කුපක්‍රට ඔක්‍තෝබර් විප්ලවයට පසුව රුසියන් සමාජවාදී නායක ව්ලැඩිමිර් ලෙනින් සහ ඔහුගේ බොල්ෂෙවික් ගෝලබාලයින් විසින් අත්පත් කරගෙන භාවිතා කරනා ලද මෙයෙන්ඩොර්ෆ් මාළිගාවයි ඔබ මේ දකින්නේ.

මේ 1917 වර්ෂයේ අග භාගයයි, සාර් රජතුමාගේ “ධනපති” පාලනය බිඳ දමමින් “සමාජවාදී” යැයි කියාගත් රජය ගොඩ නැගීමට ලේ කඳුළු සහ දහඩිය හෙළූ මිලියන ගණනක් නිර්ධනපාන්තික සගයින් ඈත සයිබීරියාවේ සෙල්සියස් අංශක සෘණ 40 වන් සීතලකදී, ගැහි ගැහී, හරියට කුසට අහරක්වත් නැතිව, සීතලෙන් මිදීමට වස්ත්‍රයක්වත් නැතිව, කර ගැට වලින් පිරී ගිය තුවාල වුන දෑත් සහ දෙපා වලින් යුතුව, ගල් අඟුරු කඩයි.
ඒ අතර රුසියන් විප්ලවයේ මහා වීරයා වන විලැඩිමිර් ලෙනින් “සහෝදරයා” ඔහුගේ බොල්ෂෙවික් ගෝලබාලයින් සමග මෙයෙන්ඩොර්ෆ් මාළිගාවට වී, බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද ඉස්තරම්ම වයින් වලින් සප්පායම් වෙමින්, පර්සියන් නගරශෝභිණියන්ගේ නර්තනයන් මධ්‍යයේ, මොස්කව් නදිය දෙස බලාගෙන, ඈණුම් අරිමින් සුවසේ කාලය ගත කළේ කවදාවත් ඔය කියන සමාජ අසාධාරණය සහ ඊනියා පන්ති භේදය අවසන් නොවන බව පෙන්වමිනි.
මිතුරනි, ඒ අඳුරු ඉතිහාසයේ ඇති “මාක්ස්වාදය” කුමක්ද යන්න ප්‍රශ්න කෙරද්දී, ලෙනින් යනුත් තවත් අති දක්ෂ ව්‍යාපාරිකයෙක් නොවේයැයි කිව හැකිද කියා ජනතාව ප්‍රශ්න කරද්දී සමාජවාදීන්ගේ හෘද ශාක්ෂිය, “දාස් කැපිටාල් මගින් මර්ධනයට” ලක් වේද?
මාක්ස්වාදයේ දරිද්‍රතාවය නිසා ලෙනින්ට ඇති වී ඇති මෙම කළු පැල්ලම වසා දැමීම සඳහා අපි මෙහෙම කියමු,
සමාජවාදයට අනුව පීඩිත පන්තියට “විමුක්තිය” ලබා දුන් වීරයින්ට නව පාලනය යටතේ සැලකිය යුතුය. ධනපතියන්ගේ සූරාකෑම වැළැක්වූ කම්කරු නායකයින් “ටිකක්” සූරා කෑවාට වරදක් නැත. විප්ලවයට පෙර කම්කරුවන් “සහෝදරයින්” වුවත් කම්කරුවාගේ වැඩ කළ යුතුය, එහෙත් කම්කරු නායකයින්ට නායකත්වයේ වරප්‍රසාද ලැබිය යුතුය, කිසිදා ඊනියා සමානාත්මතාවයක් ලබා නොදිය යුතුය.
මැවුම්වාදය මෙන්ම කිසිදා යථාර්තයක් නොවන මාක්ස්වාදය මෙනෙහි වී කාල් මාක්ස් වළේ සිට ඉකි ගසන හඬ පසෙකින් ඇසේ…..
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

බුකියේ බුද්ධික නම් මහත්තයෙක් මෙහෙම දාල තිබුන.
