ඔබ කියනා පරිදි විවිද මතවාද තිබුනා කියලා කිසිම කලකිරීමට බාඡනය වියයුතු නැහැ, නියම බෞද්ධයෝ නම්. නමුත් නිරාකරණය විය යුතු ගැටලු තිබීම සත්‍යයක්,(ගැටලු නැති තැනක් සෙවීමට නම් හුගාක් අමාරුයි මේලොව කොහෙම වත්, දැන් කාලේ ඉතින්!).

        “තමන්ගේ ඇහෙ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇහෙ තිබෙන කබ නික ලොකුයි කියලා”
        කියමනත් ”Why do you look at the speck of sawdust in your brother’s eye and pay no attention to the plank in your own eye?” අතර විෂාල සමානකමක් තිබීමද අතර ආගම සම්භන්ධවීම මා දකින්නේ සන්නිපතිතයක්(coincidence) ලෙස. මේ කියමනට සමානම(සුළු වෙනස්වීම් සමග) අරුත් ඇති කියමන්, තවත් බොහෝ ආසියාතික රටවලද තිබීම, මෙම කියමන හුදෙක් සංස්කෘතිකමය බාෂාමය සිදුවීමක් යැයි මා සිතනවා. ඒ කුමක් වුවද කියමන ඉතින් ඇත්ත!

        A Catholic ඔබ මා ගැන අනුමාන කම් කර ඇති වගක් ‍ඔබගේ comment එක කියවීමේ දී මට පෙනීයනවා, “අන්තවාදියෙක් නම්” “කුහක වුනොත්”…
        ඔබ මටත් අවස්ථාවක් දියයුතුයි මාගේ අදහස් දැක්වීමට. මාගේ අදහස් දැක්වීමට පෙර මා ගැන හෝ අන් කිසිවක් ගැන හෝ අනුමාන කිරීම එතරම් නුවණට හොදනෑ?! අනුමානයට පෙර ප්‍රත්‍යක්ෂය වටිනවා යැයි මාගේ අදහසයි. කමක් නැහැ ඒක සුළු දෙයක්!!!!!!!, අපි කවුරුත් කරනවා, නමුත් නොකිරීම අපි කාටත් හොදයි.

        Well-loved. Thumb up 6

        • A Catholic

          Dear Revcey,
          ලී කොට කතාව සිංහලයට ආවේ බයිබලයෙන් ය. එසේ නොවේ නම් 1505ta පෙර මුඋලාශ්‍රයක් පෙන්වන්න. ඉඉට අමතරව “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති ” වැනි තවත් බයිබල් දේශනා සිංහලයට පැමිණ ඇත. ඉතාම දුර ඈත අතීතයේ හින්දු වේද වල එන දේ වලින් සේම මත අතීතයේ බයිබලයෙන් ද සිංහල භාෂාවට මෙවැනි දේ එක වී ඇත. තව ඉදිරියට බොහෝ දේ (සරසවි උප සංස්කෘති වලින් වගේ ) එකතු වනු ඇත.
          ඇත්තම කිව්වොත් මම ඔබතුමා ගැන කිසිම අනුමානයක් කලේ නැහැ. කතෝලිකයකු මෙහි අදහස් පල කල පමණින් “මූ නම් එන්නේ හොදකට නෙමෙයි” කියන ඇසින් මගේ කමෙන්ට් එක දිහා මම බැලුවත් මට ගොඩක් ඇද පේනවා. මම කරන්නේ අපහස කිරීමක්වත් ඇගිලි දික් කිරීමක් වත් නොවේ. මෙම මුල් ලිපියේ හරයට මම 100%ක් එකග නොවන නිසා. ආගම ආදහීම 100%ක් පැත්තකින් තබා ස්වාමින් වහන්සේලා ගේ වැරදි හොයා හොයා යන එක වැරදි තමා. නමුත් අද කාලේ බෞද්ධයන්ට මොන ස්වාමින් වහන්සේ ද හරි මොන ස්වාමින් වහන්සේ ද වැරදි කියල “තමන් ධර්මය අදහන ගමන් ම ” චුට්ටක් හෝ හොයා බලන්න සිදු වෙලා තෙබෙනවා. එය එසේ නොවිය යුතුයි. එසේ වී ඇත්තේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ වරදිනි. මේවා හොයා හොයා ඉන්නේ නැතිව 100%ක් එෆර්ට් එක ආගම ඇදහීමට යෙදිය හැකි වාතාවරණයක් සැපයිය හැකි සිස්ටම් එකක් හදිඉම බුදු දහමට යහපත් නොවන්නේ ද? එකගද?
          බෞද්ධයකුට නිවන් මග තනිව අවබෝධ කර ගත හැකි නම් හොදයි. නමුත් එම දර්ශනයේ අඩංගු ලෙස භික්ෂුන් හා යන්තම් හෝ යම් ලෙසකින් හෝ යම්කිසි සම්බන්ධතාවක් වීමට බෞද්ධයන් බොහෝ ධෙනෙකුට තම ජිවිත කාලය තුල සිදුවෙනවා.
          එසේනම් තමුන් ඇසුරු කල යුත්තේ කුමන භික්ෂුන් වහන්සේලාවද නොකළ යුත්තේ කුමන භික්ෂුන් වහන්සේලා වද යන්න තිඉරණය කරන ක්‍රමයක් තිබිය යුතුයි. මම කියන්නේ දැනට තිබෙන ක්‍රමය කිසිසේත් ම ප්‍රමාණවත් නැති නිසා, බුදු දහමට බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. බොහෝ අපහාස ඇතිවෙනවා. අපහාස කරන්න එපා කියල මෙවැනි ලියුම් ලියන්න වෙනවා. සිස්ටම් එක වෙනස් විය යුතුයි. එකගද?
          මෙම තිඉරණය තනිව යම් භික්ෂුන් වහන්සේ නමකගේ පැවැත්ම කිරා මැන තිඉරණය කල යුතු යයි ලෝකයේ ඉන්න උගත් නුගත් සියලු බෞද්ධයන්ට පැවසීම අසාර්ථක සිස්ටම් එකක් බව මම සිතනවා. දොස්තර කෙනෙකු වරදකට චෝදනා ලබුවහම එය විභාග කරලා දෙකෙන් එකක් බේරගන්නකම් එයට ප්‍රක්ටිස් කරන්න දෙන්නේ නෑ . සමහර විට එක අසාධාරණ විය හැක. නමුත් ඔහු ඇත්තටම වැරදි කරු නම්? නඩුව අහල ඉවර වෙන තෙක් බේත් ගන්න රෝගීන් ට යන කල මොකක් ද? සමහර විට වැරදි ධර්මය ප්‍රචාරය වැරදි වෙදකමක් කිරීමට වඩා බරපතල වෙනවා.
          මම කියන්නේ පොයින්ට්ස් දෙකයි. කාටවත් “ශ්‍රමණ වේශ ඪාරී ” තත්වයේ ඉන්න නොදිය යුතුයි. සමාජ විදෝධි හෝ සිවිල් නීතියට විරුද්ධ වැරදි කර ඇත්නම්, බෞද්ධ ආගමික ආයතනයක් තුල එම චෝදනා විභාග කල යුතුයි. එතෙක් චිවරයා නොදැරිය යුතුයි. නිවැරදි නම් ප්‍රසිද්ධියේ චෝදනා වලින් නිදහස් කල යුතුයි. එවන් සිස්ටම් එකක් හදිය යුතුයි. අධිකරණ සන්ගනායක තනතුරු වලින් වන සේවය දැනට නොසතුටුදායක තත්වයක ඇත. එය වෙනස් විය යුතුයි.එකගද?
          දෙවැනි පොයින්ට් එක, ථෙරවාද ධරිමය දෙසිඉම ගැන එකගතාවක් තිබිය යුතුයි. යම් භික්ෂුන් වහන්සේ නමක් වැරදි ලෙස ධර්මය දෙසයි නම්, එය අතන මෙතන, පෝදා බණට, ගොසිප් සයිට් වල නොදමා ස්වාමින් වහන්සේ නමකට (හෝ ගිහියෙකුට වුවත් ) ගොසින් පැමිණිලි කල හැකි ආයතනයක් තිබිය යුතුයි. ධර්මය වැරදි ලෙස දේශනා කරන ස්වාමින් වහන්සේලා ව නිවැරදි කිරිඉමක් / අවවාද කිරිඉමක්, හරි යන්නෙම නැත්නම් චිඉවරයා දරිඉම තහනම් කිරීමක් කල යුතුයි. ලෝකය තුල ථෙරවාද බුද්ධ ධර්මය එකගතාවයකින් යුතුව දේශනා විය යුතුයි. එකගද?
          නැවත කියවීමේ දී මගේ සජෙස්ෂන්ස් ටිකක් සර වැඩි වගේ. එත් වෙන්න ඕනේ දේ තේරෙනවා යයි හිතමි. වෙස්ටන් නීති රිඉති දැමීම නෙමෙයි, සිංහල බෞද්ධ ක්‍රමයකට හෝ දැනට වඩා පැහැදිලි ලෙස ඉහත ප්‍රශ්න දෙක (1. සිවිල් නිතිය කඩන හෝ සමාජ විරෝධී වැඩ කරන භික්ෂුන් 2.ධර්මය විකෘති කරන භික්ෂුන් ) විසදිය යුතු නොවේද? Revcey තමා අන්තවාදී නොවේ යයි හගවා ඇත. මේවා කතෝලිකයෙකු කිඉවත් අනෙක් අයත් එසේම මෙය දෙස බලත්වා.

          Hot debate. What do you think? Thumb up 8

        • //එසේ වී ඇත්තේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ වරදිනි.//
          මේ කතාව ඇත්ත, ඒත් ඒ සඳහා දේශපාලන, සමාජ, සංස්කෘතිමය ආදී බොහෝ දේවල් හේතු වී තිබෙනවා. එනිසා සමහර පැවිද්දන් කරන වැඩ ගැන එකවරම මහානායක හිමිවරුන්ට ඇඟිල්ල දික් කිරීම සුදුසු නෑ.

          // මේවා හොයා හොයා ඉන්නේ නැතිව 100%ක් එෆර්ට් එක ආගම ඇදහීමට යෙදිය හැකි වාතාවරණයක් සැපයිය හැකි සිස්ටම් එකක් හදිඉම බුදු දහමට යහපත් නොවන්නේ ද? එකගද?//
          එලෙස ක්‍රමයක් තිබෙනවා. සංඝාධිකරණය, විනය කමි‍ටු ආදිය. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීමට මෙරට සිවිල් නීතියෙන් අවහිරතා තිබෙනවා. උදහරණ ලෙස විනයාධිකාරී හිමිනමකගේ තීන්දුවකට එරෙහිව චූදිත හිමියන්ට සිවිල් අධිකරණයේ නඩු පැවරිය හැකියි. එතකොට අර වයස්ගත විනයාධිකාරී හිමියන්ටත් උසාවි ගානේ යන්න වෙනවා. මේ වගේ දේවල් මගහරවාගත යුතුයි.

          එසේම ඔබගේ කොමෙන්‍ටුවේ සමස්තය දෙස බැලීමේදී පෙනී යන්නේ බුදු දහමට නිශ්චිත නීතිමය සම්මුතියක් ඇති කළ යුතුයි කියන යෝජනාවයි. ඒත් භික්ශූන් වහන්සේලාට දැනටමත් විනය පිටකයක් තිබෙන නිසා තවත් නීති හදන්න ඕනෑ නෑ, එසේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න වෙන කාටවත් බුදු සසුනට අලුතෙන් නීති හඳුන්වා දෙන්නත් බෑ.

          බුදු දහමේ තිබෙන්නේ බොහොම ලිහිල් ප්‍රතිපත්තියක්. එහි “මෙහෙම හැසිරෙව” කියලා කියන්නේ නෑ. නොගැලපෙන අයට යන්න පුළුවන්, කැමති අයට ඉන්න පුළුවන්. බුදු දහමට අනුව ඕනෑම දෙයක් හොඳයි කියල තීරණය කරන්නේ එමගින් රාගාක්ෂය ද්වේශාක්ෂය මෝහාක්ෂය වෙනවානම් පමණයි. ඒකයි ක්‍රමේ.

          එසේ වීමටත් හේතුවක් තිබෙනවා. එනම් දැනට තිබෙන තිබෙන නීතීන් නීතිගත කර තිබෙන්නේ වර්තමාන දැණුම, සංස්කෘතිය, ආකල්ප, සමාජය ආදියට සාපේක්ෂවයි. ඒත් ඒවා කාලයෙන් කාලයට වෙනස් වීමේදී නීතියත් වෙනස් විය යුතු වෙනවා. ආගමක් කියන්නේ කාලයෙන් කාලයට වෙනස් විය යුතු දෙයක් නොවෙයි. බුදු දහම “අකාලික” කියල කියන්නේ එලෙස නොවෙනස් වන නිසයි.

          උදාහරණයකින් දැක්වුවොත් සමහර ආගමික ග්‍රන්ථ වල තිබෙනවා වරදකරුවන්ට දණ්ඩනය කරන ක්‍රමවේදයක්. ඒ දණ්ඩනයන් ඒ ඒ ආගම පහළ වුන කාලයට අනුවනම් ඉතාමත් සුදුසුයි, ඒත් දැන් ඒවා දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා ඉතාමත් අමානුෂිකයි කියලයි. ඉතින් ඔය ගැටළුව “අකාලික” බුදු දහමට කිසිසේත්ම අදාල වෙන්නේ නෑ.

          බුදු දහම කියන්නේ බලයෙන් ‍රැක ගන්න ඕනැ දෙයක් නොවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ‍රැක ගන්න ඕනෑ කාටද? ඒ තුන විනාශ කරන්න පුළුවන් කාටද? ඉන් මිදෙන මාර්ගය වන බුදු දහම අතුරුදහන් වීමට නොදී ‍රැක ගැනීම යනු ඒ මාර්ගයේ ගමන් කිරීමයි. බුද්ධිමතුන්ට විතරක් සුදුසු බුදු දහම ආයාසයකින් ‍රැක ගැනීමට අවශ්‍යතාවයක් නෑ, ‍රැක ගැනීම සඳහා කළ යුත්තේ වැඩි වැඩියෙන් ජනතාවව ධර්මයට යොමු කිරීමයි.

          කවුරුන් හෝ රාග ද්වේශ මෝහ වඩන දෙයක් කරනවානම් ඔහු බෞද්ධයෙක් නොවෙයි.

          Well-loved. Thumb up 12

        • A Catholic

          මචන් රංග, මගේ කමෙන්ට් එක නැවත කියෙව්වහම මම සජෙස්ට් කරලා තියෙන දේවල් ටිකක් නිඉතිමයව සර වැඩි වගේ මටත් පෙනුනා. එත් මම අදහස් කලේ එක නෙමෙයි. ඉතා තද නීති වලින් නම් බුද්ධාගමේ ඔබ ලස්සනට විස්තර කර ඇති “බෞද්ධ” ස්වභාවය නැතිව යනවා. එක ඇත්ත. ඒ නිසා එහෙම නොකළ යුතුයි. හැබැයි සන්ගාධිකරණ ක්‍රමයේ ප්‍රශ්න තිබෙන බව ඔබත් පිලිගන්නවා. සිවිල් නිතිය හා ඒ අතර ඇති ප්‍රශ්න බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ලංකාව වගේ රටක විසදා ගත හැකි නොවේද? (මන් මෙච්චර කියන්නේ මේ ශ්‍රමණ වේශ ධාරීන් කියන තත්වය ඉතා නරක නිසා. යම් යම් බරපතල සමාජ විරොඪී වැඩ වලට චෝදනා ලාබූ ය චිවරය දරා ගෙන උසාවි යන හැටි, සමහරුන් වැරදිකරුවන් වූ පසුත් චිවරය දරා සිටින හැටි මාධ්‍ය ආදියේ හා සමාජයේ හැබැහින් දකින්න ලැබෙන එක බුද්ධාගමට අපහාසයක් නොවේද? )
          කමක් නැහැ. ඔබ කියන විදිහට සීරියස් ධාර්මික පිලිවෙතකම නිරත වී ඉතාම හොන අවබෝධයෙන් ධර්මය අනුගමනය කරන බුද්ධිමත් කෙනෙකුට ඔය ඉහත කි දේවල් ප්‍රශ්න නොවෙන්න පුළුවන්. ටිකක් ලිහිල්ව හිතුවහම මට එකට තරමක් එකග වෙන්න පුළුවන්.

