සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද ?

අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…
නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…
දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…
මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ…

ගම්මඩු ශාන්තිකර්ම වලදී ඉහත ආකාරයේ තෙරුවන් ගුණ සිහි කරන කවි ගායනා කරමින්, තාලයට බෙර වාදනය කරමින් ගයන කවි ශ්‍රවණය කිරීමට ඔබත් කුඩා කල ඉතාමත් ප්‍රිය කරන්න ඇති. වයසින් මුහුකුරා ගියත් ඒ සුන්දර සිංහල බෞද්ධ සංස්කෘතිකාංග වලට ඇති ලැදියාව වැනසී යන්නේ නැත්තේ මේ සංස්කෘතිය සිංහලයාගේ ලේ වල පවා ගමන් කරන නිසයි. ඒත් වර්තමානයේදී බුදු දහමෙන් බෞද්ධ සංස්කෘතිය ඉවත් කරන්නට දත-කන්නන් හෙවත් “වියුක්ත බෞද්ධයින්” මෙලෙස බෙර වැයීමට බුදුහිමියන් අනුදැන වදාරා නැති බව පවසමින් බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීම වේදනාවට කරුණක් වන අතර මේ ගැන සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් සාකච්ඡා කිරීමට අදහස් කළා.

දළදා මාළිගාවේ පවත්වන හේවිසි තේවාවන්, මහ පිරිත් දේශනාවන් පටන් ගැනීමට කලින් පවත්වන හේවිසි තේවාවන්, දළදා පෙරහැර ඇතුළු බෞද්ධ පෙරහැර වල පවත්වන බෙර හේවිසි වැයුම් ආදිය සෘජුවම බුද්ධාගම හා සම්බන්ධයි. අන්න එවැනි අවස්ථා හඳුන්වා දීමට තමයි “සිංහල බුද්ධාගම” නම් පදයක් ජාතික චින්තන පර්ෂදය විසින් භාවිතා කරන්නේ. පහත දැක්වෙන්නේ දළදා තේවාවේ අභිමානවත් දසුනක්.

බුද්ධ කාලයේ බුදුරදුන් ඉදිරිපිට ශබ්ද පූජා පවත්වා තිබෙනවාද?

මේ සම්බන්ධයෙන් පූජ්‍ය දස්සීප්‍රය නම් ස්වාමීන් වහන්සේ නමක් දැක්වූ අදහක් දැක අති අතර ඒ ඇසුරෙන් මෙලෙස සටහන් කරන්නම්.

[1] බෞද්ධ. සාහිත්‍යයට අනුව බුදු රජුන් බුද්ධත්වයට පත්වූ මොහොතේ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා “සුගත තානම” වැයුබව සඳහන් වෙනවා. මෙහි මුල් පද තුන බෙර පද , අන්තිම පදය “දෙවාතිදෙවං වන්දාමි බුද්ධං” කියල අවසන් වෙන්නේ. අන්න ඒ ආභාසය තමයි වර්තමානයේදී සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ඇති මගුල් බෙර වාදනයට අන්තර්ග්‍රහණය වී ඇත්තේ.

[2] බුදුරදුන් බුද්ධත්වයෙන් සත් වන වසරේදී තුසිත දෙව්ලොවට වැඩම කල අවස්ථාවේ දෙවිවරු දිව්‍යමය වූ පන්චතුර්ය නාදයෙන් පූජා කොට තිබෙනවා.

[3] “සක්ක පඤ්හ සූත්‍රය” ට අනුව මෙලෙස සඳහන් වෙනවා. “පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍ර තෙම බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්දසාල ගුහාවට පැමිණ එක පැත්තක සිටියේය. පංචසිඛ ගන්ධර්ව පුත්‍රතෙම වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිත වූ ද, දහම් ගුණ සහිත වූ ද, සඟ ගුණ සහිත වූ ද, කම ගුණ සහිත වූ ද ගාථාවන් කීයේය.” පසු එය ඇසු නිදුකාණන් වහන්සේ,

“සන්සන්දන්ති වො පංචසික
තත්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝ තත්තිස්සරේන”

“පංචසිකය, ඔබගේ වාදනය සමග ගායනය ඉතා හොඳින් ගැළපේමය” ආදී වශයෙන් එය අගය කළහ. මේ අනුව තාලානුරූප ගායනය හා වාදනය ද බුදු වදනෙන් අගය කරලා තිබෙනවා.

