සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ඇමරිකානු බටහිරයින් කොතරම් මෝඩද ?

සිංහල ජනතාව අමනයන්ය… නූගතුන්ය… මෝඩයන්ය කියමින් ඇමරිකා එක්සත් ජනපදය පරමාදර්ශය ලෙස හුවා දක්වන, හෝ එවැනි මතවාදයක සිටගත් සියල්ලෝම මෙම වීඩියෝ පටය නැරඹිය යුතුය. මෙහි, “මීළඟට ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ආක්‍රමණය කල යුත්තේ කවර රටද?” යනුවෙන් අසනු ලබන පැණයට තරුණියන් දෙදෙනෙකු දෙන පිළිතුර දෙසට ( විනාඩි 2.04 -2.08 අතර ) තදින් අවධානය යොමු කරන්න. මේ ඔබ දකින්නේ ඇමරිකානු ජනතාවගේ සාමාන්‍ය දැනීමයි.

සම්පූර්ණ වීඩියෝවම බලන්න. ඔවුන්ගෙන් අසනු ලබන පැණයන්ට දෙන පිළිතුරු සහ සිතියමක රටවල් ලකුණු කරන ආකාරය දෙසද අවධානය යොමු කරන්න. මේ ලොව බලවත්ම සහ පොහොසත්ම රාජ්‍යයේ ධනේශ්වර අර්බුදය තුළ බිහිවන කම් සැපෙයි ගැලී සිටිමින් පරිභෝජනවාදී අර්ථක්‍රමයක එල්බෙමින් සිට පොතින් පතින් ඉවත්වූ ජනතාවයි.

මෙය අධිසාමාන්‍යකරණයක් නොව ලෝකප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් සමීක්ෂණයක් මගින් ලබාගත් නියැදියක ප්‍රතිඵලයි. දේශපාලන සහ භූගෝලීය සාක්ෂරතාවය අතින් ඇමරිකා එක්සත් ජනපදිකයින් සිටින්නේ මේ තත්ත්වයේය. මෙවැනි මුග්ධ ජනතාවක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා එවැනි බලවත් රාජ්‍යයක් හැසිරවීම, මුළු ලෝකයටම විපතක් බව, “ත්‍රස්තවාදයට එරෙහි සටන” ගැන ප්‍රශ්ණයට ඔවුන් දෙන පිළිතුරු වලින් පැහැදිලි වනු ඇත.

මෙම වීඩියෝව මෙලෙස සිංහල බෞද්ධයා අඩවියේ පළ කළේ පළ කළේ “අපේ ජනයා අසම්පූර්ණ, ගෝත්‍රික මනස් සහිත කොමඩි හරකුන්ය…ලංකාව නූගත් කොමඩි කන්ට්‍රියකි…බටහිර ලෝකය අන්න ඒකට…ඇමරිකාවේ ජනතාව ගන්නා බුද්ධිමත් තීන්දු මෙහෙමය…” යනාදි වශයෙන් ඇමරිකාව “සාපේක්ෂ පරමාදර්ශය” ලෙස හුවා දක්වන්නන්ට, “බලාගනියව්…මේ රටවල් දෙකේ ජනතාවගේ මහ සන්දර්භීය වෙනසක් තියෙනවද?” කියන එක පෙන්වා දෙන්නයි.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2190
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

20 comments to ඇමරිකානු බටහිරයින් කොතරම් මෝඩද ?

  • The Truth

    ඔව් ඔව් ඇමෙරිකාව ඇතුළු අනිත් සියලුම රටවල් මෝඩයි. ඕගොල්ලෝ තමා ඉන්න intelligentම පොරවල්. මේක ගිහිල්ල කිව්වොත් නරකද මරණට කැප කරපු හරකෙක් ගාවට ගිහිල්ලා. අනේ ය*.