          හැබැයි මගේ අනෙක් පොයින්ට් එක ගැනත් යමක් පවසන්න. එනම් ථෙරවාද දහම දෙසීමේදී ධර්ම කරුණු පිළිබද එකගතාවයක අවශ්‍යතාව හා එසේ නොවිඉම නිසා භික්ශූන් වහන්සේලා මාධ්‍ය/ බන ගෙවල්/වෙබ් සයිට් හා අතන මෙතන එකිනෙකාට චෝදනා කරගැනීම නිසා රටේ ඇතිවෙමින් යන තත්වය. එක එච්චර හොද ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි නේද? මේ චෝදනා කරගන්නේ රටේ ප්‍රසිද්ධ හිමිනමවල්. (මේ ගැන මට වඩා හොදට ඔබ ෂුවර් එකට දන්නවා.) එම නිසා ඒවාන් සැලකිය යුතු ඉම්පැක්ට් එකක් වන බවත් මෙහි මුල් ලිපියේ පරිදි වැරදි හොයා හොයා යාමට සාමාන්ය් ජනය පෙලබෙන බවකි මගේ අදහස.

          Hot debate. What do you think? Thumb up 7

  • Wickramabahu

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • WB

      මට මතක විදිහට යෝද ඇලේ දිග හැතැම්ම 8 ක් දිගයි
      අපි දන්නා විදිහට සහ පසු කාලීනව සොයා ගත්තු විදිහට එකේ බැස්ම හතම්මට අඟලයි
      එතකොට ඒ කාලේ ඔයා කියන විදිහට ස්ලොප් එක ඉන්න කැපුවේ නැතත් අඩුම ගානේ ඒ කාලේ මිනිස්සු ඒ අගල් අටක් පහලින් ඇති ප්‍රදේශයට වතුර යන විදිහට ඇළ කපුවා
      ඔයා කියන්නේ වතුර යයිද කියන එකවත් දන්නේ නැතුව මුලින් ඇළ කපල බැලුවා කියලද, නිකන් මෝඩ කතා කියන්න එපා
      මොකද පස්සේ කාදනය වෙලා ඔයා කියන ස්ලොප් එක හදුනානම් මුලින් ඕක කපන්න ඇත්තේ වතුර බහියිද කියලවත් දන්නේ නැතුවනේ
      කොහොම කැපුවත් හත්ම්ම අටක් පමණ දිග ඇළ කපල තියෙන්නේ අගල් 8 ක පමණ ස්ලොප් එකක් තියෙන තැනකට වතුර යවන්න
      මේ පොඩි දේ ඔයාට තේරෙන්න අඩු ගානේ වහින වෙලාවක පොඩි කාණුවක් හරි කපල බලන්න ඔයා මේ හිතන විදිහට වතුර බස්සන්න පුලුවන්ද බලන්න
      අඩුම ගානේ වතුර බස්සන්න ඕනේ තැන ඇළ පටන් ගන්න මුල් ස්ථානයට වඩා පහලින් තියෙන්න ඕනේ කියන එක හරි දැනගෙන ඉන්න ඕනේ කියන එක ඔයාට තේරෙන්නේ නැහැ
      ඔයාල වගේ නරුමයින්ට මොනවා කියන්න බැරිද
      එහෙම Trial and Error විදිහට අපේ වාරිමාර්ග ක්‍රම තිබුනේ නැහැ. එහෙම තිබුනානම් ඔතන ඇලවල් 10 ක් 15 ක් තියෙන්න ඕනේ, හැම දිශාවටම විහිදිච්ච
      මොකද කොයි එකෙන් කොහෙට වතුර යයිද කියල දැනගෙන නෙමෙයිනම් ඔය ඇලවල් කැපුවේ, ඇලවල් කීයක්නම් කියල කපන්න වෙයිද
      ඔයාල වගේ අපතයින්ට අපේ තිබුණු දේවල් දරා ගන්න බැරි කමට කියන කුප්ප කතා මේවා

      Well-loved. Thumb up 10

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 1

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • WB

        සහන්
        ඔයාල වගේ වාරිමාර්ග හෝ ඉංජිනේරු යන අංශ දෙකම ගැනම කිසි දැනුමක් ඇති බවක් නොතේරෙන විදිහට මුග්ද වචන ඇද බාන පුද්ගලයින් ගැන මුලින්ම ඇති වෙන්නේ දුකක් සහ කණගාටුවක්
        ඔයා දන්නේ කොහෙන් හරි වෙබ් එකකින් ගන්න දෙයක් මෙතන දාල යන්න විතරනේ
        ඒක තමයි මම මුලින්ම යෝධ ඇළ ගැන කතා කරද්දී EDM වැනි උපකරණ ගැනත් සඳහන් කලේ
        දැන් කාලේ සැටලයිට් තාක්ෂණය උපයෝගී කරගෙන GPS මගින් සිදු කරන මැනුමකදී පහසුවෙන් දුරින් පිහිටි ස්ථාන දෙකක උසෙහි වෙනස හොයන්න පුළුවන්
        ඒ වගේම EDM හෝ එවැනි මිනුම් යන්ත්‍රයක් උපයෝගී කරගෙන මෙවැනි දුර පිහිටි ස්ථාන දෙකක උසෙහි වෙනස මැනීමක් සිදු කරන විට එහි ඇති දුර නිසා එය සිදු කිරීම ගොඩක් අපහසුයි
        එයට හේතුව ප්‍රයෝගික අපහසුතා, නමුත් කොටස් වශයෙන් ගෙන (හිතන්න 100 යේ කොටස් කියා) කොටසින් කොටස උසෙහි වෙනස සොයමින් එම අදාළ හැතැම්ම 8 හෝ අදාළ දුර ගොස් ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය අතර උසෙහි වෙනස සොයා ගන්න පුළුවන්
        නමුත් ඔයාල කියන විදිහට එදා වේල කාල හිටපු සිංහලයෝ බෞද්ධයෝ ඒ වගේ හපන්කම් කළා
        ස්ලොප් එක හැම ස්ථානයේම සමානව ඇති වුනේ මේ කියන විදිහට වෙන්න පුළුවන් කියල හිතුවත්, ඔයාගේ බුද්ධිමත් මොළයෙන් හිතන්න(මොකද ඔයා මම වගේ මැට්ටෙක් නෙමෙයිනේ) යෝධ ඇලේ ආරම්භයේ සිට අවසානය දක්වා ස්ථාන දෙකේ උසේ වෙනස අනුව මෙතරම් නිවැරදිව ඇළ කපල තියෙන්නේ කොහොමද කියලා…
        මොකද අතරමග තැනකදී යෝධ ඇළ ආරම්භක ස්ථානයටත් අවසාන ස්ථානයටත් වඩා පහල තැනක් හරහා කැපුවනම් ඇලේ අවසානය දක්වා වතුර ගලන්නේ නැහැ
        එහෙනම් එතනින් වතුර ඒ පහල තැනට ගලාගෙන යනවා,
        හැබැයි ඔයා වගේ බුද්ධිමතෙකුට මේ වගේ සරළ දෙයක් තේරෙන්නේ නැති එක ගැනනම් තියෙන්නේ කනගාටුවක්,
        එහෙම බැලුවහම මැට්ටෙක් වෙන එකත් හොඳයි වගේ
        WB

        Well-loved. Thumb up 6

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 1

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 1

        • දෙවියන් වැව් තාක්ෂණය දුන්නා ලෙස නලින් මහතා දක්වා ඇත්තේ, පැත්තක ඉඳන් උඩ බලාගෙන සිටි ජාතියකට කොහේවත් ඉන්න දෙවියෙක් ඇවිල්ලා තාක්ෂණය දීමක් නොවෙයි. ඔබ හිතාගෙන ඉන්නේ කොහේවත් හිටපු මරියාට දෙවියෙක් ඇවිලා පිනට දරුවෙක්ව දුන්නා වගේ වැව් තාක්ෂණය දුන්නා කීම වගේ “කතන්දරයක්” කියලද?

          නලින් මහතාගේ ප්‍රවාදය අනුව එහිදී සිදු වී ඇත්තේ, ධ්‍යානලාභී බෞද්ධයින් දෙවිවරු (මැවුම්කරුවා නම් කෙප්පය නොවේ) සමග සම්බන්ධ වී ඔවුන්ගෙන් තාක්ෂණය ලබා ගත් බවයි. ඉතින් ඒක වර්තමානයේ කරන තාක්ෂණ සොයා ගැනීම් වලට වඩා අමාරු දෙයක්. තමන්ගේ සිත සංවර කරගෙන ධ්‍යාන ලබා ගැනීම තමයි අමාරුම දේ.

          ඒක ලේසියි කියනවානම්, වර්තමානයේදී බටහිරයන්ට ධ්‍යාන උපදවාගෙන ඔය ඉන්නවායැයි කියන යොහෝවව සම්බන්ධ කරගෙන උදව් ගන්න බැරි මොකද? අඩුම ගානේ බලශක්ති අර්බුදය වළක්වාගන්න තව ඉන්ධන නිධි කීපයක්වත් හොයාගන්න බැරිව අරාබිකරයේ මුස්ලීම් අයව මරන්නේ මොකද?

          ඔබ කොමෙන්‍ටු දාන්නේ නොදන්නා දෙයක් දැනගැනීමට හෝ ඔබ දන්නා දෙයක් අන් අයට කීමට නොව අන් අය සමග වාද කරමින් ඔබගේ පුද්ගලික න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමටයි. එනිසා ඔබ වැන්නෙකුට දෙන අවසාන පිළිතුරයි ඔය දක්වා ඇත්තේ, මීට වඩා ඔබ සමග මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවාද නොකරමි.

          Well-loved. Thumb up 6

        • WB

          ඔයා වගේ උගත් දරුවෙක් මෙහෙම කියද්දී මට පුදුමත් හිතෙනවා
          සල්ලිත් දීල ඉගෙන ගත්තු කෙනෙක්…
          මම ලියපු දේක පොඩි වැරද්දක් හදල පොඩ්ඩක් වෙනස් කරපු කමෙන්ට් එක පළවෙනි එකට විනාඩි දෙකකට පස්සේ ආපහු පබ්ලිෂ් කළා කියල නොතේරෙන්න ඇත්තේ ඔයාට ඒ වෙලාවේ සාතන්ව වත් වැහිලා හිටියද
          මොකද අපි ලියන දේවල් පස්සේ එඩිට් කරන්න විදිහක් නැහැනේ… ඉතින් කරන්න සිද්ධ උනේ ඒ විදිහට තමයි
          කමක් නැහැ ඒක අමතක කරලා දාමු….

          ඔයා ඉස්සෙල්ල කොතනකදී හරි කියල තිබුන කලින් නලින්ද සිල්වාට කඩේ ගියා කියලා, දැන් යන්නේ නැහැ කියලත් කිව්වා. කලින් නෙමෙයි ඔයා දැනුත් එයාට විතරක් නෙමෙයි සිංහල බෞද්ධයින්ටත් කඩේ යනවා
          ඔයා නිසා අපේ මිනිස්සුන්ට බෞද්ධාගම ගැන තියෙන කැක්කුම වැඩි වෙනවා
          එයාල තව තවත් කරුණු දැන ගන්නවා, ඒකට බොහොම ස්තුතියි…
          ඔයාට මම ඉදිරිපත් කරපු තර්ක එකකටවත් උත්තර නැති වෙච්ච ගමන් කතාව වෙන අතකට හරවන්න කොහෙවත් නැති නලින්ද සිල්වා කෙනෙක්වයි, වෙනත්ම පුද්ගලයෙක් ලියපු බ්ලොග් පොස්ට් එකකුයි මෙතනට අමුණන්න හදනවා
          ඔයාගේ සල්ලි දීල ඉගෙන ගත්තු දැනුම පාවිච්චි කරලා හිතල බලල කියන්නකෝ මම කියපු දේවල් වල හරි වැරැද්ද මොකක්ද කියලා
          එහෙම නැතුව මේ වෙලාවේ කාගේ හරි ඇඟේ එල්ලෙන්න හදන්න එපා පොඩි එකෙක් වගේ
          ඔයාගේ සිඟිති කතා වලට මම උත්තර බඳින්න කලින් මම කියපු දේ වැරදියි කියල තාමත් කියනවනම් ඒවා වැරදි බව ඔප්පු කරලා ඉන්න, අනුන්ගේ වචන වලින් හෝ බොරු බේගල් වලින් නෙමෙයි නිවැරදි කරුණු දැක්වීමකින්
          ඊට පස්සේ මම උත්තර බඳින්නම් ඔයාගේ කරුණු වලට ප්‍රතිපක්ෂව….

          Thumb up 4

        • @WB සහෝදරයා, මේ සහන් ෆර්නැන්ඩෝ කියන පුද්ගලයාට බෞද්ධයින් සමග සංවාදයක් කරන්න අවශ්‍යයි කියලයි අපි මුලින් හිතුවේ. ඒත් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නහම ඔහු කරන්නේ අපහාස උපහාස කරමින් බෞද්ධයින්ව ප්‍රකෝප කරන එකයි (මේවා කියවන්නේ රහතන් වහන්සේලා නොවේ, රහත් නොවූ අයට කේන්ති යාම සිදුවේ), වටේ යමින් ආයිත් පරන “රෙකෝඩ්” එකම දාන එකයි, සහ අපි නොකී දේවල් කිව්වා කියමින් අපට මඩ ගහන එකයි. ඒවාට උත්තර දීමෙන් අනවශ්‍ය ලෙස කොමෙන්‍ටු පිරීම සහ අපගේ කාලය වැය වීම විතරයි සිදු වන්නේ.

          එහෙත් ඔබ කිව්වාක් මෙන් ඔහුගේ ප්‍රශ්න ඇසීම් වලින් මේවා කියවන බෞද්ධයින් තව තවත් බුදු දහම ඉගෙන ගන්න නිසයි ඔහුගේ කොමෙන්‍ටු දිගින් දිගටම අනුමත කළේ.

          ඔහු බෞද්ධයින්ට චෝදනා කිරීම සහ පොලීසියෙන් වගේ ප්‍රශ්න කිරීම කරන නිසා, අපි ඒවාට පිළිතුරු දුන්නහම එයාට තමන් පැරදුනා කියල හීනමානයක් එනව ඇති කියල මට හිතෙනවා. ඒ නිසා දැන් ඔහුගේ සුපුරුදු විලාශය වෙනස් කරලා අර ලංකාසීනිවුස් එකේ වගේ මෙතනත් කොමෙන්ට් කරන්න පටන් අරගෙන. එනිසා ඔහුගේ කොමෙන්‍ටු කීපයක්ම පළ කළේ නෑ, ඒවා පළ කළානම් ඒවා බලන බෞද්ධයින්ගේ සිතේ කෙලෙස් වැඩි වීමකුයි සිදුවන්නේ.