දාස් කැපිටාල් වලින් නැතුව ජෝර්ජ් ඕර්වෙල්ගෙ “ඇනිමල් ෆාර්ම්” තුළින් සමාජවාදය තේරුම් ගන්ඩ යාම විහිළුවක් වෙන්ඩ ඇති.. නමුත් ගැටළුව තියෙන්නෙ අද ලෝකෙ තියෙන සමාජවාදී (කියාගන්න ) රටවල් ඔක්කොම දාස් කැපිටාල් වල කියපු පරමාදර්ශී සමාජෙට ආදර්ශ වලට වඩා ජෝර්ජ් ඕර්වෙල් පෙන්නපු “ඇනිමල් ෆාර්ම්” වලට සමාන බව බැහැර කරන්ඩ පුළුවන්ද? විසිවෙනි සියවසේ බිහි වෙච්චි ප්‍රධාන ඇඩම්-ස්මිත්වාදී ආර්ථික විද්‍යාඥයෙකු වන මිල්ටන් ෆ්‍රයිඩ්මන් ගැන ඔබ අහල ඇති.. වරක් සෝවියට් දේශයට යන ෆ්‍රයිඩ්මන් මොස්කවුහි දී අගනා ලිමුසින් රථයක් දැකල එය කුලියට ගන්නට හිතනව (ෆ්‍රයිඩ්මන් ඉතා පොහොසතෙක්).. නමුත් ඔහුට සිය මගපෙන්වන්නා කියන්නෙ කුමක්ද? “සර් ඒ වාහන මෙහෙ තියෙන්නෙ පොලිට්බියුරෝවෙ අයට ගෙනාපුව විතරයි, මහ ජනයට ඒව ගන්ඩ බෑ”.. කාට හරි අහන්ඩ පුළුවන් “ඉතින් මොකද කියන්නෙ, ධනවාදී කියන රටවල මිනිස්සු පාරෙ හිගා කන අතරෙ සමහර මිනිස්සු ලිමුසින් දහය පහළොවෙ තියන් ඉන්නෙ” කියල.. ඇත්ත.. නමුත් ඒ ප්‍රශ්නෙ දෙස බලන්ඩ පුළුවන් එකම විදිහ නෙමෙයි.. පොලිට්බියුරෝවෙ අයට විතරක් වෙනම ලිමුසින් ගෙන්නනව නම් හිතා ගන්ඩ පුළුවන් ඒ අයගෙ ළමයින්ට සාමාන්‍ය මහජනයාට නැති හොද ඉස්කෝල සහ විශ්ව විද්‍යාල ආදිය (හෝ විදේශ රටවල ඉගෙනීමට අවස්ථාව ) තිබෙන බව.. කොටින්ම කිවුවොත් පොලිට්බියුරෝවෙ ඈයින්ගෙ ළමයි නතර වෙන්නෙත් පොලිට්බියුරෝවෙ හෝ “ඉනර් සර්කල් එක” ඇතුළෙ.. (හමුදාවට ගියොත් යන්නෙ ලොක්කෙක් විදිහට ).. නමුත් ව්ලඩිවොස්ටොක් වරායෙ මාළු බාන සහෝදරයට එතෙන්ට යන්ඩ තියා හිතන්ඩවත් බෑ.. බොහෝ විට ඔහු ලිමුසින් රථයක් දැක පවා නැතුව ඇති.. ධනවාදි රටකත් එහෙම වෙන නමුත් එහෙම නොවෙන්ඩ සැලකිය යුතු ඉඩකඩක් තියෙනව.. බිල් ගේට්ස්ගෙ පුතා හෝ මුණුපුරා කොම්පැනිය බංකොලොත් කරල දැම්මොත් ඒ පරපුර එතෙනින් ඉවරයි.. ආයෙ දේශපාලනේට ගොඩ ගන්ඩ බෑ.. පරපුරු කිහිපයක් යද්දි අර සුඛෝපභෝගය නිකම්ම අන්තරස්ධාන වෙනව.. හැබැයි හිගන්නට වුණත් අනික් අයට වඩා කාර්යක්ෂමව හිගා කාල කීයක් හරි