 

නමුත් භාව ප්‍රකෝප කරවන රාගය වඩවන වේග රිද්ම ගීත හා සංගීතය ද, වේග රිද්ම නැටුම් හා රැගුම් ද ආදී ගීත වාදිත විසූක දස්සන බුදු දහමින් අගය නොකරයි. නූතනයේ දක්නට ලැබෙන පොප් සංගීතය, රැප් කිරීම ආදිය බුදු දහමින් අගය නොකරයි. එවැනි නැටුම් හා ගැයුම් වලින් සිදුවන්නේ, කායික හා මානසික ආතතිය වර්ධනය වී පුද්ගලයා රෝගියෙකු වීම යි.

ශබ්ද පූජාව නිසා කෙළෙස් සිතිවිලි ඇති වෙයිද?

හේවිසි වාදනය තුලින් කෙලෙස් ඇතිවන්නේ නැහැ. එතුලින් සිදුවන්නේ චිත්ත එකඟතාවයක්. එහි සුංගාර රසය නොව කරුණා රසයයි කැටිවී තිබෙන්නේ. උඩරට වෙස් නැටුම වැනි නර්තනයන් පිලිබඳ වැඩ කිවහැක්කේ මෙය මයි. ඔවුන් වයන්නේ නටන්නේ බුදුගුණ කියමිනුයි.

බුද්ධං බුද්ධං බුද්ධ දිවාකර බුද්ධරත්නේ සරණේ සරණයි…
ධම්මං ධම්මං ධම්ම දිවාකර ධම්මරත්නේ සරණේ සරණයි…
සංඝ සංඝ සංඝ දිවාකර සංඝ රත්නේ සරණේ සරණයි…
බුද්ධං ධම්මං සන්ඝ දිවාකර ත්‍රිවිධරත්නේ සරණේ සරණයි…

මේවගේ කවි කියමින් මෙන්ම වාදනය කරමින්. මේ තුලින් සංයමයක් මිස කෙලෙස් වඩිමක් සිදු වන්නේ නෑ. නමුත් වෙසෙසින් කිව යුතුයි වර්තමානයේදී බුදු ගුණ ගැයීම් වලින් ඉවත්ව වෙන වෙන විකාරරූපී දේවල් ගයන වයන හේවිසි කණ්ඩායම්ද සිටිනවා, ඔවුන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට කරන්නේ විශාල හානියක්. ඒ ගැන මහා සංඝරත්නය ඇතුළු විද්වතුන්ගේ අවධනය යොමු විය යුතුයි.

එසේම බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන තෙරුවන් ගැන ගුණ වයන බෙර හේවිසි වාදන ශ්‍රවණය කිරීමෙන් ඇති වන්නේ “කාමාවචර කුසල් සිත්”. එහෙත් වර්තමාන බටහිර සංගීතය ශ්‍රවණය කිරීමේදී ඒවා ග්‍රහණය කරගතහොත් ඇති වන්නේ “මෝහ මූලික සිත්” වීම නොවැළැක්විය හැකියි.

එසේම බුදුගුණ, දම් ගුණ, සඟ ගුණ කියා වඳින්නන් හට එම ගාථා වල, කවි වල ඇති පදයක් පදයක් පාසාම උසස් වූ කුසල සම්පත්තියක් හිමිවන බව සුමංගල විලාසිනී අර්ථ කථාවේ දැක්වෙනවා.

සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ශබ්ද පූජාව

අතීත කාලයේදී ශබ්දපුජාව ලංකාවේ රජවරුන් උදෙසා පැවත්වුවක්. දළදා වහන්සේ ජීවමාන බුදුරදුන් හා සමාන කොට සැලකු සිංහල රජවරු තමන් උදෙසා සිදුකරන සියලුම සත්කාර වල අග්‍රකොටස දළදා වහන්සේ සහ ස්වාමින් වහන්සේලා උදෙසා සිදුකළා. අන්න ඒ චිරාගත සම්ප්‍රදාය අනුව තමයි වර්තමානයේදී බෞද්ධ ආගමික කටයුතු වල ආරම්භයේදීත් අවසානයේදීත් පංචතූර්යවාදනය කරන්නේ. එනම් එය සිංහල බෞද්ධ සංස්කෘතියේම කොටසක් බවට පත් වී තිබෙනවා.