          ඒත් ඔහු අනෙකුත් උදවිය වගේ “ගැටළු තැන් විමසීම” සහ “අදහස් ප්‍රකශ කිරීම” කරනවානම්, අපි ඒවාට පිළිතුරු දුන්නයි කියල ඔහුට හීනමානයක් ඇති වෙන්නේ නෑ. ඔහුට එක්කෝ ඒ සඳහා හැදියාවක් නෑ, එහෙම නැත්නම් ඔහු බෞද්ධයින්ට මඩ ගැහීම සඳහා කොන්ත්‍රාත්තුවක් බාරගත් කෙනෙක්.

          ඉතින් ඉදිරියේදී ඒ පුද්ගලයාගේ කොමෙන්‍ටු පළ කිරීමේදී දැඩි ලෙස පරීක්ෂාකාරී වෙනවා. ආරංචි වුන විධියට ලංකාසීනිවුස් එකෙනුත් එයාගෙ ප්‍රකෝපකාරී කොමෙන්‍ටු තහනම් කරලා.

          Thumb up 4

      • WB

        සහන්
        ඔයාල වගේ වාරිමාර්ග හෝ ඉංජිනේරු යන අංශ දෙකම ගැනම කිසි දැනුමක් ඇති බවක් නොතේරෙන විදිහට මුග්ද වචන ඇද බාන පුද්ගලයින් ගැන මුලින්ම ඇති වෙන්නේ දුකක් සහ කණගාටුවක්
        ඔයා දන්නේ කොහෙන් හරි වෙබ් එකකින් ගන්න දෙයක් මෙතන දාල යන්න විතරනේ
        ඒක තමයි මම මුලින්ම යෝධ ඇළ ගැන කතා කරද්දී EDM වැනි උපකරණ ගැනත් සඳහන් කලේ
        දැන් කාලේ සැටලයිට් තාක්ෂණය උපයෝගී කරගෙන GPS මගින් සිදු කරන මැනුමකදී පහසුවෙන් දුරින් පිහිටි ස්ථාන දෙකක උසෙහි වෙනස හොයන්න පුළුවන්
        ඒ වගේම EDM හෝ එවැනි මිනුම් යන්ත්‍රයක් උපයෝගී කරගෙන මෙවැනි දුර පිහිටි ස්ථාන දෙකක උසෙහි වෙනස මැනීමක් සිදු කරන විට එහි ඇති දුර නිසා එය සිදු කිරීම ගොඩක් අපහසුයි
        එයට හේතුව ප්‍රයෝගික අපහසුතා, නමුත් කොටස් වශයෙන් ගෙන (හිතන්න මීටර 100 යේ කොටස් කියා) කොටසින් කොටස උසෙහි වෙනස සොයමින් එම අදාළ හැතැම්ම 8 හෝ අදාළ දුර ගොස් ආරම්භක ස්ථානයේ සිට අවසාන ස්ථානය අතර උසෙහි වෙනස සොයා ගන්න පුළුවන්
        නමුත් ඔයාල කියන විදිහට එදා වේල කාල හිටපු සිංහලයෝ බෞද්ධයෝ ඒ වගේ හපන්කම් කළා
        ස්ලොප් එක හැම ස්ථානයේම සමානව ඇති වුනේ මේ කියන විදිහට වෙන්න පුළුවන් කියල හිතුවත්, ඔයාගේ බුද්ධිමත් මොළයෙන් හිතන්න(මොකද ඔයා මම වගේ මැට්ටෙක් නෙමෙයිනේ) යෝධ ඇලේ ආරම්භයේ සිට අවසානය දක්වා ස්ථාන දෙකේ උසේ වෙනස අනුව මෙතරම් නිවැරදිව ඇළ කපල තියෙන්නේ කොහොමද කියලා…
        මොකද අතරමග තැනකදී යෝධ ඇළ ආරම්භක ස්ථානයටත් අවසාන ස්ථානයටත් වඩා පහල තැනක් හරහා කැපුවනම් ඇලේ අවසානය දක්වා වතුර ගලන්නේ නැහැ
        එහෙනම් එතනින් වතුර ඒ පහල තැනට ගලාගෙන යනවා,
        හැබැයි ඔයා වගේ බුද්ධිමතෙකුට මේ වගේ සරළ දෙයක් තේරෙන්නේ නැති එක ගැනනම් තියෙන්නේ කනගාටුවක්,
        එහෙම බැලුවහම මැට්ටෙක් වෙන එකත් හොඳයි වගේ
        WB

        Thumb up 4

      • Nayani Ranasingha

        hai Mr Sahan

        Thank god who gave you a nice hand to write,eyes to read!!!!
        he creates all.. all the human beings..

        some are rich …god,s wish
        some are poor..whose wish?
        some have nice jobs..god,s wish
        some are jobless in their entire lives..whose wish?
        some are pretty..god,s wish
        some are looking bad..whose wish?
        some are healthy..god,s wish
        some are patients..whose wish?
        some are wise..god,s wish
        some are mentally retarded..whose wish?
        some have children..god,s wish
        some are fruitless..whose wish?
        some are well built..god,s wish
        some are disable by birth..whose wish?
        some have legs, nice hands..god,s wish
        some are cripples by birth..whose wish?
        some can see,can talk, can hear..god,s wish
        some are deaf,dump blind..whose wish?
        some have long life span..god,s wish
        some die just after a second of their birth..whose wish?
        some criminals are in jail..god,s wish
        some criminals are in palace..whose wish?
        some are fair..god,s wish
        some are black..whose wish?
        some live in cool peaceful countries..god,s wish
        some live with terrible horrible wars..whose wish?
        some have their children..god,s wish
        some lost their children..whose wish?
        some have husbands..god,s wish
        some are widows just after their marriage..whose wish?
        some have nice parents..god,s wish
        some even do not have seen them..whose wish?
        ..
        .
        .
        .
        .there are many many many…
        is this one and only god who makes this much differentiation among humans?
        ohho how terrible.
        is he getting revenge from humans by letting them suffer like this. then your god has no mercy, no limitless kindness..no sympathy upon man kind..

        who the hell worship this god who creates these type of variations????? who gonna trust him?

        can any body answer me ??
        who believe in god …

        Thumb up 2

    • Wickramabahu, මහත්මයා ඔබ “Wickramabahu Karunarathne”ගේ නෑදෑයෙක් නොවේ යැයි සිතමි!!

      ඒකුමක් වෙතත්, ආචාර්ය සුරිය ගුණසේකර මහතාගේ ඔබ කියනා ග්‍රන්ථය මා සතුව ඇත. ඔබ ඉහත කියනා පරිද්දක් “eya pennanawa Egiptuwe minissu adi kaale helicopter, plane hitan haduwalu” ගුණසේකර මහතා කියා නැති බව මාගේ වැටහීමයි.

      නිවැරදි කිරීම1. ගුණසේකර මහතා රු සටහන් ඉදිරිපත්කලද “helicopter, plane hitan haduwalu” “කියා නැතයි” යන්න මාගේ වැටහීමයි!!.

      නිවැරදි කිරීම2. “egiptuwe piramidayakin hamuwu iparani guwan yaana kiyala” මෙහිදී “රු සටහන්” කියන කුඩා වචනය ඔබට, දැනුවත්ව හෝ නොදැනුවත්ව සුරිය ගුණසේකරයන්ගේ වචන වලින් අතුරුදහන්වී ඇත!!!! “රු සටහන්” යන වචන ආචාර්ය සුරිය ගුණසේකරයන් එහි(පිටු අංක 111දී) නොලියා තිබුනානම් ඔබ ඉදිරිපත් කල තර්කය හරි, නමුත් “රු සටහන්” යන වචන ආචාර්ය සුරිය ගුණසේකරයන්(පිටු අංක 111දී) ලියා තිබීම ඔබේ තර්කය වැරදි වෙනවා නේද?!

      Thumb up 2

    • WB

      Wickramabahu
      මම ඔය කියන පොතනම් බලල නැහැ, ඒත් ඒ පොතේ තියෙන්නේ ඇත්ත වෙන්න ඕනේ
      මොකද ඔකේ මුල්ශ්‍ර ගොඩක් මම කියවල සහ බල තියෙනවා
      පිරමිඩ් වල ඇඳලා තියෙන ගුවන් යානා වල පින්තුර පමණක් නොවෙයි, පිරමිඩ තුලින් හමු වූ ගුවන් යානා අනුරුවක් අනුව ප්‍රමානයෙක් විශාල කල(Scale -Up ) ගුවන් යානයක් ඉහල යවා පෙන්වන වීඩියෝ දර්ශනයත් බලපු කෙනෙක්
      ඉතින් ඔයා මේ කියන බොරු තර්ක අහන එකත් තේරුමක් නැහැනේ
      ඒ වීඩියෝ සීරියස් එක කොටස් 6 කින් සමන්විතයි. යුරෝපා විද්වතුන් පිරිසක් විසින් සිදු කර ලෝකය පුරා ප්‍රචාරය කරපු එකක්
      ඒකේ අධික ධාරිතාවය නිසා මට එක මෙතන upload කරන්න බැහැ(4.78GB තියෙනවා)
      ඔයා ඇත්තටම මඩ ගහන්න හදන මනුස්සයෙක් නෙමෙයිනම් Ancient Aliens Season කියල සර්ච් කරලා බලන්න
      ඔයාට ඇත්ත දන ගන්න ලැබේවි

      දැන් ඔය හඳට ගියෙත් නැහැ කියල ගොඩ දෙනෙක් කියන්නේ හේතු සාධක ඇතුවම
      ඉතින් එහෙව් ඒකේ බොරු කිය කිය කෑ ගහන ඔයාල වගේ උදවිය යෝධ ඇලේ කතාවට මොනවා නොකියයිද
      මොකද ඔයගොල්ලෝ පිළිගන්නේ සුද්දෝ ටිකක් ඇවිත් කරන පරීක්ෂණ විතරක් වෙන්න ඇතිනේ..
      නැත්නම් අපේ රටේ දේවල් හැල්ලුවට ලක් කරන්නේ නැහැනේ මේ විදිහට
      ඔයාල ඔය තම තමන්ගේ අධෝ මුක වල හංගගෙන ඉන්න ඔලු ගෙඩි පොඩ්ඩක් එලියට අරගෙන වටපිට බලල, හරියට කරුණු කාරණා කියල තමන්ට තියෙන මොලෙන් තේරුම් ගන්න බලන්න
      එහෙමත් බැරිනම් දන්න කියන කෙනෙක්ගෙන් අහල හරි දැන ගන්න, ඒක ලැජ්ජාවට කරුණක් නෙමෙයි

      Thumb up 2

  • WB

    සහන්
    මට ගැලිලියෝගේ සොයා ගැනීම ගැන කියද්දී වැරදුනා තමයි, ඔව් ඔයා හිතන විදිහට මම මැට්ටෙක් වෙන්න ඇති…
    ඒ උනාට මම ඔයාට මැට්ට කියන්නේ නැහැ…
    මොකද ඔයා බොහොම උගත් පඬිවරයෙක් වගේ තේරෙන නිසා…
    ඇත්තටම මට ආඩම්බරයි සුද්දෝ හදල ගිය ඔයා වගේ උදවිය ගැන… ඔයාල වගේ මිනිස්සු නැත්නම් අපි මේ රටේ මොනවා කරගනීයිද කියල මටනම් හිතා ගන්නවත් බැහැ
    ඒත් දැන් පල්ලියෙන් සහ ක්‍රිස්තියානි උදවිය වෙනස් කරන්න හදන ඉතිහාසයෙන් නෙමෙයි ඇත්ත ඉතිහාසය හැදෙන්නේ
    ඔයා විකි එකේ තියෙන කරුණු ටිකක් මෙතන ඇද බෑවට මටත් ඒ වගේ තව කරුණු මේ අන්තරජාලයෙන්ම හොයල පෙන්නන්න පුළුවන්
    මෙන්න මේ ලින්ක් එක බලන්න
    http://freethought.mbdojo.com/galileo.html

    මේකේ Pope Pius XII ලියල තියෙන කොටසේ එයා ලියල තියෙනවා ගැලිලියෝ පල්ලිය අතින් මැරුණු බවට
    ඔයා සල්ලි දීල ඉගෙන ගත්ත කියල කිව්වට ඔයා කවදාවත් සිංහල බෞද්ධ අපේ ටැක්ස් වලින් මුකුත් අරගෙන නැහැ කියන්න බැහැ
    ඔයා පාරක තොටක ගියත් ඒවා හදන්න වැඩි දායකත්වය සැපයෙන්නේ අපේ රටේ බෞද්ධයෝ අතින්
    ඔයා නැතත් ඔයාලගේ අම්මල තාත්තල හරි අපේ රටේ නිකන් දෙන මොකක්වත් අරගෙන නැති වෙන්න බැහැනේ
    ඔයාට සුද්දෝ හැමදේම ගෙනත් දුන්නේ නැහැනේ

    Well-loved. Thumb up 11

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • විකීපීඩියා කියන්නේ පිළිගත හැකි මූලාශ්‍රයක් තමයි. එහි තිබෙන්නේ බහුතරයක් අන්තර්ජාල භාවිතාකරුවන්ගේ මතයයි. වැඩිපුරම මූලාශ්‍ර තිබෙන මතය තමයි එහි පළ වෙන්නේ. වැඩිපුරම මූලාශ්‍ර තිබීම යනු නිරවද්‍යම වීම කීමට බැහැ.

        Well-loved. Thumb up 7

      • WB

        විකි එක ඕනේ කෙනෙකුට Update කරන්න පුළුවන් මොකක් හරි පොතක නමක් හරි මුලාශ්‍ර විදිහට දාල
        ඉතින් වැඩිපුර ඉන්න ක්‍රිස්තියානි කාරයෝ මොන මොනවා හරි අටවාගෙන පරණ කුණු වහගන්න හදන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ

        Well-loved. Thumb up 10

    • Tsh.frn

      ඔයාගෙ කතාව නම් සහතික ඇත්ත WB

      Well-loved. Thumb up 6

  • psycho sahan

    ඔය සහන් කියන විකුර්ති මනසක් සහිත පුද්ගලයගෙ කිසිම කොමෙන්ට් 1කට වත් පිලිතුරු දෙන්න නරකයි. මිනිහට තියෙන්නෙ බුද්ධාගම් කාරයින් ගැන ඊර්ශාවක්. මොකද මිනිහගෙ මුතුන්මිත්තො තමන්ගෙ ආගම ලාභ සත්කාර වලට පාවා දුන්නනෙ. බැරිද මිනිහගෙ කොමෙන්ට් ඉවත් කරන්න?

    Well-loved. Thumb up 8

    • ඔහුගේ කොමෙන්ට් නොදා සිටීමට අපි වරක් තීරණය කළා, ඒත් මෙහි කොමෙන්ට් කරන වෙනත් උදවිය කියා සිටියා ඔහුව වාරණය කරන එක සුදුසු නෑ කියලා. ඔහුටත් කතා කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. හැබැයි මෙහි පළ කරන කොමෙන්‍ටු වල ප්‍රිය වචනය සහ පුද්ගලික අපහාස උපහාස වලින් තොර වීම ගැන අපි දැඩි අවධානයක් යොමු කරනවා.