එකතු කරන් සුළු ව්‍යාපාරයක් අරඹල ඒක දියුණු කරගෙන තැනකට එන්ඩ (අමාරුයි තමයි ) නමුත් පුළුවන්.. ඔහු නොවේ නම් ඔහුගෙ පුතා හෝ මුණුපුරා හෝ මී මුණුපුරා මයික්‍රොසොෆ්ට් වගේ කම්පැනියක් හදන්ඩත් බැරි නෑ.. සමාජවාදී සමාජෙක නෑ කියපු පන්ති භේදෙ තියෙනව විතරක් නෙමෙයි ඒක සෑහෙන්ඩ ෆික්ස් එකක්.. ධනවාදී සමාජෙක ඊට වඩා දරුණුවට භේදෙ තියෙනව වෙන්ඩ පුළුවන්.. නමුත් ෆික්ස් නැහැ.. දක්ෂකම, වාසනාව මත ඒව වෙනස් කරගන්ඩ පුළුවන් (බැරි වෙන අවස්ථා තියෙනව, ඒ හැම එකේ දිම කොහේ හරි ආණ්ඩුව දාපු නීතියක් නිසා නෙමෙයිද බලන්ඩ )..
දාස් කැපිටල් දාර්ශනික වශයෙන් මම අගය කරනව (100%ක් එකග නොවුනට ).. නමුත් ගැටළුව තියෙන්නෙ ඒකෙ ප්‍රායෝගිකත්වයයි.. සමාජෙට හැමෝගෙම කන්ට්‍රිබියුෂන් එක සමාන නැති නිසා (ඒක තමා ස්වභාවය ) හැමෝටම ඵලදාව සමානව බෙදන එක සාධාරන ද? බෙදා හැරීමේ යාන්ත්‍රණය කරන්නෙත් මිනිස්සු බව අමතක කරන්ඩ එපා.. එහිදී අපිට කාර්‍යක්ෂම, මළ නොබැදුණු, අදූෂිත රාජ්‍ය අංශයක් (විශේෂයෙන් ජනතාවට නැවත වරක් රජය පත් කරන්ඩ අවස්ථාව නැති විට ) ඇති වෙයි ද? ලෙනින් “රජය හා විප්ලවය” එකේ කියපු හැටියට විප්ලවයෙන් හෙවත් “ධනපති පන්තිය පාගා දැමීමේන්” පසුව රජය ඩිස් ඉන්ටිග්‍රේට් විය යුතුයි කියල, නමුත් ඒක වෙලා තියෙන්නෙ කොයි සමාජවාදී රටේ ද? අපි දන්න හැම සමාජවාදී රටකම නම් තියෙන්නෙ ඉතා බලවත් ඒකාධිපති/හෝ ඊට ආසන්න රජයයන්.. පොලිසිය, හමුදාව දාල දැඩි ලෙස පාලනය කරල, තොරතුරු වාරණය කරල තමයි ඒ රටවල් ගෙනියන්නෙ.. ලෙනින් අවංක අදහසකින් ඒක කිවුව වුණත් ඒක ක්‍රියාත්මක කරන්ඩ බැරි බව නෙමෙයිද අන්තිමේ පෙනුනෙ? ලෙනින් මැරිල ඉතා කෙටි කලකින් ට්‍රොස්කිගේ පළා යාම සහ ස්ටාර්ලින්ගේ ඒකාධිපති පාලනය අපිට අමතක කරන්ඩ පුළුවන්ද? චීනය, උතුරු කොරියාව, ක්‍යුබාව, ( වෙනසුවේලාව, සහ වියට්නාමය ) අද මුහුණදී ඇත්තේ මේ වගේ තත්ත්වයකට නෙමෙයි ද? ඒ අහිතකර තත්ත්වයෙන් මිදෙන්ඩ කළ යුත්තේ තවත් විප්ලවයක් ද? එහෙම එකක් කරන්ඩ තියා හිතන්ඩවත් ඒහෙ නිදහස තියෙනවද?