    Thumb up 1

  • Chamika

    This is true nature of stupids. Then how is man going to be understand Buddhism.That is why all other religions(Most of believing God)popular with foolish.
    Buddhism is not like that.That is why it is not understood in Sri Lanka also …
    People around the world not worry about what is happening until they have their needs,like Foods,Sex,House ,Car etc.
    That is the world….!!

    Well-loved. Thumb up 6

  • Mihil

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

    • අපිට ඇමරිකාව හෝ වෙනත් රටක ජනතාව හතුරු කර ගැනීමට අවශ්‍ය නැත. ඒත් ඇමරිකන් ධනවාදයේ සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත ගොඩ නැගුනු පරිභෝජනවාදයේ ආදීනව ගැන සිංහලයාව දැණුවත් කළ යුතුය. අපි මේවා ඉංග්‍රීසියෙන් නොලියා සිංහලෙන් ලියන්නේ ඒ නිසාය.

      Well-loved. Thumb up 8

      • Sahan Fernando

        රංගල දන්නේ නැති දේ තමයි මේක: ලංකාවේ මිනිස්සු නොදන්නවා නෙමෙයි. ඔය පරිබෝජන වාදය, අරක මේක ගැන දන්නවා. ඉන් ඩීටේල් දන්නේ නැති වුනත් නිකන් පොඩි ඉවක්වත් තියෙනවා කරන වැඩේ හරි නැහැ කියල. ඉතින් ඔය ඔක්කොමෝ කරන්නේ “දැනුවත්ව”, නොදැනුවත්ව නෙමෙයි. දැන්, ලංකාවේ මිනිස්සු කාර් එලවනකොට කහ ඉරේ කවුරු හරි ඉන්නකොට, නවත්තලා එයාට ඉඩ දෙන්ඩ් ඕනේ කියල දන්නේ නැද්ද??? හොඳට දන්නවා. එත් දැන දැනත් ඔහේ යනවා. සිංගල් ලයින්, ඩබල් ලයින් ගත්තත් එච්චරයි. දැන දැන තමයි ඉරි කපන්නේ. දැන දැන තමයි රෙඩ්, ඔරේන්ජ් තියෙද්දී යන්නේ. ඒ වගේ තමයි. දැන දැන තමයි ඇඳුන් ගන්නෙත්. හොඳටම දන්නවා අඳින්නේ නැහැ කියල. ඒත් ගන්නවා. දැන දැන තමයි මිලියන ගනන් නය වෙලා, ලීස් දාලා කාර් ගන්නේ. නොදැනේ නෙමෙයි. මෙතැනයි ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ. මිනිස්සු 90% ක් ම ඕව කරන්නේ දැනගෙන. ඒ ඇයි? ඒ ඇයි කියන එක මන් පස්සේ කියන්නන්. ඒකට හේතුව ඕගොල්ලන්ට හීනෙකින් වත් හිතාගන්ඩ බැහැ.

        Thumb up 3

  • Saman

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 8

    • අර්ය සිංහල

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 3

    • //මම මේකට ආවේ ආගමික සයිට් එකක් කියල. මේකත් ගොසිප් සයිටි එකකට දෙවනි නැහැ.//
      ඔබ එක් ලිපියක් පමණක් කියවා මුළු සයිට් එකම ගැන තීරණය කර අධිසාමාන්‍යකරණය කිරීමත් , ලිපිය දාපු කෙනා ගැනත් තීරණය කිරීමත් කර ඇත. ඒ දේ උදාහරණයකින් කිවහොත් සමාන වන්නේ අන්ධයා අලියාගේ එක් අවයවයක් අල්ලා මුළු සතා ගැනම තීරණය කිරීම වැන්නකටය. ඔබට කාල වේලාව තිබේනම් මෙහි අනෙකුත් ලිපිත් කියවා බලන්න, ඔබ සොයන ආගමික ලිපි සහ බුදු දහමට අදාල ලිපිත් ඇත.
      එසේම සයිට් එකේ හෙඩිමට යට වගන්තිය කියෙව්වානම් මෙය ආගමික සයිට් එකක් නොව ජාතික සයිට් එකක් බව වැටහේවි.