      Well-loved. Thumb up 7

  • samitha

    බොහොම හොද පිලිතුරක් රංග මහත්මයා.බොහොම ස්තූතියි.

    Thumb up 3

  • Razak

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • මිතුර,
      බුදු දහමේ පදනම වන්නේ ත්‍රිලක්ෂණය හෙවත්,
      [1] අනිත්‍ය (සියළු දේ වෙනස් වෙන සුළුයි)
      [2] දුක්ඛ (වෙනස්වල සියළු දේ තුළ දුක ඇත)
      [3] අනාත්ම (සදාකාලික පවතින ආත්මය කියා දෙයක් නැත)
      යන තුනයි. ඉතින් මේ තුන බටහිර විද්‍යාවෙන් ඔප්පු කිරීමට අවශ්‍යද? (මෙලෙස නොවන දෙයක් ඔබ ලෝකයේ “දැකලා” තිබෙනවානම් කරුණාකර පවසන්න.) එනිසා බුදු දහම පදනම වෙන්නේ විශ්වාසය මත නොව ප්‍රත්‍යක්ෂය මත බව පැහැදිලි වේ.

      ඕනෑම ආගමකින් සැපෙන් සිටීමට අවශ්‍ය මං පෙත් පවසයි. එනම් යහපත් දේවල් කිරීමයි. බුදු දහමෙනුත් ඒ දේ පවසන නමුත් එලෙස ලබන “ලෞකික සැප” ත් ඉහත දැක්වූ ත්‍රිලක්ෂණය අනුව තාවකාලික බව වටහා දෙයි. එනිසා බුදු දහමෙන් මූලිකවම උගන්වන්නේ නිර්වාණය හෙවත් “ලෝකෝත්තර සැපතයි”.

      කිසියම් දෙයක් හට ගැනීමට හේතුව නැති කළ විට එහි ප්‍රතිඵලයත් නැති වන බව ඕනෑම කෙනෙකුට වැටහෙන දෙයකි. (එලෙස නොවන තැනක් තිබේනම් කරුණාකර දක්වන්න).

      දුක නැති කිරීමටනම් ඉහත දැක්වූ පරිදි අවශ්‍ය වන්නේ ඊට හේතුව නැති කිරීමයි. දුකට හේතුව තණ්හාවයි. (එය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස වර්ග වේ). ඉතින් දුකට හේතුව වන තණ්හාව නැති කළ විට නැවත දුකක් ඇති නොවේ. ඔන්න ඕක තමයි ඉතාම කෙටියෙන් “බුදු දහම”. කිසි සේත්ම විශ්වාසයක් නොවේ. නමුත් මෙය මේ පදනමේ සිට ඉතාමත් ගැඹුරට විග්‍රහ වෙන බවත් එසේම තමන්ගේ ඇති තණ්හාව ඉවත් කිරීම කියන තරම් ලේසි දෙයක් නොවන බවත් තණ්හාව ඉවත් නොකරන තාක් කල් දුකට පත් වෙන බවත් මෙහිදී පැවසිය යුතුයි.

      කෝටියක් සංවර සීලය සමාදන් වෙන්නේ උපසම්පදා භික්ශූන් වහන්සේලායි. උපසම්පදා නොවූ භික්ෂූන් වහන්සේලා සමාදන් වෙන්නේ සාමණේර දස ශීලයයි. (එනම් සිල් දහයයි). මෙම ශීලයේ මූලික අවශ්‍යතාවය වන්නේ තණ්හාව ඇති වීමට හේතූන් වලින් වැළකී නිර්වාණය සෙවීමයි.

      කෝටියක් සංවර සිලය ලෙස “කටවහරෙහි” හැදෙන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේ කෙනෙකුට සමාදම් වීම්ට තිබෙන සිල් 220 , තවත් කුඩා අනුකුඩා ආදී වශයෙන් බෙදී ගොස් ඉතාමත් විශාල සිල් රාශියකට අනුව දිවි ගෙවීමට සිදුවන නිසයි. එහිදී භික්ෂූන් වහන්සේ සමාදම් වෙන්නේ මූල්ක සිල් 220 පමණි. එහි සංයුක්තව ඇති අනෙකුත් සිල් ඉබේම ‍රැකේ. මෙලෙස සිල්වත් උපසම්පදා භික්ෂූන් වහන්සේලා අදටත් ආරණ්‍යවාසීව නිර්වාණය පිණිස කටයුතු කරයි. උපසම්පදා සීලය ඉතාමත් විශාල නිසයි කටවහරෙහි කෝටියක් සංවර ශීලය ලෙස දැක්වෙන්නේ. සිංහල භාෂාවේ “කටවහර” ගැන ඔබ තවත් අවධානය යොමු කිරීම මැනවි.

      පූජ්‍ය තම්මැන්නාවේ ධම්මරතන හිමි මෙලෙස උපසම්පදාව ගැන සඳහන් කර ඇත. උපසම්පදාව වූ කලී ගරු විනය කර්මයෙකි. භික්‍ෂුභාවය අපේක්‍ෂා කරන හෙරණතෙම අධිශීලයට ඔසවා තැබීමෙකි. “උල්ලුම්පතු ම භන්තෙ සංඝො අනුකම්පා උපාදාය” යන උපසම්පදා යාචන වාක්‍යය පිළිබඳව අර්ථය සපයන අටුවා චාරීන් වහන්සේ එය අර්ථ ගන්වන්නේ, මා උදුරාවා, අකුශලයෙන් නැගිටුවා, උදුරවා කුශලයෙහි පිහිටුවාවා, සාමණේර භාවයෙන් උදුරුවා භික්‍ෂු භාවයෙහි පිහිටුවාවා “ යනුවෙනි. මෙයින් පැහැදිලි වන්නේ, අධ්‍යාත්මික පාරිශුද්ධිය පසක් කරගනු පිණිස, අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට ඒ සඳහා පිවිසීමට උසස් ශීලයෙහි අධිශීලයෙහි පිහිටුවීම , ඔසවා තැබීම උපසම්පදාවෙන් සිදු කෙරෙන බවයි. කට වහරෙහි ප්‍රකාශ වන කෝටියක් සංවර ශීලයෙහි පිහිටුවීම නම් මෙයයි. එම ශීලය පිහිටන්නේ ශික්‍ෂාපද කියවීමෙන් නොව, කර්ම වාක්‍ය ප්‍රකාශනයකිනි. එය සංඝ සම්මතයෙන්ම සිදුවීම මෙහි විශේෂත්වයකි.

      ඉතින් එහි ඇති විශ්වාසය කුමක්ද?

      Well-loved. Thumb up 10

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 1

        • බුදුසරණ පත්තරෙන්,
          //තත්වය එසේ තිබිය දී පවා ශික්‍ෂාපද 220 ක් අන්තර්ගත වන භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය, පාරාජිකා, සංඝාදිසේස හා පාටිදේසනීය යන කොටස්හි අතිරේක ශික්‍ෂාපද හතර බැගින් ද පාචිත්තිය 74 කින් ද වශයෙන් භික්‍ෂුණී ප්‍රාතිමෝක්ෂයෙහි දී 304 ක් දක්වා ශික්‍ෂා ගණනින් වර්ධනය වූයේ //
          http://www.lakehouse.lk/budusarana/2008/10/14/tmp.asp?ID=vision05

          ධර්මපර්යේෂණාලයෙන්,
          //උපසම්පදා භික්‍ෂුවකට විනය ශික්‍ෂා පද 220 ක්‌ රැකිය යුතුයි. ඉන් සතර පරාජිකාව ප්‍රබලයි.//
          http://goo.gl/mAUgT

          ඉංග්‍රීසියෙන් බුදු දහම ඇති ලොවම පිළිගත් බෞද්ධ අඩවිය වන බුද්ධනෙට් වලින්,
          //Mahāvibhaṅga which contains rules pertaining to the conduct of bhikkhus and bhikkhunī-vibhaṅga which, as the name denotes, contains rules pertaining to bhikkhunīs. This is the structured on the model of the Mahāvibhaṅga. The main difference between the two is the difference in the number of rules: two-hundred and twenty (220) for bhikkhus and three-hundred and four (304) for bhikkhunīs[13] .//
          http://buddhanet.net/budsas/ebud/ghvin/ghvin01.htm

          ඔබගේ අනෙකුත් තර්ක වලට පිළිතුරු දීම අනවශ්‍ය යැයි සිතේ. සුළු සුළු කරුණු දක්වා සියල්ලම මෙලෙසයි කීම ණුවනැත්තන්ගේ වැඩක් නොවේ.

          Well-loved. Thumb up 8

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 0

        • @සහන් ෆනැන්ඩෝ, මෙතන ඔබටයි ප්‍රශ්නය වී තිබෙන්නේ. මම දක්වා ඇත්තේ මූලිකම විනය නීති ගණනයි. එය 220 ක් ලෙස දැක්වීම සාධාරණ බව පෙන්වීමටයි ඉහත උදාහරණ ටික දැක්වුවේ. එහෙත් එයට අමතර විනය 7 ක්ද ඇතුළත්. කුඩා සහ අනුකුඩා සික්ෂා පදත් ඇතුළත් කළාම ඊටත් වඩා විශාල වෙනවා. එනිසා මෙහි කා අතරවත් කිසිදු පරස්පරතාවයක් නෑ. බුදු දහමේ මූලික පරමාර්ථය වන්නේ සිල් රකිමින් සිටීම නොව වහ වහා නිර්වාණය අවබෝධ කරගැනීමයි. සිල් තිබෙන්නේ ඒ සඳහා උපකාරකයක් වශයෙන් භාවිතා කිරීමට පමණයි.

          //ඕගොල්ලන්ගේ ආගමේ ලෝකු ප්‍රශ්න තියෙනවා කියන්නේ ඕකට. //
          ථේරවාදී ත්‍රිපිටකයේ පරස්පරතා තිබුනා කියල අහල තිබෙනවාද? ඉතින් ලොකු ප්‍රශ්න තිබෙන්නේ කොහොමද? ඒත් ඔබගේ ආගමේ ලොකු ප්‍රශ්න තිබෙන බව ඔබ අමතක කර ඇති බව පේනවා.

          හැමෝම මේ සයිට් එකට ගිහිල්ලා මෙයාලගේ බයිබලයේ ඇති පරස්පරතා ගොඩ කියවල බලන්න. http://www.infidels.org/library/modern/jim_meritt/bible-contradictions.html

          Well-loved. Thumb up 7

        • WB

          සහන්
          ආදම් සහ ඒවගෙන් මිනිස්සු හදුනා කියල පිළිගන්න පුළුවන් කියන්නේ ඒ දෙන්නට දාව උපදින දරුවන්ගේ එක් වීමෙන් ඒ කියන්නේ සහෝදර සහෝදරියෝ සංසර්ගයේ යෙදිලා ළමයි හැදුව කියල පිලි ගන්නවා කියන එකනේ.

          එහෙව් දේව මැවීමක් විශ්වාස කරගෙන සුද්ද දීපු ආගමක් මත්තේ නැහීගෙන තමන්ගේ මුලට පහරන්න හදන ඔයාල ගැන තවත් කුමන කතාද

          එක පාරක් සහන් කිව්වා අපේ ආගමේ හාමුදුරුවන්ට තියෙන විනය පද නිකන් පොඩි ළමයින්ට අම්මල උගන්වන ඒවා වගේ කියලා
          ඔව් ඒක ඇත්ත, ඒත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියක හැදිච්ච අම්ම කෙනෙක් උගන්වන විදිහ
          ඔයාල දැන් ලොකුවට සුද්දගේ ආගමට කඩේ ගියාට දැනට ඕනෙනම් උපරිම පරම්පරා හතර පහකට කලින් ඔයාලගේ පරම්පරාවත් සිංහල බෞද්ධයෝ වෙන්න ඇතිනේ
          අවුරුදු 100 ක් 200 ක් ක්‍රිස්තියානි වෙලා හිටියට අවුරුදු දහස් ගනකදී ඇති වෙච්ච පුරුදු ජාන මගින් ඉදිරියට යනවා, ඒ වගේම රටේ බහුතරය වන බෞද්ධයෝ හොඳ වත් පෙත් පිලිපදිද්දී ඔයාලටත් ඒවා පිළිපදින්නේ නැතුව ඉන්න බැරි වෙන්න ඇති
          ඉතින් ඒ පුරුද්දට සිංහල ක්‍රිස්තියානි අම්මලත් තමන්ගේ දරුවන්ට ඔය හොඳ දේවල් උගන්වනවා
          ඔයාලට අපිට ඒ ගොඩක් හොඳ පුරුදු ආවේ බුද්ධාගම හරහා

          (ඒ විතරක් නෙමෙයි අපේ රටේ ඉන්න සමහර ලෙබ්බෙල(අර TV එකට ඇවිත් බන එහෙම කියන මනුස්සය) කියනවා එයාලගේ ආගමේත් සත්තු මරන්න කියල නැහැ කියලා, ඒත් සව්දියේ ඉන්න සව්දි හරි ඉන්දියන් හරි මුස්ලිම් ආගම කෙල පැමිණි අයගෙන්(මුතව්වෝ) ඔව්ව ඇහුවහම උන් කියන්නේ එහෙම නැහැ සත්තු ඉන්නේ අපිට කන්න කියලා
          ඒකෙන් තේරෙනවා නේද බහුතර මතය නිසා ඇති වන ලජ්ජාවට අපේ රටේ ඉන්න ලෙබ්බෙල එහෙම කියන්න ඇති කියලා)

          එහෙම නැත්නම් ඔයාට, ඔයාගේ අම්ම, සහෝදර සහෝදරියෝ එක්ක සුද්දෝ කරනවා වගේ එකට හෙලුවල්ලෙන් කොහේ හරි බීච් එකක නාන්නත් ලැජ්ජාවක් නැති වෙන්න ඕනිනේ,
          එහෙම කරන්න බැහැ කියල ලජ්ජා හිතෙනවනම් එහෙම හිතෙන්නේ ඔයාලගේ ඇඟේ තියෙන සිංහල බෞද්ධ හැදියාව නිසා

          අනික ඔච්චර හොඳ පුරුදු තියෙන සුද්දෝ(බහුතරයක්) වැසිකිලි ගිහින් ඉවර වෙලා පුක හෝදන්නේ නැහැනේ, ටිෂු එකකින් පිහිදාගෙන එනවා
          එහෙම පිහිදාළ ඇතියි කියල උන් හිතනවානම් උන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ අතක වැරදීමකින් හරි ගෑවෙන මළපහ ටිකකුත් ටිෂු එකකින් පිහි දාගෙන නතර වෙන්න

          එහෙම දෙයක් උනොත් එයාල රටේ ලෝකේ නැති දේවල් දාල අත් සොදන්නේ, ඒකෙන් පේනවනේ උන්ගේ පිරිසිදු කමත්
          පස්සට එකක් අතට එකක්

          ඒ වගේම ඔයා තේරුම් නොගත්තට බුදු හාමුදුරුවෝ ඔය කරුණු දේශනා කලේ තමන්ගේ මුල් සංග සමාජය සහ මතු ඇති වෙන සංග සමාජය ගැන සලකලා, ඒ කාලයේ පවතී සමාජ වටපිටාව පුරුදු ගැනත් මෙතැනදී අනිවාර්යයෙන්ම සලකන්න ඇති

          බුදු හාමුදුරුවෝ ඉපදෙන්න බොහෝ කාලයකට පෙර ඉඳල ඉන්දියාවේ තිබුනේ හින්දු ආගම, බමුණු මත මුල් බැහැ ගත්තු සමාජයක්
          අදටත් ඉන්දියාවේ බහුතරයක් හින්දු, එතකොට බෞද්ධාගමේ මුල් සාමාජිකයෝ වැඩිපුර සමන්විත වෙන්නේ මේ අයගෙන්

          මම ඒ මිනිස්සු එක්ක එකට වැඩ කරන හින්ද දන්නවා ඔය කලින් කියල තිබුණු බොහොමයක් දේවල් එයාල කරනවා

          කවුරු හරි කන දිහා බලන් ඉන්න ඒක, කෑම දිහා බලල කෙළ ගිලින ඒක, කෑම කාල ඇඟිලි ලෙව කන ඒක, මුළු අතම කට ඇතුලට දාල බත් කන එක, බල්ලෝ බත් කනවා වගේ චක චක ගගා කන එක…

          තව කොතෙකුත් දේවල්, (එහේ විතරක් නෙමෙයි ලංකාවෙත් හරියකට අම්මලාගේ මග පෙන්වීම නැති වෙච්ච උදවිය එහෙම කරනවා)

          ………………………………………………..
          මගෙත් එක්ක එක රූම් එකක කේරල ක්‍රිස්තියානි කොල්ලෙක් හිටියා, ඌ මට වැඩිය අවුරුදු දෙකක් විතර පරණයි
          ඌ කාමරේ ඇතුලේ කෙළ ගහනවා, බත් එහෙම කාල ඉතුරු වෙන ඉඳුල් කඩදාසි බත් කොළ හැම දෙයක්ම ගුලි කරලා මේසෙ යටට දානවා
          අඳින ඇඳුම් හෝදන්නේ නැතුව කාමරේ මුල්ලකට විසි කරලා දාල පස්සේ ආපහු අරගෙන ඇඳගෙන යනවා
          එපා කිව්වට වැඩක් නැහැ, ඒ කරුමේ මම මාස එකහමාරක් වින්දා..