(නිව් යෝර්ක් නගරයේ ළගදි වෝල්මාර්ට් සුපිරි වෙලදසැලක් පටන් ගන්නවාට විරුද්ධව විශාල උද්ඝෝශණයක් තිබ්බ.. ඒක කළේ නිව් යෝර්ක් හි සුපිරි වෙළදසැල් සේවක සංගමයක් විසින්.. ඔවුන්ගේ විරෝධයට හේතුව වුණේ වෝල්මාර්ට් හි මධ්‍යන පඩිය අනෙක් වෙළදසල් වලට වඩා පැයකට ශත කිහිපයක් (පිළිවෙලින් $12.14 සහ $11.96 ) අඩු වීම නිසා ඔවුන්ට මුහුණ දෙන්ඩ වෙන “අසාධාරණ තරගය”.. ඒ වගේම වෝල්මාර්ට් හි පිරිමින්ට ගෙවන “මධ්‍යයන වැටුප” කාන්තාවන්ට ගෙවන “මධ්‍යයන වැටුපට” වඩා වැඩි බව.. එක් එක් පුද්ගලයින්ට කාන්තාවන් වීම නිසා අඩුවෙන් ගෙවනව කියල එකක් නෙමෙයි.. නිව් යෝර්ක් නගරයේ පාලකයන් කියා සිටියෙ එම කොන්දේසි පිළිබද එකගතාවෙකට ආවොත් විතරක් අදාල බලපත්‍ර ලබා දෙන බවයි.. නමුත් අරුමය ඒක නෙමෙයි, බෙයිජින්ග් සහ චීනයේ වෙනත් නගර කිහිපයකම වෝල්මාර්ට් වෙළදසැල් පටන් ගත්තත් උද්ගෝෂණ කරන්ඩ සේවක සංගම් පුළුටක් හෝ නො-ආපු එකයි.. සහ තම රටේ සහෝදර ජනතාවට සිදුවන අසාධාරණය ගැන කියල “කමියුනිස්ට් රජය” කිසිම කචල් එකක් නොදාපු එකයි)
ලෙනින් එහෙම හරි කලානෙ බන්. එයා එහෙම කරපු නිසා ඒ රට හැදුනා. රට සංවර්ඩනය කරනවනම් රට සන්වර්දනය කරන කෙනාට අන් අයට වඩා සැලකීමක් ලැබෙන එකේ වරදක් මම දකින්නේ නැ. නායකත්වය දීල රට ගොඩ නගන අයට අනිවාර්යයෙන්ම වරපසාද ලැබෙන්න ඕනෙ නේද? ඒකට අපේ රටේ වුන්, රටට කරන සෙතකුත් නෑ ඒත් කොහොමද සැප?
Hot debate. What do you think?
5
6
එතකොට ඔයා කියන ක්‍රමේට අපි කියන්නෙ “මාක්ස්වාදය” කියලද නැත්නම් “ශේන්වාදය” කියලද?
Well-loved. Like or Dislike:
5
0
කියුබාව වියට්නාමය වැනි රටවල කොමියුනිස්ට් වාදීන් ගේ ලක්ෂනයක් වූයේ ඔවුන් තම මවබිමට ආදරය කිරීමය.සිංහළ මාක්ස් වාදීන්ගේ ලක්ෂනය වූයේ මව් බිමට එරෙහි වීමය.අධිරාජ්‍යවාදයට එරෙහිව ජනතාව දැනුවත් කරණවාට වඩා සිංහළ බෞද්ධයාට එරෙහිවීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය.කොටි සංවිධානය වෙනුවෙන් වෙහෙසෙන අමෙරිකාවට අවශ්‍ය අඩුම කුඩුම සපයන නට්ටාමියන් බවට පත්ව ඇත්තේ ජවිපෙ මාක්ස් වේශදාරීන්ය.ඔවුන් අද කොටි සංවිධානයේ නිල ප්‍රකාශකයින් බවට පත්ව ඇත.
මේක ලාල් අයිය ලියල තිබුන එකක්
Well-loved. Like or Dislike:
10
3