වර්තමානයේදී සමහර පන්සල් මගින් සහ සමහර බෞද්ධ උත්සව වලදී අසල පදිංචි අයට හිරිහැර වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් මහා ඝෝෂාවක් කරන අතර එය කිසි සේත්ම ශබ්ද පූජාවක් කියා පිළිගැනීමට නොහැකියි. එයට යෙදිය යුත්තේ “ශබ්ද දූෂණය” නම් වචනයයි. එනිසා එවැනි දේවල් වලින් වැළකී අප ජාතියේ අල්පේච්ඡත්වය උත්සව වලදීත් විදහා දැක්වීම සෑම දෙනාගේම යුතුකම බව සිංහල බෞද්ධයා අඩවියේ වෙසෙසින්ම සඳහන් කරමි.

ශබ්ද පූජා පවත්වන්නේ කුසල් හෝ පින් බලාපොරොත්තුවෙන්ද?

ශබ්ද පූජාවන් නිසා පින් සිතුවිලි ඇති වන බව ඔබට ඉහත විස්තර කියවීමෙන් පැහැදිලි වෙන්නට ඇති. එහෙත් ශබ්ද පූජාවන් පවත්වන්නේ පින් බලාපොරොත්තුවෙන් යැයි යමෙක් සිතන්නේනම් එය මුලාවක්, සුළුවෙන් හෝ සිදුවන පින් සිතුවිලි යනු එහි අතුරුඵලයක් විතරයි. මන්ද යත් ශබ්ද පූජාව වනාහී සිංහල සංස්කෘතිය තුළට බුදු දහමත් අන්තර්ග්‍රහණය වීමෙන් සැකසුන සංස්කෘතිකාංගයක් බව වීම නිසයි.

නමුත් මහායාන බෞද්ධයින් ශබ්ධය තාලයට වැයිම මගින් චිත්ත ඒකාග්‍රතාවයක් බලාපොරොත්තුවෙනවා, ඔවුන් සිතනවා එමගින් සමාධියට යා හැකියි කියලා. නමුත් මෙය මුලාවක්. ඉතින් වියුක්ත බෞද්ධයින් විසින් ශබ්ද පූජා සම්බන්ධයෙන් සිංහල බෞද්ධයින්ට දෝශාරෝපණය කරන්නේ මහායනිකයින්ගේ අරමුණම සිංහල බෞද්ධයින්ටත් ඇතැයි සිතමිනුයි. එහෙත් ඔබ මීතිරිගල, නාඋයන ආදී ආරණ්‍ය සේනාසන වලට ගියහොත් ඒවායේ නිර්වාණය අවබෝධ කරගැනීමේ චේතනාවෙන්ම බවුන් වඩන ගිහි පැවිදි දෙපාර්ශවයම කිසි සේත්ම ශබ්ද පූජාවන් පවත්වන්නේ නැති බව දක්නට ලැබේවි.

සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ශබ්ද පූජා ඉවත් කරන්න හදන්නේ වියුක්ත බෞද්ධයින්ය

ඕනෑම මනුෂ්‍ය‍යෙකු යම් සංස්කෘතියකට ‍හෝ චින්තනයකට සම්පූර්ණයෙන්ම ‍හෝ අර්ධ වශ‍යෙන් ‍හෝ අයිතියි. සංස්කෘතියක් නැති මිනි‍සෙකු සොයා ගත ‍නොහැකියි. සංස්කෘති‍යක් නැතියි කීමද සංස්කෘතියක්මයි. මෙකල නම් සංස්කෘතියක් නැතැයි කියන් නෝ, ඉ‍‍බේම යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුවර්තනය වෙනවා. එනම් ඒක ලෝකයේ ප්‍රධානතම සංස්කෘතිය බැවිනුත්, [සංස්කෘතික වශයෙන්] හිස් තැනක් ඇති විට එය අවශේෂ ප්‍රධානතම ධාරාවෙන් පිරී යාම ඉබේම සිදුවන්නක් වීමත් නිසයි. ඒ අනුව බලන කල වියුක්ත බෞද්ධයන් හේවිසි බෙර වාදන ආදී ශබ්ද පූජා ඉවතලා සිංහල ‍බෞද්ධ සංස්කෘති‍‍යෙන් බැහැර වී‍මේ සෘජු ප්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට විරුද්ධව මෙරට ඇති ප්‍රධානම තර්ජනය වන (එ‍සේම ‍ලෝක‍යේ මෙකල ඇති ප්‍රධානම සංස්කෘතිය වන) යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළත් වී එය දැණුවත්ව හෝ නොදැණුවත්වම නියෝජනය කිරීමයි. එය එ‍සේ‍‍ ‍නො‍වේ යැයි කීමට කිසිවකුට නොහැකියි. එ‍සේ නොවේ යැයි කියන්නන් තමා අයත් වන සංස්කෘතිය කුමක්දැයි අපට තේරෙන සිංහ‍ලෙන් පහදා දිය යුතුයි.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2271
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

16 comments to ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද ?