          (ලංකාවේදී මම හොස්ටල් වල, බෝඩින් වල විවිධාකාර මිනිස්සු එක්ක නතර වෙලා ඉඳල තිබුනත් මේ වගේ මිනිහෙක්ව කවදාවත් හමු වෙලා නැහැ)
          ………………………………………………………
          ඉතින් ඉන්දියාවේ ඔය වගේ නොපහන් ගති පුරුදු තියෙන මිනිස්සු ඒ කාලෙත් ඉන්න ඇති

          ඔයාලට තියෙන්නේ සිංහල බෞද්ධ පුරුදු… ඒකයි ඔයා මේවා සාමාන්‍ය ඇහින් දකින්නේ

          ඒවා හැමතැනටම පොදුනම් ඇයි ඒවා ඉන්දියාවේ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි මිනිස්සු අතරේ, සව්දියේ මුස්ලිම් මිනිස්සු අතරේ මේ කියන හොඳ පුරුදු නැත්තේ

          (සව්දියේ මිනිස්සු බත් කන්නේ අතේ මැදටම අරගෙන ගුලි හදලා, ඒවා දැක්කහම අපේ රටේ අවරුදු දෙකක විතර පොඩි උන් කන හැටි මතක් වෙනවා)

          ඇයි ඔයාල සුද්දෝ වගේ දරුවොයි අම්මලයි එකට හෙළුවෙන් නාන්නේ නැත්තේ, ඇයි සුද්දගේ විදිහට පස්ස පිහිදාගෙන විතරක් එන්නේ නැත්තේ

          හිතන්න යම් පිරිසක් එක්කාසු කරගෙන යම් අරමුණක් කරා යද්දී ඒ අරමුණට බාධා වෙන පොඩි හරි දෙයක් තියේනම් ඒක ඉවත් කරන්න ඕනේ

          ඉතින් ඒ නිසා යම් කැත ගති තියෙන එක් අයෙක් වෙනුවෙන් පවා එසේත් නැත්නම් එවැන්නන් මතු අනාගතයේදීත් ඇති වෙතයි සිතා පවා විනය කරුණු ලියවෙන්නට ඇති

          එහෙම නැතුව දවසින් දවස වෙනස් වන විදිහට නෙමෙයි බුද්ධාගම දේශනා කලේ, හැමදාටම ගැලපෙන විදිහට

          ඉතින් එහෙව් බුද්ධාගමෙන් කීකරු වෙච්ච සමාජයක තියෙන යහපුරුදු සාමාන්‍යය විදිහට අරගෙන ඒ පුරුදු ඇති කරවන්න මුල් වූ බුද්ධාගමටම ගරහන්න හදන එක, කන බත් පතේ පහරවාටත් වඩා අමන වැඩක් නොවේද සහන් මහත්තයෝ…

          Thumb up 5

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • නුවන්

        ඔච්චරම හොයල කියවන එකේ.. බුදු රජාණන් වහන්සෙගේ ගුණත් හොයල බලන්නකෝ..සාමාන්‍ය කෙනෙක් කිවෙ මනුස්ස නිසා..බුද්ධත්වයට පත් උනේ දෙවියන්ගෙන් ලැබුන දෙයකින් නෙවි..සන්සාරයේ පුරුදු කරපු පාරමිතා නිසා.. දෙවියන්ගේ පුත්‍රයෙකුත් නෙවි.. ඔයාලගෙනෙ වර්ණනාව..මලවුන්ගෙන් නැගිට්ටලු..ලෝකෙ මැව්වෙ දෙවියොලු.. මිනිස්සු ඇති උනේ ආදම් හා ඒවා ගෙන් ලු..මැවිම් වාදය බොරු කියල ඔප්පු කරලත් ඉවරයි…

        Well-loved. Thumb up 8

      • Tsh.frn

        ඔහොම බැලුවම හොඳ පාදිලි උන්නාන්සේලත් ඇති 2% ක් විතර.අනිත් ඔක්කොම තුට්ටු දෙකේ මිනිස්සු.අපිත් ඔය තුට්ටු දෙකේ පාදිලි උන්නාන්සේලා පයිසෙකට ගනන් ගන්නෙ නෑ.

        කතෝලික සහෝදරයිනි ඉහත කියමන මා විසින් සදහන් කරනු ලැබුවේ සහන් සහෝදරයා විසින් කරනු ලැබ ඇති අපහාසයට පිලිතුරක් වශයෙන් පමනක් බව සැලකුව මැනවි.
        එක් පියතුමෙක් කරනලද වරදක් දැකීමෙන් පමනක් සියලුදෙනා එසේයැයි පැවසීමට තරම් අපි මෝඩයින් නොවෙමු.

        Thumb up 4

      • eBuwa

        It always amazes me how many times this God orders the killing of innocent people even after the Ten Commandments said “Thou shall not kill”.

        For example, God kills 70,000 innocent people because David ordered a census of the people (1 Chronicles 21). God also orders the destruction of 60 cities so that the Israelites can live there. He orders the killing of all the men, women, and children of each city, and the looting of all of value (Deuteronomy 3). He orders another attack and the killing of “all the living creatures of the city: men and women, young, and old, as well as oxen sheep, and asses” (Joshua 6). In Judges 21, He orders the murder of all the people of Jabesh-gilead, except for the virgin girls who were taken to be forcibly raped and married. When they wanted more virgins, God told them to hide alongside the road and when they saw a girl they liked, kidnap her and forcibly rape her and make her your wife.
        Just about every other page in the Old Testament has God killing somebody.
        In 2 Kings 10:18-27, God orders the murder of all the worshipers of a different god in their very own church!
        In total God kills 371,186 people directly and orders another 1,862,265 people murdered.
        The God of the Bible also allows slavery, including selling your own daughter as a sex slave (Exodus 21:1-11), child abuse (Judges 11:29-40 and Isaiah 13:16), and bashing babies against rocks (Hosea 13:16 & Psalms 137:9).

        Thumb up 1

  • WB

    මේ සහන් කියන පුද්ගලයා ක්‍රිස්තියානිනම් ඇයි එයා මේ අපේ බුද්ධාගම ගැන මෙච්චර වධ වෙන්නේ, ඇයි එයා බුද්ධාගමටවත් එන්නද,

    ඒ මනුස්සය ක්‍රිස්තියානි කාරයින්ගේ ගොඩක් ගුණ වර්ණනා කරලා තිබුනා මම දැක්ක…
    ඔව් දැනට ලෝකේ පාවිච්චි වෙන ගොඩක් දේවල් නිර්මාණය කලේ ක්‍රිස්තියානිය අදහන රටවල් වල මිනිස්සු, ඒක ඇත්ත

    එහෙම ඒ මිනිස්සු දියුණු උනේ ක්‍රිස්තියානිය නිසාමනම් ඇයි ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි මිනිස්සු සිංහල බෞද්ධයින්ට වැඩිය දියුණු වෙලා නැත්තේ
    යුරෝප් වල මිනිස්සු ක්‍රිස්තියානි ආගමේ නාමයෙන් පල්ලියේ නමින් ගිහින් අනිත් රටවල් මංකොල්ල කාල දියුණු වෙලා ඉන්නවා තමයි
    ඒ වගේම ක්‍රිස්තියානි කාරයෝ හැමදාම වෛර කරන ජුස් කාරයෙක් වෙච්චි ඇල්බට් අයින්ස්ටයින් වගේ මිනිස්සුන්ගේ දැනුම යොදා ගත්තේ නැද්ද…
    උන් දියුණු උනේ එහෙම, එහෙන් මෙහෙන් අහුලා ගත්තු හොරකන් කර ගත්තු හැම දේම යොදවලා උන් දියුණු උනා…

    දැන් ඔයත් ක්‍රිස්තියානිනේ,
    ඔයාල සිංහල බෞද්ධයින්ට වැඩිය දියුණුද….? ඔයාල යමක් නිෂ්පාදනය කරලා තියෙනවද…? නැහැ නේද, ඔයාල ලංකාවේ ඉඳල හොයා ගත්තු තාක්ෂණයක් තියෙනවද
    ඒකෙන්ම පේනවා නේද ඕක ඇවිල්ල මේ ආගමත් එක්ක සම්බන්ධයක් නැති බවට
    එහෙමනම් ලංකාවේ ඉන්න ක්‍රිස්තියානි මිනිස්සු මේ වෙද්දී නිකන් සුද්දෝ වගේ ඉන්නකොට, අපි සිංහල බෞද්ධයෝ ටික ඉන්න ඕනෙ වැද්දෝ වගේ…
    ඔයත් මේකෙම වැටිලා ඉඳගෙන ඒ වලේම ඉන්න අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරලා සිඟිති ආතල් එකක් ගන්න පොඩි ළමයෙක් වගේ කියල තමයි මට පේන්නේ

    අනිත් එක ලෝකය ගෝලාකාරයි කියල කිව්වා එකට ගැලිලියෝව එල්ලලා මැරුවෙත් ඔය පල්ලියම නේද, එතකොට ක්‍රිස්තියානි කාරයින්ට තාක්ෂණ දියුණුව, නව සොයා ගැනීම් වහ කදුරු වෙලා තිබුනේ ඇයි
    (මට මතක විදිහට දැනට අවුරුදු කීපෙකට කලින් ඔවුන් ඒකට සමාව ඉල්ලුවා, ලැජ්ජාව වහ ගන්න)
    සහන්,
    එක විකල්පයක් තියෙනවා ඔබට කරනවානම්, ඔයාටත් මේ රට නරකනම්, ඔයා අර එක තැනක් කියල තියෙන විදිහට හොඳයි කියල හිතන රටකට යන්න පුළුවන්නේ
    ඔයා මේ වෙනකන් වැඩිපුර ඉන්න සිංහල බෞද්ධයින් ගෙවපු Tax වලින් නොමිලේ ඉගෙන ගත්ත කියන එකත් අපි හිතන්නම් දානයක් දුන්න කියලා
    ඒත් එහෙම යන්න ගියාමත් ඔයා ක්‍රිස්තියානි කාරයෙක් කිව්ව පලියට එහෙට වැද්ද ගන්න නැහැ
    ඔයාට හොඳ අධ්‍යාපනික පසුබිමක් තියෙන්න ඕනෙ, ඔයාව එහෙට වටින්න ඕනෙ
    බෞද්ධයින්ගේ කුණු හොයා හොයා ලංකාවට වෙලා හිටිය කියල කිව්වට ඔයාව එහෙට ගන්න එකක් නැහැ

    ලංකාවේ බුද්ධාගම හරහා ගොඩ නැගුනු සංස්කෘතියකින් අපේ රට කොච්චර දියුණු වෙලා තිබුනද කියල ඔයාට දැන් මතක නැතුව ඇති
    හැතම්මකට බැස්ම අඟලක් වෙන්න කපපු යෝධ අල ගැන අහල තියෙනවද
    ඒක කැපුවේ ඔය දැන් කාලේ තියෙන EDM , Satellite එහෙම පාවිච්චි කරලා නෙමෙයි
    ඒ වගේම ඔයා දැන් කාලේ තියෙන ඔය කියන සුද්දෝ නිපදවාපු මිනුම් යන්ත්‍රයක් අතින්වත් අල්ලලා තියෙනවනම් තේරෙයි එච්චර අතීතයේදී අපේ රටේ සිංහලයින් කරපු දේවල වටිනාකම
    ඒක ඔය EDM එකකින් පවා කරන්න ලේසි නැහැ, සමහර විට කරන්න බැරි වෙන්නත් පුළුවන්.

    ජය වේවා
    WB

    Well-loved. Thumb up 13

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • Tsh.frn

      සහන් සහෝදරයා ඔයා මේකෙ කියල තියන එක දේකටවත් මං එකඟ නෑ.
      මොකද මං ඔය කියුව හැමදේම ගැන හිතලයි මගේ ප්‍රතිචරය දැම්මේ.
      මං කතා කරන්නෙ අදාල ක්ෂේත්‍රයේ උපාධියක් ගත්ත ඒ ක්ෂේත්‍රයේම රැකියාවකට ආව ගෞරව සාමාර්ථයක් තියන;කිසිම ප්‍රායෝගික දැනුමක් නැති සහ ගෞරව සාමාර්ථයක් නැති වුනත් හොඳ ප්‍රායෝගික දැනුමක් තියන හරි හොඳ ප්‍රායෝගික දැනුමක් විතරක් තියන දෙන්නෙක් ගැන.එතකොට කාව තෝරගනී කියලද හිතන්නෙ? මං එකඟ නොවුනෙ විභාග තමයි දැනුම මනින හොඳම ක්‍රමය කියල කියුව දේත් එක්ක.මුළු අවුරුද්දක් ඉගෙන ගත්ත දේවල් පැයකින් නැත්නම් දෙකකින් මනින්න පුලුවන්ද?මං බයනැතුව කියනව විභාග හොඳට සමත් වෙන්නෙ හොඳට කටපාඩම් කරන්න පුලුවන් කෙනා.මගේ අත්දැකීමෙන් මං කියන්නෙ. මට වඩා විෂය ගැන දන්න අය විභාගය අසමත් වෙද්දි මං සමත් උනේ මං ප්‍රශ්න ටිකයි උත්තර ටිකයි සටහන් ටිකයි කටපාඩම් කරපු නිසා.මට විභාගෙට පරීක්ෂා කරපු දැනුම වත් නෑ. :) ඔන්න ඕකයි ඇත්ත සහෝදරයා.