      //මේකෙ මතු කරල තියෙන ප්‍රශ්නෙ දිහා බැලුවම පේන්නේ නිකම් පුහු දෙයක් ලොකුවට මවාගෙන දගලන දෙයක් විදිහට. ශ්‍රීලංකාව ආක්‍රමණය කරනව කියන එක.//
      ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්න යන බවක් මෙම ලිපියෙන් මතු කර නැත. වීඩියෝවේද නැත. ඉතින් ඔබේ සිතේ තිබෙන දෙයක් මීට ආදේශ කිරීමකුයි කර තිබෙන්නේ.

      //නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා.//
      මින් ප්‍රශ්නයක් ඇති වන්නේ ඇමරිකන් කාරයින් යනු ඉතා බුද්ධිමත් ජන කොට්ඨාශයක් බව සිතාගෙන සිටින පුද්ගලයින්ගේ චින්තනයටයි. එවැනි මතයක සිටින උදවියව මම බොහෝ දැක ඇත. මින් ඔවුන්ගේ මායාව බිඳ වැටේ.

      //මීට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා.//
      වැදගත් බව තීරණය වන්නේ පුද්ගලයාගේ දැණුමට හෙවත් අදාල පුද්ගලයා එක් ‍රැස් කරගෙන තිබෙන තොරතුරු සමුදායට සාපේක්ෂවයි. ඔබ ගොනු කරගෙන සිටින තොරතුරු සමුදාය අනුව ඔබට වැදගත් දේවල් සමහට විට මෙය කියවන වෙනත් අයෙකුට වැදගත් නොවීමට ඉඩ ඇත. එසේම මා හට වැදගත් දෙයක් ඔබට වැදගත් නොවීමට පුළුවන. එනිසා “වැදගත් වීම” ඇතුළු ඕනෑම දෙයක්, වාස්තවික යථාර්තයක් යැයි සිතා ඒ ගැන නිරපේක්ශව නොබැලිය යුතුයි. මෙය දැක්වුවේ බටහිරයින් ගැන මහා ලොකුවට සිතන පුද්ගලයින්ට යථාර්තය වටහා දීමට හෙවත් මා සිතන ලෙස වැදගත් දේකටයි. ලිපියේ අග කොටස නැවතත් කියවන්න.

      ජාතික චින්තනය ඔබ අධ්‍යයනය කළානම් ඔබගේ කොමෙන්‍ටුව මීට වඩා වෙනස් වනු ඇත. කෙසේ නමුත් ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Well-loved. Thumb up 19

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 5

    • අර්ය සිංහල

      ඔබගේ කමේන්‍ටුව දකින ඔනැම ගොලයෙකුට (නලින් ද සිල්වා ඇඳුරුතුමන්ගේ) තෙරුම් යනවා,ඔබ එතුමා කියා තිබෙන දැ අසා ඇත්ත නින්දෙන් බව

      Well-loved. Thumb up 12

    • shan@paris

      haha lin gembo americawe okkoma mola padi gewala nationality deela gatthu asians lage kiyala danne nadda ow ithin sahan lin gembekne pudumayak neme

      Hot debate. What do you think? Thumb up 6

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 3

  • අර්ය සිංහල

    මෙහි පළ කර ඇති පස් (5) වන කමේන්‍ටුව බලන්න,ඔවුන්ටත් (මොහු බටහිරයෙක් නම්) අප ගැන යම් ධනාත්මක අදහසක් ඇති ව් තිබෙනවා (ආසියානුවන් පිළිබඳ)