  • Nuwan Sampath

    ලිපිය හොඳයි. දිගටම ලියන්න.
    මේ ප්‍රශ්නය කතාවට එච්චරම අදාල නෑ. මට කියන්න පුලුවන්ද ඇයි මරන ගෙවල් වලදී බොඩි එක කනත්තට ගෙනියනකොට බෙර ගගහ යන්නෙ කියල. ඒකෙන් මැරිච්ච මිනිහට අපහාසයක් වෙන්නෙ නැද්ද?

    Thumb up 1

  • siribiris

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 3

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 5

  • nalinda

    වටිනා ලිපියක්.මතකය අලුත් උනා.නානාප්‍රකාර ලිපි අතර මෙවැනි වටිනා ලිපි ලිවිම ඉතා අගය කරම්.

    Well-loved. Thumb up 9

  • Kanishka Dilshan

    මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ථේරාපදානය පටන් ගන්නේ මෙහෙමයි.

    ——————————————–
    මහා මොග්ගල්ලාන ථෙරාපදානය.

    ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රෙෂ්ඨවූ, අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතෙහි විසීය.
    එකල්හි මම නමින් වරුණ නම්වූ නාග රාජයෙක්වීමි. කැමති රූපයන් මවන සුළුවූයේ ඎද්ධි විකුර්‍වණ්‍ය කරමි. මම සයුරෙහි විසීමි.
    නිතර සිය පිරිවරවූ ස්වකීය නාග සමූහයා පිරිවරා මම තූය්‍ර්‍යයන් වාදනය කරවීමි. එකල්හි නා මෙනෙවියෝ (අනොමදස්සි) බුදුරජාණන් වහන්සේ පිරිවරා වාදනය කළාහුය.
    (මනුෂ්‍ය- නාග) තූය්‍ර්‍යන් වාදනය කරනු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝද (දිව්‍ය) තූය්‍ර්‍යයන් වාදනය කළාහුය. මේ දෙපිරිස (දෙවි මිනිසුන්ගේ තූර්‍ය) ශබ්දය අසා බුදුරජාණන් වහන්සේද එය දැනගත් සේක.
    බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට ස්වකීය නාග භවනයට එළඹියෙමි. මම අසුන් පනවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
    රහතුන් දහසක් විසින් පිරිවරණ ලද බුදුරජාණන් වහන්සේ සියළු දිසාවන් බබුළුවන සේක් මාගේ භවනයට එළඹි සේක. ……………….
    ———————————————-

    ඒක අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර මෙලෙස නොයෙක් අයුරින් අනෝමදස්සී නම්වූ තතාගථ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුදපූජා / ගරුබුහුමන් දැක්වීමේ ප්‍රතිඵලය වූයේ එකල්හි වරුණ නම් නාගරජ ඉන් ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පසු සිව් පිළිසිඹියා, අෂ්ඨ විමෝක්ෂ, ෂඩ් අභිඥා ලබා සෘද්ධිමතුන් අතරින් අග්‍රව සසර ගමන නිමකිරීමයි.

    අප සංස්කෘතිය තුල ශ්‍රී දළදා වහන්සේට, භාග්‍යවතුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන්ගේ ධාතුන් වහන්සේල්ලාට ශබ්ද පූජා පැවත්වන්නේ ධර්මයෙන්ම ලැබුනු ආභාෂය නිසා නොවේද? අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෙරෙන ශබ්ද පූජාවන් සතුටින් අනුමෝදන් වීමට හැකිවිය යුතුය.

    Well-loved. Thumb up 17

  • Kanishka Dilshan

    ඉතාම අගනා ලිපියක්.

    Well-loved. Thumb up 5

  • කාංචන හේරත්

    හොඳ විග්‍රහයක් මචන්.
    පොඩි අතුරු පුරස්නයක් තියෙනව.
    බෙර වලට යොදා ගන්නෙ හරක් හම් නේද?
    ඒක බුදු දහමට අනුව ගැලපෙන්නේ නෑ නේද?