      ඒ වගේම
      ‘අර මේ රටේ උනිවෙර්සිටීස් වහන්ඩ ඕනේ, ඔවා කිසි වැඩක් නැහැ කියන නලින් ද සිල්වාගේ පුතත් මේ උනිවෙසිට්ය් එකකින්ම ඩිග්‍රී තියෙනවා. දැන් දුවත් මොරටුව යනවා. ඕගොල්ලොන්ට වෙලා තියෙන්නේ නලින් ද සිල්වාට කඩේ ගිහිල්ල මොලේ අවුල් වෙලා තියෙන්නේ. අපිත් කාලයක් ඔයා මනුස්සය කියන දේවල් වලට රැවුටුන. හැබැයි දැන් දන්නවා කවුද මෑන් කියල.’
      මං මේ කියන කතාවටත් එකඟ වෙන්නෙ නෑ මොකද මට ‘නලින් ද සිල්වා’ කියන මහත්මයාගෙ මතවාද ගැන කිසිම අදහසක් නෑ.
      එහෙම බැලුවම මට හිතෙන්නෙ ඔයාට තියෙන්නෙ ඒ මහත්මයගෙ අදහස් ගැන, ඒ අදහස් වලට ගරුකරන අය ගැන ප්‍රශ්නයක් මිසක් බුදුදහම ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියලයි.

      Thumb up 1

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 0

        • Tsh.frn

          සහන් සහෝදරයා ඔයාට හරි ඉක්මනට ඔයා කියුව දේවල් වගේම අනිත් අයගෙ පිළිතුරුත් අමතක වෙන ස්වභාවයක් තියනවා කියලා මට පේනවා.
          මං හිතන්නෙ මට මගේ ළමයින්ට උගන්වන්න ඕන විදිහ කියල දෙනවට වඩා ඔබතුමා මනෝ වෛද්‍යවරයෙක් බැහැ දැකලා තමන්ගෙ අසනීපය හොඳ කරගත්ත නම් හොඳයි.
          හික් හික් :D

          Thumb up 5

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 0

  • IH Sirisena

    1.budu dahama aagamak nove.budu dahama lokaye yatharthayai
    jeevithya gena prasnayak nethi minissunta dharmayak avasya netha.a nisa meke comments dapu samahara ayage prakasana vihilu pamanai
    sahan fernando vage ayata kiyanna thiyenne essella dharma mokakda kiyala danna kenekugen aha ganna eeta passe comment karanna obage nodeneema gena kanagatui.buddha dharmaya kiyanne deviyan edaheema vage andha vivasayak novei.meka prayogika dahamak thaman thulin dekiyaheki dahamak.hodiye panthiye lamayekuta einstein ge sameekaranaya kiyadenna behe sahan fernando ta kiyannathiyenne echcharai eka nisa oyata malli kiyannavath vatinne nehe kathakaranna oona nam teliphon no.eka evanna.

    Thumb up 0

  • Thel weda

    Sinhala buddayin kiyanne nikan kata witharak thiyena kisi wadak bari minissu tikak. me rate hati balanda, nikan kunu godak. aprikawata wada tikak hondayi. buddhagama karayinge thiyenawa maanaya. egollo hithanne egolonge agama thamayi honda kiyala. habayi egollanta therenne naha anith hama aagama karayekma hithenne ehema kiyala. lankawe hamuduruwo avilla bagayakma horu, naththan nikan pansalak asse gihi jiwithayak geniyana minissu tikak witharayi.

    Thumb up 1

    • Tsh.frn

      @ thel Weda

      ‘Sinhala buddayin kiyanne nikan kata witharak thiyena kisi wadak bari minissu tikak. me rate hati balanda, nikan kunu godak. aprikawata wada tikak hondayi.’

      අනේ ඇයි ලංකාවට බැන බැන මෙහෙටම වෙලා ඉන්නෙ? ඔය දියුණුයි කියන රටකට වෙලා සුව පහසුවට ඉන්න එකනෙ ඇත්තෙ.ඒක කරගන්න සල්ලි නැති නිසාද මෙහෙට වෙලා දුක් විඳින්නෙ?පව් ඔයලා. අපිට දුකයි ඔයලා වගේ අය ගැන.:P

      අනික අපේ හමුදුරුවරුන්ගෙ විතරද අඩුපාඩු තියෙන්නෙ.ඔයාලගෙ පල්ලියෙ පූජකතුමෙක් කරපු දේවල් ගැන මාධ්‍ය වලින් පහුගිය දවස් වල කියුව දේවල් ඔච්චර ඉක්මනට අමතක උනාද ඔයාට?

      හැමතැනකම හොඳ නරක දෙකම තියනවා.ඒක තේරුම් ගන්න.

      Thumb up 5

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • පොඩ්ඩක් හෝව්, “ෆැමිලි ෆනෑන්ඩෝ” කියලනෙ ඒ වෙබ් සයිට් එකේ නම තිබෙන්නේ. ඒ කියන්නේ ඒ සයිට් එක සහන් ෆනැන්ඩෝගේ පවුලේ හෝ නෑ කෙනෙකුගේ වෙබ් සයිට් එකක්වත්ද? අමනාප වෙන්න එපා එහෙම ඇහුවට, දන්නෙ නැති නිසයි ඇහුවේ.

      Well-loved. Thumb up 8

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • කිරි කලයට ගොම බිංදුවක් වැ‍ටුන වගේ තමයි.
        හැබැයි ඉතින් ඔයිට එහා ගිය දේවල් ගැන ලයිස්තුවක් වතිකානුව සම්බන්ධයෙනුත් ඕනැනම් මූලාශ්‍ර සහිතවම දක්වන්න පුළුවන්.
        එනිසා වර්තමානයේ ආගම් අදහන පුද්ගලයන්ගේ හැසිරීම අනුව එම ආගම් විවේචනය කිරීම සුදුසු නැහැ.

        Thumb up 4

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • sinhala

      sahan boru kiyanna epa papatharaya.mama melbourne wala .LIN GEMBO.thamuse kohomada kiyanne melbourne christian city ekak kiyala.web site wala tiyana ewwa copy paste karannatuwa innawa baalayatamuse hitanne melbourne christian kiyalada?multicultural cities wala ehema naha harida.bahutaraya aagam adahanne naha.mehe church awwata wassata weelenwa.un meeta awrudu 200kata pera me ratata awilla mehe unna niyama australians la ,e kiwwe ABORIGIAL la sahamulinma wanda karanna katayutu kala.un me jaatiya unge aya samaga mix kala.ekata kiyanawa STOLEN GENERATION kiyala.christiyani……gon katha kiyannatuwa hitahan…

      Thumb up 3

  • සරත් ගුණතුංග

    රංග ජයවර්ධන මහත්මයා, අපට බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා මෝඩයින් සමග වාද කිරීමෙන් කිසිම පලක් නැහැ කියල. බුද්ධාගම ගැන ඔබත් මමත් දෙදෙනාම හොඳට දන්නවා. අපේ ස්වාමීන් වහන්සේලා පිලිබඳව ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් පවසන්නට පුලුවන්. අපට කටවල් නවත්වන්න බැහැ. සංඝයා වහන්සේ කියන්නේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන බෞද්ධාගම ආරක්ෂා කරන යම්කිසි පූජණීය පරම්පරාවක්. උන්වහන්සේලා ආත්ම පරිත්‍යාගයෙන් යුතුව බුද්ධාගම එක් එක් කාලවලදී රැක ගත්තා.පෘතිගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විදේශීයයන් මේ රටේ ජනතාව මුලා කොට ඔවුන්ගේ ආගමට ලාංකිකයන් හරවා ගත්තා. ඒ මිනිස්සු අපේ සංඝයා වහන්සේලා කී දෙනෙක් ඝාතනය කරාද? ආගමික වශයෙන් සමාදානයෙන් ජීවිත විනාශයක් නොකල එකම ආගම අපේ බුද්ධාගමයි. ඒ බුදුදහමේ ඇති පරම පූජනීය ගුණය, අවිහිංසක ගුණය නිසයි. පුද්ගලික වශයෙන් සමහර ස්වාමීන් වහන්සේලා අතර යම් යම් වැරදි තියෙන්න පුලුවන්. ඒවා පිලිබඳව ක්‍රියා කිරීම ගිහියන්ට අයිති වැඩක් නොවෙයි, ඒවා පිලිබඳව ක්‍රියා කිරීම සඳහා සංඝ සභාවල් තියෙනවා. ඒ වගේ මූලධර්මවාදී ආගම් වලත් මීට වඩා දරුණු දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් පිට රටවල කතෝලික පල්ලියේ සිදුවන දේවල් අවුරුදු ගනනක් යට ගැහුවා. දැන් තමයි ඒව එලියට එන්නෙ. අපි ඒව පිලිබඳව විශාල සද්දයක් කරන්නෙ නැහැ. අපිට ඒව අවශ්‍ය නැහැ. නමුත් අතේ පොල් පරාල තියාගෙන අනිත් මිනිස්සුන්ගෙ ඉරටු කූරු ගැණ වාද කිරීම නම් සුදුසු නැහැ.

    සංඝයා වහන්සේලා ගේ ගුණ නවයක් බුදු රජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනව. ඒ ගුණ එදා වගේම අදටත් වලංගුයි. අදටත් භක්තියෙන් යුතුව නිතර දෙවේලේ මෙනෙහි කලොත් එදා වගේම අදටත් පිහිට ලැබෙනව. අද බොහෝ දෙනෙකුට නැත්තේ ඒ භක්තිය පමණයි.

    මහත්මයා, මම ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ ඒ පාසලේ ස්වර්ණමය යුගයේ නොව ඊට ප්‍රථමයෙන්. අපට අන්‍යාගමික විද්‍යාල වලින් නොයෙක් කෙනෙහිලි මතුවුනා. අපි දියතලාවේ ශිෂ්‍ය භටයින් වශයෙන් ඉලක්ක වෙඩි වලින් දිනාගෙන එනකොට, (these are real veddhas, shooting very well ) වශයෙන් ආඩාපාලි අසන්න වුනා. අපිට අවවාද දුන්නේ අපවත් වූ කොටගම වාචිස්සර හිමි. අසන්න ලැබෙන කෙනෙහිලි උපේක්ෂාවෙන් ඉවසන්න, යනු ඒ අවවාදයයි. එතකොට ලංකාවේ හමුදාවල උසස් නිලධාරීහු සියල්ලම වාගේ අන්‍යාගමිකයෝ. මෙත්තානන්ද මහත්මයා ගිහින් ඩඩ්ලි සේනානායක මහත්මයාගෙන් ඇහුවා ආනන්දෙ ලමයින්ට තැනක් නැද්ද කියල. එතකොට තමයි ඩඩ්ලි මහත්මය දැනගත්තෙ මෙහෙම අසාධාරණයක් රටේ වෙන බව. ඊට පස්සෙ තමයි ආනන්දෙ ලමයි හමුදාවට එහෙම ගත්තෙ. හැමිල්ටන් වනසිංහ, රොහාන් දලුවත්ත, ආදී හමුදා නායකයින් ආවෙ ඊට පස්සෙ. මෑත ඉතිහාසය ඔබ සැවොම දන්නව නේ. අපට අන්‍යාගමිකයන්ගෙන් එදා එහෙමයි, අද කියල වෙනසක් නෑ වාගෙයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!

    Well-loved. Thumb up 8

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

    • Priyantha Liyanage

      ඔබතුමා 200% නිවෑරදියි. මමත් බොහෝ වෙලාවට සමහරුන්ගෙ කොමෙන්ටු කියවන්න මහන්සි වෙන්නෙ නෑ. ඒ වෙලාවෙ වඩා වෑදගත් දෙයකට හිත යොදනවා. මහ කාශ්යප මහ රහතන් වහන්සේගෙ චරිත කතාව ඈහුවාම කොතරම් ශ්රද්ධාවක් ඈති වෙනවද? බුදු පියානන් පරිහරනය කල චීවරය දරාගන්න තරම් වාසනාවක් තිබුන එවන් උතුමන්ගේ පරපුර පින්කෙතක් කියලා බුදුපියානන් වහන්සෙම වදාලේ අපට පින් නෑමති බීජය වපුරගන්න එවෑනි තෑනක් තව නෑති නිසානෙ. අප්පමාදෝ අමතපදං

      Thumb up 4

    • සරත් ගුණතුංග මහත්මයා, ඔබතුමාගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

      Thumb up 2

  • Bindi

    හාමුදුරුවරු අතින් වැරදි වෙන්න පුළුවන් . ඒත් අපි ගරු කරන්නේ සංගයා වහන්සේලාට . ඒ තෙරුවන්ගෙන් එක රුවනක් . මේ හාමුදුරුවෝ සිල් රැක්කද..කියල හිත හිත වද වෙනවා කියන්නේ අපි හිත කිලිටි කර ගැනීමක් .

    සෙන් කතාවක් මතක් වුනා . ගුරු ගෝල දෙනමක් ගමනක් යද්දී රූබර කාන්තාවක් ගඟකින් එගොඩ වෙන්න බැරුව ලත වෙනවා . ගුරු හාමුදුරුවෝ ඒ කාන්තාව කරතබාගෙන ගඟෙන් එගොඩ කළා . අයව බිම තියල දෙන්න තමන්ගේ ගමන යනවා . ගෝල හාමුදුරුවෝ ටිකක් දුර ගියාට පස්සේ අහනවා ”ඔබ වහන්සේ කල දේ හරිද . අයව කර තබාගෙන යාම වැරදි නේද ”

    එවිට ගුරුතුමා ..” මානම් ඇයව බිම තිබ්බා . ඔබ තවම ඇය කර තබාගෙන වගේ .”

    අපේ ගේ ළඟ වෙලා අයිනේ කෙනෙක් තෑගී දීපු ඉඩමක අලුතින් පන්සලක් හදාගෙන ස්වාමින් වහන්සේ නමක් පදිංචි වුනා . අපේ අම්ම තමයි මුලින්ම දානේ දුන්නේ . බොහොම පහුවෙලා සෙනග ටික ටික එන්න පටන් ගත්තේ . එතුමන් කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක උගන්නලා විශ්‍රාම ගිහින් හිටියේ . වරක් අසනීප වෙලා රෝහලේ ඉදිද්දීත් මම හැකි පමණ උදව්ත් කළා . පස්සේ කලෙක අපේ පුංචි ඉඩමින් පන්සලට යන පාරට වංගුවක් ඉල්ලද්දී එකත් දුන්නා . ඊටත් එහා ගිහින් පාරත් පළල කරගන්න ඕනය කියද්දී නම් අපිට කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ . ඔය මොන ප්‍රශ්න ආවත් අපේ අම්ම තවම දානේ දෙනවා . අපි සලකන්නේ සාසනේට . දැන් දෙන්නේ සඟ රුවනට . පුද්ගලයෙක්ට නෙමේ . අනික මෙහෙමවත් නැත්නම් රටින් බුද්ධාගම නැතිම වෙලා යයි. සමහරු නම් කැමති වෙයි.

    සිද්ධියක් වුනහම ඒ වෙලාවට ඒ ඒ හාමුදුරුවන්ව විවේචනය කලත් පොදුවේ සාසනයට ම චෝදනා කරන එකට මා අකමැතියි . ඔවුනුත් මනුෂ්‍යයින් නිසා වැරදි වෙනවා . ඒ අතින් අපේ රට කොයිතරම් හොඳද . නිතිය ඉදිරියට හාමුදුරු කෙනෙක් ගේන්න බැරි කමක් නැහැනේ වැරදි නම් . ඒත් මුලධර්මවාදීන් ඉන්න රටවල ඒ සෙල්ලම් බැහැ .