    http://answers.yahoo.com/question/index?qid=20071102234417AAzUhfC

    Thumb up 5

  • අර්ය සිංහල

    ගොඩක් අයට මේ ලිපිය කියවලා තරහා ගිහින් වාගේ,හොඳින් බලන්න මෙහි කියලා තියෙන්නෙ ඇමරිකානුවන් අප (සිංහලයින් හෝ ලංකිකයින්) අමනයන්ය නුගතුන්ය මෝඩයන්ය යැයි කියා සිතුවාට,එහිත් එවන් පුද්ගලයින් සිටින බවයි,මා හට වරක් මාගේ ගුරුවරයා පැවසුවේ ඇමරිකාවේ ගම්බද ප්‍රදේශ වල බහුතර ජනතාව හට පත්තරයක්වත් කියවා ගැනිමට නොහැකි බවයි (70 ව දශකයෙ ඔහු එහි යන විට).අපේ අය නන් ඉතින් ඔවා විශ්වාස කරන්නෙ නැ එයාලට ඇමරිකන් කාරයා කිව්වොත් ඉතින් වෙන දෙයක් නැති තරම් නෙ,ගිහින්ම බලන්නකො,ඇමරිකාව අද මෙවන් තැනකට ලඟාවි තිබෙන්නෙ එහිට සියලු ජාතින්ගේ සහයොගය ලැබුනු බැවින් බව අමතක නොකරන්න (ලොකයේ සියලු ජාතින්ගේ)

    Well-loved. Thumb up 17

  • iresh

    ඔවැනි මිනිස්සු සිටින්නේ ඇමරිකාවේ පමනක් නොවෙති, ඔබ ලංකාවේ නියදියක් හා මෙහා සමාන පරික්ෂනයක් කලද ලැබෙන ප්‍රතීඑලය මිට බොහො සමාන වනවා ඇති,සමහර විට මිට අන්ත විමටද ඉඩ ඇත, අනික කිසිම පරික්ෂනයකින් තොරව වුවද, අපේ ජනතා නියොජිතයන් දෙස බැලිමෙන් පමණක් වුව ඔවුන් පත්කරන ජනතාවගේ බුද්ධ් මට්ටම හදුනාගත හැක,

    Hot debate. What do you think? Thumb up 6

  • අර්ය සිංහල

    @ කෙවින් පෙරෙරා

    ඔබ හිතනවාද පරිගණකය යනු සියට සියක්ම ඇමරිකානු ජාතිකයින් විසින් නිර්මාණය කරණ ලද දෙයක් බව,ඔබට වැරදිලා මිත්‍රයා

    Well-loved. Thumb up 15

  • අර්ය සිංහල

    අනෙ අප්පෙ මෙහෙමත් මිනිස්සු,ඇමරිකන් ජාතිකයො ගැන වරක් අපෙ භෞතික විද්‍ය අචාර්ය වරයෙකු කි දෙයක් මට එක පාරට සිහියට නැගුනා,එතුමාත් කිව්වා ඔවැනි කතාවක්

    Well-loved. Thumb up 13

  • නිලංක

    ඇමෙරිකාවට යන්න අව්ශ්‍ය නැත. ප්‍රවීන විස්තර විචාරක ටෝනි ග්‍රෙග් මහතා අපේ අසාහය ක්‍රීඩක සනත් ජයසූරියගෙන් ඇසුවේත් ශිෂ‍යත්ව විභාගයට ඉදගන්නා ලමුන්ගෙන් අසන ප්‍රශ්න දෙකක්. මොකක්ද ලංකාවේ ජාතික පුෂ්පය, මොකක්ද ලංකාවේ ජාතික වෘක්ෂය. දෙකටම පිළිතුරු ලබා දුන්නේත් ටෝනි ග්‍රෙග් මහතාමයි. මේ සිද්ධිය ගැන බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා නම් මීට අගෙයි නේද? ඒත් එතකොට ඇමෙරිකාවට බැන්නාම ලැබෙන ලකුණු ටික? හිට්ස් ටික ලැබෙන එකක් නැහැ නේද?

    Hot debate. What do you think? Thumb up 14

  • happz

    stereotyping a nation based on few people is stupid. American or Sri Lankan there are people who are annoyingly stupid.

    Hot debate. What do you think? Thumb up 8

  • kevin perera

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 11

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.