    Well-loved. Thumb up 5

    • බෙර වලට බොහෝ විට යොදාගන්නෙ හරක් සම් තමයි. ඒත් බෞද්ධාගමික කටයුතු වලට යොදා ගන්නා බෙර සඳහා ඉබේ මැරුන හරකුන්ගේ සම් තමයි යොදා ගන්නේ. ඉතින් ස්වාභාවිකව මැරුන හරකුන්ගේ සම් යොදා ගැනීම මගින් සත්ව ඝාතනයක් සිදු නොවන නිසා පාපයක් නැ.

      මීට අමතරව වර්තමානයේදී ඇත්ත හරක් සම් වලටත් වඩා හොඳ කෘතිම සම් තිබෙනවා. ඒවා කොපමණව භාවිතා කරනවාද කියලනම් හරියටම දන්නේ නෑ.

      Well-loved. Thumb up 17

    • kanchana

      මම උත්තරේ ලියන අතරේ රංග උත්තර දීලා.. :-D

      Well-loved. Thumb up 9

  • mohamed ahmed

    muslim ayagana artical ekak damoth hambaya ura marakkalaya gagena comment danda onay taram katiya innawa, darmayata adlawa kisiyam martukawak damoth ekek wat nay comment ekak wat denada.

    Well-loved. Thumb up 12

    • mohamed ahmed

      ita passay kiyapan api sinhala baduuda kiyala

      Hot debate. What do you think? Thumb up 10

    • මේක බෞද්ධ ලිපියක්මත් නෙමෙයි, සංස්කෘතියට (Culture) අදාල එකක්.
      කොහොමත් ඔයා කිව්ව කතාවත් ඇත්ත. බෞද්ධ ලිපි වලට වඩා වෙන වෙන දේවල් තමයි “නැගල යන්නේ.” මම දන්න තරමින් වෙනත් ආගම් වලටත් මේ දේ පොදුයි.

      Well-loved. Thumb up 13

      • mohamed ahmed

        ita passay kiyanda madaperadiga apiwa waranaya kala kiyala.

        ( oken unayy jatiwadi sinhalaya hinda madaperadiga hitapu asarana sinhalayata kiyawanda tibiichha yamak natikaragatta, anika may site eke madaperadiga tahanamata hayytuwa lankawayy anuradapura sohona kadeema newayy , lankaway sinhala muslim demala okkoma inwa eke room ekayy madaperadiga giyata passayy. kawruth kiyannay mama bauddaa mama muslim mama demala kiyala okkoma kiyanna mama sri lankna kiyala, oya site hida srilakawayy katiya mada peradida bedila ana kota gannakota unta awilla apayy randa bayy ranawata wada layysi block karala nika inna eke )

        Hot debate. What do you think? Thumb up 7

        • mohamed ahmed

          ai ranga hamattayata mayywata uttara nadda ?

          Thumb up 3

        • අපි මුස්ලීම් අන්තවාදය ගැන ලියන සයිට් එකක් නෙමෙයි. මුස්ලීමුන්ගෙන් බෞද්ධයින්ට වන බලපෑම ගැන ලිපි කීපයක්නම් තිබෙනවා. ඒ ගැන වෙනත් වෙබ් අඩවි වලත් එවැනිම ලිපි පල වෙනා තිබෙනව. වෙනසකට තියෙන්නේ වෙනත් වෙබ් අඩවි වලින් “මුස්ලීම්” තහනම් වචනයක් කරගෙන ඉන්නකොට අපි කෙලින්ම කියපු එකයි.

          ඔයාල කැමති ඇති අපි කටවල් වහගෙන ඉන්නවනම්, මේ රට අල්ලලා ඉවර වුනාම තමයි ඔයාලගෙ සාමය උදා වෙන්නේ.

          කූරගල, දෙවනගල, මූදුමහාවිහාරය, තිරියාය, මහමෙවුනාව ආදී පූජා ස්ථාන මුස්ලීම් අන්තවාදීන් විසින් ආක්‍රමණය කර බලහත්කාරයෙන් අල්ලාගනිද්දී අපිට කටවහගෙන ඉන්න කියලද කියන්නෙ? මුස්ලීමුන් අපගේ පුරාවස්තු විනාශ කරනකොට මැදපෙරදිග ඊනියා සාමයක් වෙනුවෙන් ඒ ගැන මුකුත් නොකියා ඉන්න කියලද කියන්නෙ?

          Thumb up 3

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.