    දහම් පාසලින් මා උගත් දේ බොහොමයි . ගැඹුරු අභිධර්මය වැටහුනේ නැතත් සමාජයේ හොඳ නරක වටහා ගන්න හැකිවුනා . ඒවගේම ඉතිහාසය .සාහිත්‍ය ,කලාව ඇසුරු කරන්න හැකිවුනා . දහම් පාසැල තිබුනෙත් පන්සලෙනේ . ඔය මොනවා කිව්වත් බෝ මළුවේ සුදුවැල්ලේ ඉඳගෙන ඉන්න කොට දැනෙන සැනසීම කොපමණද . ස්වාමින් වහන්සේලා නැතුව පන්සල් ටිකත් කොම්පැනිවලට දෙන්නද ???

    Well-loved. Thumb up 6

    • // ඒ අතින් අපේ රට කොයිතරම් හොඳද . නිතිය ඉදිරියට හාමුදුරු කෙනෙක් ගේන්න බැරි කමක් නැහැනේ වැරදි නම් . ඒත් මුලධර්මවාදීන් ඉන්න රටවල ඒ සෙල්ලම් බැහැ .//
      මේක සහතික ඇත්ත කතාවක්, බෞද්ධ ආධිපත්‍යයක් ගැන කතා කරන සමහරක්ට මේක තේරෙන්නේ නෑ

      Well-loved. Thumb up 6

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • සහන්, ඔබගේ චෝදනා පත්‍රයේ නම් ගම් සඳහන් කොටස් කපා දම්න්නට සිදු වුනා. ප්‍රධානතම හේතුව වුනේ ඔබගේ චෝදනා නිසි මූලාශ්‍ර සඳහන් කිරීමකින් තොරව දක්වා ඇති නිසා යම් වැරදීමක් ඇතොත්, ඒ හිමිවරුන්ට අපිට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබීමයි. ඉතිරි හේතු ටික එවැනිම චෝදනා පත්‍රයක් දැක්වූ අයෙක්ට පිළිතුරු වශයෙන් පහත කොමෙන්‍ටුවකත් දක්වලා තිබෙනවා. ධර්මානුකූලව දිය හැකි පිළිතුරක්ද එහි සඳහන්.

      ඔබසඳහන් කළා ක‍තෝලිකයෙක් බව. ඉතින් ඔබ පන්සල් ඇතුලත වෙන දේවල් දන්නේ කොහොමද? ඒ ගැන ප්‍රශ්නකාරීයි.

      කෙසේ නමුත් පුවත්පත් වලත් ඔවැනි සිදුවීම් මම දැක තිබෙනවා. ඒත් සමාජයේ සිදුවන සිදුවීම් දෙස බලද්දී ඒවා සාපේක්ෂ වශයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකුයි ගන්නේ. මොකද කියනවානම් චීවරය දරාගත් පමණින් භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්නේ නෑ, ඒ සඳහා සීලයේ පිහිටා සිටිය යුතුයි. අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ශාසනාවතරනය පොතේ මේවා ගැන හොඳින් සඳහන් වෙනවා.

      සිදුවීම් කිහිපයක් දක්වා සියලුම පැවිද්දන් මෙලෙසයැයි අධිසාමාන්‍යකරණය (Generalization) කිරීම සුදුසු නෑ. එහෙම ගිහියන් ගැනත් අධිසාමාන්‍යකරණය කරන්න ගියොත් අපිට කියන්න වෙන්නේ, “තුක් විතරක් මේ ගිහියො” කියලයි.

      Well-loved. Thumb up 7

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 1

        • ඔබ වරක් නා උයන ආරණ්‍ය සේනාසනයට හෝ, මීතිරිගල ආරණ්‍ය සේනාසනයට හෝ මහමෙවුනා අසපුවට හෝ වෙනත් ඕනෑම ප්‍රසිද්ධ අරණ්‍ය සේනාසනයකට ගියහොත් එවැනි සිල්වත් භික්ෂූන් වහන්සේලාව ඕනෑ තරම් දැකගත හැකි වේවි. එසේම ග්‍රාමවාසීවත් තව ඕනෑ තරම් එවැනි සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා.

          ඔබ අසා ඇති ප්‍රශ්නයක් වන්නේ “සීලය ඇති කෙනෙක්ව දැන ගන්නේ කෙසේද යන්නයි”. ඒ සඳහා පරචිත්ත විචාරන ඥාණයද අවශ්‍ය බව ඔබ දක්වා ඇත.

          එසේනම් මටත් එවැනිම ප්‍රශ්නයක් ඇති වේ. කෙනෙකුගේ දැණුම මනින්නේ කෙසේද? විභාග වලින් කෙනෙකුගේ දැණුම මැන උපාධි ආදිය ලබා දීමත් මෝඩ කමක්ම නේද?

          නමුත් විභාගය හෙවත් දැණුම භාවිතා කිරීමේ නියැදි පරීක්ෂණයක් (Sample Test) මගින් යමෙකුගේ දැණුම මනින්නේ කෙසේද, හිමිනමකගේ ක්‍රියාකාරීත්වය මතුපිටින් බලා අපිටත් උන්වහන්සේගේ සිල්වත් කම මැනිය හැකියි. එය සාර්ථක වීම පදනම් වෙන්නේ එලෙස මනින පුද්ගලයාට ඇති ආධ්‍යාත්මික උසස් තත්ත්වය මතයි.

          විභාගකයදී වාසනාවට ලේසි ප්‍රශ්න ඇවිත් සමත් වන්නේ කෙසේද, එලෙසම කෙනෙක්ව මතුපිටින් බලා මැනීමේදීත් වැරදීමට ඇති ඉඩකඩ බොහෝයි. එනිසා භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ ශීලය දැනගැමීම ගැන ඔබ අපිව හාස්‍යයට ලක් කළහොත්, එලෙසම බටහිර විභාග ක්‍රමය ගැනත් අපිට උඩ පැනපැන සිනා සිය හැකියි.

          කෙසේ නමුත් කෙනෙකුගේ ශීලය, ලෞකික වශයෙන් අපිට පන්චේන්ද්‍රිය තුළින් දළ වශයෙන් දැනගැනීමට පුළුවන්. ඒත් ලෝකෝත්තර වශයෙන් කෙනෙකුගේ ශීලය දැක ගත හැක්කේ පංච අභිඥාලාභී උතුමෙකුට පමණයි.

          එසේම ශීලය තිබෙන්නේ, අන් අයගෙන් ගරු සැලකිලි ලබා ගැනීමට හෝ ඔබ පැවසූවක් මෙන් අන් අයට අභියෝග කරන්නට ඉඩ දී “බලාපල්ලා මගේ සීලය” කියා අන් අයට තම ශීලය පෙන්වීමටත් නොවෙයි. එහෙම කළොත් එහිදී වෙනත් නීවරණයන් ඇතිවෙනවා. ශීලය තිබිය යුත්තේ තුන් දොර සංවර කරගනිමින් නිර්වාණය සඳහා උපකාරී කර ගැනීමටයි.

          Well-loved. Thumb up 7

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 2

        • Tsh.frn

          @sahan sahoedharayaa

          ‘විභාග වලින් කෙනෙකුගේ දැනුම මනින්ඩ පුළුවන්. සහතිකවම. විබාග කියන්නේ නිකන් පොඩි දේවල් නෙමෙයි. ඒවා අවුරුධු 1000
          ගානක් තිස්සේ පරිනාමනය වුනු දැනුම මැනීමේ ක්‍රම. ‘
          ඔයාගෙ දැනුවත් කමේ තරම මේ කියමනෙන්ම තේරෙනවා.
          ඔයා පොඩ්ඩක් හොයල බලන්න නූතන අධ්‍යාපනවේදීන් ඒ ගැන මොකද කියන්නෙ කියලා.
          සරල උදාහරණයක් දෙන්නම්;
          මම රැකියාව කරන ආයතනයට රැකියා අපේක්ෂිත උපාධිධාරීන් එනවා සම්මුඛ පරීක්ෂණ වලට.සමහර අයට ගෞරව සාමාර්තත් තියනවා.ඉංග්‍රීසිත් ගොඩක් හොඳට පුලුවන්.ඒ උනාට සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්.හේතුව මොකක්ද දන්නවද?විභාග සමත් වෙලා තිබ්බට වැඩක් කරගන්න බෑ.ඉතින් ඔයා කොහොමද කියන්නෙ විභාග වලින් දැනුම මනින්න පුලුවන් කියලා.
          ඔයා හිතාගෙන ඉන්න හැමදේම හරි කියන මෝඩ මානසිකත්වෙ ඉන්න එපා.

          අනික අපි අපේ හාමුදුරු වරුන්ට ගරු කලා කියලා ඔයාට තියන අමාරුව මොකක්ද? ඔයාලගෙ පල්ලි අතුලෙ වෙන දේවල් ඔක්කොම හරි දේවල්ද?මේ ලඟදි පත්තරවල ගිය සිදුවීම් මෙච්චර ඉක්මනට අමතක උනාද?
          ඔයාලගෙ පල්ලි අතුලෙත් තියනවා කුණු ඕනතරම්.එහෙම තිබුන කියලා අපි හැම පූජකවරයෙක්ම එක මිම්මෙන් මනින්නෙ නෑ.එච්චරට අපි මෝඩ නෑ.අනික ඔයා බුදු දහමට,අපේ හාමුදුරුවන්ට අගෞරව කරන්න කරන්න අගෞරවයක් වෙන්නෙ ඔයාගෙ ආගමට,ඒ පූජකවරුන්ටම තමයි.ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති එක ගැන දුකයි.

          මං දන්න තරමට නම් ඔයාගෙ ආගමේ කියලා තියෙන්නෙ අසල්වැසියාට ප්‍රේම කරන්න, කවුරු හරි එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා.ඔයා ඔය කරන්නෙ ඒක වෙන්න ඇති නේද? ඉස්සෙල්ල තමන් හරියට තමන්ගෙ ආගමටවත් ගැලපෙන්න ජීවත් වෙන්න, හොඳ කතෝලිකයෙක් වෙන්න බලන්න.
          අපි අමුතුවෙන් දස පනත උගන්වන්න ඕන නෑ කියල හිතනවා. :)

          Well-loved. Thumb up 6

        • හොඳ උත්තරයක්, සහන් ඉතාගෙන ඉන්නේ එයා ඉදිරිපත් කරන දේවල් පරම සත්‍යයයි කියලා, එයාට තේරෙන්නේ නෑ එයත් ඇතුළුව අපි සියල්ලෝම මනසින් නිර්මාණය කරගන්නා ලද මුලාවකට වෙලා සිටිනවා කියලා.

          Thumb up 3

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 1

        • //ඔය “සීලයේ පිහිටවීම” කියන්නේ බුද්ධාගේම තියෙන “විස්වාසයක්” විතරයි.//

          “උපාධිය” කියන්නෙත් බටහිර අධ්‍යාපනයේ තිබෙන දැණුම මැනීමේ “විශ්වාසයක්” විතරයි

          Thumb up 3

        • yodaya

          sahan malli,
          mata sinhalen type karanna beri weema gana kanagatu wenawa.oya budu dahama gana danne nati bawak tama penna tiyenne.budu dahame kisima practical nowana vishwasa na.
          “සීලයේ පිහිටවීම” කියන්නේ බුද්ධාගේම තියෙන “විස්වාසයක්” විතරයි kiyana eka 100% waradi.eya ithamath prayogika thathwayak.oyage agame tiyenne විස්වාස vitarak wenna ati.namuth budu dahamehi kisi seth puhu vishwasha na.mama රංග ජයවර්ධන sahodarayagen illanne me site ekata chat system ekak add karana lesata.mokada ape sahan mallita godak dewal kiyala denna tiyena nisa….

          Thumb up 3

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 1

        • yodaya

          @sahan malli

          oyata hoda wadak karannada lesi?naraka wadak karannada lesi? oyata dahadiya mahansiyen salli hoyanna amarui.namuth horakam kala nam ikmanata salli hoyanna puluwan.anna eka tama oyalage agamei budu dahamei wenasa.budu dahama pilipadinna amarui.mokada realism is buddhism.but ur religions are easy.thats why fool people tend to follow other religions.they need quick money.quick happy and quick life.but the realism far from you………………………………

          Thumb up 3

    • Catholic Church sex abuse scandals around the world:
      http://www.bbc.co.uk/news/10407559

      Vatican hit by gay sex scandal:
      http://www.guardian.co.uk/world/2010/mar/04/vatican-gay-sex-scandal

      abuse in the Catholic church:
      http://www.boston.com/globe/spotlight/abuse/

      In their own words about sex abuse & more:
      http://www.boston.com/globe/spotlight/abuse/overview/video_gallery/ ……………….. .. .

      සහන් ෆනැන්ඩෝ, ඔබ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයන කොට මෙවැනි දෑ “අමතක” කරලා කතා කරන එක අඩු පාඩුවක් යැයි සිතා අඩු පාඩුව සම්පූර්ණ කිරීමකට ලක් කලා, ඔබගේ ප්‍රශ්ණ කිරීම මත මෙවැනි පිලිතුරක් ලබා දීම සුදුසු යැයි සිතමි.

      කියමනක් තියෙනවා සිංහලේ, “තමන්ගේ ඇහෙ තිබෙන පොල් පරාලයට වඩා අනුන්ගේ ඇහෙ තිබෙන කබ නික ලොකුයි කියලා” !!

      Thumb up 3

  • niyama bawddhaya

    hoda sinhala bawuddayek nam budu hamuduruvo pennapu maga gaman karanna one buddan saranan gachchami.ada api dakina bawuddayo yay kiyana ayage hithe kisima maitriyak thiyenavada? anunge adu padu kam penvamin anagam valata niga karamin sathunge mas kana kenek thava kenekuta bana kiyana eka tharam thava akusalak koheda,niyama sinhala bauddhayek kuhaka viya yuthu naha an ayata maitree kala yuthuy,hama dema asuba vadeeva dakma nathara kala yuthuy,
    mama hoda bawddayek vemi

    Thumb up 2

  • රාජ්

    මම නං දකින්නෙ පන්සලේ හාමුදුරුවරු වැරදි කලත් බුද්ධාගම අත්හැරීම හොද නෑ. අනිත් අතට හාමුදුරුකෙනෙකුට තියන බලපෑම් උනත් සුළුපටු නෑ. ජනාධිපති ආවත් විපක්ෂ නායක ආවත් පිරිත්නූල් බදින්න උන්වහන්සේලාට සිද්ධ වෙනවනේ. ඒ වගේම චීවරයට නුසුදුසු හාමුදුරුවරුත් ඕනතරම් ඉන්නවා.එයාල සම්බන්ධයෙන් මගේ විවේචනය නං එහෙමමයි.ඒ වගේ අයට කියල පිරිත් නූල් බැදගන්නඑකත් තේරුමක් නෑ.
    **********************************************************
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බැරිද?

    Thumb up 1

    • ඒක ඇත්ත, මම අහල තියෙනවා සමහරුන් කියනවා “අනේ මට මේ බුද්ධාගමත් එපා වෙලා, මේ හාමුදුරුවන්ගේ වැඩ දැලකා” කියලා. ඒක හරිම මෝඩ කියමනක්. එක අතකින් බුදු දහම කියන්නේ අදහ අදහ ඉන්න තියෙන ආගමකුත් නොවෙයි. අනික් අතින් ධර්මය තමා තුල ජනිත කරගත යුතු දෙයක්, බුදු දහම හරියට දන්න කෙනෙක් කවදාවත් වෙන අයගේ වැඩ නිසා තමන් තුළ ඇති ධර්මය අතහරින්නේ නෑ.

      ප.ලි. “වර්ඩ් වෙරි‍ෆිකේෂන්” සිද්ධිය ගැන මෙහි තාක්ෂණ ශිල්පී සොයුරාට පවසන්නම්. ස්තුතියි

      Thumb up 0

  • Priyantha Liyanage

    එක දිනක් වත් පන්සිල් ආරක්ශා කර ගන්න බෑරි අපේ සමහර උදවිය හාමුදුරුවන්ගේ ශීලය සොයන්න යාම නම් විහිළුවට කාරනයක්.තමුන්ගෙ ශීලය ගෑන සොයාබලන එක තමා අපි සසුන වෙනුවෙන් කලයුතු ලොකුම සේවය.මොකද ප්‍රතිපත්ති ශාසනයයි ප්‍රතිවේද ශාසනයයි දෙකම එතන නිසා.හෑබෑයි ඉතින් ඉහලින්ම සීලය ආරක්ශා කරන හාමුදුරුවො මුළු සමාජයේම අතිශයින් බබලනවා ගරු බුහුමන් ලබනවා.

    Thumb up 3

  • @DANUKA, ඔබගේ කොමෙන්‍ටුව පළ කිරීමට නොහැකි වීම ගැන මා හා අමනාප නොවන්න. එයට හේතු වූයේ, ඔබව පුද්ගලිකව මා නොදන්නා නිසා ඔබ දැක්වූ සිද්ධි වල විශ්වාසනීයත්වය ගැන මා හට සහතික වීමට නොහැකි වීමත්, මෙහි කොමෙන්‍ටු අනුමත කිරීමක් කරන බැවින් ඔබගේ කොමෙන්‍ටුවද අප අනුමත කළහොත් එමගින් ඔබ දැක්වූ කරුණු අපි පිළිගත්තා සේ කෙනෙකුට හැඟී යාමට හැකි වීමත්, එනිසාම සමහර අන්තවාදීන්ට වුවත් එම කරුණු වෙනත් තැන් වලදී දක්වා බෞද්ධයින්ට අපහාස කිරීමට හැකි වීමත්, විශේෂයෙන්ම එම හිමිවරුන්ව පුද්ගලිකව නම් ගම් වශයෙන් දක්වා ඇති හෙයින් යම් ලෙසකින් ඒ අයට අපට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වීමත්, යනාදී හේතු නිසාය. ඔබ යහපත් අරමුණකින් සත්‍ය සිදුවීම් කොමෙන්ට් කළත්, අපගේ පාර්ශවයෙනුත් සළකා මේ ගැන ඔබ මැදහත්ව සිතනු ඇතැයි මම හුදෙක්ම විශ්වාස කරමි. එහෙත් ඔබට ඒවා මෙහි පාථකයින්ට පෙන්වීමට අවශ්‍යමනම් වෙනත් වෙබ් අඩවියක හෝ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක දක්වා එහි යොමුව මෙහි දක්වන්න.

    කෙසේ නමුත් ඔබ දැක්වූ ආකාරයේ සිදුවීම් මමත් අසා තිබෙනවා. එසේම විනය පිටකයේ “පාරාජිකා පාළි” අධ්‍යයනය කළහොත් ඔබට වැටහේවි එවැනි සිදුවීම් බුද්ධ කාලයේ පවා සිදුවී ඇති බව. එහෙත් ඊට විරුද්ධව බුදුරජාණන් වහන්සේ විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඔබ එම කොමෙන්‍ටුව දැමුවේ ඒ ගැන අපගේ අදහස් දැනගැනීමට බැවින් කෙටියෙන් ඒ ගැන මාගේ අදහස දක්වන්නම්.

    භික්ෂු විනයේ තිබෙනවා සතර පාරාජිකා කියල දෙයක්. පාරාජිකා කියන එකේ තේරුම “පැරදුනේය” කියන එකයි. එනම් සත්‍ය සොයා යන ගමන පැරදුනේය යන්නයි. එබන්දෙක්ට තව දුරටත් භික්ෂූත්වයේ ‍රැඳී සිටිය නොහැක. ඔවුන් සිවුරු ගලවා දමා යා යුතුයි. සතර පාරාජිකා පහත දැක්වේ. (මේවා ගැන පොත පත ඇසුරෙන් අධ්‍යයනයක් කරන්න)
    1. මෙථුන ධම්ම පාරාජිකා
    2 අදත්තාදාන පාරාජිකා
    3 මනුස්‌ස විග්ගහ පාරාජිකා
    4 උත්තරී මනුස්‌ස පාරාජිකා

    ඔබ දැක්වූ සිද්ධි දාමයන් අයත් වන්නේ මෛථුන ධම්ම පාරාජිකා යන්නටයි. එනිසා ඒවා ඇත්තනම් ඒ උදවියට තව දුරටත් ශාසනයේ සිටීමට අයිතියක් නැත. නායක ස්වාමීන් වහන්සේලා විසින් ඒ උදවියව සසුනෙන් නෙරපිය යුතුයි. ඔවුන්ට කළ පව් වලට නැවතත් සමාව ලැබාගෙන නැවතත් භික්ෂූත්වය දැරීමට කිසි සේත්ම අවසරයක් නැත.

    නමුත් ඔබට මෙන්ම මටත් ප්‍රශ්නයක් වන්නේ එවැන්නන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගැනීමයි. ඊට හේතු බොහෝ ඇත.
    1. එම විනයවිරෝධී ශ්‍රමන වේශධාරීන් ඔවුන්ට හිතවත් දේශපාලඥයින් සහ ප්‍රභූන් ලවා නායක හිමිවරුන්ට බලපෑම් කිරීම.
    2. අද සිටින සමහර හිමිවරුන් එක් එක් හේතු මත බෙදී සිටින නිසා ඔවුන්ට ඇති බලය අඩු වීම.
    3. සමහර හිමිවරුන් මුදල් පසුපස යන බැවින් ඒ හිමිවරුන්ව, විනය විරෝධී හිමිවරුන් වීසිනුත් නම්මවා ගැනීම.
    4. බොහෝ ගිහියන් පන්සලෙන් ධර්මය වෙනුවට වෙන වෙන තානාන්තර බලාපොරොත්තු වෙන නිසා ගිහියන් භික්ෂූන් වහන්සේලා සමග පුද්ගලිකව කතා බස් කර ඇවැත් වෙන දෑ තිබේනම් ඒවා යෙන් වළකින ලෙස නොකීම.

    සමාජය ආපස්සට යද්දී අපි නොදකින සංසිද්ධීන් වලටද භික්ෂු සමාජයට මුහුන දීමට සිදුවේ. මම ගිහියෙක් නිසා ඒවා ගැන නොදනිමි. මේවා වලක්වා එම දුස්සීල මහනුන්ව ඉවත් කරන ලෙස අපිට කීමට පහසු වුනත් ඉහත දැක්වූ සහ නොදැක්වූ බොහෝ හේතු නිසා එය පහසු නොවේ.

    නිස්කලංකව හිතල බලන්න…තෙරුවන් ගුණ ගැන මම දන්නවද? මම තිසරණයේ පිහිටලද ඉන්නෙ? සීලය ගැන මම දන්නවද? මම පංච සීලයේ පිහිටලද ඉන්නෙ? මම මේ කය අනිත්‍ය, දුක්ක ,අනාත්ම වශයෙන් සිහිකරන්න දන්නවද? මම සත්තිස් බෝධිපාක්ෂ ධර්ම දන්නවද? මගෙ ගුණධර්ම දියුණුවෙන වැඩපිලිවලකද පිරිහෙන වැඩපිලිවලකද ඉන්නෙ? මට හොඳ දහම් දැනුමක් තියද? මෙහෙමගියොත් මාර්ගඵල කෙසේවෙතත් නැවත සුඝතියෙ ඉපදෙයිද? කියල… ඉතින් භික්ෂූන් වහන්සේලාට ඇඟිල්ල දික් කිරීමට අපිට ඇති අයිතිය කුමක්ද?

    අප කළ යුත්තේ එක් වරම හිමිවරුන්ට ඇඟිල්ල දික් කරනවාට වඩා සමස්තයක් ලෙස බෞද්ධ සමාජය නිවැරදි මගට ගැනීමට් උත්සාහ කිරීමයි. එවිට භික්ෂු සමාජයත් ඉබේම නිවැරදි මගට පැමිණේවි. ඉතින් බෞද්ධ සමාජය නිවැරදි මගට ගත හැක්කේ ධර්මය ප්‍රචලිත කිරීමෙන්ම පමණි.

    Well-loved. Thumb up 12

  • lalani pathirana

    මුලින්ම මා මෙයින් සිල්වත් ගුණවත් අධි සිල් ආරක්ෂා කරමින් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාහල ශ්‍රී සද්ධර්මය අනුගමනය කරමින්, බන භාවනාවේ යෙදෙමින් බෞද්ධ ධර්මය පහදා දෙමින් ජීවිතයේ යතාර්ථය තේරුම් කරදෙමින් අනියත බව තේරුම් ගැනීමට උදව් කරමින් සිල්වත්ව එම ගුණදම් පුරමින් වාසය කරන්නාවූ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට නොවන වග කාරුණාවෙන් දන්වා සිටිමි.

    මා බෞද්ධයෙක් හැටියට, පරම්පරාගතව උපතින් බොදු බව ලැබුනත් දෙමාපියන් බෞද්ධ වූ පලියට මා හට බෞද්ධයෙක් විය නොහැකිය, ලොවට කියා පෑමට අප බෞද්ධ නාමය තිබුනාට මදි, බෞද්දයන් හැටියට එම මග අවබෝධයෙන් නැණවත්ව දන ගත යුතුයි. එසේම, අපට ඔවදන් අනුශාසනා දෙමින් අපට යහ මග පෙන්වන දෙමාපියන් අතින් වරදක් වූ විටක එය දරුවන් විසින් පහදා දීම අවබෝධ කර දීම අඩුවක් නොවේ.. මෙලොව කිසි කෙනෙකු සෑම අතකින්ම අංග සම්පුර්ණ නොවේ… වැරද්දක් ඇත්නම් එය පෙන්වා දීමත් එය හදා ගැනීමත් ඉතා උත්තරීතර ගුණයකි.
    භික්ෂු වෙසින් හෝ චීවරධාරී හෝ, සිල්වත් යයි ලොවට පෙන්වමින් එම ආගම් වලට මුවාවෙන් ඉන්නා, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු , ඉස්ලාම් හෝ… මොන පුද්ගලයෙකු හෝ අප සමාජයේ අනුන්නට අවවාද අනුශාසනා දෙමින් පුජ්‍ය ලෙස සමාජයෙන් ගරු බුහුමන් ලබමින් දුෂණ, පහත නින්දිත ක්‍රියාවන්හී යෙදී එම ආගම් හෝ එම ධර්මයට පරස්පර විරෝධී නීච ක්‍රියාවන්හී යෙදෙන්නේ නම්, අප බෞද්ධ භික්ෂුවක්හෝ කියා හිතන ලොවට පෙන්වන අයෙක්ට එය පහදා දීම හෙළි දරවු කිරීම එම තත්වයෙන් එම චීවරයෙන්, ලෝගුවෙන් නෙරපා හැරීම කාලෝචිත වේ, එයින් අපට රැක ගැනීමට ඇති අපේ ඇති උතුම් සඟ සසුන රැකගෙන ඉදරි පරම්පරාව වෙත ගෙන යමාට සිල්වත් ගුණවත් සංඝ ශාසනයක් ඉතිරිවේ… තියෙන කුණු පැදුර යටට අතු ගා දමන්නාසේ , වසා තැබූ විට, අන් ආගම් මගින් අපව තව තලා පෙලා හෙලා දකිමින් අපේ බුදු සසුනට කෙළෙසමින් අගරු කරයි. එසේ වෙන්නට කලින් අපි අප අතින් වෙන වැරදි පිළිගැනීමට , වසන් නොකිරීමට උතුම් මිනිසත්බැවින් හිතට එකඟව කටයුතු කල යුතුය. සෑම සංඝයාවහන්සේ නමකටම අධි සිල් ලබන අවස්ථාවේදී අයත් නායක සංඝයා වහන්සී නමක්, නිකායක් ඇත, සමහර දුවා දරුවන්ට වෙන තත්වයන් හෝ යම් පැමිණිල්ලක් නායක හිමි නමකට දෙමාපියන් විසින් දානවා සිටි කලෙක, එය යට නොගසා, මගේ පොඩි නම එහෙම වෙන්න විදියක් නැහැ කියා පන්සලේ කීර්තියට හානියක් වේ යයි සිතා සගවනවාට වැඩ එය නිරාකරණය කර දීම ඉතා උසස්වූ ගුණයකි. රෝමයේ ඇති, වති කාණුවට කොපමණ පැමිණිලි එනවාද ඇමෙරිකාවේ සමහර පල්ලි වල පුජකවරයන් එම පුජා වලට සහභාගී වෙන තරුණයන් කෙලෙසීම් සම්බන්ධයෙන්, ඔවුන් එම පුජක්ත්වයෙන් නෙරපා දමා තියෙනවා, පල්ලි වල සාමාජිකයන්ගේ මුදල් වලින් ඇති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබීම, පුවත් පත් මගින්, රුපවාහිනී සේවයන් , ජන මාද්‍ය තුලින් දැක තියෙනවා,
    කිසිවෙක් උත්තරීතර හෝ දේවත් වයකට පත්ව නැහැ, කිසිම කෙනෙකුට භික්ෂුවක්, පුජක වරයෙක්, කිනම් දහමක හෝ එම ලෝගු, චීවර සිටීමට බල කර නැහැ, ඒ නිසා තමන්ට එම තත්වයේ තවත් ඉදිරියර හිඳ කටයුතු කිරීමට අපහසු නම්, සිටීමට බැරිනම් අපේ සඟ සසුන කෙලෙසා නොදමා අයින් වී යෑම ඉතා උසස්, උතුම් නිහතමානී ගුණයක් වේ.
    නැවත මා මෙයින් දන්වන්නේ අපේ සිල්වත් උතුම් ක්‍රියාවන්හී නිරතව අප බුදු සසුනට සේවය කරන්නාවූ සංඝ රත්නයට නොවන බව මෙයින් මුළු හදින්ම දන්වා සිටිමි.

    Well-loved. Thumb up 9

  • A Catholic

    “එවැනි උදවියව හැඳින්විය යුත්තේ චීවරධාරීන් යන නමිනි.”…………එකග විය නොහැක. ඔවුන් ව හාදින්වීමත මා සිතන හැටියට වඩා හොද වදන වන්නේ “ශ්‍රමණ-වේශ-ධාරීන්” යන්නයි…

    Well-loved. Thumb up 9

    • ඔව්, ඔබතුමා දැක්වූ අදහස නිවැරදියි. ඒ අනුව අදාල නිවැරදි කිරීම කළා. “ශ්‍රමණ වේශ ධාරීන්” යන වචනය මීට පෙර අසා තිබුනත් එක් විටම කල්පනාවට ආවේ නෑ.

      Thumb up 5

  • නිසල්

    ඉතාම වටිනා,කාලීන අවශ්‍යතාවයකට අනුව ලියපු ලිපියක්.. ඔබතුමා ඉතාම හොඳින් මේ කාරණය ගැන පැහැදිලි කරලා තියනවා..

    Well-loved. Thumb up 10

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.